Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දෙමව්පියන්ට ඇති ණයෙන් නිදහස් වෙමු…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම දෙයක් අප සමීප ව තිබෙන කල්හි එහි වටිනාකමක් අපට නොදැනේ. නමුත් එය, ඔහු හෝ ඇය යම් දිනක අපෙන් දුරස් වී යයි ද, එදිනට එහි වටිනාකම මනාකොට පසක් වන්නේය. අඩුව ම දැනෙන්නේය. මෙයත් එවැනි අසීමිත වටිනාකමකින් යුත් උතුම් සම්පතක් ගැන යි.

ජාති, කුල, ආගම් භේදයකින් තොරව හදවතට සමීප, මේ තරම් සංවේදී වචනයක් තවත් නැතැයි කිවහොත් එය සැබැවින්ම සත්‍යයකි. ඇතොත් යම් වචනයක්, එය ද එකී වචනය සමග ම බැඳුණු තවත් එක ම එක වචනයක් පමණි. අකුරු ත්‍රිත්වයකින් මනාකොට ගොනු වූ මේ වචන ද්විත්වය සම්, මස්, ඇට සිඳ ඇටමිදුළු කරා ම ගොස් තැන්පත් වූවකි. එකී වචන ද්විත්වයට පණ නල සපයන උතුමෝ සුන්දර වූත්, විචිත්‍ර වූත් ලොවක් නිර්මාණය කරති. එම ලෝකයෙහි විචිත්රත්වය රස විඳින්නවුන් හට කෙළෙහි ගුණ අමතක වීම නම් ඔවුන්ගේ ම අවාසනාවකි. සියතින් ගෙල සිඳගැනීමක් හා සදිසි ය. නමුත් එවන් අඥානයන්ගෙන් තොර නොවූ ලොවක් අපි දකින්නෙමු.

බොහෝ දුර සිට පවා පැමිණ සිව්පසයෙන්, ඇප උපස්ථානවලින් පිදුම් ලැබිය හැකි ‘ආහුනෙය්‍ය’ නම් ගුණය ඇත්තේ තුන් ලෝකයේ ම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංඝරත්නයට පමණි. නමුත් එකී ශ්‍රේෂ්ඨ ගුණය තවත් දෙදෙනෙක් තුළ ජීවමානව තිබෙන බව අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් වදාළ සේක. ඒ අන් කවරෙක්වත් නොවේ. පෙර කී වචන ද්විත්වයේ සැබෑ උරුමකරුවෝ ම වෙති. එනම් ගුණ සාගරයක් බඳු ඔබේ ආදරණීය අම්මා සහ තාත්තා ය. සැබැවින්ම එකී මහානීය ගුණයට ඔවුන් සුදුස්සෝ ම ය. සඟරුවන දෙව්මිනිසුන්ට ආහුනෙය්‍ය වන කල්හි මව්පියෝ (ආහුනෙය්යා ච පුත්තානං) තම දරුවන්ට ආහුනෙය්‍ය වෙති. ඒ අන් කවරක් නිසාවෙන්වත් නොවේ. (බහුකාරා භික්ඛවේ මාතාපිතරෝ පුත්තානං) මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර වෙති. (ආපාදකා, පෝසකා, ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝති) දෙමාපියෝ දරුවන් බිහිකරති. පෝෂණය කරති. නිවැරදිව මේ ලෝකයේ ජීවත්වන හැටි පෙන්වා දෙති.

දෙමාපියන් දරුවන්ට කරන්නා වූ උපකාරය කුඩා කඩදාසියක අකුරු කරන්නට තබා සිතන්නටවත් නොහැක. එපමණට ම ඔවුහු ස්වකීය දරුවන් වෙනුවෙන් වෙහෙසෙති. යම් දිනක ස්ත්‍රියකගේ කුසට දරුවෙක් පැමිණියා ද එතැන් පටන් ඕ තොමෝ ‘අම්මා’ නමින් ගරු බුහුමන් ලබන්නීය. එදා පටන් ඒ පුරුෂයා ‘තාත්තා’ යන නමින් ලෝකයාගෙන් පිදුම් ලබයි. තමන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ බව දැනගත් කල්හි ඔවුන්ගේ සිත් සතන් අසීමිත සතුටකින් පිරී ඉතිරී යයි. එදා සිට ඔවුන්ගේ ලෝකය එම දරුවා ය. අනෙක් සියලු ප්‍රශ්න කොහේ හෝ මුල්ලක තැන්පත් වෙයි. කුසේ සිටින දරුවාට ඔවුන් සොඳුරු ලොවක් තනති. දුවෙක් ද, පුතෙක් ද, ලස්සන ද, කැත ද, අත්පා ඇත් ද, නැද්ද, ඒ කිසිවක් ඔවුන්ගේ සෙනෙහසට බාධා නොවෙති. මාපිය සෙනෙහස යනු අසිරියක් ම ය. නූපන් දරුවාට පාවහන් සදති. ඇඳුම් පැළඳුම් මැසෙති. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගේ තුළට එයි. ගේ පුරා සෙල්ලම් බඩු එක්වෙයි. බිත්ති පුරා සිඟිත්තෝ සිනාසෙති. මේ සියල්ල නූපන් ඔබ වෙනුවෙනි. එය එසේ නම් උපන්නා වූ දරුවාට දක්වන සෙනෙහස කෙබඳු දැයි සිතාගන්නට පවා නොහැක. ඒ තරමට එය විස්මිත ය. අනන්ත ය. අවාසනාවක මහිම! ඒ අයුරින් බිහිවී හැදී වැඩුනු, උස් මහත් වූ එම දරුවන්ට ම පසුව ඔවුන්ගේ මාපියෝ කරදරයක් යැයි සිතෙති. අමතක වෙති. සලකන්නට වේලාව නැතැයි කියති. එකී සියලු දරුවෝ ම මෙය සිහිනුවණින් ම කියවත්වා!

ඔබ කුසට ආ දා පටන් ඔබේ මව තරම් ඔබව රැකගත් කෙනෙක් හෝ තාත්තා තරම් ඔබ වෙනුවෙන් වෙහෙසුණු කෙනෙක් මෙලොවෙහි නොමැත. අම්මාට රසට කෑම ටිකක් කන්නට නැත. රස්නෙට ආහාර ටිකක් ගන්නට බැරිය. සීතල යමක් ගන්නට නොහැක. ඒ ඇයට බැරි නිසා ම නොවේ. ගත්තොත් කුසේ සිටින දරුවාට රිදේවි කියා ය. දුකක් දැනේවි කියා ය. ඇය පියවර තැබුවේ කුස පවා අල්ලාගෙන පොළොවට පවා නොදැනෙන සෙයින් ය. ඒ ‘අනේ මගේ දරු පැටියාට රිදේවි, කරදරයක් වේවි’ යැයි සිතූ නිසා ය. ඇයට පහසුවෙන් සිටින්නට ඉරියව්වක් තිබුණේ නැත. සුවසේ නිදාගන්නට අවස්ථාවක් ලැබෙන්නේත් නැත. ඔබ කුසේ සිටියදී ම ඒ වද වේදනා සියල්ල ඇය ඉවසා විඳ දරා ගත්තේ අසීමිත දරු සෙනෙහස නිසාවෙන් ම ය. ඇය කොයි මොහොතකවත් කෝප සිතක් ඇති කර නොගත්තාය.

ඔබ අම්මාගේ කුස තුළ සිටිද්දි ම ආදරණීය තාත්තා ඔබ වෙනුවෙන් වැස්සට තෙමුණ වාර ගණන, අව්වට පිච්චුන වාර ගණන නිමි නැති කල්හි ඔබව ලොකු මහත් කරන්නට, උගන්වන්නට ඔහුගේ කය වෙහෙසවූ ප්‍රමාණය ද සිතන්නට නොහැක. ඔහුගේ තරුණ බව දිනෙන් දින වැහැරුනේ, අම්මාගේ ලස්සන ශරීරය වැහැරුනේ ඔබ වෙනුවෙන් නොවේ කියා කියන්න හයියක් ඔබට නැත. ඒ සිරුරුවලින් ගලාගිය ඩාබිඳු පොළොවට උරාගත්තේ නිහඬව ම ය. ගොවිතැන වේවා, ව්‍යාපාර වේවා, රාජකාරි කටයුතු වේවා ඒ සෑම දෙයක ම එක ම අපේක්ෂාව නුඹේ අනාගතය යි. තාත්තා කුසගින්නේ හිඳ අම්මාගේ කුස පිරවූ වාර ගණන ඔබ නොදන්නවා වුණාට එය ඔවුන්ගේ සිත් තුළ තැන්පත්ව ඇත්තේය. තාත්තාගේ ශරීරය කළු පැහැ වී අවලස්සන වුනේ ඔයා නිසා මිස වෙනකෙකු නිසා නොවෙයි.

යම් දිනක ඔබ මෙලොව එළිය දුටුවා ද ඒ මොහොතේ අම්මාට දැණුනු වේදනාව මොනතරම් අමිහිරි ද, කටුක ද කියා කියන්නට සමත් නොවෙමි. එය ඒ තරමට මහත් වේදනාකාරී නිමේෂයකි. සැබැවින්ම එය දැනෙන්නේ තමන් ද මවක වූ දාට ය. ඒ මොහොතේ ඔබේ අම්මා විඳපු දුකට ඔබ සදාතනික ණයකරුවෙකි. කෙසේ වෙතත් ඒ සියලු වේදනාවන් අමතක කර දමන්නට තරම් දරු සෙනෙහස බලවත් ය. ඔබේ මොලකැටි සිරුර දුටු පමණින් සියලු වේදනා සංසිඳී යයි. ප්‍රීතිය ඒ සියල්ල යට කර දමයි. වෛද්‍යවරු අත් ආවරණ සහිත අතින් ඔබව ගෙන අම්මාට දෙන විට අසූචි තැවරුණු ඔබේ සිරුර අම්මා දෝතින් ගන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. සමහරවිට ඔබට මුළු ජීවිත කාලයට ම අම්මාගේ පා යුග සිපගන්නට නොහැකි වූවාට සැක නැත. තාත්තා ගැන කියන්නට ඇත්තේ ද එය ම ය. ඔවුන් අහිමිව ගිය පසු ඔබට යළි එකී සෙනෙහස හිමි නොවනු ඇත. ඔබ වටා කොතෙක් අය සිටියත් ඔබව බිහිකළේ එක මවක් සහ පියෙක් පමණි. සූජීවත්ව සිටින කල කළයුත්ත කොට පසුනොතැවෙන දරුවන් විම ඔබ සතු කාර්යයකි.

(බ්‍රහ්මාති මාතාපිතරෝ) අම්මා තාත්තා යනු බ්‍රහ්මයෝ ය. තම දරුවන් කෙරෙහි ඔවුන් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ම මනාකොට පිහිටා ඇත. දෙමාපියන්ගේ එක ම පැතුම තම දරුවන්ගේ යහපත පමණි. ඒ වෙනුවෙන් මොනතරම් උපකාර කළත් කිසි දිනක ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර අපේක්ෂා නොකළහ. ඔබේ අත් පා මනාකොට සැදුණේ, උස් මහත් වූයේ අම්මාගේ රුධිරය නිසා ය. ඇගේ රුධිරය යි ඔබට කිරි කර පෙව්වේ. අප මහා කාරුණිකයන් වහන්සේ වදාළේ (ලෝහිතං හේතං භික්ඛවේ අරියස්ස විනයේ යදිදං මාතුථඤ්ඤං) “මහණෙනි, ආර්ය විනයෙහි රුධිරය කියා කියන්නේ මව්කිරිවලට යි” යනුවෙනි. එදා ඔබේ අම්මා ඔබට කිරි පෙවීම ප්‍රතික්ෂේප කළා නම්, කෑම ටික කවන්න පොවන්න වෙලාවක් නැහැ කීවා නම්, ඔබව නහවන්න වෙලාවක් නැහැ කීවා නම්, වැඩට යන්න ඕන බව කීවා නම්, ඔබට සිදුවන්නේ කුමක්ද යන වග සිතා බැලීම ඔබට ම භාර ය. එනමුත් අද බොහෝ දරුවන්ට තම මවට පියාට සලකන්නට වෙලාවක් නැතිලු, කවන්න පොවන්න නහවන්න වෙලාවක් නැතිලු, මොනතරම් නින්දිත ද? එයට කියන්නට ඇත්තේ මෙය යි.

“යෝ මාතරං වා පිතරං වා

ජිණ්ණකං ගතයොබ්බනං

පහූසන්තෝ න භරති

තං ජඤ්ඤා වසලෝ ඉති

හොඳට කා බී වසන රිසිසේ

දරුවො පමණක් සිටිති සුවසේ

දිරන මව්පියො වසති දුකසේ

මොවුන් වසලය දනුව මෙලෙසේ”

දෙමාපියෝ යනු සෑම දරුවෙකුගේ ම පූර්ව ආචාර්යවරු ය. කන බොන, අඳින පළඳින, ගමන බිමන, යහපත අයහපත, මෙකී නොකී සෑම දෙයක් ම අපට මුලින්ම ඉගැන්වූයේ අම්මා සහ තාත්තා ය. එසේ ඉගෙනගෙන දෙපා වාරු නැතිව ඔවුන් වැටෙන කල නොසලකන දරුවා සැබැවින්ම වසලයෙකි. අම්මා තාත්තා අසනීප වූ විට ඔබ ඒ ගැන නොසලකා හරිනවා නම්, ප්‍රමාද කරනවා නම් මෙයත් හිතන්න. ඔබ කුඩා කල ඕනතරම් අසනීප වන්නට ඇත. ඒ සෑම අවස්ථාවක ම ඔබගේ දෙමාපියෝ ළඟ සිටියේ සෙවනැල්ල මෙනි. සෙවනැල්ල ද අඳුරේදී ඔබව තනි කරයි.

එහෙත් ඔවුහු සැපේදී මෙන්ම දුකේදී ද එක ලෙස ම ඔබට සමීපව සිටියෝය. ඔවුන් ඔබ වෙනුවෙන් නිදි වැරූ ප්‍රමාණය ඔබ අවදිව සිටි ප්‍රමාණයටත් වඩා ඇත. එය ඔබට සිහි නැත. අම්මා තාත්තා වෙනුවෙන් එක දවසක්වත් නිදිවැරූ බවක් ඔබට මතක නැතිව ඇති. ඔවුන්ගේ කැපකිරීම් අසීමිත ය. අද බොහෝ දරුවන් සැප සොයා මාපියන් අත්හැර දමා විදේශගත ව ඇත. තවත් අය නගරයේ පදිංචි ව දෙමාපියන් ගමේ තනිකර ඇත. ඒ අවාසනාවන්ත දරුවන්ට මාපිය උපස්ථානය ද ඒ පිනට ද උරුමයක් නොමැත. නමුත් ණය බර ශේෂව පවතී. ඔබගේ දරුවන්ගෙන් ද ඔබට ලැබෙන්නේ ඔබ මාපියන්ට කළා වූ දේ ම බව සිත්හි දරාගන්න. මක් නිසාද යත්, ඔවුන්ගේ පෙර ගුරුවරු ඔබ නිසාවෙනි.

යම් දරුවෙක් වෙහෙසී, ඉතා ධාර්මිකව උපයා සපයා ගත් දෙයින් තමන්ගේ මව්පියන් හට සත්කාර කරයි නම්, ගරු බුහුමන් කරයි නම්, පුදයි නම් එසේ පිදුම් ලබන දෙමාපියෝ දරුවන්ට මහත් වූ සෙනෙහසින් ආශිර්වාද කරති. ඒ ආශිර්වාද ලබන දරුවන් කිසි කලෙකත් පිරිහී නොයන බව ‘ලිච්ජවී කුමාර සූත්‍රයේදී’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භික්ෂූන් වහන්සේලා පවා තමන් ධාර්මිකව ලබන සිව්පසයෙන් තම දෙමාපියන්ට උපස්ථාන කරන කල්හි ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් සාදු සාදු කියා අනුමත කළහ. ‘සිගාලෝවාද සූත්‍රයේදී’ නැගෙනහිර දිශාව ලෙස උන්වහන්සේ පෙන්වා දුන්නේ මව්පියන්වයි. එහිදී දරුවන් විසින් දෙමාපියන්ට පස් කරුණකින් උපස්ථාන කළයුතු බව පෙන්වා දෙමින් මෙසේ වදාළ සේක.

01. තම දෙමාපියන් මහලු වූ කල ඔවුන්ව රැකබලා ගැනීම.

02. දෙමාපියන්ට කළයුතු දෙයක් ඇති කල්හි උදව් උපකාර කිරීම.

03. දෙමාපියන්ගෙන් ලත් දායාද යහපත් අයුරින් පරිහරණය කිරීම.

04. ඔවුන්ගේ කුල පරපුර ඒ අයුරින් රැකගැනීම.

05. ආදරණීය මව්පියන් මියගිය පසු දන්පැන් පූජාකොට ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කිරීම.

දෙමාපියන් දරුවන්ට කොයිතරම් උපකාර කළා ද කිවහොත්, එම උපකාරවලට ප්‍රතිඋපකාර කරන්න යැයි සිතා, සියක් අවුරුදු පුරාවට එක් උරයක අම්මා ද අනෙක් උරයෙහි තාත්තා ද තබාගෙන කවා, පොවා, නහවා, මළමුත්‍රා ඉවත් කර උරහිසේ ම තබාගෙන සියලු කටයුතු කළ ද, ඔහු මව්පියන්ට ප්‍රතිඋපකාර කොට අවසන් කළා වෙන්නේ නැහැ කියා භාග්‍යවතුන් වහන්සේ ‘දුප්පතිකාර සූත්‍රයේදී’ වදාළා. එය එසේ නම් අද දරුවන් කරන උපස්ථාන ගැන කවර කථා ද?

එනමුත් අපගේ වාසනාවට මහා කාරුණිකයාණන් වහන්සේ එම සූත්‍රයේදී ම මෙසේ වදාළ සේක. “යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති මවුපියන්ව ශ්‍රද්ධාවෙහි පිහිටුවනවා නම්, දුස්සීල දෙමාපියන්ව සීල සම්පත්තියේ පිහිටුවනවා නම්, මසුරු මව්පියන්ව පරිත්‍යාගයෙහි සමාදන් කරවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන්ව ප්‍රඥාවෙහි සමාදන් කරවනවා නම්, (එත්තාවතා ඛෝ භික්ඛවේ මාතාපිතුන්නං කතඤ්ව හෝති. පතිකතඤ්ච හෝති, අතිකතඤ්චාති) මහණෙනි, මෙපමණකින් ම මව්පියන්ට සැලකුවා වෙනවා. කළගුණ සැලකුවා වෙනවා. අතිශයින්ම සැලකුවා වෙනවා.” එසේ නම් මව්පියන්ට උපකාර කොට අවසන් කළ හැකි එක ම ක්‍රමය, උතුම් ම ක්‍රමය ඔවුන්ව සේඛ බලයන්හි සමාදන් කරවීමයි. මින් අදහස් වන්නේ ඇප උපස්ථානවලින් මග හැරීම නොව ඒ සියලු උපස්ථාන කරන අතරතුර සේඛ බලයන්හි පිහිටුවීම යි.

මෙකී කරුණු සියල්ල සේ ම මෙය ද අනිවාර්යයෙන් සිත්හි දරාගත යුතුය. එනම්, එවන් අසීමිත ගුණස්කන්ධයක් ඇති මව්පියන් කෙරෙහි වැරදි විදියට කටයුතු කළොත් අනිවාර්යයෙන්ම දුගතියේ ඉපදී බොහෝ කල් දුක් විඳින්නට සිදුවන බව යි. එසේම යමෙක් මව හෝ පියා ඝාතනය කළහොත්, ඔහු හෝ ඇය ඒකාන්තයෙන් ම ඊළඟ ජීවිතයේදී අනන්ත අප්‍රමාණ දුක් ඇති අවීචි මහා නරකාදියේ කල්පයක් විඳවන්නට සිදුවන ආනන්තරීය පාපකර්මයක උරුමකරුවෙක් වෙයි. තම මවට ‘සැඩොලි’ කී පමණින් සොඳුරු රුවැති අශෝකමාලා සැඩොල් කුලේ ඉපදුනා නම් අද සිටිනා ඇතැම් අයට කෙසේ සිදු වේවි දෝ….?

[QUOTE="hodakolla, post: 26868349, member: 561607"] [B][SIZE=4]ඕනෑම දෙයක් අප සමීප ව තිබෙන කල්හි එහි වටිනාකමක් අපට නොදැනේ. නමුත් එය, ඔහු හෝ ඇය යම් දිනක අපෙන් දුරස් වී යයි ද, එදිනට එහි වටිනාකම මනාකොට පසක් වන්නේය. අඩුව ම දැනෙන්නේය. මෙයත් එවැනි අසීමිත වටිනාකමකින් යුත් උතුම් සම්පතක් ගැන යි.[/SIZE][/B] [SIZE=4][B] ජාති, කුල, ආගම් භේදයකින් තොරව හදවතට සමීප, මේ තරම් සංවේදී වචනයක් තවත් නැතැයි කිවහොත් එය සැබැවින්ම සත්‍යයකි. ඇතොත් යම් වචනයක්, එය ද එකී වචනය සමග ම බැඳුණු තවත් එක ම එක වචනයක් පමණි. අකුරු ත්‍රිත්වයකින් මනාකොට ගොනු වූ මේ වචන ද්විත්වය සම්, මස්, ඇට සිඳ ඇටමිදුළු කරා ම ගොස් තැන්පත් වූවකි. එකී වචන ද්විත්වයට පණ නල සපයන උතුමෝ සුන්දර වූත්, විචිත්‍ර වූත් ලොවක් නිර්මාණය කරති. එම ලෝකයෙහි විචිත්රත්වය රස විඳින්නවුන් හට කෙළෙහි ගුණ අමතක වීම නම් ඔවුන්ගේ ම අවාසනාවකි. සියතින් ගෙල සිඳගැනීමක් හා සදිසි ය. නමුත් එවන් අඥානයන්ගෙන් තොර නොවූ ලොවක් අපි දකින්නෙමු. බොහෝ දුර සිට පවා පැමිණ සිව්පසයෙන්, ඇප උපස්ථානවලින් පිදුම් ලැබිය හැකි ‘ආහුනෙය්‍ය’ නම් ගුණය ඇත්තේ තුන් ලෝකයේ ම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංඝරත්නයට පමණි. නමුත් එකී ශ්‍රේෂ්ඨ ගුණය තවත් දෙදෙනෙක් තුළ ජීවමානව තිබෙන බව අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් වදාළ සේක. ඒ අන් කවරෙක්වත් නොවේ. පෙර කී වචන ද්විත්වයේ සැබෑ උරුමකරුවෝ ම වෙති. එනම් ගුණ සාගරයක් බඳු ඔබේ ආදරණීය අම්මා සහ තාත්තා ය. සැබැවින්ම එකී මහානීය ගුණයට ඔවුන් සුදුස්සෝ ම ය. සඟරුවන දෙව්මිනිසුන්ට ආහුනෙය්‍ය වන කල්හි මව්පියෝ (ආහුනෙය්යා ච පුත්තානං) තම දරුවන්ට ආහුනෙය්‍ය වෙති. ඒ අන් කවරක් නිසාවෙන්වත් නොවේ. (බහුකාරා භික්ඛවේ මාතාපිතරෝ පුත්තානං) මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර වෙති. (ආපාදකා, පෝසකා, ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝති) දෙමාපියෝ දරුවන් බිහිකරති. පෝෂණය කරති. නිවැරදිව මේ ලෝකයේ ජීවත්වන හැටි පෙන්වා දෙති. දෙමාපියන් දරුවන්ට කරන්නා වූ උපකාරය කුඩා කඩදාසියක අකුරු කරන්නට තබා සිතන්නටවත් නොහැක. එපමණට ම ඔවුහු ස්වකීය දරුවන් වෙනුවෙන් වෙහෙසෙති. යම් දිනක ස්ත්‍රියකගේ කුසට දරුවෙක් පැමිණියා ද එතැන් පටන් ඕ තොමෝ ‘අම්මා’ නමින් ගරු බුහුමන් ලබන්නීය. එදා පටන් ඒ පුරුෂයා ‘තාත්තා’ යන නමින් ලෝකයාගෙන් පිදුම් ලබයි. තමන් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ බව දැනගත් කල්හි ඔවුන්ගේ සිත් සතන් අසීමිත සතුටකින් පිරී ඉතිරී යයි. එදා සිට ඔවුන්ගේ ලෝකය එම දරුවා ය. අනෙක් සියලු ප්‍රශ්න කොහේ හෝ මුල්ලක තැන්පත් වෙයි. කුසේ සිටින දරුවාට ඔවුන් සොඳුරු ලොවක් තනති. දුවෙක් ද, පුතෙක් ද, ලස්සන ද, කැත ද, අත්පා ඇත් ද, නැද්ද, ඒ කිසිවක් ඔවුන්ගේ සෙනෙහසට බාධා නොවෙති. මාපිය සෙනෙහස යනු අසිරියක් ම ය. නූපන් දරුවාට පාවහන් සදති. ඇඳුම් පැළඳුම් මැසෙති. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගේ තුළට එයි. ගේ පුරා සෙල්ලම් බඩු එක්වෙයි. බිත්ති පුරා සිඟිත්තෝ සිනාසෙති. මේ සියල්ල නූපන් ඔබ වෙනුවෙනි. එය එසේ නම් උපන්නා වූ දරුවාට දක්වන සෙනෙහස කෙබඳු දැයි සිතාගන්නට පවා නොහැක. ඒ තරමට එය විස්මිත ය. අනන්ත ය. අවාසනාවක මහිම! ඒ අයුරින් බිහිවී හැදී වැඩුනු, උස් මහත් වූ එම දරුවන්ට ම පසුව ඔවුන්ගේ මාපියෝ කරදරයක් යැයි සිතෙති. අමතක වෙති. සලකන්නට වේලාව නැතැයි කියති. එකී සියලු දරුවෝ ම මෙය සිහිනුවණින් ම කියවත්වා! ඔබ කුසට ආ දා පටන් ඔබේ මව තරම් ඔබව රැකගත් කෙනෙක් හෝ තාත්තා තරම් ඔබ වෙනුවෙන් වෙහෙසුණු කෙනෙක් මෙලොවෙහි නොමැත. අම්මාට රසට කෑම ටිකක් කන්නට නැත. රස්නෙට ආහාර ටිකක් ගන්නට බැරිය. සීතල යමක් ගන්නට නොහැක. ඒ ඇයට බැරි නිසා ම නොවේ. ගත්තොත් කුසේ සිටින දරුවාට රිදේවි කියා ය. දුකක් දැනේවි කියා ය. ඇය පියවර තැබුවේ කුස පවා අල්ලාගෙන පොළොවට පවා නොදැනෙන සෙයින් ය. ඒ ‘අනේ මගේ දරු පැටියාට රිදේවි, කරදරයක් වේවි’ යැයි සිතූ නිසා ය. ඇයට පහසුවෙන් සිටින්නට ඉරියව්වක් තිබුණේ නැත. සුවසේ නිදාගන්නට අවස්ථාවක් ලැබෙන්නේත් නැත. ඔබ කුසේ සිටියදී ම ඒ වද වේදනා සියල්ල ඇය ඉවසා විඳ දරා ගත්තේ අසීමිත දරු සෙනෙහස නිසාවෙන් ම ය. ඇය කොයි මොහොතකවත් කෝප සිතක් ඇති කර නොගත්තාය. ඔබ අම්මාගේ කුස තුළ සිටිද්දි ම ආදරණීය තාත්තා ඔබ වෙනුවෙන් වැස්සට තෙමුණ වාර ගණන, අව්වට පිච්චුන වාර ගණන නිමි නැති කල්හි ඔබව ලොකු මහත් කරන්නට, උගන්වන්නට ඔහුගේ කය වෙහෙසවූ ප්‍රමාණය ද සිතන්නට නොහැක. ඔහුගේ තරුණ බව දිනෙන් දින වැහැරුනේ, අම්මාගේ ලස්සන ශරීරය වැහැරුනේ ඔබ වෙනුවෙන් නොවේ කියා කියන්න හයියක් ඔබට නැත. ඒ සිරුරුවලින් ගලාගිය ඩාබිඳු පොළොවට උරාගත්තේ නිහඬව ම ය. ගොවිතැන වේවා, ව්‍යාපාර වේවා, රාජකාරි කටයුතු වේවා ඒ සෑම දෙයක ම එක ම අපේක්ෂාව නුඹේ අනාගතය යි. තාත්තා කුසගින්නේ හිඳ අම්මාගේ කුස පිරවූ වාර ගණන ඔබ නොදන්නවා වුණාට එය ඔවුන්ගේ සිත් තුළ තැන්පත්ව ඇත්තේය. තාත්තාගේ ශරීරය කළු පැහැ වී අවලස්සන වුනේ ඔයා නිසා මිස වෙනකෙකු නිසා නොවෙයි. යම් දිනක ඔබ මෙලොව එළිය දුටුවා ද ඒ මොහොතේ අම්මාට දැණුනු වේදනාව මොනතරම් අමිහිරි ද, කටුක ද කියා කියන්නට සමත් නොවෙමි. එය ඒ තරමට මහත් වේදනාකාරී නිමේෂයකි. සැබැවින්ම එය දැනෙන්නේ තමන් ද මවක වූ දාට ය. ඒ මොහොතේ ඔබේ අම්මා විඳපු දුකට ඔබ සදාතනික ණයකරුවෙකි. කෙසේ වෙතත් ඒ සියලු වේදනාවන් අමතක කර දමන්නට තරම් දරු සෙනෙහස බලවත් ය. ඔබේ මොලකැටි සිරුර දුටු පමණින් සියලු වේදනා සංසිඳී යයි. ප්‍රීතිය ඒ සියල්ල යට කර දමයි. වෛද්‍යවරු අත් ආවරණ සහිත අතින් ඔබව ගෙන අම්මාට දෙන විට අසූචි තැවරුණු ඔබේ සිරුර අම්මා දෝතින් ගන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. සමහරවිට ඔබට මුළු ජීවිත කාලයට ම අම්මාගේ පා යුග සිපගන්නට නොහැකි වූවාට සැක නැත. තාත්තා ගැන කියන්නට ඇත්තේ ද එය ම ය. ඔවුන් අහිමිව ගිය පසු ඔබට යළි එකී සෙනෙහස හිමි නොවනු ඇත. ඔබ වටා කොතෙක් අය සිටියත් ඔබව බිහිකළේ එක මවක් සහ පියෙක් පමණි. සූජීවත්ව සිටින කල කළයුත්ත කොට පසුනොතැවෙන දරුවන් විම ඔබ සතු කාර්යයකි. (බ්‍රහ්මාති මාතාපිතරෝ) අම්මා තාත්තා යනු බ්‍රහ්මයෝ ය. තම දරුවන් කෙරෙහි ඔවුන් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ම මනාකොට පිහිටා ඇත. දෙමාපියන්ගේ එක ම පැතුම තම දරුවන්ගේ යහපත පමණි. ඒ වෙනුවෙන් මොනතරම් උපකාර කළත් කිසි දිනක ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර අපේක්ෂා නොකළහ. ඔබේ අත් පා මනාකොට සැදුණේ, උස් මහත් වූයේ අම්මාගේ රුධිරය නිසා ය. ඇගේ රුධිරය යි ඔබට කිරි කර පෙව්වේ. අප මහා කාරුණිකයන් වහන්සේ වදාළේ (ලෝහිතං හේතං භික්ඛවේ අරියස්ස විනයේ යදිදං මාතුථඤ්ඤං) “මහණෙනි, ආර්ය විනයෙහි රුධිරය කියා කියන්නේ මව්කිරිවලට යි” යනුවෙනි. එදා ඔබේ අම්මා ඔබට කිරි පෙවීම ප්‍රතික්ෂේප කළා නම්, කෑම ටික කවන්න පොවන්න වෙලාවක් නැහැ කීවා නම්, ඔබව නහවන්න වෙලාවක් නැහැ කීවා නම්, වැඩට යන්න ඕන බව කීවා නම්, ඔබට සිදුවන්නේ කුමක්ද යන වග සිතා බැලීම ඔබට ම භාර ය. එනමුත් අද බොහෝ දරුවන්ට තම මවට පියාට සලකන්නට වෙලාවක් නැතිලු, කවන්න පොවන්න නහවන්න වෙලාවක් නැතිලු, මොනතරම් නින්දිත ද? එයට කියන්නට ඇත්තේ මෙය යි. “යෝ මාතරං වා පිතරං වා ජිණ්ණකං ගතයොබ්බනං පහූසන්තෝ න භරති තං ජඤ්ඤා වසලෝ ඉති හොඳට කා බී වසන රිසිසේ දරුවො පමණක් සිටිති සුවසේ දිරන මව්පියො වසති දුකසේ මොවුන් වසලය දනුව මෙලෙසේ” දෙමාපියෝ යනු සෑම දරුවෙකුගේ ම පූර්ව ආචාර්යවරු ය. කන බොන, අඳින පළඳින, ගමන බිමන, යහපත අයහපත, මෙකී නොකී සෑම දෙයක් ම අපට මුලින්ම ඉගැන්වූයේ අම්මා සහ තාත්තා ය. එසේ ඉගෙනගෙන දෙපා වාරු නැතිව ඔවුන් වැටෙන කල නොසලකන දරුවා සැබැවින්ම වසලයෙකි. අම්මා තාත්තා අසනීප වූ විට ඔබ ඒ ගැන නොසලකා හරිනවා නම්, ප්‍රමාද කරනවා නම් මෙයත් හිතන්න. ඔබ කුඩා කල ඕනතරම් අසනීප වන්නට ඇත. ඒ සෑම අවස්ථාවක ම ඔබගේ දෙමාපියෝ ළඟ සිටියේ සෙවනැල්ල මෙනි. සෙවනැල්ල ද අඳුරේදී ඔබව තනි කරයි. එහෙත් ඔවුහු සැපේදී මෙන්ම දුකේදී ද එක ලෙස ම ඔබට සමීපව සිටියෝය. ඔවුන් ඔබ වෙනුවෙන් නිදි වැරූ ප්‍රමාණය ඔබ අවදිව සිටි ප්‍රමාණයටත් වඩා ඇත. එය ඔබට සිහි නැත. අම්මා තාත්තා වෙනුවෙන් එක දවසක්වත් නිදිවැරූ බවක් ඔබට මතක නැතිව ඇති. ඔවුන්ගේ කැපකිරීම් අසීමිත ය. අද බොහෝ දරුවන් සැප සොයා මාපියන් අත්හැර දමා විදේශගත ව ඇත. තවත් අය නගරයේ පදිංචි ව දෙමාපියන් ගමේ තනිකර ඇත. ඒ අවාසනාවන්ත දරුවන්ට මාපිය උපස්ථානය ද ඒ පිනට ද උරුමයක් නොමැත. නමුත් ණය බර ශේෂව පවතී. ඔබගේ දරුවන්ගෙන් ද ඔබට ලැබෙන්නේ ඔබ මාපියන්ට කළා වූ දේ ම බව සිත්හි දරාගන්න. මක් නිසාද යත්, ඔවුන්ගේ පෙර ගුරුවරු ඔබ නිසාවෙනි. යම් දරුවෙක් වෙහෙසී, ඉතා ධාර්මිකව උපයා සපයා ගත් දෙයින් තමන්ගේ මව්පියන් හට සත්කාර කරයි නම්, ගරු බුහුමන් කරයි නම්, පුදයි නම් එසේ පිදුම් ලබන දෙමාපියෝ දරුවන්ට මහත් වූ සෙනෙහසින් ආශිර්වාද කරති. ඒ ආශිර්වාද ලබන දරුවන් කිසි කලෙකත් පිරිහී නොයන බව ‘ලිච්ජවී කුමාර සූත්‍රයේදී’ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භික්ෂූන් වහන්සේලා පවා තමන් ධාර්මිකව ලබන සිව්පසයෙන් තම දෙමාපියන්ට උපස්ථාන කරන කල්හි ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් සාදු සාදු කියා අනුමත කළහ. ‘සිගාලෝවාද සූත්‍රයේදී’ නැගෙනහිර දිශාව ලෙස උන්වහන්සේ පෙන්වා දුන්නේ මව්පියන්වයි. එහිදී දරුවන් විසින් දෙමාපියන්ට පස් කරුණකින් උපස්ථාන කළයුතු බව පෙන්වා දෙමින් මෙසේ වදාළ සේක. 01. තම දෙමාපියන් මහලු වූ කල ඔවුන්ව රැකබලා ගැනීම. 02. දෙමාපියන්ට කළයුතු දෙයක් ඇති කල්හි උදව් උපකාර කිරීම. 03. දෙමාපියන්ගෙන් ලත් දායාද යහපත් අයුරින් පරිහරණය කිරීම. 04. ඔවුන්ගේ කුල පරපුර ඒ අයුරින් රැකගැනීම. 05. ආදරණීය මව්පියන් මියගිය පසු දන්පැන් පූජාකොට ඔවුන්ට පින්පෙත් අනුමෝදන් කිරීම. දෙමාපියන් දරුවන්ට කොයිතරම් උපකාර කළා ද කිවහොත්, එම උපකාරවලට ප්‍රතිඋපකාර කරන්න යැයි සිතා, සියක් අවුරුදු පුරාවට එක් උරයක අම්මා ද අනෙක් උරයෙහි තාත්තා ද තබාගෙන කවා, පොවා, නහවා, මළමුත්‍රා ඉවත් කර උරහිසේ ම තබාගෙන සියලු කටයුතු කළ ද, ඔහු මව්පියන්ට ප්‍රතිඋපකාර කොට අවසන් කළා වෙන්නේ නැහැ කියා භාග්‍යවතුන් වහන්සේ ‘දුප්පතිකාර සූත්‍රයේදී’ වදාළා. එය එසේ නම් අද දරුවන් කරන උපස්ථාන ගැන කවර කථා ද? එනමුත් අපගේ වාසනාවට මහා කාරුණිකයාණන් වහන්සේ එම සූත්‍රයේදී ම මෙසේ වදාළ සේක. “යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති මවුපියන්ව ශ්‍රද්ධාවෙහි පිහිටුවනවා නම්, දුස්සීල දෙමාපියන්ව සීල සම්පත්තියේ පිහිටුවනවා නම්, මසුරු මව්පියන්ව පරිත්‍යාගයෙහි සමාදන් කරවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන්ව ප්‍රඥාවෙහි සමාදන් කරවනවා නම්, (එත්තාවතා ඛෝ භික්ඛවේ මාතාපිතුන්නං කතඤ්ව හෝති. පතිකතඤ්ච හෝති, අතිකතඤ්චාති) මහණෙනි, මෙපමණකින් ම මව්පියන්ට සැලකුවා වෙනවා. කළගුණ සැලකුවා වෙනවා. අතිශයින්ම සැලකුවා වෙනවා.” එසේ නම් මව්පියන්ට උපකාර කොට අවසන් කළ හැකි එක ම ක්‍රමය, උතුම් ම ක්‍රමය ඔවුන්ව සේඛ බලයන්හි සමාදන් කරවීමයි. මින් අදහස් වන්නේ ඇප උපස්ථානවලින් මග හැරීම නොව ඒ සියලු උපස්ථාන කරන අතරතුර සේඛ බලයන්හි පිහිටුවීම යි. මෙකී කරුණු සියල්ල සේ ම මෙය ද අනිවාර්යයෙන් සිත්හි දරාගත යුතුය. එනම්, එවන් අසීමිත ගුණස්කන්ධයක් ඇති මව්පියන් කෙරෙහි වැරදි විදියට කටයුතු කළොත් අනිවාර්යයෙන්ම දුගතියේ ඉපදී බොහෝ කල් දුක් විඳින්නට සිදුවන බව යි. එසේම යමෙක් මව හෝ පියා ඝාතනය කළහොත්, ඔහු හෝ ඇය ඒකාන්තයෙන් ම ඊළඟ ජීවිතයේදී අනන්ත අප්‍රමාණ දුක් ඇති අවීචි මහා නරකාදියේ කල්පයක් විඳවන්නට සිදුවන ආනන්තරීය පාපකර්මයක උරුමකරුවෙක් වෙයි. තම මවට ‘සැඩොලි’ කී පමණින් සොඳුරු රුවැති අශෝකමාලා සැඩොල් කුලේ ඉපදුනා නම් අද සිටිනා ඇතැම් අයට කෙසේ සිදු වේවි දෝ….?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom