Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුමින්ද_මිනීමරුවෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුමින්ද_මිනීමරුවෙක්ද?

දුමින්ද මිනීමරුවෙක් වුණේ කොහොමද?

2011 ඔක්තෝබර් 8 වැනිදා, පළාත් පාලන මැතිවරණය දා සිදුවුණු භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක්, අධිචෝදනා 10කට වරදකරු කරන ලදහ. පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත්කිරීම හා ගිනිඅවි පෙන්වා ඡන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් ‘නීති විරෝධී රැස්වීමක’ සාමාජිකයන් වීම, ටී56 නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා ඒ අතර විය. ඔවුන් සියලූ දෙනාටම මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එම තීන්දුව 2ට 1ක් ලෙස බෙදුණු තීන්දුවකි. පද්මිණී රණවක හා එම්සීබී මොරායස් යන විනිසුරුවරුන් බහුතරයේ තීන්දුව දුන් අතර, ශිරාන් ගුණරත්න විනිසුරු වෙනස් තීන්දුව දුන්නේය. බහුතරයේ තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ වරදකරුවන් කරන ලදහ. ඊට වෙනස් තීන්දුවට දැන් කිසිම නීතිමය බලයක් නැත.

මහාධිකරණ තීන්දුවෙන් මරණ දඬුවම නියමවුණේ, දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජනතක බණ්ඩාර ගලගොඩ යන අයටය.

රාජපක්ෂ සුරතලා

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව මහත් ආන්දෝලනයක් ඇති කළේ එක අතකින් ඊට සම්බන්ධවී තිබුණු චරිතවල වැදගත්කම නිසාය. ඝාතනය වුණු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල ප්‍රබල නායකයෙකි. ඔහු ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වා රටේ ප්‍රකට සල්ලිකාරයෙකි. හිරු ටීවී සහ රේඩියෝ අයිතිකාරයාගේ සහෝදරයාය. පාතාල සාමාජිකයන් පිරිවරා විවිධ මැරකම් කරමින් සිටි දේශපාලකයෙකි. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ සුරතලෙකි. මහින්දට දුමින්දගේ ගෙදර තමාගේ ගෙදර වගේ විය. ඊටත් වඩා දුමින්ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයාය.

මේ ඝාතනය සිදුවුණු දවසේ දුමින්දට වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදුව, හිසේ ශල්‍ය කර්මයකට භාජනය කරන ලදි. එදා රාත්‍රී 2 වනතුරු ගෝඨාභය රාජපක්ෂ රෝහලේ සිටිමින් පෞද්ගලිකවම සියල්ල සොයාබැලූවේය. අලූයම් කාලයක කාටත් හොරා හෙලිකොප්ටර් යානයක් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළට ගෙනගොස්, ඉතා සැලසුම් සහගතව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන ලදි. ඊටත් අමතරව සිද්ධිය වී දින කිහිපයක් ගතවන විට, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කාර්ය මණ්ඩලය මාරුකර පාලන කටයුතු සඳහා වෙනත් කණ්ඩායමක් පත්කරන ලදි.

මේ සියල්ල අනුව, භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳව ඒ මොහොතේ නීතිය ක්‍රියාත්මක වුණු හැටි සිතාගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවුණු තොරතුරු අනුව, ඒ කටයුතු සියල්ල සිදුවී තිබුණේ දුමින්ද සිල්වාට පක්ෂග්රාහීවය. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, අතුරුදන්වීමක් හැටියටත්, වසීම් තාජුදීන් ඝාතනය හදිසි අනතුරක් හැටියටත් පොලිස් පොත්වල ලියැවුණු ඒ කාලයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේත් ඒ විදියටමය.

දුමින්ද සිල්වා සමගම මේ නඩුවේදී මරණ දඬුවම ලැබු එක් විත්තිකරුවකු වන්නේ චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්ද යනු කොළඹ පාතාලයේ ප්‍රබල සාමාජිකයකු වූ, ඒ කාලයේ ඒ ප්‍රදේශය හොල්ලාගෙන සිටි දරුණු පාතාලයෙකි. මිනීමැරුම සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ දුමින්ද සිල්වාගේ ජීප්රථයේය. ඔහුගේ අතේ තිබුණු නීති විරෝධී ගිනි අවිය ගැන පසුව විස්තර කරමු. රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයා සමග නමගිය පාතාලයෙකු නීති විරෝධී ගිනිඅවියක් සමග සිටීම, සැලකිය හැක්කේ පන්සලේ දායක සමිතියේ සාමාජිකයන් පිරිසකගේ හමුවීමක් ලෙසින් නම් නොවේ.

අහිංසක දුමින්ද

භාරත ලක්ෂ්මන් ඝාතනයට අදාළ මහාධිකරණ තීන්දුව දීමට පෙර, ඒ ගැන විවිධාකාර කතාබහ සමාජය තුළ ඇතිවිය. ඉන් එකකට පදනම් වී තිබුණේ, දුමින්ද සිල්වාගේ සල්ලිකාර පාර්ශ්වයට ඕනෑම කෙනකු මිලදී ගැනීමට තිබුණු හැකියාවයි. එය ඇත්තය. තමාගේ සහෝදරයා බේරාගැනීමට කෝටිපති ව්‍යාපාරිකයකු වුණු ‘හිරු’ නාලිකාවේ අයිතිකරු රෙනෝ සිල්වා, ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම්වූ බවද, ඕනෑම කෙනකු සමග එකතුවීමට සුදානම්වූ බවද අලූත් දෙයක් නොවීය. මේ නිසා, මහාධිකරණ තීන්දුව ගැනද, විනිසුරු මඬුල්ල ගැනද විවිධාකාර ප්රවෘත්ති ඒ කාලයේ පළවිය. කොහොම නමුත්, තීන්දුව දුන් දා කිරිබත් කා, මල්මාලා පළඳවා, රතිඤ්ඤා පත්තුකර උසාවියෙන් එළියට එන ‘නිර්දෝෂී, අහිංසක’ දුමින්ද සිල්වා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම්කොට තිබුණි. හිරු මාධ්‍ය ජාලයේ සියලූම දෙනා සිටියේ දුමින්ද නිවැරදිකරුවී එළියට එනු ඇතැ’යි කියන දැඩි විශ්වාසයෙනි. එහෙත් සියල්ල කනපිට හැරුණි. ජයග්‍රහණය පතා සිටියවුන්ගේ ගෙවල්, මළගෙවල් බවට පත්විය. දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම විය.

‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාව, තමන්ගේම ආදර්ශ පාඨය විලිලජ්ජාවට පත්කරමින්, එදින ප්‍රවෘත්තිවලින් වාර්තා කළේ, ‘මුල්ලේරියාවේ සිදුවුණු වෙඩි තැබීමක්’ ගැන පමණය. භාරත ලක්ෂ්මන් නම් දේශපාලකයකු එහිදී ඝාතනය වුණු බවත්, ඊට දුමින්ද සිල්වා නමැති තම නාලිකාව අයිතිකරුගේ සහෝදරයා මරණ දඬුවමට නියමවුණු බවත් හිරු ප්‍රවෘත්තියට ඇතුළත් නොවීය. විත්තිකරුවන් හැඳින්වුණේ පළමු, දෙවැනි ලෙස අංකවලින් පමණකි.

තමන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය, පසුගිය මාර්තු 26, 27, මැයි 8, 10, 14, 18 ජුනි 4, 6, 13, 18, ජූලි 18, 20 හා 25 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණ. දැන් විභාගය අවසන්වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පාර්ශ්ව දෙක ලිඛිත දේශන ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන දිනයෙක අභියාචනය පිළිබඳ තීන්දුව ලැබෙනු ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කරුණු දැක්වීය.

හිරු හා මව්බිම

අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවති කාලයේ, දුමින්ද සිල්වාගේ අයියාගේ ‘හිරු’ නාලිකාවත්, ‘මව්බිම’ ඇතුළු සල්ලිකාර දැවැන්තයන්ගේ පත්තරත් අමුතු මෙහෙයුමක් පටන්ගත්තේය. දුමින්ද සිල්වා අහිංසකයකු බවත්, ඔහු මහාධිකරණයෙන් වරදකරු කළේ දේශපාලන පළිගැනීමකට බවත්, දුමින්දගේ අහිංසකකම ගැන ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා පිළිගත් බවත්, ඊටත් එහා ගොස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඒවා පිළිගත් බවත් ප්‍රබන්ධ කරන ලද ප්‍රවෘත්තිවලින් කියාපාන ලදි. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දක්වන කරුණු විවිධ ඉන්ද්‍රජාල හරහා උලූප්පා පෙන්වමින් දුමින්ද අහිංසක දරුවකු බවට පත්කරන්නට, සිය ස්වාමීන්ගේ අණ අනුව වැඩකළ හිරු නාලිකාවේත් මව්බිම පුවත්පතේත් ඊනියා මාධ්‍යකරුවන් සහ සංස්කාරකවරුන්, එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ එකම වැදගත් කරුණක්වත් උපුටා දක්වන්නට උත්සාහ ගත්තේ නැත. පළකරන ලද බොහෝ කරුණු තමන්ට වුවමනා හැටියට තෝරාගත් කෑලි පමණක් විය. සමහර කරුණු වුවමනාවෙන්ම විකෘතිකර තිබුණි. රටේ ඉහළම අධිකරණයේ විභාගවන නඩුවක කරුණු වුණත්, මේ අශ්ලීල මාධ්‍යකාරයන්ට තමන්ට වුවමනා හැටියට නමන්නට හැකි බව පසුගිය කාලයේ හිරු නාලිකාවත්, මව්බිම පුවත්පතත් සැලකිල්ලෙන් බලන අයට පෙනෙනු ඇත.

මේ නිසා, ඇත්ත ගැන කතාකිරීම අවශ්‍යය.

ඒ ‘පැත්ත ගියත් ඇත්ත කියන’ වැනි පුස් වචන අපයෝජනය කිරීම සඳහා නොවේ. රටේ යුක්තිගරුක ජනතාවට හැම පැත්තක්ම දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමටය. ඊනියා මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ස්වාමිවූ සල්ලිකාරයන් හංගන පැත්ත එළිදරව් කිරීමටය.

අභියාචනා විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, විත්තිකරුවන් වෙනුවෙන් කළ දේශනවලදී ඉදිරිපත් කළ දේවල්, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් ඉතාම සුළු කොටසක් බවයි. ඒ සුළු කොටස මත පිහිටා මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව පෙන්වන්නට උත්සාහ කරනු පෙනුණු බවද ඔහු කීවේය. ප්‍රකට අඟුලාන මිනීමැරුම් නඩුවේ තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරවමින් ඔහු තවදුරටත් කිව්වේ, අභියාචනයකදී නීතිමය කරුණු සැලකිල්ලට ගන්නට පෙර, මුල් නඩු විභාගයේදී ඉදිරිපත්වී ඇති සියලූ සාක්ෂි සමස්තයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය.

ඒ අනුව, සමස්ත චිත්‍රය ගැන අදහසක් ගන්නට කැමැත්තක් ඇති අයකුට උදව් වන පරිදි, අභියාචනයේදී උපුටා දක්වන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

මුණගැහීම වළක්වන්නට

මහාධිකරණයේදී සාක්ෂි දුන්, දුමින්ද සිල්වාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු වූ උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර, 2011 ජනවාරි සිට දුමින්ද සිල්වාගේ ආරක්ෂක කටයුතු භාරව සිටියේය. සිය සාක්ෂියේදී ඔහු, රාජපක්ෂවරුන්ගේ අලූත් සුරතලකු වූ දුමින්ද සිල්වා හා පරණ දේශපාලන නායකත්වය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර අතර කොළොන්නාවේ දේශපාලන අධිකාරිය සඳහාවූ බලඅරගලය විස්තර කළේය. භාරත ලක්ෂ්මන් හා දුමින්ද සිල්වා කිසිම පොදු ස්ථානයකදී මුහුණට මුහුණ හමුවීමක් සිදුවීම වැළැක්වීමට තමා පෞද්ගලිකවම උත්සාහ ගත් බවද සාක්ෂිකරු කියාසිටියේය. එක් අවස්ථාවකදී දුමින්ද සිල්වාට නොදන්වාම භාරත ලක්ෂ්මන් හමුවීමට ඔහුගේ නිවෙසට ගිය මේ පොලිස් නිලධාරියා, එසේ මුහුණට මුහුණ හමුනොවීමට වගබලාගන්නා ලෙස භාරත ලක්ෂ්මන්ගෙන් ඉල්ලා සිටියේය. භාරත ලක්ෂ්මන්ද ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අතර, මේ නිසා තමා ඇමතීමට නියමිතව සිටි දේශපාලන රැස්වීම්වලට පවා නොයන්නට තරම් ඔහු සැලකිලිමත් වූයේය. මේ සාක්ෂියෙන් පැහැදිලි වන්නේ කුමක්ද? භාරත ලක්ෂ්මන් මුහුණට මුහුණ හමුවුණොත්, දුමින්ද සිල්වාගේ පැත්තෙන් විය හැකි අනතුර ගැන යම් පූර්ව අදහසක් මේ උපපොලිස් පරීක්ෂකවරයාට තිබුණු බව නොවේද? එහෙත්, අවාසනාවකට මෙන්, මේ පොලිස් නිලධාරියා, ඝාතනය සිදුවුණු මොහොතේදී දුමින්ද සිල්වාගේ ආරක්ෂක කණ්ඩායමේ නොසිටියේය.

පුංචි පොලිසියක්

ගෝඨාභය රාජපක්ෂගේ නියමය මත, දුමින්ද සිල්වාගේ ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 10දෙනකු අනුයුක්ත කර තිබුණි. ඒ මිරිහාන පොලිසියෙන් අනුයුක්ත කර සිටි නිලධාරීන් 3කට අමතරවය. මේ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සඳහා පිස්තෝල 9ක්, එක් රිවෝල්වරයක් හා මිරිහාන පොලිසියේ නිලධාරීන් තිදෙනාට ටී56 ගිනි අවි දෙකක්ද නිකුත් කර තිබුණි. අන් කිසිම සාමාන්‍ය මන්ත්‍රීවරයකුට නොලැබුණ අන්දමට තිබුණු මේ ආරක්ෂාව පෙනුණේ, ‘පුංචි පොලිසියක්’ ලෙසය.

තනි සිද්ධියක් නොවේ.ක්‍රියා දාමයකි. භාරත ලක්ෂ්මන් ඝාතනය එදා ඇතිවුණු හුදෙකලා සිද්ධියක් නොවේ. ක්රියාදාමයකි. පැමිණිල්ලේ ස්ථාවරයත් නීතිමය තත්ත්වයත් ගොඩනැගෙන්නේ එම ක්‍රියාදාමය මතය.

එදා පළාත් පාලන මැතිවරණය පැවැති දිනයයි. දුමින්ද සිල්වා ඇතුළු විත්තකරුවන් එදා මුලින්ම එකතුවුණේ තමිල්නාඩු වත්ත නම් ස්ථානයකදීය. නඩුවට හේතුවන ‘නීති විරෝධී රැස්වීම’ ආරම්භවන්නේ එතැන සිටය. ඊට එකතුවුණු සියලූම දෙනා ඒ අනුව නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝය. ඉන්පසු පිරිස කන්දේ විහාරය නම් ස්ථානයකට ඔවුහු ආහ. ඉන්පසු මේ පිරිස වාහනවලින් රාජසිංහ විදුහල ආසන්නයට පැමිණියෝය. රාජසිංහ විදුහල අසළදී තරුණයකුට, දුමින්ද සිල්වා ඇතුළු මේ ‘නීති විරෝධී රැස්වීමේ’ සාමාජිකයන්ගෙන් කෙනෙක් පහර දුන්නේය. එතැනින් පසු ඔවුහු රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය අසළට ආහ. ඉන් පසුව ඝාතනය සිදුවුණු හිඹුටාන ප්‍රදේශයට ආවෝය. තමිල්නාඩු වත්තෙන් ආරම්භවුණු නීති විරෝධී රැස්වීම මෙලෙස තැන් කිහිපයකට ගියේය.

නීති විරෝධී රැස්වීම

දණ්ඩ නීති සංග්‍රහය අනුව, යම්කිසි නීති විරෝධී පොදු අරමුණක් ඉටුකර ගැනීම සඳහා පස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව කටයුතු කරන අවස්ථාවක් නීති විරෝධී රැස්වීමකි. එම නීති විරෝධී රැස්වීමට සහභාගි වුණු සියලූම දෙනා, එහිදී සිදුවන සියලූ අපරාධවලට, තම තමන් පෞද්ගලිකව කළාක් මෙන් වගකිව යුතුය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පැහැදිලි කළේ, නීති විරෝධී රැස්වීම ආකාර දෙකකට පවතින බවය. ඒවා නම්, වරද මුල් කරගත් නීති විරෝධී රැස්වීම් හා පුද්ගලයා මුල් කරගත් නීති විරෝධී රැස්වීම් වශයෙනි. නීති විරෝධී රැස්වීම්වල කලාතුරකින් දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ නායකත්වයක් තිබීමයි. මේ සිදුවීම් දාමයේදී දුමින්ද සිල්වා, මේ නීති විරෝධී රැස්වීමට නායකත්වය දුන් බව සාක්ෂිවලින් තහවුරු වී තිබේ.

අධිචෝදනා පත්‍රයේ තිබුණු චෝදනා නගා තිබුණේ, මේ නීති විරෝධී රැස්වීම ගමන් කළ විවිධ ස්ථානවලදී එහි සාමාජිකයන් සිදුකළ අපරාධ සම්බන්ධයෙනි. රාහුල විදයාලය අසළ සිදුවීම සම්බන්ධයෙන්, කැරලි ගැසීමේ වරද, එම ස්ථානයේ රාජකාරි කළ විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් දමිත් සුරංගගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම, ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ මධුෂානි පතිරණ සාපරාධි ලෙස බියගැන්වීම යන චෝදනා එල්ලවී තිබුණි. හිඹුටාන අපරාධ ස්ථානයට අදාළව භාරත ලක්ෂ්මන් ඇතුළු 4දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, භාරතගේ ආරක්ෂක නිලධාරියකු වුණු උපපොලිස් පරීක්ෂක ගාමිණීට වෙඩි තබා මිනිමැරීමට තැත්කිරීම යන චෝදනා නගා තිබුණි. ඉහත සියලූම චෝදනාවල පසුබිම, ගිනි අවි පෙන්වා ඡන්දදායකයන් සාපරාධී ලෙස බියගැන්වීම වෙයි.

ඡන්දදායකයන් බියගැන්වීම

නීති විරෝධී රැස්වීම ආරම්භ වුණු තමිල්නාඩු වත්තේ, එක ළඟ පිහිටා තිබුණු ඡන්දපොළ දෙකක් අතර, ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට පැය හතරකට අධික කාලයක්, දුමින්ද සිල්වා නමැති ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුටුවක් තබා හිඳගෙන සිටියේය. ඔහු කළේ කුමක්ද? ඡන්දපොළවලට යන ඡන්දදායකයන්ට, එජාපයට ඡන්දය නොදෙන ලෙසත්, ආණ්ඩු පක්ෂයට ඡන්දය දෙන ලෙසත්, එජාපයට ඡන්දය දෙන්නට ආවා නම් ආපසු හැරී යන ලෙසත් බලපෑම් කිරීමයි. ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු දුමින්ද සිල්වා දෙපස ටී56 ගිනිඅවි අත දරාගෙන හිඳ ඇත. නිල ඇඳුමක්වත් නැති ටී56 දරා සිටින දෙදෙනකුද තබාගෙන ජනතාවගේ රහස් ඡන්දයේ වටිනාකමට නිගා කළ මේ පුද්ගලයා, නිදහසේ ඡන්දය දැමීමට ඇති අයිතියටද බාධා කළේය. හිරුටවත්, මව්බිමටවත් මේ අපරාධය පෙනෙන්නේ නැත. ඔවුන්ගේ ප්රවෘත්තිවල ඒ ගැන සඳහනක්වත් නැත.

එම ස්ථානයට ආ ප්‍රදේශයේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දුමින්ද සිල්වා එතැනින් ඉවත්කිරීමට උත්සාහ දරා තිබේ. පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු පැමිණ, ‘මන්ත්‍රීතුමාගේ ක්‍රියාකලාපය නිසා ඡන්දපොළවල් අවලංගු වීමේ අවදානමක් තිබෙන බව’ දුමින්ද සිල්වාට කීවේය. ඉන්පසු දුමින්ද සිල්වා එතැනින් ඉවත්ව, අසළ පිහිටි රමේෂ් යන අයගේ නිවෙසට ගොස් මත්පැන් පානය කරන්නට පටන් ගත්තේය

සවස 2.45ට පමණ, තමිල්නාඩු වත්තෙන් පිටත්වී මේ නිති විරෝධී රැස්වීමේ සාමාජිකයෝ වාහන ගණනාවකින් රාහුල විද්‍යාලය අසළට ආවෝය

ටී56 මාරුකිරීම

කන්දේ විහාරය ආසන්නයේදී, තමාගේ රියට ඉදිරියෙන් ගමන්ගත් ලෑන්ඞ් රෝවර් රථයේ එක ටී56 ගිනිඅවියක් පමණක් තිබෙනු දුමින්ද සිල්වාට දැනගන්නට ලැබිණ. ඒ ගැන ඔහු තම රියේ සිටි දෙමටගොඩ චමින්ද (3විත්තිකරු) නම් පාතාල සාමාජිකයාගෙන් විමසුවේය. එවිට දෙමටගොඩ චමින්ද හා ඉදිරි රියේ සිටි අනුර තුෂාර ද මෙල් (1 විත්තිකරු) රියවලින් බැස, දුමින්ද සිල්වාගේ රියට පසුපසින් පැමිණි වෑන් රියේ තිබුණු ටී56 ගිනිඅවිය 1 විත්තිකරු වෙත ලබාදී තිබේ. අවිය ගත් ඔහු යළිත් ඉදිරියෙන් තිබුණු ලෑන්ඞ් රෝවර් රියට ගොඩවී ගමන්කොට තිබේ. මෙලෙස ගිනිඅවිය මාරු කළේ කුමක් සඳහාද?

රාහුල විදයාලයේ ඡන්දපොල අසළදී මේ මැරයෝ පිරිස මහජනතාව බියගැන්වීම යළි ආරම්භ කළහ. නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝද එහි සිටි ගැහැනුන්ට හා පිරිමින්ට පහර දුන්හ. ඒ මොහොතේ, ටී56 ගිනිඅවිවලින් සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකු එහි සිටියත්, සිය අවිවලින් වෙඩි නොතබා, මේ මැරයන් පාලනය කරගැනීමට ඔවුහු මහත් වෙහෙසක් ගත්හ. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ මේ සාමකාමී මැදිහත්වීම නොසැලකූ දුමින්ද සිල්වාගේ එක් මැරයෙකු කළේ කුමක්ද? එක් නිලධාරියකුගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කරන්නට තරම් චණ්ඩිකමක් පෙන්වීමයි. යම් හෙයකින් මෙම නිලධාරීන් සිය ගිනිඅවි පාවිච්චි කළා නම් එතැන විය හැකිව තිබුණු විනාශය කොතෙක් විය හැකිද?

කොන්ද පණ නැති පොන්නයෝ

මේ අවස්ථාවේදී පහරකෑමට ලක්වුණු කාන්තාවෝ, ‘ගෑනුන්ට ගහන පිරිමි පොන්නයෝ, කොන්ද පණ නැති පිරිමි’ කියමින් බැනවැදුණෝය. තමන්ට ශක්තියෙන් සමාන හෝ වැඩි පුද්ගලයකුට පහරදීම සාමාන්‍ය පුද්ගලයකු කළත්, ආයුධ සන්නද්ධව සිටිමින්, නිරායුධව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් මේ පාතාල මැරයන් පිරිස හැඳින්විය යුත්තේ කෙසේද? හිරු හා මව්බිම කියන විදියට, සත්ගුණවත් දුමින්ද සිල්වා උපාසක මහතා හා ඔහුගේ උපාසක නඩය ලෙසද?

කොහොම නමුත් අවසානයේ දුමින් සිල්වා හා මැරයන් දමනය කරගන්නට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවිය. දුමින්ද සිල්වා ඇතුළු මැරයෝ තම වාහනවල නැගී එතැනින් ඉවත්ව ගියහ. පහර කෑ කාන්තාවන්ගේ කෝපය, තමන් ආරක්ෂා කර නොගැනීම ගැන, විශේෂ කාර්ය බලකා පොලිස් නිලධාරීන් වෙතද එහිදී එල්ලවිය. ‘පොන්න පොලිස්කාරයෝ, ගෑනුන්ට සත්තුන්ට වගේ ගහලා යනකං බලාගෙන හිටියා.’ කියමින් ඔවුහු නිලධාරීන්ටද දොස් කීහ. තමන් ගිනිඅවි භාවිත කළේ නම් සිදුවිය හැකිව තිබුණු විනාශය, කාන්තාවන් පහරකෑමට වඩා ඉතා භයානක බව පොලිස් නිලධාරීන් පැහැදිලි කළ පසු, ඔවුන් නිහඬවුණු බවද සාක්ෂිවලදී පැහැදිලි කොට තිබේ.

එතැන සිටි කාන්තාවන් අතර ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳද එක් අයෙකි. දුමින්ද සිල්වා තමාට පහරදී තමාගේ් ඇඳුමෙන් කොටසක්ද ඉරාදැමූ හැටි ඇය සාක්ෂි දෙමින් පැහැදිලි කර ඇත. අවසානයේ ඇය බේරාගත්තේ වෙනත් ඥාති කාන්තාවක විසින්, අසළ තිබූ යකඩ වැටකට ඇය මුවා කරගැනීමෙනි. එහෙත්, විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ, ඇය සුරූපී කාන්තාවක නිසා, දුමින්ද සිල්වා ඇය ගැන ආකර්ෂණයෙන් ඈ වෙතට ගොස්, ‘නංගී ඔයා කාටද ඡන්දේ දැම්මේ’ යනුවෙන් කුළුපගව විමසුවා පමණක් බවය. එහෙත් ඉදිරිපත්වුණු සාක්ෂි අනුව, රාහුල විදුහල අසළ පහරදීම්වලට දුමින්ද සිල්වා නායකත්වය දෙමින් පෞද්ගලිකවම මැදිහත්වී තිබේ. ඒ නිසා රාහුල විදුහල ආසන්න සිදුවීම ගැන නගා ඇති චෝදනාවලට දුමින්ද සිල්වා පැහැදිලිවම වැරදිකරුය.

ඒ මොහොත එළැඹිණි

රාහුල විදුහලෙන් නික්මී ඉන්පසු ඔවුන් පැමිණියේ ඊට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි අවසන් වෙඩි තැබීම සිදුවුණු තැනටය. හිඹුටානටය.

මහාධිකරණයේදී පැමිණිල්ලේ එක් වැදගත් සාක්ෂියක් වුණේ, පොලිස් කොස්තාපල් ලසන්ත වනසුන්දරගේ සාක්ෂියයි. ඔහු දුමින්ද සිල්වාගේ පෙරගමන් රථයේ පිස්තෝලයක්ද අතැ’තිව ගමන් කොට තිබේ. හිඹුටාන ඝාතන ස්ථානයේදී ඔවුන් ගමන් කළ රථයට පිටුපසින් දුමින්ද සිල්වා සිටි ලෑන්ඞ් ක‍්‍රෑෂර් රථය ආවේය.

ඒ මොහොත එළැඹිණි. උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර වරෙක මැදිහත්වී, වුවමනාවෙන්ම වළක්වාගන්නට මහත් පරිශ්‍රමයක් ගත් බිහිසුණු මොහොතයි ඒ. දුමින්ද ගමන් කළ දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් භාරත ලක්ෂ්මන් ජීප් රථයකින් පැමිණියේය. භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය. භාරත ලක්ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය. ඒ මොහොතේ භාරත සිටි දිශාවෙන් වෙඩි පහරක් ආවේය. එය දුමින්ද සිල්වාගේ නළලට වැදී ඔහු බිම වැටිණි.

එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙන්වා දෙන ලද්දේ, දුමින්ද සිල්වාට එසේ තුවාල වීමටත් පෙර, ඔහු නායකත්වය දුන් නීති විරෝධී රැස්වීමේ පරමාර්ථය භාරත ලක්ෂ්මන්ට පහර දීමෙන් ඉටුකරගත් බවයි.භාරතට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු, ගිනි අවි සහිතව ආරක්ෂාවට ලබාදී තිබුණි. කරන ලද විමර්ශනවලදී හෙළිවුණේ, දුමින්දට වෙඩි තබන ලද්දේ එම ආරක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු බවය.

ආරක්ෂකයා වෙඩි තබයි

ඒ ආරක්ෂකයා කළ දේ නිවැරදිය. තම ප්රභූවරයා වෙත එල්ලවූ ප්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා ඔහු කළ දේ නීත්‍යනුකූලද, සිය රාජකාරිය නිසි පමණින් ඉටුකරමින් කරන ලද්දක්ද වෙයි. ප්‍රභූවරුන් සඳහා ආරක්ෂාව සැපයීමේදී පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය විස්තර කෙරෙන චක්‍රලේඛ උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියා සිය යුතුකම්, වගකීම හා පුද්ගලික ආරක්ෂාව යන සිද්ධාන්ත තුළ ක්‍රියා කිරීමේදී දුමින්ද සිල්වාට තුවාල සිදුවුණු බවයි.

දුමින්දට වෙඩි වැදීමෙන් පසු අවට සිටි පිරිස ක්ෂණයකින් එතැනින් ඉවත්වුණු අතර, අනුර තුෂාර ද මෙල් නමැති පොලිස් නිලධාරියා (1 විත්තිකරු) තම අත තිබුණු ගිනි අවියෙන් අහසට වෙඩි තබන්නට විය. එකෙණෙහි සරත් බණ්ඩාර නමැති විත්තිකරු එම ගිනිඅවිය උදුරාගෙන භාරත ඇතුළු ඔහුගේ පිරිස දෙසට දිගින් දිගටම වෙඩි තැබීය.

තවත් පාතාලයෙක්

දුමින්ද සිල්වා සතුව නිල පිස්තෝලයක් තිබේ. එය මන්ත්‍රීවරයකු වන ඔහුට රජයෙන් ආරක්ෂාව සඳහා සපයන්නකි. මේ පිස්තෝලය කිසිවකුට හදිසියකදී තියාගන්නට දෙන්නටවත් අදාළ මන්ත්‍රීවරයාට නීතියෙන් තහනම්ය. එහෙත් ඒ මොහොතේ දුමින්දගේ පිස්තෝලය තිබුණේ ඔහු ළඟ නොවේ. 10 වැනි විත්තිකාර ගලගොඩ ළඟය. මේ ගලගොඩ, හිටපු යුදහමුදා කොමාන්ඩෝ සෙබළෙකි. ඔහුට විරුද්ධව කොල්ලකෑමේ වරද සඳහා නඩු දෙකක් පානදුර හා අවිස්සාවේල්ල මහාධිකරණවල විභාග වෙමින් පැවැත්තේය. දුමින්ද සිල්වා ළඟ සිටි තවත් පාතාල මැරෙයකි මේ ගලගොඩ.

දුමින්ද සිල්වාට වෙඩි වැදුණු සැණින් ගලගොඩද තමා සතුව තිබුණු දුමින්ද සිල්වාගේ පිස්තෝලයෙන් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තැබීය. එයින් ආරක්ෂක නිලධාරියාගේ බාහුවකට, වම් ඇසට, හා මොළයට මාරාන්තික තුවාල සිදුවිය. එසැණින්, දුමින්ද සිල්වාගේ ආරක්ෂක, 1 විත්තිකාර අනුර ඇතුළු අන් අය ටී56 ගිනිඅවි භාවිත කරමින් භාරත ලක්ෂ්මන් දෙසට වෙඩි වරුසාවක් එල්ල කරන ලදි. භාරතගේ අතේ කිසිම අවියක් තිබුණේ නැත. ඔහු සමග එතැන ඝාතනය වුණු අනෙක් තිදෙනා වන දමිත ජයතිලක, මනිවේල් කුමාරස්වාමි හා මොහොමඞ් අස්මි යන අය අතද කිසිම ගිනිඅවියක් තිබුණේ නැත. ඔවුහු පස්දෙනාම සිටියෝ නිරායුදවය. ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවූයේ භාරත ලක්ෂ්මන් සමග ඒ මොහොතේ එකට ගමන් ගනිමින් සිටි පාපයටය.

ඇත්ත වශයෙන්ම වෙඩි තැබීම ඇරඹීමත් සමග භාරත ලක්ෂ්මන් ජීවිතාරක්ෂාව පතා එම ස්ථානයේ පිටුපසට දිවගියේය. ඔහු දුවමින් සිටින විට පිටුපසින් එළවමින් ටී56 ගිනිඅවියකින් වෙඩිතබා තිබේ. අවම වශයෙන් වෙඩි පහරවල් 24ක් මේ පසුපස හැරී දුවමින් සිටි නිරායුද මිනිසාගේ සිරුරේ පිටුපසට වැදී තිබුණේය.

උපුටාගැනීම ~~අනිද්දා~~

[QUOTE="Oli_Vili, post: 23735294, member: 563195"] [b]දුමින්ද_මිනීමරුවෙක්ද?[/b] [SIZE="5"][B][COLOR="Purple"][SIZE="7"][B][COLOR="Magenta"]දුමින්ද මිනීමරුවෙක් වුණේ කොහොමද?[/COLOR][/B][/SIZE] 2011 ඔක්තෝබර් 8 වැනිදා, පළාත් පාලන මැතිවරණය දා සිදුවුණු භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක්, අධිචෝදනා 10කට වරදකරු කරන ලදහ. පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත්කිරීම හා ගිනිඅවි පෙන්වා ඡන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් ‘නීති විරෝධී රැස්වීමක’ සාමාජිකයන් වීම, ටී56 නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා ඒ අතර විය. ඔවුන් සියලූ දෙනාටම මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එම තීන්දුව 2ට 1ක් ලෙස බෙදුණු තීන්දුවකි. පද්මිණී රණවක හා එම්සීබී මොරායස් යන විනිසුරුවරුන් බහුතරයේ තීන්දුව දුන් අතර, ශිරාන් ගුණරත්න විනිසුරු වෙනස් තීන්දුව දුන්නේය. බහුතරයේ තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ වරදකරුවන් කරන ලදහ. ඊට වෙනස් තීන්දුවට දැන් කිසිම නීතිමය බලයක් නැත. මහාධිකරණ තීන්දුවෙන් මරණ දඬුවම නියමවුණේ, දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප්‍රියන්ත ජනතක බණ්ඩාර ගලගොඩ යන අයටය. [SIZE="6"][B][COLOR="Magenta"]රාජපක්ෂ සුරතලා[/COLOR][/B][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-wJ-dFs-B8To/Uf1_r8ZXXLI/AAAAAAAAB1I/wLmT7IchV-I/s1600/duminda-new-02.jpg[/IMG] භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව මහත් ආන්දෝලනයක් ඇති කළේ එක අතකින් ඊට සම්බන්ධවී තිබුණු චරිතවල වැදගත්කම නිසාය. ඝාතනය වුණු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල ප්‍රබල නායකයෙකි. ඔහු ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වා රටේ ප්‍රකට සල්ලිකාරයෙකි. හිරු ටීවී සහ රේඩියෝ අයිතිකාරයාගේ සහෝදරයාය. පාතාල සාමාජිකයන් පිරිවරා විවිධ මැරකම් කරමින් සිටි දේශපාලකයෙකි. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ සුරතලෙකි. මහින්දට දුමින්දගේ ගෙදර තමාගේ ගෙදර වගේ විය. ඊටත් වඩා දුමින්ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයාය. මේ ඝාතනය සිදුවුණු දවසේ දුමින්දට වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදුව, හිසේ ශල්‍ය කර්මයකට භාජනය කරන ලදි. [COLOR="Red"]එදා රාත්‍රී 2 වනතුරු ගෝඨාභය රාජපක්ෂ රෝහලේ සිටිමින් පෞද්ගලිකවම සියල්ල සොයාබැලූවේය. අලූයම් කාලයක කාටත් හොරා හෙලිකොප්ටර් යානයක් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළට ගෙනගොස්, ඉතා සැලසුම් සහගතව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන ලදි.[/COLOR] ඊටත් අමතරව සිද්ධිය වී දින කිහිපයක් ගතවන විට, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කාර්ය මණ්ඩලය මාරුකර පාලන කටයුතු සඳහා වෙනත් කණ්ඩායමක් පත්කරන ලදි. මේ සියල්ල අනුව, භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳව ඒ මොහොතේ නීතිය ක්‍රියාත්මක වුණු හැටි සිතාගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවුණු තොරතුරු අනුව, ඒ කටයුතු සියල්ල සිදුවී තිබුණේ දුමින්ද සිල්වාට පක්ෂග්රාහීවය. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, අතුරුදන්වීමක් හැටියටත්, වසීම් තාජුදීන් ඝාතනය හදිසි අනතුරක් හැටියටත් පොලිස් පොත්වල ලියැවුණු ඒ කාලයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේත් ඒ විදියටමය. [COLOR="Green"]දුමින්ද සිල්වා සමගම මේ නඩුවේදී මරණ දඬුවම ලැබු එක් විත්තිකරුවකු වන්නේ චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්ද යනු කොළඹ පාතාලයේ ප්‍රබල සාමාජිකයකු වූ, ඒ කාලයේ ඒ ප්‍රදේශය හොල්ලාගෙන සිටි දරුණු පාතාලයෙකි. මිනීමැරුම සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ දුමින්ද සිල්වාගේ ජීප්රථයේය. ඔහුගේ අතේ තිබුණු නීති විරෝධී ගිනි අවිය ගැන පසුව විස්තර කරමු. රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයා සමග නමගිය පාතාලයෙකු නීති විරෝධී ගිනිඅවියක් සමග සිටීම, සැලකිය හැක්කේ පන්සලේ දායක සමිතියේ සාමාජිකයන් පිරිසකගේ හමුවීමක් ලෙසින් නම් නොවේ.[/COLOR] [SIZE="6"][B][COLOR="magenta"]අහිංසක දුමින්ද[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/m6shqFg.png[/IMG] භාරත ලක්ෂ්මන් ඝාතනයට අදාළ මහාධිකරණ තීන්දුව දීමට පෙර, ඒ ගැන විවිධාකාර කතාබහ සමාජය තුළ ඇතිවිය. ඉන් එකකට පදනම් වී තිබුණේ, දුමින්ද සිල්වාගේ සල්ලිකාර පාර්ශ්වයට ඕනෑම කෙනකු මිලදී ගැනීමට තිබුණු හැකියාවයි. එය ඇත්තය. තමාගේ සහෝදරයා බේරාගැනීමට කෝටිපති ව්‍යාපාරිකයකු වුණු ‘හිරු’ නාලිකාවේ අයිතිකරු රෙනෝ සිල්වා, ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම්වූ බවද, ඕනෑම කෙනකු සමග එකතුවීමට සුදානම්වූ බවද අලූත් දෙයක් නොවීය. මේ නිසා, මහාධිකරණ තීන්දුව ගැනද, විනිසුරු මඬුල්ල ගැනද විවිධාකාර ප්රවෘත්ති ඒ කාලයේ පළවිය. කොහොම නමුත්, තීන්දුව දුන් දා කිරිබත් කා, මල්මාලා පළඳවා, රතිඤ්ඤා පත්තුකර උසාවියෙන් එළියට එන ‘නිර්දෝෂී, අහිංසක’ දුමින්ද සිල්වා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම්කොට තිබුණි. හිරු මාධ්‍ය ජාලයේ සියලූම දෙනා සිටියේ දුමින්ද නිවැරදිකරුවී එළියට එනු ඇතැ’යි කියන දැඩි විශ්වාසයෙනි. එහෙත් සියල්ල කනපිට හැරුණි. ජයග්‍රහණය පතා සිටියවුන්ගේ ගෙවල්, මළගෙවල් බවට පත්විය. දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම විය. ‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාව, තමන්ගේම ආදර්ශ පාඨය විලිලජ්ජාවට පත්කරමින්, එදින ප්‍රවෘත්තිවලින් වාර්තා කළේ, ‘මුල්ලේරියාවේ සිදුවුණු වෙඩි තැබීමක්’ ගැන පමණය. භාරත ලක්ෂ්මන් නම් දේශපාලකයකු එහිදී ඝාතනය වුණු බවත්, ඊට දුමින්ද සිල්වා නමැති තම නාලිකාව අයිතිකරුගේ සහෝදරයා මරණ දඬුවමට නියමවුණු බවත් හිරු ප්‍රවෘත්තියට ඇතුළත් නොවීය. විත්තිකරුවන් හැඳින්වුණේ පළමු, දෙවැනි ලෙස අංකවලින් පමණකි. තමන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය, පසුගිය මාර්තු 26, 27, මැයි 8, 10, 14, 18 ජුනි 4, 6, 13, 18, ජූලි 18, 20 හා 25 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණ. දැන් විභාගය අවසන්වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පාර්ශ්ව දෙක ලිඛිත දේශන ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන දිනයෙක අභියාචනය පිළිබඳ තීන්දුව ලැබෙනු ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කරුණු දැක්වීය. [SIZE="6"][B][COLOR="magenta"]හිරු හා මව්බිම[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/qhZ5jH8.png[/IMG] අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවති කාලයේ, දුමින්ද සිල්වාගේ අයියාගේ ‘හිරු’ නාලිකාවත්, ‘මව්බිම’ ඇතුළු සල්ලිකාර දැවැන්තයන්ගේ පත්තරත් අමුතු මෙහෙයුමක් පටන්ගත්තේය. දුමින්ද සිල්වා අහිංසකයකු බවත්, ඔහු මහාධිකරණයෙන් වරදකරු කළේ දේශපාලන පළිගැනීමකට බවත්, දුමින්දගේ අහිංසකකම ගැන ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා පිළිගත් බවත්, ඊටත් එහා ගොස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඒවා පිළිගත් බවත් ප්‍රබන්ධ කරන ලද ප්‍රවෘත්තිවලින් කියාපාන ලදි. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දක්වන කරුණු විවිධ ඉන්ද්‍රජාල හරහා උලූප්පා පෙන්වමින් දුමින්ද අහිංසක දරුවකු බවට පත්කරන්නට, සිය ස්වාමීන්ගේ අණ අනුව වැඩකළ හිරු නාලිකාවේත් මව්බිම පුවත්පතේත් ඊනියා මාධ්‍යකරුවන් සහ සංස්කාරකවරුන්, එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ එකම වැදගත් කරුණක්වත් උපුටා දක්වන්නට උත්සාහ ගත්තේ නැත. පළකරන ලද බොහෝ කරුණු තමන්ට වුවමනා හැටියට තෝරාගත් කෑලි පමණක් විය. සමහර කරුණු වුවමනාවෙන්ම විකෘතිකර තිබුණි. රටේ ඉහළම අධිකරණයේ විභාගවන නඩුවක කරුණු වුණත්, මේ අශ්ලීල මාධ්‍යකාරයන්ට තමන්ට වුවමනා හැටියට නමන්නට හැකි බව පසුගිය කාලයේ හිරු නාලිකාවත්, මව්බිම පුවත්පතත් සැලකිල්ලෙන් බලන අයට පෙනෙනු ඇත. [SIZE="6"][B][COLOR="magenta"]මේ නිසා, ඇත්ත ගැන කතාකිරීම අවශ්‍යය.[/COLOR][/B][/SIZE] ඒ ‘පැත්ත ගියත් ඇත්ත කියන’ වැනි පුස් වචන අපයෝජනය කිරීම සඳහා නොවේ. රටේ යුක්තිගරුක ජනතාවට හැම පැත්තක්ම දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමටය. ඊනියා මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ස්වාමිවූ සල්ලිකාරයන් හංගන පැත්ත එළිදරව් කිරීමටය. අභියාචනා විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, විත්තිකරුවන් වෙනුවෙන් කළ දේශනවලදී ඉදිරිපත් කළ දේවල්, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් ඉතාම සුළු කොටසක් බවයි. ඒ සුළු කොටස මත පිහිටා මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව පෙන්වන්නට උත්සාහ කරනු පෙනුණු බවද ඔහු කීවේය. ප්‍රකට අඟුලාන මිනීමැරුම් නඩුවේ තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරවමින් ඔහු තවදුරටත් කිව්වේ, අභියාචනයකදී නීතිමය කරුණු සැලකිල්ලට ගන්නට පෙර, මුල් නඩු විභාගයේදී ඉදිරිපත්වී ඇති සියලූ සාක්ෂි සමස්තයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය. ඒ අනුව, සමස්ත චිත්‍රය ගැන අදහසක් ගන්නට කැමැත්තක් ඇති අයකුට උදව් වන පරිදි, අභියාචනයේදී උපුටා දක්වන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය. [SIZE="6"][B][COLOR="magenta"]මුණගැහීම වළක්වන්නට[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/LKO4LcZ.png[/IMG] මහාධිකරණයේදී සාක්ෂි දුන්, දුමින්ද සිල්වාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු වූ උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර, 2011 ජනවාරි සිට දුමින්ද සිල්වාගේ ආරක්ෂක කටයුතු භාරව සිටියේය. සිය සාක්ෂියේදී ඔහු, රාජපක්ෂවරුන්ගේ අලූත් සුරතලකු වූ දුමින්ද සිල්වා හා පරණ දේශපාලන නායකත්වය වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර අතර කොළොන්නාවේ දේශපාලන අධිකාරිය සඳහාවූ බලඅරගලය විස්තර කළේය. භාරත ලක්ෂ්මන් හා දුමින්ද සිල්වා කිසිම පොදු ස්ථානයකදී මුහුණට මුහුණ හමුවීමක් සිදුවීම වැළැක්වීමට තමා පෞද්ගලිකවම උත්සාහ ගත් බවද සාක්ෂිකරු කියාසිටියේය. එක් අවස්ථාවකදී දුමින්ද සිල්වාට නොදන්වාම භාරත ලක්ෂ්මන් හමුවීමට ඔහුගේ නිවෙසට ගිය මේ පොලිස් නිලධාරියා, එසේ මුහුණට මුහුණ හමුනොවීමට වගබලාගන්නා ලෙස භාරත ලක්ෂ්මන්ගෙන් ඉල්ලා සිටියේය. භාරත ලක්ෂ්මන්ද ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අතර, මේ නිසා තමා ඇමතීමට නියමිතව සිටි දේශපාලන රැස්වීම්වලට පවා නොයන්නට තරම් ඔහු සැලකිලිමත් වූයේය. [COLOR="green"]මේ සාක්ෂියෙන් පැහැදිලි වන්නේ කුමක්ද? භාරත ලක්ෂ්මන් මුහුණට මුහුණ හමුවුණොත්, දුමින්ද සිල්වාගේ පැත්තෙන් විය හැකි අනතුර ගැන යම් පූර්ව අදහසක් මේ උපපොලිස් පරීක්ෂකවරයාට තිබුණු බව නොවේද? [/COLOR]එහෙත්, අවාසනාවකට මෙන්, මේ පොලිස් නිලධාරියා, ඝාතනය සිදුවුණු මොහොතේදී දුමින්ද සිල්වාගේ ආරක්ෂක කණ්ඩායමේ නොසිටියේය. [SIZE="6"][B][COLOR="magenta"]පුංචි පොලිසියක්[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/rMDoShx.png[/IMG] ගෝඨාභය රාජපක්ෂගේ නියමය මත, දුමින්ද සිල්වාගේ ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 10දෙනකු අනුයුක්ත කර තිබුණි. ඒ මිරිහාන පොලිසියෙන් අනුයුක්ත කර සිටි නිලධාරීන් 3කට අමතරවය. මේ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සඳහා පිස්තෝල 9ක්, එක් රිවෝල්වරයක් හා මිරිහාන පොලිසියේ නිලධාරීන් තිදෙනාට ටී56 ගිනි අවි දෙකක්ද නිකුත් කර තිබුණි. අන් කිසිම සාමාන්‍ය මන්ත්‍රීවරයකුට නොලැබුණ අන්දමට තිබුණු මේ ආරක්ෂාව පෙනුණේ, ‘පුංචි පොලිසියක්’ ලෙසය. තනි සිද්ධියක් නොවේ.ක්‍රියා දාමයකි. භාරත ලක්ෂ්මන් ඝාතනය එදා ඇතිවුණු හුදෙකලා සිද්ධියක් නොවේ. ක්රියාදාමයකි. පැමිණිල්ලේ ස්ථාවරයත් නීතිමය තත්ත්වයත් ගොඩනැගෙන්නේ එම ක්‍රියාදාමය මතය. එදා පළාත් පාලන මැතිවරණය පැවැති දිනයයි. දුමින්ද සිල්වා ඇතුළු විත්තකරුවන් එදා මුලින්ම එකතුවුණේ තමිල්නාඩු වත්ත නම් ස්ථානයකදීය. නඩුවට හේතුවන ‘නීති විරෝධී රැස්වීම’ ආරම්භවන්නේ එතැන සිටය. ඊට එකතුවුණු සියලූම දෙනා ඒ අනුව නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝය. ඉන්පසු පිරිස කන්දේ විහාරය නම් ස්ථානයකට ඔවුහු ආහ. ඉන්පසු මේ පිරිස වාහනවලින් රාජසිංහ විදුහල ආසන්නයට පැමිණියෝය. රාජසිංහ විදුහල අසළදී තරුණයකුට, දුමින්ද සිල්වා ඇතුළු මේ ‘නීති විරෝධී රැස්වීමේ’ සාමාජිකයන්ගෙන් කෙනෙක් පහර දුන්නේය. එතැනින් පසු ඔවුහු රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය අසළට ආහ. ඉන් පසුව ඝාතනය සිදුවුණු හිඹුටාන ප්‍රදේශයට ආවෝය. තමිල්නාඩු වත්තෙන් ආරම්භවුණු නීති විරෝධී රැස්වීම මෙලෙස තැන් කිහිපයකට ගියේය. [SIZE="6"][B][COLOR="magenta"]නීති විරෝධී රැස්වීම[/COLOR][/B][/SIZE] දණ්ඩ නීති සංග්‍රහය අනුව, යම්කිසි නීති විරෝධී පොදු අරමුණක් ඉටුකර ගැනීම සඳහා පස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව කටයුතු කරන අවස්ථාවක් නීති විරෝධී රැස්වීමකි. එම නීති විරෝධී රැස්වීමට සහභාගි වුණු සියලූම දෙනා, එහිදී සිදුවන සියලූ අපරාධවලට, තම තමන් පෞද්ගලිකව කළාක් මෙන් වගකිව යුතුය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පැහැදිලි කළේ, නීති විරෝධී රැස්වීම ආකාර දෙකකට පවතින බවය. ඒවා නම්, වරද මුල් කරගත් නීති විරෝධී රැස්වීම් හා පුද්ගලයා මුල් කරගත් නීති විරෝධී රැස්වීම් වශයෙනි. නීති විරෝධී රැස්වීම්වල කලාතුරකින් දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ නායකත්වයක් තිබීමයි. මේ සිදුවීම් දාමයේදී දුමින්ද සිල්වා, මේ නීති විරෝධී රැස්වීමට නායකත්වය දුන් බව සාක්ෂිවලින් තහවුරු වී තිබේ. අධිචෝදනා පත්‍රයේ තිබුණු චෝදනා නගා තිබුණේ, මේ නීති විරෝධී රැස්වීම ගමන් කළ විවිධ ස්ථානවලදී එහි සාමාජිකයන් සිදුකළ අපරාධ සම්බන්ධයෙනි. [COLOR="Red"]රාහුල විදයාලය අසළ සිදුවීම සම්බන්ධයෙන්, කැරලි ගැසීමේ වරද, එම ස්ථානයේ රාජකාරි කළ විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් දමිත් සුරංගගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම, ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ මධුෂානි පතිරණ සාපරාධි ලෙස බියගැන්වීම යන චෝදනා එල්ලවී තිබුණි.[/COLOR] හිඹුටාන අපරාධ ස්ථානයට අදාළව භාරත ලක්ෂ්මන් ඇතුළු 4දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, භාරතගේ ආරක්ෂක නිලධාරියකු වුණු උපපොලිස් පරීක්ෂක ගාමිණීට වෙඩි තබා මිනිමැරීමට තැත්කිරීම යන චෝදනා නගා තිබුණි. ඉහත සියලූම චෝදනාවල පසුබිම, ගිනි අවි පෙන්වා ඡන්දදායකයන් සාපරාධී ලෙස බියගැන්වීම වෙයි. [SIZE="6"][B][COLOR="magenta"]ඡන්දදායකයන් බියගැන්වීම[/COLOR][/B][/SIZE] නීති විරෝධී රැස්වීම ආරම්භ වුණු තමිල්නාඩු වත්තේ, [COLOR="DarkOrange"]එක ළඟ පිහිටා තිබුණු ඡන්දපොළ දෙකක් අතර, ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට පැය හතරකට අධික කාලයක්, දුමින්ද සිල්වා නමැති ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පුටුවක් තබා හිඳගෙන සිටියේය. ඔහු කළේ කුමක්ද? ඡන්දපොළවලට යන ඡන්දදායකයන්ට, එජාපයට ඡන්දය නොදෙන ලෙසත්, ආණ්ඩු පක්ෂයට ඡන්දය දෙන ලෙසත්, එජාපයට ඡන්දය දෙන්නට ආවා නම් ආපසු හැරී යන ලෙසත් බලපෑම් කිරීමයි. ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු දුමින්ද සිල්වා දෙපස ටී56 ගිනිඅවි අත දරාගෙන හිඳ ඇත. නිල ඇඳුමක්වත් නැති ටී56 දරා සිටින දෙදෙනකුද තබාගෙන ජනතාවගේ රහස් ඡන්දයේ වටිනාකමට නිගා කළ මේ පුද්ගලයා, නිදහසේ ඡන්දය දැමීමට ඇති අයිතියටද බාධා කළේය.[/COLOR] හිරුටවත්, මව්බිමටවත් මේ අපරාධය පෙනෙන්නේ නැත. ඔවුන්ගේ ප්රවෘත්තිවල ඒ ගැන සඳහනක්වත් නැත. එම ස්ථානයට ආ ප්‍රදේශයේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දුමින්ද සිල්වා එතැනින් ඉවත්කිරීමට උත්සාහ දරා තිබේ. පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු පැමිණ, ‘මන්ත්‍රීතුමාගේ ක්‍රියාකලාපය නිසා ඡන්දපොළවල් අවලංගු වීමේ අවදානමක් තිබෙන බව’ දුමින්ද සිල්වාට කීවේය. ඉන්පසු දුමින්ද සිල්වා එතැනින් ඉවත්ව, අසළ පිහිටි රමේෂ් යන අයගේ නිවෙසට ගොස් මත්පැන් පානය කරන්නට පටන් ගත්තේය සවස 2.45ට පමණ, තමිල්නාඩු වත්තෙන් පිටත්වී මේ නිති විරෝධී රැස්වීමේ සාමාජිකයෝ වාහන ගණනාවකින් රාහුල විද්‍යාලය අසළට ආවෝය [SIZE="6"][B][COLOR="magenta"]ටී56 මාරුකිරීම[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/A8sCZdw.png[/IMG] කන්දේ විහාරය ආසන්නයේදී, තමාගේ රියට ඉදිරියෙන් ගමන්ගත් ලෑන්ඞ් රෝවර් රථයේ එක ටී56 ගිනිඅවියක් පමණක් තිබෙනු දුමින්ද සිල්වාට දැනගන්නට ලැබිණ. ඒ ගැන ඔහු තම රියේ සිටි දෙමටගොඩ චමින්ද (3විත්තිකරු) නම් පාතාල සාමාජිකයාගෙන් විමසුවේය. එවිට දෙමටගොඩ චමින්ද හා ඉදිරි රියේ සිටි අනුර තුෂාර ද මෙල් (1 විත්තිකරු) රියවලින් බැස, දුමින්ද සිල්වාගේ රියට පසුපසින් පැමිණි වෑන් රියේ තිබුණු ටී56 ගිනිඅවිය 1 විත්තිකරු වෙත ලබාදී තිබේ. අවිය ගත් ඔහු යළිත් ඉදිරියෙන් තිබුණු ලෑන්ඞ් රෝවර් රියට ගොඩවී ගමන්කොට තිබේ. මෙලෙස ගිනිඅවිය මාරු කළේ කුමක් සඳහාද? රාහුල විදයාලයේ ඡන්දපොල අසළදී මේ මැරයෝ පිරිස මහජනතාව බියගැන්වීම යළි ආරම්භ කළහ. නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝද එහි සිටි ගැහැනුන්ට හා පිරිමින්ට පහර දුන්හ. ඒ මොහොතේ, ටී56 ගිනිඅවිවලින් සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකු එහි සිටියත්, සිය අවිවලින් වෙඩි නොතබා, මේ මැරයන් පාලනය කරගැනීමට ඔවුහු මහත් වෙහෙසක් ගත්හ. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ මේ සාමකාමී මැදිහත්වීම නොසැලකූ දුමින්ද සිල්වාගේ එක් මැරයෙකු කළේ කුමක්ද? එක් නිලධාරියකුගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කරන්නට තරම් චණ්ඩිකමක් පෙන්වීමයි. යම් හෙයකින් මෙම නිලධාරීන් සිය ගිනිඅවි පාවිච්චි කළා නම් එතැන විය හැකිව තිබුණු විනාශය කොතෙක් විය හැකිද? [SIZE="6"][B][COLOR="magenta"]කොන්ද පණ නැති පොන්නයෝ[/COLOR][/B][/SIZE] මේ අවස්ථාවේදී පහරකෑමට ලක්වුණු කාන්තාවෝ, ‘ගෑනුන්ට ගහන පිරිමි පොන්නයෝ, කොන්ද පණ නැති පිරිමි’ කියමින් බැනවැදුණෝය. තමන්ට ශක්තියෙන් සමාන හෝ වැඩි පුද්ගලයකුට පහරදීම සාමාන්‍ය පුද්ගලයකු කළත්, ආයුධ සන්නද්ධව සිටිමින්, නිරායුධව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් මේ පාතාල මැරයන් පිරිස හැඳින්විය යුත්තේ කෙසේද? හිරු හා මව්බිම කියන විදියට, සත්ගුණවත් දුමින්ද සිල්වා උපාසක මහතා හා ඔහුගේ උපාසක නඩය ලෙසද? කොහොම නමුත් අවසානයේ දුමින් සිල්වා හා මැරයන් දමනය කරගන්නට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවිය. දුමින්ද සිල්වා ඇතුළු මැරයෝ තම වාහනවල නැගී එතැනින් ඉවත්ව ගියහ. පහර කෑ කාන්තාවන්ගේ කෝපය, තමන් ආරක්ෂා කර නොගැනීම ගැන, විශේෂ කාර්ය බලකා පොලිස් නිලධාරීන් වෙතද එහිදී එල්ලවිය. ‘පොන්න පොලිස්කාරයෝ, ගෑනුන්ට සත්තුන්ට වගේ ගහලා යනකං බලාගෙන හිටියා.’ කියමින් ඔවුහු නිලධාරීන්ටද දොස් කීහ. තමන් ගිනිඅවි භාවිත කළේ නම් සිදුවිය හැකිව තිබුණු විනාශය, කාන්තාවන් පහරකෑමට වඩා ඉතා භයානක බව පොලිස් නිලධාරීන් පැහැදිලි කළ පසු, ඔවුන් නිහඬවුණු බවද සාක්ෂිවලදී පැහැදිලි කොට තිබේ. එතැන සිටි කාන්තාවන් අතර ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳද එක් අයෙකි. දුමින්ද සිල්වා තමාට පහරදී තමාගේ් ඇඳුමෙන් කොටසක්ද ඉරාදැමූ හැටි ඇය සාක්ෂි දෙමින් පැහැදිලි කර ඇත. අවසානයේ ඇය බේරාගත්තේ වෙනත් ඥාති කාන්තාවක විසින්, අසළ තිබූ යකඩ වැටකට ඇය මුවා කරගැනීමෙනි. එහෙත්, විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ, ඇය සුරූපී කාන්තාවක නිසා, දුමින්ද සිල්වා ඇය ගැන ආකර්ෂණයෙන් ඈ වෙතට ගොස්, ‘නංගී ඔයා කාටද ඡන්දේ දැම්මේ’ යනුවෙන් කුළුපගව විමසුවා පමණක් බවය. එහෙත් ඉදිරිපත්වුණු සාක්ෂි අනුව, රාහුල විදුහල අසළ පහරදීම්වලට දුමින්ද සිල්වා නායකත්වය දෙමින් පෞද්ගලිකවම මැදිහත්වී තිබේ. ඒ නිසා රාහුල විදුහල ආසන්න සිදුවීම ගැන නගා ඇති චෝදනාවලට දුමින්ද සිල්වා පැහැදිලිවම වැරදිකරුය. [SIZE="6"][B][COLOR="magenta"]ඒ මොහොත එළැඹිණි[/COLOR][/B][/SIZE] රාහුල විදුහලෙන් නික්මී ඉන්පසු ඔවුන් පැමිණියේ ඊට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි අවසන් වෙඩි තැබීම සිදුවුණු තැනටය. හිඹුටානටය. මහාධිකරණයේදී පැමිණිල්ලේ එක් වැදගත් සාක්ෂියක් වුණේ, පොලිස් කොස්තාපල් ලසන්ත වනසුන්දරගේ සාක්ෂියයි. ඔහු දුමින්ද සිල්වාගේ පෙරගමන් රථයේ පිස්තෝලයක්ද අතැ’තිව ගමන් කොට තිබේ. හිඹුටාන ඝාතන ස්ථානයේදී ඔවුන් ගමන් කළ රථයට පිටුපසින් දුමින්ද සිල්වා සිටි ලෑන්ඞ් ක‍්‍රෑෂර් රථය ආවේය. ඒ මොහොත එළැඹිණි. උපපොලිස් පරීක්ෂක හරිශ්චන්ද්‍ර වරෙක මැදිහත්වී, වුවමනාවෙන්ම වළක්වාගන්නට මහත් පරිශ්‍රමයක් ගත් බිහිසුණු මොහොතයි ඒ. දුමින්ද ගමන් කළ දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් භාරත ලක්ෂ්මන් ජීප් රථයකින් පැමිණියේය. [COLOR="Red"]භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය.[/COLOR] භාරත ලක්ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය. ඒ මොහොතේ භාරත සිටි දිශාවෙන් වෙඩි පහරක් ආවේය. එය දුමින්ද සිල්වාගේ නළලට වැදී ඔහු බිම වැටිණි. එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙන්වා දෙන ලද්දේ, දුමින්ද සිල්වාට එසේ තුවාල වීමටත් පෙර, ඔහු නායකත්වය දුන් නීති විරෝධී රැස්වීමේ පරමාර්ථය භාරත ලක්ෂ්මන්ට පහර දීමෙන් ඉටුකරගත් බවයි.භාරතට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු, ගිනි අවි සහිතව ආරක්ෂාවට ලබාදී තිබුණි. කරන ලද විමර්ශනවලදී හෙළිවුණේ, දුමින්දට වෙඩි තබන ලද්දේ එම ආරක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකු බවය. [SIZE="6"][B][COLOR="magenta"]ආරක්ෂකයා වෙඩි තබයි[/COLOR][/B][/SIZE] [IMG]https://i.imgur.com/rnqWXgU.png[/IMG] ඒ ආරක්ෂකයා කළ දේ නිවැරදිය. තම ප්රභූවරයා වෙත එල්ලවූ ප්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා ඔහු කළ දේ නීත්‍යනුකූලද, සිය රාජකාරිය නිසි පමණින් ඉටුකරමින් කරන ලද්දක්ද වෙයි. ප්‍රභූවරුන් සඳහා ආරක්ෂාව සැපයීමේදී පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය විස්තර කෙරෙන චක්‍රලේඛ උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියා සිය යුතුකම්, වගකීම හා පුද්ගලික ආරක්ෂාව යන සිද්ධාන්ත තුළ ක්‍රියා කිරීමේදී දුමින්ද සිල්වාට තුවාල සිදුවුණු බවයි. දුමින්දට වෙඩි වැදීමෙන් පසු අවට සිටි පිරිස ක්ෂණයකින් එතැනින් ඉවත්වුණු අතර, අනුර තුෂාර ද මෙල් නමැති පොලිස් නිලධාරියා (1 විත්තිකරු) තම අත තිබුණු ගිනි අවියෙන් අහසට වෙඩි තබන්නට විය. එකෙණෙහි සරත් බණ්ඩාර නමැති විත්තිකරු එම ගිනිඅවිය උදුරාගෙන භාරත ඇතුළු ඔහුගේ පිරිස දෙසට දිගින් දිගටම වෙඩි තැබීය. [SIZE="6"][B][COLOR="magenta"]තවත් පාතාලයෙක්[/COLOR][/B][/SIZE] [COLOR="Orange"]දුමින්ද සිල්වා සතුව නිල පිස්තෝලයක් තිබේ. එය මන්ත්‍රීවරයකු වන ඔහුට රජයෙන් ආරක්ෂාව සඳහා සපයන්නකි. මේ පිස්තෝලය කිසිවකුට හදිසියකදී තියාගන්නට දෙන්නටවත් අදාළ මන්ත්‍රීවරයාට නීතියෙන් තහනම්ය. එහෙත් ඒ මොහොතේ දුමින්දගේ පිස්තෝලය තිබුණේ ඔහු ළඟ නොවේ. 10 වැනි විත්තිකාර ගලගොඩ ළඟය. මේ ගලගොඩ, හිටපු යුදහමුදා කොමාන්ඩෝ සෙබළෙකි. ඔහුට විරුද්ධව කොල්ලකෑමේ වරද සඳහා නඩු දෙකක් පානදුර හා අවිස්සාවේල්ල මහාධිකරණවල විභාග වෙමින් පැවැත්තේය. දුමින්ද සිල්වා ළඟ සිටි තවත් පාතාල මැරෙයකි මේ ගලගොඩ.[/COLOR] දුමින්ද සිල්වාට වෙඩි වැදුණු සැණින් ගලගොඩද තමා සතුව තිබුණු දුමින්ද සිල්වාගේ පිස්තෝලයෙන් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තැබීය. එයින් ආරක්ෂක නිලධාරියාගේ බාහුවකට, වම් ඇසට, හා මොළයට මාරාන්තික තුවාල සිදුවිය. එසැණින්, දුමින්ද සිල්වාගේ ආරක්ෂක, 1 විත්තිකාර අනුර ඇතුළු අන් අය ටී56 ගිනිඅවි භාවිත කරමින් භාරත ලක්ෂ්මන් දෙසට වෙඩි වරුසාවක් එල්ල කරන ලදි. [COLOR="Green"]භාරතගේ අතේ කිසිම අවියක් තිබුණේ නැත. ඔහු සමග එතැන ඝාතනය වුණු අනෙක් තිදෙනා වන දමිත ජයතිලක, මනිවේල් කුමාරස්වාමි හා මොහොමඞ් අස්මි යන අය අතද කිසිම ගිනිඅවියක් තිබුණේ නැත. ඔවුහු පස්දෙනාම සිටියෝ නිරායුදවය. ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවූයේ භාරත ලක්ෂ්මන් සමග ඒ මොහොතේ එකට ගමන් ගනිමින් සිටි පාපයටය.[/COLOR] ඇත්ත වශයෙන්ම වෙඩි තැබීම ඇරඹීමත් සමග භාරත ලක්ෂ්මන් ජීවිතාරක්ෂාව පතා එම ස්ථානයේ පිටුපසට දිවගියේය. ඔහු දුවමින් සිටින විට පිටුපසින් එළවමින් ටී56 ගිනිඅවියකින් වෙඩිතබා තිබේ. අවම වශයෙන් වෙඩි පහරවල් 24ක් මේ පසුපස හැරී දුවමින් සිටි නිරායුද මිනිසාගේ සිරුරේ පිටුපසට වැදී තිබුණේය.[/COLOR][/B][/SIZE] උපුටාගැනීම [URL="http://www.anidda.lk/%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80/"]~~අනිද්දා~~[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom