දුමින්ද සිල්වාව නිදහස් කරනවා – ජනපති

kandosboy

Member
Jun 28, 2011
43
5
0
දුමින්ද සිල්වාව නිදහස් කරනවා – ජනපති

මම යන්න විනාඩි 5කට කලින් හරි දුමින්ද සිල්වාව නිදහස් කරනවා – ජනපති
පට්ටNEWS 2 hours ago

තමන් සිය ධුරයෙන් ඉවත්ව යාමට විනාඩි පහකට මත්තෙන් හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව ජනාධිපති සමාව මඟින් නිදහස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ දුමින්ද සිල්වා මහතාගේ සොයුරු, හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ ද සිල්වා මහතා මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමිනි.

“මම යන්න විනාඩි පහකට කලින් හරි දුමින්දව නිදහස් කරනවා. මාව මේ තත්වෙට පත් කළේ හිරුණිකා” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බව සඳහන්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින දුමින්ද සිල්වා මහතා දැනට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාව අත් අඩංගුවට ගැනීමක් හෝ නොකෙරුණු අතර භාරතගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අඛණ්ඩ සටන හේතුවෙන් වත්මන් රජය සමයේදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලැබිණි. මහාධිකරණයෙන් ඔහුට පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද ස්ථිර කරන ලදී. ඔහුව නිදහස් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාටම පමණි.

මේ අතර පසුගිය දින කිහිපයක සිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාරයක් මාධ්‍ය හරහා දියත් කර තිබුණු අතර ඊට හේතුවී තිබුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රව රාජ්‍ය මාධ්‍ය ආයතනයක වැඩසටහනකට නොගෙන්වන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කිරීම බවයි ඇය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය හමුවේ දැඩි කෝපයට පත්ව සිටින ජනාධිපතිවරයා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකුම බා ගැනීම සඳහා දුමින්ද සිල්වා මහතාව නිදහස් කිරීමට තීරණය කර ඇත.
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් කොහොමත් හිරුණිකා ගාණට වැඩි
    දුමින්ද නිදහස් කරනවා වෙනුවට අර පැහැරගැනීමට
    හිරේට දැම්ම නම් හරි.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Looks Oya wade Karana ekak nahe. Oya kunugodata karaghanne Gota wei samaharavita. News eka the rolak
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hari lesiy. nidahas karata passe aith naduwak danawa kalin waraddema konak allagena, eta passe aith hireta yanawa :)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    හිරුනිකා එක්ක තියෙන තරහවට මේකත් කොරන්න බැරි වැඩක් නෙවේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    ඔව් කොහොමත් හිරුණිකා ගාණට වැඩි
    දුමින්ද නිදහස් කරනවා වෙනුවට අර පැහැරගැනීමට
    හිරේට දැම්ම නම් හරි.

    :yes: :yes: :yes: