Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්පානය අදම අතහරින්නට මෙන්න නොවරදින උපක්‍රම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වත්මන් ලෝකයේ දුම්පානය යනු 99ක ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දකි. ලොවපුරා සිටින මිනිසුන් බිලියන 1.1කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදුකරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50ක් පමණ මරණයට පත් වෙති. ඉතින් ඔබත් මේ වැරැදි පුරුද්දට ඇබ්බැහිව සිටියි නම් වහාම එයින් මිදෙන්න. පුරුද්දක් නසන්නට නම් අලුත් පුරුද්දක් අවශ්‍යයි. ඒ අන්දමට දුම්පානයෙන් ගැලවෙන්නට උපදෙස් කිහිපයකුයි මේ.

01. බීම බටයකින් සීතල වතුර පානය කරන්න.

මෙහිදී වතුර උරා බීම සිගරට්ටුවක් ඉරීමකට සමාන වේ. මෙම ක්‍රියාවන් දෙක මඟින්ම ඩොපර්මීන් ස්රාවය වීම උත්තේජනය වේ. ඩොපර්මීන් මඟින් මොළයට සිදුකරන බලපෑම නිසා අසතුටුදායක හැඟීම් පාලනය වන බව කියැවේ.

02. කුඩා ආහාරවේල් කීපයක් වරින්වර ගැනීම මඟින්ද දුම්පානය කිරීමට ඇතිවන ආශාව පාලනය කරගත හැක.

මෙහිදී මේදය හෝ සීනි රහිත ආහාර වර්ගයන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. එමඟින් සිරැරේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම පාලනය කර ගත හැක.

03. දුම්පානය අතහැරීම තුළින් ඔබට ලැබෙන වාසි ලැයිස්තුවක් සකස්කර ගන්න.

මෙහිදී දුම්පානය ක්‍රමයෙන් අතහරිමින් ඔබට ප්‍රායෝගිකව ලැබෙන වාසිම සටහන් කර ගැනීම කළ යුතුය. එවැනි වාසි අතර ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වීම, මුදල් ඉතිරි වීම, ආහරවල රසය මනාව දැනීම, වඩාත් ක්‍රියාශීලී බවක් ගතට දැනීම වැනි වාසි තිබිය හැක. සිගරට්ටුවක් පානය කිරීමට ආශාවක් ඇතිවන සෑමවිටකම මෙම ලැයිස්තුව කියවා බැලීම මඟින් එම ආශාව පාලනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

04. විටින් විට දත් මදින්න.

දුම්පානය අතහැරීම ඔබට නැවුම් මුවක් ලබා දේ. නිතර දත් මැදීම මඟින් ද ඔබේ මුවට නැවුම් බවක් ගෙන එන අතර, දුම්පානය මඟින් එම නැවුම් බව කෙලෙසා ගැනීමට ඔබෙ සිත තුළ අකමැත්තක් ඇතිවේ. එම සිතුවිල්ල වර්ධනය කරගැනීම මඟින් දුම් පානයට ඇති පෙළඹවීම මනාව පාලනය කරගත හැක.

05. මත්පැන්ද අතහරින්න.

මිනිසුන් දුම්පානයට පෙළඹවීමේ ප්‍රධානතම සාධකයක් වන්නේ මත්පැන් පානයයි. මත්පැන් පානය මගින් ඔබේ ආත්ම දමනය බිඳ වැටීමකට ලක්වන අතර, එනිසා දුම්පානය අතහැර සිටි අය පවා නැවත දුම්පානයට පෙළඹීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම බොහෝදෙනා මත්පැන් සමඟ දුම්වැටියක් දල්වා ගැනීම පුරුද්දක් ලෙසට සිදුකරයි. එනිසා මත්පැන් යනු දුම්පානය සමඟ ඉතා ළඟින් බැඳී පවතින පෙළඹවීමේ කාරකයක් ලෙසට හඳුනාගෙන ඇත.

06. ඔබට උචිත දුම්පානයෙන් තොර කලාප හඳුනාගන්න.

දුම් වැටියක් දල්වා ගැනීමේ උවමනාවක් ඇතිවූ ඕනෑම විටෙක මෙම කලාප භාවිත කරන්න. උදා: පුස්තකාලය. එවිට ඔබගේ අවශ්‍යතාව පාලනය කර ගැනීමට සිදුවන නිසා දුම්පානය කිරීමේ උවමනාව ක්‍රමයෙන් යටපත්ව යාම සිදුවේ.

07. ඔබට දුම්පානයෙන් මිදීමට හේතු වූ හා හේතුවන කරුණු ලැයිස්තුගත කරන්න.

එම ලයිස්තුව ඔබ නිතර ගැවසෙන ස්ථානවල අලවා තබන්න. උදා: නාන කාමරය, කුස්සිය, සාලය. මෙම ලැයිස්තුවත් සමඟම ඔබේ පවුලේ සාමාජිකයන්ගේ පින්තූරයක් එල්ලා තැබීම මඟින් එම ලැයිස්තුවේ සඵලතාව තවදුරටත් ඉහළ යනු ඇත.

08. ව්‍යායාම කිරීමට ඇබ්බැහිවන්න

ව්‍යායාම කිරීමට ඇබ්බැහිවීම වෙනත් ඇබ්බැහිවීම්වලින් මිදීමට ඉතාමත් සුදුසු විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත. සිරුර වෙහෙසවීමේදී නිපදවෙන ඇතැම් රසානයන් ඔබගේ ආතතීන් හා නරක භාවයන් පාලනය කර ඔබගේ සිතේ ප්‍රීතිමත් බව ඉහළ නැංවීමට හේතුවේ. හැකි සෑම දිනකම, යම් කාලපරාසයක් ව්‍යායාම වෙනුවෙන් වෙන්කර තැබීමට උත්සුක වීම මඟින් දුම්පානයට සිත යොමුවීම පාලනය කර ගැනීමට ඔබට පහසුවනු ඇත. දුම්පානය අත්හැර මුල් මාස කීපය තුළ, ව්‍යායාම කරා යොමුවීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම මෙනම වෙනත් ඕනෑම සිරුර වෙහෙස කරවන ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාකාරකම් මාලාවකට යොමුවීමට ඔබට නිදහස ඇත.

09. කාර්යබහුල වන්න

විශේෂයෙන්, දුම්පානය අතහැර මුල් මාස කීපය තුළ හැකිතරම් කාර්යබහුල වීමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා සැලසුම් කිරීමේදී ඔබව දුම්පානයට නැවත තල්ලුකර හැකි පෙළඹවීම්වලින් හැකිතාක් දුරට ඈත්ව සිටීම කළ යුතුය. පවුලේ අය සමඟ විනෝද සවාරියක් යාම වැනි සරල ක්‍රියාකාරක වුවද මේ සඳහා භාවිතා කළ හැක. එවැනි විටෙක ඔබ සමඟ දුම්පානය කරන සඟයන් එයට සහභාගීකර ගැනීම උචිත නොවනු ඇත.

10. වෙනත් දෙයකින් කට පුරවාගන්න

සිගරට්ටුව වෙනුවට ඔබේ මුඛය කාර්යබහුලව තබන වෙනත් ආදේශකයක් සොයාගන්න. මෙහිදී සීනි රහිත චුයින්ගම්, ටොෆී හෝ වෙනත් යම් සෞඛ්යාරක්ෂිත කැවිලි වර්ගයක් වුවද උපයෝගී කරගත හැක. සිගරට්ටුවක් ඉරීමට සිතෙන සෑම අවස්ථාවකදීම භාවිතා කිරීමට එම ආදේශකය නිතර ළඟ තබා ගැනීමට පුරුදුවන්න.

[QUOTE="muditha-85, post: 29407025, member: 559106"] වත්මන් ලෝකයේ දුම්පානය යනු 99ක ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දකි. ලොවපුරා සිටින මිනිසුන් බිලියන 1.1කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදුකරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50ක් පමණ මරණයට පත් වෙති. ඉතින් ඔබත් මේ වැරැදි පුරුද්දට ඇබ්බැහිව සිටියි නම් වහාම එයින් මිදෙන්න. පුරුද්දක් නසන්නට නම් අලුත් පුරුද්දක් අවශ්‍යයි. ඒ අන්දමට දුම්පානයෙන් ගැලවෙන්නට උපදෙස් කිහිපයකුයි මේ. 01. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]බීම බටයකින් සීතල වතුර පානය කරන්න. [/B][/URL] මෙහිදී වතුර උරා බීම සිගරට්ටුවක් ඉරීමකට සමාන වේ. මෙම ක්‍රියාවන් දෙක මඟින්ම ඩොපර්මීන් ස්රාවය වීම උත්තේජනය වේ. ඩොපර්මීන් මඟින් මොළයට සිදුකරන බලපෑම නිසා අසතුටුදායක හැඟීම් පාලනය වන බව කියැවේ. 02.[B] [/B][URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]කුඩා ආහාරවේල් කීපයක් වරින්වර ගැනීම මඟින්ද දුම්පානය කිරීමට ඇතිවන ආශාව පාලනය කරගත හැක. [/B][/URL] මෙහිදී මේදය හෝ සීනි රහිත ආහාර වර්ගයන් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. එමඟින් සිරැරේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම පාලනය කර ගත හැක. 03.[URL='https://www.sithmalyaya.com/article/health/other/600'] [B]දුම්පානය අතහැරීම තුළින් ඔබට ලැබෙන වාසි ලැයිස්තුවක් සකස්කර ගන්න.[/B][/URL] මෙහිදී දුම්පානය ක්‍රමයෙන් අතහරිමින් ඔබට ප්‍රායෝගිකව ලැබෙන වාසිම සටහන් කර ගැනීම කළ යුතුය. එවැනි වාසි අතර ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වීම, මුදල් ඉතිරි වීම, ආහරවල රසය මනාව දැනීම, වඩාත් ක්‍රියාශීලී බවක් ගතට දැනීම වැනි වාසි තිබිය හැක. සිගරට්ටුවක් පානය කිරීමට ආශාවක් ඇතිවන සෑමවිටකම මෙම ලැයිස්තුව කියවා බැලීම මඟින් එම ආශාව පාලනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත. 04. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]විටින් විට දත් මදින්න.[/B][/URL] දුම්පානය අතහැරීම ඔබට නැවුම් මුවක් ලබා දේ. නිතර දත් මැදීම මඟින් ද ඔබේ මුවට නැවුම් බවක් ගෙන එන අතර, දුම්පානය මඟින් එම නැවුම් බව කෙලෙසා ගැනීමට ඔබෙ සිත තුළ අකමැත්තක් ඇතිවේ. එම සිතුවිල්ල වර්ධනය කරගැනීම මඟින් දුම් පානයට ඇති පෙළඹවීම මනාව පාලනය කරගත හැක. 05.[B] [/B][URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]මත්පැන්ද අතහරින්න.[/B][/URL] මිනිසුන් දුම්පානයට පෙළඹවීමේ ප්‍රධානතම සාධකයක් වන්නේ මත්පැන් පානයයි. මත්පැන් පානය මගින් ඔබේ ආත්ම දමනය බිඳ වැටීමකට ලක්වන අතර, එනිසා දුම්පානය අතහැර සිටි අය පවා නැවත දුම්පානයට පෙළඹීමේ ප්‍රවණතාවයක් ඇත. එසේම බොහෝදෙනා මත්පැන් සමඟ දුම්වැටියක් දල්වා ගැනීම පුරුද්දක් ලෙසට සිදුකරයි. එනිසා මත්පැන් යනු දුම්පානය සමඟ ඉතා ළඟින් බැඳී පවතින පෙළඹවීමේ කාරකයක් ලෙසට හඳුනාගෙන ඇත. 06. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]ඔබට උචිත දුම්පානයෙන් තොර කලාප හඳුනාගන්න.[/B][/URL] දුම් වැටියක් දල්වා ගැනීමේ උවමනාවක් ඇතිවූ ඕනෑම විටෙක මෙම කලාප භාවිත කරන්න. උදා: පුස්තකාලය. එවිට ඔබගේ අවශ්‍යතාව පාලනය කර ගැනීමට සිදුවන නිසා දුම්පානය කිරීමේ උවමනාව ක්‍රමයෙන් යටපත්ව යාම සිදුවේ. 07. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]ඔබට දුම්පානයෙන් මිදීමට හේතු වූ හා හේතුවන කරුණු ලැයිස්තුගත කරන්න.[/B][/URL] එම ලයිස්තුව ඔබ නිතර ගැවසෙන ස්ථානවල අලවා තබන්න. උදා: නාන කාමරය, කුස්සිය, සාලය. මෙම ලැයිස්තුවත් සමඟම ඔබේ පවුලේ සාමාජිකයන්ගේ පින්තූරයක් එල්ලා තැබීම මඟින් එම ලැයිස්තුවේ සඵලතාව තවදුරටත් ඉහළ යනු ඇත. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][IMG align="left" width="411px"]https://www.sithmalyaya.com/images/health/health-600/larges/188.jpg[/IMG][/URL]08. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]ව්‍යායාම කිරීමට ඇබ්බැහිවන්න[/B][/URL] ව්‍යායාම කිරීමට ඇබ්බැහිවීම වෙනත් ඇබ්බැහිවීම්වලින් මිදීමට ඉතාමත් සුදුසු විකල්පයක් ලෙස හඳුනාගෙන ඇත. සිරුර වෙහෙසවීමේදී නිපදවෙන ඇතැම් රසානයන් ඔබගේ ආතතීන් හා නරක භාවයන් පාලනය කර ඔබගේ සිතේ ප්‍රීතිමත් බව ඉහළ නැංවීමට හේතුවේ. හැකි සෑම දිනකම, යම් කාලපරාසයක් ව්‍යායාම වෙනුවෙන් වෙන්කර තැබීමට උත්සුක වීම මඟින් දුම්පානයට සිත යොමුවීම පාලනය කර ගැනීමට ඔබට පහසුවනු ඇත. දුම්පානය අත්හැර මුල් මාස කීපය තුළ, ව්‍යායාම කරා යොමුවීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම මෙනම වෙනත් ඕනෑම සිරුර වෙහෙස කරවන ක්‍රියාකාරකමකට හෝ ක්‍රියාකාරකම් මාලාවකට යොමුවීමට ඔබට නිදහස ඇත. 09. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]කාර්යබහුල වන්න[/B][/URL] විශේෂයෙන්, දුම්පානය අතහැර මුල් මාස කීපය තුළ හැකිතරම් කාර්යබහුල වීමට වගබලා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා සැලසුම් කිරීමේදී ඔබව දුම්පානයට නැවත තල්ලුකර හැකි පෙළඹවීම්වලින් හැකිතාක් දුරට ඈත්ව සිටීම කළ යුතුය. පවුලේ අය සමඟ විනෝද සවාරියක් යාම වැනි සරල ක්‍රියාකාරක වුවද මේ සඳහා භාවිතා කළ හැක. එවැනි විටෙක ඔබ සමඟ දුම්පානය කරන සඟයන් එයට සහභාගීකර ගැනීම උචිත නොවනු ඇත. 10. [URL='https://www.sithmalyaya.com/article/health/other/600'][B]වෙනත් දෙයකින් කට පුරවාගන්න[/B][/URL] සිගරට්ටුව වෙනුවට ඔබේ මුඛය කාර්යබහුලව තබන වෙනත් ආදේශකයක් සොයාගන්න. මෙහිදී සීනි රහිත චුයින්ගම්, ටොෆී හෝ වෙනත් යම් සෞඛ්යාරක්ෂිත කැවිලි වර්ගයක් වුවද උපයෝගී කරගත හැක. සිගරට්ටුවක් ඉරීමට සිතෙන සෑම අවස්ථාවකදීම භාවිතා කිරීමට එම ආදේශකය නිතර ළඟ තබා ගැනීමට පුරුදුවන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom