Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
දියවැඩියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]194766[/ATTACH]

රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමෙන් පමණක් දියවැඩියාව සුව කළ නොහැකිය.

දියවැඩියාවට ආයුර්වේද ප්‍රතිකාර ගන්න බය වෙන්නත් එපා

ලේ වල සීනි අඩු කරන බේත් වට්ටෝරු හිතුමතේ බොන්නත් එපා

දියවැඩියාව සඳහා ශාකමය ඖෂධ භාවිතය පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් පැරැණි සම්ප්රදායකි. එසේම එය ආයුර්වේදයේ මෙන්ම අපේ දේශීය වෛද්‍ය ක්රමයේ පිළිගත් ප්‍රතිකාර ක්‍රම වලට ද එකඟය. දියවැඩියාව නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම ප්‍රධාන ලක්ෂණය කොටගත් පසු කලෙක තවත් බොහෝ රෝග වලට හේතුවන රෝගය ක්‍රමයෙන් ලොව ප්‍රධාන සෞඛ්‍ය අභියෝගයක් බවට පත් වෙමින් තිබේ. එනිසාම මෙහි භයානක කම ගැන සැලකිල්ලට ගෙන එම රෝගය සුවකර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර සොයා යන නොයෙකුත් ආකාරයේ උපදෙස් හා ආහාර පාලන විධි අනුගමනය කිරීම ද වැඩි වී තිබේ. බටහිර වෛද්‍ය ක්රමයේ දී මීට දශක තුනකට පෙර කායික රෝග විශේෂඥයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගත් දියවැඩියා රෝගියා පසුව අන්තරාසර්ග විශේෂඥයෙකුට යොමුකරනු ලැබිණ. මේ වන විට දියවැඩියා විශේෂඥයින් බිහි වන තරමට රෝගය ඉතා සංකීර්ණ හා පුළුල් ලෙසින් පැතිරෙන තත්වයට පත් වී තිබේ.

එසේම ඊට අනුරූපව දියවැඩියාව සඳහා විකල්ප ප්‍රතිකාර සොයා යන රෝගීන් ද වැඩි වී තිබේ. ඒ අතුරින් ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර වලට නැඹුරු වන රෝගීන් සංඛ්‍යාව ද දිනෙන් දින වැඩි වී තිබේ. එනිසාම දියවැඩියාව නිට්ටාවට සුවකරනවා යනුවෙන් මිනිසුන් රවටන ප්රචාරක දැන්වීම් පළ කරන බොරුකාරයින් ද මාධ්‍ය හරහා කරළියට එනු පෙනේ. සමාජ මාධ්‍ය තුළ ද දියවැඩියාව සඳහා අත්දුටු ප්රත්යක්ෂ ප්‍රතිකාර ලෙස හුවමාරු වන බෙහෙත් වට්ටෝරු මෙන්ම විවිධ අත්බෙහෙත් පිළිබඳ තොරතුරු ද එමටය. මෙකී කරුණු සියල්ල අතර දියවැඩියාව සඳහා ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට පෙළෙඹෙන රෝගීන් අධෛර්යමත් කරන එසේම එම ප්‍රතිකාර හෙළා දකින බටහිර වෛද්‍ය මත මාධ්‍ය හරහා ප්‍රචාරය වීමේ ප්‍රවණතාවක් ද තිබේ. මේ ලිපිය ලියැවෙන්නේ එකී ආයුර්වේද ප්‍රතිකාර අවිද්‍යාත්මක යැයි හෙළා දකින අයට පිළිතුරක් මෙන්ම මෙසේ දියවැඩියාව සඳහා භාවිත කරන නොයෙකුත් අත්බෙහෙත් ආදිය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතරට යන වැරදි තොරතුරු නිවැරදි කිරීමේ අටියෙන් ය.

ආයුර්වේදය ඇතුළු ස්වාභාවික වෛද්‍ය ක්‍රම තුළ දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධීය ශාක 1200 කට අධික සංඛ්‍යාවක් අතුරින් 400 ක් පමණ දියවැඩියා රෝගයට ඇති බලපෑම සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන්ට බඳුන් කර තිබේ. ඒ අතුරින් ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිතා කරන 250 කට අධික ශාක සංඛ්‍යාවක් රුධිරයේ සීනි මට්ටම අඩු කරන බවට විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ඒවායින් බොහෝ සංඛ්‍යාවක් සඳහා මේ වන විට පේටන්ට් බලපත්‍ර ලබා ගෙන ඇත්තේ දියවැඩියා රෝගීන් සඳහා සුදුසු යම් ආකාරයක ඖෂධ හෝ ආහාර අතිරේක නිෂ්පාදනය සඳහාය. එසේම මේ ඖෂධ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්වතුන් ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන විද්‍යාත්මක සාක්ෂි මෙන්ම ඒවායේ අතුරු ආබාධ හෝ විෂ සහිත තත්වයන් තිබේදැයි විධිමත් ලෙස පරික්ෂා කොට ආරක්ෂිත මාත්‍රාව හා ලබාදිය යුතු ආකාරය ද නිගමනය කොට තිබේ.

එබැවින් ආයුර්වේදය හෝ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව සඳහා භාවිතා කරන යම් ඖෂධයක් නිෂ්ඵල යැයි පැවසීමට පෙර ඒවා ගැන සිදු කරනු ලැබූ අධ්‍යයනයන් ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය බව කිව යුතු නොවේ. එසේම දියවැඩියා තත්වය පාලනය කර ගැනීමට මේ රටේ මිනිසුන් භාවිතා කරන විකල්ප ප්‍රතිකාර සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමත් ඒවායේ ප්‍රතිඵල සොයා බැලීමත් වෛද්‍ය විද්‍යාත්මකව ඉවත නොදැමිය යුතු අදහසක් බව මගේ මතයයි. දියවැඩියාව නිට්ටාවට සුවකරන බව පොරොන්දු වී මිනිසුන් ගෙන් මුදල් කඩා වඩා ගන්නා බොරු වෙදුන් හට වැට නොබැඳීම මෙන්ම ස්වාභාවිකව රෝගය පාලනය කළ හැකි විකල්ප ප්‍රතිකාර වලට මිනිසුන් යොමුවීම වැළැක්වීමත් එකසේ වැරදිය. මේ දෙවිදියෙන්ම රෝගීන් හට සිදුවන්නේ අනර්ථයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් දෙනු ලබන ප්‍රතිකාර විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණ මගින් ඔප්පු කරන ලද ඒවා බව බොහෝ අය නොදනී. ඒවායේ බලපෑම සායනික පර්යේෂණ මගින් මෙන්ම සතුන් යොදාගනිමින් කරන ලද පර්යේෂණ මගින් ද පෙන්වා දී තිබේ.

කොතළහිඹුටු, මස්බැද්ද, වල්කොත්ත්මල්ලි, තෙබු කොළ වැනි දේවල් සාමාන්‍ය මිනිසුන් අතර භාවිතයට එන්නේ ඒවා යම් ආකාරයක ප්රතිඵලදායි ඖෂධ ලෙස අත්දැකීම් මගින් ප්‍රචලිත වීම හේතුවෙන් බව අපි අමතක නොකළ යුතුය. එදිනෙදා සම්මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිද්දී මෙබඳු ඖෂධ ගැනීම කෙතරම් දුරට ආරක්ෂිත දැයි යන්න ඉතා වැදගත් වන අතරම ඒ සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් වැ සිටීම ද අනිවාර්ය වේ. එසේම දියවැඩියාවට ඖෂධ ගැනීමේ දී ඒවා වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීමත් බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර එකවිට ගැනීමේදී ඒවායේ අන්තර්ක්‍රියා තිබේද යන්න සොයා බැලීමත් ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ.

විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩු කරගැනීමට නොයෙකුත් අත්බෙහෙත් භාවිතා කිරීමේදී ඒවායේ මාත්‍රාව ගැන නිසි අවබෝධයක් නොමැති කම හා රුධිරයේ සීනි අඩුවන මට්ටම ගැන පරික්ෂා කාරී නොවීම නිසා රෝගියාට වෙනත් උපද්‍රව ඇතිවීමක් සිදුවිය හැකිය. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව ආයුර්වේද බෙහෙත් ලබා ගන්නා රෝගියෙකු තම රෝගය පාලනය කරගැනීමට අදාළ ආහාර පාලන විධි සහ ජිවන රටාවේ වෙනස් කම් සමඟ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන විට ඉතා පහසුවෙන් සෞඛ්‍යය ආරක්ෂා කරගත හැකිය. ආයුර්වේදය අනුව රුධිරයේ සීනි මට්ටම අඩුවීම යනු දියවැඩියාව සුව වීම ලෙස හැඳින්වීම වැරදිය. එනිසා යම් ඖෂධයක් මගින් සීනි මට්ටම අඩු වූ පමණින් දියවැඩියාව සුව වූ බව පැවසීමත් රෝගය සිරුරෙන් ඉවත් වූ බවටත් විශ්වාස නොකළ යුතුය. දියවැඩියාව නිසා සිරුරේ පටක වලට සිදුවන හානි මෙන්ම ඉන්ද්‍රියන් හි ඇති වන දුර්වලතා පිළිසකර කිරීමේ රසායන ප්‍රතිකර්ම ද ආයුර්වේද ප්‍රතිකාරය තුළ ඇතුළත් වේ. එබැවින් ආයුර්වේද ශාකමය ඖෂධ වල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව මගින් දියවැඩියාවෙන් පටක වලට සිදුවන හානි අවම කොට ඒවායේ සෞඛ්‍යසම්පන්නව පවත්වා ගැනීමට උපකාරී වේ.

විශේෂයෙන් ම වල්කොත්තමල්ලි, මස්බැද්ද, කොතළහිඹුටු අඩංගු ඔසුපැන් හෙවත් හර්බල් ටි වර්ග වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීම නොකළ යුතුය. ඒවා සාමාන්‍ය නීරෝගී පුද්ගලයින් ගේ රුධිරයේ සීනි මට්ටම ද අඩු කළ හැකි අන්දමේ ප්‍රබල ක්‍රියාකාරිත්වයක් සහිත වන අතර රෝගීන් ද අනිකුත් ප්‍රතිකාර අතරතුර ඒවා ගැනීම වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කළ යුතුය. මදටිය කොළ, තෙබුකොළ, කරවිල, වැනි දේ ආහාර වශයෙන් ගැනීමේදී ඒවායේ ක්‍රියාකාරිත්වය එතරම් ප්‍රබල ලෙස බලපෑමක් නොකරන අතර ඒවා සාමාන්‍ය පරිදි ආහාරයට එක කර ගැනීමෙන් අමතර පෝෂණයක් ද ලැබේ. උළුහාල්, සුදුළූණු, කුරුඳුපොතු, කළුදුරු, වැනි කුළුබඩු වර්ග ආහාරයට එකතු කරගැනීම නිසා ඒවායේ බලපෑම ද දියවැඩියා රෝගීන් ගේ රුධිරයේ සීනි මට්ටම කෙරෙහි යහපත් ලෙස ක්‍රියාකරයි. එසේම ඒ ඒ පුද්ගලයින් ගේ ශරීර ස්වභාවය සහ රුධිරයේ සීනි මට්ටම අනුව ද ඒවායින් ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකිය.

මිට අමතරව දියවැඩියා රෝගය පාලනය කිරීමේ ලා ඉතා හොඳින් ක්‍රියාත්මක වන ඖෂධ ලෙස ගම්මාලු, මාදං, කෝවක්කා, බෙලි, වෙනිවැල්, රසකිඳ, රණවරා, කොහොඹ, හීන් බින්කොහොඹ, මදුරුතලා, කුඹුරු, අත්තික්කා, නුග, නෙල්ලි, යන ඖෂධ පර්යේෂණ මගින් ඔප්පු කර තිබේ. සමහර ඖෂධ වල ක්‍රියාකාරිත්වය ඉන්සියුලින් අනුකාරකයක් (mimic) ලෙසින් රුධිරයේ සීනි අඩු කිරීමට බලපාන බවත් සමහර ඒවා Pancreatic α-amylase inhibitors ලෙස ක්‍රියාකරන බවත් සොයා ගෙන තිබේ. ඉතාම වැදගත් වන්නේ සමහර ඖෂධ මගින් අග්න්‍යාශයේ සෛල යථා තත්වයට පත් කිරීමේ යම් උපකාරමය බලපෑමක් සහිත බවයි. එසේම සීනි අණු මේද හෝ ප්‍රෝටීන් අණු සමඟ බද්ධ වීමේ ග්ලයිකේෂන් නැමති ක්‍රියාවලිය එරෙහි බලපෑමක් මේ සමහර ශාකමය ඖෂධ තුළ තිබේ. එමගින් සිරුරේ පටක වලට සිදුවන හානි අවම කිරීමට ඒවා සමත් බව පෙනී ගොස් තිබේ.

දියවැඩියාව පාලනය කිරීමේ බලපෑමක් ඇති බවට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ඔප්පු කරන ලද ශාක ඖෂධ අතර මුලින් සිටින ශාක කිහිපයක් තිබේ. මස්බැද්ද යනුවෙන් ප්‍රසිද්ධ ශාකමය ඖෂධය ඉන්සියුලින් ශ්‍රාවය දියුණු කරන බවත් බීටා සෛල වර්ධනයට උපකාරී වන බවත් පර්යේෂණ මගින් හෙළි වී තිබේ. කරවිල ශාකයේ සියලුම කොටස් වල රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාව පවතින අතර එමගින් බීටා සෛල සංඛ්‍යාව වැඩි කරන බවට සාක්ෂි ලැබී ඇත. වෙනිවැල් වල අඩංගු berberin නම් සංඝටකය ඉන්සියුලින් ශ්‍රාවය දියුණු කරන බවත් බීටා සෛල වර්ධනයට උපකාරී වන බවත් පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ. කහ වල අඩංගු curcumin මගින් අග්න්‍යාශයේ ලන්ගර්හන් දීපිකා වල ඔක්සිකාරක ක්‍රියාවලිය නිසා ඇතිවන හානි වලින් ආරක්ෂා කරන බව හෙළි වී තිබේ.

මෙම ශාකමය ඖෂධ වල වැදගත්කම වන්නේ ඒවා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර කොලෙස්ටරෝල් හා වෙනත් අහිතකර බලපෑම ද පාලනය කරන බවයි. ඒවා මගින් ඉන්ද්රිය ක්‍රියාවන් යථා තත්වයට පත් කරන අතර පටක වල හානි පිළිසකර කරන බව ඔප්පු වී තිබේ. මාදං ඇට වල අඩංගු mycaminose නම් සංඝටකය අග්න්‍යාශ සෛල උත්තේජනය කරන බව පර්යේෂණ දත්ත මගින් පෙන්වා දී තිබේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හේතු වන ක්‍රියාකාරී සංඝටක කිහිපයක් ගම්මාලු වල අන්තර්ගත වේ. කුරුඳු වල අන්තර්ගත cinnamaldehyde මගින් GLUT1 වල ග්ලුකෝස් පරිවහන ක්‍රියාවට බලපෑමක් සිදු කරන බව ඔප්පු වී තිබේ. කොහොඹ වල අඩංගු meliacinolin මගින් α-Glucosidase සහ α-amylase එන්සයිම් වල ක්‍රියාවට මැදිහත් වන බව පෙනී ගොස් ඇති අතර beta-sitosterol නමැති සංඝටකය මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන බව හෙළි වී තිබේ. ඉතා ජනප්‍රිය කොතළහිඹුටු වල රුධිර සීනි මට්ටම අඩු කිරීමට බලපාන සංඝටක කිහිපයක් සොයාගෙන ඇති අතර එමගින් කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකියාව ඇති බව හඳුනාගෙන තිබේ.

ගම්මාලු කිරි වැනි ඖෂධ වලින් ද රුධිරයේ සීනි මට්ටම අඩු කරන නමුත් ඒවා නිතර ගැනීම සුදුසු නොවන අතර එමගින් වකුගඩු හෝ අක්මා ක්රියාවේ හානි සිදුවීමට ද ඉඩ තිබේ. හීන් බින්කොහොඹ, තෝර, වැනි ශාකමය ඖෂධ අක්මාවේ එන්සයිම වර්ග ක්‍රියාවන්ට බාධා කරන හෙයින් බටහිර ඖෂධ වල බලපෑම වැඩි කිරීමට ඉඩ ඇතැයි අනුමාන කෙරේ. එම නිසා සමහර ශාකමය ඖෂධ බටහිර ඖෂධ සමඟ එකට ගැනීම නොකළ යුතුය. මෙකී සමහර පර්යේෂණ රසායනාගාර මීයන් හෝ බාහිරව වර්ධනය කළ සෛල මත කරන ලද පර්යේෂණ හෙයින් ඒවා මිනිසුන් තුළ එම බලපෑම එලෙසින්ම තිබේ යැයි යන විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව සඳහන් කළ යුතුය. එනිසා මෙකී ප්‍රතිඵල අපේක්ෂාවෙන් මෙම ඖෂධ වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීම නිර්දේශ නොකරන බව සඳහන් කරමි. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින පොදු බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීම නිසා රෝගය උත්සන්න වීම හෝ නොදන්නා අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදු වුවහොත් වගකීම ගන්නට කෙනෙක් නැත.

එම නිසා දියවැඩියාව වැනි රෝගයකදී නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තුළින් සංකූලතා වලින් මිදී වඩාත් සෞඛ්‍යසම්පන්න ලෙස ජිවන ගුණාත්මය වැඩි කරගැනීමට අවස්ථාව ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර වලදී ඒ ඒ රෝගියා අනුව යොදනු ලබන ඖෂධ වර්ග වෙනස් වන අතරම රුධිරයේ සීනි මට්ටම යනු එක රෝග ලක්ෂණයක් පමණක් ලෙස සලකා රෝගයේ මූලික හේතුව සමනය කිරීමේ ලා උත්සුක වනු ඇත. එසේම දියවැඩියාව නිසා අසරණ වූ රෝගීන් රවටා මුදල් සූරා කන බොරුකාරයින් විවිධ අයුරින් මාධ්‍ය තුළ ද පෙනී සිටින හෙයින් ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ දී සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හමුවී නිසි ප්‍රතිකාර ලබා ගැනීම නුවණට හුරුය. මේ වන මෙවැනි බෝනොවන රෝග වලට විසඳුම් සෙවීමේ ලා බටහිර හා ආයුර්වේද වෛද්‍යවරුන් එක්ව පර්යේෂණ දියත් කරන යුගයක එක වෛද්‍ය ක්රමයක ප්රත්යක්ෂ ප්‍රතිකාර පද්ධති දෙස සුබවාදීව බැලීමේ වෘත්තීය සංහිඳියාවක් අවශ්‍යව තිබේ.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

[QUOTE="reuse, post: 28519694, member: 200727"] [ATTACH type="full"]194766[/ATTACH] රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමෙන් පමණක් දියවැඩියාව සුව කළ නොහැකිය. ++++++++++++++ දියවැඩියාවට ආයුර්වේද ප්‍රතිකාර ගන්න බය වෙන්නත් එපා ============= ලේ වල සීනි අඩු කරන බේත් වට්ටෝරු හිතුමතේ බොන්නත් එපා ++++++++++++++++++ දියවැඩියාව සඳහා ශාකමය ඖෂධ භාවිතය පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් පැරැණි සම්ප්රදායකි. එසේම එය ආයුර්වේදයේ මෙන්ම අපේ දේශීය වෛද්‍ය ක්රමයේ පිළිගත් ප්‍රතිකාර ක්‍රම වලට ද එකඟය. දියවැඩියාව නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම ප්‍රධාන ලක්ෂණය කොටගත් පසු කලෙක තවත් බොහෝ රෝග වලට හේතුවන රෝගය ක්‍රමයෙන් ලොව ප්‍රධාන සෞඛ්‍ය අභියෝගයක් බවට පත් වෙමින් තිබේ. එනිසාම මෙහි භයානක කම ගැන සැලකිල්ලට ගෙන එම රෝගය සුවකර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර සොයා යන නොයෙකුත් ආකාරයේ උපදෙස් හා ආහාර පාලන විධි අනුගමනය කිරීම ද වැඩි වී තිබේ. බටහිර වෛද්‍ය ක්රමයේ දී මීට දශක තුනකට පෙර කායික රෝග විශේෂඥයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගත් දියවැඩියා රෝගියා පසුව අන්තරාසර්ග විශේෂඥයෙකුට යොමුකරනු ලැබිණ. මේ වන විට දියවැඩියා විශේෂඥයින් බිහි වන තරමට රෝගය ඉතා සංකීර්ණ හා පුළුල් ලෙසින් පැතිරෙන තත්වයට පත් වී තිබේ. එසේම ඊට අනුරූපව දියවැඩියාව සඳහා විකල්ප ප්‍රතිකාර සොයා යන රෝගීන් ද වැඩි වී තිබේ. ඒ අතුරින් ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර වලට නැඹුරු වන රෝගීන් සංඛ්‍යාව ද දිනෙන් දින වැඩි වී තිබේ. එනිසාම දියවැඩියාව නිට්ටාවට සුවකරනවා යනුවෙන් මිනිසුන් රවටන ප්රචාරක දැන්වීම් පළ කරන බොරුකාරයින් ද මාධ්‍ය හරහා කරළියට එනු පෙනේ. සමාජ මාධ්‍ය තුළ ද දියවැඩියාව සඳහා අත්දුටු ප්රත්යක්ෂ ප්‍රතිකාර ලෙස හුවමාරු වන බෙහෙත් වට්ටෝරු මෙන්ම විවිධ අත්බෙහෙත් පිළිබඳ තොරතුරු ද එමටය. මෙකී කරුණු සියල්ල අතර දියවැඩියාව සඳහා ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට පෙළෙඹෙන රෝගීන් අධෛර්යමත් කරන එසේම එම ප්‍රතිකාර හෙළා දකින බටහිර වෛද්‍ය මත මාධ්‍ය හරහා ප්‍රචාරය වීමේ ප්‍රවණතාවක් ද තිබේ. මේ ලිපිය ලියැවෙන්නේ එකී ආයුර්වේද ප්‍රතිකාර අවිද්‍යාත්මක යැයි හෙළා දකින අයට පිළිතුරක් මෙන්ම මෙසේ දියවැඩියාව සඳහා භාවිත කරන නොයෙකුත් අත්බෙහෙත් ආදිය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතරට යන වැරදි තොරතුරු නිවැරදි කිරීමේ අටියෙන් ය. ආයුර්වේදය ඇතුළු ස්වාභාවික වෛද්‍ය ක්‍රම තුළ දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධීය ශාක 1200 කට අධික සංඛ්‍යාවක් අතුරින් 400 ක් පමණ දියවැඩියා රෝගයට ඇති බලපෑම සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන්ට බඳුන් කර තිබේ. ඒ අතුරින් ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිතා කරන 250 කට අධික ශාක සංඛ්‍යාවක් රුධිරයේ සීනි මට්ටම අඩු කරන බවට විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ඒවායින් බොහෝ සංඛ්‍යාවක් සඳහා මේ වන විට පේටන්ට් බලපත්‍ර ලබා ගෙන ඇත්තේ දියවැඩියා රෝගීන් සඳහා සුදුසු යම් ආකාරයක ඖෂධ හෝ ආහාර අතිරේක නිෂ්පාදනය සඳහාය. එසේම මේ ඖෂධ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්වතුන් ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන විද්‍යාත්මක සාක්ෂි මෙන්ම ඒවායේ අතුරු ආබාධ හෝ විෂ සහිත තත්වයන් තිබේදැයි විධිමත් ලෙස පරික්ෂා කොට ආරක්ෂිත මාත්‍රාව හා ලබාදිය යුතු ආකාරය ද නිගමනය කොට තිබේ. එබැවින් ආයුර්වේදය හෝ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දියවැඩියාව සඳහා භාවිතා කරන යම් ඖෂධයක් නිෂ්ඵල යැයි පැවසීමට පෙර ඒවා ගැන සිදු කරනු ලැබූ අධ්‍යයනයන් ගැන ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය බව කිව යුතු නොවේ. එසේම දියවැඩියා තත්වය පාලනය කර ගැනීමට මේ රටේ මිනිසුන් භාවිතා කරන විකල්ප ප්‍රතිකාර සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමත් ඒවායේ ප්‍රතිඵල සොයා බැලීමත් වෛද්‍ය විද්‍යාත්මකව ඉවත නොදැමිය යුතු අදහසක් බව මගේ මතයයි. දියවැඩියාව නිට්ටාවට සුවකරන බව පොරොන්දු වී මිනිසුන් ගෙන් මුදල් කඩා වඩා ගන්නා බොරු වෙදුන් හට වැට නොබැඳීම මෙන්ම ස්වාභාවිකව රෝගය පාලනය කළ හැකි විකල්ප ප්‍රතිකාර වලට මිනිසුන් යොමුවීම වැළැක්වීමත් එකසේ වැරදිය. මේ දෙවිදියෙන්ම රෝගීන් හට සිදුවන්නේ අනර්ථයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් දෙනු ලබන ප්‍රතිකාර විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ පර්යේෂණ මගින් ඔප්පු කරන ලද ඒවා බව බොහෝ අය නොදනී. ඒවායේ බලපෑම සායනික පර්යේෂණ මගින් මෙන්ම සතුන් යොදාගනිමින් කරන ලද පර්යේෂණ මගින් ද පෙන්වා දී තිබේ. කොතළහිඹුටු, මස්බැද්ද, වල්කොත්ත්මල්ලි, තෙබු කොළ වැනි දේවල් සාමාන්‍ය මිනිසුන් අතර භාවිතයට එන්නේ ඒවා යම් ආකාරයක ප්රතිඵලදායි ඖෂධ ලෙස අත්දැකීම් මගින් ප්‍රචලිත වීම හේතුවෙන් බව අපි අමතක නොකළ යුතුය. එදිනෙදා සම්මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිද්දී මෙබඳු ඖෂධ ගැනීම කෙතරම් දුරට ආරක්ෂිත දැයි යන්න ඉතා වැදගත් වන අතරම ඒ සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් වැ සිටීම ද අනිවාර්ය වේ. එසේම දියවැඩියාවට ඖෂධ ගැනීමේ දී ඒවා වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීමත් බටහිර හා ආයුර්වේද ප්‍රතිකාර එකවිට ගැනීමේදී ඒවායේ අන්තර්ක්‍රියා තිබේද යන්න සොයා බැලීමත් ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ. විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩු කරගැනීමට නොයෙකුත් අත්බෙහෙත් භාවිතා කිරීමේදී ඒවායේ මාත්‍රාව ගැන නිසි අවබෝධයක් නොමැති කම හා රුධිරයේ සීනි අඩුවන මට්ටම ගැන පරික්ෂා කාරී නොවීම නිසා රෝගියාට වෙනත් උපද්‍රව ඇතිවීමක් සිදුවිය හැකිය. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව ආයුර්වේද බෙහෙත් ලබා ගන්නා රෝගියෙකු තම රෝගය පාලනය කරගැනීමට අදාළ ආහාර පාලන විධි සහ ජිවන රටාවේ වෙනස් කම් සමඟ වෛද්‍ය උපදෙස් අනුගමනය කරන විට ඉතා පහසුවෙන් සෞඛ්‍යය ආරක්ෂා කරගත හැකිය. ආයුර්වේදය අනුව රුධිරයේ සීනි මට්ටම අඩුවීම යනු දියවැඩියාව සුව වීම ලෙස හැඳින්වීම වැරදිය. එනිසා යම් ඖෂධයක් මගින් සීනි මට්ටම අඩු වූ පමණින් දියවැඩියාව සුව වූ බව පැවසීමත් රෝගය සිරුරෙන් ඉවත් වූ බවටත් විශ්වාස නොකළ යුතුය. දියවැඩියාව නිසා සිරුරේ පටක වලට සිදුවන හානි මෙන්ම ඉන්ද්‍රියන් හි ඇති වන දුර්වලතා පිළිසකර කිරීමේ රසායන ප්‍රතිකර්ම ද ආයුර්වේද ප්‍රතිකාරය තුළ ඇතුළත් වේ. එබැවින් ආයුර්වේද ශාකමය ඖෂධ වල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව මගින් දියවැඩියාවෙන් පටක වලට සිදුවන හානි අවම කොට ඒවායේ සෞඛ්‍යසම්පන්නව පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් ම වල්කොත්තමල්ලි, මස්බැද්ද, කොතළහිඹුටු අඩංගු ඔසුපැන් හෙවත් හර්බල් ටි වර්ග වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීම නොකළ යුතුය. ඒවා සාමාන්‍ය නීරෝගී පුද්ගලයින් ගේ රුධිරයේ සීනි මට්ටම ද අඩු කළ හැකි අන්දමේ ප්‍රබල ක්‍රියාකාරිත්වයක් සහිත වන අතර රෝගීන් ද අනිකුත් ප්‍රතිකාර අතරතුර ඒවා ගැනීම වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කළ යුතුය. මදටිය කොළ, තෙබුකොළ, කරවිල, වැනි දේ ආහාර වශයෙන් ගැනීමේදී ඒවායේ ක්‍රියාකාරිත්වය එතරම් ප්‍රබල ලෙස බලපෑමක් නොකරන අතර ඒවා සාමාන්‍ය පරිදි ආහාරයට එක කර ගැනීමෙන් අමතර පෝෂණයක් ද ලැබේ. උළුහාල්, සුදුළූණු, කුරුඳුපොතු, කළුදුරු, වැනි කුළුබඩු වර්ග ආහාරයට එකතු කරගැනීම නිසා ඒවායේ බලපෑම ද දියවැඩියා රෝගීන් ගේ රුධිරයේ සීනි මට්ටම කෙරෙහි යහපත් ලෙස ක්‍රියාකරයි. එසේම ඒ ඒ පුද්ගලයින් ගේ ශරීර ස්වභාවය සහ රුධිරයේ සීනි මට්ටම අනුව ද ඒවායින් ලැබෙන ප්‍රතිඵල වෙනස් විය හැකිය. මිට අමතරව දියවැඩියා රෝගය පාලනය කිරීමේ ලා ඉතා හොඳින් ක්‍රියාත්මක වන ඖෂධ ලෙස ගම්මාලු, මාදං, කෝවක්කා, බෙලි, වෙනිවැල්, රසකිඳ, රණවරා, කොහොඹ, හීන් බින්කොහොඹ, මදුරුතලා, කුඹුරු, අත්තික්කා, නුග, නෙල්ලි, යන ඖෂධ පර්යේෂණ මගින් ඔප්පු කර තිබේ. සමහර ඖෂධ වල ක්‍රියාකාරිත්වය ඉන්සියුලින් අනුකාරකයක් (mimic) ලෙසින් රුධිරයේ සීනි අඩු කිරීමට බලපාන බවත් සමහර ඒවා Pancreatic α-amylase inhibitors ලෙස ක්‍රියාකරන බවත් සොයා ගෙන තිබේ. ඉතාම වැදගත් වන්නේ සමහර ඖෂධ මගින් අග්න්‍යාශයේ සෛල යථා තත්වයට පත් කිරීමේ යම් උපකාරමය බලපෑමක් සහිත බවයි. එසේම සීනි අණු මේද හෝ ප්‍රෝටීන් අණු සමඟ බද්ධ වීමේ ග්ලයිකේෂන් නැමති ක්‍රියාවලිය එරෙහි බලපෑමක් මේ සමහර ශාකමය ඖෂධ තුළ තිබේ. එමගින් සිරුරේ පටක වලට සිදුවන හානි අවම කිරීමට ඒවා සමත් බව පෙනී ගොස් තිබේ. දියවැඩියාව පාලනය කිරීමේ බලපෑමක් ඇති බවට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ඔප්පු කරන ලද ශාක ඖෂධ අතර මුලින් සිටින ශාක කිහිපයක් තිබේ. මස්බැද්ද යනුවෙන් ප්‍රසිද්ධ ශාකමය ඖෂධය ඉන්සියුලින් ශ්‍රාවය දියුණු කරන බවත් බීටා සෛල වර්ධනයට උපකාරී වන බවත් පර්යේෂණ මගින් හෙළි වී තිබේ. කරවිල ශාකයේ සියලුම කොටස් වල රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාව පවතින අතර එමගින් බීටා සෛල සංඛ්‍යාව වැඩි කරන බවට සාක්ෂි ලැබී ඇත. වෙනිවැල් වල අඩංගු berberin නම් සංඝටකය ඉන්සියුලින් ශ්‍රාවය දියුණු කරන බවත් බීටා සෛල වර්ධනයට උපකාරී වන බවත් පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ. කහ වල අඩංගු curcumin මගින් අග්න්‍යාශයේ ලන්ගර්හන් දීපිකා වල ඔක්සිකාරක ක්‍රියාවලිය නිසා ඇතිවන හානි වලින් ආරක්ෂා කරන බව හෙළි වී තිබේ. මෙම ශාකමය ඖෂධ වල වැදගත්කම වන්නේ ඒවා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අතර කොලෙස්ටරෝල් හා වෙනත් අහිතකර බලපෑම ද පාලනය කරන බවයි. ඒවා මගින් ඉන්ද්රිය ක්‍රියාවන් යථා තත්වයට පත් කරන අතර පටක වල හානි පිළිසකර කරන බව ඔප්පු වී තිබේ. මාදං ඇට වල අඩංගු mycaminose නම් සංඝටකය අග්න්‍යාශ සෛල උත්තේජනය කරන බව පර්යේෂණ දත්ත මගින් පෙන්වා දී තිබේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හේතු වන ක්‍රියාකාරී සංඝටක කිහිපයක් ගම්මාලු වල අන්තර්ගත වේ. කුරුඳු වල අන්තර්ගත cinnamaldehyde මගින් GLUT1 වල ග්ලුකෝස් පරිවහන ක්‍රියාවට බලපෑමක් සිදු කරන බව ඔප්පු වී තිබේ. කොහොඹ වල අඩංගු meliacinolin මගින් α-Glucosidase සහ α-amylase එන්සයිම් වල ක්‍රියාවට මැදිහත් වන බව පෙනී ගොස් ඇති අතර beta-sitosterol නමැති සංඝටකය මගින් රුධිරයේ සීනි මට්ටම අඩු කරන බව හෙළි වී තිබේ. ඉතා ජනප්‍රිය කොතළහිඹුටු වල රුධිර සීනි මට්ටම අඩු කිරීමට බලපාන සංඝටක කිහිපයක් සොයාගෙන ඇති අතර එමගින් කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකියාව ඇති බව හඳුනාගෙන තිබේ. ගම්මාලු කිරි වැනි ඖෂධ වලින් ද රුධිරයේ සීනි මට්ටම අඩු කරන නමුත් ඒවා නිතර ගැනීම සුදුසු නොවන අතර එමගින් වකුගඩු හෝ අක්මා ක්රියාවේ හානි සිදුවීමට ද ඉඩ තිබේ. හීන් බින්කොහොඹ, තෝර, වැනි ශාකමය ඖෂධ අක්මාවේ එන්සයිම වර්ග ක්‍රියාවන්ට බාධා කරන හෙයින් බටහිර ඖෂධ වල බලපෑම වැඩි කිරීමට ඉඩ ඇතැයි අනුමාන කෙරේ. එම නිසා සමහර ශාකමය ඖෂධ බටහිර ඖෂධ සමඟ එකට ගැනීම නොකළ යුතුය. මෙකී සමහර පර්යේෂණ රසායනාගාර මීයන් හෝ බාහිරව වර්ධනය කළ සෛල මත කරන ලද පර්යේෂණ හෙයින් ඒවා මිනිසුන් තුළ එම බලපෑම එලෙසින්ම තිබේ යැයි යන විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව සඳහන් කළ යුතුය. එනිසා මෙකී ප්‍රතිඵල අපේක්ෂාවෙන් මෙම ඖෂධ වෛද්‍ය උපදෙස් රහිතව භාවිතා කිරීම නිර්දේශ නොකරන බව සඳහන් කරමි. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරින පොදු බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීම නිසා රෝගය උත්සන්න වීම හෝ නොදන්නා අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදු වුවහොත් වගකීම ගන්නට කෙනෙක් නැත. එම නිසා දියවැඩියාව වැනි රෝගයකදී නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තුළින් සංකූලතා වලින් මිදී වඩාත් සෞඛ්‍යසම්පන්න ලෙස ජිවන ගුණාත්මය වැඩි කරගැනීමට අවස්ථාව ලැබේ. ආයුර්වේද ප්‍රතිකාර වලදී ඒ ඒ රෝගියා අනුව යොදනු ලබන ඖෂධ වර්ග වෙනස් වන අතරම රුධිරයේ සීනි මට්ටම යනු එක රෝග ලක්ෂණයක් පමණක් ලෙස සලකා රෝගයේ මූලික හේතුව සමනය කිරීමේ ලා උත්සුක වනු ඇත. එසේම දියවැඩියාව නිසා අසරණ වූ රෝගීන් රවටා මුදල් සූරා කන බොරුකාරයින් විවිධ අයුරින් මාධ්‍ය තුළ ද පෙනී සිටින හෙයින් ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ දී සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හමුවී නිසි ප්‍රතිකාර ලබා ගැනීම නුවණට හුරුය. මේ වන මෙවැනි බෝනොවන රෝග වලට විසඳුම් සෙවීමේ ලා බටහිර හා ආයුර්වේද වෛද්‍යවරුන් එක්ව පර්යේෂණ දියත් කරන යුගයක එක වෛද්‍ය ක්රමයක ප්රත්යක්ෂ ප්‍රතිකාර පද්ධති දෙස සුබවාදීව බැලීමේ වෘත්තීය සංහිඳියාවක් අවශ්‍යව තිබේ. වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom