Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දුම්රිය එන්ජීම සහ කම්කරුවගෙ පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුම්රිය එන්ජීම සහ කම්කරුවගෙ පුතා

දුම්රිය අද එදිනෙදා ප්‍රවාහන කටයුතු වලදි නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇතත් මෙයට සියවස් 2 කටත් පෙර යුගයේදී දුම්රියක් යනු කුමක්දැයි වත් ලොව වැසියන් දැන සිටියේ නැත.නුතනයේ ඇති ඩීසල් දුම්රිය විදුලි දුම්රිය ආදී අතිශයින් සංකීර්ණ මෙන්ම පරිගණක ගත කරන ලද දුම්රිය එන්ජින් භාවිතයට ඒමටත් පෙර මුල්ම යුගයේ භාවිතා වි ඇත්තේ ගල් අඟුරු බලයෙන් වැඩ කළ වාෂ්ප දුම්රිය පමණකි. දුම්රිය ඉතිහාසය තුළ ඉමහත් පෙරළියක් ඇති කළ මෙකී වාෂ්ප දුම්රිය එන්ජීම නිෂ්පාදනය කිරීමට මුලික වුයේ එවකට එංගලන්තයේ ගල් අඟුරු ආකරයක සේවය කළ කම්කරුවකුගේ පුතකු බව ඔබ දන්නවාද?මෙම විශ්මකර්ම නිර්මාණය කිරීමට මුලික වු “ජෝර්ජ් ස්ටීවන්සන් “ තම පාසල් අධ්‍යාපනය පවා විධිමත් ආකාරට ලැබිමට අපොහොසත් වුයෙකි. වර්ෂ 1781 දී එංගලන්තයේ නොදම්බර්ලන්ඩ්හි උපත ලද ඔහුට කුඩා අවදියේ සියම සිය පියා සේවය කළ ගල් අඟුරු අකාරයේ වැඩට සහය දීමට සිදු විය.ගල් අඟුරු ආකාරයේ රැදී තිබු ජලය පිටතට පොම්ප කරමින් පියාට සහයවු කුඩා “ජෝර්ජ්ට” සිය පාසල් අධ්‍යාපන කටයුතු නිතර අතපසු වු නිසා කියවීම හා ලිවීමටත් මූලික ගණිතය ඉගෙනීමටත් රාති‍්‍ර පාසලකට යාමට සිදු වී තිබේ. මෙකල ගල් අඟුරු ආකාරවල ගල් අඟුරු එහා මෙහා ගෙන යාමට පීලි උඩ අදින ලද කරත්ත විශේෂයක යොදා ගැනුන අතර ඒවා ඇදීම පිණිස බොහෝ විට යොදා ගැනුනේ අශ්වයන්ය. ගල් අඟුරු ආකාරයක වැඩ කිරීම අශ්වයන්ට ඉතා වෙහෙසකර කාර්යක් වු අතර අශ්වයන් නිතර ලෙඩ වීම හේතු කොට ආකාරයේ වැඩ කටයුතු අඩාල වු බැවින් මේ සඳහා වඩාත් පහසු ක්‍රමයක් සොයන ලෙස පතල් හිමියා “ස්ටීවන්සන්ගේ” පියාට දැනුම් දී තිබේ.

මේ වන විටත් ගල් අඟුරුආකරයේ ජලයඉවත් කිරීම පිණිස යොදා තිබු ඇන්ජීන් යන්ත්‍ර කි‍්‍රයා කිරිමට හා අලුත් වැඩියා කිරීමට පළපුරුද්දෙන් මනා හැකියාවක් ලබා තිබු “ජෝර්ජ් ස්ටීවන්සන්” මේ පිළිබදව සිය අවධානය යොමු කළ අතර දුම්රිය ඉංජිනේරු ශිල්පයේ රේල්පිලි එම පීලි සම්බන්ධ වන ස්ථාන හා කාර්යක්ෂම අයුරින් පීලි මත ධාවනය කළ හැකි දුම්රිය රෝද නිපදවිම පිළිබඳ මුලික සැලසුම් නිර්මාණය කළේය.මේ අතර වාෂ්ප දුම්රිය එංජිම පිළිබඳ මුලික සිද්ධාන්තය ජෝර්ජ් ස්ටීවන්සන්ගේ සිත තුළ ඇඳී ගිය සිදු වීමක් එම වකවානුවේදි සිදු විය. එනම් වතුර උණු කිරීම පිණිස තබන ලද කේතලය ජල වාෂ්ප දහරවක් නිකුත් කරමින් පැසෙනු දුටු ස්ටීවන්සන් මේ අයුරින් විශාල පිඩනයකින් යුත් වාෂ්ප දහරාවක් නිපදවාගත හොත් එම බලයෙන් දුම්රියේ රෝද හා සම්බන්ධ වන පිස්ටන් කරකැවීය හැකි බව අවබෝධ කර ගත් නිසාවෙනි. ඒ අනුව සිය මුලික සැලසුම් නිර්මාණය කළ ස්ටීවන්සන් කි‍්‍ර.ව 1814 වන විට ප්‍රාථමික අවදි වාෂ්පයෙන් ධාවනය වන දුම්රිය එන්ජිමක් තැනීමට සමත්විය. එය බෙහෙවින් සාර්ථක වු අතර පැයට සැතපුම් 10ක උපරිම වේගයෙක් ලබා ගැනීමට එයට හැකි විය. තම නිර්මාණය මහජන ප්‍රදර්ශනයට තැබීම සඳහා උත්සුක විය මෙම අපුර්ව නිර්මාණය කෙරෙහි උනන්දුවක් දැක් වු දහස් සංඛ්‍යාත ජනකායක් එය නැරඹීම පිණිස රැස් වු අතර ඉන් වඩාත් ධෙර්යමත් වු ස්ටීවන්සන් තම රොකට් එන්ජිමේ වේගය පැයට සැතපුම් 30දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබේ.මේ අතර තුර කාලයේ එංගලන්තයේ ස්ටොක්ටන් හා ඩාර්ලින්ටන් අතර සැතපුම් 12ක් පමණ දිගකින් යුත් දුම්රිය මාර්ගය තැනීම පිණිස ජෝර්ජ් ස්ටීවන්සන්ගේ සහාය ලබා ගැනිමට එවකට රාජ්‍ය පාලකයින් කටයුතු කළ අතර ඒසඳහා ඔහු නිපද වු “රොකට්” එන්ජිමේ සහයද ලබා ගන්නා ලදි. ස්ටීවන්සන් විසින් තනන ලද වාෂ්ප දුම්රිය එන්ඡිමේ ස්වර්ණමය යුගය උදා වුයේ වර්ෂ 1830 සැප්තැම්බර් 15 වන දින ලිවර්පුල් සහ මැන්චෙස්ටර් නගර අතර දුම්රිය සේවය මහජනයා සඳහා විවෘත විමත් සමගිනි. මෙම ඓතිහාසික අවස්ථාවේදි විශේෂ ආරාධිත අමුත්තන් 600 දෙනෙකු රැගත් නවීන දුම්රිය මැදිරි 08කින් යුත් වාෂ්ප දුම්රිය එන්ජිම ලිවර්පුල් නගරයෙන් පිටත්ව ඇත්තේ දහස් සංඛ්‍යාත මගීන්ගේ පි‍්‍රති ඝෝෂා හා ඔල්වරසන් හඬ මධ්‍යයේය. වාෂ්ප දුම්රිය එන්ජිම තැනීමට මුලිකව කටයුතු කළ ජෝර්ජ් සටීවන්සන් කි‍්‍ර. ව.1848 දි මෙලොවින් සඳහටම සමු ගත්තද ඔහු දුම්රිය ඉතිහාසය තුළ සිදු කළ යුග මෙහෙවර සදා අමරණීය වනු ඇත.

[QUOTE="Persius, post: 15741479, member: 477838"] [b]දුම්රිය එන්ජීම සහ කම්කරුවගෙ පුතා[/b] [SIZE="5"]දුම්රිය අද එදිනෙදා ප්‍රවාහන කටයුතු වලදි නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇතත් මෙයට සියවස් 2 කටත් පෙර යුගයේදී දුම්රියක් යනු කුමක්දැයි වත් ලොව වැසියන් දැන සිටියේ නැත.නුතනයේ ඇති ඩීසල් දුම්රිය විදුලි දුම්රිය ආදී අතිශයින් සංකීර්ණ මෙන්ම පරිගණක ගත කරන ලද දුම්රිය එන්ජින් භාවිතයට ඒමටත් පෙර මුල්ම යුගයේ භාවිතා වි ඇත්තේ ගල් අඟුරු බලයෙන් වැඩ කළ වාෂ්ප දුම්රිය පමණකි. දුම්රිය ඉතිහාසය තුළ ඉමහත් පෙරළියක් ඇති කළ මෙකී වාෂ්ප දුම්රිය එන්ජීම නිෂ්පාදනය කිරීමට මුලික වුයේ එවකට එංගලන්තයේ ගල් අඟුරු ආකරයක සේවය කළ කම්කරුවකුගේ පුතකු බව ඔබ දන්නවාද?මෙම විශ්මකර්ම නිර්මාණය කිරීමට මුලික වු “ජෝර්ජ් ස්ටීවන්සන් “ තම පාසල් අධ්‍යාපනය පවා විධිමත් ආකාරට ලැබිමට අපොහොසත් වුයෙකි. වර්ෂ 1781 දී එංගලන්තයේ නොදම්බර්ලන්ඩ්හි උපත ලද ඔහුට කුඩා අවදියේ සියම සිය පියා සේවය කළ ගල් අඟුරු අකාරයේ වැඩට සහය දීමට සිදු විය.ගල් අඟුරු ආකාරයේ රැදී තිබු ජලය පිටතට පොම්ප කරමින් පියාට සහයවු කුඩා “ජෝර්ජ්ට” සිය පාසල් අධ්‍යාපන කටයුතු නිතර අතපසු වු නිසා කියවීම හා ලිවීමටත් මූලික ගණිතය ඉගෙනීමටත් රාති‍්‍ර පාසලකට යාමට සිදු වී තිබේ. මෙකල ගල් අඟුරු ආකාරවල ගල් අඟුරු එහා මෙහා ගෙන යාමට පීලි උඩ අදින ලද කරත්ත විශේෂයක යොදා ගැනුන අතර ඒවා ඇදීම පිණිස බොහෝ විට යොදා ගැනුනේ අශ්වයන්ය. ගල් අඟුරු ආකාරයක වැඩ කිරීම අශ්වයන්ට ඉතා වෙහෙසකර කාර්යක් වු අතර අශ්වයන් නිතර ලෙඩ වීම හේතු කොට ආකාරයේ වැඩ කටයුතු අඩාල වු බැවින් මේ සඳහා වඩාත් පහසු ක්‍රමයක් සොයන ලෙස පතල් හිමියා “ස්ටීවන්සන්ගේ” පියාට දැනුම් දී තිබේ. මේ වන විටත් ගල් අඟුරුආකරයේ ජලයඉවත් කිරීම පිණිස යොදා තිබු ඇන්ජීන් යන්ත්‍ර කි‍්‍රයා කිරිමට හා අලුත් වැඩියා කිරීමට පළපුරුද්දෙන් මනා හැකියාවක් ලබා තිබු “ජෝර්ජ් ස්ටීවන්සන්” මේ පිළිබදව සිය අවධානය යොමු කළ අතර දුම්රිය ඉංජිනේරු ශිල්පයේ රේල්පිලි එම පීලි සම්බන්ධ වන ස්ථාන හා කාර්යක්ෂම අයුරින් පීලි මත ධාවනය කළ හැකි දුම්රිය රෝද නිපදවිම පිළිබඳ මුලික සැලසුම් නිර්මාණය කළේය.මේ අතර වාෂ්ප දුම්රිය එංජිම පිළිබඳ මුලික සිද්ධාන්තය ජෝර්ජ් ස්ටීවන්සන්ගේ සිත තුළ ඇඳී ගිය සිදු වීමක් එම වකවානුවේදි සිදු විය. එනම් වතුර උණු කිරීම පිණිස තබන ලද කේතලය ජල වාෂ්ප දහරවක් නිකුත් කරමින් පැසෙනු දුටු ස්ටීවන්සන් මේ අයුරින් විශාල පිඩනයකින් යුත් වාෂ්ප දහරාවක් නිපදවාගත හොත් එම බලයෙන් දුම්රියේ රෝද හා සම්බන්ධ වන පිස්ටන් කරකැවීය හැකි බව අවබෝධ කර ගත් නිසාවෙනි. ඒ අනුව සිය මුලික සැලසුම් නිර්මාණය කළ ස්ටීවන්සන් කි‍්‍ර.ව 1814 වන විට ප්‍රාථමික අවදි වාෂ්පයෙන් ධාවනය වන දුම්රිය එන්ජිමක් තැනීමට සමත්විය. එය බෙහෙවින් සාර්ථක වු අතර පැයට සැතපුම් 10ක උපරිම වේගයෙක් ලබා ගැනීමට එයට හැකි විය. තම නිර්මාණය මහජන ප්‍රදර්ශනයට තැබීම සඳහා උත්සුක විය මෙම අපුර්ව නිර්මාණය කෙරෙහි උනන්දුවක් දැක් වු දහස් සංඛ්‍යාත ජනකායක් එය නැරඹීම පිණිස රැස් වු අතර ඉන් වඩාත් ධෙර්යමත් වු ස්ටීවන්සන් තම රොකට් එන්ජිමේ වේගය පැයට සැතපුම් 30දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබේ.මේ අතර තුර කාලයේ එංගලන්තයේ ස්ටොක්ටන් හා ඩාර්ලින්ටන් අතර සැතපුම් 12ක් පමණ දිගකින් යුත් දුම්රිය මාර්ගය තැනීම පිණිස ජෝර්ජ් ස්ටීවන්සන්ගේ සහාය ලබා ගැනිමට එවකට රාජ්‍ය පාලකයින් කටයුතු කළ අතර ඒසඳහා ඔහු නිපද වු “රොකට්” එන්ජිමේ සහයද ලබා ගන්නා ලදි. ස්ටීවන්සන් විසින් තනන ලද වාෂ්ප දුම්රිය එන්ඡිමේ ස්වර්ණමය යුගය උදා වුයේ වර්ෂ 1830 සැප්තැම්බර් 15 වන දින ලිවර්පුල් සහ මැන්චෙස්ටර් නගර අතර දුම්රිය සේවය මහජනයා සඳහා විවෘත විමත් සමගිනි. මෙම ඓතිහාසික අවස්ථාවේදි විශේෂ ආරාධිත අමුත්තන් 600 දෙනෙකු රැගත් නවීන දුම්රිය මැදිරි 08කින් යුත් වාෂ්ප දුම්රිය එන්ජිම ලිවර්පුල් නගරයෙන් පිටත්ව ඇත්තේ දහස් සංඛ්‍යාත මගීන්ගේ පි‍්‍රති ඝෝෂා හා ඔල්වරසන් හඬ මධ්‍යයේය. වාෂ්ප දුම්රිය එන්ජිම තැනීමට මුලිකව කටයුතු කළ ජෝර්ජ් සටීවන්සන් කි‍්‍ර. ව.1848 දි මෙලොවින් සඳහටම සමු ගත්තද ඔහු දුම්රිය ඉතිහාසය තුළ සිදු කළ යුග මෙහෙවර සදා අමරණීය වනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom