"මගේ අම්මට මාව වෛද්‍යවරියක් කරන්න ඕන වුණා. ඒ සිහිනය සැබෑ කර ගන්න මගේ දුව මට උදව් කළා," දියණිය ද සමග වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ මවක වන අමුතවල්ලි මනිවන්නන් පවසයි.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා නගරයක හැදී වැඩුණු අමුතවල්ලි, ඇය ගෙවූ මුළු ජීවිතය පුරා බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් ජීවන අරගලයක නිරත වූවා ය.
ඇය සමාජීය වශයෙන් පහත් කොට සලකන කුලයක් වන දලිත් ප්‍රජාවට අයත් වූ අතර, ඇය ළදරු වියේ සිට ම පෝලියෝ රෝගයෙන් පෙළුණා ය. එකොළොස් වන වියේදී ඇයට සිය පියා අහිමි විය.
කුඩා කාලයේදී අමුතවල්ලි වෛද්‍යවරියක වීමට සිහින මැව්වා ය. නමුත් පාසල් අවසාන විභාගයෙන් ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීමට ඇය අසමත් වූ නිසා, ඒ වෙනුවට භෞතචිකිත්සාවට යොමු වූවා ය.
පසුගිය වසරේ, ඇය ඇගේ එක ම දියණිය වන සම්යුක්තාට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා සූදානම් වීමට සහය වූ අතර, පසුව ඇයත් විභාගයට පෙනී සිටීමට තීරණය කළා ය.
Skip වැඩිපුරම කියැවූ and continue reading
වැඩිපුරම කියැවූ
කුඩා කල සිට ඇය තුළ පැවති අරමුණ, ඇයව වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙළඹවූ අතර ඇගේ නොපසුබට උත්සහය සාර්ථක විය. අමුතවල්ලි ඇගේ දියණිය සමග විභාගය සමත්වූ අතර, දෙදෙනා ම දැන් ඔවුන්ගේ වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට සූදානමින් සිටිති.
"මම මාස හයක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීම ගැන මම පුදුම වුණා," 49 හැවිරිදි මව පවසයි.
වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් ලබන MBBS පාඨමාලාවේ ස්ථාන 120,000ක් සඳහා රට පුරා සිසුන් මිලියන 2.4ක් පමණ තරග කරති.
මෙම ස්ථානවලින් අඩක් පමණ ඇත්තේ, ඉතා අඩු ගාස්තු අය කරන රජයේ විද්‍යාලවල ය.
බොහෝ සිසුන් මෙන්, සම්යුක්තා ද පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ජාතික විභාගයට සූදානම් වීමට වසරක් ගත කළා ය.
"ගොඩක් වෙලාවට දුව ලියන උත්තර පරීක්ෂා කරන්න කියන්නේ මට. ඊට පස්සේ මටත් හදිසියේ ම විභාගයට පෙනී ඉන්න උත්සහ කරන්න ඕන කියලා හිතුණා," අමුතවල්ලි බීබීසී දෙමළ සේවයට පැවසුවා ය.
"මට භෞතික විද්‍යාව අමාරුයි කියලා හිතුණා. සමීකරණ සහ සූත්‍ර ගොඩක් තිබුණා. මට ගොඩක් දේවල් තේරුණේ නැහැ."
"මට ජීව විද්‍යාව හොඳින් කරන්න පුළුවන් වුණා," ඇය සහනකාරී හැඟීමකින් යුතුව පවසයි.
වෛද්‍ය ප්‍රවේශ විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින් බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු නමුත් වැරදි පිළිතුරු ලබා දී තිබුණහොත් ඊට සාපේක්ෂව ඔවුන්ට ලකුණු අහිමි වේ.
අමුතවල්ලිගේ දියණිය ඇයට උපදෙස් දුන්නේ, වේගයෙන් වැඩ කරන ලෙස ය, ලකුණු අහිමි වීම වැළැක්වීම සඳහා අනුමාන කිරීමෙන් වළකින ලෙසත් ඇය පැවසුවා ය.
"සාමාන්‍යයෙන්, මම මගේ පන්ති ඇරිලා ගෙදර ආපු ගමන්, අම්මා මගෙන් ප්‍රශ්න පහක් අහන්න කියනවා. සාමාන්‍යයෙන්, එයාට වැරදි පිළිතුරු තුනක් ලැබෙනවා. මේකෙන් මට තරහ යනවා," 18 හැවිරිදි සම්යුක්තා පවසයි.
"මගේ අම්මා ජීව විද්‍යාවට ගොඩක් ආසයි, නමුත් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව එයාට ගොඩක් අමාරු යි. තව ටිකක් වැඩ කළා නම් ඇයට තවත් ලකුණු කිහිපයක් ගන්න තිබුණා," සම්යුක්තා පවසයි.
සම්යුක්තා පවසන්නේ, තම මවට ඉගැන්වීම නිසා ඇයට වඩා හොඳින් කරුණු මතක තබා ගැනීමට හැකි වූ බව ය.
අතිශයින් සතුටට පත්ව සිටින මව සහ දියණිය මිතුරන්ගෙන් සහ පවුලේ ඥාතීන්ගෙන් සුබ පැතුම් ලබමින් සිටිති.
බීබීසීයට කතා කරන විට, අමුතවල්ලි ඇය අතීතයේ විඳි දුෂ්කරතා පිළිබඳව ද සිහිපත් කළා ය.
"මම 1994 දී පාසල් අධ්‍යාපනය අවසන් කළා, වෛද්‍යවරියක් වෙන්න හිතුවා," ඇය කතාව ආරම්භ කළා ය.
ප්‍රතික්ෂේප වීම්වලට මුහුණ දීමෙන් පසු ඇති වූ කලකිරීම් සහ කම්පනය පිළිබඳව ඇය පැහැදිලි කරයි.
"මම මගේ අම්මාගේ උදව් ඇතිව වෛද්‍ය ප්‍රවේශ විභාගයට පෙනී සිටියා. මට ලැබුණු ලකුණු වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන්න තරම් ඉහළ මට්ටමක තිබුණෙ නැති නිසා මාව භෞත චිකිත්සක අංශයට ඇතුළත් කළා," ඇය පවසයි.
"මගේ අම්මට ඒක දරා ගන්න බැරි වුණා. එයා ඒ ගැන ගොඩක් දුක් වුණා, එයා ගොඩක් ඇඬුවා."
"භෞතචිකිත්සාව කියන්නේත් වෛද්‍ය රැකියාවක් බවත්, මම රෝගීන්ට සේවය කරන බවත් මම එයාට කිව්වා, එයාගේ හිත හදන්න"
එවකට එනම්, 1994 වසරේදී ඩොලර් 200ක් වුණු අවම ඇතුළුවීමේ ගාස්තුව හෝ ගෙවීමට ඇගේ මවට අසීරු විය.
අමුතවල්ලිගේ මව ප්‍රාථමික පාසලක ගුරුවරියක ලෙස සේවය කළ අතර, දරුවන් සිව් දෙනෙකු ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළා ය.
"දැන් මම සාර්ථක වෙලා තියෙනවා, නමුත් මගේ අම්මා ඒක දකින්න ජීවතුන් අතර නැහැ," අමූතවල්ලි සංවේදීව පවසයි.
"ඇය රෝහලක සේවය කළත්, වෛද්‍යවරියක් නොවීම ගැන ඇය දුක් වුණා. නමුත් අපේ දියණියගේ උදව්වෙන් ඇයට ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් වුණාථ" නීතිඥවරයෙකු වන මනිවන්නන් පැවසීය.
අමුතවල්ලි ඇගේ උපන් ප්‍රාන්තයේ ම රජය විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටියි.
සිය ජීවිත කාලය පුරා ම රෝහල්වල සහ වෛද්‍යවරුන් සමග සේවය කර ඇති බැවින්, තරුණ සිසුන් සමග වුව ද තමන්ට අපහසුවක් නොදැනෙනු ඇතැයි ඇය සිතයි.
"හැමෝම මගේ දුවගේ වයසේ අය වෙන්න ඇති. මට එයාලත් එක්ක හොඳට හැඩගැහෙන්න පුළුවන්."
සම්යුක්තාට තවමත් වෛද්‍ය විද්‍යාලයක් ලබා දී නොමැති අතර, ඇගේ මව සිටින විද්‍යාලයට ම ඇතුළත්වීමට වුව ද කැමැත්තකින් පසුවෙයි.
"අම්මත් එක්ක එක ම පන්තියේ ඉගෙග ගන්න එක ගැන මට කිසි ම ප්‍රශ්නයක් නැහැ," ඇය පැවසුවා ය.
"මම වෙනත් විද්‍යාලයකට ගියොත්, මට ඊට වඩා නිදහසක්, සැහැල්ලුවක් දැනෙන්න ඉඩ තියෙනවා," ඇය පවසයි.
https://www.bbc.com/sinhala/articles/cqjyw1n7n0vo.lite
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා නගරයක හැදී වැඩුණු අමුතවල්ලි, ඇය ගෙවූ මුළු ජීවිතය පුරා බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් ජීවන අරගලයක නිරත වූවා ය.
ඇය සමාජීය වශයෙන් පහත් කොට සලකන කුලයක් වන දලිත් ප්‍රජාවට අයත් වූ අතර, ඇය ළදරු වියේ සිට ම පෝලියෝ රෝගයෙන් පෙළුණා ය. එකොළොස් වන වියේදී ඇයට සිය පියා අහිමි විය.
කුඩා කාලයේදී අමුතවල්ලි වෛද්‍යවරියක වීමට සිහින මැව්වා ය. නමුත් පාසල් අවසාන විභාගයෙන් ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීමට ඇය අසමත් වූ නිසා, ඒ වෙනුවට භෞතචිකිත්සාවට යොමු වූවා ය.
පසුගිය වසරේ, ඇය ඇගේ එක ම දියණිය වන සම්යුක්තාට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා සූදානම් වීමට සහය වූ අතර, පසුව ඇයත් විභාගයට පෙනී සිටීමට තීරණය කළා ය.
Skip වැඩිපුරම කියැවූ and continue reading
වැඩිපුරම කියැවූ
- දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි
- 'මට හිතෙන්නේ ඒක චිත්‍රපටවල පෙන්නන අපරාධයක් වගේ': නේපාලයේ බාල වයස්කාර ඩිම්බ ජාවාරම
- ඇමති බිමල් රත්නායක යටතේ සේවය කළ තවත් ආයතන ප්‍රධානියෙකු ඉවතට: හේතුව කුමක් ද?
- 'Four-day work week': දින හතරේ වැඩ සතිය අපේ සෞඛ්‍යයට යහපත් වුවත් අප එය නොකරන්නේ ඇයි?
කුඩා කල සිට ඇය තුළ පැවති අරමුණ, ඇයව වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පෙළඹවූ අතර ඇගේ නොපසුබට උත්සහය සාර්ථක විය. අමුතවල්ලි ඇගේ දියණිය සමග විභාගය සමත්වූ අතර, දෙදෙනා ම දැන් ඔවුන්ගේ වෛද්‍ය පාඨමාලා ආරම්භ කිරීමට සූදානමින් සිටිති.
"මම මාස හයක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීම ගැන මම පුදුම වුණා," 49 හැවිරිදි මව පවසයි.
දැඩි තරගයක්
ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීම බෙහෙවින් තරගකාරී කටයුත්තකි.වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් ලබන MBBS පාඨමාලාවේ ස්ථාන 120,000ක් සඳහා රට පුරා සිසුන් මිලියන 2.4ක් පමණ තරග කරති.
මෙම ස්ථානවලින් අඩක් පමණ ඇත්තේ, ඉතා අඩු ගාස්තු අය කරන රජයේ විද්‍යාලවල ය.
බොහෝ සිසුන් මෙන්, සම්යුක්තා ද පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ජාතික විභාගයට සූදානම් වීමට වසරක් ගත කළා ය.
"ගොඩක් වෙලාවට දුව ලියන උත්තර පරීක්ෂා කරන්න කියන්නේ මට. ඊට පස්සේ මටත් හදිසියේ ම විභාගයට පෙනී ඉන්න උත්සහ කරන්න ඕන කියලා හිතුණා," අමුතවල්ලි බීබීසී දෙමළ සේවයට පැවසුවා ය.
පරීක්ෂණයට සූදානම් වූ හැටි
අමුතවල්ලි වසර 30කට පෙර පාසලෙන් ඉවත් වී වෙනස් විෂය මාලාවක් හැදෑරුවා ය."මට භෞතික විද්‍යාව අමාරුයි කියලා හිතුණා. සමීකරණ සහ සූත්‍ර ගොඩක් තිබුණා. මට ගොඩක් දේවල් තේරුණේ නැහැ."
"මට ජීව විද්‍යාව හොඳින් කරන්න පුළුවන් වුණා," ඇය සහනකාරී හැඟීමකින් යුතුව පවසයි.
වෛද්‍ය ප්‍රවේශ විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින් බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු නමුත් වැරදි පිළිතුරු ලබා දී තිබුණහොත් ඊට සාපේක්ෂව ඔවුන්ට ලකුණු අහිමි වේ.
- ඔබේ දරුවා මානසිකව සුවෙන් ද?: 'අතපය නොකඩා හදන' දරුවෙකුගේ හිත නොකැඩෙන්න කළ යුත්තේ කුමක් ද?
- දැඩි සතුටකදී අපට ඇඬෙන්නේ ඇයි?
අමුතවල්ලිගේ දියණිය ඇයට උපදෙස් දුන්නේ, වේගයෙන් වැඩ කරන ලෙස ය, ලකුණු අහිමි වීම වැළැක්වීම සඳහා අනුමාන කිරීමෙන් වළකින ලෙසත් ඇය පැවසුවා ය.
"සාමාන්‍යයෙන්, මම මගේ පන්ති ඇරිලා ගෙදර ආපු ගමන්, අම්මා මගෙන් ප්‍රශ්න පහක් අහන්න කියනවා. සාමාන්‍යයෙන්, එයාට වැරදි පිළිතුරු තුනක් ලැබෙනවා. මේකෙන් මට තරහ යනවා," 18 හැවිරිදි සම්යුක්තා පවසයි.
"මගේ අම්මා ජීව විද්‍යාවට ගොඩක් ආසයි, නමුත් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව එයාට ගොඩක් අමාරු යි. තව ටිකක් වැඩ කළා නම් ඇයට තවත් ලකුණු කිහිපයක් ගන්න තිබුණා," සම්යුක්තා පවසයි.
සම්යුක්තා පවසන්නේ, තම මවට ඉගැන්වීම නිසා ඇයට වඩා හොඳින් කරුණු මතක තබා ගැනීමට හැකි වූ බව ය.
අතීතයේ විඳි දුක් කම්කටොළු
ඉන්දියාවේ වෛද්‍යවරුන්ට උසස් සමාජ තත්ත්වයක් සහ විශාල ගෞරවයක් හිමි වේ.අතිශයින් සතුටට පත්ව සිටින මව සහ දියණිය මිතුරන්ගෙන් සහ පවුලේ ඥාතීන්ගෙන් සුබ පැතුම් ලබමින් සිටිති.
බීබීසීයට කතා කරන විට, අමුතවල්ලි ඇය අතීතයේ විඳි දුෂ්කරතා පිළිබඳව ද සිහිපත් කළා ය.
"මම 1994 දී පාසල් අධ්‍යාපනය අවසන් කළා, වෛද්‍යවරියක් වෙන්න හිතුවා," ඇය කතාව ආරම්භ කළා ය.
ප්‍රතික්ෂේප වීම්වලට මුහුණ දීමෙන් පසු ඇති වූ කලකිරීම් සහ කම්පනය පිළිබඳව ඇය පැහැදිලි කරයි.
"මම මගේ අම්මාගේ උදව් ඇතිව වෛද්‍ය ප්‍රවේශ විභාගයට පෙනී සිටියා. මට ලැබුණු ලකුණු වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන්න තරම් ඉහළ මට්ටමක තිබුණෙ නැති නිසා මාව භෞත චිකිත්සක අංශයට ඇතුළත් කළා," ඇය පවසයි.
"මගේ අම්මට ඒක දරා ගන්න බැරි වුණා. එයා ඒ ගැන ගොඩක් දුක් වුණා, එයා ගොඩක් ඇඬුවා."
"භෞතචිකිත්සාව කියන්නේත් වෛද්‍ය රැකියාවක් බවත්, මම රෝගීන්ට සේවය කරන බවත් මම එයාට කිව්වා, එයාගේ හිත හදන්න"
එවකට එනම්, 1994 වසරේදී ඩොලර් 200ක් වුණු අවම ඇතුළුවීමේ ගාස්තුව හෝ ගෙවීමට ඇගේ මවට අසීරු විය.
අමුතවල්ලිගේ මව ප්‍රාථමික පාසලක ගුරුවරියක ලෙස සේවය කළ අතර, දරුවන් සිව් දෙනෙකු ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළා ය.
"දැන් මම සාර්ථක වෙලා තියෙනවා, නමුත් මගේ අම්මා ඒක දකින්න ජීවතුන් අතර නැහැ," අමූතවල්ලි සංවේදීව පවසයි.
මව සහ දියණිය වෛද්‍ය විද්‍යාල දෙකකට ඇතුළත් වෙයි ද?
අමුතවල්ලිගේ සැමියා වන මනිවන්නන් තම බිරිඳ සහ දියණිය ගැන ආඩම්බරයෙන් පසුවෙයි."ඇය රෝහලක සේවය කළත්, වෛද්‍යවරියක් නොවීම ගැන ඇය දුක් වුණා. නමුත් අපේ දියණියගේ උදව්වෙන් ඇයට ඒක ඉෂ්ට කර ගන්න පුළුවන් වුණාථ" නීතිඥවරයෙකු වන මනිවන්නන් පැවසීය.