Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දූල්ගල ගිරි ශිඛර තරණය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දූල්ගල ගිරි ශිඛර තරණය....

ඕලු ඇල්ලට නෙත් යොමන දූල්ගල ශිඛර තරණය....

ආයුබෝවන් අපේ එළකිරි වැසියන්ට. කලින් වතාවේ මම ලියපු ඕලු ඇල්ල සහ වවුලලගල ට්‍රැවල් ත්‍රෙඩ් එක ඔබ සමහර දෙනෙක් කියවන්න ඇති. මේ යටින් ලින්ක් එක දාලා තියෙන්නේ.

http://www.elakiri.com/forum/showthread.php?p=24572731#post24572731

2016 අවුරුද්දේ නිදහස් දිනයට අපි ඕලු ඇල්ලට ගිය වෙලාවේ ඊට ඉස්සරහින් ලොකු කඳු පර්වතයක් නැගී තියෙනවා දැකපු මුල්ම මොහොතේම මගේ හිතට ආපු සිතුවිල්ල තමයි මේ කන්ද උඩට නගින්න තිබුන නම් කොච්චර එකක්ද කියන දේ...

ලොකු ගල් මුහුණතකින් ඕලු ඇල්ලට දෙනෙත් යොමාගෙන සිටින තිරස් යෝධයෙක් වගේ ස්වාභාවයක් තමයි ඒ කන්දේ හැඩේ තිබුනේ.

ඒ වගේම මගේ සිතට ආපු තවත් සිතුවිල්ලක් තමයි මේ කන්දේ ගල් බිත්තිය අතීත රජ දවසේ ගල් වඩුවන්ට දකින්න ලැබුනා නම් ගෞතම බුදුන් වහන්සේගේ සුවිශාල ප්‍රතිමාවක් අද අපිට දකින්නත් ඉඩ තිබුනා නේද කියන දේ....

කොයි හැටි වෙතත් මේ කන්ද දැකපු මොහොතෙමයි මතු යම් දවසක මේක මුදුනට යනවා කියන සිතුවිල්ල ඇති වුනේ.

ඕලු ඇල්ලට පෙනුණු දූල්ගල පර්වතය

ඒ වගේම මාස කිහිපයකට පසු ඒ කිව්වේ 2016 ඔක්තෝම්බර් මාසේ දවසක මම මේ අභියෝගය ජය ගත්තා.

ඉතින් ඒ අභියෝගයේ කතාව තමයි මේ.

ඕලු ඇල්ල ගමනෙන් පස්සේ මම මේ කන්ද සහ ඒ පිහිටීම, එක නගින්න අවශ්‍ය කරන තොරතුරු හැම එකක් ගැනම හෙව්වා.

නමුත් අවාසනාවකට මේ කන්ද මීට කලින් නැගපු කිසිම සංචාරකයෙක් ගේ තොරතුරු මට දැන ගන්න ලැබුනේ නැහැ.

මම සමාජ මාධ්‍යයේ, සංචාරක බ්ලොග් වල, ෆෝරම් වල, එළකිරියේ, ගූගල් මැප් සහ ඉමේජස් වල ඇතුළු අන්තර්ජාලයේ හොයන්න පුළුවන් හැම විදිහකින්ම හෙව්වත් කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.

මට දැන ගන්න ලැබුණු එකම තොරතුර වුනේ මෙට්‍රික් ( 1 : 50 000 අඟලේ ) සිතියමේ මේ කන්දේ නම හැටියට සඳහන් වෙන්නේ ''දූල්ගල '' කියන දේ විතරයි.

ඊට පස්සේ මම මගේ සංචාරක සගයන්ගෙන් සහ මට වඩා අත්දැකීම් වලින් වැඩි ජෙය්ෂ්ඨ අයියලගෙන් මේ ගැන තොරතුරු විමසුවා.

එතනදිවත් මට කිසිම තොරතුරක් දැන ගන්න ලැබුනේ නැහැ, නමුත් මගේ වාසනාවට වවුලලගල සංචාරකයන්ට මග පෙන්වන '' අමනාවල '' කියන ගමේ තරුණ මග පෙන්වන කෙනෙකුගේ නොම්බරයක් ලැබුනා.

ඉතින් මම අවසාන විසඳුම විදිහට ඔහුව සම්බන්ධ කර ගත්තා.

විශ්වාස කරන්න, ඔහුගෙන් මම දූල්ගල කන්ද ගැන ඇහුවම ඔහු මගෙන් ඇහුව එහෙම කන්දක් ගැන සහ ඒක කොහෙද තියෙන්නේ කියල....

ඒ මග පෙන්වන්නා ගැන මගේ විශ්වාසය ඒ මොහොතේම නැති වුනත් මම ඔහුට පුළුවන් ආකාරයෙන් විස්තර කළා.

ඊට පස්සේ ඔහු මට පොරොන්දු වුනා තව දුරටත් ඒ ගැන විස්තර හොයල දැනුම් දෙන්නම් කියල.

කොහොම හරි ඔය වගේ සංවාද කිහිපයකින්ම පස්සේ මම තීරණය කළා ඔහුවත් සම්බන්ධ කරගෙන මේ අභියෝගයට මුහුණ දෙනවා කියල.

ඔක්තෝබර් මාසේ ඉරිදා දවසක් වෙන් කරගෙන අපේ ඔෆිස් එකේ මගේ හොඳ මිත්‍රයෙක් වුනු පොඩි මහත්තයා වත් එකතු කරගෙන අපි දෙන්නා බයිසිකලෙන් ඕලු ඇල්ලට ගියා. අපේ මග පෙන්වන තරුණයාව අපි මුණ ගැහුනේ එතැනදී.

ගමන සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් මදි වුනත් ඔහු බොහොම නිර්ව්‍යාජ, අහිංසක ඒ වගේම ජව සම්පන්න තරුණයෙක්.

අපේ ගමන් මාර්ගය ඕලු ඇල්ලට වෙනකන් සුපුරුදු පරිදි යටියන්තොට සීපොත් පාර ඔස්සේ සිදු වුනේ.

සීපොත් පාරට පෙනෙන දූල්ගල කන්ද..

මෙදා ගමනේදී ඕලු ඇල්ලේ වතුර තරමක් වැඩියි.

වවුලලගල කන්ද

බුලත්කොහුපිටියෙන් අපි පාලමෙන් එගොඩ වෙලා '' කඳුසිරිගම '' කියන ගමට ආවා.

අපේ මග පෙන්වන්නා ( මම ඉදිරියට ඔහුව සමීර කියන අන්වර්ථ නමෙන් හඳුන්වන්නම් ) සමීර ඔහුගේ සීයාගෙන් තමයි දූල්ගල කන්ද ගැන විස්තර හොයාගෙන තිබුනේ.

ගම්මු ගොඩක් දෙනෙක් ඒක හඳුන්වන්නේ දවුලගල එහෙම නැත්තම් උඩ දවුලගල කියල.

දූල්ගලට යන්න අපි ආපහු යටියන්තොට හරහා බුලත්කොහුපිටිය කියන ගමට ආවා.

බුලත්කොහුපිටියෙන් කඳුසිරිගම ට

කඳුසිරිගම කියන්නේ බුලත්කොහුපිටිය ප්‍රාදේශිකයට අයත් බොහොම සුන්දර රබර් සහ තේ වතු වලින් වටවුණු ගම්මානයක්.

අපි මේ ගමට ඇවිත් දූල්ගල කඳු පාමුල කිට්ටුවටම වෙනකන් බයිසිකලෙන් ඇවිත් ගමේ කොනක තිබුණු තේ දළු මඩුව අසලින් බයිසිකල් නවත්තල මුලින්ම ගම්මු එක්ක කතාවට වැටුනා.

අපේ අදහස ගැන ගම්මු පුදුම වුනා.දූල්ගල ගැන කොහොමද දන්නේ කියල ඇහුවම මම ඕලු ඇල්ල ගමනත් එතැනදී දැකපු විස්තරයත් ඊට පස්සේ සමීර මිත්‍රයව සම්බන්ධ කර ගත්තු ආකාරයත් විස්තර කළා.

එතැනදී තමා ගම්මුන්ට තේරුම් ගියේ අපි මේ ඇවිත් ඉන්නේ කන්දක් නගින්න කියන එක.

මොකද ගම්මු අපි ගැන සැක කළා අපි දඩයම් කාරයෝ හෝ වල්ලපට්ට හොරු කියල.කොහොම හරි ගමේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගෙන කන්දේ ගමන් මග ගැන දල අදහසක් ගත්තා.

අපිට උපදෙස් කිහිපයක් ලැබුනා....

කන්ද මුදුනට යන්න කිසිම අඩිපාරක් නැහැ.

කන්ද පාමුල අන්තිම තේ වත්තෙන් පස්සේ ඝන කැළෑව.

කන්දේ තැනින් තැන දඩයම් නූල් බැඳලා සහ හබක අටවලා තියෙන නිසා ඒවායින් පරිස්සම් වෙන්න.

වල්ලපට්ට හොරෙක් මුණගැහුනොත් වෙඩි නොකා බේරිලා එන්න.

කන්දේ මුදුනට කලින් තියෙන ගල් ගුහාව හොයාගෙන එතනින් ගල් පොත්තේ දාරය දිගේ මුදුනට යන්න හැකි බව.

කන්ද මුදුනේ ගල් හෙළ පැත්තෙන් අයිනට ලොකු දෙබුක්කාවල් තියෙන බවත් පඳුරු ගොල්ලෙන් ඒවා වැසී තියෙන නිසා වැඩිය අයිනට නොයන ලෙසත්.

අවට ගම්මාන වල මිනිස්සු ඇරෙන්නට මීට කලින් කඳු නගින සංචාරකයන් නම් මේ කන්දේ ඇවිත් නැති බවත්.

ගම දිගේ උඩට ඇවිත් කන්දේ පාමුල තේ වත්තට ඇතුළු වුනා.

ඉතින් මේ උපදෙස් ටිකත් හිතේ දරාගෙන අපි කන්දේ පාමුලට වෙන්න තියෙන තේ වත්තට වැටුණු අඩිපාර දිගේ උඩට ගියා.

පැය භාගෙක විතර ගමනකින් අපිට පුළුවන් වුනා තේ වත්තට එන්න. තේ වත්තේ හිටියා එක මනුස්සයෙක්. කුලතුංග මාමා.

එයා අපේ විස්තර එහෙම අහල අපි වෙනුවෙන් පොඩි දුරක් ඉස්සරහට එන්න පොරොන්දු වුනා.එයා අපිට කිව්ව විස්තරයට අනුව කන්දේ ගුහාවට යන්න බොහොම ඉස්සර අඩිපාරක් තිබුනලු.

මොකද ඒ කාලේ භාවනායෝගී ස්වාමින් වහන්සේ නමක් ඔය ගුහාවේ වැඩ උන්නලු. නමුත් දඩයම් කාරයෝ නිසා අවට ගම් වල මිනිස්සු දානේ එහෙම අරගෙන යන එන එක නැවතුනු නිසා උන්වහන්සේ වෙනත් පළාතකට ගිහින් තියෙනවා.

අඩිපාරත් එහෙමම වැහිලා ගිහින්.

ඉතින් කුලතුංග මාමා අපිට ඉස්සහරහට යන්න අවශ්‍ය මග සලකුණු එහෙමත් කියල දීලා අවශ්‍ය වුනොත් කියල මන්න පිහියකුත් අපේ අතට දීලා අපිට සමු දුන්නා.

තේ වත්ත කොනේ තිබුණු පුංචි ගේ පැල

ඔය පිටිපස්සෙන් තියෙන්නේ දූල්ගල කන්ද

වේවැල්තලාව කඳු මුදුන්...ඕලු අල්ලෙ වතුර පාර පටන් ගන්නේ ඔය කන්දෙන්.

කුලතුංග මාමා. අපි වෙනුවෙන් පොඩි දුරක් ඉස්සරහට ආවා.

අපේ ගමනේ නියම අභියෝගය පටන් ගත්තේ ඊට පස්සේ.

සාමාන්‍යයෙන් නිවර්තන කලාපිය ලක්ෂණ තිබුණු රූස්ස වනාන්තරයක් නිසා ඝන යටි රෝපණයක් දකින්න නොලැබුනත් කටු පඳුරු සහ ගස් අතර පැතිරුණු වැල් නිසා ගමන තරමක් දුෂ්කරයි.

අපි යන දවස් වල ලොකු වැස්සක් තිබුනේ නැති නිසා කූඩැල්ලෝ කරදරය නම් තිබ්බේ නැහැ.

සමීරට වුනත් කන්ද ගැන ලොකු අවබෝධයක් නැති නිසා අපි 3 ම එකතු වෙලා මග සලකුණු නිරීක්ෂණය කරමින් සාකච්ඡා කරමින් තමා ඉදිරියට ගියේ.

ගමන සෑහෙන ආනතියකින් තමා නැග්ම තිබුනේ.ලොකු ගල් මුහුණත් කිහිපයක්ම තරණය කරන්නට සිද්ධ වුනා.

කොහොම හරි අපිට පැය 2 විතර පස්සේ පුළුවන් වුනා ගල් ගුහාව හොයා ගන්න.

වනරාජ පැළෑටිය

අමාරු ගමනකින් පස්සේ අපි 3නා ගල් ගුහාවට සේන්දු වුනා..

ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. අපි ගුහාවේ ටික වෙලාවක් ගිමන් ඇරලා ඊට පස්සේ කිව්වා වගේ ගුහාවේ කෙලවරින් ගල් බිත්තිය අයිනෙන් කන්දේ උඩට ගියා. පැය කාලකින් වගේ අපි මුදුන හැටියට සලකන්න පුළුවන් ලොකු සමතලා රූස්ස වනාන්තරයකට පිවිසුනා.අපි කැලෑව දිගේ ඉදිරියටම ගියා. අපිට ගස් අතරින් වවුලලගල කන්දත්, වේවැල්තලාව කඳු මුදුනත් යාන්තමට සීපොත් පාරත් දැක්කා.

කපා බිම් හෙලන ලද වල්ලපට්ට ගස් කිහිපයකුත් දකින්න ලැබුන.

කන්ද මුදුනේ සෑහෙන දුරක් එහෙ මෙහෙ ඇවිද්දත් ලස්සන විව් පොයින්ට් එකක් නම් දකින්න ලැබුනේ නැහැ.

ඒක නිසා අපි ඉස්සරහ පැත්ත ඒ කිව්වේ වවුලලගල, ඕලු ඇල්ල පැත්ත හොඳට පෙනෙන අයිනකට ගිහින් ඒ පැත්ත බලා ගත්තා.

බුලත්කොහුපිටිය පැත්ත නම් දකින්න කන්දේ අනික් අන්තයේ කෙලවරට යන්න ඕනේ. අපි ඒ පැත්තට ගියේ නැහැ. ඒ වෙද්දී ලොකු මන්දාරමකින් අහස වැහිලා තිබුණු හන්දා අපි ආපහු පල්ලම් බැස්සා.

කපා බිම් හෙලන ලද වල්ලපට්ට ගස් කිහිපයකුත් දකින්න ලැබුන.

ඔය පහතින් පේන්නේ වවුලලගල කන්ද

ලොකු මන්දාරමකින් සහ වැහි කලුවකින් අහස වහගෙන තිබුනේ

ගස් අතරින් ඕලු ඇල්ලත් ලී පාලමත් යාන්තම් පෙනුනා

ඕලු ඇල්ල සහ ලී පාලම

දූල්ගල කන්දේ අනෙක් ගල් බිත්තිය සහ වවුලලගල

දූල්ගලට පෙනෙන වවුලලගල

වවුලලගලට පෙනෙන දූල්ගල ( කලින් සංචාරයේදී ගත්තු පින්තුරයක්)

පහල තේ වතු

අපි තුන්දෙනා

අන්තිම වතාවට වවුලලගලට ආයුබෝවන් කියල පල්ලම් බැස්සා

ඔය විදිහට පැය දෙකකට කිට්ටු කාලෙකින් අපි ආපහු කන්දේ පහලට ඇවිත් තේ වත්තට ඇතුලු වුනා.

අපි ආපහු එන ගමනේදී කුලතුංග මාමා උන්නේ නැහැ.ඒක නිසා අපි තේ මායිමෙන් පහලට ඇවිත් ගමට එද්දී හැන්දෑවේ 4 විතර ඇති.

එතනින් පස්සේ අපි ගමේ ගෙදරකින් මුහුණකට හෝදාගෙන ආපහු බයිසිකල් වල නැගල බුලත්කොහුපිටියට ඇවිත් සමීර අපේ මග පෙන්වන්නගේ නියමිත ගාස්තුව සහ සන්තෝසමක් දීලා යටියන්තොට රුවන්වැල්ල හරහා පරිස්සමට ගෙදර ආවා.

ආපහු පල්ලම් බැහැල ගුහාවට වෙනකන් ඇවිත් එතනින් අනුමානෙට තේ වත්තක් හම්බු වෙනකන් පල්ලම් බැස්සා.අපි නැග්ග තැන ඉඳල තරමක් ඈතට වෙන්න තමයි බැස්සේ.

කඳුසිරිගම ට පෙනෙන දූල්ගල කන්ද.කන්දේ පැත්තෙන් පේන්නේ.

බුලත්කොහුපිටිය හරහා යටියන්තොටට ඇවිත් එතනින් රුවන්වැල්ලෙන් ගෙදර බලා...

සමස්තයක් හැටියට ගමන ගැන සමාලෝචනයක් දෙනවා නම්,

අපි සිද්ධාන්තිකව සාර්ථකයි. නමුත් දූල්ගල කියන්නේ රූස්ස වනයෙන් වැසුණු කන්දක් මිසක් එතන මුදුනෙන් ලොකු ලස්සනක් හෝ ලස්සන භුමි දර්ශනයක් බලන්න ලැබෙන්නේ නැහැ.ලස්සන පින්තුර ගන්න පුළුවන් තැනකුත් නෙමේ.

නමුත් කඳු නගින්න ආසාවෙන් ඉන්න සංචාරකයෙකුට නම් ඔහුගේ/ඇයගේ ආසාව වෙනුවෙන් අභියෝගයක් වෙනුවෙන් නම් ඒක හොඳ උත්සාහයක්.

මොකද සංචාරකයෝ ලේසියෙන් යන්නේ නැති තැනක්.

මෙතන මම දැකපු අභියෝගයක් බාර අරගෙන ඒක සාර්ථකව අවසන් කරපු නිසා මගේ පැත්තෙන් ඒක මට ජයග්‍රහණයක්.

ගමන වෙනුවෙන් සම්පුර්ණ සහයෝගය දුන්නු මග පෙන්වන මිත්‍රයට සහ මගේ යාලුවා'' පොඩි මහත්තය '' ට ස්තුති වෙනවා.

දූලගල යනු සාමාන්‍ය සංචාරකයන් නොයන තැනක් නිසා ගමන් විස්තර අනවශ්‍ය යයි සිතමි.

ආයේ මේ වගේ සංචාරක නූලකින් හමුවෙමු.එතකන් ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.

[QUOTE="Dodo Mahaththaya, post: 24591459, member: 563080"] [b]දූල්ගල ගිරි ශිඛර තරණය....[/b] [CENTER] [B][SIZE="4"][COLOR="DarkOrchid"]ඕලු ඇල්ලට නෙත් යොමන දූල්ගල ශිඛර තරණය....[/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="Purple"][B]ආයුබෝවන් අපේ එළකිරි වැසියන්ට. කලින් වතාවේ මම ලියපු ඕලු ඇල්ල සහ වවුලලගල ට්‍රැවල් ත්‍රෙඩ් එක ඔබ සමහර දෙනෙක් කියවන්න ඇති. මේ යටින් ලින්ක් එක දාලා තියෙන්නේ.[/B][/COLOR][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?p=24572731#post24572731[/url] [B][SIZE="3"][COLOR="Purple"]2016 අවුරුද්දේ නිදහස් දිනයට අපි ඕලු ඇල්ලට ගිය වෙලාවේ ඊට ඉස්සරහින් ලොකු කඳු පර්වතයක් නැගී තියෙනවා දැකපු මුල්ම මොහොතේම මගේ හිතට ආපු සිතුවිල්ල තමයි මේ කන්ද උඩට නගින්න තිබුන නම් කොච්චර එකක්ද කියන දේ... ලොකු ගල් මුහුණතකින් ඕලු ඇල්ලට දෙනෙත් යොමාගෙන සිටින තිරස් යෝධයෙක් වගේ ස්වාභාවයක් තමයි ඒ කන්දේ හැඩේ තිබුනේ. ඒ වගේම මගේ සිතට ආපු තවත් සිතුවිල්ලක් තමයි මේ කන්දේ ගල් බිත්තිය අතීත රජ දවසේ ගල් වඩුවන්ට දකින්න ලැබුනා නම් ගෞතම බුදුන් වහන්සේගේ සුවිශාල ප්‍රතිමාවක් අද අපිට දකින්නත් ඉඩ තිබුනා නේද කියන දේ.... කොයි හැටි වෙතත් මේ කන්ද දැකපු මොහොතෙමයි මතු යම් දවසක මේක මුදුනට යනවා කියන සිතුවිල්ල ඇති වුනේ. [IMG]https://i.imgur.com/Ey0CYeT.jpg[/IMG] [COLOR="Red"]ඕලු ඇල්ලට පෙනුණු දූල්ගල පර්වතය[/COLOR] ඒ වගේම මාස කිහිපයකට පසු ඒ කිව්වේ 2016 ඔක්තෝම්බර් මාසේ දවසක මම මේ අභියෝගය ජය ගත්තා. ඉතින් ඒ අභියෝගයේ කතාව තමයි මේ. ඕලු ඇල්ල ගමනෙන් පස්සේ මම මේ කන්ද සහ ඒ පිහිටීම, එක නගින්න අවශ්‍ය කරන තොරතුරු හැම එකක් ගැනම හෙව්වා. නමුත් අවාසනාවකට මේ කන්ද මීට කලින් නැගපු කිසිම සංචාරකයෙක් ගේ තොරතුරු මට දැන ගන්න ලැබුනේ නැහැ. මම සමාජ මාධ්‍යයේ, සංචාරක බ්ලොග් වල, ෆෝරම් වල, එළකිරියේ, ගූගල් මැප් සහ ඉමේජස් වල ඇතුළු අන්තර්ජාලයේ හොයන්න පුළුවන් හැම විදිහකින්ම හෙව්වත් කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. මට දැන ගන්න ලැබුණු එකම තොරතුර වුනේ මෙට්‍රික් ( 1 : 50 000 අඟලේ ) සිතියමේ මේ කන්දේ නම හැටියට සඳහන් වෙන්නේ ''දූල්ගල '' කියන දේ විතරයි. ඊට පස්සේ මම මගේ සංචාරක සගයන්ගෙන් සහ මට වඩා අත්දැකීම් වලින් වැඩි ජෙය්ෂ්ඨ අයියලගෙන් මේ ගැන තොරතුරු විමසුවා. එතනදිවත් මට කිසිම තොරතුරක් දැන ගන්න ලැබුනේ නැහැ, නමුත් මගේ වාසනාවට වවුලලගල සංචාරකයන්ට මග පෙන්වන '' අමනාවල '' කියන ගමේ තරුණ මග පෙන්වන කෙනෙකුගේ නොම්බරයක් ලැබුනා. ඉතින් මම අවසාන විසඳුම විදිහට ඔහුව සම්බන්ධ කර ගත්තා. විශ්වාස කරන්න, ඔහුගෙන් මම දූල්ගල කන්ද ගැන ඇහුවම ඔහු මගෙන් ඇහුව එහෙම කන්දක් ගැන සහ ඒක කොහෙද තියෙන්නේ කියල.... ඒ මග පෙන්වන්නා ගැන මගේ විශ්වාසය ඒ මොහොතේම නැති වුනත් මම ඔහුට පුළුවන් ආකාරයෙන් විස්තර කළා. ඊට පස්සේ ඔහු මට පොරොන්දු වුනා තව දුරටත් ඒ ගැන විස්තර හොයල දැනුම් දෙන්නම් කියල. කොහොම හරි ඔය වගේ සංවාද කිහිපයකින්ම පස්සේ මම තීරණය කළා ඔහුවත් සම්බන්ධ කරගෙන මේ අභියෝගයට මුහුණ දෙනවා කියල. ඔක්තෝබර් මාසේ ඉරිදා දවසක් වෙන් කරගෙන අපේ ඔෆිස් එකේ මගේ හොඳ මිත්‍රයෙක් වුනු පොඩි මහත්තයා වත් එකතු කරගෙන අපි දෙන්නා බයිසිකලෙන් ඕලු ඇල්ලට ගියා. අපේ මග පෙන්වන තරුණයාව අපි මුණ ගැහුනේ එතැනදී. ගමන සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් මදි වුනත් ඔහු බොහොම නිර්ව්‍යාජ, අහිංසක ඒ වගේම ජව සම්පන්න තරුණයෙක්. අපේ ගමන් මාර්ගය ඕලු ඇල්ලට වෙනකන් සුපුරුදු පරිදි යටියන්තොට සීපොත් පාර ඔස්සේ සිදු වුනේ. [IMG]https://i.imgur.com/OoQyoCa.jpg[/IMG] [IMG]https://i.imgur.com/60OLwNn.jpg[/IMG] [COLOR="red"]සීපොත් පාරට පෙනෙන දූල්ගල කන්ද.. [/COLOR] [IMG]https://i.imgur.com/kdPcfn9.jpg[/IMG] [IMG]https://i.imgur.com/sYwqYmb.jpg[/IMG] [IMG]https://i.imgur.com/bqcdEnH.jpg[/IMG] [COLOR="red"]මෙදා ගමනේදී ඕලු ඇල්ලේ වතුර තරමක් වැඩියි.[/COLOR] [IMG]https://i.imgur.com/VRCekxf.jpg[/IMG] [COLOR="red"]වවුලලගල කන්ද [/COLOR] [IMG]https://i.imgur.com/ZuPzM2n.jpg[/IMG] [IMG]https://i.imgur.com/VlSMim4.jpg[/IMG] බුලත්කොහුපිටියෙන් අපි පාලමෙන් එගොඩ වෙලා '' කඳුසිරිගම '' කියන ගමට ආවා. අපේ මග පෙන්වන්නා ( මම ඉදිරියට ඔහුව සමීර කියන අන්වර්ථ නමෙන් හඳුන්වන්නම් ) සමීර ඔහුගේ සීයාගෙන් තමයි දූල්ගල කන්ද ගැන විස්තර හොයාගෙන තිබුනේ. ගම්මු ගොඩක් දෙනෙක් ඒක හඳුන්වන්නේ දවුලගල එහෙම නැත්තම් උඩ දවුලගල කියල. [IMG]https://i.imgur.com/1i1zh2O.jpg[/IMG] [COLOR="red"]දූල්ගලට යන්න අපි ආපහු යටියන්තොට හරහා බුලත්කොහුපිටිය කියන ගමට ආවා.[/COLOR] [IMG]https://i.imgur.com/o7cs5sT.jpg[/IMG] [COLOR="red"]බුලත්කොහුපිටියෙන් කඳුසිරිගම ට [/COLOR] කඳුසිරිගම කියන්නේ බුලත්කොහුපිටිය ප්‍රාදේශිකයට අයත් බොහොම සුන්දර රබර් සහ තේ වතු වලින් වටවුණු ගම්මානයක්. අපි මේ ගමට ඇවිත් දූල්ගල කඳු පාමුල කිට්ටුවටම වෙනකන් බයිසිකලෙන් ඇවිත් ගමේ කොනක තිබුණු තේ දළු මඩුව අසලින් බයිසිකල් නවත්තල මුලින්ම ගම්මු එක්ක කතාවට වැටුනා. අපේ අදහස ගැන ගම්මු පුදුම වුනා.දූල්ගල ගැන කොහොමද දන්නේ කියල ඇහුවම මම ඕලු ඇල්ල ගමනත් එතැනදී දැකපු විස්තරයත් ඊට පස්සේ සමීර මිත්‍රයව සම්බන්ධ කර ගත්තු ආකාරයත් විස්තර කළා. එතැනදී තමා ගම්මුන්ට තේරුම් ගියේ අපි මේ ඇවිත් ඉන්නේ කන්දක් නගින්න කියන එක. මොකද ගම්මු අපි ගැන සැක කළා අපි දඩයම් කාරයෝ හෝ වල්ලපට්ට හොරු කියල.කොහොම හරි ගමේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගෙන කන්දේ ගමන් මග ගැන දල අදහසක් ගත්තා. අපිට උපදෙස් කිහිපයක් ලැබුනා.... [LEFT]කන්ද මුදුනට යන්න කිසිම අඩිපාරක් නැහැ. කන්ද පාමුල අන්තිම තේ වත්තෙන් පස්සේ ඝන කැළෑව. කන්දේ තැනින් තැන දඩයම් නූල් බැඳලා සහ හබක අටවලා තියෙන නිසා ඒවායින් පරිස්සම් වෙන්න. වල්ලපට්ට හොරෙක් මුණගැහුනොත් වෙඩි නොකා බේරිලා එන්න. කන්දේ මුදුනට කලින් තියෙන ගල් ගුහාව හොයාගෙන එතනින් ගල් පොත්තේ දාරය දිගේ මුදුනට යන්න හැකි බව. කන්ද මුදුනේ ගල් හෙළ පැත්තෙන් අයිනට ලොකු දෙබුක්කාවල් තියෙන බවත් පඳුරු ගොල්ලෙන් ඒවා වැසී තියෙන නිසා වැඩිය අයිනට නොයන ලෙසත්. අවට ගම්මාන වල මිනිස්සු ඇරෙන්නට මීට කලින් කඳු නගින සංචාරකයන් නම් මේ කන්දේ ඇවිත් නැති බවත්. [/LEFT] [IMG]https://i.imgur.com/Ph3kbl5.jpg[/IMG] [IMG]https://i.imgur.com/RDWQk8L.jpg[/IMG] [IMG]https://i.imgur.com/w4Y7JnU.jpg[/IMG] [COLOR="red"]ගම දිගේ උඩට ඇවිත් කන්දේ පාමුල තේ වත්තට ඇතුළු වුනා.[/COLOR] ඉතින් මේ උපදෙස් ටිකත් හිතේ දරාගෙන අපි කන්දේ පාමුලට වෙන්න තියෙන තේ වත්තට වැටුණු අඩිපාර දිගේ උඩට ගියා. පැය භාගෙක විතර ගමනකින් අපිට පුළුවන් වුනා තේ වත්තට එන්න. තේ වත්තේ හිටියා එක මනුස්සයෙක්. කුලතුංග මාමා. එයා අපේ විස්තර එහෙම අහල අපි වෙනුවෙන් පොඩි දුරක් ඉස්සරහට එන්න පොරොන්දු වුනා.එයා අපිට කිව්ව විස්තරයට අනුව කන්දේ ගුහාවට යන්න බොහොම ඉස්සර අඩිපාරක් තිබුනලු. මොකද ඒ කාලේ භාවනායෝගී ස්වාමින් වහන්සේ නමක් ඔය ගුහාවේ වැඩ උන්නලු. නමුත් දඩයම් කාරයෝ නිසා අවට ගම් වල මිනිස්සු දානේ එහෙම අරගෙන යන එන එක නැවතුනු නිසා උන්වහන්සේ වෙනත් පළාතකට ගිහින් තියෙනවා. අඩිපාරත් එහෙමම වැහිලා ගිහින්. ඉතින් කුලතුංග මාමා අපිට ඉස්සහරහට යන්න අවශ්‍ය මග සලකුණු එහෙමත් කියල දීලා අවශ්‍ය වුනොත් කියල මන්න පිහියකුත් අපේ අතට දීලා අපිට සමු දුන්නා. [IMG]https://i.imgur.com/QYE9tHT.jpg[/IMG] [COLOR="Red"]තේ වත්ත කොනේ තිබුණු පුංචි ගේ පැල [/COLOR] [IMG]https://i.imgur.com/zSk76Y0.jpg[/IMG] [COLOR="red"]ඔය පිටිපස්සෙන් තියෙන්නේ දූල්ගල කන්ද [/COLOR] [IMG]https://i.imgur.com/u9NFH8D.jpg[/IMG] [COLOR="red"]වේවැල්තලාව කඳු මුදුන්...ඕලු අල්ලෙ වතුර පාර පටන් ගන්නේ ඔය කන්දෙන්. [/COLOR] [IMG]https://i.imgur.com/FU8Ajsl.jpg[/IMG] [COLOR="red"]කුලතුංග මාමා. අපි වෙනුවෙන් පොඩි දුරක් ඉස්සරහට ආවා.[/COLOR] අපේ ගමනේ නියම අභියෝගය පටන් ගත්තේ ඊට පස්සේ. සාමාන්‍යයෙන් නිවර්තන කලාපිය ලක්ෂණ තිබුණු රූස්ස වනාන්තරයක් නිසා ඝන යටි රෝපණයක් දකින්න නොලැබුනත් කටු පඳුරු සහ ගස් අතර පැතිරුණු වැල් නිසා ගමන තරමක් දුෂ්කරයි. අපි යන දවස් වල ලොකු වැස්සක් තිබුනේ නැති නිසා කූඩැල්ලෝ කරදරය නම් තිබ්බේ නැහැ. සමීරට වුනත් කන්ද ගැන ලොකු අවබෝධයක් නැති නිසා අපි 3 ම එකතු වෙලා මග සලකුණු නිරීක්ෂණය කරමින් සාකච්ඡා කරමින් තමා ඉදිරියට ගියේ. ගමන සෑහෙන ආනතියකින් තමා නැග්ම තිබුනේ.ලොකු ගල් මුහුණත් කිහිපයක්ම තරණය කරන්නට සිද්ධ වුනා. කොහොම හරි අපිට පැය 2 විතර පස්සේ පුළුවන් වුනා ගල් ගුහාව හොයා ගන්න. [IMG]https://i.imgur.com/8s8uFUS.jpg[/IMG] [IMG]https://i.imgur.com/0h7KOqq.jpg[/IMG] [IMG]https://i.imgur.com/9YREjho.jpg[/IMG] [IMG]https://i.imgur.com/7kOsZdB.jpg[/IMG] [COLOR="red"]වනරාජ පැළෑටිය [/COLOR] [IMG]https://i.imgur.com/s3nzCPJ.jpg[/IMG] [IMG]https://i.imgur.com/FVdgTEc.jpg[/IMG] [IMG]https://i.imgur.com/4ghOJGG.jpg[/IMG] [COLOR="red"]අමාරු ගමනකින් පස්සේ අපි 3නා ගල් ගුහාවට සේන්දු වුනා..[/COLOR] ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. අපි ගුහාවේ ටික වෙලාවක් ගිමන් ඇරලා ඊට පස්සේ කිව්වා වගේ ගුහාවේ කෙලවරින් ගල් බිත්තිය අයිනෙන් කන්දේ උඩට ගියා. පැය කාලකින් වගේ අපි මුදුන හැටියට සලකන්න පුළුවන් ලොකු සමතලා රූස්ස වනාන්තරයකට පිවිසුනා.අපි කැලෑව දිගේ ඉදිරියටම ගියා. අපිට ගස් අතරින් වවුලලගල කන්දත්, වේවැල්තලාව කඳු මුදුනත් යාන්තමට සීපොත් පාරත් දැක්කා. කපා බිම් හෙලන ලද වල්ලපට්ට ගස් කිහිපයකුත් දකින්න ලැබුන. කන්ද මුදුනේ සෑහෙන දුරක් එහෙ මෙහෙ ඇවිද්දත් ලස්සන විව් පොයින්ට් එකක් නම් දකින්න ලැබුනේ නැහැ. ඒක නිසා අපි ඉස්සරහ පැත්ත ඒ කිව්වේ වවුලලගල, ඕලු ඇල්ල පැත්ත හොඳට පෙනෙන අයිනකට ගිහින් ඒ පැත්ත බලා ගත්තා. බුලත්කොහුපිටිය පැත්ත නම් දකින්න කන්දේ අනික් අන්තයේ කෙලවරට යන්න ඕනේ. අපි ඒ පැත්තට ගියේ නැහැ. ඒ වෙද්දී ලොකු මන්දාරමකින් අහස වැහිලා තිබුණු හන්දා අපි ආපහු පල්ලම් බැස්සා. [IMG]https://i.imgur.com/uaf5ZoG.jpg[/IMG] [IMG]https://i.imgur.com/kg8xviM.jpg[/IMG] [COLOR="red"]කපා බිම් හෙලන ලද වල්ලපට්ට ගස් කිහිපයකුත් දකින්න ලැබුන.[/COLOR] [IMG]https://i.imgur.com/qB7u9VG.jpg[/IMG] [IMG]https://i.imgur.com/PHpqhTk.jpg[/IMG] [COLOR="red"]ඔය පහතින් පේන්නේ වවුලලගල කන්ද [/COLOR] [IMG]https://i.imgur.com/8NTwBiR.jpg[/IMG] [IMG]https://i.imgur.com/36xkWGo.jpg[/IMG] [COLOR="red"]ලොකු මන්දාරමකින් සහ වැහි කලුවකින් අහස වහගෙන තිබුනේ [/COLOR] [IMG]https://i.imgur.com/NAM6I9r.jpg[/IMG] [COLOR="red"]ගස් අතරින් ඕලු ඇල්ලත් ලී පාලමත් යාන්තම් පෙනුනා [/COLOR] [IMG]https://i.imgur.com/pu27lBT.jpg[/IMG] [COLOR="red"]ඕලු ඇල්ල සහ ලී පාලම [/COLOR] [IMG]https://i.imgur.com/RvHqlPY.jpg[/IMG] [COLOR="red"]දූල්ගල කන්දේ අනෙක් ගල් බිත්තිය සහ වවුලලගල [/COLOR] [IMG]https://i.imgur.com/j1PTNkv.jpg[/IMG] [COLOR="red"]දූල්ගලට පෙනෙන වවුලලගල [/COLOR] [IMG]https://i.imgur.com/9QNd8at.jpg[/IMG] [COLOR="red"]වවුලලගලට පෙනෙන දූල්ගල ( කලින් සංචාරයේදී ගත්තු පින්තුරයක්)[/COLOR] [IMG]https://i.imgur.com/5oRc7Sp.jpg[/IMG] [COLOR="red"]පහල තේ වතු[/COLOR] [IMG]https://i.imgur.com/4dMIppR.jpg[/IMG] [COLOR="red"]අපි තුන්දෙනා [/COLOR] [IMG]https://i.imgur.com/oxrVsuX.jpg[/IMG] [COLOR="red"]අන්තිම වතාවට වවුලලගලට ආයුබෝවන් කියල පල්ලම් බැස්සා [/COLOR] ඔය විදිහට පැය දෙකකට කිට්ටු කාලෙකින් අපි ආපහු කන්දේ පහලට ඇවිත් තේ වත්තට ඇතුලු වුනා. අපි ආපහු එන ගමනේදී කුලතුංග මාමා උන්නේ නැහැ.ඒක නිසා අපි තේ මායිමෙන් පහලට ඇවිත් ගමට එද්දී හැන්දෑවේ 4 විතර ඇති. එතනින් පස්සේ අපි ගමේ ගෙදරකින් මුහුණකට හෝදාගෙන ආපහු බයිසිකල් වල නැගල බුලත්කොහුපිටියට ඇවිත් සමීර අපේ මග පෙන්වන්නගේ නියමිත ගාස්තුව සහ සන්තෝසමක් දීලා යටියන්තොට රුවන්වැල්ල හරහා පරිස්සමට ගෙදර ආවා. [IMG]https://i.imgur.com/c5WAaed.jpg[/IMG] [IMG]https://i.imgur.com/eTUqI7s.jpg[/IMG] [IMG]https://i.imgur.com/eonhnm8.jpg[/IMG] [IMG]https://i.imgur.com/2o1GIyE.jpg[/IMG] [IMG]https://i.imgur.com/ukEkBCb.jpg[/IMG] [IMG]https://i.imgur.com/Vovirm5.jpg[/IMG] [COLOR="red"]ආපහු පල්ලම් බැහැල ගුහාවට වෙනකන් ඇවිත් එතනින් අනුමානෙට තේ වත්තක් හම්බු වෙනකන් පල්ලම් බැස්සා.අපි නැග්ග තැන ඉඳල තරමක් ඈතට වෙන්න තමයි බැස්සේ.[/COLOR] [IMG]https://i.imgur.com/l6UImM3.jpg[/IMG] [COLOR="red"]කඳුසිරිගම ට පෙනෙන දූල්ගල කන්ද.කන්දේ පැත්තෙන් පේන්නේ. [/COLOR] [IMG]https://i.imgur.com/J4MeGDy.jpg[/IMG] [COLOR="red"]බුලත්කොහුපිටිය හරහා යටියන්තොටට ඇවිත් එතනින් රුවන්වැල්ලෙන් ගෙදර බලා... [/COLOR] සමස්තයක් හැටියට ගමන ගැන සමාලෝචනයක් දෙනවා නම්, අපි සිද්ධාන්තිකව සාර්ථකයි. නමුත් දූල්ගල කියන්නේ රූස්ස වනයෙන් වැසුණු කන්දක් මිසක් එතන මුදුනෙන් ලොකු ලස්සනක් හෝ ලස්සන භුමි දර්ශනයක් බලන්න ලැබෙන්නේ නැහැ.ලස්සන පින්තුර ගන්න පුළුවන් තැනකුත් නෙමේ. නමුත් කඳු නගින්න ආසාවෙන් ඉන්න සංචාරකයෙකුට නම් ඔහුගේ/ඇයගේ ආසාව වෙනුවෙන් අභියෝගයක් වෙනුවෙන් නම් ඒක හොඳ උත්සාහයක්. මොකද සංචාරකයෝ ලේසියෙන් යන්නේ නැති තැනක්. මෙතන මම දැකපු අභියෝගයක් බාර අරගෙන ඒක සාර්ථකව අවසන් කරපු නිසා මගේ පැත්තෙන් ඒක මට ජයග්‍රහණයක්. ගමන වෙනුවෙන් සම්පුර්ණ සහයෝගය දුන්නු මග පෙන්වන මිත්‍රයට සහ මගේ යාලුවා'' පොඩි මහත්තය '' ට ස්තුති වෙනවා. දූලගල යනු සාමාන්‍ය සංචාරකයන් නොයන තැනක් නිසා ගමන් විස්තර අනවශ්‍ය යයි සිතමි. ආයේ මේ වගේ සංචාරක නූලකින් හමුවෙමු.එතකන් ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. :):):) [/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom