Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුම්රියෙන් ගමන් බිමන් ගිය ලෝක නායකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රියෙන් ගමන් බිමන් ගිය ලෝක නායකයෝ

දුම්රියෙන් ගමන් බිමන් ගිය ලෝක නායකයෝ

උතුරු කොරියානු නායක කිම් ජොං උන් පසුගියදා චීනයේ සංචාරයක නිරත විය. 2011 දී තම පියාගේ අභාවයෙන් පසු බලයට පත් කිම් ජොං උන් විදේශයක සංචාරය කළ පළමු අවස්ථාව වූ එය සිදුවූයේ ඉතා රහසිගතවය. ඔහුගේ චීන සංචාරය ගුවනින් නොව රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා වෙන් වූ අධිආරක්ෂිත දුම්රියකින් වීම සුවිශේෂ සිදුවීමකි. කහ පැහැති ඉරක් සහිත ඔලිව් කොළ පැහැයෙන් වර්ණවත් වූ එම දුම්රිය ඔහුගේ පියා වූ කිම් ජොං ඉල් භාවිත කළ දුම්රිය හෝ වෙනත් දුම්රියක් හෝ විය හැකි යැයි මාධ්‍ය වාර්තා කළේය.

මැදිරි 21කින් සමන්විත එම දුම්රිය, රෝස පැහැති සෝෆාවලින් හා සුදු පැහැති මේසයකින් සමන්විත සාකච්ඡා මැදිරියකින්, පටි සහිත කවුළු ආවරණ යෙදූ කාර්යාල මැදිරියකින්, විවිධ ආහාරපාන, වයින් හා ෂැම්පේන්වලින් පිරුණු ආපනශාලාවකින්, මුළුතැන්ගෙයකින් හා සුඛෝපභෝගී නිදන මැදිරි ඇතුළු වෙනත් පහසුකම්වලින් සමන්විතය. ප්‍රදර්ශන මැදිරියේ විවිධ සිතියම් ප්‍රදර්ශනය කෙරෙන අතර සෑම දුම්රිය නැවතුමක්ම පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන පරිදි එම ස්ථාන කුඩා විදුලි බුබුළුවලින් සලකුණු කර තිබේ. බිමට ඝනකම් ලෑලි අතුරා ඇති අතර, සෑම මැදිරියක්ම වෙඩි නොවදින ලෝහයකින් නිමවා තිබේ. එහෙයින් එම දුම්රිය වෙනත් දුම්රියකට වඩා බරින් වැඩිය. දුම්රිය එන්ජින් දෙකකින් බලගැන්වෙන එහි වේගය පැයට කිලෝමීටර 60 කි. උතුරු කොරියානු නායකයන්ගේ පෞද්ගලික දුම්රිය අතීතයේ සිට හැඳින්වෙන්නේ “ඔරියන්ට් එක්ස්ප්‍රස්” නමිනි.

උතුරු කොරියානු වාර්තාවලට අනුව කොරියානු නායකයකු දුම්රියෙන් ගමන් ගන්නා විට එම දුම්රිය සමඟ තවත් දුම්රිය දෙකක් ධාවනය කෙරේ. ඉදිරියෙන් යන එක් දුම්රියක් මාර්ගයේ කිසියම් අවහිරතාවක් පවතී ද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී වෙයි. නායකයා හා පිරිවර ගමන් ගන්නා දුම්රිය ආරක්ෂක හේතූන් මත ගමනාරම්භ කරනුයේ පළමු දුම්රිය ගමන් කොට මිනිත්තු 20කට පමණ පසුය. නායකයාගේ දුම්රියට ආරක්ෂාව සලසමින් එයට පසුපසින් තුන් වැනි දුම්රිය ගමන් කරයි.

නායකයාගේ ආරක්ෂකයන් සියලු දෙනා ගමන් කරනුයේ එම දුම්රියේය. මෙම දුම්රිය තුන විශේෂයෙන් සකස් කරන ලද මැදිරි 90කින් සමන්විත වේ. සැටලයිට් දුරකථන ඇතුළු අධිතාක්ෂණික සන්නිවේදන උපකරණවලින් හා රූපවාහිනී යන්ත්‍ර රැසක් සහිත එම දුම්රිය තුනෙහි ගමන් ගන්නා පිරිසට ඍජුවම නායකයා හා සම්බන්ධ විය හැකි වන අතර ඔහුගේ උපදෙස් පහසුවෙන් ලබාගත හැකිය. දුම්රිය ගමන ආරම්භ වීමට පැය විසි හතරකට පෙර එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු තර කෙරේ.

උතුරු කොරියානු සියලු නායකයන් සංචාරයන්හි යෙදුණේ දුම්රියෙනි. උතුරු කොරියාවේ නිර්මාතෘවරයා වූ කිම් ඉල් සුං කොරියානු යුද්ධය පැවැති සමයේ තම මූලස්ථානය බවට පත් කර ගෙන සිටියේ දුම්රියකි. ආරක්ෂක ස්ථාන රැසක් ඉදිකළ ඔහු ඉන් වැඩි ප්‍රමාණයක් දුම්රිය ස්ථානයක් ආසන්නයේ ස්ථාපනය කිරීමට කටයුතු කළේය. ඉන් ස්ථාන 19ක්ම ඔහුගේ පෞද්ගලික දුම්රියට පමණක් ළඟා විය හැකි ස්ථාන විය.

ඔහුගේ දීර්ඝතම දුම්රිය සංචාරය 1974 දී සිදු විය. එම සංචාරයේදී ඔහු චීනය ඔස්සේ සෝවියට් දේශය, නැගෙනහිර පෝලන්තය, ජර්මනිය, චෙකෝස්ලොවේකියාව, හංගේරියාව, යුගෝස්ලාවියාව, බල්ගේරියාව සහ රුමේනියාව වැනි සමාජවාදී රටවල් රැසක සංචාරයේ නිරත විය. ඔහු පසුපසින් ගමන් ගන්නා ලද දුම්රියේ ආරක්ෂකයන් සහ එහි නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය රෝද, ඇක්සල් වැනි උපකරණ හා කාර්මිකයන් ද විය.

කිම් ඉල් සුං ගෙන් පසු බලයට පැමිණි ඔහුගේ පුත්‍රයා වූ කිම් ජොං ඉල් ගුවන් ගමන්වලට දැඩි බියක් දැක්වූවකු වූ හෙයින් සංචාරවල යෙදුණේ දුම්රියෙන් පමණි. රට පුරා විවිධ ප්‍රදේශවල දුම්රියෙන් පමණක් සංචාරය කළ ඔහු කම්හල්, හමුදා මූලස්ථාන වැනි ස්ථාන කරා ගියේ ද දුම්රියෙනි. විදේශ සංචාර ගණනාවක නිරත වූ ඔහු ඒ සියලු සංචාර සඳහා දුම්රිය භාවිත කිරීමට ක්‍රියා කළේය. 1994 සිට 2011 අතර කාලයේ ඔහු සත් වරක් චීනයේත්, තුන් වරක් රුසියාවේත් සංචාරයේ යෙදිණි. තම ආරක්ෂාව සඳහා මෙම සියලු සංචාර ඉතා රහසිගතව සිදු කෙරුණු අතර ඒ පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ සංචාරය අවසන් වීමෙන් පසුය.

මේ වන තෙක් අනාවරණ නොවූ සංචාර ද ඇතැයි ද වාර්තා වේ. උතුරු කොරියානු නායකයන් තම ආරක්ෂාව දැඩි කරන ලද්දේ 2004 චීන දේශ සීමාවේ පිහිටි රියොංචොන් නගරයේදී සිදුවූ විශාල පිපිරීමෙන් පසුවය. කිම් ජොං ඉල් චීනයේ තෙදින සංචාරයක නිරතව යළි සිය රට බලා එමින් සිටින අතර එම ස්ථානය පසු කොට පැයකට පමණ පසු එම පිපිරීම සිදු විය. ඉන් පුද්ගලයන් 160 දෙනෙක් මියගොස් 1300ක් පමණ තුවාල ලැබූහ. එය කිම් ජොං ඉල් ඝාතන ප්රයත්නයක් ලෙස සැක කෙරුණු හෙයින් ඔහුගේ සංචාර සඳහා දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගැනිණි. කෙසේ වුව ද ඔහු මරණයට පත් වූයේ ද දුම්රිය ගමනක නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයකිනි.

ලොව බොහෝ නායකයෝ අතීතයේ සිටම ගුවන් ගමන්වලට වඩා දුම්රිය ගමන ආරක්ෂිත යැයි සිතූ බැව් පෙනේ. රාජ්‍ය නායකයන්, රාජකීයයන් හා ඇතැම් හමුදා නායකයන් දුම්රිය සංචාරවලට වැඩි කැමැත්තක් දැක්වූයේ වේගය, ආරක්ෂාව, කාර්යාල පහසුකම් හා පෞද්ගලික පහසුකම් සියල්ල මනාව සපුරාගත හැකි වූ බැවිනි. ක්‍රි.ව. 1917 වනවිට ව්ලැදිමීර් ඉලිච් යුලියනෝව් ලෙනින් සිටියේ පිටුවහලේය. ඔක්තෝබර් විප්ලවය දියත් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ වාසය කළ ඔහුට සෝවියට් රුසියාවට පැමිණීමට අවශ්‍ය විය. ඔහු සූරිච්හි සිට රුසියාවේ පෙට්රෝග්රාද් දක්වා පැමිණියේ දුම්රියකිනි. ඉතා රහස්‍ය ලෙස දින අටක් පුරා ගමන් ගත් එම දුම්රියේ ලෙනින් සහ ඔහුගේ බිරිය වූ ක්රූප්ස්කායා ද පිටුවහලේ සිටි සමාජවාදීන් 32 දෙනෙක් ද වූ අතර ඔවුන් ගමන් ගත් මැදිරි සම්පූර්ණයෙන් මුද්‍රා තබා තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහාය. 1917 ඔක්තෝබර් විප්ලවය ආරම්භ වූයේ එම ගමනින් අනතුරුවය.

ඔක්තෝබර් විප්ලවයෙන් පසු සෝවියට් රුසියාවේ බොහෝ කමිසාර්වරුන්ගේ ජනප්‍රියම වාහනය වූයේ ද දුම්රියයි. මිකායිල් කලිනින් වැනි කමිසාර්වරු සිවිල් යුද්ධය පැවැති සමයේ තම නිවෙස හා මෙහෙයුම් මැදිරිය බවට පත් කර ගත්තේ දුම්රියයි. එවක බොල්ෂෙවික්වරුන්ගේ ප්රචාරක කටයුතු සඳහා ද දුම්රිය භාවිත විය. එම දුම්රිය හැඳින්වූයේ සිව්ෆිෂාට් නමිනි. එය දේශකයන්, ලේඛකයන්, පොත් ගබඩා, අත් පත්‍රිකා පමණක් නොව මුද්‍රණාලයකින් ද සමන්විත විය.

මහජන චීන ජනරජයේ නිර්මාතෘවරයා වන මා ඕ ත්සේතුං ද තම සංචාර සඳහා දුම්රිය භාවිත කළේය. ඔහු තම කටයුතු සඳහා භාවිත කරන ලද දුම්රිය මැදිරිය චීන දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය කර තිබේ. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක දුම්රිය එන්ජිමක් ඒ සඳහා භාවිත කෙරිණි. ඔහු ගමන් ගත් දුම්රියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මරා දැමීමට දරණ ලද උත්සාහයක් අසාර්ථක වූ බව පැවැසේ.

ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ද තම සංචාර සඳහා වැඩි වශයෙන් උපයෝගී කර ගත්තේ දුම්රියයි. ඔහුගේ විශේෂ දුම්රිය 1940 බෝල්කන් මෙහෙයුම පැවැති සමයේ ‘ඇමෙරිකා’ ලෙස නම් කෙරුණ ද පසුව එය බ්‍රැන්ඩන්බර්ග් ලෙස වෙනස් කෙරිණි. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ අවධියේ හිට්ලර් හට ස්ථිර මූලස්ථානයක් නොවූ අතර ඔහු විවිධ ප්‍රදේශ කරා සංචාරයේ යෙදුණේ එම විශේෂ දුම්රියෙනි. මැදිරි 17කින් සමන්විත වූ එය ඔහුගේ මූලස්ථානය ලෙස ද හැඳින්විණි. හමුදා නිලධාරීන්, ජනරාල්වරු, පක්ෂ නායකයන් හා සම්බන්ධීකරණ නිලධාරීහු එම දුම්රියේ ඔහු හා නිතර ගමන් කළහ.

එය ආහාර ගන්නා මැදිරි දෙකකින්, නිදන මැදිරි දෙකකින්, ගමන් මලු මැදිරියකින්, නාන කාමරයකින් හා අමුත්තන්ගේ මැදිරියකින් සමන්විත විය. දුම්රියේ පසුපස මැදිරියේ ගුවන් යානා නාශක තුවක්කු සවි කර තිබිණි. හිට්ලර් එම දුම්රිය අවසන් වරට භාවිත කරන ලද්දේ 1945 ජනවාරි 15 වැනිදාය. එන්ජින් දෙකක් යොදා ධාවනය කෙරුණු එම දුම්රියේ හිට්ලර් ගමන් කළ විශේෂ මැදිරිය ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා විය හැකි පරිදි නිපදවා තිබිණි.

බොහෝ නායකයෝ තම ජීවිතවලට හානියක් සිදුවෙතැයි යන බියකින් පසුවන බැව් මෙම සිදුවීම්වලින් පැහැදිලි වේ. ගුවන් මගින් සංචාරයේ යෙදීම තම ජීවිතවලට තර්ජනයක් විය හැකි යැයි සිතන ඔවුහු ගුවන් සංචාරවලට වඩා දුම්රිය ආරක්ෂිත යැයි සිතන බව පෙනේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23086014, member: 360239"] [b]දුම්රියෙන් ගමන් බිමන් ගිය ලෝක නායකයෝ[/b] [B][SIZE=4]දුම්රියෙන් ගමන් බිමන් ගිය ලෝක නායකයෝ[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_86e2d1a14a.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]උතුරු කොරියානු නායක කිම් ජොං උන් පසුගියදා චීනයේ සංචාරයක නිරත විය. 2011 දී තම පියාගේ අභාවයෙන් පසු බලයට පත් කිම් ජොං උන් විදේශයක සංචාරය කළ පළමු අවස්ථාව වූ එය සිදුවූයේ ඉතා රහසිගතවය. ඔහුගේ චීන සංචාරය ගුවනින් නොව රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා වෙන් වූ අධිආරක්ෂිත දුම්රියකින් වීම සුවිශේෂ සිදුවීමකි. කහ පැහැති ඉරක් සහිත ඔලිව් කොළ පැහැයෙන් වර්ණවත් වූ එම දුම්රිය ඔහුගේ පියා වූ කිම් ජොං ඉල් භාවිත කළ දුම්රිය හෝ වෙනත් දුම්රියක් හෝ විය හැකි යැයි මාධ්‍ය වාර්තා කළේය. [/SIZE][/B] [SIZE=4]මැදිරි 21කින් සමන්විත එම දුම්රිය, රෝස පැහැති සෝෆාවලින් හා සුදු පැහැති මේසයකින් සමන්විත සාකච්ඡා මැදිරියකින්, පටි සහිත කවුළු ආවරණ යෙදූ කාර්යාල මැදිරියකින්, විවිධ ආහාරපාන, වයින් හා ෂැම්පේන්වලින් පිරුණු ආපනශාලාවකින්, මුළුතැන්ගෙයකින් හා සුඛෝපභෝගී නිදන මැදිරි ඇතුළු වෙනත් පහසුකම්වලින් සමන්විතය. ප්‍රදර්ශන මැදිරියේ විවිධ සිතියම් ප්‍රදර්ශනය කෙරෙන අතර සෑම දුම්රිය නැවතුමක්ම පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන පරිදි එම ස්ථාන කුඩා විදුලි බුබුළුවලින් සලකුණු කර තිබේ. බිමට ඝනකම් ලෑලි අතුරා ඇති අතර, සෑම මැදිරියක්ම වෙඩි නොවදින ලෝහයකින් නිමවා තිබේ. එහෙයින් එම දුම්රිය වෙනත් දුම්රියකට වඩා බරින් වැඩිය. දුම්රිය එන්ජින් දෙකකින් බලගැන්වෙන එහි වේගය පැයට කිලෝමීටර 60 කි. උතුරු කොරියානු නායකයන්ගේ පෞද්ගලික දුම්රිය අතීතයේ සිට හැඳින්වෙන්නේ “ඔරියන්ට් එක්ස්ප්‍රස්” නමිනි. [/SIZE] [SIZE=4]උතුරු කොරියානු වාර්තාවලට අනුව කොරියානු නායකයකු දුම්රියෙන් ගමන් ගන්නා විට එම දුම්රිය සමඟ තවත් දුම්රිය දෙකක් ධාවනය කෙරේ. ඉදිරියෙන් යන එක් දුම්රියක් මාර්ගයේ කිසියම් අවහිරතාවක් පවතී ද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී වෙයි. නායකයා හා පිරිවර ගමන් ගන්නා දුම්රිය ආරක්ෂක හේතූන් මත ගමනාරම්භ කරනුයේ පළමු දුම්රිය ගමන් කොට මිනිත්තු 20කට පමණ පසුය. නායකයාගේ දුම්රියට ආරක්ෂාව සලසමින් එයට පසුපසින් තුන් වැනි දුම්රිය ගමන් කරයි. [/SIZE] [SIZE=4]නායකයාගේ ආරක්ෂකයන් සියලු දෙනා ගමන් කරනුයේ එම දුම්රියේය. මෙම දුම්රිය තුන විශේෂයෙන් සකස් කරන ලද මැදිරි 90කින් සමන්විත වේ. සැටලයිට් දුරකථන ඇතුළු අධිතාක්ෂණික සන්නිවේදන උපකරණවලින් හා රූපවාහිනී යන්ත්‍ර රැසක් සහිත එම දුම්රිය තුනෙහි ගමන් ගන්නා පිරිසට ඍජුවම නායකයා හා සම්බන්ධ විය හැකි වන අතර ඔහුගේ උපදෙස් පහසුවෙන් ලබාගත හැකිය. දුම්රිය ගමන ආරම්භ වීමට පැය විසි හතරකට පෙර එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු තර කෙරේ. [/SIZE] [SIZE=4]උතුරු කොරියානු සියලු නායකයන් සංචාරයන්හි යෙදුණේ දුම්රියෙනි. උතුරු කොරියාවේ නිර්මාතෘවරයා වූ කිම් ඉල් සුං කොරියානු යුද්ධය පැවැති සමයේ තම මූලස්ථානය බවට පත් කර ගෙන සිටියේ දුම්රියකි. ආරක්ෂක ස්ථාන රැසක් ඉදිකළ ඔහු ඉන් වැඩි ප්‍රමාණයක් දුම්රිය ස්ථානයක් ආසන්නයේ ස්ථාපනය කිරීමට කටයුතු කළේය. ඉන් ස්ථාන 19ක්ම ඔහුගේ පෞද්ගලික දුම්රියට පමණක් ළඟා විය හැකි ස්ථාන විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_37d7c25a5c.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහුගේ දීර්ඝතම දුම්රිය සංචාරය 1974 දී සිදු විය. එම සංචාරයේදී ඔහු චීනය ඔස්සේ සෝවියට් දේශය, නැගෙනහිර පෝලන්තය, ජර්මනිය, චෙකෝස්ලොවේකියාව, හංගේරියාව, යුගෝස්ලාවියාව, බල්ගේරියාව සහ රුමේනියාව වැනි සමාජවාදී රටවල් රැසක සංචාරයේ නිරත විය. ඔහු පසුපසින් ගමන් ගන්නා ලද දුම්රියේ ආරක්ෂකයන් සහ එහි නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය රෝද, ඇක්සල් වැනි උපකරණ හා කාර්මිකයන් ද විය. කිම් ඉල් සුං ගෙන් පසු බලයට පැමිණි ඔහුගේ පුත්‍රයා වූ කිම් ජොං ඉල් ගුවන් ගමන්වලට දැඩි බියක් දැක්වූවකු වූ හෙයින් සංචාරවල යෙදුණේ දුම්රියෙන් පමණි. රට පුරා විවිධ ප්‍රදේශවල දුම්රියෙන් පමණක් සංචාරය කළ ඔහු කම්හල්, හමුදා මූලස්ථාන වැනි ස්ථාන කරා ගියේ ද දුම්රියෙනි. විදේශ සංචාර ගණනාවක නිරත වූ ඔහු ඒ සියලු සංචාර සඳහා දුම්රිය භාවිත කිරීමට ක්‍රියා කළේය. 1994 සිට 2011 අතර කාලයේ ඔහු සත් වරක් චීනයේත්, තුන් වරක් රුසියාවේත් සංචාරයේ යෙදිණි. තම ආරක්ෂාව සඳහා මෙම සියලු සංචාර ඉතා රහසිගතව සිදු කෙරුණු අතර ඒ පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ සංචාරය අවසන් වීමෙන් පසුය. [/SIZE] [SIZE=4]මේ වන තෙක් අනාවරණ නොවූ සංචාර ද ඇතැයි ද වාර්තා වේ. උතුරු කොරියානු නායකයන් තම ආරක්ෂාව දැඩි කරන ලද්දේ 2004 චීන දේශ සීමාවේ පිහිටි රියොංචොන් නගරයේදී සිදුවූ විශාල පිපිරීමෙන් පසුවය. කිම් ජොං ඉල් චීනයේ තෙදින සංචාරයක නිරතව යළි සිය රට බලා එමින් සිටින අතර එම ස්ථානය පසු කොට පැයකට පමණ පසු එම පිපිරීම සිදු විය. ඉන් පුද්ගලයන් 160 දෙනෙක් මියගොස් 1300ක් පමණ තුවාල ලැබූහ. එය කිම් ජොං ඉල් ඝාතන ප්රයත්නයක් ලෙස සැක කෙරුණු හෙයින් ඔහුගේ සංචාර සඳහා දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගැනිණි. කෙසේ වුව ද ඔහු මරණයට පත් වූයේ ද දුම්රිය ගමනක නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයකිනි. [/SIZE] [SIZE=4]ලොව බොහෝ නායකයෝ අතීතයේ සිටම ගුවන් ගමන්වලට වඩා දුම්රිය ගමන ආරක්ෂිත යැයි සිතූ බැව් පෙනේ. රාජ්‍ය නායකයන්, රාජකීයයන් හා ඇතැම් හමුදා නායකයන් දුම්රිය සංචාරවලට වැඩි කැමැත්තක් දැක්වූයේ වේගය, ආරක්ෂාව, කාර්යාල පහසුකම් හා පෞද්ගලික පහසුකම් සියල්ල මනාව සපුරාගත හැකි වූ බැවිනි. ක්‍රි.ව. 1917 වනවිට ව්ලැදිමීර් ඉලිච් යුලියනෝව් ලෙනින් සිටියේ පිටුවහලේය. ඔක්තෝබර් විප්ලවය දියත් කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ වාසය කළ ඔහුට සෝවියට් රුසියාවට පැමිණීමට අවශ්‍ය විය. ඔහු සූරිච්හි සිට රුසියාවේ පෙට්රෝග්රාද් දක්වා පැමිණියේ දුම්රියකිනි. ඉතා රහස්‍ය ලෙස දින අටක් පුරා ගමන් ගත් එම දුම්රියේ ලෙනින් සහ ඔහුගේ බිරිය වූ ක්රූප්ස්කායා ද පිටුවහලේ සිටි සමාජවාදීන් 32 දෙනෙක් ද වූ අතර ඔවුන් ගමන් ගත් මැදිරි සම්පූර්ණයෙන් මුද්‍රා තබා තිබුණේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහාය. 1917 ඔක්තෝබර් විප්ලවය ආරම්භ වූයේ එම ගමනින් අනතුරුවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_77111aa66e.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5167b2c0e3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔක්තෝබර් විප්ලවයෙන් පසු සෝවියට් රුසියාවේ බොහෝ කමිසාර්වරුන්ගේ ජනප්‍රියම වාහනය වූයේ ද දුම්රියයි. මිකායිල් කලිනින් වැනි කමිසාර්වරු සිවිල් යුද්ධය පැවැති සමයේ තම නිවෙස හා මෙහෙයුම් මැදිරිය බවට පත් කර ගත්තේ දුම්රියයි. එවක බොල්ෂෙවික්වරුන්ගේ ප්රචාරක කටයුතු සඳහා ද දුම්රිය භාවිත විය. එම දුම්රිය හැඳින්වූයේ සිව්ෆිෂාට් නමිනි. එය දේශකයන්, ලේඛකයන්, පොත් ගබඩා, අත් පත්‍රිකා පමණක් නොව මුද්‍රණාලයකින් ද සමන්විත විය. [/SIZE] [SIZE=4]මහජන චීන ජනරජයේ නිර්මාතෘවරයා වන මා ඕ ත්සේතුං ද තම සංචාර සඳහා දුම්රිය භාවිත කළේය. ඔහු තම කටයුතු සඳහා භාවිත කරන ලද දුම්රිය මැදිරිය චීන දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය කර තිබේ. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක දුම්රිය එන්ජිමක් ඒ සඳහා භාවිත කෙරිණි. ඔහු ගමන් ගත් දුම්රියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මරා දැමීමට දරණ ලද උත්සාහයක් අසාර්ථක වූ බව පැවැසේ. [/SIZE] [SIZE=4]ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ද තම සංචාර සඳහා වැඩි වශයෙන් උපයෝගී කර ගත්තේ දුම්රියයි. ඔහුගේ විශේෂ දුම්රිය 1940 බෝල්කන් මෙහෙයුම පැවැති සමයේ ‘ඇමෙරිකා’ ලෙස නම් කෙරුණ ද පසුව එය බ්‍රැන්ඩන්බර්ග් ලෙස වෙනස් කෙරිණි. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ අවධියේ හිට්ලර් හට ස්ථිර මූලස්ථානයක් නොවූ අතර ඔහු විවිධ ප්‍රදේශ කරා සංචාරයේ යෙදුණේ එම විශේෂ දුම්රියෙනි. මැදිරි 17කින් සමන්විත වූ එය ඔහුගේ මූලස්ථානය ලෙස ද හැඳින්විණි. හමුදා නිලධාරීන්, ජනරාල්වරු, පක්ෂ නායකයන් හා සම්බන්ධීකරණ නිලධාරීහු එම දුම්රියේ ඔහු හා නිතර ගමන් කළහ. [/SIZE] [SIZE=4]එය ආහාර ගන්නා මැදිරි දෙකකින්, නිදන මැදිරි දෙකකින්, ගමන් මලු මැදිරියකින්, නාන කාමරයකින් හා අමුත්තන්ගේ මැදිරියකින් සමන්විත විය. දුම්රියේ පසුපස මැදිරියේ ගුවන් යානා නාශක තුවක්කු සවි කර තිබිණි. හිට්ලර් එම දුම්රිය අවසන් වරට භාවිත කරන ලද්දේ 1945 ජනවාරි 15 වැනිදාය. එන්ජින් දෙකක් යොදා ධාවනය කෙරුණු එම දුම්රියේ හිට්ලර් ගමන් කළ විශේෂ මැදිරිය ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා විය හැකි පරිදි නිපදවා තිබිණි. [/SIZE] [SIZE=4]බොහෝ නායකයෝ තම ජීවිතවලට හානියක් සිදුවෙතැයි යන බියකින් පසුවන බැව් මෙම සිදුවීම්වලින් පැහැදිලි වේ. ගුවන් මගින් සංචාරයේ යෙදීම තම ජීවිතවලට තර්ජනයක් විය හැකි යැයි සිතන ඔවුහු ගුවන් සංචාරවලට වඩා දුම්රිය ආරක්ෂිත යැයි සිතන බව පෙනේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom