Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ඇදුම රෝගයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ඇදුම රෝගයට

දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ඇදුම රෝගයට

ගුණ වස විස නසන කළුකැම්මේරිය

ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉබේ වැවෙන මෙතෙකැයි කිව නොහැකි තරමේ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් පොහොසත් ඇතැම් ශාක ප්‍රභේද, දැන් කාලේ බොහෝ උදවිය වල් පැළෑටි ලෙස සලකා උදලු ගා දමනු දකින්නට පිළිවන්.

"කළුකැම්මේරිය" නොහොත් "තැම්බේරියා" නමින් හඳුන්වන පැළෑටිය ද එකල ගැමියන් රසවත් පළාවක් ලෙසත්, ගැමි ළමුන් මෙම ශාකයේ ඉදුණු ගෙඩි මිහිරි පලතුරක් ලෙසත් ආහාරයට ගත්තා. දැන් කාලේ ළමුන් ගේ ආහාරයට අම්මලා තාත්තලා ඒරොප්පෙන් මිදි, ඇපල්, නාරං එහෙම ඉම්පෝට් කරලා දෙන නිසා, ඇතැම් අම්මලා මේ ගෙඩි වස ගෙඩි කියල ළමුන්ට අල්ලන්නවත් දෙන්නේ නෑ.

ඇතැම් ගැමියන් හා දේශීය ආයුර්වේද වෛද්‍යවරු පමණක් දන්නා මෙම පැළෑටියේ ගුණ කන්දරාව නූතන පර්යේෂණ මගිනුත් දැන් ඔප්පු වෙලා. ඒ නිසා සල්ලි දීලා උජාරුවට වස කන සමාජයක් තුළ, අපේ රටේ ඈයින්ගේ පෝෂණයට මෙන්ම, රෝග වළක්වා ගැනීමටත් ඉවහල් වන මෙම කළුකැම්මේරිය පැළෑටිය ගැන අද සොයා බලමු.

අඩි 2 ක් 3 ක් පමණ උසට වැවෙන මෙම ඒක වාර්ෂික ශාකය, සොලනේසි කුලයට අයත් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Black night shade, Sun berry, Wonder cherry යන නම් වලින් හඳුන්වනවා. කඳ දෙබෑ වී අතු බෙදෙන මේ ශාකයේ පත්‍ර බහුලයි. ඒවා ඒකාන්තරයි. ලන්සාකාර හැඩයක් ගන්නා අතර, පත්‍ර අග තීව්ර ස්වරූපයක් ගන්නවා.

සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා මල් හට ගෙන දම්පාට හෝ කළු පැහැයට හුරු වර්ණයකින් යුතු ගෝලාකාර ගෙඩි පොකුරක් ලෙස හට ගන්නවා. ඒවා පලතුරක් ලෙස ගැමි ළමුන් ආහාරයට ගන්නවා.

ආයුර්වේද ඔසුවක් ලෙස....

සංස්කෘත භාෂාවෙන් "කාකමාවී", "බහුඵලා", "මත්ස්යාක්ෂි" වැනි නම් වලින් හඳුන්වනවා. කළුකැම්මේරිය තිත්තයි. ගුණයෙන් පොහොසත්. ඇසට හිතකරයි. ශුක්‍ර වඩවයි. විවිධ රුජා, අර්ශස්, ඉදිමුම්, කුෂ්ඨ, හෘද රෝග ආදියට හා මී විෂට ප්‍රතිකාර වශයෙන් කළුකැම්මේරිය යොදනු ලබනවා.

පෝෂණ විත්ති

කළුකැම්මේරිය පත්‍ර තුළ. ප්‍රොaටීන් 5.9% ක්, අත්‍යවශ්‍ය මේද අම්ල 1% ක්, කාබෝහයිඩේ්‍රට් 8.9% ක්, කැල්සියම්, පොස්පරස්, යකඩ වැනි ඛනිජ ලවණ 2.1% ක් සහ රයිබෝµaලෙවින්, විටමින් සී වැනි විටමින් වර්ගත් අඩංගු වෙනවා. ඒ අනුව මෙම ශාකය, මෙරට ජනයාට නොමිලේ ලබා ගත හැකි හොඳ පෝෂණීය ආහාරයක් බව පැහැදිලියි.

නූතන පර්යේෂණ තතු විත්ති

Solanum nigrum යන නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන මෙම පැළෑටිය පිළිබඳව ඉන්දියාවේ සහ වෙනත් රටවල කර තිබෙන පර්යේෂණ වලින් විශ්වාස කළ නොහැකි තරම් සෞඛ්‍යය රැක දෙන ගුණයන්ගෙන් සමන්විත වන බව සොයාගෙන තිබෙනවා.

ආහාර ජීර්ණ පද්ධතියේ නිසි පැවැත්ම උදෙසා....

මෙම පැළෑටියේ පත්‍ර ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත බොහෝ රෝගාබාධයන් සුව කරන ඖෂධීය යුෂයක් ලෙස භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා. ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවා, පෝෂක කොටස් අවශෝෂණය ට උදව් වෙමින් සහ ශරීරයට අනවශ්‍ය විස ද්‍රව්‍යයන් බැහැර කිරීම සඳහා මෙම පැළෑටියේ පත්‍ර සතු පුදුමාකාර හැකියාව පිළිබඳ පර්යේෂකයන් මවිතය පළ කර තිබෙනවා. තවද මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන්, මළ බුරුල් කරන ගුණයක් ලැබෙන බවත්, ආහාර රුචිය වර්ධනය කරවන බවත් සොයාගෙන තිබෙනවා.

ගැස්ට්‍රයිටිස් රෝගයට....

මෙම පැළෑටිය තුළ අන්තර්ගත වන ස්ටිරොයිඩ වල බලපෑමෙන්, පෙප්සීන් හා හයිෙඩ්‍රාක්ලෝරික් අම්ලය ශ්‍රාවය වීම අඩු කරන බැවින්, ආමාශයේ රෝග, විශේෂයෙන් ආමාශයික වණ සුව කිරීම සඳහා සහ ආමාශයේ දැවිල්ල (Gastritis) සමනය කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින බවත්, අතීසාර රෝගය සහ අජීර්ණ රෝග සඳහා වෙනත් පලතුරු යුෂ සමඟ හෝ කළුකැම්මේරිය පත්‍ර යුෂ පමණක් හෝ පානය කිරීමෙන් සුවය ලැබිය හැකි බවත් පැවසෙනවා.

වේදනා නාශකයක්, උණ රෝගය සමනය කිරීමට....

ශරීරයේ වේදනාව හා දැවිල්ල හා උණ සන්සිඳවීමේ ඖෂධීය ගුණයකුත් මෙහි පත්‍ර සහ ගෙඩි සතුව පවතිනවා. විශේෂයෙන් මෙහි පත්‍ර යුෂ උණ රෝගයේදී ශරීරය සිසිල් කිරීම සඳහා යොදා ගත හැකි බවත් සොයාගෙන තිබෙනවා.

ශ්වසන රෝග සඳහා....

ඇදුම රෝගය සහ ශ්වසනාබාධ, සෙම් හා පීනස රෝග සඳහාත් මෙම ශාකය ගුණදායක වන බව සඳහන් කළ යුතුව තිබෙනවා.

චර්ම රෝග සඳහා....

සම මතුපිට සිදු වන තුවාල, ඉදිමුම්, වන, දද, කුෂ්ඨ, පණු කැවිලි වැනි තත්ත්වයන් සුව කිරීම සඳහා ද මෙහි පත්‍ර සිහින්ව අඹරා යෙදිය හැකි බවත් පැවසෙනවා.

රුව වඩන ආලේපයක් ලෙස.....

ඉදුණු කළුකැම්මේරිය ගෙඩි යුෂ මුහුණේ ගැල්වීමෙන් මුහුණේ ඇති වන කළු ලප, දුර්වර්ණ වීම් (freckles) සුව කිරීම සඳහා අනගි ඔසුවක් ලෙසත් භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා.

දියවැඩියා රෝගීන්ට....

මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන් සඳහාත් සහනයක් ලැබෙන බව පැවැසිය යුතුය.

සිරෝසිස් රෝගයට...

අක්මාවේ හට ගන්නා සිරෝසිස් රෝග තත්ත්වය සඳහා ද ඔසුවක් ලෙස කළුකැම්මේරිය පත්‍ර යුෂය භාවිතයට ගත හැකි බවත් පැවසෙනවා.

ආහාරයට ගැනීම...

මෙම පැළෑටියේ පත්‍ර, ගා ගත් පොල් සමඟ පිස, සතියකට වරක්වත් ආහාරයට ගැනීමෙන් (ලංකාවේ මැල්ලුම් පිස ගන්නා ක්‍රමයට) ශරීරයේ ලේ පිරිසිදු කර, ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත් ව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බවත්, මෙහි පත්‍ර යුෂ දෙහි, දොඩම් හෝ වෙනත් පලතුරු යුෂ සහ පොල් වතුර, පොල් කිරි හෝ එළකිරි සමඟ සතියකට වරක්වත් ආහාරයට ගැනීමෙන් රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත්ව හා නිරෝගීව පවත්වාගෙන යැමටත් මුත්‍ර වාහිනී පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු වීමටත් ඉවහල් වන බවත් පර්යේෂකයන් අවධාරණය කරනවා.

ළදරුවන් නිදි කරවීම සඳහා චෙකොස්ලෝවැකියාවේ බොහීමියාව නමැති ප්‍රදේශයේ මෙම පැළෑටියේ පත්‍ර තොටිල්ල යටින් තබන බව පැවසෙනවා. මෙම ශාකයේ අඩංගු වන saponins වැනි ස්ටිරොයිඩ සහ ඇල්කලොයිඩ වල බලපෑම නිසාවෙන් නිදි මත වර්ධනය කෙරෙන බව, විද්‍යාත්මකව සනාථ කෙරී තිබෙනවා. මෙම ගුණය පිළිබඳ අපේ රටේ ගැමියන් ද දැන සිටිය බව සඳහන් කළ යුතුයි.

අහිතකර ප්‍රතිඵල....

මෙම ශාකයේ විෂ සහිත ග්ලයිකෝ - ඇල්කලොයිඩ වර්ග සුළු වශයෙන් අඩංගු වන බැවින්, ඉදුණු ගෙඩි හෝ පත්‍ර, එකවර විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන්, සුළු විෂ ගතියක් ඇති විය හැකි බැවින්, එසේ නොකළ යුතු බව අවධාරණය කළ යුතු වෙනවා. (මෙම විෂ බහුලව අඩංගු වන්නේ අමු ගෙඩි තුළය)

කළුකැම්මේරිය. අර්තාපල්, මිරිස්, තක්කාලි ඇතුළු සියලුම සොලනේසි කුලයේ ශාක වල නිකොටීන් අන්තර්ගත වන බැවින්, හන්දිපත් රුදාව, ඔස්ටියෝ-ආතරයිටීස් රෝග තත්ත්වයන් උත්සන්න කළ හැකි බැවින්, එවැනි රෝගීන්ට කළුකැම්මේරිය වැඩිපුර ආහාරයට නොගැනීම යහපත් වනු ඇති.

අවසාන වශයෙන් අපේ රටේ මෙන්ම, ලොව විවිධ රටවල් වලත් සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයෙහිලා මෙන්ම ආහාර සකස් කිරීමේ දී ද කළුකැම්මේරිය ශාකයේ පස් පංගුව භාවිතයට ගැනෙන බව සඳහන් කළ යුතු වෙනවා.

ආහාරයක් මෙන්ම ඖෂධයක් වශයෙන් ද "කළුකැම්මේරිය" සතු ගුණයන් මොතකැයි කියා නිම කළ නොහැකි තරම් බව ඔබට දැන් වැටහෙනවා ඇති.

නොමිලේ ලබා ගත හැකි ස්වාභාවික ආහාර සතු මෙවන් ගුණයන් පිළිබඳ වාණිජ සමාජයන් තුළ ඉහළට එසවෙන්නේ නැත. එසේ කිරීමෙන් කිසිවකු ගේ හෝ වාණිජ පරමාර්ථ සාධනය වන්නේද නැත. ඒ වෙනුවට අපේ පැරැන්නන් අවුරුදු දහස් ගණනක් තිස්සේ ඔවුන් සතු ව්‍යවහාරික ඥනයේ බල මහිමයෙන් ආහාරයට ගත්, ඔවුන්ගේ දිවි සුරැකි ස්වාභාවික ආහාර වර්ග කිසිදු වැදගැම්මකට නැති තුට්ටු දෙකේ ආහාර ලෙස සලකා අවඥවේ කෙවිටෙන් තලා බැහැර කෙරෙනු ඇති.

සියයට එකසිය විස්සක් ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ජීවත් වුණු, වර්තමාන අපේ පරම්පරාවට තවමත් අංශු මාත්‍රික මතකයන් ශේෂ කර ඇති අපේ ආදරණීය සීයලා ආච්චිලා ගේ ජීවන රටාව, ඔවුන්ගේ ආහාර රටාව තුළ මානව වර්ගයාගේ නිරෝගී බවේ සලකුණු සටහන් ව ඇති බවයි.

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල්

uputa ganima http://www.divaina.com/2013/09/29/feature06.html

[QUOTE="juroshan, post: 15658566, member: 71856"] [b]දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ඇදුම රෝගයට[/b] දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, ඇදුම රෝගයට ගුණ වස විස නසන කළුකැම්මේරිය ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉබේ වැවෙන මෙතෙකැයි කිව නොහැකි තරමේ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් පොහොසත් ඇතැම් ශාක ප්‍රභේද, දැන් කාලේ බොහෝ උදවිය වල් පැළෑටි ලෙස සලකා උදලු ගා දමනු දකින්නට පිළිවන්. "කළුකැම්මේරිය" නොහොත් "තැම්බේරියා" නමින් හඳුන්වන පැළෑටිය ද එකල ගැමියන් රසවත් පළාවක් ලෙසත්, ගැමි ළමුන් මෙම ශාකයේ ඉදුණු ගෙඩි මිහිරි පලතුරක් ලෙසත් ආහාරයට ගත්තා. දැන් කාලේ ළමුන් ගේ ආහාරයට අම්මලා තාත්තලා ඒරොප්පෙන් මිදි, ඇපල්, නාරං එහෙම ඉම්පෝට් කරලා දෙන නිසා, ඇතැම් අම්මලා මේ ගෙඩි වස ගෙඩි කියල ළමුන්ට අල්ලන්නවත් දෙන්නේ නෑ. ඇතැම් ගැමියන් හා දේශීය ආයුර්වේද වෛද්‍යවරු පමණක් දන්නා මෙම පැළෑටියේ ගුණ කන්දරාව නූතන පර්යේෂණ මගිනුත් දැන් ඔප්පු වෙලා. ඒ නිසා සල්ලි දීලා උජාරුවට වස කන සමාජයක් තුළ, අපේ රටේ ඈයින්ගේ පෝෂණයට මෙන්ම, රෝග වළක්වා ගැනීමටත් ඉවහල් වන මෙම කළුකැම්මේරිය පැළෑටිය ගැන අද සොයා බලමු. අඩි 2 ක් 3 ක් පමණ උසට වැවෙන මෙම ඒක වාර්ෂික ශාකය, සොලනේසි කුලයට අයත් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Black night shade, Sun berry, Wonder cherry යන නම් වලින් හඳුන්වනවා. කඳ දෙබෑ වී අතු බෙදෙන මේ ශාකයේ පත්‍ර බහුලයි. ඒවා ඒකාන්තරයි. ලන්සාකාර හැඩයක් ගන්නා අතර, පත්‍ර අග තීව්ර ස්වරූපයක් ගන්නවා. සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා මල් හට ගෙන දම්පාට හෝ කළු පැහැයට හුරු වර්ණයකින් යුතු ගෝලාකාර ගෙඩි පොකුරක් ලෙස හට ගන්නවා. ඒවා පලතුරක් ලෙස ගැමි ළමුන් ආහාරයට ගන්නවා. ආයුර්වේද ඔසුවක් ලෙස.... සංස්කෘත භාෂාවෙන් "කාකමාවී", "බහුඵලා", "මත්ස්යාක්ෂි" වැනි නම් වලින් හඳුන්වනවා. කළුකැම්මේරිය තිත්තයි. ගුණයෙන් පොහොසත්. ඇසට හිතකරයි. ශුක්‍ර වඩවයි. විවිධ රුජා, අර්ශස්, ඉදිමුම්, කුෂ්ඨ, හෘද රෝග ආදියට හා මී විෂට ප්‍රතිකාර වශයෙන් කළුකැම්මේරිය යොදනු ලබනවා. පෝෂණ විත්ති කළුකැම්මේරිය පත්‍ර තුළ. ප්‍රොaටීන් 5.9% ක්, අත්‍යවශ්‍ය මේද අම්ල 1% ක්, කාබෝහයිඩේ්‍රට් 8.9% ක්, කැල්සියම්, පොස්පරස්, යකඩ වැනි ඛනිජ ලවණ 2.1% ක් සහ රයිබෝµaලෙවින්, විටමින් සී වැනි විටමින් වර්ගත් අඩංගු වෙනවා. ඒ අනුව මෙම ශාකය, මෙරට ජනයාට නොමිලේ ලබා ගත හැකි හොඳ පෝෂණීය ආහාරයක් බව පැහැදිලියි. නූතන පර්යේෂණ තතු විත්ති Solanum nigrum යන නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන මෙම පැළෑටිය පිළිබඳව ඉන්දියාවේ සහ වෙනත් රටවල කර තිබෙන පර්යේෂණ වලින් විශ්වාස කළ නොහැකි තරම් සෞඛ්‍යය රැක දෙන ගුණයන්ගෙන් සමන්විත වන බව සොයාගෙන තිබෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ නිසි පැවැත්ම උදෙසා.... මෙම පැළෑටියේ පත්‍ර ආහාර මාර්ග පද්ධතිය ආශ්රිත බොහෝ රෝගාබාධයන් සුව කරන ඖෂධීය යුෂයක් ලෙස භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා. ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවා, පෝෂක කොටස් අවශෝෂණය ට උදව් වෙමින් සහ ශරීරයට අනවශ්‍ය විස ද්‍රව්‍යයන් බැහැර කිරීම සඳහා මෙම පැළෑටියේ පත්‍ර සතු පුදුමාකාර හැකියාව පිළිබඳ පර්යේෂකයන් මවිතය පළ කර තිබෙනවා. තවද මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන්, මළ බුරුල් කරන ගුණයක් ලැබෙන බවත්, ආහාර රුචිය වර්ධනය කරවන බවත් සොයාගෙන තිබෙනවා. ගැස්ට්‍රයිටිස් රෝගයට.... මෙම පැළෑටිය තුළ අන්තර්ගත වන ස්ටිරොයිඩ වල බලපෑමෙන්, පෙප්සීන් හා හයිෙඩ්‍රාක්ලෝරික් අම්ලය ශ්‍රාවය වීම අඩු කරන බැවින්, ආමාශයේ රෝග, විශේෂයෙන් ආමාශයික වණ සුව කිරීම සඳහා සහ ආමාශයේ දැවිල්ල (Gastritis) සමනය කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින බවත්, අතීසාර රෝගය සහ අජීර්ණ රෝග සඳහා වෙනත් පලතුරු යුෂ සමඟ හෝ කළුකැම්මේරිය පත්‍ර යුෂ පමණක් හෝ පානය කිරීමෙන් සුවය ලැබිය හැකි බවත් පැවසෙනවා. වේදනා නාශකයක්, උණ රෝගය සමනය කිරීමට.... ශරීරයේ වේදනාව හා දැවිල්ල හා උණ සන්සිඳවීමේ ඖෂධීය ගුණයකුත් මෙහි පත්‍ර සහ ගෙඩි සතුව පවතිනවා. විශේෂයෙන් මෙහි පත්‍ර යුෂ උණ රෝගයේදී ශරීරය සිසිල් කිරීම සඳහා යොදා ගත හැකි බවත් සොයාගෙන තිබෙනවා. ශ්වසන රෝග සඳහා.... ඇදුම රෝගය සහ ශ්වසනාබාධ, සෙම් හා පීනස රෝග සඳහාත් මෙම ශාකය ගුණදායක වන බව සඳහන් කළ යුතුව තිබෙනවා. චර්ම රෝග සඳහා.... සම මතුපිට සිදු වන තුවාල, ඉදිමුම්, වන, දද, කුෂ්ඨ, පණු කැවිලි වැනි තත්ත්වයන් සුව කිරීම සඳහා ද මෙහි පත්‍ර සිහින්ව අඹරා යෙදිය හැකි බවත් පැවසෙනවා. රුව වඩන ආලේපයක් ලෙස..... ඉදුණු කළුකැම්මේරිය ගෙඩි යුෂ මුහුණේ ගැල්වීමෙන් මුහුණේ ඇති වන කළු ලප, දුර්වර්ණ වීම් (freckles) සුව කිරීම සඳහා අනගි ඔසුවක් ලෙසත් භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා. දියවැඩියා රෝගීන්ට.... මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන් සඳහාත් සහනයක් ලැබෙන බව පැවැසිය යුතුය. සිරෝසිස් රෝගයට... අක්මාවේ හට ගන්නා සිරෝසිස් රෝග තත්ත්වය සඳහා ද ඔසුවක් ලෙස කළුකැම්මේරිය පත්‍ර යුෂය භාවිතයට ගත හැකි බවත් පැවසෙනවා. ආහාරයට ගැනීම... මෙම පැළෑටියේ පත්‍ර, ගා ගත් පොල් සමඟ පිස, සතියකට වරක්වත් ආහාරයට ගැනීමෙන් (ලංකාවේ මැල්ලුම් පිස ගන්නා ක්‍රමයට) ශරීරයේ ලේ පිරිසිදු කර, ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත් ව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බවත්, මෙහි පත්‍ර යුෂ දෙහි, දොඩම් හෝ වෙනත් පලතුරු යුෂ සහ පොල් වතුර, පොල් කිරි හෝ එළකිරි සමඟ සතියකට වරක්වත් ආහාරයට ගැනීමෙන් රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත්ව හා නිරෝගීව පවත්වාගෙන යැමටත් මුත්‍ර වාහිනී පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු වීමටත් ඉවහල් වන බවත් පර්යේෂකයන් අවධාරණය කරනවා. ළදරුවන් නිදි කරවීම සඳහා චෙකොස්ලෝවැකියාවේ බොහීමියාව නමැති ප්‍රදේශයේ මෙම පැළෑටියේ පත්‍ර තොටිල්ල යටින් තබන බව පැවසෙනවා. මෙම ශාකයේ අඩංගු වන saponins වැනි ස්ටිරොයිඩ සහ ඇල්කලොයිඩ වල බලපෑම නිසාවෙන් නිදි මත වර්ධනය කෙරෙන බව, විද්‍යාත්මකව සනාථ කෙරී තිබෙනවා. මෙම ගුණය පිළිබඳ අපේ රටේ ගැමියන් ද දැන සිටිය බව සඳහන් කළ යුතුයි. අහිතකර ප්‍රතිඵල.... මෙම ශාකයේ විෂ සහිත ග්ලයිකෝ - ඇල්කලොයිඩ වර්ග සුළු වශයෙන් අඩංගු වන බැවින්, ඉදුණු ගෙඩි හෝ පත්‍ර, එකවර විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන්, සුළු විෂ ගතියක් ඇති විය හැකි බැවින්, එසේ නොකළ යුතු බව අවධාරණය කළ යුතු වෙනවා. (මෙම විෂ බහුලව අඩංගු වන්නේ අමු ගෙඩි තුළය) කළුකැම්මේරිය. අර්තාපල්, මිරිස්, තක්කාලි ඇතුළු සියලුම සොලනේසි කුලයේ ශාක වල නිකොටීන් අන්තර්ගත වන බැවින්, හන්දිපත් රුදාව, ඔස්ටියෝ-ආතරයිටීස් රෝග තත්ත්වයන් උත්සන්න කළ හැකි බැවින්, එවැනි රෝගීන්ට කළුකැම්මේරිය වැඩිපුර ආහාරයට නොගැනීම යහපත් වනු ඇති. අවසාන වශයෙන් අපේ රටේ මෙන්ම, ලොව විවිධ රටවල් වලත් සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයෙහිලා මෙන්ම ආහාර සකස් කිරීමේ දී ද කළුකැම්මේරිය ශාකයේ පස් පංගුව භාවිතයට ගැනෙන බව සඳහන් කළ යුතු වෙනවා. ආහාරයක් මෙන්ම ඖෂධයක් වශයෙන් ද "කළුකැම්මේරිය" සතු ගුණයන් මොතකැයි කියා නිම කළ නොහැකි තරම් බව ඔබට දැන් වැටහෙනවා ඇති. නොමිලේ ලබා ගත හැකි ස්වාභාවික ආහාර සතු මෙවන් ගුණයන් පිළිබඳ වාණිජ සමාජයන් තුළ ඉහළට එසවෙන්නේ නැත. එසේ කිරීමෙන් කිසිවකු ගේ හෝ වාණිජ පරමාර්ථ සාධනය වන්නේද නැත. ඒ වෙනුවට අපේ පැරැන්නන් අවුරුදු දහස් ගණනක් තිස්සේ ඔවුන් සතු ව්‍යවහාරික ඥනයේ බල මහිමයෙන් ආහාරයට ගත්, ඔවුන්ගේ දිවි සුරැකි ස්වාභාවික ආහාර වර්ග කිසිදු වැදගැම්මකට නැති තුට්ටු දෙකේ ආහාර ලෙස සලකා අවඥවේ කෙවිටෙන් තලා බැහැර කෙරෙනු ඇති. සියයට එකසිය විස්සක් ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ජීවත් වුණු, වර්තමාන අපේ පරම්පරාවට තවමත් අංශු මාත්‍රික මතකයන් ශේෂ කර ඇති අපේ ආදරණීය සීයලා ආච්චිලා ගේ ජීවන රටාව, ඔවුන්ගේ ආහාර රටාව තුළ මානව වර්ගයාගේ නිරෝගී බවේ සලකුණු සටහන් ව ඇති බවයි. ගැමුණු සාලිය පෙරේරා මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල් [COLOR="RoyalBlue"]uputa ganima [url]http://www.divaina.com/2013/09/29/feature06.html[/url][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom