Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දිරන රූපයයි සැමදා තරුණ තණ්හාවයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිරන රූපයයි සැමදා තරුණ තණ්හාවයි...

ජලොකස්මිං ඡිද්දානි- යත්ථ චිත්තං න තිට්ඨති

ආලස්සංච පමාදෝච - අනුට්ඨානං අසංයමෝ

නිද්දා තන්දිච තේ ඡිද්දේ -සබ්බසො තං විවජ්ජයෙ

(සංයුක්ත නිකාය- නජීරති සූත්‍රය)

අද මේ උතුම් පොහොය දිනයේ අපේ ජීවිතයට උතුම් ධර්මාවවාදයක් සිතට ගනිමු.අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ පින්වත් දේවතාවකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසටයි. එය සඳහන් වන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ නජීරති සූත්‍ර දේශනාවෙයි. එය කෙටි දේශනාවක්. එම දේශනාවේ ඇති සියල්ලම අප සියලු දෙනාටම ඉතාම වැදගත් . ඒ නිසා එම දේශනාවේ හැම කරුණක් පිළිබඳවම අපේ අවධානයට ගනිමු.

දිනක් මධ්‍යම රාත්‍රියේ දෙව්රම බබුළුවාගෙන පැමිණි පින්වත් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න මාලාවක් යොමුකළා. දෙවි දේවතාවරු බුදුරදුන්ගෙන් කළ විමසීම් හරිම වැදගත්. ඒ ප්‍රශ්න දෙස බලන විට අපට හිතෙනව ඇයි මිනිසුන්ට මේ ප්‍රශ්න අහන්න බැරිවුණේ කියලත්. මිනිසුන් බොහෝ විට අහල තිබෙන්නෙ දෙවියන් ගැන, ඍද්ධී ප්රාතිහාර්ය ගැන, අරුම පුදුම දේවල් ගැන, දෘෂ්ඨි ගැන වගේම කාම සම්පත්, සන්ඩු සරුවල් සහ ආදරය පේ‍්‍රමය ආදිය ගැනයි. ඉතින් දෙවියන්ට මේ ගැටලු හුඟක් අඩු නිසා බොහෝ විට දෙවියන් අහල තිබෙන්නෙ එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රයෝජනවත් දේවල් ගැනයි. ඒ දේවල් දෙවියන්ටත් වඩා වටින්නෙ මිනිස්ලොව ජීවත් වන අපටයි. දැන් අපි ඒ එක එකප්රශ්නය හා පිළිතුරු විමසා බලමු.

1. කිංසු ජීරති -කුමක් දිරාද?

රූපං ජීරති -සත්වයන්ගේ රූපය දිරයි.

දිරායාම ජරාවයි. ඉපදුන සත්වයා ජරාවට පත්වීම ස්වභාවයි. එය දුක්ඛ සත්‍යයේ දෙවැනි පියවරයි. “ජරාපිදුක්ඛා” යනු දේශනාවයි.ජරාවට පත්වීම විස්තර කරන සච්චවිභංග සූත්‍රය, “යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජරාජීරණතා, ඛණ්ඩිච්චං, ඵාලිච්චං, වලිත්තචතා, ආයුනො සංහානි, ඉන්ද්රියානං පරිපාකො අයං වුච්චති ජරා” යනුවෙන් ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව කොට්ඨාසයෙහි යම් ජරාවක් වන්නේ ද දත් හා ඇට කැඩුණු බවද, කෙස් ලොම් සුදු වූ බවද, රැළි ගැසුණු සම ඇති බවද, ආයුෂයාගේ හානියද, ඉන්ද්රියයන්ගේ මුහුකුරා යෑමක්, මේරීමක්,මහලු බවක් ඇද්ද මෙය ජරාව යයි කියයි.

මේ නිසා ජරාවට ගිය මඟ සලකුණූ සොයා ගත හැකිය. කෙස් ඉදුණූ ඇඟරැළි වැටුණු, හකු ඇකිළුණු , දත් හැළුණු, කුදු ගැසුණූ සලකුණූ ජරාවේ ලක්ෂණයි.ජල පහරකින් කැඩී බිඳී පොඩිවී ගිය තැන් ජලය ගිය මඟ සලකුණු කරන්නා සේ, හළුවී පිච්චි විනාශ වී ගියතැන් ගින්න ගිය මඟ සලකුණු කරන්නා සේ ජරාවට ගිය මඟ මේ ලක්ෂණවලින් හඳුනා ගත යුතුයි.

කොසොල් රජතුමා තම වයසට ගිය නැන්දනිය මිය ගිය අවස්ථාවේ සිය ශෝකය බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළ විට උන්වහන්සේ දේශනා කළේ “ජීරන්ති වෙ රාජරථා සුචිත්තා -අථො සරීරම්පි ජරං උපෙති” යනුවෙන්.

මහරජ! ලෝකයේ විසිතුරු හැම රාජ රථයක්ම දිරනවා. එමෙන් හැඩ වැඩ කරන මේ ශරීරයත් දිරාපත් වන බව දේශනා කොට රජුගේ ශෝකය දුරු කළා. ශරීරයක් ලැබූ ඔබ ඒ දිරාගිය ශරීරය වෙනුවෙන් කොතෙක් වෙහෙසුනාද, කොතෙක් වියදම් කළාද? කොතෙක් ආදරයෙන් සැරසුවද? එහෙත් ඒ සියල්ල මේ ශරීරය අමතකකොට ඔබටත් හොරා ඔහුට අයත් ස්වභාව වූ දිරායෑමට පත්වු බව නිතර සිහි කළ යුතුයි.

2. කිං නජීරති -කුමක් නොදිරාද?

නාම ගොත්තං නජීරති -සත්වයන්ගේ නාම ගෝත්‍රය නොදිරයි

මුළුමහත් සත්ව ලෝකයම බෙදාගෙන ගොස් අවසාන බෙදීම වන්නේ නාම රූප දෙකයි. පඤ්චස්කන්ධයේ ස්කන්ධ සතරක්ම නාමයි.වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන සතරයි. සසර පුරා මේවා දිරාපත් වීමට නොදී ජලය පොහොර කොතරම් යොදමින් අරගෙන ආවද? තව කොතෙක් කල් අරගෙන යනවාද? ඒ නාම කය සුගන්ධවත් කිරීමට යම් වැඩපිළිවෙළක් යෙදුවාද යන මේවා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

දිරායන රූපයට දක්වන සැලකිල්ල, දිගුකලක් පවතින නාමකය හැඩ වැඩ කරන්නන් යෙදිය යුතුයි. ඉඩක් ලද හැම විටම නාමකය සංවර්ධනයට යොදාගන්න. ඒ නාමකයේ නොදිරන කල්පැවැත්ම ආරක්ෂා වන්නේ සද්පුරුෂ ධර්ම තුළයි “ සතංච ධම්මෝ නජරං උපෙති” සද්පුරුෂ ධර්ම නොදිරන බව බුදුරදුන් දේශනා කළා. බුදුවරුන්ගේ නාම ගෝත්‍ර අද දක්වා පවතින්නේ ඒ සද්පුරුෂධර්ම බලවේගය නිසයි. පුරාණ ආචාර්යවරුන්ගේ නාම ගෝත්‍ර කල් ඉකුත් වීමත් සමඟ නොඇසීයන්නේ ඒ සද්පුරුෂ බලවේගය නැති නිසයි.

යොච වස්සසතං ජීවෙ – දුස්සීිලො අසමාහිතො

එකාහං ජීවිතං සෙය්යො - සීලවන්තස්ස ඣායිනො

සීලයෙන් තොරව දුස්සීලව ගෙවන වසර සියයක ජීවිතයට වඩා සිල්වත්ව සමාධියෙන් යුත් එක දවසක ජීවිතය ශ්‍රේෂ්ඨ බව බුදුරදුන් දේශනා කළා.

3. කිංසු උප්පථොති වුච්චති –කුමක් නොමඟ යයි කියනු ලැබේද?

රාගො උප්පථොති වුච්චති – රාගය නොමඟ යයි කියනු ලැබේ.

රූපාදි අරමුණුවල ඇලීම රාගයයි. පස්කම් සැපතෙහි ඇලී ගැලී වෙලී පැටලී කටයුතු කිරීම හොඳ මඟක් නොවේ.එය වැරැදි මඟකි. ඒවායෙහි නොඇලී විරාගීව කටයුතු කිරීම හරිමඟයි. සිදුරු නැති ආරක්ෂිත මඟයි.

යථාගාරං දුච්ඡන්නං - වුට්ඨී සමති විජ්ඣති

ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමති විජ්ක්ධති

මනාසේ සෙවෙණි නොකළ ගෙය වැසිදියෙන් සිදුරු කිරීමට සමත්වේද, එමෙන් මනා කොට නොවැඩූ සිත රාගයෙන් සිදුරුකිරීමට සමත් වෙයි. රූපරාග, ශබ්දරාග, ගන්ධරාග, රසරාග, ස්පර්ශ රාග නිතර ජීවිතය නොමඟට අදියි. එයින් ඇතිවන ගිනි නිවීමට සාගර ජලයත් මදිවෙයි. එම රාගාදි ගිනි නිසා ඇවිළගත් ජීවිත තුළින් සිදුවූ අපරාධ නිමක් නැහැ. දවසින් දවස එම ගිනිදැල් වැඩිවෙනවා. එබැවින් ඒ මඟෙන් ඉවත්වීමම එය නිවීමට ඇති හොඳම ක්‍රමයයි.

4. කිංසු ධම්මානං පරිපෙන්ථා – දහමට උවදුර කුමක්ද?

ලොභො ධම්මානං පරිපන්ථෝ– ලෝභය දහමට උවදුරය

ලෝභය නම් අරමුණුවල සිත ඇලීමයි. එය වැද්දන් වඳුරන් ඇල්ලීමට භාවිත කරන වදුරුලාටුවට උපමා කරයි. ලෝභය අකුශල මූලයකි. එය සෙලවීම ලෙහෙසි නොවේ. දාන සීලාදී පින්දහම් කිරීමටත්, සමාධී පඤ්ඤා කුසල දහම් වැඩීමටත් බාධා කරන්නේ ලෝභයයි. ගුණධර්ම සංවර්ධනයේ දී ලෝභය හරහට සිටී. එවිට රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ යන අරමුණුවල ඇස් කන් ආදිය ඇලී බැඳී ගොස් මරුවසඟයට යයි. ප්‍රාණඝාත ආදි පස්පව් වලදීද ලෝභය දැඩි ලෙස අනුබල දෙයි. ලෝභයෙන් ආවේශ වූ මිනිසා ඕනෑම අපරාධයක් කරයි. මෑතක එක් පුතකු පියාගේ විශ්‍රාම වැටුප ගැනීමට තම මවත්, පියාත් නැඟණියත් වසදී මරා දැම්මේ ලෝභයෙන් ආවේශ වූ නිසාය.

ආදරය , ආශාව, තණ්හාව පේ‍්‍රමය ලෝභයේම සහෝදරයෝ ය.කොතෙක් ධර්මය දැනගත්තත් මේ ලෝභය පස්පව් අතහැරීමට අනුබල දෙන්නේ නැහැ. “ගාත්රානි සිථිලායන්තෙ - තෘෂෛණකො තරුණායතෙ” යන ආප්තෝපදේශයෙන්ද පැහැදිලි කරන්නේ එයයි. අතපය පණ නැතිව වයසට ගියත් එකම තෘෂ්ණාව තරුණයෙක් මෙන් නැඟී සිටින බවයි. ලෝභයට තණ්හාවට වයසක් නැහැ. සමහර අයට වයසට යන්න යන්න තණ්හාව ආවේශ වූවාක් මෙන් තරුණයෙක්ව නැඟී සිටිනවා. ඒ වේලාවට අප කියන්නෙ අනේ! මෙහෙම තණ්හාවක් කියලයි. එබැවින් දහමට මේ හා සමාන උවදුරක් තවත් නැහැ කියා,දේශනාවේ සඳහන් වෙනවා. එය තේරුම් ගෙන මේ උවදුර නැති කර ගත යුතුයි.

5. කිංසු රත්තින්දිවක්ඛයො – රෑ දාවල් දෙකෙහි කුමක් ගෙවේද?

වයො රත්තින්දිවක්ඛයො - වයස රෑ දාවල් දෙකෙහි ගෙවේ.

අපේ වයස ප්‍රථම, මධ්‍යම, පශ්චිම යයි කොටස් තුනකට බෙදනව.බාල කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් ඒ කොටස් ගෙවී යනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු සියයක් ජීවත්වන කෙනෙකුගේ කාලය දසක දහයකට බෙදා ගෙවී යන අයුරු පැහැදිලි කළා.

මන්දා ඛිඩ්ඪා තථා වන්නා – බලා පඤ්ඤච හායනා

පබ්භාරාච පවංකාච - මොමුහා සයනාදස

මේ අනුව මන්ද දසකයේදී ළදරුවෙක් ලෙස අනුන්ගේ රැකවරණය ලැබ පෝෂණවීමත්, ක්‍රීඩා දසකයේදී අධ්‍යාපනයෙන් හා සෙල්ලමින් කාලය ගෙවීමත්, වර්ණ දසකයේදී පුළුවන් තරම් හැඩ වැඩවීමත්, බල දසකයේදී ශරීර ශක්තිය පෙන්වීමත්, ප්‍රඥා දසකයේදී නුවණින් විමසා කටයුතු කිරීමත්, හායන දසකයේදි පරිහානි ලක්ෂණ පහළවීමත්, පබ්භාර දසකයේදී කොන්ද නැමීම කුදුවීම ආරම්භ වීමත්, පවංක දසකයේදී වෙව්ලීම් පණ නැතිවීම් හට ගැනීමත්, මෝමුහ දසකයේදි සිහිමුළාවීම් මතක නැතිවීම් වැඩිවීමත්, සයන දසකයේදී නිදි යහනට වැටීමත් සලකුණු කරමින් ගෙවීයන පිළිවෙළ පෙන්වා දී තිබෙනවා. මෙසේ වයසට යෑම හැම ජීවිතයකටම පොදු ලක්ෂණයකි.

උපන් මොහොතේ පටන් ක්ෂණයක් ක්ෂණයක් පාසා අපේ වයස ගෙවීයයි. මේ මොහොත මේ තත්පරය මේ විනාඩිය,මේ පැය,මේ දවස නැවත ලබාගත නොහැකියි. අප්‍රාණික දෙයට වඩා ප්‍රාණය ඇති දේ ගෙවීයෑම හොඳින්ම දැකිය හැකියි. වාහනයක් පාවිච්චි කරන තරමට එහි කොටස් ගෙවී යයි. ගෙවෙන කොටස් වෙනුවට අලුතෙන් කොටස් සවිකොට පැවැත්ම වැඩිකළ හැකියි. පාවිච්චිය අඩුවන තරමට ගෙවීමත් අඩුවෙයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යයි. එහෙත් පණ ඇති දෙය පාවිච්චි කළත් නොකළත් ගෙවීයයි. අලුත් කෑලි දමා අලුත්වැඩියා කොට කාලය දිගුකිරීමටත් අපහසුයි. පණ ඇති සියලු සත්වයාත් ගස්වැල් ආදියත් මේ ලක්ෂණයට වහා යටත් වෙනවා. ඒ නිසා රෑ දාවල දෙකෙහි අපේ වයස ගෙවී යෑම වළකාලිය නොහැකියි.

6. කිං මලං බ්රහ්මචරියස්ස - බ්‍රහ්මචර්යාවට කිලුට කුමක්ද?

ඉත්ථි මලං බ්රහ්මචරියස්ස - ස්ත්‍රිය බඹසරට කිලුටය.

ඉත්ථි යනු ‘පුරුෂයන් පතන්නී’ යන අර්ථයයි. එමෙන්ම ‘පුරුෂයන් විසින් පතනු ලබන්නී ‘යන අර්ථයෙන්ද ඉත්ථි යයි කියනවා. එය ස්ත්රියගේත් පුරුෂයාගේත් අයිතියක්. බඹසර හැසිරීම යනු යහපත් හැසිරීමයි. බ්‍රහ්ම හැසිරීමයි. බඹ ලොව කාන්තාවන් නැහැ. ඒ නිසා බ්‍රහ්මයන්ට සිව්බඹ විහරණයෙන් හොඳ හැසිරීම ආරක්ෂා කරගත හැකියි. මිනිස් ලොව එසේ නොවේ. එහි ශ්‍රේෂ්ඨ හැසිරීමට බාධාව ඇත. යමෙක් ස්ත්‍රියක් නොපතා කටයුතු කිරීම බඹසර වාසයයි. ස්ත්‍රියක් පුරුෂයෙක් නොපතා කටයුතු කිරීමෙන් එය ඇයට බඹසර වාසයක් වෙනවා.

සාසන බ්‍රහ්මචර්යාවේ පළමුවන කිලුට ඇති වූයේ විනයේ ඇති ආකාරයට සුදින්න හිමියන්ගේ පුරාණ භාර්යාව නිසායි. කාට හෝ හොරෙන් කවුරු හෝ කෙනෙක් බඹසර කඩාද දෙවියන් ඒ පිළිබඳ විමසිලිමත් . ඒ නිසා බඹසර කැඩීම ලොවට රහසක් නොවේ. සාසනයේ පළමු ශික්ෂාපදය මෛථුන ධර්ම පාරාජිකාවයි. එය බ්‍රහ්මචර්යාව කිලිටි කිරීමේ පළමු පියවරයි. යමෙක් බ්‍රහ්මචර්යාව කිලිටි කරගෙන ඇද්ද බොහෝ දෙනෙක් එය අපවිත්‍ර කරගත්තේ ස්ත්‍රියක නිසායි. නාරිලතා පුෂ්පයට වශී වූ තවුසන් පවා බඹසර බිඳගත් බව පුරාවෘත්ත හෙළි කරනවා. ස්ත්‍රියට ලොබ බඳින කවරෙක් හෝ මෙය බමුණු මතයක් යයි බැහැර කරන්නේ නම් එය බුද්ධ වචනයට විරුද්ධ කතාවක්. එසේ කළ හැකි ප්‍රඥාවන්තයකු නැහැ. කළ හැක්කේ අනුවණයකුට පමණි.

7.කිං සිනාන මනොදකං - දිය රහිත නෑම කුමක්ද?

තපොච බ්‍රහ්ම චරියඤ්ච – තපසද බ්‍රහ්මචර්යාවද දියරහිත නෑමයි

ජලය ජීවිතයට අවශ්‍යම සම්පතක්. බීමට නෑමට, සේදීමට භෝග වගාවට ජලය නැතිවම බැහැ. ආහාර නැතිව දින කිහිපයක් සිටියත් ජලය නැතිව සිටිය නොහැකියි.ජලය නා ගැනීමෙන් ලැබෙන කායික මානසික සුවය අපමණයි. ඇතැම් ආගම්වල ආකාරයට ජලයෙන් පව් සේදීම කරනවා.

බුදුදහම එය ප්‍රතික්ෂේප කරමින් පව් හා කෙලෙස් සෝදා හැරිය හැක්කේ දිය නැති තපස හා බඹසර හැසිරීමෙන් බව පෙන්වා දෙනවා. ඒ නිසා තපසයි, බඹසරයි දිය නැති නෑමක්. එහි බැස නෑමෙන් ගත සිත දෙකම පවිත්‍රව විමුක්තියෙන් බැබළිය හැකියි. ඔබත් ඒ දිය නැති නෑමෙන් පිරිසුදු වන්න.

8. කති ලොකස්මිං ඡීද්දානි යත්ථ චිත්තං න තිට්ඨති – යම් තැනක සිත නොසිටී නම් ලොව එබඳු සිදුරු කීයද?

ඡලොකස්මිං ඡිද්දානි යත්ථ චිත්තං න තිට්ඨති - සිත නොසිටින ලොව සිදුරු සයකි.

අනුපාදිසේස නිර්වාණයත්, නිවන් සැප විඳින නිරෝධ සමාපත්තියත් සිත නොපවතින තැන් ලෙස ධර්මයෙහි පෙන්වා දෙයි. අනෙක් ඕනෑම අවස්ථාවක සිතේ පැවැත්ම බලපවත්වයි. කය නැතිව සිටියත් සිත නැතිව සිටිය නොහැකියි. පැවතිය නොහැකියි. කය නැතිව සිත පැවතුන අවස්ථා නවීන විද්‍යාව තුළද සොයාගෙන තිබෙනවා. මෙහිදී දක්වන්නේ සිත තිබුණත් නැති ගානට කටයුතු කරන අය හා අවස්ථා පිළිබඳයි. එබඳු සිත නොසිටින සිදුරු හයක් බුදුරජාණන් වහන්සේ එම දේවපුත්‍රයාට පෙන්වාදී තිබෙනවා.

1. ආලස්සං- අලස බවයි. කම්මැලිකමයි. අලසයා සිටි තැන පඹයෙක් මෙන් සිටගෙන සිටියි. වාඩි වූ තැන වාඩිවී සිටියි. දිගාවූ තැන දිගාවී සිටියි. හරියට සිතක් නැත්තකු ලෙසයි.

2. පමාදො – ප්‍රමාදයයි. අසනීප කියා ප්‍රමාදයි. කෑ ගමන් කියා ප්‍රමාදයි. කෙලෙස් වසඟ වී ප්‍රමාදයි. එය සිත නොපවතින සිදුරක් .

3. අනුට්ඨානං - වීර්යය නැති බවයි. වැඩ කරන විට වැඩ කිරීමේ වීර්ය හුඟාක් දුර්වලයි. වැඩ අවසන් නැහැ. හැම වැඩකම භාගයයි.

4. අසඤ්ඤමො- සංයමයක් නැති බවයි. අචාර සමාචාර නැතිකමයි. අසංවර කමයි.

5. නිද්දා –නින්ද බහුල බවයි.යන ගමන් නිදයි. සිටගෙනත් නිදයි. හිඳගෙනත් සර්පයෙක් මෙන් නිදයි. සිතක් නැති ලෙස නිදයි.

6. තන්දි - ආගන්තුක අලස බවින් යුක්තයි. හරි බඩ ගිනියි, හරි පිපාසයි, හරි අමාරුයි ආදි වශයෙන් අලස ගති පෙන්වයි.

මේ සිදුරු සය සර්ව ප්‍රකාරයෙන්ම දුරු කළ යුතුයි. සිදුරු සයත් ඇති කූඩයක් වගෙයි. දමන හැම දෙයක්ම හැලෙනවා. මේ සිදුරු සයක් ඒ වගෙයි. ඇතුළත කිසි ගුණදහමක් ඉතිරිවන්නේ නැහැ.ජීවිතයක මේ සිදුරු සය තිබුණොත් ඔහු සිතක් නැති ඇවිදින මළ කඳක් වගෙයි. ඔහු ගෙදරට බරක්, සමාජයට බරක්,රටට බරක්, තමා තමාටම බරක්. ඒ නිසා දියුණුව පතන ඉදිරිය බලන විමුක්තිය සොයන පුද්ගලයා සිතක් පැවැත්වීමට උදව් නොදෙන මේ සිදුරු සයෙන් ඉවත් විය යුතු වෙනවා. ඒවා දුරුකොට සිතක් ඇති අයකු ලෙස අර්ථවත්ව වැඩ කළ යුතුයි.

ලැබූ මිනිස්කමට වටිනාකමක් දෙන්න. දිරන කය පසුපස දුවන්නේ නැතිව තණ්හාවට තරුණ වෙන්න නොදී, හුඟක් වැඩ කොට විනාශයේ සිදුරු වසා දමන්න. නොදිරන නමක් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගන්න.

gatte... http://www.lakehouse.lk/budusarana/2012/09/29/tmp.asp?ID=vision05

[QUOTE="wp19, post: 13712687, member: 373060"] [b]දිරන රූපයයි සැමදා තරුණ තණ්හාවයි...[/b] [IMG]http://www.lakehouse.lk/budusarana/2012/09/29/z_p09-dirana2.jpg[/IMG] [SIZE="3"][COLOR="Purple"]ජලොකස්මිං ඡිද්දානි- යත්ථ චිත්තං න තිට්ඨති ආලස්සංච පමාදෝච - අනුට්ඨානං අසංයමෝ නිද්දා තන්දිච තේ ඡිද්දේ -සබ්බසො තං විවජ්ජයෙ (සංයුක්ත නිකාය- නජීරති සූත්‍රය) අද මේ උතුම් පොහොය දිනයේ අපේ ජීවිතයට උතුම් ධර්මාවවාදයක් සිතට ගනිමු.අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ පින්වත් දේවතාවකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසටයි. එය සඳහන් වන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ නජීරති සූත්‍ර දේශනාවෙයි. එය කෙටි දේශනාවක්. එම දේශනාවේ ඇති සියල්ලම අප සියලු දෙනාටම ඉතාම වැදගත් . ඒ නිසා එම දේශනාවේ හැම කරුණක් පිළිබඳවම අපේ අවධානයට ගනිමු. දිනක් මධ්‍යම රාත්‍රියේ දෙව්රම බබුළුවාගෙන පැමිණි පින්වත් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න මාලාවක් යොමුකළා. දෙවි දේවතාවරු බුදුරදුන්ගෙන් කළ විමසීම් හරිම වැදගත්. ඒ ප්‍රශ්න දෙස බලන විට අපට හිතෙනව ඇයි මිනිසුන්ට මේ ප්‍රශ්න අහන්න බැරිවුණේ කියලත්. මිනිසුන් බොහෝ විට අහල තිබෙන්නෙ දෙවියන් ගැන, ඍද්ධී ප්රාතිහාර්ය ගැන, අරුම පුදුම දේවල් ගැන, දෘෂ්ඨි ගැන වගේම කාම සම්පත්, සන්ඩු සරුවල් සහ ආදරය පේ‍්‍රමය ආදිය ගැනයි. ඉතින් දෙවියන්ට මේ ගැටලු හුඟක් අඩු නිසා බොහෝ විට දෙවියන් අහල තිබෙන්නෙ එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රයෝජනවත් දේවල් ගැනයි. ඒ දේවල් දෙවියන්ටත් වඩා වටින්නෙ මිනිස්ලොව ජීවත් වන අපටයි. දැන් අපි ඒ එක එකප්රශ්නය හා පිළිතුරු විමසා බලමු. 1. කිංසු ජීරති -කුමක් දිරාද? රූපං ජීරති -සත්වයන්ගේ රූපය දිරයි. දිරායාම ජරාවයි. ඉපදුන සත්වයා ජරාවට පත්වීම ස්වභාවයි. එය දුක්ඛ සත්‍යයේ දෙවැනි පියවරයි. “ජරාපිදුක්ඛා” යනු දේශනාවයි.ජරාවට පත්වීම විස්තර කරන සච්චවිභංග සූත්‍රය, “යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජරාජීරණතා, ඛණ්ඩිච්චං, ඵාලිච්චං, වලිත්තචතා, ආයුනො සංහානි, ඉන්ද්රියානං පරිපාකො අයං වුච්චති ජරා” යනුවෙන් ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව කොට්ඨාසයෙහි යම් ජරාවක් වන්නේ ද දත් හා ඇට කැඩුණු බවද, කෙස් ලොම් සුදු වූ බවද, රැළි ගැසුණු සම ඇති බවද, ආයුෂයාගේ හානියද, ඉන්ද්රියයන්ගේ මුහුකුරා යෑමක්, මේරීමක්,මහලු බවක් ඇද්ද මෙය ජරාව යයි කියයි. මේ නිසා ජරාවට ගිය මඟ සලකුණූ සොයා ගත හැකිය. කෙස් ඉදුණූ ඇඟරැළි වැටුණු, හකු ඇකිළුණු , දත් හැළුණු, කුදු ගැසුණූ සලකුණූ ජරාවේ ලක්ෂණයි.ජල පහරකින් කැඩී බිඳී පොඩිවී ගිය තැන් ජලය ගිය මඟ සලකුණු කරන්නා සේ, හළුවී පිච්චි විනාශ වී ගියතැන් ගින්න ගිය මඟ සලකුණු කරන්නා සේ ජරාවට ගිය මඟ මේ ලක්ෂණවලින් හඳුනා ගත යුතුයි. කොසොල් රජතුමා තම වයසට ගිය නැන්දනිය මිය ගිය අවස්ථාවේ සිය ශෝකය බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළ විට උන්වහන්සේ දේශනා කළේ “ජීරන්ති වෙ රාජරථා සුචිත්තා -අථො සරීරම්පි ජරං උපෙති” යනුවෙන්. මහරජ! ලෝකයේ විසිතුරු හැම රාජ රථයක්ම දිරනවා. එමෙන් හැඩ වැඩ කරන මේ ශරීරයත් දිරාපත් වන බව දේශනා කොට රජුගේ ශෝකය දුරු කළා. ශරීරයක් ලැබූ ඔබ ඒ දිරාගිය ශරීරය වෙනුවෙන් කොතෙක් වෙහෙසුනාද, කොතෙක් වියදම් කළාද? කොතෙක් ආදරයෙන් සැරසුවද? එහෙත් ඒ සියල්ල මේ ශරීරය අමතකකොට ඔබටත් හොරා ඔහුට අයත් ස්වභාව වූ දිරායෑමට පත්වු බව නිතර සිහි කළ යුතුයි. 2. කිං නජීරති -කුමක් නොදිරාද? නාම ගොත්තං නජීරති -සත්වයන්ගේ නාම ගෝත්‍රය නොදිරයි මුළුමහත් සත්ව ලෝකයම බෙදාගෙන ගොස් අවසාන බෙදීම වන්නේ නාම රූප දෙකයි. පඤ්චස්කන්ධයේ ස්කන්ධ සතරක්ම නාමයි.වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන සතරයි. සසර පුරා මේවා දිරාපත් වීමට නොදී ජලය පොහොර කොතරම් යොදමින් අරගෙන ආවද? තව කොතෙක් කල් අරගෙන යනවාද? ඒ නාම කය සුගන්ධවත් කිරීමට යම් වැඩපිළිවෙළක් යෙදුවාද යන මේවා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. දිරායන රූපයට දක්වන සැලකිල්ල, දිගුකලක් පවතින නාමකය හැඩ වැඩ කරන්නන් යෙදිය යුතුයි. ඉඩක් ලද හැම විටම නාමකය සංවර්ධනයට යොදාගන්න. ඒ නාමකයේ නොදිරන කල්පැවැත්ම ආරක්ෂා වන්නේ සද්පුරුෂ ධර්ම තුළයි “ සතංච ධම්මෝ නජරං උපෙති” සද්පුරුෂ ධර්ම නොදිරන බව බුදුරදුන් දේශනා කළා. බුදුවරුන්ගේ නාම ගෝත්‍ර අද දක්වා පවතින්නේ ඒ සද්පුරුෂධර්ම බලවේගය නිසයි. පුරාණ ආචාර්යවරුන්ගේ නාම ගෝත්‍ර කල් ඉකුත් වීමත් සමඟ නොඇසීයන්නේ ඒ සද්පුරුෂ බලවේගය නැති නිසයි. යොච වස්සසතං ජීවෙ – දුස්සීිලො අසමාහිතො එකාහං ජීවිතං සෙය්යො - සීලවන්තස්ස ඣායිනො සීලයෙන් තොරව දුස්සීලව ගෙවන වසර සියයක ජීවිතයට වඩා සිල්වත්ව සමාධියෙන් යුත් එක දවසක ජීවිතය ශ්‍රේෂ්ඨ බව බුදුරදුන් දේශනා කළා. 3. කිංසු උප්පථොති වුච්චති –කුමක් නොමඟ යයි කියනු ලැබේද? රාගො උප්පථොති වුච්චති – රාගය නොමඟ යයි කියනු ලැබේ. රූපාදි අරමුණුවල ඇලීම රාගයයි. පස්කම් සැපතෙහි ඇලී ගැලී වෙලී පැටලී කටයුතු කිරීම හොඳ මඟක් නොවේ.එය වැරැදි මඟකි. ඒවායෙහි නොඇලී විරාගීව කටයුතු කිරීම හරිමඟයි. සිදුරු නැති ආරක්ෂිත මඟයි. යථාගාරං දුච්ඡන්නං - වුට්ඨී සමති විජ්ඣති ඒවං අභාවිතං චිත්තං – රාගෝ සමති විජ්ක්ධති මනාසේ සෙවෙණි නොකළ ගෙය වැසිදියෙන් සිදුරු කිරීමට සමත්වේද, එමෙන් මනා කොට නොවැඩූ සිත රාගයෙන් සිදුරුකිරීමට සමත් වෙයි. රූපරාග, ශබ්දරාග, ගන්ධරාග, රසරාග, ස්පර්ශ රාග නිතර ජීවිතය නොමඟට අදියි. එයින් ඇතිවන ගිනි නිවීමට සාගර ජලයත් මදිවෙයි. එම රාගාදි ගිනි නිසා ඇවිළගත් ජීවිත තුළින් සිදුවූ අපරාධ නිමක් නැහැ. දවසින් දවස එම ගිනිදැල් වැඩිවෙනවා. එබැවින් ඒ මඟෙන් ඉවත්වීමම එය නිවීමට ඇති හොඳම ක්‍රමයයි. 4. කිංසු ධම්මානං පරිපෙන්ථා – දහමට උවදුර කුමක්ද? ලොභො ධම්මානං පරිපන්ථෝ– ලෝභය දහමට උවදුරය ලෝභය නම් අරමුණුවල සිත ඇලීමයි. එය වැද්දන් වඳුරන් ඇල්ලීමට භාවිත කරන වදුරුලාටුවට උපමා කරයි. ලෝභය අකුශල මූලයකි. එය සෙලවීම ලෙහෙසි නොවේ. දාන සීලාදී පින්දහම් කිරීමටත්, සමාධී පඤ්ඤා කුසල දහම් වැඩීමටත් බාධා කරන්නේ ලෝභයයි. ගුණධර්ම සංවර්ධනයේ දී ලෝභය හරහට සිටී. එවිට රූප, ශබ්ද, ගන්ධ , රස, ස්පර්ශ යන අරමුණුවල ඇස් කන් ආදිය ඇලී බැඳී ගොස් මරුවසඟයට යයි. ප්‍රාණඝාත ආදි පස්පව් වලදීද ලෝභය දැඩි ලෙස අනුබල දෙයි. ලෝභයෙන් ආවේශ වූ මිනිසා ඕනෑම අපරාධයක් කරයි. මෑතක එක් පුතකු පියාගේ විශ්‍රාම වැටුප ගැනීමට තම මවත්, පියාත් නැඟණියත් වසදී මරා දැම්මේ ලෝභයෙන් ආවේශ වූ නිසාය. ආදරය , ආශාව, තණ්හාව පේ‍්‍රමය ලෝභයේම සහෝදරයෝ ය.කොතෙක් ධර්මය දැනගත්තත් මේ ලෝභය පස්පව් අතහැරීමට අනුබල දෙන්නේ නැහැ. “ගාත්රානි සිථිලායන්තෙ - තෘෂෛණකො තරුණායතෙ” යන ආප්තෝපදේශයෙන්ද පැහැදිලි කරන්නේ එයයි. අතපය පණ නැතිව වයසට ගියත් එකම තෘෂ්ණාව තරුණයෙක් මෙන් නැඟී සිටින බවයි. ලෝභයට තණ්හාවට වයසක් නැහැ. සමහර අයට වයසට යන්න යන්න තණ්හාව ආවේශ වූවාක් මෙන් තරුණයෙක්ව නැඟී සිටිනවා. ඒ වේලාවට අප කියන්නෙ අනේ! මෙහෙම තණ්හාවක් කියලයි. එබැවින් දහමට මේ හා සමාන උවදුරක් තවත් නැහැ කියා,දේශනාවේ සඳහන් වෙනවා. එය තේරුම් ගෙන මේ උවදුර නැති කර ගත යුතුයි. 5. කිංසු රත්තින්දිවක්ඛයො – රෑ දාවල් දෙකෙහි කුමක් ගෙවේද? වයො රත්තින්දිවක්ඛයො - වයස රෑ දාවල් දෙකෙහි ගෙවේ. අපේ වයස ප්‍රථම, මධ්‍යම, පශ්චිම යයි කොටස් තුනකට බෙදනව.බාල කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් ඒ කොටස් ගෙවී යනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු සියයක් ජීවත්වන කෙනෙකුගේ කාලය දසක දහයකට බෙදා ගෙවී යන අයුරු පැහැදිලි කළා. මන්දා ඛිඩ්ඪා තථා වන්නා – බලා පඤ්ඤච හායනා පබ්භාරාච පවංකාච - මොමුහා සයනාදස මේ අනුව මන්ද දසකයේදී ළදරුවෙක් ලෙස අනුන්ගේ රැකවරණය ලැබ පෝෂණවීමත්, ක්‍රීඩා දසකයේදී අධ්‍යාපනයෙන් හා සෙල්ලමින් කාලය ගෙවීමත්, වර්ණ දසකයේදී පුළුවන් තරම් හැඩ වැඩවීමත්, බල දසකයේදී ශරීර ශක්තිය පෙන්වීමත්, ප්‍රඥා දසකයේදී නුවණින් විමසා කටයුතු කිරීමත්, හායන දසකයේදි පරිහානි ලක්ෂණ පහළවීමත්, පබ්භාර දසකයේදී කොන්ද නැමීම කුදුවීම ආරම්භ වීමත්, පවංක දසකයේදී වෙව්ලීම් පණ නැතිවීම් හට ගැනීමත්, මෝමුහ දසකයේදි සිහිමුළාවීම් මතක නැතිවීම් වැඩිවීමත්, සයන දසකයේදී නිදි යහනට වැටීමත් සලකුණු කරමින් ගෙවීයන පිළිවෙළ පෙන්වා දී තිබෙනවා. මෙසේ වයසට යෑම හැම ජීවිතයකටම පොදු ලක්ෂණයකි. උපන් මොහොතේ පටන් ක්ෂණයක් ක්ෂණයක් පාසා අපේ වයස ගෙවීයයි. මේ මොහොත මේ තත්පරය මේ විනාඩිය,මේ පැය,මේ දවස නැවත ලබාගත නොහැකියි. අප්‍රාණික දෙයට වඩා ප්‍රාණය ඇති දේ ගෙවීයෑම හොඳින්ම දැකිය හැකියි. වාහනයක් පාවිච්චි කරන තරමට එහි කොටස් ගෙවී යයි. ගෙවෙන කොටස් වෙනුවට අලුතෙන් කොටස් සවිකොට පැවැත්ම වැඩිකළ හැකියි. පාවිච්චිය අඩුවන තරමට ගෙවීමත් අඩුවෙයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යයි. එහෙත් පණ ඇති දෙය පාවිච්චි කළත් නොකළත් ගෙවීයයි. අලුත් කෑලි දමා අලුත්වැඩියා කොට කාලය දිගුකිරීමටත් අපහසුයි. පණ ඇති සියලු සත්වයාත් ගස්වැල් ආදියත් මේ ලක්ෂණයට වහා යටත් වෙනවා. ඒ නිසා රෑ දාවල දෙකෙහි අපේ වයස ගෙවී යෑම වළකාලිය නොහැකියි. 6. කිං මලං බ්රහ්මචරියස්ස - බ්‍රහ්මචර්යාවට කිලුට කුමක්ද? ඉත්ථි මලං බ්රහ්මචරියස්ස - ස්ත්‍රිය බඹසරට කිලුටය. ඉත්ථි යනු ‘පුරුෂයන් පතන්නී’ යන අර්ථයයි. එමෙන්ම ‘පුරුෂයන් විසින් පතනු ලබන්නී ‘යන අර්ථයෙන්ද ඉත්ථි යයි කියනවා. එය ස්ත්රියගේත් පුරුෂයාගේත් අයිතියක්. බඹසර හැසිරීම යනු යහපත් හැසිරීමයි. බ්‍රහ්ම හැසිරීමයි. බඹ ලොව කාන්තාවන් නැහැ. ඒ නිසා බ්‍රහ්මයන්ට සිව්බඹ විහරණයෙන් හොඳ හැසිරීම ආරක්ෂා කරගත හැකියි. මිනිස් ලොව එසේ නොවේ. එහි ශ්‍රේෂ්ඨ හැසිරීමට බාධාව ඇත. යමෙක් ස්ත්‍රියක් නොපතා කටයුතු කිරීම බඹසර වාසයයි. ස්ත්‍රියක් පුරුෂයෙක් නොපතා කටයුතු කිරීමෙන් එය ඇයට බඹසර වාසයක් වෙනවා. සාසන බ්‍රහ්මචර්යාවේ පළමුවන කිලුට ඇති වූයේ විනයේ ඇති ආකාරයට සුදින්න හිමියන්ගේ පුරාණ භාර්යාව නිසායි. කාට හෝ හොරෙන් කවුරු හෝ කෙනෙක් බඹසර කඩාද දෙවියන් ඒ පිළිබඳ විමසිලිමත් . ඒ නිසා බඹසර කැඩීම ලොවට රහසක් නොවේ. සාසනයේ පළමු ශික්ෂාපදය මෛථුන ධර්ම පාරාජිකාවයි. එය බ්‍රහ්මචර්යාව කිලිටි කිරීමේ පළමු පියවරයි. යමෙක් බ්‍රහ්මචර්යාව කිලිටි කරගෙන ඇද්ද බොහෝ දෙනෙක් එය අපවිත්‍ර කරගත්තේ ස්ත්‍රියක නිසායි. නාරිලතා පුෂ්පයට වශී වූ තවුසන් පවා බඹසර බිඳගත් බව පුරාවෘත්ත හෙළි කරනවා. ස්ත්‍රියට ලොබ බඳින කවරෙක් හෝ මෙය බමුණු මතයක් යයි බැහැර කරන්නේ නම් එය බුද්ධ වචනයට විරුද්ධ කතාවක්. එසේ කළ හැකි ප්‍රඥාවන්තයකු නැහැ. කළ හැක්කේ අනුවණයකුට පමණි. 7.කිං සිනාන මනොදකං - දිය රහිත නෑම කුමක්ද? තපොච බ්‍රහ්ම චරියඤ්ච – තපසද බ්‍රහ්මචර්යාවද දියරහිත නෑමයි ජලය ජීවිතයට අවශ්‍යම සම්පතක්. බීමට නෑමට, සේදීමට භෝග වගාවට ජලය නැතිවම බැහැ. ආහාර නැතිව දින කිහිපයක් සිටියත් ජලය නැතිව සිටිය නොහැකියි.ජලය නා ගැනීමෙන් ලැබෙන කායික මානසික සුවය අපමණයි. ඇතැම් ආගම්වල ආකාරයට ජලයෙන් පව් සේදීම කරනවා. බුදුදහම එය ප්‍රතික්ෂේප කරමින් පව් හා කෙලෙස් සෝදා හැරිය හැක්කේ දිය නැති තපස හා බඹසර හැසිරීමෙන් බව පෙන්වා දෙනවා. ඒ නිසා තපසයි, බඹසරයි දිය නැති නෑමක්. එහි බැස නෑමෙන් ගත සිත දෙකම පවිත්‍රව විමුක්තියෙන් බැබළිය හැකියි. ඔබත් ඒ දිය නැති නෑමෙන් පිරිසුදු වන්න. 8. කති ලොකස්මිං ඡීද්දානි යත්ථ චිත්තං න තිට්ඨති – යම් තැනක සිත නොසිටී නම් ලොව එබඳු සිදුරු කීයද? ඡලොකස්මිං ඡිද්දානි යත්ථ චිත්තං න තිට්ඨති - සිත නොසිටින ලොව සිදුරු සයකි. අනුපාදිසේස නිර්වාණයත්, නිවන් සැප විඳින නිරෝධ සමාපත්තියත් සිත නොපවතින තැන් ලෙස ධර්මයෙහි පෙන්වා දෙයි. අනෙක් ඕනෑම අවස්ථාවක සිතේ පැවැත්ම බලපවත්වයි. කය නැතිව සිටියත් සිත නැතිව සිටිය නොහැකියි. පැවතිය නොහැකියි. කය නැතිව සිත පැවතුන අවස්ථා නවීන විද්‍යාව තුළද සොයාගෙන තිබෙනවා. මෙහිදී දක්වන්නේ සිත තිබුණත් නැති ගානට කටයුතු කරන අය හා අවස්ථා පිළිබඳයි. එබඳු සිත නොසිටින සිදුරු හයක් බුදුරජාණන් වහන්සේ එම දේවපුත්‍රයාට පෙන්වාදී තිබෙනවා. 1. ආලස්සං- අලස බවයි. කම්මැලිකමයි. අලසයා සිටි තැන පඹයෙක් මෙන් සිටගෙන සිටියි. වාඩි වූ තැන වාඩිවී සිටියි. දිගාවූ තැන දිගාවී සිටියි. හරියට සිතක් නැත්තකු ලෙසයි. 2. පමාදො – ප්‍රමාදයයි. අසනීප කියා ප්‍රමාදයි. කෑ ගමන් කියා ප්‍රමාදයි. කෙලෙස් වසඟ වී ප්‍රමාදයි. එය සිත නොපවතින සිදුරක් . 3. අනුට්ඨානං - වීර්යය නැති බවයි. වැඩ කරන විට වැඩ කිරීමේ වීර්ය හුඟාක් දුර්වලයි. වැඩ අවසන් නැහැ. හැම වැඩකම භාගයයි. 4. අසඤ්ඤමො- සංයමයක් නැති බවයි. අචාර සමාචාර නැතිකමයි. අසංවර කමයි. 5. නිද්දා –නින්ද බහුල බවයි.යන ගමන් නිදයි. සිටගෙනත් නිදයි. හිඳගෙනත් සර්පයෙක් මෙන් නිදයි. සිතක් නැති ලෙස නිදයි. 6. තන්දි - ආගන්තුක අලස බවින් යුක්තයි. හරි බඩ ගිනියි, හරි පිපාසයි, හරි අමාරුයි ආදි වශයෙන් අලස ගති පෙන්වයි. මේ සිදුරු සය සර්ව ප්‍රකාරයෙන්ම දුරු කළ යුතුයි. සිදුරු සයත් ඇති කූඩයක් වගෙයි. දමන හැම දෙයක්ම හැලෙනවා. මේ සිදුරු සයක් ඒ වගෙයි. ඇතුළත කිසි ගුණදහමක් ඉතිරිවන්නේ නැහැ.ජීවිතයක මේ සිදුරු සය තිබුණොත් ඔහු සිතක් නැති ඇවිදින මළ කඳක් වගෙයි. ඔහු ගෙදරට බරක්, සමාජයට බරක්,රටට බරක්, තමා තමාටම බරක්. ඒ නිසා දියුණුව පතන ඉදිරිය බලන විමුක්තිය සොයන පුද්ගලයා සිතක් පැවැත්වීමට උදව් නොදෙන මේ සිදුරු සයෙන් ඉවත් විය යුතු වෙනවා. ඒවා දුරුකොට සිතක් ඇති අයකු ලෙස අර්ථවත්ව වැඩ කළ යුතුයි. ලැබූ මිනිස්කමට වටිනාකමක් දෙන්න. දිරන කය පසුපස දුවන්නේ නැතිව තණ්හාවට තරුණ වෙන්න නොදී, හුඟක් වැඩ කොට විනාශයේ සිදුරු වසා දමන්න. නොදිරන නමක් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගන්න.[/COLOR][/SIZE] gatte... [url]http://www.lakehouse.lk/budusarana/2012/09/29/tmp.asp?ID=vision05[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom