Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දූෂකයා සමඟ සරණපාවා දීමේ (අව)නීතිය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්‍රැන්කා වියෝලා අති සුන්දර යුවතියක විය. සිසිලියේ ඇල්කාමෝ නම් පිටිසර ගම්මානයෙහි උපන් ඈ, රුව ශෝභාවෙන් ප්රකටව, ස්ත්රීත්වයේ සුන්දර පරිසමාපප්තියෙන් හැඩ වී සිය පියාගේ කුඩා ගොවිපොළෙහි සියුමැලි අත් උදව්කාරියක වී නිහඩ දිවියක් ගෙව්වා ය.

යන්තම් පහළොස් වන වියේදී සුන්දර ඇය මාෆියා නායක පුත්‍රයෙකු වූ ෆිලිපෝ මෙලෝඩියා විසින් අහම්බෙන් මෙන් දැක තිබුණෙන් එදා සිට ඈ හා විවාහ ගන්වන ලෙස ඉල්ලා දුප්පත් ඇයගේ පියාණන් වෙහෙසකර වූ ඔහු, අවසානයේ නිසි වයස් පිරුණු විට එය ඉටු කර දෙම් යැ යන වචනය පීඩනයේ උපරිමයක දී ඔහු මුවින් ගිලිහගති!

කෙසේමුත් වහා ඉන්පසු, එවකට විසිතුන් හැවිරිදි මෙලෝඩියා මංකොල්ලකෑමක වරදකරු වී සිරභාරයට ගැනුනෙන් විවාහයේ වචනීය පොරොන්දුව අවලංගු කර දැමිණි. කාලයන් ගත වී රූ සපුවෙන් තවත් හැඩ වූ වියෝලා සිතුවිල්ලෙන් ද මේරී ගියෙන් ආදරය කිම කියා උගත්තී ඈ සිත්ගත් කඩවසම් තරුණයෙකු හා ආලයෙන් වෙළුණාය.

සුන්දරව ගෙවී ගිය කාලයන් මාස කිහිපයකට පමණක් සීමා විය. ජර්මනියට පලා ගොස් සිටි මෙලෝඩියා ජර්මානු දාමරික වටපිටාවක කෲරත්වයෙන් මුහුකුරා ගොස් ජඩ මාෆියාවේ පරිපූර්ණ නව්‍ය නායකත්වය වී ගම්වැද තිබිණි. ඔහු වසර ගණනකට පොරොතුව පැතූ සුන්දර සුරත හොදින් හෝ නරකින් සන්තකව ගෙනයාමට පැමිණ සිටියෙන් පියාගේ වචනය, ඇයගේ අකැමැත්ත හෝ පෙම්වතාගේ විරෝධය තවදුරටත් ඔහු දුර්මුඛත්වයෙන් විකර්ෂණය කරලූ කාරණා නොවීය.

තමා ලද ප්‍රතික්ෂේප කිරීම්, අහිංසක ඉල්ලීම් හා වැද වැටීම් සියක් අහවර මෙලෝඩියා අවසාන තීරණයකට එලැඹිනි. 1965 හි නත්තල පහන් වී තිබිණි. අළුයම සිය අකාරුණික සහචර සගයන් දුසිමක් හා වියෝලා සොයා ගිය ඔහු දෙමාපියන්ට පහරදී, ඇයත් ,ඇය බදා, ගෙනයන්ට නොම දෙමීයි ආයාචනය කල කුඩා සොයුරාත් එක පොදියකට ගෙන පැහැර ගත්තේ වන මායිමේ පාළු ගෘහයක සිර කරගතී.

සොයුරා පසු දා මුදා හැරිණි. දාහත් හැවිරිදි වියෝලා සාහසනය ඇරඹිණි. දින අටක් පුරා සිත්සේ, මනාප පරිදි හැකි හැකි අයුරින් බරපතල ලෙස ලිංගික අඩන්තේට්ටම් කරමින් ඇය කෙළසා දූෂණය කෙරිණි. කැමැත්තෙන් සරණය නොආ ඈ දැන් නීතියෙන් ඔහු සරණ එනු ඇත!

එසේය! කොයි තාක් හිරිකිත මුත් ඉතාලි නීතිය එසේ විය. ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ 544 වන වගන්ති ප්‍රකාරව දූෂකයා අපහරණය වූ තැනැත්තිය විවාහ කොට ගනිමින් ඇගේත් පවුලේත් ගෞවරවය රකින්නේ නම් නීතියෙන් ඔහු වරදකරුවෙකු සේ නොපිළිගැණිනි. එයට උන් matrimonio riparatore (Rehabilitating Wedding) ය කියා කියති.

දින අටකට පසු එනම් 1966 හි ජනවාරි දෙවන දා වියෝලා මුදා හැරිණි. ඇය පියාගේ උපකාරයෙන් වහා නීතියේ පිහිට පතා පැමිණිලි කලෙන් මෙලෝඩියා නාමිකව අත් අඩංගුවට ගැණිනි. සමච්චල් සිනාවක් පෑ දාමරිකයා අපේක්ෂිත පරිදි matrimonio riparatore අර්පණය (offer) කෙරිණි. සියල්ල එලෙසින් නිමා වීමට නීතියත්, සංස්කෘතියත්, ග්‍රාමීය මාන්සිකත්වයත් එසේ ඉඩ සළසා තිබිණි. කන්‍යාභාවය සිදගත් ස්ත්‍රියකට (donna svergognata) ඉන් එහා විකල්පයක් කුමට ද?

නමුදු, අනපේක්ෂිත විශ්මයයකින් සියල්ලන් අවුළුවා ලමින් ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඉතාලි ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂකයා පිදූ ගෞරවයේ දක්ෂිණාව පීඩිත ස්ත්‍රිය පිළිකෙව් කොට ඇත. දෙවියනි! ඇය බැහැ කියා අත. කළියුගයේ ස්ත්‍රිය සම්ප්‍රදායට පිටුපා ඇත. මේ පාරට්ටිය අහිංසක ගම්වැසියාගෙ මුහුණෙහි දැලි ගා ඇත.

'ඕකි කොහොමත් ඔය ටික කරගන්නා' බැව් තක්කෙට දැනසිටි බවට කැට තැබූ ගම්වැසියෝ දුසිමක් ඕනෑම මුල්ලකින් සොයාගත හැකිවිය. තවද, වයෝලාගේ මෑනියන් හමු වී, පහර කා තුවාල සුවවෙමින් වූ මුහුණට කෙළ ගැසූ ගැහැනුන්, 'හදන්නං වාලේ දියණියන් හැදූ' අම්මාට පාඩමක් උගන්වා තිබිණි. සුළගින් විත් හෝ සංකර වයිරස තම දරුවන් ගත දැවටේය' කියා බියවූ පාසල් බළධාරීන් වයෝලා ගේ පුංචි සොයුරා පාසලෙන් එළවා දමා තිබිණි. සංස්කෘතිය රැකගැන්මේ බියකරු උපරිමයක දී සියල්ලන් එක් වී, අහිංසක පවුලක් ජීවිතය වපුරා රැස්කල සන්තකය කොල්ල කා, මහන්සියට සැතපී කාන්සිය නිව්වා වූ පුංචි ගෙපැළට ගිනි අවුළුවා අළු කරවා තිබිණි. ඒ උන්ට කිරි දුන් ගොවියා විය! ඒ උන් හා පොලට ගිය ගෙවිලිය විය. ඒ උන් පැටව් හා සෙල්ලම් කළ දරුවන් විය! නැත!! උන් සදාචාරය කෙළසාගත් අපවිත්‍ර වූ, කන්‍යාභාවය සිදලී තිබියදී උතුම් විවාහය ප්‍රතික්ෂේප කෙරුවා වූ අසංස්කෘතික නරුමයන් විය. උන් හා පෑහීමක් කොයින්ද?

කෙසේමුත් මේ සියල්ල හමුවේ නොසැලී ෆ්‍රැන්කා වියෝලා පිටුපසින් වූ දෙදෙනෙක් විය. ඒ පියාය, පෙම්වතාය. අපහසුවෙන් පැමිණිල්ලට නීතිඥයෙකු සොයාගත් උන් නඩු කීහ. නීතියේ අවනීතියට එරෙහිව නීතියේ පිහිට සෙවීය. ලෝකයක් එකවර බලා සිටියදී දෙසැම්බරයේදී නඩුව විභාග විය!

1967 හී මැයි මස අගිස්සෙහි එම ඓතිහාසික නඩු තීන්දුව ලබා දුන් අතර පැහැර ගෙනයාම, බියගැන්වීම හා ලිංගික අඩත්තේට්ටම් කොට දූෂණය කිරීම යන වැරදි හමුවේ වැරදිකරු වූ ෆිලිපෝ මෙලෝඩියා ට වසර එකොළසක සිර දඩුවම් නියම වී පසුව එහි වසරක් කප්පාදු කොට අවුරුදු දහයක උපරිමයකට යටත් කෙරිණි. සහචර නරුමයන් පස් දෙනෙකු සදහා වසර හතරක් බැගින් වූ සිර දඩුවම් ද අනෙකුන්ට අවවාදාත්මක තරවටුද ලබා දී නඩුව නිමා විය. නඩුව ඉන් හමාර වේද?

මිතුරනි, ගම්වැසියන් ට නඩු නැත. උන් නිදොස් ය. නිදහස් ය!!

කාලයේ ඇවෑමෙන්, අපහසුවෙන්, වෑයමෙන් හා කදුලෙන් වියෝලා නව ජීවිතයක් ගැන සිතන්නට හිතට වෙර ගත්තාය. 1968 හි දෙසැම්බරයේ ඇය ආදරය කෙරුවා වූ ගුයිසෙප් රුයිසි නම් ප්‍රේමවන්තයා හා විවාහ වන්නට ඇය සිත පිළියම් කොට ගන්නට සමත් විය. සමාජ විනිශ්චය කෙළ පිඩකට නොතකා පෙරළා ආදරයේ දෑත් දිගු කල, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ආදරය හැදිනූ එම අද්විතීය මිනිසා, සියවසෙහි පෙම්වතා ය කියා මම සිතමි!

එලෙසින්, ගිණුම් බලන්නෙකු වූ සිය ආදරණීය සැමියා හා නිහඩ, සාමකාමී පවුල් ජීවිතයක් ඇරඹි ඈ සෙනහසින් හා ආදරයේ උණුසුමින් පිරී ගිය කුඩා කැදැල්ලක් තනාගත්තී සුරතල් පැටවු තිදෙනෙකුගේ කෙළි දෙලෙන් අවිවේකි වර්තමානයක සතුටු සිනා නැගුවාය.

දස වසරක සිර දඩුවම් විදි ෆිලිපෝ මෙලෝඩියා 1976 වසරේදි නිදහස් වූ අතර ඉන් දෙවසරක් ඇතුළත මරණීය පිහිඇනුම් රැසකින් දැදුරු වී ජන්මාන්තරගත විය!

ඉතාලි නීතිය ප්‍රතිසංස්කරණය විය. සෙමින් මුත්, ස්ථිරසාරව සියල්ල නිවැරදි විය. දූෂකයා තම ගොදුර නීතියෙන් සරණය කරගන්නා අශික්ෂිත වගන්තිය අවලංගු වන්නට තවත් දශකයක් ගෙවුනෙන් එය අවසානයේ බල රහිත වන විට විසිවැනි සියවසෙහි අටවැනි දශකය ද උදා වී තිබිණි. තවද ස්ත්‍රී දූෂණය සමාජ සදාචාරයට එරෙහි වූ අපරාධයක සිට පුද්ගලාබද්ද සාපරාදී අපරාධයක් ලෙස නිර්වචනය වන විට 1996 වසර උදා වී තිබිණි.

අති සුන්දර ෆ්‍රැන්කා වියෝලා අදටත් සතුටින් සුවෙන් ජීවත් වන්නීය. දරු මුණුපුරන් රාශියක ගේ ආදරයෙන් ගෙවී යන සැදෑ සමයේ උපරිම සන්තුෂ්ටිය ඇය උදා කරගනිත්වා යි අපි ප්‍රාර්ථනය කරමු. මාෆියා ගුබ්බෑයමක සිය දූෂකයාගේ අඩන්තේට්ටම් මැද, පහර දීමෙන්, බැන වැදීමෙන් හා විස්සෝපයෙන් ගෙවී යන්නට දෛවය ඇයට යෝජනා කර, අසල්වැසි සමාජය බලකෙර වූ ජීවිතයෙන් මිදීමට ඇය සමත් විය! ඒ ඇය "බැහැ!" ය කියූ නිසාවෙනි. නොභියව බැහැ කියූ නිසාවෙනි. ලෝකයක් එරෙහිව සිටගෙන සිටිය දී දිරියෙන් බැහැ කියූ නිසාවෙනි.

හිතවතියනි, ඔබ නිවැරදි බැව් සිත කියයි නම්, අකැමැති සියල්ලට නොබියව "බැහැ!" ය කියන්න. ඊට ඔබට අයිතියක් හා ඇතිතාක් වූ ධෛරියක් සිත යට සැගව ඇත. ඊට දිව පැකිලෙන ක්ෂණයේ සුන්දර වියෝලා සිහි කරගන්න. ඈ තරම් ඔබ කිසිදා තනි නොවනු නැත!

හිතවතුනි, ආදරය කරන්න!

facebook.com/HistoricalPicturesWithFacts

[QUOTE="Hyperx99, post: 29301487, member: 567991"] ෆ්‍රැන්කා වියෝලා අති සුන්දර යුවතියක විය. සිසිලියේ ඇල්කාමෝ නම් පිටිසර ගම්මානයෙහි උපන් ඈ, රුව ශෝභාවෙන් ප්රකටව, ස්ත්රීත්වයේ සුන්දර පරිසමාපප්තියෙන් හැඩ වී සිය පියාගේ කුඩා ගොවිපොළෙහි සියුමැලි අත් උදව්කාරියක වී නිහඩ දිවියක් ගෙව්වා ය. යන්තම් පහළොස් වන වියේදී සුන්දර ඇය මාෆියා නායක පුත්‍රයෙකු වූ ෆිලිපෝ මෙලෝඩියා විසින් අහම්බෙන් මෙන් දැක තිබුණෙන් එදා සිට ඈ හා විවාහ ගන්වන ලෙස ඉල්ලා දුප්පත් ඇයගේ පියාණන් වෙහෙසකර වූ ඔහු, අවසානයේ නිසි වයස් පිරුණු විට එය ඉටු කර දෙම් යැ යන වචනය පීඩනයේ උපරිමයක දී ඔහු මුවින් ගිලිහගති! කෙසේමුත් වහා ඉන්පසු, එවකට විසිතුන් හැවිරිදි මෙලෝඩියා මංකොල්ලකෑමක වරදකරු වී සිරභාරයට ගැනුනෙන් විවාහයේ වචනීය පොරොන්දුව අවලංගු කර දැමිණි. කාලයන් ගත වී රූ සපුවෙන් තවත් හැඩ වූ වියෝලා සිතුවිල්ලෙන් ද මේරී ගියෙන් ආදරය කිම කියා උගත්තී ඈ සිත්ගත් කඩවසම් තරුණයෙකු හා ආලයෙන් වෙළුණාය. සුන්දරව ගෙවී ගිය කාලයන් මාස කිහිපයකට පමණක් සීමා විය. ජර්මනියට පලා ගොස් සිටි මෙලෝඩියා ජර්මානු දාමරික වටපිටාවක කෲරත්වයෙන් මුහුකුරා ගොස් ජඩ මාෆියාවේ පරිපූර්ණ නව්‍ය නායකත්වය වී ගම්වැද තිබිණි. ඔහු වසර ගණනකට පොරොතුව පැතූ සුන්දර සුරත හොදින් හෝ නරකින් සන්තකව ගෙනයාමට පැමිණ සිටියෙන් පියාගේ වචනය, ඇයගේ අකැමැත්ත හෝ පෙම්වතාගේ විරෝධය තවදුරටත් ඔහු දුර්මුඛත්වයෙන් විකර්ෂණය කරලූ කාරණා නොවීය. තමා ලද ප්‍රතික්ෂේප කිරීම්, අහිංසක ඉල්ලීම් හා වැද වැටීම් සියක් අහවර මෙලෝඩියා අවසාන තීරණයකට එලැඹිනි. 1965 හි නත්තල පහන් වී තිබිණි. අළුයම සිය අකාරුණික සහචර සගයන් දුසිමක් හා වියෝලා සොයා ගිය ඔහු දෙමාපියන්ට පහරදී, ඇයත් ,ඇය බදා, ගෙනයන්ට නොම දෙමීයි ආයාචනය කල කුඩා සොයුරාත් එක පොදියකට ගෙන පැහැර ගත්තේ වන මායිමේ පාළු ගෘහයක සිර කරගතී. සොයුරා පසු දා මුදා හැරිණි. දාහත් හැවිරිදි වියෝලා සාහසනය ඇරඹිණි. දින අටක් පුරා සිත්සේ, මනාප පරිදි හැකි හැකි අයුරින් බරපතල ලෙස ලිංගික අඩන්තේට්ටම් කරමින් ඇය කෙළසා දූෂණය කෙරිණි. කැමැත්තෙන් සරණය නොආ ඈ දැන් නීතියෙන් ඔහු සරණ එනු ඇත! එසේය! කොයි තාක් හිරිකිත මුත් ඉතාලි නීතිය එසේ විය. ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ 544 වන වගන්ති ප්‍රකාරව දූෂකයා අපහරණය වූ තැනැත්තිය විවාහ කොට ගනිමින් ඇගේත් පවුලේත් ගෞවරවය රකින්නේ නම් නීතියෙන් ඔහු වරදකරුවෙකු සේ නොපිළිගැණිනි. එයට උන් matrimonio riparatore (Rehabilitating Wedding) ය කියා කියති. දින අටකට පසු එනම් 1966 හි ජනවාරි දෙවන දා වියෝලා මුදා හැරිණි. ඇය පියාගේ උපකාරයෙන් වහා නීතියේ පිහිට පතා පැමිණිලි කලෙන් මෙලෝඩියා නාමිකව අත් අඩංගුවට ගැණිනි. සමච්චල් සිනාවක් පෑ දාමරිකයා අපේක්ෂිත පරිදි matrimonio riparatore අර්පණය (offer) කෙරිණි. සියල්ල එලෙසින් නිමා වීමට නීතියත්, සංස්කෘතියත්, ග්‍රාමීය මාන්සිකත්වයත් එසේ ඉඩ සළසා තිබිණි. කන්‍යාභාවය සිදගත් ස්ත්‍රියකට (donna svergognata) ඉන් එහා විකල්පයක් කුමට ද? නමුදු, අනපේක්ෂිත විශ්මයයකින් සියල්ලන් අවුළුවා ලමින් ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඉතාලි ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂකයා පිදූ ගෞරවයේ දක්ෂිණාව පීඩිත ස්ත්‍රිය පිළිකෙව් කොට ඇත. දෙවියනි! ඇය බැහැ කියා අත. කළියුගයේ ස්ත්‍රිය සම්ප්‍රදායට පිටුපා ඇත. මේ පාරට්ටිය අහිංසක ගම්වැසියාගෙ මුහුණෙහි දැලි ගා ඇත. 'ඕකි කොහොමත් ඔය ටික කරගන්නා' බැව් තක්කෙට දැනසිටි බවට කැට තැබූ ගම්වැසියෝ දුසිමක් ඕනෑම මුල්ලකින් සොයාගත හැකිවිය. තවද, වයෝලාගේ මෑනියන් හමු වී, පහර කා තුවාල සුවවෙමින් වූ මුහුණට කෙළ ගැසූ ගැහැනුන්, 'හදන්නං වාලේ දියණියන් හැදූ' අම්මාට පාඩමක් උගන්වා තිබිණි. සුළගින් විත් හෝ සංකර වයිරස තම දරුවන් ගත දැවටේය' කියා බියවූ පාසල් බළධාරීන් වයෝලා ගේ පුංචි සොයුරා පාසලෙන් එළවා දමා තිබිණි. සංස්කෘතිය රැකගැන්මේ බියකරු උපරිමයක දී සියල්ලන් එක් වී, අහිංසක පවුලක් ජීවිතය වපුරා රැස්කල සන්තකය කොල්ල කා, මහන්සියට සැතපී කාන්සිය නිව්වා වූ පුංචි ගෙපැළට ගිනි අවුළුවා අළු කරවා තිබිණි. ඒ උන්ට කිරි දුන් ගොවියා විය! ඒ උන් හා පොලට ගිය ගෙවිලිය විය. ඒ උන් පැටව් හා සෙල්ලම් කළ දරුවන් විය! නැත!! උන් සදාචාරය කෙළසාගත් අපවිත්‍ර වූ, කන්‍යාභාවය සිදලී තිබියදී උතුම් විවාහය ප්‍රතික්ෂේප කෙරුවා වූ අසංස්කෘතික නරුමයන් විය. උන් හා පෑහීමක් කොයින්ද? කෙසේමුත් මේ සියල්ල හමුවේ නොසැලී ෆ්‍රැන්කා වියෝලා පිටුපසින් වූ දෙදෙනෙක් විය. ඒ පියාය, පෙම්වතාය. අපහසුවෙන් පැමිණිල්ලට නීතිඥයෙකු සොයාගත් උන් නඩු කීහ. නීතියේ අවනීතියට එරෙහිව නීතියේ පිහිට සෙවීය. ලෝකයක් එකවර බලා සිටියදී දෙසැම්බරයේදී නඩුව විභාග විය! 1967 හී මැයි මස අගිස්සෙහි එම ඓතිහාසික නඩු තීන්දුව ලබා දුන් අතර පැහැර ගෙනයාම, බියගැන්වීම හා ලිංගික අඩත්තේට්ටම් කොට දූෂණය කිරීම යන වැරදි හමුවේ වැරදිකරු වූ ෆිලිපෝ මෙලෝඩියා ට වසර එකොළසක සිර දඩුවම් නියම වී පසුව එහි වසරක් කප්පාදු කොට අවුරුදු දහයක උපරිමයකට යටත් කෙරිණි. සහචර නරුමයන් පස් දෙනෙකු සදහා වසර හතරක් බැගින් වූ සිර දඩුවම් ද අනෙකුන්ට අවවාදාත්මක තරවටුද ලබා දී නඩුව නිමා විය. නඩුව ඉන් හමාර වේද? මිතුරනි, ගම්වැසියන් ට නඩු නැත. උන් නිදොස් ය. නිදහස් ය!! කාලයේ ඇවෑමෙන්, අපහසුවෙන්, වෑයමෙන් හා කදුලෙන් වියෝලා නව ජීවිතයක් ගැන සිතන්නට හිතට වෙර ගත්තාය. 1968 හි දෙසැම්බරයේ ඇය ආදරය කෙරුවා වූ ගුයිසෙප් රුයිසි නම් ප්‍රේමවන්තයා හා විවාහ වන්නට ඇය සිත පිළියම් කොට ගන්නට සමත් විය. සමාජ විනිශ්චය කෙළ පිඩකට නොතකා පෙරළා ආදරයේ දෑත් දිගු කල, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ආදරය හැදිනූ එම අද්විතීය මිනිසා, සියවසෙහි පෙම්වතා ය කියා මම සිතමි! එලෙසින්, ගිණුම් බලන්නෙකු වූ සිය ආදරණීය සැමියා හා නිහඩ, සාමකාමී පවුල් ජීවිතයක් ඇරඹි ඈ සෙනහසින් හා ආදරයේ උණුසුමින් පිරී ගිය කුඩා කැදැල්ලක් තනාගත්තී සුරතල් පැටවු තිදෙනෙකුගේ කෙළි දෙලෙන් අවිවේකි වර්තමානයක සතුටු සිනා නැගුවාය. දස වසරක සිර දඩුවම් විදි ෆිලිපෝ මෙලෝඩියා 1976 වසරේදි නිදහස් වූ අතර ඉන් දෙවසරක් ඇතුළත මරණීය පිහිඇනුම් රැසකින් දැදුරු වී ජන්මාන්තරගත විය! ඉතාලි නීතිය ප්‍රතිසංස්කරණය විය. සෙමින් මුත්, ස්ථිරසාරව සියල්ල නිවැරදි විය. දූෂකයා තම ගොදුර නීතියෙන් සරණය කරගන්නා අශික්ෂිත වගන්තිය අවලංගු වන්නට තවත් දශකයක් ගෙවුනෙන් එය අවසානයේ බල රහිත වන විට විසිවැනි සියවසෙහි අටවැනි දශකය ද උදා වී තිබිණි. තවද ස්ත්‍රී දූෂණය සමාජ සදාචාරයට එරෙහි වූ අපරාධයක සිට පුද්ගලාබද්ද සාපරාදී අපරාධයක් ලෙස නිර්වචනය වන විට 1996 වසර උදා වී තිබිණි. අති සුන්දර ෆ්‍රැන්කා වියෝලා අදටත් සතුටින් සුවෙන් ජීවත් වන්නීය. දරු මුණුපුරන් රාශියක ගේ ආදරයෙන් ගෙවී යන සැදෑ සමයේ උපරිම සන්තුෂ්ටිය ඇය උදා කරගනිත්වා යි අපි ප්‍රාර්ථනය කරමු. මාෆියා ගුබ්බෑයමක සිය දූෂකයාගේ අඩන්තේට්ටම් මැද, පහර දීමෙන්, බැන වැදීමෙන් හා විස්සෝපයෙන් ගෙවී යන්නට දෛවය ඇයට යෝජනා කර, අසල්වැසි සමාජය බලකෙර වූ ජීවිතයෙන් මිදීමට ඇය සමත් විය! ඒ ඇය "බැහැ!" ය කියූ නිසාවෙනි. නොභියව බැහැ කියූ නිසාවෙනි. ලෝකයක් එරෙහිව සිටගෙන සිටිය දී දිරියෙන් බැහැ කියූ නිසාවෙනි. හිතවතියනි, ඔබ නිවැරදි බැව් සිත කියයි නම්, අකැමැති සියල්ලට නොබියව "බැහැ!" ය කියන්න. ඊට ඔබට අයිතියක් හා ඇතිතාක් වූ ධෛරියක් සිත යට සැගව ඇත. ඊට දිව පැකිලෙන ක්ෂණයේ සුන්දර වියෝලා සිහි කරගන්න. ඈ තරම් ඔබ කිසිදා තනි නොවනු නැත! හිතවතුනි, ආදරය කරන්න! facebook.com/HistoricalPicturesWithFacts [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom