Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙනවානම් තුන් සිතම පහදවා දන් දිය යුතුය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දානයේ සරලම අරුත දීමයි. තමා සිදුකරන දානය පරිත්‍යාගයක්, පූජාවක් හෝ උපකාරයක් හෝ විය හැක. මේ කුමක් වුවද එය දානයකි. මෙහිදී වැදගත් වනුයේ දෙනු ලබන දානය තුන්සිත පහදවා ගෙන සප්‍රීතික තෘෂ්ණාවෙන් තොරව දීමයි. තුන්සිත යනු යමක් දීමට සිතන අවස්ථාවේ ඇතිවන සිත පළමු සිතයි. එම දානය සිදු කරන අවස්ථාවේ ඇතිවන සිත දෙවන සිතයි. එය දීමෙන් පසුව ඇතිවන සතුටු සිත තුන්වන සිතයි. මේ සිත් තුනම ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් චේතනා වලින් තොර විය යුතුයි. එවිට දුන් දානයේ ආනිශංස මහත්ඵල වේ.

බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමිතා අතර පළමු වැන්න දාන පාරමිතාවයි. දස පාරමිතාවෝ සංසාරයෙන් එතර වීමට හෙවත් නිවන් මඟට පමුණුවන උපකාරක ධර්මයන්ය. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියට යන උතුමෝ දාන පාරමිතාව මැනවින් පුරති. මෙසේ ත්‍රිවිධ බෝධිය සඳහා පාරමිතා පුරන උතුමන් බෝධිසත්වයන් ලෙස හැඳින්වේ. සම්මා සම්බුද්ධ, පච්චේත් බුද්ධ හෙවත් පසේ බුදු හා ශ්‍රාවක බුද්ධ හෙවත් රහත් බෝධිය යන මේ අධිගම තුනට යන උතුමෝ දාන පාරමිතාව ත්රිවිධාකාරව පුරති.

එනම් පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී ලෙසය. ඒ ඒ උතුමෝ තමන් පතන බෝධියට අනුකූලව පාරමිතා පූරනය කරති. දස පාරමිතා පමණක් පිරිය යුතු මහරහත් බෝධියට පැමිණෙන උතුමෙකුට ආත්ම කල්ප ලක්ෂයක් දස පාරමිතා පූර්ණය කළ යුතු බව ධර්මයේ සඳහන් වේ. එසේ ගත් කළ පාරමිතා 10යෙන් එක් පාරමිතාවක් අවම වශයෙන් ආත්ම කල්ප දහදාහ බැගින් වත් පිරිය යුතුයි. කල්පයක් යනුවෙන් ධර්මයේ සඳහන් වනුයේ සැතපුම් 16ක් දිග,සැතපුම් 16ක් පළල, සැතපුම් 16ක් ගැඹුර (ගව් 4ක්) වලක් හාරා එය අබ ඇට වලින් පුරවා වසර 1000කට වරක් එක් අබ ඇටයක් බැගින් ඉවත් කර එම වල සම්පූර්ණයෙන්ම හිස් වීමට ගතවන කාලය කොපමණද කල්පය ඊටත් දිගු බවයි.

දන්දීම දෙයාකාරයකින් සිදුවේ. පූජා බෝධියෙන් දන්දීම හා අනුග්‍රහ බෝධියෙන් දන්දීමයි. මෙහිදී පින් බලාපොරොත්තුවෙන් මහණ බමුණන් වැනි උසස් සීලයක් රක්ෂාකරන අයට දන්දීම පූජා බෝධියෙන් දන්දීමයි. දයානුකම්පා පෙරදැරිව දුගී, මගී, යාචක ආදීන්ට දෙනු ලබන දානය අනුග්‍රහ බෝධියෙන් දන් දීමයි. දාන දෙන්නවුන්ද ත්රිවිධාකාරව බුදු දහමේ දක්වා ඇත. එනම් දාන දාස, දාන සහාය හා දානපති ලෙසය. යමෙක් තමන් රසවත් මිහිරි දෙය අනුභව කර අනුන්ට නීරස අමිහිරි දෙය දානය සඳහා දෙන්නේ නම් හෙතෙම දානයට දාසව දන් දෙන බැවින් දාන දාස නම් වේ. යමෙක් තමා අනුභව කරන පරිද්දෙන්ම ආහාර අන්‍යයන්ට දෙන්නේ නම් හෙතෙම දානයට මිත්රයෙකුව දන් දෙන බැවින් දාන සහාය නම් වේ. යමෙක් තමන් යම් කිසිවකින් යැපී අනුන්ට රසවත් මිහිරි දේ දෙන්නේ වී නම් හෙතෙම දානයට ස්වාමීව දන් දෙන බැවින් දානපති නම් වේ. දන් දෙන්නවුන් සත්පුරුෂ හා අසත්පුරුෂ ලෙස කොටස් දෙකකි. ඒ අය දෙනු ලබන දානය සත්පුරුෂ දානය හා අසත්පුරුෂ දානය ලෙස හඳුන්වයි. අසත්පුරුෂ දානයේ විපාක මද බවත්, සත්පුරුෂ දානයේ විපාක මහත්ඵල බවත් ධර්මයේ සඳහන් වේ. තවද දන්දෙන හා දන් ලබන අයගේ සිල්වත් භාවය අනුව දාන ප්‍රභේද තුනක් ධර්මයේ සඳහන් වේ.

එනම් උත්තම දාන, මධ්‍යම දාන හා සිල්වතුන් උදෙසා දෙන දානයයි. මධ්‍යම දාන යනු දුසිල්වත් පුද්ගලයින් විසින් සිල්වතුන්ට දෙන දානයයි. එමෙන්ම සිල්වත් පුද්ගලයින් විසින් දුසිල්වත් පුද්ගලයින්ට දෙන දානයද මේ මධ්‍යම දාන ගනයට වැටේ. අධම දානය යනු දුසිල්වතුන් දුසිල්වතුන්ට දෙන දානයයි. තම තමන්ගේ සිල්වත් ගුණවත් භාවයක්,

දානයේ ආනිසංස සුළුපටු නොවේ. මහත්ඵල මහානිසංසය දානයේ අනුහස් ලෙස ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදිය ලැබේ. මෙයට අතිරේකව තවත් ආනිසංස රැසක් දන් දීමෙන් භූක්ති විඳිය හැක. මෙහිදී දානය ලබන තැනැත්තාගේ සිල්වත් භාවය අනුව දානය දෙනු ලබන තැනැත්තාට ලැබෙන අනුසස් හා විපාක ලැබෙන කාල සීමා විවිධ වේ. එලෙස සිල්වත්භාවය අනුව පිළිවෙලින් පෞද්ගලික දාන 14ක් ධර්මයේ දක්වා තිබේ.

එනම් -

1. බුදුවරයෙකුට දෙන දානය

2. පසේ බුදුවරයෙකුට දෙන දානය

3. රහත් උතුමෙකුට දෙන දානය

4. රහත් වීමට උත්සාහ කරන අනාගාමී

උතුමෙකුට දෙන දානය

5. අනාගාමී උතුමෙකුට දෙන දානය

6. අනාගාමී වීමට උත්සාහ කරන

සකෘදගාමී උතුමෙකුට දෙන දානය

7. සකෘදාගාමී උතුමෙකුට දෙන දානය

8. සකෘදාගාමී වීමට උත්සාහ කරන

සෝවාන් උතුමෙකුට දෙන දානය

9. සෝවාන් උතුමෙකුට දෙන දානය

10. සෝවාන් වීමට උත්සාහ කරන

තාපස උතුමෙකුට දෙන දානය

11. දස සිල් රක්ෂා කරන්නෙකුට දෙන දානය

12. පන්සිල් රක්ෂා කැන කෙනෙකුට දෙන දානය

13. දුසිල්වතෙකුට දෙන දානය

14. තිරිසන් සතුනට දෙන දානය

මෙහි උතුම්ම දානය වනුයේ බුදුවරයෙක් උදෙසා පිදෙන දානයයි. නමුත් අද සමාජයේ ජීවමාන බුදුවරයෙක් නොමැති බැවින් බුදුන් පිරිනිවීමෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා උදෙසා දාන වස්තූන් පූජා කිරීම ලොව්තුරා බුදුවරයෙකුට කළ පූජාවක් හා සමාන වන බව ත්‍රිපිටකයේ සඳහන් වේ. එය සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ අපදානපාලි I ග්‍රන්ථයේ 1752 - 1753 ඡේද දෙකෙහි සඳුහන් වනුයේ මෙසේයි.

"යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේද නම් එසේම පිරිනිවි බුදුරජුන්ගේ අබ ඇටයක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්‍රසාදය සම වූ කල් හී පිනද සමානය. මහත් බවට ගියේ ද වේ.

එයින් සෑයක් කොට සර්වඥ ධාතූන් පුදනු මැනවි". යනුවෙනි. එනිසා කරන සෑම පූජාවක්ම සර්වඥ ධාතූන් වහන්සේ නමක් උදෙසාම පූජා කිරීමට සිත තබා ගන්න. තවදුරටත් සැලකීමේදී 14 වන දානය වන තිරිසන් සතෙකුට දෙන දානය ඕනෑම අයෙකුට නිතර පහසුවෙන් කළ හැකි දානයකි. පහසුවෙන් කළ හැකි වුවද ලැබෙන්නාවූ පින මහත් ඵල වේ. තිරිසන් සතෙකුට එක් වරක් ආහාර දානයක් දුන්විට ආත්ම 100සීයෙන් වැඩි වී ආත්ම 10,000ක් ඊට අදාළ ආනිසංස භුක්ති විඳිය හැක. (100 X 100) මෙසේ දානය ලබන පුද්ගලයාගේ සිල්වත් භාවය වැඩිවන විට ආනිසංස ලබන ආත්ම ගණන ද 100 ගුණයකින් වැඩි වේ.

අපගේ ජීවිත කාලයේ දී හැකි පමණ විවිධ දේ දන් දීම නිතර කළ යුතුයි.මන්ද අප ජීවත්වන කලියුගයේ සිල්වත්,ගුණවත් උතුමන් බොහෝ අඩු බැවිනි.එදා බුදුන් ජීවමාන කාලයේ බුදුන්ට එක් බත් හැන්දක්,එක් ඉදිකටුවක්,එක් මලක්,එක් මාලාවක් පූජාකර සුගතියෙහි උත්පත්තිය ලැබූ අය ගැන අප අසා ඇත.අපද පසුතැවීමකින් තොරව සිටින්නට නම් පුණ්‍ය ක්‍රියා,දාන මාන ආදිය නොකඩවා සිදුකර නිවන දක්වා පින්දහම් හි හැසිරී සැපවත් මෙන්ම ත්‍රිහේතුක සම්පත් හා ක්ෂණ සම්පත්තිය සහිත ආත්ම භාව ලබා ගැනීමට උත්සාහවන්ත වන්න. සිල්වත්,ගුණවත් උතුමන්ට ආහාර දානය දීමේ ආනිසංසය 38ක් ත්‍රිපිටකයේ සඳහන් වේ.ඒවා මෙසේයි.

*දෙව් ලොව ද,මනු ලොව ද උපන් කල අන්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වේ.

*රූප සම්පත්තියෙන් සමන්විත වූවෙක් වේ.

*අසම සම ප්‍රඥාව, බොහෝ රසවත් නානාප්‍රකාර ආහාර වර්ග කෑමට ලැබේ, බොහෝ ශෝභමාන වස්ත්‍ර ලබයි. දිව්‍ය භෝජන පහළ වේ, සුවඳ පිරුණු මල්වලින් සැරසුණු වටිනා යාන වාහන පරිහරණයට ලැබේ. අපමණ භෝග සම්පත් ඇත්තෙක් වේ. උසස් කුලයකම උපත ලබයි. බොහෝ වාරයක් පෘථිවි රාජ්‍ය ලබයි. වීර්යවන්තයකු වේ. කෙලෙස් දැවීමේ ශක්තිය ලැබේ. කල්ප ලක්ෂයක් දුගතියක නොවැටේ.බොහෝ ආයුෂ ඇත්තෙක් වේ. බලසම්පන්න වෙයි. යසස ඇත්තෙකි. තරුණ වියේ දී බොහෝ සැප සම්පත් ලබයි. සියලු දෙනාටම ප්‍රිය ය.සෑම දේටම ශූර ය.කීකරු දූ පුතුන් ලබයි. තමාගේ වස්තුව ගින්නෙන්,ජලයෙන්,සොරුන්ගෙන් ආරක්ෂා වේ. යහපත් ස්වාමි පුරුෂයින්/බිරින්දෑවරුන් ලබයි. යහපත් ගුණගරුක කල්‍යාණ මිතුරන් ආශ්‍රයට ලැබේ. කීකරු දැසි දස්සන් ලැබේ. දැනුම විශාරදකම ඇති අයෙක් වේ. සෑම කල්හිම පනසිල් රකින්නෙකු වේ. තෙද රහිත වීමකට කිසි දින පත්නොවේ. රූපය දිදුලයි. ආශ්‍රයට විනීත පිරිස් පමණක් ලැබේ. අවමන් නොලබයි. සුවපත් ජීවිතයක් හිමි ය. මිහිරි වදන් පමණක් ඇසේ. වේදයේ පරතෙරට පත්වෙයි. බොහෝ විවේකය ලබයි. ධනය ලබයි. භවභෝග සම්පත්වලින් කිසිදු අඩුවක් නැත. දෙව් - මිනිස් දෙලොව පමණක් උපත ලබයි.

මේ සියලු ගුණ සපුරා තාදී ගුණ ඇති,තෘෂ්ණාව අතහැර නිවනට පැමිණි සම්මා සම්බුදුරජානන්වහන්නේට මාගේ නමස්කාරය වේවා!

[QUOTE="asliyanage, post: 25731264, member: 8764"] දානයේ සරලම අරුත දීමයි. තමා සිදුකරන දානය පරිත්‍යාගයක්, පූජාවක් හෝ උපකාරයක් හෝ විය හැක. මේ කුමක් වුවද එය දානයකි. මෙහිදී වැදගත් වනුයේ දෙනු ලබන දානය තුන්සිත පහදවා ගෙන සප්‍රීතික තෘෂ්ණාවෙන් තොරව දීමයි. තුන්සිත යනු යමක් දීමට සිතන අවස්ථාවේ ඇතිවන සිත පළමු සිතයි. එම දානය සිදු කරන අවස්ථාවේ ඇතිවන සිත දෙවන සිතයි. එය දීමෙන් පසුව ඇතිවන සතුටු සිත තුන්වන සිතයි. මේ සිත් තුනම ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල් චේතනා වලින් තොර විය යුතුයි. එවිට දුන් දානයේ ආනිශංස මහත්ඵල වේ. බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමිතා අතර පළමු වැන්න දාන පාරමිතාවයි. දස පාරමිතාවෝ සංසාරයෙන් එතර වීමට හෙවත් නිවන් මඟට පමුණුවන උපකාරක ධර්මයන්ය. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියට යන උතුමෝ දාන පාරමිතාව මැනවින් පුරති. මෙසේ ත්‍රිවිධ බෝධිය සඳහා පාරමිතා පුරන උතුමන් බෝධිසත්වයන් ලෙස හැඳින්වේ. සම්මා සම්බුද්ධ, පච්චේත් බුද්ධ හෙවත් පසේ බුදු හා ශ්‍රාවක බුද්ධ හෙවත් රහත් බෝධිය යන මේ අධිගම තුනට යන උතුමෝ දාන පාරමිතාව ත්රිවිධාකාරව පුරති. එනම් පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී ලෙසය. ඒ ඒ උතුමෝ තමන් පතන බෝධියට අනුකූලව පාරමිතා පූරනය කරති. දස පාරමිතා පමණක් පිරිය යුතු මහරහත් බෝධියට පැමිණෙන උතුමෙකුට ආත්ම කල්ප ලක්ෂයක් දස පාරමිතා පූර්ණය කළ යුතු බව ධර්මයේ සඳහන් වේ. එසේ ගත් කළ පාරමිතා 10යෙන් එක් පාරමිතාවක් අවම වශයෙන් ආත්ම කල්ප දහදාහ බැගින් වත් පිරිය යුතුයි. කල්පයක් යනුවෙන් ධර්මයේ සඳහන් වනුයේ සැතපුම් 16ක් දිග,සැතපුම් 16ක් පළල, සැතපුම් 16ක් ගැඹුර (ගව් 4ක්) වලක් හාරා එය අබ ඇට වලින් පුරවා වසර 1000කට වරක් එක් අබ ඇටයක් බැගින් ඉවත් කර එම වල සම්පූර්ණයෙන්ම හිස් වීමට ගතවන කාලය කොපමණද කල්පය ඊටත් දිගු බවයි. දන්දීම දෙයාකාරයකින් සිදුවේ. පූජා බෝධියෙන් දන්දීම හා අනුග්‍රහ බෝධියෙන් දන්දීමයි. මෙහිදී පින් බලාපොරොත්තුවෙන් මහණ බමුණන් වැනි උසස් සීලයක් රක්ෂාකරන අයට දන්දීම පූජා බෝධියෙන් දන්දීමයි. දයානුකම්පා පෙරදැරිව දුගී, මගී, යාචක ආදීන්ට දෙනු ලබන දානය අනුග්‍රහ බෝධියෙන් දන් දීමයි. දාන දෙන්නවුන්ද ත්රිවිධාකාරව බුදු දහමේ දක්වා ඇත. එනම් දාන දාස, දාන සහාය හා දානපති ලෙසය. යමෙක් තමන් රසවත් මිහිරි දෙය අනුභව කර අනුන්ට නීරස අමිහිරි දෙය දානය සඳහා දෙන්නේ නම් හෙතෙම දානයට දාසව දන් දෙන බැවින් දාන දාස නම් වේ. යමෙක් තමා අනුභව කරන පරිද්දෙන්ම ආහාර අන්‍යයන්ට දෙන්නේ නම් හෙතෙම දානයට මිත්රයෙකුව දන් දෙන බැවින් දාන සහාය නම් වේ. යමෙක් තමන් යම් කිසිවකින් යැපී අනුන්ට රසවත් මිහිරි දේ දෙන්නේ වී නම් හෙතෙම දානයට ස්වාමීව දන් දෙන බැවින් දානපති නම් වේ. දන් දෙන්නවුන් සත්පුරුෂ හා අසත්පුරුෂ ලෙස කොටස් දෙකකි. ඒ අය දෙනු ලබන දානය සත්පුරුෂ දානය හා අසත්පුරුෂ දානය ලෙස හඳුන්වයි. අසත්පුරුෂ දානයේ විපාක මද බවත්, සත්පුරුෂ දානයේ විපාක මහත්ඵල බවත් ධර්මයේ සඳහන් වේ. තවද දන්දෙන හා දන් ලබන අයගේ සිල්වත් භාවය අනුව දාන ප්‍රභේද තුනක් ධර්මයේ සඳහන් වේ. එනම් උත්තම දාන, මධ්‍යම දාන හා සිල්වතුන් උදෙසා දෙන දානයයි. මධ්‍යම දාන යනු දුසිල්වත් පුද්ගලයින් විසින් සිල්වතුන්ට දෙන දානයයි. එමෙන්ම සිල්වත් පුද්ගලයින් විසින් දුසිල්වත් පුද්ගලයින්ට දෙන දානයද මේ මධ්‍යම දාන ගනයට වැටේ. අධම දානය යනු දුසිල්වතුන් දුසිල්වතුන්ට දෙන දානයයි. තම තමන්ගේ සිල්වත් ගුණවත් භාවයක්, දානයේ ආනිසංස සුළුපටු නොවේ. මහත්ඵල මහානිසංසය දානයේ අනුහස් ලෙස ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදිය ලැබේ. මෙයට අතිරේකව තවත් ආනිසංස රැසක් දන් දීමෙන් භූක්ති විඳිය හැක. මෙහිදී දානය ලබන තැනැත්තාගේ සිල්වත් භාවය අනුව දානය දෙනු ලබන තැනැත්තාට ලැබෙන අනුසස් හා විපාක ලැබෙන කාල සීමා විවිධ වේ. එලෙස සිල්වත්භාවය අනුව පිළිවෙලින් පෞද්ගලික දාන 14ක් ධර්මයේ දක්වා තිබේ. එනම් - 1. බුදුවරයෙකුට දෙන දානය 2. පසේ බුදුවරයෙකුට දෙන දානය 3. රහත් උතුමෙකුට දෙන දානය 4. රහත් වීමට උත්සාහ කරන අනාගාමී උතුමෙකුට දෙන දානය 5. අනාගාමී උතුමෙකුට දෙන දානය 6. අනාගාමී වීමට උත්සාහ කරන සකෘදගාමී උතුමෙකුට දෙන දානය 7. සකෘදාගාමී උතුමෙකුට දෙන දානය 8. සකෘදාගාමී වීමට උත්සාහ කරන සෝවාන් උතුමෙකුට දෙන දානය 9. සෝවාන් උතුමෙකුට දෙන දානය 10. සෝවාන් වීමට උත්සාහ කරන තාපස උතුමෙකුට දෙන දානය 11. දස සිල් රක්ෂා කරන්නෙකුට දෙන දානය 12. පන්සිල් රක්ෂා කැන කෙනෙකුට දෙන දානය 13. දුසිල්වතෙකුට දෙන දානය 14. තිරිසන් සතුනට දෙන දානය මෙහි උතුම්ම දානය වනුයේ බුදුවරයෙක් උදෙසා පිදෙන දානයයි. නමුත් අද සමාජයේ ජීවමාන බුදුවරයෙක් නොමැති බැවින් බුදුන් පිරිනිවීමෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා උදෙසා දාන වස්තූන් පූජා කිරීම ලොව්තුරා බුදුවරයෙකුට කළ පූජාවක් හා සමාන වන බව ත්‍රිපිටකයේ සඳහන් වේ. එය සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ අපදානපාලි I ග්‍රන්ථයේ 1752 - 1753 ඡේද දෙකෙහි සඳුහන් වනුයේ මෙසේයි. "යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේද නම් එසේම පිරිනිවි බුදුරජුන්ගේ අබ ඇටයක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම් චිත්තප්‍රසාදය සම වූ කල් හී පිනද සමානය. මහත් බවට ගියේ ද වේ. එයින් සෑයක් කොට සර්වඥ ධාතූන් පුදනු මැනවි". යනුවෙනි. එනිසා කරන සෑම පූජාවක්ම සර්වඥ ධාතූන් වහන්සේ නමක් උදෙසාම පූජා කිරීමට සිත තබා ගන්න. තවදුරටත් සැලකීමේදී 14 වන දානය වන තිරිසන් සතෙකුට දෙන දානය ඕනෑම අයෙකුට නිතර පහසුවෙන් කළ හැකි දානයකි. පහසුවෙන් කළ හැකි වුවද ලැබෙන්නාවූ පින මහත් ඵල වේ. තිරිසන් සතෙකුට එක් වරක් ආහාර දානයක් දුන්විට ආත්ම 100සීයෙන් වැඩි වී ආත්ම 10,000ක් ඊට අදාළ ආනිසංස භුක්ති විඳිය හැක. (100 X 100) මෙසේ දානය ලබන පුද්ගලයාගේ සිල්වත් භාවය වැඩිවන විට ආනිසංස ලබන ආත්ම ගණන ද 100 ගුණයකින් වැඩි වේ. අපගේ ජීවිත කාලයේ දී හැකි පමණ විවිධ දේ දන් දීම නිතර කළ යුතුයි.මන්ද අප ජීවත්වන කලියුගයේ සිල්වත්,ගුණවත් උතුමන් බොහෝ අඩු බැවිනි.එදා බුදුන් ජීවමාන කාලයේ බුදුන්ට එක් බත් හැන්දක්,එක් ඉදිකටුවක්,එක් මලක්,එක් මාලාවක් පූජාකර සුගතියෙහි උත්පත්තිය ලැබූ අය ගැන අප අසා ඇත.අපද පසුතැවීමකින් තොරව සිටින්නට නම් පුණ්‍ය ක්‍රියා,දාන මාන ආදිය නොකඩවා සිදුකර නිවන දක්වා පින්දහම් හි හැසිරී සැපවත් මෙන්ම ත්‍රිහේතුක සම්පත් හා ක්ෂණ සම්පත්තිය සහිත ආත්ම භාව ලබා ගැනීමට උත්සාහවන්ත වන්න. සිල්වත්,ගුණවත් උතුමන්ට ආහාර දානය දීමේ ආනිසංසය 38ක් ත්‍රිපිටකයේ සඳහන් වේ.ඒවා මෙසේයි. *දෙව් ලොව ද,මනු ලොව ද උපන් කල අන්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වේ. *රූප සම්පත්තියෙන් සමන්විත වූවෙක් වේ. *අසම සම ප්‍රඥාව, බොහෝ රසවත් නානාප්‍රකාර ආහාර වර්ග කෑමට ලැබේ, බොහෝ ශෝභමාන වස්ත්‍ර ලබයි. දිව්‍ය භෝජන පහළ වේ, සුවඳ පිරුණු මල්වලින් සැරසුණු වටිනා යාන වාහන පරිහරණයට ලැබේ. අපමණ භෝග සම්පත් ඇත්තෙක් වේ. උසස් කුලයකම උපත ලබයි. බොහෝ වාරයක් පෘථිවි රාජ්‍ය ලබයි. වීර්යවන්තයකු වේ. කෙලෙස් දැවීමේ ශක්තිය ලැබේ. කල්ප ලක්ෂයක් දුගතියක නොවැටේ.බොහෝ ආයුෂ ඇත්තෙක් වේ. බලසම්පන්න වෙයි. යසස ඇත්තෙකි. තරුණ වියේ දී බොහෝ සැප සම්පත් ලබයි. සියලු දෙනාටම ප්‍රිය ය.සෑම දේටම ශූර ය.කීකරු දූ පුතුන් ලබයි. තමාගේ වස්තුව ගින්නෙන්,ජලයෙන්,සොරුන්ගෙන් ආරක්ෂා වේ. යහපත් ස්වාමි පුරුෂයින්/බිරින්දෑවරුන් ලබයි. යහපත් ගුණගරුක කල්‍යාණ මිතුරන් ආශ්‍රයට ලැබේ. කීකරු දැසි දස්සන් ලැබේ. දැනුම විශාරදකම ඇති අයෙක් වේ. සෑම කල්හිම පනසිල් රකින්නෙකු වේ. තෙද රහිත වීමකට කිසි දින පත්නොවේ. රූපය දිදුලයි. ආශ්‍රයට විනීත පිරිස් පමණක් ලැබේ. අවමන් නොලබයි. සුවපත් ජීවිතයක් හිමි ය. මිහිරි වදන් පමණක් ඇසේ. වේදයේ පරතෙරට පත්වෙයි. බොහෝ විවේකය ලබයි. ධනය ලබයි. භවභෝග සම්පත්වලින් කිසිදු අඩුවක් නැත. දෙව් - මිනිස් දෙලොව පමණක් උපත ලබයි. මේ සියලු ගුණ සපුරා තාදී ගුණ ඇති,තෘෂ්ණාව අතහැර නිවනට පැමිණි සම්මා සම්බුදුරජානන්වහන්නේට මාගේ නමස්කාරය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom