Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දුක් සහගත සසරින් එතෙර වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුක් සහගත සසරින් එතෙර වෙමු

සංසාරය අති දීර්ඝ ය. අතිදීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්ත්වයකු විසින් නො ලැබූ දුකක් නැත. එසේ ම බොහෝ සැප ද ලබා ඇත. එහෙත් වඩා ලබා ඇත්තේ දුක් ය. ලැබූ දුක්වලින් දහසෙන් පංගුවක් දස දහසෙන් පංගුවක් ලක්ෂයෙන් පංගුවක් පමණවත් සැප ලබා නැත. සසර සැරිසරන සත්ත්වයා හට නිවන් නො සොයා මෙසේ වාසය කළ හැකි වී ඇත්තේ අතීතය නො පෙනීම නිසා ය. යම් හෙයකින් මේ සත්ත්වයනට තමන්ගේ අතීතය පෙනෙනවා නම්, අන් හැම දෙය ම නවත්වා ඔවුන් නිවන් සොයන්නට පටන් ගන්නවා ඇත. සසර සැරිසරන සත්ත්වයා හට වැඩි කලක් වාසය කරන්නට සිදු වන්නේ සතර අපායේ ය. ඔහුට සුගතියට පැමිණෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මිනිස් ලොව, සසර සැරිසරන සත්ත්වයාට කලාතුරකින් ඉපදෙන්නට ලැබෙන සුගතියෙකි. මිනිස් ලොව සුගතියකැයි කියනුයේ එහි සැප ම ඇති නිසා නොව අපායෙහි තරම් දරුණු දුක් නැති නිසා ය. සත්‍ය වශයෙන් කියතහොත් මිනිසාට ඇත්තේ ද මහා දුඃඛස්කන්ධයක් ම ය. මිනිස් ලොව ඉපදීමත් දුකකි. හඬ හඬා උපදින අය මිස ප්‍රීතියෙන් උපදින අය දක්නට නැත. ඉපද කලක් ගත වනතුරු තමාට කිසිවක් කර ගත නො හැකිව, තමාට ඇති වේදනාව තමාගේ දුක අනුන්ට කියා ගැනීමටවත් සමත් කමක් නැතිව, අනේක දුඃඛ වේදනා විඳිමින් හුන් තැන ම මලමුත්‍ර කරමින් හඬමින් ඉතා දුකසේ ජීවත් වන්නට සිදුවේ. ඒ දුක ද, හැරෙන්නට පෙරළෙන්නට හා කථා කරන්නට නුපුළුවන් වන තරමේ දරුණු රෝගයකින් පෙළෙන්නකුට ඇති දුක හා සර්වාකාරයෙන් සමාන ය.

මඳක් ලොකු වූ පසු මිනිසකු වශයෙන් ලෝකයෙහි ජීවත්විය හැකි වනු පිණිස උපන් තැනැත්තා විසින් වර්ෂ බොහෝ ගණනක් ශිල්ප-ශාස්ත්‍ර උගත යුතු ය. එද මහ දුකෙකි. ඉන්පසු ආහාරපානාදි ජීවත්වීමේ උපකරණ සොයාගනු පිණිස ජීවත්වන තාක් වැඩ කළ යුතු ය. එද මහ දුකෙකි. කරන වැඩවලින් බලාපොරොත්තු තරමට ප්‍රයෝජන නො ලැබෙන කල්හි ඇති වන්නේ ද සිතට මහත් දුකෙකි. දුක සේ සපයා ගත් වස්තුව සොරුන්ට අසුවීම් ආදියෙන් සමහර විට නැති වෙයි. එද මහ දුකෙකි. නොයෙක් විට ශරීරයේ බොහෝ වේදනා ඇති කරන දරුණු රෝග ද ඇති වේ. ගින්නෙන් දවන කලෙක මෙන්, පිහියාවලින් කපන කලෙක මෙන්, කඹවලින් වෙළා තද කරන කලෙක මෙන්, අඬුවකින් තද කරන කලෙක මෙන් වේදනා ඇතිවන රෝග ඔහුගේ ශරීරයෙහි හට ගැනේ. එසේ හටගන්නා වූ රෝග සුවකර ගැනීමට ද සමහර විට සති ගණන් මාස ගණන් එක ඉරියව්වකින් වාසය කරන්නට වීම් ආදියෙන් බොහෝ දුක් ගන්නට සිදු වේ. එසේ දුක් ගෙන ද ඇතැම් රෝග සුවකර ගත හැකි නො වේ.

සමහර විට රෝග සුවකර ගැනීම සඳහා බලවත් වේදනා හට ගන්නා ස්ථානවල ශල්‍යකර්ම කරවා ගන්නට ද සිදුවේ. මේ මිනිස් ශරීරය ආහාරපානාදියෙන් කෙසේ පෝෂණය කළත් දිනෙන් දින දිර දිරා යන්නේ ය. එද මහ දුකෙකි. මිනිසාට දුප්පත් කමක් දුකෙකි. ධනය සැපයීමත් දුකෙකි. පරෙස්සම් කිරීමත් දුකෙකි. අඹුදරුවන් නැති බවත් දුකෙකි. ඇති බවත් දුකෙකි. ජීවත්වීමත් දුකෙකි. මරණයත් දුකෙකි. ලෝකයෙහි ඇත්ත වශයෙන් සැපය කියා සලකන්නට දෙයක් නැත. මිනිසුන් සැප වශයෙන් සලකන්නේ සා පිපාසාදි ශාරීරික වේදනා සංසිඳවා ගැනීම හා තෘෂ්ණාදාහය සංසිඳවා ගැනීම සඳහා කරන දේ ය. අහර වැළඳීම හා බීම සැප වශයෙන් සලකතත් එය සා පිපාසා දුක්වලට කරන ප්‍රතිකාරයකි. සැප වශයෙන් සලකන බවත් බොහෝ දේත් ඒ කරුණු ගැන ඇතිවන තෘෂ්ණා දාහය නැතිකර ගැනීමට කරන දේවල් ය. හොඳින් විමසා බලත හොත් සුගතියක් වශයෙන් සලකන මේ මිනිස් ලොවත් සැපයෙන් තොර දුඃඛස්කන්ධයක් බව පෙනෙනු ඇත. සුගතියක් වශයෙන් සලකන මිනිස් ලොවත්, දුක් ගොඩක් වන කල්හි අපාය ගැන කියනුම කිම? එහි ඇති දුක විස්තර කරන්නට වචනත් නැත.

ජීවත්වන සෑම සත්ත්වයකුට ම මරණය නියත ය. මහ දනිසුරන් වී ඉන්නා වූ ද, රජකම්-මැති ඇමතිකම් ආදි ලොකු තනතුරු ලබා ගන්නා වූ ද, සෑම දෙනාම පෝරකයට නියම කරනු ලැබ සිරකූඩුවේ ඉන්නා අය මෙන් ම මරණයට නියමිතව ම ඉන්නෝ ය. මරණයට නියමිතව ඉන්නා තැනැත්තාට ධනයෙන් තනතුරෙන් අඹුදරුවන්ගෙන් කිනම් ඵලයක් ද? නියමිත දිනය පැමිණි කල්හි ඔහු විසින් සියල්ල හැර යා යුතු ය. මැරෙන තැනැත්තාට අපායට යන්නට සිදු නොවී නැවතත් සුගතියෙහි ම උපදින්නට ලැබේ නම්, එද සැනසිල්ලකි. කෙබඳු තත්ත්වයක සිටියත්, කොතෙක් පින්කර ඇතත් පෘථග්ජන පුද්ගලයාට දෙවන වාරයේ උත්පත්තිය පිළිබඳ ස්ථාන නියමයක් නැත. අද සිහසුන මත මහ යස ඉසුරෙන් වැජඹෙන තැනැත්තා සමහර විට හෙට අපායේ ගිනි ගොඩේ ය. දිවි පැවැත්වීම බරපතල කරුණක් වන බැවින් මිනිසාට නො කැමැත්තෙන් වුව ද නොයෙක් විට පව්කම් කරන්නට සිදු වේ. එබැවින් කොතෙක් පින් කළත් ඔහුට අපායෙන් බේරීම ඉතා අපහසු ය. මැරෙන මිනිසුන්ගෙන් ඉතා වැඩි දෙනකුන් මරණින් ම යන්නේ අපායට ය. වරක් අපායට ගිය තැනැත්තාට නැවත සුගතියට එන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. එබැවින් සංසාරය අති භයානක ය.

නැවත අපායට යන්නට තිබියදී සක්විති රජකම ලබා සිටියත් දෙව්රජකම ලබා සිටියත් ඉන් පලක් නැත. ඒ නිසා නුවණැතියන් විසින් කළ යුත්තේ ධනය සෙවීමවත්, තනතුරු සෙවීමවත්, ගරුනම්බු සෙවීමවත් නොව, අපායෙන් මිදීමේ උපාය සෙවීම ය. අපායෙන් සම්පූර්ණයෙන් මිදීමට මතු කිසි කලෙක අපායට නො යන්නකු වීමට ඇත්තා වූ එක ම උපාය සෝවාන් වීම ය. සෝවාන් පුද්ගලයා ක්‍රමයෙන් නිවනට ම යනු මිස නැවත කිසි කලෙක අපායට නො යේ. සෝවාන් ඵලයෙහි වටිනාකම පමණ කළ නො හැකිය. එය සක්විති රජකමට ද වඩා වටිනා බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එබැවින් එය කිනම් පරිත්‍යාගයක් කොට වුව ද කොතරම් මහත් දුකක් විඳ වුව ද ලබාගන්නට නිසි ය.

සෝවාන් වීමේ භාග්‍යය ඔබ කෙරෙහි සැඟවී තිබිය හැකිය. සෝවාන් ඵලයට පැමිණීමට ඔබට මහා පරිත්‍යාගයක් කරන්නට සිදු නො වනු ඇත. වස්තු පරිත්‍යාගයකින් එය ලබන්නට ද නුපුළුවන. එය ලැබිය යුත්තේ සතිපට්ඨාන භාවනාවෙනි. එය ක්‍රමානුකූලව මේ ජාතියේදී ම සෝවාන් විය හැකි පරිදි කරන්නට නම් බොහොම මහන්සි විය යුතු ය. එයට බිය නොවී, මේ පොතෙහි දක්වා ඇති පරිදි සතිපට්ඨාන භාවනාව කළ හොත් සමහර විට ඔබට සති ගණනකින් ද සෝවාන් විය හැකි වනු ඇත. මේ (බුද්ධ ජයන්ති) කාලය ඔබට ඉතා හොඳ සුබ මොහොතකි. මෙබඳු අවස්ථාවක් ඔබට මතු නො ලැබෙනු ඇත. ඒ නිසා ඔබ ලබා සිටින මිනිසත් බවින් ගත හැකි ඉතා උසස් ප්‍රයෝජනය, බුදුසස්න මුණගැසීමෙන් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමටත් මේ භාවනාව කොට සෝවාන් වන්නට උත්සාහ කරන්න.

දැනට බුරුමයේ බොහෝ දෙනකුන් විසින් පුහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අත් දැක තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1955 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරීමට පටන් ගත් මුල් කාලයේ දී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුත්, බුරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු කරවන්නට පටන් ගත් තැන් පටන් අපගේ දහම් පත් බොහෝ දෙනා සොයන්නට පටන් ගත්හ. දහම් පත් සොයන බොහෝ දෙනකුන්ට ඒවා නො ලැබිය හැකි විය. භාවනා ක්‍රමය පොතක් වශයෙන් මුද්‍රණය කරවුව හොත් එයින් සිදු වන මහත් වූ යහපත ගැන අපට බොහෝ දෙනෙක් කීහ. දැනට භාවනා මධ්‍යස්ථානවලට ගොස් සතිය දෙක භාවනාව පුහුණු කරනෙ යන්නා වූ පින්වතුන්ට ඒ භාවනාව ඉදිරියට ගුරුවරයකු නැතිව කරගෙන යා හැකි ක්‍රමයක් ද නැත්තේ ය. විශේෂයෙන් ඒ අයගේ යහපත පිණිසත් නිවන් දකිනු කැමති, බුදු සස්නෙන් ලැබිය හැකි උසස් ඵලය ලබනු කැමති, සැම දෙනාගේ ම යහපත පිණිසත් නිවන් මඟ හෙළි කරන මේ භාවනා මාර්ගය පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පිළියෙල කරන ලදි.

සතිපට්ඨාන භාවනා ක්‍රමය නම් කෘතිය ඇසුරෙනි ,,,,,,,,,

#යට්ටපාත

[QUOTE="asliyanage, post: 29311620, member: 8764"] දුක් සහගත සසරින් එතෙර වෙමු🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫 සංසාරය අති දීර්ඝ ය. අතිදීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්ත්වයකු විසින් නො ලැබූ දුකක් නැත. එසේ ම බොහෝ සැප ද ලබා ඇත. එහෙත් වඩා ලබා ඇත්තේ දුක් ය. ලැබූ දුක්වලින් දහසෙන් පංගුවක් දස දහසෙන් පංගුවක් ලක්ෂයෙන් පංගුවක් පමණවත් සැප ලබා නැත. සසර සැරිසරන සත්ත්වයා හට නිවන් නො සොයා මෙසේ වාසය කළ හැකි වී ඇත්තේ අතීතය නො පෙනීම නිසා ය. යම් හෙයකින් මේ සත්ත්වයනට තමන්ගේ අතීතය පෙනෙනවා නම්, අන් හැම දෙය ම නවත්වා ඔවුන් නිවන් සොයන්නට පටන් ගන්නවා ඇත. සසර සැරිසරන සත්ත්වයා හට වැඩි කලක් වාසය කරන්නට සිදු වන්නේ සතර අපායේ ය. ඔහුට සුගතියට පැමිණෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මිනිස් ලොව, සසර සැරිසරන සත්ත්වයාට කලාතුරකින් ඉපදෙන්නට ලැබෙන සුගතියෙකි. මිනිස් ලොව සුගතියකැයි කියනුයේ එහි සැප ම ඇති නිසා නොව අපායෙහි තරම් දරුණු දුක් නැති නිසා ය. සත්‍ය වශයෙන් කියතහොත් මිනිසාට ඇත්තේ ද මහා දුඃඛස්කන්ධයක් ම ය. මිනිස් ලොව ඉපදීමත් දුකකි. හඬ හඬා උපදින අය මිස ප්‍රීතියෙන් උපදින අය දක්නට නැත. ඉපද කලක් ගත වනතුරු තමාට කිසිවක් කර ගත නො හැකිව, තමාට ඇති වේදනාව තමාගේ දුක අනුන්ට කියා ගැනීමටවත් සමත් කමක් නැතිව, අනේක දුඃඛ වේදනා විඳිමින් හුන් තැන ම මලමුත්‍ර කරමින් හඬමින් ඉතා දුකසේ ජීවත් වන්නට සිදුවේ. ඒ දුක ද, හැරෙන්නට පෙරළෙන්නට හා කථා කරන්නට නුපුළුවන් වන තරමේ දරුණු රෝගයකින් පෙළෙන්නකුට ඇති දුක හා සර්වාකාරයෙන් සමාන ය. මඳක් ලොකු වූ පසු මිනිසකු වශයෙන් ලෝකයෙහි ජීවත්විය හැකි වනු පිණිස උපන් තැනැත්තා විසින් වර්ෂ බොහෝ ගණනක් ශිල්ප-ශාස්ත්‍ර උගත යුතු ය. එද මහ දුකෙකි. ඉන්පසු ආහාරපානාදි ජීවත්වීමේ උපකරණ සොයාගනු පිණිස ජීවත්වන තාක් වැඩ කළ යුතු ය. එද මහ දුකෙකි. කරන වැඩවලින් බලාපොරොත්තු තරමට ප්‍රයෝජන නො ලැබෙන කල්හි ඇති වන්නේ ද සිතට මහත් දුකෙකි. දුක සේ සපයා ගත් වස්තුව සොරුන්ට අසුවීම් ආදියෙන් සමහර විට නැති වෙයි. එද මහ දුකෙකි. නොයෙක් විට ශරීරයේ බොහෝ වේදනා ඇති කරන දරුණු රෝග ද ඇති වේ. ගින්නෙන් දවන කලෙක මෙන්, පිහියාවලින් කපන කලෙක මෙන්, කඹවලින් වෙළා තද කරන කලෙක මෙන්, අඬුවකින් තද කරන කලෙක මෙන් වේදනා ඇතිවන රෝග ඔහුගේ ශරීරයෙහි හට ගැනේ. එසේ හටගන්නා වූ රෝග සුවකර ගැනීමට ද සමහර විට සති ගණන් මාස ගණන් එක ඉරියව්වකින් වාසය කරන්නට වීම් ආදියෙන් බොහෝ දුක් ගන්නට සිදු වේ. එසේ දුක් ගෙන ද ඇතැම් රෝග සුවකර ගත හැකි නො වේ. සමහර විට රෝග සුවකර ගැනීම සඳහා බලවත් වේදනා හට ගන්නා ස්ථානවල ශල්‍යකර්ම කරවා ගන්නට ද සිදුවේ. මේ මිනිස් ශරීරය ආහාරපානාදියෙන් කෙසේ පෝෂණය කළත් දිනෙන් දින දිර දිරා යන්නේ ය. එද මහ දුකෙකි. මිනිසාට දුප්පත් කමක් දුකෙකි. ධනය සැපයීමත් දුකෙකි. පරෙස්සම් කිරීමත් දුකෙකි. අඹුදරුවන් නැති බවත් දුකෙකි. ඇති බවත් දුකෙකි. ජීවත්වීමත් දුකෙකි. මරණයත් දුකෙකි. ලෝකයෙහි ඇත්ත වශයෙන් සැපය කියා සලකන්නට දෙයක් නැත. මිනිසුන් සැප වශයෙන් සලකන්නේ සා පිපාසාදි ශාරීරික වේදනා සංසිඳවා ගැනීම හා තෘෂ්ණාදාහය සංසිඳවා ගැනීම සඳහා කරන දේ ය. අහර වැළඳීම හා බීම සැප වශයෙන් සලකතත් එය සා පිපාසා දුක්වලට කරන ප්‍රතිකාරයකි. සැප වශයෙන් සලකන බවත් බොහෝ දේත් ඒ කරුණු ගැන ඇතිවන තෘෂ්ණා දාහය නැතිකර ගැනීමට කරන දේවල් ය. හොඳින් විමසා බලත හොත් සුගතියක් වශයෙන් සලකන මේ මිනිස් ලොවත් සැපයෙන් තොර දුඃඛස්කන්ධයක් බව පෙනෙනු ඇත. සුගතියක් වශයෙන් සලකන මිනිස් ලොවත්, දුක් ගොඩක් වන කල්හි අපාය ගැන කියනුම කිම? එහි ඇති දුක විස්තර කරන්නට වචනත් නැත. ජීවත්වන සෑම සත්ත්වයකුට ම මරණය නියත ය. මහ දනිසුරන් වී ඉන්නා වූ ද, රජකම්-මැති ඇමතිකම් ආදි ලොකු තනතුරු ලබා ගන්නා වූ ද, සෑම දෙනාම පෝරකයට නියම කරනු ලැබ සිරකූඩුවේ ඉන්නා අය මෙන් ම මරණයට නියමිතව ම ඉන්නෝ ය. මරණයට නියමිතව ඉන්නා තැනැත්තාට ධනයෙන් තනතුරෙන් අඹුදරුවන්ගෙන් කිනම් ඵලයක් ද? නියමිත දිනය පැමිණි කල්හි ඔහු විසින් සියල්ල හැර යා යුතු ය. මැරෙන තැනැත්තාට අපායට යන්නට සිදු නොවී නැවතත් සුගතියෙහි ම උපදින්නට ලැබේ නම්, එද සැනසිල්ලකි. කෙබඳු තත්ත්වයක සිටියත්, කොතෙක් පින්කර ඇතත් පෘථග්ජන පුද්ගලයාට දෙවන වාරයේ උත්පත්තිය පිළිබඳ ස්ථාන නියමයක් නැත. අද සිහසුන මත මහ යස ඉසුරෙන් වැජඹෙන තැනැත්තා සමහර විට හෙට අපායේ ගිනි ගොඩේ ය. දිවි පැවැත්වීම බරපතල කරුණක් වන බැවින් මිනිසාට නො කැමැත්තෙන් වුව ද නොයෙක් විට පව්කම් කරන්නට සිදු වේ. එබැවින් කොතෙක් පින් කළත් ඔහුට අපායෙන් බේරීම ඉතා අපහසු ය. මැරෙන මිනිසුන්ගෙන් ඉතා වැඩි දෙනකුන් මරණින් ම යන්නේ අපායට ය. වරක් අපායට ගිය තැනැත්තාට නැවත සුගතියට එන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. එබැවින් සංසාරය අති භයානක ය. නැවත අපායට යන්නට තිබියදී සක්විති රජකම ලබා සිටියත් දෙව්රජකම ලබා සිටියත් ඉන් පලක් නැත. ඒ නිසා නුවණැතියන් විසින් කළ යුත්තේ ධනය සෙවීමවත්, තනතුරු සෙවීමවත්, ගරුනම්බු සෙවීමවත් නොව, අපායෙන් මිදීමේ උපාය සෙවීම ය. අපායෙන් සම්පූර්ණයෙන් මිදීමට මතු කිසි කලෙක අපායට නො යන්නකු වීමට ඇත්තා වූ එක ම උපාය සෝවාන් වීම ය. සෝවාන් පුද්ගලයා ක්‍රමයෙන් නිවනට ම යනු මිස නැවත කිසි කලෙක අපායට නො යේ. සෝවාන් ඵලයෙහි වටිනාකම පමණ කළ නො හැකිය. එය සක්විති රජකමට ද වඩා වටිනා බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එබැවින් එය කිනම් පරිත්‍යාගයක් කොට වුව ද කොතරම් මහත් දුකක් විඳ වුව ද ලබාගන්නට නිසි ය. සෝවාන් වීමේ භාග්‍යය ඔබ කෙරෙහි සැඟවී තිබිය හැකිය. සෝවාන් ඵලයට පැමිණීමට ඔබට මහා පරිත්‍යාගයක් කරන්නට සිදු නො වනු ඇත. වස්තු පරිත්‍යාගයකින් එය ලබන්නට ද නුපුළුවන. එය ලැබිය යුත්තේ සතිපට්ඨාන භාවනාවෙනි. එය ක්‍රමානුකූලව මේ ජාතියේදී ම සෝවාන් විය හැකි පරිදි කරන්නට නම් බොහොම මහන්සි විය යුතු ය. එයට බිය නොවී, මේ පොතෙහි දක්වා ඇති පරිදි සතිපට්ඨාන භාවනාව කළ හොත් සමහර විට ඔබට සති ගණනකින් ද සෝවාන් විය හැකි වනු ඇත. මේ (බුද්ධ ජයන්ති) කාලය ඔබට ඉතා හොඳ සුබ මොහොතකි. මෙබඳු අවස්ථාවක් ඔබට මතු නො ලැබෙනු ඇත. ඒ නිසා ඔබ ලබා සිටින මිනිසත් බවින් ගත හැකි ඉතා උසස් ප්‍රයෝජනය, බුදුසස්න මුණගැසීමෙන් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමටත් මේ භාවනාව කොට සෝවාන් වන්නට උත්සාහ කරන්න. දැනට බුරුමයේ බොහෝ දෙනකුන් විසින් පුහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අත් දැක තිබෙන මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය 1955 මාර්තු මාසයේ පටන් කොළඹ දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාවෙන් නිකුත් කරන දහම්පත් මගින් මේ රටෙහි ප්‍රචාරය කිරීමට පටන් ගත් මුල් කාලයේ දී මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුත්, බුරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පුහුණු කරවන්නට පටන් ගත් තැන් පටන් අපගේ දහම් පත් බොහෝ දෙනා සොයන්නට පටන් ගත්හ. දහම් පත් සොයන බොහෝ දෙනකුන්ට ඒවා නො ලැබිය හැකි විය. භාවනා ක්‍රමය පොතක් වශයෙන් මුද්‍රණය කරවුව හොත් එයින් සිදු වන මහත් වූ යහපත ගැන අපට බොහෝ දෙනෙක් කීහ. දැනට භාවනා මධ්‍යස්ථානවලට ගොස් සතිය දෙක භාවනාව පුහුණු කරනෙ යන්නා වූ පින්වතුන්ට ඒ භාවනාව ඉදිරියට ගුරුවරයකු නැතිව කරගෙන යා හැකි ක්‍රමයක් ද නැත්තේ ය. විශේෂයෙන් ඒ අයගේ යහපත පිණිසත් නිවන් දකිනු කැමති, බුදු සස්නෙන් ලැබිය හැකි උසස් ඵලය ලබනු කැමති, සැම දෙනාගේ ම යහපත පිණිසත් නිවන් මඟ හෙළි කරන මේ භාවනා මාර්ගය පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පිළියෙල කරන ලදි. සතිපට්ඨාන භාවනා ක්‍රමය නම් කෘතිය ඇසුරෙනි ,,,,,,,,, #යට්ටපාත [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom