Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -1

මෙය මහාරජ ගැමුණු චිත්‍රපටිය පිළිබඳ කෙරෙන ඊනියා සිනමා විචාරයක් නො වේ. මෙය එම චිත්‍රපටියේ සංස්කෘතික හා දේශපාලන අර්ථකථනයකි. නැත, නැත මෙය අර බොරු කියවීමක් ද නො වේ. කියවීම් ඇත්තේ අනුකාරක පුහු පඬියන්ට ය. මා ඔවුන්ට ගරහන බව සැබෑ ය. ඔවුන්ට ගරහන්නේ නැතිව මා අතපය හකුළාගෙන සිටිය යුතු ද? කිසිම කලා කෘතියක් මතවාදයකින් දර්ශනයකින් වෙන් නො වේ. වෙන්කිරීම බටහිරයන් යොදා නොගන්නා එහෙත් අනෙක් අයට නිර්දේශ කරන බොරුවක් පමණකි. මතවාදයක්, දර්ශනයක් නැති කලාකරුවකු එදා මෙදා තුර ජීවත් වී නැත. කලා විචාරකයෝ ද එබඳු ම වෙති. ඔවුන්ගේ ඊනියා කලා විචාර පිටුපස ඇත්තේ දර්ශනය ය, මතවාද ය, දේශපාලනය ය. එහෙත් ඔවුහු ප්රබුද්ධ විචාරකයන් ලෙස පෙනී සිටිති. පසුගිය කාලයේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීම සඳහා සිනමා කෘති නිෂ්පාදනය වනු අපි දුටුවෙමු. ප්රබුද්ධ යැයි කියාගන්නා ඊනියා කලා විචාරකයෝ ඒ කෘති මහත් ඉහළින් වර්ණනා කළහ. ඒ කෘතිවලට ඊනියා ජාත්‍යන්තර සම්මාන ද ලැබිණි. මේ සියල්ල බටහිරයන් විසින් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර ය, නැතහොත් බටහිර මතවාද විසින් හසුරුවනු ලැබූ ජාත්‍යන්තර ය. අද ඊනියා ප්රබුද්ධ කලා විචාරකයකු බවට පත් වී සිටින ලියනගේ අමරකීර්තිට කලාකෘති හා දෘෂ්ටිවාද මැයෙන් ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන ලෙස ආරාධනය කරමි. එය අනුකාරකයන්ගේ පාරාදීසය වූ පේරාදෙනියෙහි ම පැවැත්විය හැකි ය. ඒ අතර බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් සංවාදයකට එළඹීමට ගීිනි පෑගීමෙන් ප්‍රසිද්ධියට පත් කාලෝ ෆොන්සේකාට ආරාධනය කරමි.

මම සිංහල බෞද්ධයෙක්මි. මෙරට සිංහල බුද්ධාගමක් ඇත. එය බුදුන් වහන්සේ දෙසූ බුදු දහමවත් මිහිඳු හිමියන් මෙරටට ගෙනා බුදුදහමවත් නො වේ. සිංහල බුද්ධාගමෙහි නිවනක් ගැන කියැවෙයි. එහෙත් එය බුදුන් වහන්සේ දෙසූ නිවන යැයි මම මොහොතකටවත් නො සිතමි. ඒ මට නිවන අවබෝධ වීම නිසා කියන්නක් නොව මට සිතෙන නිවන දැනුම හා බැඳී තිබේ යැයි මා විශ්වාස කරන බැවින් කියන්නකි. නිවන අවබෝධ කිරීමට මා පිළිබඳ දැනුම ද ඇතුළු සියළු දැනුම් අත්හැරිය යුතු ය. ඒ බොරු බව අවබෝධකර ගත යුතු ය. ඒ දැනුම් අතර බටහිර විද්‍යාව මෙන් සෘජු දැනුම් නොවන, ප්රත්යක්ෂ නොවන, පට්ටපල් බොරු ද වෙයි. පට්ටපල් බොරු යම් සාර්ථකත්වයකට පත් වූ හිතළු වෙයි. වක්‍ර දැනුම් වූ බටහිර විද්‍යාව වැනි පට්ටපල් බොරු හිතළු වන අතර අනෙක් දැනුම් මනසෙන් (ඇතැම් විට පංචෙන්ද්‍රියන් ඇසුරෙන්) ඇතිකර ගන්නා ප්රත්යක්ෂ හෙවත් සෘජු බොරු වෙයි. නිවන ද ප්රත්යක්ෂයක් වෙයි. එහෙත් එය මනසෙන් ඇතිකර ගන්නා ප්රත්යක්ෂයක් නො වේ. නිවන පෘථග්ජන මනසෙන් අවබෝධ කරගත හැකි නම් එය ද බොරුවක් විය යුතු ය. මනසට කළ හැක්කේ වක්‍ර හෝ සෘජු බොරු ගෙතීම ය. මේ පිළිබඳ විස්තර කාලය වෙබ් අඩවියෙහි (www.kaalaya.org) ඉඩ ලැබෙන පරිදි පළ කරමි.

මහාරජ ගැමුණු චිත්‍රපටියෙන් කියැවෙන්නේ විසිවැනි සියවසට පෙර මෙරට තිබූ හා දනෙටත් අඩු වැඩි වශයෙන් පවතින සිංහල බුද්ධාගම, සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කටු සටහනකි. සිංහල බුද්ධාගමට යක්ෂ ගෝත්‍රිකයන්ගේ කාලයේ සිට විවිධ අංග මුසු වී ඇත. මිහිඳු හිමියන් සමග මෞර්ය සංස්කෘතිය ද මෙරටට පැමිණියේ ය. දේවානම්පිය තිස්ස රජුගේ දෙවැනි අභිෂේකයෙන් කියැවෙන්නේ යක්ෂ සංස්කෘතියට අභියෝගාත්මක ව මෞර්ය සංස්කෘතිය මෙරටට සංක්‍රමණය වීම ය. මේ සංස්කෘතින් දෙක අතර ගැටුම, තාවකාලික ව ගැමුණු රජුගේ කාලයේ දී සමනය වී, එහෙත් පසුව අඩු වශයෙන් බටහිරයන් මෙරට ආක්‍රමණය කිරීම තෙක් පැවතියේ ය. මෞර්ය සංස්කෘතිය සමග දහමක් ලෙස අපට ථෙරවාදය ලැබිණි. ඉංගිරිසින් පාසල් පිහිටුවීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියට ඉංගිරිසි සංස්කෘතිකාංග ද මුසු වී ඇත.

ගැමුණු රජු මගේ වීරයා වන්නේ ඇයි? ඔහු දුටුගැමුණු වූයේ ඇයි? අද භාෂාවෙන් කියන්නේ නම් එදා පැවතියේ, එකල ප්‍රචාරය කර තිබූ මතය අනුව දුෂ්ට ගාමිණී හා මිස්ට එළාර අතට සටනකි. ඔහු කළ දුෂ්ටකම කුමක් ද? පියාට ගැහැණු ආභරණ යැවීම ද? ගැමුණුගේ දුර්වලකම් තිබෙන්නට ඇත. එහෙත් අපේ ඉතිහාසයේ දුෂ්ට යන විශේෂණය හිමිකර ගත් එකම රජු වීමට තරම් ඔහු දුෂ්ටකමක් කළේ ද? ඔහුට දුෂ්ට යන්න පටබඳින ලද්දේ මිස්ට එළාරගේ පුරෝහිතයා ප්රමුඛ හෙංචයියන් විසින් ද? මා සූදානම් වන්නේ් මහින්ද රාජපක්ෂ ගැමුණු රජුගේ තත්ත්වයට නැංවීමට නොවන බව අවධාරණය කළ යුතු ය. එහෙත් මහින්දට වඩා දූෂිතයන් මෙරට බුසල් ගණනින් මැනිය හැකි බව දනිමි.

චිත්‍රපටියෙන් කියැවෙන්නේ සිංහල බෞද්ධ නොවන සංස්කෘතියක් ගැමුණු රජු අතින් පරාජයට පත්වීම ය. මිස්ට එළාර මිස්ට ප්රභාකරන්ට වඩා සූරයකු වූ බව නිසැක ය. ඔහු කොහෙන් පැමිණියේ දැයි නිශ්චිතව කිව නො හැකි ය. එහෙත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ධර්මිෂ්ට බවක් මවාගෙන මහවැලි ගඟ තෙක් රට පාලනය කර ඇති බව පැහැදිලි ය. ඒ ධර්මිෂ්ටකම ජේ ආර්ගේ ධර්මිෂ්ටකමෙන්වත් යහපාලනයෙන්වත් වෙනස් වන්නට ඇතැයි සිතිය නො හැකි ය. එළාර පරාජය නොවන්නට මෙරට කිනම් ආකාරයක් ගනු ඇත් දැයි සිතා බලන මෙන් ඉල්ලමි. අද අපට කතාකිරීමටවත් සිංහල බෞද්ධකමක් ඉතිරි වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම ගැමුණු රජු නිසා ය. ඉන් පසුව මතකයට එන්නේ විජයබා රජු ය. එහෙත් විජයබා රජුට අගනුවර පොළොන්නරුවට ගෙන යෑමට සිදු විය. ගැමුණු රජු අගනුවර මාගමින් අනුරාධපුරයට ගෙනාවේ ය. අප කොළඹින් පිටවන්නේ කවදා ද?

බටහිර මතවාදවලින් පෝෂණය වන ඊනියා ප්‍රබුද්ධයන් ගැරහුවත් සිංහල රජවරු බෝසතුන් වීමට උත්සාහ ගත්හ. අපට අග්බෝ නමින් ම රජවරු කිහිප දෙනෙක් වූහ. එහෙත් අපේ පළමු බෝසත් රජු වූයේ ගැමුණු රජු ය. චිත්‍රපටියේ එක් තැනක ගැමුණු කුමරු අපුරු වාක්‍යයක් කියයි. ඒ අනුව ඔහු අනෙක් අයගේ නිවන වෙනුවෙන් තම නිවන කල් දමා ගත්තෙකි. මේ බෝසත් දහමයි. සුමේධ තවුසාට දීපංකර බුදුරජුන්ගේ පාදමූලයෙහි නිවන් අවබෝධ කර ගැනීමට තිබිණි. එහෙත් එතුමා අනෙක් අය සසරෙන් එතෙර කිරීම සඳහා එසේ නො කළේ ය. සසරෙන් එතෙර වීම ගඟකින් එතෙර වීම වැන්නක් නො වේ. සසරෙන් එතෙර වූ පසු සසර ද නැත, පහුර ද නැත, ඒ පිළිබඳ දැනුම ද නැත.

ගැමුණු රජු කළ තවත් දෙයක් ඇත. එය චිත්‍රපටියෙහි සාකච්ඡා නො වේ. ඒ යක්ෂ බුද්ධාගමත් මෞර්ය හෙවත් අශෝක බුද්ධාගමත් අතර, එනම් ඒ සංස්කෘතීන් අතර තාවකාලික වුවත් සමනයක්, අද භාවිතාවන වචන යොදා ගන්නේ නම් ඊනියා සංහිඳියාවක් ඇති කිරීම ය. නන්දිමිත්ර වැනි යක්ෂ බුද්ධාගමෙහි අර්ධ නාගයෝ ද, සුරනිමල වැනි යක්ෂයෝ ද, ථෙරපුත්තාභාය වැනි මෞර්ය බෞද්ධයෝ ද මිස්ට එළාරගේ ධර්මිෂ්ට සංස්කෘතියට එරෙහිව එකම සේනාවෙහි සටන් කළහ. අද අපට එය කරගත නොහැක්කේ ඇයි? වාසනාවකට එළාර මෙරට පාසල් හා විශ්වවිද්‍යාල ඇති නො කළේ ය. අද අප අතර ඉංගිරිසින්ගේ පාසල්වලින් හා පේරාදෙනිය වැනි කසිකබල් විශ්වවිද්‍යාලවලින් බිහිවුණු (මගේ පාසල් මිතුරකුට අනුව උපන්) පුස්සෝ වෙති. ඔවුහු සමාජයේ පිළිගත්, එහෙත් සමාජයෙන් පළිගත්, ප්රබුද්ධයෝ ම වෙති. මේ ප්‍රබුද්ධයන්ගේ ප්රබුද්ධකම ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවන තරමට වැඩි වෙයි. (මතු සම්බන්ධයි)

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 15

source - http://www1.kalaya.org/2015/02/1.html

[QUOTE="funkyguy89, post: 17911476, member: 250919"] [CENTER] [SIZE=5][U][B]දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -1[/B][/U][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][B] [/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මෙය මහාරජ ගැමුණු චිත්‍රපටිය පිළිබඳ කෙරෙන ඊනියා සිනමා විචාරයක් නො වේ. මෙය එම චිත්‍රපටියේ සංස්කෘතික හා දේශපාලන අර්ථකථනයකි. නැත, නැත මෙය අර බොරු කියවීමක් ද නො වේ. කියවීම් ඇත්තේ අනුකාරක පුහු පඬියන්ට ය. මා ඔවුන්ට ගරහන බව සැබෑ ය. ඔවුන්ට ගරහන්නේ නැතිව මා අතපය හකුළාගෙන සිටිය යුතු ද? කිසිම කලා කෘතියක් මතවාදයකින් දර්ශනයකින් වෙන් නො වේ. වෙන්කිරීම බටහිරයන් යොදා නොගන්නා එහෙත් අනෙක් අයට නිර්දේශ කරන බොරුවක් පමණකි. මතවාදයක්, දර්ශනයක් නැති කලාකරුවකු එදා මෙදා තුර ජීවත් වී නැත. කලා විචාරකයෝ ද එබඳු ම වෙති. ඔවුන්ගේ ඊනියා කලා විචාර පිටුපස ඇත්තේ දර්ශනය ය, මතවාද ය, දේශපාලනය ය. එහෙත් ඔවුහු ප්රබුද්ධ විචාරකයන් ලෙස පෙනී සිටිති. පසුගිය කාලයේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීම සඳහා සිනමා කෘති නිෂ්පාදනය වනු අපි දුටුවෙමු. ප්රබුද්ධ යැයි කියාගන්නා ඊනියා කලා විචාරකයෝ ඒ කෘති මහත් ඉහළින් වර්ණනා කළහ. ඒ කෘතිවලට ඊනියා ජාත්‍යන්තර සම්මාන ද ලැබිණි. මේ සියල්ල බටහිරයන් විසින් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර ය, නැතහොත් බටහිර මතවාද විසින් හසුරුවනු ලැබූ ජාත්‍යන්තර ය. අද ඊනියා ප්රබුද්ධ කලා විචාරකයකු බවට පත් වී සිටින ලියනගේ අමරකීර්තිට කලාකෘති හා දෘෂ්ටිවාද මැයෙන් ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන ලෙස ආරාධනය කරමි. එය අනුකාරකයන්ගේ පාරාදීසය වූ පේරාදෙනියෙහි ම පැවැත්විය හැකි ය. ඒ අතර බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් සංවාදයකට එළඹීමට ගීිනි පෑගීමෙන් ප්‍රසිද්ධියට පත් කාලෝ ෆොන්සේකාට ආරාධනය කරමි. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]මම සිංහල බෞද්ධයෙක්මි. මෙරට සිංහල බුද්ධාගමක් ඇත. එය බුදුන් වහන්සේ දෙසූ බුදු දහමවත් මිහිඳු හිමියන් මෙරටට ගෙනා බුදුදහමවත් නො වේ. සිංහල බුද්ධාගමෙහි නිවනක් ගැන කියැවෙයි. එහෙත් එය බුදුන් වහන්සේ දෙසූ නිවන යැයි මම මොහොතකටවත් නො සිතමි. ඒ මට නිවන අවබෝධ වීම නිසා කියන්නක් නොව මට සිතෙන නිවන දැනුම හා බැඳී තිබේ යැයි මා විශ්වාස කරන බැවින් කියන්නකි. නිවන අවබෝධ කිරීමට මා පිළිබඳ දැනුම ද ඇතුළු සියළු දැනුම් අත්හැරිය යුතු ය. ඒ බොරු බව අවබෝධකර ගත යුතු ය. ඒ දැනුම් අතර බටහිර විද්‍යාව මෙන් සෘජු දැනුම් නොවන, ප්රත්යක්ෂ නොවන, පට්ටපල් බොරු ද වෙයි. පට්ටපල් බොරු යම් සාර්ථකත්වයකට පත් වූ හිතළු වෙයි. වක්‍ර දැනුම් වූ බටහිර විද්‍යාව වැනි පට්ටපල් බොරු හිතළු වන අතර අනෙක් දැනුම් මනසෙන් (ඇතැම් විට පංචෙන්ද්‍රියන් ඇසුරෙන්) ඇතිකර ගන්නා ප්රත්යක්ෂ හෙවත් සෘජු බොරු වෙයි. නිවන ද ප්රත්යක්ෂයක් වෙයි. එහෙත් එය මනසෙන් ඇතිකර ගන්නා ප්රත්යක්ෂයක් නො වේ. නිවන පෘථග්ජන මනසෙන් අවබෝධ කරගත හැකි නම් එය ද බොරුවක් විය යුතු ය. මනසට කළ හැක්කේ වක්‍ර හෝ සෘජු බොරු ගෙතීම ය. මේ පිළිබඳ විස්තර කාලය වෙබ් අඩවියෙහි ([URL="http://www1.kalaya.org"]www.kaalaya.org[/URL]) ඉඩ ලැබෙන පරිදි පළ කරමි. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=Indigo]මහාරජ ගැමුණු චිත්‍රපටියෙන් කියැවෙන්නේ විසිවැනි සියවසට පෙර මෙරට තිබූ හා දනෙටත් අඩු වැඩි වශයෙන් පවතින සිංහල බුද්ධාගම, සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කටු සටහනකි.[/COLOR] සිංහල බුද්ධාගමට යක්ෂ ගෝත්‍රිකයන්ගේ කාලයේ සිට විවිධ අංග මුසු වී ඇත. මිහිඳු හිමියන් සමග මෞර්ය සංස්කෘතිය ද මෙරටට පැමිණියේ ය. දේවානම්පිය තිස්ස රජුගේ දෙවැනි අභිෂේකයෙන් කියැවෙන්නේ යක්ෂ සංස්කෘතියට අභියෝගාත්මක ව මෞර්ය සංස්කෘතිය මෙරටට සංක්‍රමණය වීම ය. මේ සංස්කෘතින් දෙක අතර ගැටුම, තාවකාලික ව ගැමුණු රජුගේ කාලයේ දී සමනය වී, එහෙත් පසුව අඩු වශයෙන් බටහිරයන් මෙරට ආක්‍රමණය කිරීම තෙක් පැවතියේ ය. මෞර්ය සංස්කෘතිය සමග දහමක් ලෙස අපට ථෙරවාදය ලැබිණි. ඉංගිරිසින් පාසල් පිහිටුවීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියට ඉංගිරිසි සංස්කෘතිකාංග ද මුසු වී ඇත. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ගැමුණු රජු මගේ වීරයා වන්නේ ඇයි? ඔහු දුටුගැමුණු වූයේ ඇයි? අද භාෂාවෙන් කියන්නේ නම් එදා පැවතියේ, [COLOR=Red]එකල ප්‍රචාරය කර තිබූ මතය අනුව දුෂ්ට ගාමිණී හා මිස්ට එළාර අතට සටනකි.[/COLOR] ඔහු කළ දුෂ්ටකම කුමක් ද? පියාට ගැහැණු ආභරණ යැවීම ද? ගැමුණුගේ දුර්වලකම් තිබෙන්නට ඇත. එහෙත් අපේ ඉතිහාසයේ දුෂ්ට යන විශේෂණය හිමිකර ගත් එකම රජු වීමට තරම් ඔහු දුෂ්ටකමක් කළේ ද? ඔහුට දුෂ්ට යන්න පටබඳින ලද්දේ මිස්ට එළාරගේ පුරෝහිතයා ප්රමුඛ හෙංචයියන් විසින් ද? මා සූදානම් වන්නේ් මහින්ද රාජපක්ෂ ගැමුණු රජුගේ තත්ත්වයට නැංවීමට නොවන බව අවධාරණය කළ යුතු ය. එහෙත් මහින්දට වඩා දූෂිතයන් මෙරට බුසල් ගණනින් මැනිය හැකි බව දනිමි. [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=Red]චිත්‍රපටියෙන් කියැවෙන්නේ සිංහල බෞද්ධ නොවන සංස්කෘතියක් ගැමුණු රජු අතින් පරාජයට පත්වීම ය[/COLOR]. මිස්ට එළාර මිස්ට ප්රභාකරන්ට වඩා සූරයකු වූ බව නිසැක ය. ඔහු කොහෙන් පැමිණියේ දැයි නිශ්චිතව කිව නො හැකි ය. එහෙත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ධර්මිෂ්ට බවක් මවාගෙන මහවැලි ගඟ තෙක් රට පාලනය කර ඇති බව පැහැදිලි ය. ඒ ධර්මිෂ්ටකම ජේ ආර්ගේ ධර්මිෂ්ටකමෙන්වත් යහපාලනයෙන්වත් වෙනස් වන්නට ඇතැයි සිතිය නො හැකි ය. [COLOR=Red]එළාර පරාජය නොවන්නට මෙරට කිනම් ආකාරයක් ගනු ඇත් දැයි සිතා බලන මෙන් ඉල්ලමි. අද අපට කතාකිරීමටවත් සිංහල බෞද්ධකමක් ඉතිරි වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම ගැමුණු රජු නිසා ය. [/COLOR]ඉන් පසුව මතකයට එන්නේ විජයබා රජු ය. එහෙත් විජයබා රජුට අගනුවර පොළොන්නරුවට ගෙන යෑමට සිදු විය. ගැමුණු රජු අගනුවර මාගමින් අනුරාධපුරයට ගෙනාවේ ය. අප කොළඹින් පිටවන්නේ කවදා ද?[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]බටහිර මතවාදවලින් පෝෂණය වන ඊනියා ප්‍රබුද්ධයන් ගැරහුවත් සිංහල රජවරු බෝසතුන් වීමට උත්සාහ ගත්හ. අපට අග්බෝ නමින් ම රජවරු කිහිප දෙනෙක් වූහ. එහෙත් අපේ පළමු බෝසත් රජු වූයේ ගැමුණු රජු ය. චිත්‍රපටියේ එක් තැනක ගැමුණු කුමරු අපුරු වාක්‍යයක් කියයි. ඒ අනුව ඔහු අනෙක් අයගේ නිවන වෙනුවෙන් තම නිවන කල් දමා ගත්තෙකි. මේ බෝසත් දහමයි. සුමේධ තවුසාට දීපංකර බුදුරජුන්ගේ පාදමූලයෙහි නිවන් අවබෝධ කර ගැනීමට තිබිණි. එහෙත් එතුමා අනෙක් අය සසරෙන් එතෙර කිරීම සඳහා එසේ නො කළේ ය. සසරෙන් එතෙර වීම ගඟකින් එතෙර වීම වැන්නක් නො වේ. සසරෙන් එතෙර වූ පසු සසර ද නැත, පහුර ද නැත, ඒ පිළිබඳ දැනුම ද නැත.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B] [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=Indigo]ගැමුණු රජු කළ තවත් දෙයක් ඇත. එය චිත්‍රපටියෙහි සාකච්ඡා නො වේ. ඒ යක්ෂ බුද්ධාගමත් මෞර්ය හෙවත් අශෝක බුද්ධාගමත් අතර, එනම් ඒ සංස්කෘතීන් අතර තාවකාලික වුවත් සමනයක්, අද භාවිතාවන වචන යොදා ගන්නේ නම් ඊනියා සංහිඳියාවක් ඇති කිරීම ය.[/COLOR] නන්දිමිත්ර වැනි යක්ෂ බුද්ධාගමෙහි අර්ධ නාගයෝ ද, සුරනිමල වැනි යක්ෂයෝ ද, ථෙරපුත්තාභාය වැනි මෞර්ය බෞද්ධයෝ ද මිස්ට එළාරගේ ධර්මිෂ්ට සංස්කෘතියට එරෙහිව එකම සේනාවෙහි සටන් කළහ. අද අපට එය කරගත නොහැක්කේ ඇයි? වාසනාවකට එළාර මෙරට පාසල් හා විශ්වවිද්‍යාල ඇති නො කළේ ය. අද අප අතර ඉංගිරිසින්ගේ පාසල්වලින් හා පේරාදෙනිය වැනි කසිකබල් විශ්වවිද්‍යාලවලින් බිහිවුණු (මගේ පාසල් මිතුරකුට අනුව උපන්) පුස්සෝ වෙති. ඔවුහු සමාජයේ පිළිගත්, එහෙත් සමාජයෙන් පළිගත්, ප්රබුද්ධයෝ ම වෙති. මේ ප්‍රබුද්ධයන්ගේ ප්රබුද්ධකම ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවන තරමට වැඩි වෙයි. (මතු සම්බන්ධයි) [/B][/SIZE] [B] [/B] [SIZE=3][B]නලින් ද සිල්වා[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]2015 පෙබරවාරි 15 source - [URL]http://www1.kalaya.org/2015/02/1.html[/URL][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom