Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිනය අදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය අදයි

නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරදවා අදට අවුරුදු හයක් ගතවෙයි. එය අපේ හමුදාවේ (ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය) ජයග්‍රහණයක් නොවේ නම් වෙන කුමක් ද? අප ඒ ජයග්‍රහණය සමරන්නේ නැත්නම් සැමරිය යුත්තේ කුමක් ද? එම ජයග්‍රහණය සැමරීමෙන් හිත රිදෙන්නේ කාගේ දැයි මංගල සමරවීර හා රාජිත සේනාරත්න අපට පළමුව කියා දිය යුතු ය.

නන්දිකඩාල් ජයග්‍රහණය ගැන ලිවීමට මට ඇති අයිතිය කුමක් දැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරන බව මම දනිමි. ඒ පිළිබඳ කෙටියෙන්වත් මා සමග සාකච්ඡාවක් කිරීමට කිසිම ජනමාධ්‍යයකට අවශ්‍ය වී යැයි මම නො සිතමි. එහෙත් ජනමාධ්‍ය වෙනත් අය සමග සාකච්ඡා කළ බව මම දනිමි. කොටින් පරාජය කිරීමේ දී මගෙන් කිසිදු සේවයක් සිදු නොවී යැයි ඔවුන් සිතනවා විය හැකි ය.

මම සංකල්ප ගැන දැඩි සැලකිල්ලක් දක්වමි. සියළු දැනුම් බොරු (මායා) වුවත් අපට දැනුම නැතිව ජීවත්විය නො හැකි ය. රටකට ද ජාතියකට ද පැවැත්ම සඳහා දැනුම අවශ්‍ය වෙයි. අද අප පාලනය කෙරෙන්නේ බටහිරයන්ගේ දැනුමෙනි. බටහිර දැනුම ද අනෙක් දැනුම් මෙන් ම බොරු ය. බටහිර විද්‍යාව වැනි දැනුම් පට්ටපල් බොරු ය. එසේ කී විට මෙරට ඊනියා විද්‍යාඥයන් (ඔවුන් නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩ නගා නැත) කුපිත වන බව ද මම දනිමි. ඒ කුමක් වුවත් සංකල්ප ගැන සිංහලයන් මෙයට වඩා උනන්දුවක් දක්වන්නේ නම් මැනවි. අපට බටහිර ආධිපත්‍යයෙන් මිදිය හැක්කේ ඔවුන්ගේ දැනුමට විකල්ප දැනුමක් නිර්මාණය කරගැනීමෙන් මිස බටහිර විද්‍යාව ඇතුළු ඔවුන්ගේ දැනුම අනුකරණය කිරීමෙන් නො වේ. අපේ වුව ද දැනුමක් නිර්මාණය කිරීම යනු නිවනෙන් ඈතට යෑමකි. එසේ වුවත් ඒ කළ යුතුව ඇත. අනුන්ගේ නිවන වෙනුවෙන් සුමේධ තාපසයෝ ද වෙනත් බෝධිසත්ත්වයෝ ද තම නිවන අත්හැරියහ. අනෙක් දෑ පමණක් නොව ඇතැම් අවස්ථාවල නිවන ද අත්හැරීමට සිදුවෙයි.

අප අද සමරන්නේ යුද ජයග්‍රහණයක් නො වේ. එයට හේතුව මෙරට යුද්ධයක් නො තිබීම ය. අවුරුදු තිහක් තිස්සේ මෙරට පැවතියේ රටවල් දෙකක් අතර යුද්ධයක්වත් අභ්‍යන්තර සිවිල් යුද්ධයක්වත් නො වේ. අප කොටින්ට විරුද්ධව යුද්ධයක් කෙළේ නම් 1971 දී හා 1987 -92 කාල පරිච්ඡෙදවල ජ වි පෙරමුණට විරුද්ධව ද යුද්ධ කළ බව පිළිගැනීමට සිදුවෙයි. මා මේ බව අනේක වාරයක් කියා ඇති මුත් කිසිවකු ඒ පිළිගන්නා බවක් කියා නැත. යුද්ධයක් තිබිණි යැයි කීම අනාගතයේ දී දෙමළ ජාතිවාදීන් රට බෙදීම සඳහා යොදා ගනු ඇත.

2005 වන විට මෙරට හමුදා හා කොටින් අතර ඉදිරි ආරක්ෂක රේඛා ආදිය තිබුණු බව රහසක් නො වේ. චන්ද්‍රිකා ඊනියා යුද්ධයෙන් 75%ක් දිනා සිටියේ යැයි කීව ද ඇයට ඒ රේඛා ඉවත්කර ගැනීමට නොහැකි විය. ඇතැමුන් ඒ රේඛාවලට වළලු යැයි කියනු මා අසා ඇත. සමහරවිට චන්ද්‍රිකා වළලු තිබෙන්නට හරින්නට ඇත. වළලු තිබුණා ම මොකදැයි ඇයට සිතෙන්නට ඇත. වළලු තිබුණත් නැතත් ඒ යුද්ධයක් නො වී ය. අපේ හමුදා ක්‍රියාන්විත වූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට ය.

දෙමළ ත්‍රස්තවාදය 1976 දී පමණ ඇරඹිණි. 1990 පමණ වන විට බටහිර දේශපාලනඥයන් හා ඊනියා දේශපාලන විචාරකයන් ගොඩනගා තිබූ දැනුම වූයේ කොටි පරාජය කළ නොහැකි බව ය. ප්රභාකරන් අති දක්ෂ සෙන්පතියකු බවට ඔහු හා කොටි සංවිධානය අනභිබවනීය බව බටහිරයන් අනුකරණය කරමින් මෙරට පඬියෝ ද කීහ. මෙරට මහා ජනමාධ්‍යවේදියකු ලෙස සැලකෙන මර්වින් සිල්වා ඊනියා ඊළාම් යුද්ධය 1, 2 ආදී වශයෙන් පුහු පණ්ඩිතමානී වර්ගීකරණයක් පසුකාලීන ව කර තිබිණි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ උපදේශකත්වයෙන් තිලක් කරුණාරත්නගේ ධන වියදමෙන් ලක්මිණ පුවත්පත පළමු සිංහල ටැබ්ලොයිඩ් පුවත්පත ලෙස ඇරඹුණේ අනුවේ දශකයේ මුල ය. ගෙවිඳු කුමාරතුංග හා රොහාන් සිල්වා එහි දී විශාල වැඩකොටසක් කළහ. මම පුවත්පතෙහි නිල නොලත් කතුවරයා වීමි. එහි ලේඛකයන් අතර සුනිල් මාධව, චම්පක රණවක, ඩලස් අලහප්පරුම, විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) වූහ. ජනරංජන කාටුන් ශිල්පියා විය.

ආරම්භයේ සිට ම අපි කොටින් පරාජය කළ හැකි ය, පරාජය කළ යුතු ය යන මතය දැරීමු. ඒ මතය ඉදිරියට ගෙනයෑම පසු කලෙක නාථ දෙවියන්, ආසනික්, වකුගඩු රෝගයට හේතුව, කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් කිරීම (ඒ සම්බන්ධයෙන් අපට පෙර බොහෝ අය කතාකර තිබිණි), බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය, බුදුදහම විද්‍යාත්මක නො වේ, ෆෝටෝනවලට ස්කන්ධ නියම කිරීම (පැණවීම), බුදුදහම දැනුම් පද්ධතියක් නො වේ, යක්ෂ බෞද්ධ සංස්කෘතිය ආදිය ඉදිරියට ගෙන යෑමට වඩා අසීරු කරුණක් විය. සියල්ලෝ ම පාහේ අපට විරුද්ධ වූහ. ඉහත නම් සඳහන් ලේඛකයෝ ද අපට විරුද්ධ වූහ. ඔවුහු එක් පැත්තකින් මානව හිතවාදී චූහ. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. අනෙක් පැත්තෙන් ඔවුහු බටහිර මතයට, එනම් කොටි අනභිබවනීය බවට විරුද්ධව කතාකිරීමට අපට ඇති සුදුසුකම් ප්‍රශ්න කළහ. අපි ඊනියා දේශපාලන විද්‍යාඥයෝ හෝ විශ්ලේෂකයෝ හෝ නො වීමු.

බටහිර දැනුමට ඒ සියල්ලෝ ම පාහේ පක්ෂපාති වූහ. මා පුවත්පතේ කතුවැකි ලිවීම වැරදි යැයි ඔවුහු කීවෝ ය. අවසානයේ දී මා පුවත්පතෙහි නිල නොලත් කතෘ ධුරයෙන් ඉවත් කෙරිණි. පුවත්පත ද වැඩිකලක් මුද්‍රණය නො විණි. එහෙත් කොටින් පරාජය කළ හැකි බවට පරාජය කළ යුතු බවට දැනුමක් ගොඩනැගීමට අපි සමත්වීමු. අප කෙළේ ජනමතය ජනමාධ්‍යවලට ගෙන ඒම පමණ ය. 2005න් පසු එය දේශපාලනඥයන් අතර ද ඒ මතය යම් ප්‍රමාණයකට සාකච්ඡා විණි. අවසානයේ දී මහින්ද රාජපක්ෂ සියලු අභියෝගවලට මුහුණ දී කොටින් පැරදවීමට දේශපාලන නායකත්වය දීමට ඉදිරිපත් විය. ගෝඨභය රාජපක්ෂ සැලසුම් ඉදිරිපත් කෙළේ ය. රණ විරුවෝ දිවි හිමියෙන් කොටි පැරදවීමට කටයුතු කළහ. මෙහි දී නොකියාම බැරි කරුණක් නම් කොටින් පරාජය කිරීමට දෙවියන්ගේ ද සහාය ලැබුණු බව ය. ඒ බව අපි ඒ දිනවල ම කීවෙමු. පඬියන් අපට සිනහසෙනු ඇත. එහෙත් පඬියන්ගේ ලෝකයේ ද දෙවියෝ (ඉන්ද්රිය ගෝචර නොවන සංකල්ප) සිටිති. රණවිරුවන්ට හා රණවිරු වැන්දඹුවනට, ඔවුන්ගේ දරුවනට මෙයට වඩා සැලකිය යුතු ය. රණවිරුවන් දිවි හිමියෙන් ක්‍රියා කෙළේ අප වෙනුවෙනි, රට ජාතිය වෙනුවෙනි.

එහෙත් ජයග්‍රහණය පාවාදීමට සරත් ෆොන්සේකා (ෆීල්ඩ් මාෂල්- මගේ මිතුරකු කී පරිදි වෙල් විදානේ) කටයුතු කෙළේ ය. ඔහු සුදු කොඩි කතාවක් කියා බටහිරයන් වෙනුවෙන් ගෝඨාභයට එරෙහිව ප්‍රථම වෙඩි මුරය පත්තු කෙළේ ය. වෙල් විදානේ සිරභාරයට ගත යුතු යැයි පළමුවෙන් ප්‍රසිද්ධියේ කියා සිටියේ මා ය. ඔහු කොටින් පරාජය කිරීමට මහඟු සේවයක් කෙළේ ය. එහෙත් සුදු කොඩි කතාවෙන් ඔහු කිරි කළයට ගොම බාල්දියක් ම මිශ්‍ර කෙළේ ය. අද සොල්හයිම් පාරම් බාන්නේ සුදු කොඩි කතාව වෙනුවෙන් සාක්ෂි දීමට ඔහු ද ඉදිරිපත් වන බවය. වෙල් විදානේ හා සොල්හයිම් අද සිටින්නේ එක ම පැත්තේ ය.

අද ජයග්‍රහණය සැමරීමට මෙරට කතෝලික ක්‍රිස්තියානි පල්ලි හා මුස්ලිම්වරු විරුද්ධ වෙති. ඒ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතාවයට ය. බටහිරයෝ තම රටවල දී මුස්ලිම්වරුන්ට විරුද්ධ වෙති. එහෙත් ථෙරවාදී බෞද්ධ රටවල බෞද්ධයනට විරුද්ධව මුස්ලිමුන්ට ආධාර කරති. තම වරද තේරුම් ගන්නා විට මුස්ලිමුන් ප්‍රමාද වී ය. රනිල් වික්‍රමසිංහ පෙනී සිටින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ය. ඔහුගේ පියා ඇංග්ල්කන් ක්‍රිස්තු භක්තිකයෙක් විය. බාප්පා ඇංග්ලිකන් බිෂොප්චරයෙක් විය. කෙනත් ප්‍රනාන්දු නම් ඇංග්ලිකන් බිෂොප්වරයා ප්රභාකරන් මානුෂික පුද්ගලයකු ලෙස හැඳින්වූයේ අරංතලාවේ භික්ෂු ඝාතනයට, දළදා මාළිගාවට පහරදීමට, ශ්‍රී මහා බෝධිය අසළ මිනීමැරුම්වලට පසුව ය. රනිල්ගේ මව් පර්ශ්වය බෞද්ධ වුවත් ඔවුන්ට අයිති ව තිබූ ලේක්හවුසියේ පුවත්පත්වලින් ධර්මපාලතුමාට රටෙන් පිට ව යන තුරුම පහර දුන්නේ ය. මෛත්‍රිපාල අගමැතිකම නොලැබීම හේතුවෙන් ඒ කෑදරකමෙන් මත් වී පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට රනිල්ගේ සිරකරුවකු වී සිංහල බෞද්ධ සංස්කෘතිය පාවා දීමට සූදානම් ය. මේ දෙදෙනාට විරුද්ධව සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන් එකතු විය යුතු ය. මා සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන් ලෙස සලකන්නේ සිංහල බෞද්ධයන් නො වේ. හසලක වීරයාගේ පිළිරුව ඉවත්කිරීමට කතාකරන දඹර අමිල හිමියන් වැන්නෝ සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නො වෙති. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් කතෝලික පූජකවරු සිටිති.

එසේ වුවත් එම්මෑනුවෙල් පූජකවරයා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වුවකි. ඔහු අද ආණ්ඩුව නන්දිකඩාල් ජයග්‍රහණය සැමරීමට ඉදිරිපත් නොවීම ගැන තම ප්‍රසාදය පළ කර ඇත. ආණ්ඩුව ඇත්තේ එම්මෑනුවල් පූජකවරයාගේ පැත්තේ ය. මේ සියල්ලන්ට අවශ්‍ය මහින්ද හා ගෝඨභය අවසානයේ දී බටහිරයන්ට කීකරු නොවී කොටි පැරදවීම සම්බන්ධයෙන් දංගෙඩියට යැවීමට ය. ඊනියා යහපාලන දූෂණ කතා ඒ මූලික ප්රශ්නය වසං කිරීමට ය. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දුන් තහනම් නියෝගය ගැන රනිල් කුපිත වී ඇත්තේ බටහිර අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමට ඒ තින්දුව බාධාවක් වන බැවිනි. අද ඔහුට අවශ්‍ය බටහිරට ගොස් තීන්දුව වෙනස් කර ගැනීමට ය.

බටහිරයන් ඊනියා යුද අපරාධ ගැන සංහිඳියාවක් ගැන කතා කරන්නේ ද තම අභිලාෂය වෙනුවෙනි. යමපාලන කසිකබල් ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්ෂණයක් ගැන එකඟ වී ඇත්තේ ද එබැවිනි. මිළඟට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත්වන සංධාන ආණ්ඩුව මේ ඊනියා අභ්‍යන්තර පරීක්ෂණ අහෝසි කරන බවට මැතිවරණයේ දී පොරොන්දුවක් දිය යුතු ය. එපමණක් නොව කොටින් අහිංසක දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස යොදාගැනීම සම්බන්ධ පරීක්ෂණයක් පවත්වා එයට හවුල් වී ඇති ජීවත්ව සිටින සියල්ලන්ට තදබල දඬුවම් පැණවිය යුතු ය. අරංතලාව ඝාතන ආදිය බෝම්බ පිපිරවීම් ගැන කොටින්ට උපකාර කළ සොල්හයි්ම් ලා ද ඇතුළු සියලු දෙනා ගැන විධිමත් පරීක්ෂණ ආරම්භ කළ යුතු ය.

කොටින් හා ජ වි පෙ අතර ඇති වෙනස ගැන ලියූ ලිපියක කොටසක් මෙහි දී සියළු පඬියන්ට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. “ජ වි පෙරමුණ හා කොටින් අතර වෙනස කුමක් ද? සංවිධාන දෙක ම ත්‍රස්තවාදී වෙයි. දෙගොල්ලෝ ම අහිංසක ජනයා මරා දැමූහ. ඒ අරුතෙන් ගත්කල දෙගොල්ලෝ ම මිනීමරුවෝ වූහ. දෙගොල්ලෝ ම තම ආරක්ෂාව සඳහා ජනතාව යොදාගත්හ. මේ එක් සංවිධානයක්වත් අහිංසක මිනිසුන් මරා දැමීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා නැත. එසේ නම් ඔවුන් අතර ඇති වෙනස කුමක් ද? සංවිධාන දෙක ම විවිධ අවස්ථාවල තහනමට ලක්විය. කොටි සංවිධානය තවමත් තහනම් සංවිධානයකි. කොටින් හා ජ වි පෙරමුණ අතර වෙනස එය යැයි ඇතමකු කීමට ඉඩ ඇත.

එහෙත් එය එතරම් වෙනසක් ලෙස සැලකිය යුතු නො වේ. කොයි මොහොතක වුව කොටි සංවිධානයේ ද තහනම ඉවත් කිරීමට ඉඩ ඇත. ඒ එකක්වත් වෙනස්කම් නො වේ. එහෙත් ඔවුන් අතර ප්‍රධාන වෙනසක් වෙයි. ඒ ඔවුන්ගේ අරමුණ සම්බන්ධයෙනි. ජ වි පෙ ඊනියා සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවි ආයුධ අතට ගත්තේ ය. එය හරි හෝ වැරදි හෝ වේවා ඔවුහු රටේ ස්වෛරීභාවයට නිදහසට අභියෝග නො කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ රාජ්‍ය ක්රමයේ වෙනසක් ඇති කිරීමට ය. පුස් කෑ මාක්ස්වාදය අනුව ඔවුන් සටනට අවතීර්ණ වුව ද ඊනියා සමාජවාදී රාජ්‍යයක් මේ කපේ දී ඇති නො වේ. එසේ බැලූ කල අහිංසක ජීවිත දහස් ගණනක් බිලි දීම ගැන ජ වි පෙරමුණ ඊනියා ප්‍රවාදයක නාමයෙන් වුව ද සමාව නොදිය හැකි වරදක් කර ඇත.

කොටින් ආයුධ අතට ගත්තේත් බටහිරයන්ගේ ම ප්‍රවාද වෙනුවෙනි. ඒ පිටුපස ඉංගිරිසුහු ද මාක්ස්වාදීහු ද පොන්නම්බලම් රාමනාදන් හා අරුණාශලම් යන ඊනියා ජාතික වීරයෝ ද පනහට පනහ ඉල්ලු ජී ජී පොන්නම්බලම් ද සාන්තුවරයකු ලෙස පෙනී සිටි චෙල්වනායගම් ද විජය කුමාරතුංග ද ආදී පිරිසක් සිටියහ. කොටින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසින් වෙනුවෙන් රට දෙකඩ කිරීම ය, රටේ ස්වෛරීභාවය නැති කිරීම ය, ජාතික නිදහස බිල්ලට දීම ය. එහි දී ඔවුන්ට ඉන්දියාවේ ද සහාය ලැබිණි. කොටින් හා ජ වි පෙ අතර ඇති මේ ප්‍රධාන වෙනස සිවාජිලිංගම්ලා අමතක කරනු ඇත.

මිය ගිය කොටින් වෙනුවෙන් පොදු සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු කරන සියල්ලෝ රටේ ඒකීය භාවයට විරුද්ධ වෙති, රටේ ස්වෛරීභාවයට විරුද්ධ වෙති, ජාතික නිදහස බිල්ලට දෙති. එවැනි සැමරුම්වලට ඉඩ දෙන ආණ්ඩුවක් ද අවසාන වශයෙන් ගත්කල පෙනී සිටින්නේ රටට විරුද්ධව ය, රට දෙකඩ කිරීමට ය.

මිය ගිය තම පුතා හෝ සැමියා හෝ වෙනුවෙන් පෞද්ගලික ව කෝවිලකට ගොස් දෙවියන් යැදීමට ඉඩ නොදිය යුතු යැයි අපි නො කියමු. එහෙත් ඒ සියල්ල පෞද්ගලික සැමරුම් පමණක් විය යුතු ය. ඒ කිසි විටෙකත් පොදු සැමරුම් බවට පත් නො විය යුතු ය. ”

කොටින් ඉදිරියේ නිවට වූ ආණ්ඩුවකට පැවැත්මක් තිබිය යුතු නො වේ. වහාම මැතිවරණයක් පවත්වන ලෙස අපි දු කියා සිටිමු. ඒ මේ යමපාලන නීති විරෝධී ආණ්ඩුව ගෙදර යැවීමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මුත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙයි. එය ද පරාජය කිරීමට මේ නිවට සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව පරාජය කර සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අද දිනයේ අදිටන් කර ගනිමු.

නලින් ද සිල්වා

2015 මැයි 18

source: www.kalaya.org

[QUOTE="mayson baas, post: 18362038, member: 516127"] [SIZE="5"][COLOR="Red"][U]දිනය අදයි[/U][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"] නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරදවා අදට අවුරුදු හයක් ගතවෙයි. එය අපේ හමුදාවේ (ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය) ජයග්‍රහණයක් නොවේ නම් වෙන කුමක් ද? අප ඒ ජයග්‍රහණය සමරන්නේ නැත්නම් සැමරිය යුත්තේ කුමක් ද? එම ජයග්‍රහණය සැමරීමෙන් හිත රිදෙන්නේ කාගේ දැයි මංගල සමරවීර හා රාජිත සේනාරත්න අපට පළමුව කියා දිය යුතු ය. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන ලිවීමට මට ඇති අයිතිය කුමක් දැයි ඇතැම් ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරන බව මම දනිමි. ඒ පිළිබඳ කෙටියෙන්වත් මා සමග සාකච්ඡාවක් කිරීමට කිසිම ජනමාධ්‍යයකට අවශ්‍ය වී යැයි මම නො සිතමි. එහෙත් ජනමාධ්‍ය වෙනත් අය සමග සාකච්ඡා කළ බව මම දනිමි. කොටින් පරාජය කිරීමේ දී මගෙන් කිසිදු සේවයක් සිදු නොවී යැයි ඔවුන් සිතනවා විය හැකි ය. මම සංකල්ප ගැන දැඩි සැලකිල්ලක් දක්වමි. සියළු දැනුම් බොරු (මායා) වුවත් අපට දැනුම නැතිව ජීවත්විය නො හැකි ය. රටකට ද ජාතියකට ද පැවැත්ම සඳහා දැනුම අවශ්‍ය වෙයි. අද අප පාලනය කෙරෙන්නේ බටහිරයන්ගේ දැනුමෙනි. බටහිර දැනුම ද අනෙක් දැනුම් මෙන් ම බොරු ය. බටහිර විද්‍යාව වැනි දැනුම් පට්ටපල් බොරු ය. එසේ කී විට මෙරට ඊනියා විද්‍යාඥයන් (ඔවුන් නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩ නගා නැත) කුපිත වන බව ද මම දනිමි. ඒ කුමක් වුවත් සංකල්ප ගැන සිංහලයන් මෙයට වඩා උනන්දුවක් දක්වන්නේ නම් මැනවි. අපට බටහිර ආධිපත්‍යයෙන් මිදිය හැක්කේ ඔවුන්ගේ දැනුමට විකල්ප දැනුමක් නිර්මාණය කරගැනීමෙන් මිස බටහිර විද්‍යාව ඇතුළු ඔවුන්ගේ දැනුම අනුකරණය කිරීමෙන් නො වේ. අපේ වුව ද දැනුමක් නිර්මාණය කිරීම යනු නිවනෙන් ඈතට යෑමකි. එසේ වුවත් ඒ කළ යුතුව ඇත. අනුන්ගේ නිවන වෙනුවෙන් සුමේධ තාපසයෝ ද වෙනත් බෝධිසත්ත්වයෝ ද තම නිවන අත්හැරියහ. අනෙක් දෑ පමණක් නොව ඇතැම් අවස්ථාවල නිවන ද අත්හැරීමට සිදුවෙයි. අප අද සමරන්නේ යුද ජයග්‍රහණයක් නො වේ. එයට හේතුව මෙරට යුද්ධයක් නො තිබීම ය. අවුරුදු තිහක් තිස්සේ මෙරට පැවතියේ රටවල් දෙකක් අතර යුද්ධයක්වත් අභ්‍යන්තර සිවිල් යුද්ධයක්වත් නො වේ. අප කොටින්ට විරුද්ධව යුද්ධයක් කෙළේ නම් 1971 දී හා 1987 -92 කාල පරිච්ඡෙදවල ජ වි පෙරමුණට විරුද්ධව ද යුද්ධ කළ බව පිළිගැනීමට සිදුවෙයි. මා මේ බව අනේක වාරයක් කියා ඇති මුත් කිසිවකු ඒ පිළිගන්නා බවක් කියා නැත. යුද්ධයක් තිබිණි යැයි කීම අනාගතයේ දී දෙමළ ජාතිවාදීන් රට බෙදීම සඳහා යොදා ගනු ඇත. 2005 වන විට මෙරට හමුදා හා කොටින් අතර ඉදිරි ආරක්ෂක රේඛා ආදිය තිබුණු බව රහසක් නො වේ. චන්ද්‍රිකා ඊනියා යුද්ධයෙන් 75%ක් දිනා සිටියේ යැයි කීව ද ඇයට ඒ රේඛා ඉවත්කර ගැනීමට නොහැකි විය. ඇතැමුන් ඒ රේඛාවලට වළලු යැයි කියනු මා අසා ඇත. සමහරවිට චන්ද්‍රිකා වළලු තිබෙන්නට හරින්නට ඇත. වළලු තිබුණා ම මොකදැයි ඇයට සිතෙන්නට ඇත. වළලු තිබුණත් නැතත් ඒ යුද්ධයක් නො වී ය. අපේ හමුදා ක්‍රියාන්විත වූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට ය. දෙමළ ත්‍රස්තවාදය 1976 දී පමණ ඇරඹිණි. 1990 පමණ වන විට බටහිර දේශපාලනඥයන් හා ඊනියා දේශපාලන විචාරකයන් ගොඩනගා තිබූ දැනුම වූයේ කොටි පරාජය කළ නොහැකි බව ය. ප්රභාකරන් අති දක්ෂ සෙන්පතියකු බවට ඔහු හා කොටි සංවිධානය අනභිබවනීය බව බටහිරයන් අනුකරණය කරමින් මෙරට පඬියෝ ද කීහ. මෙරට මහා ජනමාධ්‍යවේදියකු ලෙස සැලකෙන මර්වින් සිල්වා ඊනියා ඊළාම් යුද්ධය 1, 2 ආදී වශයෙන් පුහු පණ්ඩිතමානී වර්ගීකරණයක් පසුකාලීන ව කර තිබිණි. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ උපදේශකත්වයෙන් තිලක් කරුණාරත්නගේ ධන වියදමෙන් ලක්මිණ පුවත්පත පළමු සිංහල ටැබ්ලොයිඩ් පුවත්පත ලෙස ඇරඹුණේ අනුවේ දශකයේ මුල ය. ගෙවිඳු කුමාරතුංග හා රොහාන් සිල්වා එහි දී විශාල වැඩකොටසක් කළහ. මම පුවත්පතෙහි නිල නොලත් කතුවරයා වීමි. එහි ලේඛකයන් අතර සුනිල් මාධව, චම්පක රණවක, ඩලස් අලහප්පරුම, විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) වූහ. ජනරංජන කාටුන් ශිල්පියා විය. ආරම්භයේ සිට ම අපි කොටින් පරාජය කළ හැකි ය, පරාජය කළ යුතු ය යන මතය දැරීමු. ඒ මතය ඉදිරියට ගෙනයෑම පසු කලෙක නාථ දෙවියන්, ආසනික්, වකුගඩු රෝගයට හේතුව, කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් කිරීම (ඒ සම්බන්ධයෙන් අපට පෙර බොහෝ අය කතාකර තිබිණි), බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය, බුදුදහම විද්‍යාත්මක නො වේ, ෆෝටෝනවලට ස්කන්ධ නියම කිරීම (පැණවීම), බුදුදහම දැනුම් පද්ධතියක් නො වේ, යක්ෂ බෞද්ධ සංස්කෘතිය ආදිය ඉදිරියට ගෙන යෑමට වඩා අසීරු කරුණක් විය. සියල්ලෝ ම පාහේ අපට විරුද්ධ වූහ. ඉහත නම් සඳහන් ලේඛකයෝ ද අපට විරුද්ධ වූහ. ඔවුහු එක් පැත්තකින් මානව හිතවාදී චූහ. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධ වූහ. අනෙක් පැත්තෙන් ඔවුහු බටහිර මතයට, එනම් කොටි අනභිබවනීය බවට විරුද්ධව කතාකිරීමට අපට ඇති සුදුසුකම් ප්‍රශ්න කළහ. අපි ඊනියා දේශපාලන විද්‍යාඥයෝ හෝ විශ්ලේෂකයෝ හෝ නො වීමු. බටහිර දැනුමට ඒ සියල්ලෝ ම පාහේ පක්ෂපාති වූහ. මා පුවත්පතේ කතුවැකි ලිවීම වැරදි යැයි ඔවුහු කීවෝ ය. අවසානයේ දී මා පුවත්පතෙහි නිල නොලත් කතෘ ධුරයෙන් ඉවත් කෙරිණි. පුවත්පත ද වැඩිකලක් මුද්‍රණය නො විණි. එහෙත් කොටින් පරාජය කළ හැකි බවට පරාජය කළ යුතු බවට දැනුමක් ගොඩනැගීමට අපි සමත්වීමු. අප කෙළේ ජනමතය ජනමාධ්‍යවලට ගෙන ඒම පමණ ය. 2005න් පසු එය දේශපාලනඥයන් අතර ද ඒ මතය යම් ප්‍රමාණයකට සාකච්ඡා විණි. අවසානයේ දී මහින්ද රාජපක්ෂ සියලු අභියෝගවලට මුහුණ දී කොටින් පැරදවීමට දේශපාලන නායකත්වය දීමට ඉදිරිපත් විය. ගෝඨභය රාජපක්ෂ සැලසුම් ඉදිරිපත් කෙළේ ය. රණ විරුවෝ දිවි හිමියෙන් කොටි පැරදවීමට කටයුතු කළහ. මෙහි දී නොකියාම බැරි කරුණක් නම් කොටින් පරාජය කිරීමට දෙවියන්ගේ ද සහාය ලැබුණු බව ය. ඒ බව අපි ඒ දිනවල ම කීවෙමු. පඬියන් අපට සිනහසෙනු ඇත. එහෙත් පඬියන්ගේ ලෝකයේ ද දෙවියෝ (ඉන්ද්රිය ගෝචර නොවන සංකල්ප) සිටිති. රණවිරුවන්ට හා රණවිරු වැන්දඹුවනට, ඔවුන්ගේ දරුවනට මෙයට වඩා සැලකිය යුතු ය. රණවිරුවන් දිවි හිමියෙන් ක්‍රියා කෙළේ අප වෙනුවෙනි, රට ජාතිය වෙනුවෙනි. එහෙත් ජයග්‍රහණය පාවාදීමට සරත් ෆොන්සේකා (ෆීල්ඩ් මාෂල්- මගේ මිතුරකු කී පරිදි වෙල් විදානේ) කටයුතු කෙළේ ය. ඔහු සුදු කොඩි කතාවක් කියා බටහිරයන් වෙනුවෙන් ගෝඨාභයට එරෙහිව ප්‍රථම වෙඩි මුරය පත්තු කෙළේ ය. වෙල් විදානේ සිරභාරයට ගත යුතු යැයි පළමුවෙන් ප්‍රසිද්ධියේ කියා සිටියේ මා ය. ඔහු කොටින් පරාජය කිරීමට මහඟු සේවයක් කෙළේ ය. එහෙත් සුදු කොඩි කතාවෙන් ඔහු කිරි කළයට ගොම බාල්දියක් ම මිශ්‍ර කෙළේ ය. අද සොල්හයිම් පාරම් බාන්නේ සුදු කොඩි කතාව වෙනුවෙන් සාක්ෂි දීමට ඔහු ද ඉදිරිපත් වන බවය. වෙල් විදානේ හා සොල්හයිම් අද සිටින්නේ එක ම පැත්තේ ය. අද ජයග්‍රහණය සැමරීමට මෙරට කතෝලික ක්‍රිස්තියානි පල්ලි හා මුස්ලිම්වරු විරුද්ධ වෙති. ඒ බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතාවයට ය. බටහිරයෝ තම රටවල දී මුස්ලිම්වරුන්ට විරුද්ධ වෙති. එහෙත් ථෙරවාදී බෞද්ධ රටවල බෞද්ධයනට විරුද්ධව මුස්ලිමුන්ට ආධාර කරති. තම වරද තේරුම් ගන්නා විට මුස්ලිමුන් ප්‍රමාද වී ය. රනිල් වික්‍රමසිංහ පෙනී සිටින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ය. ඔහුගේ පියා ඇංග්ල්කන් ක්‍රිස්තු භක්තිකයෙක් විය. බාප්පා ඇංග්ලිකන් බිෂොප්චරයෙක් විය. කෙනත් ප්‍රනාන්දු නම් ඇංග්ලිකන් බිෂොප්වරයා ප්රභාකරන් මානුෂික පුද්ගලයකු ලෙස හැඳින්වූයේ අරංතලාවේ භික්ෂු ඝාතනයට, දළදා මාළිගාවට පහරදීමට, ශ්‍රී මහා බෝධිය අසළ මිනීමැරුම්වලට පසුව ය. රනිල්ගේ මව් පර්ශ්වය බෞද්ධ වුවත් ඔවුන්ට අයිති ව තිබූ ලේක්හවුසියේ පුවත්පත්වලින් ධර්මපාලතුමාට රටෙන් පිට ව යන තුරුම පහර දුන්නේ ය. මෛත්‍රිපාල අගමැතිකම නොලැබීම හේතුවෙන් ඒ කෑදරකමෙන් මත් වී පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට රනිල්ගේ සිරකරුවකු වී සිංහල බෞද්ධ සංස්කෘතිය පාවා දීමට සූදානම් ය. මේ දෙදෙනාට විරුද්ධව සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන් එකතු විය යුතු ය. මා සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් වූවන් ලෙස සලකන්නේ සිංහල බෞද්ධයන් නො වේ. හසලක වීරයාගේ පිළිරුව ඉවත්කිරීමට කතාකරන දඹර අමිල හිමියන් වැන්නෝ සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් නො වෙති. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට අයත් කතෝලික පූජකවරු සිටිති. එසේ වුවත් එම්මෑනුවෙල් පූජකවරයා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වුවකි. ඔහු අද ආණ්ඩුව නන්දිකඩාල් ජයග්‍රහණය සැමරීමට ඉදිරිපත් නොවීම ගැන තම ප්‍රසාදය පළ කර ඇත. ආණ්ඩුව ඇත්තේ එම්මෑනුවල් පූජකවරයාගේ පැත්තේ ය. මේ සියල්ලන්ට අවශ්‍ය මහින්ද හා ගෝඨභය අවසානයේ දී බටහිරයන්ට කීකරු නොවී කොටි පැරදවීම සම්බන්ධයෙන් දංගෙඩියට යැවීමට ය. ඊනියා යහපාලන දූෂණ කතා ඒ මූලික ප්රශ්නය වසං කිරීමට ය. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට එරෙහිව දුන් තහනම් නියෝගය ගැන රනිල් කුපිත වී ඇත්තේ බටහිර අභිප්‍රාය මුදුන්පත් කර ගැනීමට ඒ තින්දුව බාධාවක් වන බැවිනි. අද ඔහුට අවශ්‍ය බටහිරට ගොස් තීන්දුව වෙනස් කර ගැනීමට ය. බටහිරයන් ඊනියා යුද අපරාධ ගැන සංහිඳියාවක් ගැන කතා කරන්නේ ද තම අභිලාෂය වෙනුවෙනි. යමපාලන කසිකබල් ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්ෂණයක් ගැන එකඟ වී ඇත්තේ ද එබැවිනි. මිළඟට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත්වන සංධාන ආණ්ඩුව මේ ඊනියා අභ්‍යන්තර පරීක්ෂණ අහෝසි කරන බවට මැතිවරණයේ දී පොරොන්දුවක් දිය යුතු ය. එපමණක් නොව කොටින් අහිංසක දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස යොදාගැනීම සම්බන්ධ පරීක්ෂණයක් පවත්වා එයට හවුල් වී ඇති ජීවත්ව සිටින සියල්ලන්ට තදබල දඬුවම් පැණවිය යුතු ය. අරංතලාව ඝාතන ආදිය බෝම්බ පිපිරවීම් ගැන කොටින්ට උපකාර කළ සොල්හයි්ම් ලා ද ඇතුළු සියලු දෙනා ගැන විධිමත් පරීක්ෂණ ආරම්භ කළ යුතු ය. කොටින් හා ජ වි පෙ අතර ඇති වෙනස ගැන ලියූ ලිපියක කොටසක් මෙහි දී සියළු පඬියන්ට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. “ජ වි පෙරමුණ හා කොටින් අතර වෙනස කුමක් ද? සංවිධාන දෙක ම ත්‍රස්තවාදී වෙයි. දෙගොල්ලෝ ම අහිංසක ජනයා මරා දැමූහ. ඒ අරුතෙන් ගත්කල දෙගොල්ලෝ ම මිනීමරුවෝ වූහ. දෙගොල්ලෝ ම තම ආරක්ෂාව සඳහා ජනතාව යොදාගත්හ. මේ එක් සංවිධානයක්වත් අහිංසක මිනිසුන් මරා දැමීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා නැත. එසේ නම් ඔවුන් අතර ඇති වෙනස කුමක් ද? සංවිධාන දෙක ම විවිධ අවස්ථාවල තහනමට ලක්විය. කොටි සංවිධානය තවමත් තහනම් සංවිධානයකි. කොටින් හා ජ වි පෙරමුණ අතර වෙනස එය යැයි ඇතමකු කීමට ඉඩ ඇත. එහෙත් එය එතරම් වෙනසක් ලෙස සැලකිය යුතු නො වේ. කොයි මොහොතක වුව කොටි සංවිධානයේ ද තහනම ඉවත් කිරීමට ඉඩ ඇත. ඒ එකක්වත් වෙනස්කම් නො වේ. එහෙත් ඔවුන් අතර ප්‍රධාන වෙනසක් වෙයි. ඒ ඔවුන්ගේ අරමුණ සම්බන්ධයෙනි. ජ වි පෙ ඊනියා සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවි ආයුධ අතට ගත්තේ ය. එය හරි හෝ වැරදි හෝ වේවා ඔවුහු රටේ ස්වෛරීභාවයට නිදහසට අභියෝග නො කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ රාජ්‍ය ක්රමයේ වෙනසක් ඇති කිරීමට ය. පුස් කෑ මාක්ස්වාදය අනුව ඔවුන් සටනට අවතීර්ණ වුව ද ඊනියා සමාජවාදී රාජ්‍යයක් මේ කපේ දී ඇති නො වේ. එසේ බැලූ කල අහිංසක ජීවිත දහස් ගණනක් බිලි දීම ගැන ජ වි පෙරමුණ ඊනියා ප්‍රවාදයක නාමයෙන් වුව ද සමාව නොදිය හැකි වරදක් කර ඇත. කොටින් ආයුධ අතට ගත්තේත් බටහිරයන්ගේ ම ප්‍රවාද වෙනුවෙනි. ඒ පිටුපස ඉංගිරිසුහු ද මාක්ස්වාදීහු ද පොන්නම්බලම් රාමනාදන් හා අරුණාශලම් යන ඊනියා ජාතික වීරයෝ ද පනහට පනහ ඉල්ලු ජී ජී පොන්නම්බලම් ද සාන්තුවරයකු ලෙස පෙනී සිටි චෙල්වනායගම් ද විජය කුමාරතුංග ද ආදී පිරිසක් සිටියහ. කොටින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසින් වෙනුවෙන් රට දෙකඩ කිරීම ය, රටේ ස්වෛරීභාවය නැති කිරීම ය, ජාතික නිදහස බිල්ලට දීම ය. එහි දී ඔවුන්ට ඉන්දියාවේ ද සහාය ලැබිණි. කොටින් හා ජ වි පෙ අතර ඇති මේ ප්‍රධාන වෙනස සිවාජිලිංගම්ලා අමතක කරනු ඇත. මිය ගිය කොටින් වෙනුවෙන් පොදු සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු කරන සියල්ලෝ රටේ ඒකීය භාවයට විරුද්ධ වෙති, රටේ ස්වෛරීභාවයට විරුද්ධ වෙති, ජාතික නිදහස බිල්ලට දෙති. එවැනි සැමරුම්වලට ඉඩ දෙන ආණ්ඩුවක් ද අවසාන වශයෙන් ගත්කල පෙනී සිටින්නේ රටට විරුද්ධව ය, රට දෙකඩ කිරීමට ය. මිය ගිය තම පුතා හෝ සැමියා හෝ වෙනුවෙන් පෞද්ගලික ව කෝවිලකට ගොස් දෙවියන් යැදීමට ඉඩ නොදිය යුතු යැයි අපි නො කියමු. එහෙත් ඒ සියල්ල පෞද්ගලික සැමරුම් පමණක් විය යුතු ය. ඒ කිසි විටෙකත් පොදු සැමරුම් බවට පත් නො විය යුතු ය. ” කොටින් ඉදිරියේ නිවට වූ ආණ්ඩුවකට පැවැත්මක් තිබිය යුතු නො වේ. වහාම මැතිවරණයක් පවත්වන ලෙස අපි දු කියා සිටිමු. ඒ මේ යමපාලන නීති විරෝධී ආණ්ඩුව ගෙදර යැවීමට ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මුත් දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙයි. එය ද පරාජය කිරීමට මේ නිවට සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව පරාජය කර සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අද දිනයේ අදිටන් කර ගනිමු. නලින් ද සිල්වා 2015 මැයි 18 source: [url]www.kalaya.org[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom