දුරකතන සහ සන්නිවේදන ගාස්තු නැවතත් වැඩිවෙයි ද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    රජය විසින් සිදුකරනු ලැබූ විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් දුරකතන සහ සන්නිවේදන සේවා ගාස්තු නැවතත් වැඩිවිය හැකි බවට වාර්තා වේ.

    විදුලි ගාස්තුව 66% ක් වැනි ඉතා ඉහළ ප්‍රතිශතයකින් ඉහළයාම සමග දුරකතන සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සේවා සම්පාදනය කරන ආයතනවල පිරිවැය ඉතා ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ගාස්තු වැඩිකිරීමක අවදානමක් මතුව තිබේ.

    මේ වනවිටත් දිවයින පුරා සන්නිවේදන සේවා සපයන ආයතන මුද්‍රණ සහ වෙනත් සේවා ගාස්තු වැඩිකිරීමක් සිදුකළ යුතු බවට තීරණය කර තිබේ. ඒ අනුව ඡායාපිටපත් සහ මුද්‍රණ පිටපත් සඳහා පිටුවක ගාස්තුව රුපියල් 5කින් වැඩිකිරීමට තීරණය කර ඇත.

    එසේම වෙනත් මුද්‍රණ සහ සන්නිවේදන සේවා ගාස්තුද සැලකිය යුතු මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව සන්නිවේදන සේවා සපයන ආයතන හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසයි.

    මින් පෙරද අවස්ථා කිහිපයකදිම දුරකතන, අන්තර්ජාල සහ අනෙකුත් සන්නිවේදන සේවා ගාස්තු 50%කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ දැමීම සිදුකර තිබේ. නැවත වරක් එම ගාස්තු ඉහළ දැමීම නිසා එක් පැත්තකින් පාරිභෝගියන් තවත් පීඩනයකට ලක්වීම මෙන්ම අදාල කර්මාන්ත ක්ෂේත්‍රයට ඇති ඉල්ලුම පහත වැටීම නිසා එම ක්ෂේත්‍රයේ ආයතන කඩාවැටීමේ අවදානමක්ද මතුව තිබේ.

    source: thetime.lk