Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්බර මගීන්ට නවාතැන් දුන් පුරාණ අම්බලම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර තැන්නෙකුඹුර පාලමෙන් එපිට පිහිටි මහවැලි ගංගාවෙන් එගොඩ පෙදෙස උඩරට රාජධානි කාලෙදි හැඳින්වුණේ දුම්බර රට කියලයි. දුම්බර ප්‍රදේශය මහනුවර නගරයට වඩා උසින් වැඩි බෑවුම් සහිත පළාතක් නිසා ඒ පළාතේ සිට මහනුවර ඇතුළු පෙදෙස්වලට යාමේ දී මගීන්ට නිතර විවේක ගනිමින් ගමන් කරන්නට සිදු වුණා. මේ නිසා පාතදුම්බර මෙන් ම උඩදුම්බරත් පුරාණයේ අම්බලම් බහුල ව ඉදිකර තිබුණා. අතරමග රෑ බෝ වුණොත් නිදාගැනීමටත් මේ අම්බලම් භාවිත කළා. ඒ අතරින් අම්බලම් රාශියක් අදටත් දැකගත හැකි යි. මේ සමහර අම්බලම් පුරාවිද්‍යා ස්මාරක ලෙසත් නම්කර තිබෙනවා.

කෙන්ගල්ල අම්බලම-

අම්බලමේ පින

අම්බලම් ගොඩනැංවීම, උතුම් පුණකර්මයක් සේ පුරාණ සමාජයේ සැලකුණා. පිං පතා බුදුගෙවල් හා දාගබ් ඉදි කරන්නාක් මෙන් ම, මහජන යහපත පතා ගම්වැසියන් එක් වී අම්බලම් පිහිටුවූවා. අම්බලමක් ඉදිකළේ මාර්ගයක් අද්දර මගීන්ට පහසු තැනක යි. කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල මංගලගම අම්බලම මෙන් ම කඩුගන්නාව කන්දේ අම්බලමත් එවැනි අපි නිතර දකින අම්බලම් දෙකක්. අම්බලම නිර්මාණය කිරීම පහසු කාර්යයක් වුණේ නැහැ. දිගුකලක් පවතින ලෙස ශක්තිමත් දැවවලින් තමයි මේවා හැදුවේ. අම්බලම් ඉදිකිරීමට කළුගල් ද යොදා ගත්තා. දැන් අපි දුම්බර අම්බලම් කිහිපයක ගිමන් හරින්නට යමු.

අලංකාර අම්බලම-

කෙවුල්ගම අම්බලම

මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි මේ අම්බලම පිහිටා ඇත්තේ. අම්බලම මහනුවර යුගයේ දී ඉදිකරන ලද්දක් ලෙස සැලකෙනවා. මහනුවර තාලේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ හා දැව කැටයම් මෙහි දැකගැනීමට පුළුවන්. මහනුවර මහියංගණය මාර්ගයේ හුන්නස්ගිරිය නගරයෙන් හැරී නුගේතැන්න හරහා කිලෝ මීටර් 5ක පමණ දුරක් පැමිණීමෙන් කෙවුල්ගමට ළඟාවිය හැකි යි. කඳු බෑවුමේ සුන්දර වෙල් යායක් අසබඩ තුරුගොමු සමීපයක පිහිටි මේ දැව නිර්මාණය පුරාවිද්‍යා ස්මාරකයක්.

මැටි හා සක්කගල් භාවිතයෙන් පිහිටි පොළොවේ සිට ඉහළට එසවෙන ලෙසින් සකස් කළ පාදමක් මත තමයි අම්බලමේ දැව සැකිල්ල පිහිටුවා තිබෙන්නේ. විශාල දැව කඳන් හතරක් කට්ට කපා ඒ මත කුඩුම්බි කපා ඉහළට එසවෙන කැටයම් සහිත කණු හතරක් සවිකර ඒ මත දැව රාමුවක් ඉහළින් සවිකර පියස්ස තනා තිබෙනවා. පියස්ස සහිත දැව රාමුවේ සෑම කෙළවරක් ම පහළට එල්ලෙන නෙලුම් මල් හැඩැති පේකඩ නිර්මාණ දැකගත හැකි යි.

පියස්සට සිංහල උළු සෙවිලි කර තිබෙනවා. වහලය පල හතරකින් යුක්ත යි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑතකදී මේ අම්බලම සංරක්ෂණය කර තිබෙනවා. කෙවුල්ගම සිට කිලෝ මීටරයක පමණ දුරකින් පිහිටි ගනේවෙල ද තවත් අම්බලමක් පිහිටා තිබෙනවා.

පිටවල අම්බලම

මේ අම්බලමත් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන තවත් දැව නිර්මාණයක්. මෙයත් කෙවුල්ගම අම්බලමට තරමක් සමාන යි. මහනුවර මහියංගණය මාර්ගයේ කළුන්තැන්න 7 කණුව අසලින් හැරී පැමිණි විට පිටවල ගම්මානයට අපිට ළඟාවිය හැකි යි. පිටවල රජ මහා විහාරය අසල අම්බලම පිහිටා තිබෙනවා. අම්බලම ඉදිකර තිබෙන්නේ ද කළුගලින් කළ පදනමක් මත යි. මැටි හා සක්කගල්වලින් තමයි පාදම සකස් කර ඇත්තේ.

දැව කඳන් 4 කින් කළ රාමුවක් මත කණු සිටුවා කණු හතරක් මත තැනූ දැව රාමුවක වහලය සකස් කර තිබෙනවා. මේ අම්බලම අදින් වසර 150 කට පෙර ඉදිකළ බව පැවසෙනවා. දැව කණුවල මැද සරල කැටයම් කොටා තිබෙනු දැකගත හැකි යි.

ගරාවැටෙන අම්බලම-

අමුණුගම අම්බලම

කටුගස්තොටින් කිලෝ මීටර් 8ක් දුරින් පිහිටි මැදවල සිට මඳ දුරකින් අමුණුගම පිහිටා තිබෙනවා. මේ අම්බලම අවුරුදු 100කට පෙර තනා ඇති බව පේනවා. දිගන, තෙල්දෙණිය, මැණික්හින්න සහ කුණ්ඩසාලේ සිට මහනුවරට යන මගීන් මේ අම්බලම භාවිත කර තිබෙනවා. ගඩොලින් බැඳි කොට බිත්ති සහිත ව ඉදිකර ඇති මෙහි කුලුනු හතරක් මත පියස්ස තනා තිබෙනවා. පියස්සට සෙවිලි කර ඇත්තේ සිංහල උළුයි.

දිගන ගල් අම්බලම

දිගන හන්දියේ සිට වික්ටෝරියා ජලාශ මාවතේ කිලෝ මීටර් එකහමාරක් දුරින් පිහිටි ගලින් බැඳි අම්බලමක්. දුන්හින්න ග්‍රාමීය රෝහල අසල මෙය පිහිටා තිබෙනවා. කනගාටුවට කරුණ නම් මෙහි ගල් කුලුනු බොහෝමයක් අවට නිවාස තැනීමට ගෙන ගොස් ඇති නිසා දැන් අතුරුදහන් ව තිබීම යි.

පෞද්ගලික නිවාස මැද අම්බලම-

කරල්ලියද්ද අම්බලම

අම්බලම පිහිටා තිබෙන්නේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ කරල්ලියද්ද ගමේ. තෙල්දෙණිය ලංගම ඩිපෝව අසල සිට මීටර් 500ක් දුරින් අම්බලම දැකගත හැකි යි. පුරාවිද්‍යා ස්මාරකයක වන මේ අම්බලම අවට පසුකාලීන ව නිවාස ඉදිකිරීම නිසා එය පිහිටා තිබෙන්නේ පුද්ගලික ඉඩමක් ඇතුළේ නිවාසවලින් වටවුණු පරිසරයක යි.

අම්බලම පිහිටුවා ඇති කළුගල් අත්තිවාරම අඩි එකහමාරක් පමණ උස යි. එය මත උසින් අඩු ගල් 4ක් මත විශාල ලී කඳන් 4ක් දමා තමයි අම්බලමේ පියස්ස තනා තිබෙන්නේ. මෙසේ ගල් මත දැව කණු පිහිටුවා ඇත්තේ වේයන්ගෙන් ආරක්ෂා වීමට යි. හිඳ ගැනීමට ඇත්තේත් මෙම ලී කඳන්ම යි. අම්බලමේ සතර කොනෙන් නැගෙන ලී කුලුනු 4ක් මත වහලය රඳා තිබෙනවා. සතරැස් ලෙස ආරම්භ වන මෙම කණු ස්ථාන දෙකක දී ෂඩස්‍රාකාර හැඩයක් ගන්නවා. මෙහි කණුවල කැටයම් දැකගැනීමට නම් නැහැ. පියස්සට පෙතිඋළු සෙවිලි කර තිබෙනවා.

සංරක්ෂණය කළ අම්බලම

පුටුහපුව අම්බලම

තෙල්දෙණිය මැද දුම්බර ප්‍රදේශයේ තිබෙන කුඩා නගරයක් වන පුටුහපුව පාරවල් පහක් හමුවන හන්දියක්. එහි අඩි 4ක් උස වේදිකාවක් මත පාර අද්දර ම අම්බලම ඉදිකර තිබෙනවා. මෙය මගීන්ට පුවපහසුව සිටීමට තරම් ඉඩකඩ සහිත යි. අම්බලම ඉදි කර තිබෙන්නේ කළුගලින් බැඳි කණු සහිත ව යි. කළුගල් කණු 10ක් මත මෙහි පිටත බිත්ති අතර තනා තිබෙන අතර අම්බලම මැද කණු හතරක් සහිත යි.

පියස්ස තනා ඇත්තේ මේ කණු ආධාර කරගෙනයි. පියස්සේ කොටසක සිංහල උළුත් තවත් කොටසක් රටඋළුත් සෙවිලි කර තිබෙනවා. හගුරන්කෙත අම්බලමේ පියස්ස ද මෙයට සමාන යි. මෙහි තිබෙන කොට බිත්ති මගීන්ට හිඳ ගැනීමට ආසන වශයෙන් ද භාවිත කළ හැකි යි. මෑතක දී මේ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබෙනවා.

සිරිමල්වත්ත අම්බලම -

සිරිමල්වත්ත අම්බලම

කුඩා නගරයක් වන සිරිමල්වත්තට මහනුවර සිට තැන්නෙකුඹුර මාර්ගයේ බූවැලිකඩ හන්දියෙන් ලේවැල්ල පාලම පසුකොට දකුණට දිවෙන පාරේ ගමන් කළ යුතුයි. ජනප්‍රවාද පවසන්නේ ශ්‍රී වික්‍රම රජසිංහ රජ කාලයේ ප්‍රාදේශීය ප්‍රධානියකු මෙහි පිහිටි අම්බලම ඉදිකරවූ බවයි.

පසුකාලීන ව කළ ප්‍රතිසංස්කරණ නිසා අද වනවිට මෙහි මුල් ස්වරූපය වෙනස් වී තිබෙනවා. ශේෂ වී ඇති දැව කුලුනුවල උඩරට සම්ප්රදායේ කැටයම් දැකගත හැකි යි. අම්බලම මැද අසුන් ගැනීමට තැනූ උස් පඩි වැනි ආසන තිබෙනවා.වහලය තනා ඇත්තේ කුලුනු 13ක් මත යි. කුලුනු පේකඩ කලාත්මක කැටයම් සහිත යි.

අම්බලමේ කෙටූ සටහන

කෙන්ගල්ල අම්බලම

මහනුවර පල්ලෙකැලේ හරහා දිගන වෙත ගමන් කිරීමේදී හමුවන කෙන්ගල්ල කුඩා නගරයේ බස් නැවතුම්පල අසල ජනාකීර්ණ තැනක පිහිටා තිබෙන අම්බලමක්. තමිල්නාඩුවේ තන්ජූර් හී සිට පැමිණි දෙමළ වගාකරුවකු වන කේ. වයිතිලිංගම් 1907 වර්ෂයේ දී මෙම අම්බලම ඉදිකළ බව එහි ගල්කණුවල සිංහල, ඉංග්‍රිසි සහ දෙමළ භාෂාවලින් කොටා තිබෙනවා. විශේෂත්වය නම් ඒ වගාකරුවා 1739 සිය 1815 දක්වා මහනුවර රාජධානිය පාලනය කළ නායක්කර් රාජ වංශිකයන්ගේ ඥාති පරපුරකට සම්බන්ධ බව පැවසීමයි.

මෙය තරමක් විශාල අම්බලමක්. වෙළෙන්දන්ට විවේක ගැනීමට මෙය ඉදි කළ බවයි පැවසෙන්නේ. ගල් කුලුනු ආධාරයෙන් ඉදිකොට ඇති අම්බලමේ වහලයට රට උළු සෙවිලි කොට තිබෙන්නේ පසුකාලීන ප්‍රතිසංස්කරණවල දී විය හැකියි. අම්බලම කාමර දෙකකින් සමන්විත ව තිබූ බව පැවසෙනවා. එක් කාමරයක් පුරුෂ පාර්ශවය උදෙසාත්, අනෙක් කාමරය කාන්තා පාර්ශවය උදෙසාත් ඉදි කොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

[QUOTE="vinuga, post: 27118515, member: 520332"] මහනුවර තැන්නෙකුඹුර පාලමෙන් එපිට පිහිටි මහවැලි ගංගාවෙන් එගොඩ පෙදෙස උඩරට රාජධානි කාලෙදි හැඳින්වුණේ දුම්බර රට කියලයි. දුම්බර ප්‍රදේශය මහනුවර නගරයට වඩා උසින් වැඩි බෑවුම් සහිත පළාතක් නිසා ඒ පළාතේ සිට මහනුවර ඇතුළු පෙදෙස්වලට යාමේ දී මගීන්ට නිතර විවේක ගනිමින් ගමන් කරන්නට සිදු වුණා. මේ නිසා පාතදුම්බර මෙන් ම උඩදුම්බරත් පුරාණයේ අම්බලම් බහුල ව ඉදිකර තිබුණා. අතරමග රෑ බෝ වුණොත් නිදාගැනීමටත් මේ අම්බලම් භාවිත කළා. ඒ අතරින් අම්බලම් රාශියක් අදටත් දැකගත හැකි යි. මේ සමහර අම්බලම් පුරාවිද්‍යා ස්මාරක ලෙසත් නම්කර තිබෙනවා. [IMG]https://assets.roar.media/assets/4a4FkfUsS2UPW7QE_1.jpg?w=840[/IMG] කෙන්ගල්ල අම්බලම- [HEADING=1]අම්බලමේ පින[/HEADING] අම්බලම් ගොඩනැංවීම, උතුම් පුණකර්මයක් සේ පුරාණ සමාජයේ සැලකුණා. පිං පතා බුදුගෙවල් හා දාගබ් ඉදි කරන්නාක් මෙන් ම, මහජන යහපත පතා ගම්වැසියන් එක් වී අම්බලම් පිහිටුවූවා. අම්බලමක් ඉදිකළේ මාර්ගයක් අද්දර මගීන්ට පහසු තැනක යි. කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල මංගලගම අම්බලම මෙන් ම කඩුගන්නාව කන්දේ අම්බලමත් එවැනි අපි නිතර දකින අම්බලම් දෙකක්. අම්බලම නිර්මාණය කිරීම පහසු කාර්යයක් වුණේ නැහැ. දිගුකලක් පවතින ලෙස ශක්තිමත් දැවවලින් තමයි මේවා හැදුවේ. අම්බලම් ඉදිකිරීමට කළුගල් ද යොදා ගත්තා. දැන් අපි දුම්බර අම්බලම් කිහිපයක ගිමන් හරින්නට යමු. [IMG]https://assets.roar.media/assets/eZOOet4MhrgWQhRE_2.jpg?w=840[/IMG] අලංකාර අම්බලම- [HEADING=1]කෙවුල්ගම අම්බලම[/HEADING] මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි මේ අම්බලම පිහිටා ඇත්තේ. අම්බලම මහනුවර යුගයේ දී ඉදිකරන ලද්දක් ලෙස සැලකෙනවා. මහනුවර තාලේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ හා දැව කැටයම් මෙහි දැකගැනීමට පුළුවන්. මහනුවර මහියංගණය මාර්ගයේ හුන්නස්ගිරිය නගරයෙන් හැරී නුගේතැන්න හරහා කිලෝ මීටර් 5ක පමණ දුරක් පැමිණීමෙන් කෙවුල්ගමට ළඟාවිය හැකි යි. කඳු බෑවුමේ සුන්දර වෙල් යායක් අසබඩ තුරුගොමු සමීපයක පිහිටි මේ දැව නිර්මාණය පුරාවිද්‍යා ස්මාරකයක්. මැටි හා සක්කගල් භාවිතයෙන් පිහිටි පොළොවේ සිට ඉහළට එසවෙන ලෙසින් සකස් කළ පාදමක් මත තමයි අම්බලමේ දැව සැකිල්ල පිහිටුවා තිබෙන්නේ. විශාල දැව කඳන් හතරක් කට්ට කපා ඒ මත කුඩුම්බි කපා ඉහළට එසවෙන කැටයම් සහිත කණු හතරක් සවිකර ඒ මත දැව රාමුවක් ඉහළින් සවිකර පියස්ස තනා තිබෙනවා. පියස්ස සහිත දැව රාමුවේ සෑම කෙළවරක් ම පහළට එල්ලෙන නෙලුම් මල් හැඩැති පේකඩ නිර්මාණ දැකගත හැකි යි. පියස්සට සිංහල උළු සෙවිලි කර තිබෙනවා. වහලය පල හතරකින් යුක්ත යි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑතකදී මේ අම්බලම සංරක්ෂණය කර තිබෙනවා. කෙවුල්ගම සිට කිලෝ මීටරයක පමණ දුරකින් පිහිටි ගනේවෙල ද තවත් අම්බලමක් පිහිටා තිබෙනවා. [IMG]https://assets.roar.media/assets/Jzhn9DrVpCXnf65K_3.jpg?w=840[/IMG] [HEADING=1]පිටවල අම්බලම[/HEADING] මේ අම්බලමත් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන තවත් දැව නිර්මාණයක්. මෙයත් කෙවුල්ගම අම්බලමට තරමක් සමාන යි. මහනුවර මහියංගණය මාර්ගයේ කළුන්තැන්න 7 කණුව අසලින් හැරී පැමිණි විට පිටවල ගම්මානයට අපිට ළඟාවිය හැකි යි. පිටවල රජ මහා විහාරය අසල අම්බලම පිහිටා තිබෙනවා. අම්බලම ඉදිකර තිබෙන්නේ ද කළුගලින් කළ පදනමක් මත යි. මැටි හා සක්කගල්වලින් තමයි පාදම සකස් කර ඇත්තේ. දැව කඳන් 4 කින් කළ රාමුවක් මත කණු සිටුවා කණු හතරක් මත තැනූ දැව රාමුවක වහලය සකස් කර තිබෙනවා. මේ අම්බලම අදින් වසර 150 කට පෙර ඉදිකළ බව පැවසෙනවා. දැව කණුවල මැද සරල කැටයම් කොටා තිබෙනු දැකගත හැකි යි. [IMG]https://assets.roar.media/assets/7eaE9PTrWyb5uZZ3_4.jpg?w=840[/IMG] ගරාවැටෙන අම්බලම- [HEADING=1]අමුණුගම අම්බලම[/HEADING] කටුගස්තොටින් කිලෝ මීටර් 8ක් දුරින් පිහිටි මැදවල සිට මඳ දුරකින් අමුණුගම පිහිටා තිබෙනවා. මේ අම්බලම අවුරුදු 100කට පෙර තනා ඇති බව පේනවා. දිගන, තෙල්දෙණිය, මැණික්හින්න සහ කුණ්ඩසාලේ සිට මහනුවරට යන මගීන් මේ අම්බලම භාවිත කර තිබෙනවා. ගඩොලින් බැඳි කොට බිත්ති සහිත ව ඉදිකර ඇති මෙහි කුලුනු හතරක් මත පියස්ස තනා තිබෙනවා. පියස්සට සෙවිලි කර ඇත්තේ සිංහල උළුයි. [HEADING=1]දිගන ගල් අම්බලම[/HEADING] දිගන හන්දියේ සිට වික්ටෝරියා ජලාශ මාවතේ කිලෝ මීටර් එකහමාරක් දුරින් පිහිටි ගලින් බැඳි අම්බලමක්. දුන්හින්න ග්‍රාමීය රෝහල අසල මෙය පිහිටා තිබෙනවා. කනගාටුවට කරුණ නම් මෙහි ගල් කුලුනු බොහෝමයක් අවට නිවාස තැනීමට ගෙන ගොස් ඇති නිසා දැන් අතුරුදහන් ව තිබීම යි. [IMG]https://assets.roar.media/assets/yXREcwGLFAOTlnTJ_5.jpg?w=840[/IMG] පෞද්ගලික නිවාස මැද අම්බලම- [HEADING=1]කරල්ලියද්ද අම්බලම[/HEADING] අම්බලම පිහිටා තිබෙන්නේ මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ කරල්ලියද්ද ගමේ. තෙල්දෙණිය ලංගම ඩිපෝව අසල සිට මීටර් 500ක් දුරින් අම්බලම දැකගත හැකි යි. පුරාවිද්‍යා ස්මාරකයක වන මේ අම්බලම අවට පසුකාලීන ව නිවාස ඉදිකිරීම නිසා එය පිහිටා තිබෙන්නේ පුද්ගලික ඉඩමක් ඇතුළේ නිවාසවලින් වටවුණු පරිසරයක යි. අම්බලම පිහිටුවා ඇති කළුගල් අත්තිවාරම අඩි එකහමාරක් පමණ උස යි. එය මත උසින් අඩු ගල් 4ක් මත විශාල ලී කඳන් 4ක් දමා තමයි අම්බලමේ පියස්ස තනා තිබෙන්නේ. මෙසේ ගල් මත දැව කණු පිහිටුවා ඇත්තේ වේයන්ගෙන් ආරක්ෂා වීමට යි. හිඳ ගැනීමට ඇත්තේත් මෙම ලී කඳන්ම යි. අම්බලමේ සතර කොනෙන් නැගෙන ලී කුලුනු 4ක් මත වහලය රඳා තිබෙනවා. සතරැස් ලෙස ආරම්භ වන මෙම කණු ස්ථාන දෙකක දී ෂඩස්‍රාකාර හැඩයක් ගන්නවා. මෙහි කණුවල කැටයම් දැකගැනීමට නම් නැහැ. පියස්සට පෙතිඋළු සෙවිලි කර තිබෙනවා. [IMG]https://assets.roar.media/assets/tUOeKE41IfZaW0W3_6.jpg?w=840[/IMG] සංරක්ෂණය කළ අම්බලම [HEADING=1]පුටුහපුව අම්බලම[/HEADING] තෙල්දෙණිය මැද දුම්බර ප්‍රදේශයේ තිබෙන කුඩා නගරයක් වන පුටුහපුව පාරවල් පහක් හමුවන හන්දියක්. එහි අඩි 4ක් උස වේදිකාවක් මත පාර අද්දර ම අම්බලම ඉදිකර තිබෙනවා. මෙය මගීන්ට පුවපහසුව සිටීමට තරම් ඉඩකඩ සහිත යි. අම්බලම ඉදි කර තිබෙන්නේ කළුගලින් බැඳි කණු සහිත ව යි. කළුගල් කණු 10ක් මත මෙහි පිටත බිත්ති අතර තනා තිබෙන අතර අම්බලම මැද කණු හතරක් සහිත යි. පියස්ස තනා ඇත්තේ මේ කණු ආධාර කරගෙනයි. පියස්සේ කොටසක සිංහල උළුත් තවත් කොටසක් රටඋළුත් සෙවිලි කර තිබෙනවා. හගුරන්කෙත අම්බලමේ පියස්ස ද මෙයට සමාන යි. මෙහි තිබෙන කොට බිත්ති මගීන්ට හිඳ ගැනීමට ආසන වශයෙන් ද භාවිත කළ හැකි යි. මෑතක දී මේ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබෙනවා. [IMG]https://assets.roar.media/assets/vTtf0bwHkC0bToVK_7.jpg?w=840[/IMG] සිරිමල්වත්ත අම්බලම - [HEADING=1]සිරිමල්වත්ත අම්බලම[/HEADING] කුඩා නගරයක් වන සිරිමල්වත්තට මහනුවර සිට තැන්නෙකුඹුර මාර්ගයේ බූවැලිකඩ හන්දියෙන් ලේවැල්ල පාලම පසුකොට දකුණට දිවෙන පාරේ ගමන් කළ යුතුයි. ජනප්‍රවාද පවසන්නේ ශ්‍රී වික්‍රම රජසිංහ රජ කාලයේ ප්‍රාදේශීය ප්‍රධානියකු මෙහි පිහිටි අම්බලම ඉදිකරවූ බවයි. පසුකාලීන ව කළ ප්‍රතිසංස්කරණ නිසා අද වනවිට මෙහි මුල් ස්වරූපය වෙනස් වී තිබෙනවා. ශේෂ වී ඇති දැව කුලුනුවල උඩරට සම්ප්රදායේ කැටයම් දැකගත හැකි යි. අම්බලම මැද අසුන් ගැනීමට තැනූ උස් පඩි වැනි ආසන තිබෙනවා.වහලය තනා ඇත්තේ කුලුනු 13ක් මත යි. කුලුනු පේකඩ කලාත්මක කැටයම් සහිත යි. [IMG]https://assets.roar.media/assets/dyoEBZDEFPrPRDaU_8.jpg?w=840[/IMG] අම්බලමේ කෙටූ සටහන [HEADING=1]කෙන්ගල්ල අම්බලම[/HEADING] මහනුවර පල්ලෙකැලේ හරහා දිගන වෙත ගමන් කිරීමේදී හමුවන කෙන්ගල්ල කුඩා නගරයේ බස් නැවතුම්පල අසල ජනාකීර්ණ තැනක පිහිටා තිබෙන අම්බලමක්. තමිල්නාඩුවේ තන්ජූර් හී සිට පැමිණි දෙමළ වගාකරුවකු වන කේ. වයිතිලිංගම් 1907 වර්ෂයේ දී මෙම අම්බලම ඉදිකළ බව එහි ගල්කණුවල සිංහල, ඉංග්‍රිසි සහ දෙමළ භාෂාවලින් කොටා තිබෙනවා. විශේෂත්වය නම් ඒ වගාකරුවා 1739 සිය 1815 දක්වා මහනුවර රාජධානිය පාලනය කළ නායක්කර් රාජ වංශිකයන්ගේ ඥාති පරපුරකට සම්බන්ධ බව පැවසීමයි. මෙය තරමක් විශාල අම්බලමක්. වෙළෙන්දන්ට විවේක ගැනීමට මෙය ඉදි කළ බවයි පැවසෙන්නේ. ගල් කුලුනු ආධාරයෙන් ඉදිකොට ඇති අම්බලමේ වහලයට රට උළු සෙවිලි කොට තිබෙන්නේ පසුකාලීන ප්‍රතිසංස්කරණවල දී විය හැකියි. අම්බලම කාමර දෙකකින් සමන්විත ව තිබූ බව පැවසෙනවා. එක් කාමරයක් පුරුෂ පාර්ශවය උදෙසාත්, අනෙක් කාමරය කාන්තා පාර්ශවය උදෙසාත් ඉදි කොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom