Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙව් විමනක උපන් සොරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙව් විමනක උපන් සොරා

ත්‍රෛලෝක තිලකායමාන අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ එක් සමයක රජගහනුවර සමීපයෙහි වූ (රජුන් විසින් ලෙහෙනුන්ට බත් වැටුප් තබා අභය දුන් හෙයින්) කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එක්තරා සිටු පුත්‍රයෙකු අරභයා මෙම ඛෙත්තූපම ප්‍රේත වස්තු දේශනාව කළ සේක.

රජගහනුවර ධන සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහත් ධනය ඇති, මහත් උපභෝග පරිභෝග සම්පත් ඇති, බොහෝ වස්තූපකරණ ඇති රැස් කරන ලද නොයෙක් කෝටි ප්‍රකෝටි ගණනින් යුතු ධනය ඇති එක්තරා සිටු පුත්‍රයෙක් වාසය කළේ ය.

මහත් ධන සම්පත්තියෙන් යුක්ත බැවින් ඔහු මහා ධන සිටාණෝ යන නමින් හැඳින්වී ය. එකල්හි ඔහුට ප්‍රියමනාප වූ එක ම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා නුවණින් වැඩුණූ කල්හි දෙමව්පියන්ට මෙසේ සිතුණි. “අපගේ පුතණුවන් දවසක් පාසා දහස දහස බැගින් වස්තුව වියදම් කළත් අවුරුදු සියයකින්වත් මේ මහා ධන සම්භාරය නිමාවට පත් නො වන්නේ ය. එම නිසා අධ්‍යාපනය සඳහා වෙහෙසීමෙන් මොහුට ප්‍රයෝජනයක් නැත්තේ ය. කිසිදු වෙහෙසකින්, කරදරයකින් තොරව සුවසේ අප ඉපයූ ධනය පරිහරණය කරමින් සිටීම ප්‍රමාණවත් ය.” මෙම සිතිවිල්ලට අනුව යමින් දෙමව්පියන් කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනීමට ඔහුව යොමු නො කළේ ය.

තරුණ වියට පැමිණි ඔහු විවාහ වූයේ කුලයෙන්, රූපයෙන්, යෞවනත්වයෙන් අගතැන්පත්, පංච කාමයට ම නැඹුරු වූ සිත් ඇති යුවතියක් සමඟිනි. ඇය ධර්මය කෙරෙහි කිසිදු දැනුමක් අවබෝධයක් නො වූ තැනැත්තියක් ද වූවා ය. ඒ තරුණ සිටු පුත්‍රයා දෙමව්පියන්ගේ ධනයෙන් මත්වී ගුරු දෙමාපියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් කෙරෙහි ගරු සරුවකින් තොරව කාලය ගත කරන්නට වූයේ සුරාවෙහි ඇලුණු ජනයා පිරිවරා ගනිමිනි. මෝහයෙන් අන්ධව සිටි මොහු මව්පියන් මිය ගිය කල්හි නෘත්‍ය, ගීතයන්ට බොහෝ ආශා කරමින් නළුවන්, ගායකයන් උදෙසා කැමති පරිදි ධනය වියදම් කොට නොබෝ දිනකින් ණයකාරයෙක් බවට පත්විය. ණය හිමියන් විසින් ඉල්වන ලද ණය මුදල් ගෙවා ගත නො හැකි වූ සිටු පුත්‍රයා තමන් සතු දේපළ ඔවුනට ලබා දී සිඟමනට වැටී එම නුවර ම අනාථ ශාලාවක වාසය කළේ ය.

එක් දිනක් සොරුන් කණ්ඩායමක් පැමිණ ඒ සිඟන්නාට මෙසේ කීවේ ය. “නුඹට මේ දුක්ඛිත ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹ ශරීර ශක්තියෙන් යුත් ජවසම්පන්න, බලසම්පන්න තරුණයෙකි. කුමක් නිසා අත පය නැති එකෙකු මෙන් සිටින්නේද? එනු. අප සමඟ ගොස් සොරකම් කර අනුන් සතු වස්තුව ගෙන සුවසේ ජීවත් වීමට හැකි ය.” එවිට සිටුපුත්‍රයා “මම සොරකම් කිරීමට නො දනිමි.” යි කීවේ ය. “අපි නුඹට සොරකම උගන්වන්නෙමු. නුඹ අප කියන දෙය පමණක් කිරීම ප්‍රමාණවත් ය.” යන සොරුන්ගේ වදනට අවනත වූ තරුණයා සොරුන් සමඟ එක්ව ගෙවල් බිඳීමට පිටත් විය.

ගෙයක් බිඳීමට ඇතුළු වූ සොරුන් ඔහුගේ අතට මුගුරක් දී කිසිවෙකු පැමිණියහොත් මෙම මුගුරෙන් ගසා එක පහරින් ම මරා දමන ලෙස උපදෙස් දී තිබිණ. සොරු ගෙට වැදී ගත යුතු රන් ආදි බඩු පැහැරගෙන නිවැසියන් දැනගත් සැණෙකින් පැන ගියහ. සොරුන් ආ ගිය මග සොයා බලන නිවෙස් හිමියන් මුගුරක් අතින් ගෙන සිටින පුරුෂයා දැක දුෂ්ට සොර පුරුෂයා යැයි කියමින් ඔහුට පහර දී රජු හට ඉදිරිපත් කළේ ය. රජු සොරාගේ හිස ගසා දමා මරණයට පත්කරන ලෙස නියෝග නිකුත් කළ බැවින් ඔහුගේ අත් පිටුපසට කර බැඳ වීදියෙන් වීදියට බෙර හඬ මධ්‍යයේ රැගෙන යන ලද්දේ වධකස්ථානය වෙත ය.

එම නුවර සුලසා නම් වෛශ්යාංගණාව මැදුරෙහි සිට ජනෙල් කවුළු අතරින් බලන්නී, කසයෙන් තලමින් වධයට ගෙන යනු ලබන පුරුෂයා පෙර ඇසුරු කර ඇති බැවින් හඳුනාගත්තා ය. මහත් සම්පත් අනුභව කොට දැන් මෙවන් අනතුරකට පත්ව සිටින පුරුෂයා ගැන ඇගේ සිත තුළ අනුකම්පාවක් ඉපදුණි. වහා අග්ගලා සතරක් සහ බීමට පැන් සූදානම් කර ගත් ඇය මෙහෙකරුවකු අතට දී වධයට පත් පුරුෂයා වෙත යැවී ය. ඒ නගරාරක්ෂක ඇමතියාගේ අවසරය ද ඇතිව ය. “මේ පුරුෂයා අග්ගලා අනුභව කොට පැන් බී පිපාසය සන්සි`ඳවා ගනිත්වායි” ඇය බලාපොරොත්තු වූවා ය.

එම වේලාවෙහි මහා ඉර්ධිමත් භික්ෂූන් අතරින් අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ දිවැසින් බලන්නේ මරණයට කැපව සිටි එම පුරුෂයා දුටුවේ ය. “මේ පුරුෂයා පින් නො කළ කෙනෙකි, පව් කළ කෙනෙකි, ඒ හේතුවෙන් මේ පුරුෂයා මරණින් මතු නිරයෙහි උපදින්නේ ය. මා එහි ගිය කල්හි අග්ගලා සහ පැන් මා හට පුද දී භූම්‍යස්ථ දෙවියන් අතර උපදින්නේ ය. එහෙයින් මේ පුද්ගලයාට පිහිට වන්නේ නම් මැනවි” යි සිතා පැන් හා අග්ගලා ගෙන එනු ලැබූ විට ඒ පුරුෂයා ඉදිරියෙහි පහළ වූ සේක.

කස පහරින් පීඩාවට පත්ව සිටි පුරුෂයාට මුගලන් මහරහතන් වහන්සේ දැක පහන් සිත් ඇති විය. “මේ වධකයින් විසින් තවත් ස්වල්ප කාලයකින් මරණු ලබන්නා වූ මා හට අග්ගලා අනුභව කිරීමෙන් කවර නම් ප්‍රයෝජනයක් ද? මේ වනාහී පරලොවට යන මට මග වියදම වන්නේ ය.” යි සිතා පැහැදුණු සිතින් අග්ගලා සහ පැන් මහතෙරුන් වහන්සේට පූජා කළේ ය. මහරහතන් වහන්සේ ඔහුගේ චිත්ත ප්‍රසාදය වර්ධනය වනු පිණිස ඒ පුරුෂයා බලා සිටිය දී ම අසල තැනෙක වැඩසිට අග්ගලා වළඳා පැන් බී හුනස්නෙන් නැගිට වැඩි සේක.

ඒ පුරුෂයා චෝර ඝාතකයන් විසින් වධකස්ථානයට පමුණුවා හිස කපා මරණයට පත් කරවන ලදී. මුගලන් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදී කරන ලද දානමය කුසල කර්මය හේතු කොටගෙන ඉමහත් සම්පත් සහිත දෙව්ලොව ඉපදීමට සුදුසු වූ නමුත් ‘මා විසින් කරන ලද දාන වස්තුව ලබන ලද්දේ සුලසාව නිසා’ යැයි හටගත් ස්නේහය හේතුවෙන් මරණ මොහොතෙහි සිත කිලුටු විය. එහෙයින් උසස් දිව්‍ය තලයක නො ඉපදී පර්වතයන්ගෙන් ගැවසී ගත්තා වූ ස්ථානයක හටගත් සෙවණ ඇති මහත් නුග රුකක රුක් දෙවියෙක් ව උපන්නේ ය.

ඔහු ප්‍රථම වයසෙහි කුල වංශය ආරක්ෂා කිරීමෙහි උත්සාහ කළේ නම් ඒ නුවර ම සිටුවරුන් අතර ශ්‍රේෂ්ඨයෙක් වෙයි. මධ්‍යම වයසෙහි උත්සාහ කළේ නම් මධ්‍යම සිටු කෙනෙක් වෙයි. පශ්චිම වයසෙහි දී වීර්ය කළා නම් පශ්චිම සිටු කෙනෙක් වෙයි.

ඉදින් පළමු වයසෙහි දී ශාසනයෙහි පැවිදි වූයේ නම් රහත් වෙයි. මධ්‍යම වයසෙහි දී ශාසනයෙහි පැවිදි වූයේ නම් සකදාගාමී හෝ අනාගාමී වෙයි. පශ්චිම වයසෙහි ශාසනයෙහි පැවිදි වූයේ නම් සෝවාන් වෙයි. පාප මිත්‍ර සේවනය හේතු කොටගෙන ස්ත්‍රී ධූර්ත ව, හෙවත් සල්ලාල බේබද්දෙක් ව කාය, වාග්, මනෝ දුෂ්චරිතයන්හි ඇලී ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන් කෙරෙහි ගෞරවාදර රහිතව පිළිවෙළින් සියලු සැපතින් පිරිහී මහත් විපතට පැමිණියේ ය.

ඊට පසු කලෙක එම රුක් දෙවියා උයනට ගිය සුලසා නම් අංගනාව දැක හටගත් කාමරාග ඇතිව අඳුරක් මවා ඇය තම විමනට ගෙන ගොස් සත් දවසක් ඇය සමග වාසය කළේ ය. ඇයට තමන්ගේ තොරතුරු ද කීවේ ය. සුලසාවගේ මව ඇය නොමැති බව දැන හඬමින් මහමග ඇවිද යන්නට වූවා ය. මිනිසුන් ඇය දැක “ආර්ය වූ මහාමුගලන් තෙරුන් වහන්සේ මහත් ඍද්ධි හා මහත් ආනුභාව ඇති සේක. ඇගේ ගතිය දන්නා සේක. උන්වහන්සේ වෙත ගොස් විමසන්න” යැයි කියයි. ඇය මහතෙරුන් වහන්සේ වෙත එළඹ ඒ කාරණය විමසා සිටියේ ය. මහරහතන් වහන්සේ “මෙයින් සත්වෙනි දවසෙහි වේළුවන විහාරයේ දී භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කොට වදාරන කල්හි පිරිස් කෙළවර දක්නට ලැබෙන්නේ ය” වදාළ සේක.

දිව්‍ය විමානයෙහි දින සතක් ගත කළ සුලසා තමා නැවතත් නිවසට ඇරලවන ලෙස වෘක්ෂ දේවතාවා වෙත පවසා සිටියා ය. “පින්වත් දෙවිය, නුඹගේ භවනයට පැමිණ අදට සත්වෙනි දවස වෙයි. මෙය යුතු නො වෙයි. මාගේ මෑණියන් මා නො දැක විලාපයට හා ශෝකයට පත් වන්නී ය. දෙවියනි, මා එහි පමුණුවන්නෙහි නම් මැනැවැ” යි එම දිව්‍ය පුත්‍රයාට කීවාය.

එම දිව්‍ය පුත්‍රයා ඈ ගෙන ගොස් වේළුවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන කල්හි නවතා, තමා කිසිවෙකුට නො පෙනෙන අයුරින් සිටියේ ය. මහජනයා සුලසාව දැක මෙපමණ දවසක් කොහි ගියේදැයි විමසන්නට වූහ. ඇය මහජනයාට සියලු පුවත් පවසා සිටියා ය. “පව් රැස් කළා වූ, කුසල් නො කළා වූ, හිස සිඳ මරණ ලද එම පුරුෂයා කෙසේ නම් දිව්‍ය උපතක් ලැබුවේ ද?” ජනතාව සුලසාවගෙන් විමසා සිටින්නට විය. “මා විසින් දෙන ලද අග්ගලා සහ පැන් මුගලන් මහරහතන් වහන්සේට පූජා කිරීමේ කුසල බලය හේතුකොට ගෙන දිව්‍ය උපත ලැබී ය” ඇය පවසා සිටියා ය.

මහජනයාට එම පුවත අසා ආශ්චර්ය අද්භූත සිත් ඇතිවිය. රහතන් වහන්සේලා වනාහී ලෝකයාට උතුම් පින්කෙත් වැනි ය. යම් බඳු රහතුන් විෂයෙහි කරන ලද ස්වල්ප වූ සත්කාරය සත්වයන්ට දිව්‍ය උප්පත්තිය ගෙන දේ යයි කියා ප්‍රීති සොම්නස ප්‍රකාශ කළහ. භික්ෂූන් වහන්සේලා ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළාහු ය. භාග්‍යවත් තථාගතයන් වහන්සේ මේ නිමිති කොටගෙන මෙම ගාථාවන් වදාළ සේක.

01. ඛෙත්තූපමා අරහන්තෝ දායකා කස්සකූපමා

බීජූපමං දෙය්යධම්මං එත්තෝ නිබ්බත්තතේ ඵලං

02. ඒතං බීජං කසී ඛෙත්තං – පේතානං දායකස්ස ච

තං පේතා පරිභුඤ්ජන්ති – දාතා පුඤ්ඤේන වඞ්ඪති

03. ඉධේව කුසලං කත්වා – පේතේ ච පටිපූජිය

සග්ගං ච කමතිට්ඨානං – කම්මං කත්වාන භද්දකන්ති.

තේරුම:-

01. රහතන් වහන්සේලා වනාහී කුඹුරක් වගෙයි. දායකයෝ ගොවියන් වගෙයි. පූජා කරන දාන වස්තුව බිත්තර වී වගෙයි. මේ කරුණු තුන එකතු වුණා ම තමයි පුණ්‍ය ඵලයක් උපදින්නේ.

02. දාන වස්තුව නමැති බිත්තර වීත්, ගොවිතැනත්, කුඹුරත් යන මේ කරුණු තුන මිය පරලොව ගිය උදවියටත්, දායකයින්ටත් පිහිට වෙනවා ම යි. පරලොව ගිය උදවිය ඒ පින පරිභෝග කරනවා. දායකයා දියුණු වෙන්නෙත් ඒ පිනෙන් ම යි.

03. ඉතින් මේ ජීවිතයේ දී ම කුසල් දහම් කරල, මිය ගිය උදවියටත් පුණ්‍ය පූජා පවත්වලා යහපතක් සිද්ධ කරගෙන සැපවත් තැන වන දෙව්ලොවට යනවා.

(දෙමව්පියන් විසින් ස්වකීය දරුවන් ව නිසි කල්හි අධ්‍යාපනයට යොමු නො කර සිටීමෙන් හා පාප මිත්‍ර ආශ්‍රයට අවකාශය දීමෙනුත් සිදුවන බලවත් විපතට මෙම කථාව මහෝපදේශයකි.)

ප්‍රේත වස්තු දේශනාවෙහි පළමුවෙනි උරග වර්ගයට අයත් ඛෙත්තූපම ප්‍රේත වස්තුවයි.

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය / ඛුද්දක නිකාය

ප්‍රේත වස්තු විමාන වස්තු

source : mahamegha

සටහන – හර්ෂ නිලංක පෙරේරා

[QUOTE="Eranga Sandaruwan, post: 21230017, member: 370772"] [SIZE=5] දෙව් විමනක උපන් සොරා ත්‍රෛලෝක තිලකායමාන අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ එක් සමයක රජගහනුවර සමීපයෙහි වූ (රජුන් විසින් ලෙහෙනුන්ට බත් වැටුප් තබා අභය දුන් හෙයින්) කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එක්තරා සිටු පුත්‍රයෙකු අරභයා මෙම ඛෙත්තූපම ප්‍රේත වස්තු දේශනාව කළ සේක. රජගහනුවර ධන සම්පත්තියෙන් ආඪ්‍ය වූ මහත් ධනය ඇති, මහත් උපභෝග පරිභෝග සම්පත් ඇති, බොහෝ වස්තූපකරණ ඇති රැස් කරන ලද නොයෙක් කෝටි ප්‍රකෝටි ගණනින් යුතු ධනය ඇති එක්තරා සිටු පුත්‍රයෙක් වාසය කළේ ය. මහත් ධන සම්පත්තියෙන් යුක්ත බැවින් ඔහු මහා ධන සිටාණෝ යන නමින් හැඳින්වී ය. එකල්හි ඔහුට ප්‍රියමනාප වූ එක ම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා නුවණින් වැඩුණූ කල්හි දෙමව්පියන්ට මෙසේ සිතුණි. “අපගේ පුතණුවන් දවසක් පාසා දහස දහස බැගින් වස්තුව වියදම් කළත් අවුරුදු සියයකින්වත් මේ මහා ධන සම්භාරය නිමාවට පත් නො වන්නේ ය. එම නිසා අධ්‍යාපනය සඳහා වෙහෙසීමෙන් මොහුට ප්‍රයෝජනයක් නැත්තේ ය. කිසිදු වෙහෙසකින්, කරදරයකින් තොරව සුවසේ අප ඉපයූ ධනය පරිහරණය කරමින් සිටීම ප්‍රමාණවත් ය.” මෙම සිතිවිල්ලට අනුව යමින් දෙමව්පියන් කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනීමට ඔහුව යොමු නො කළේ ය. තරුණ වියට පැමිණි ඔහු විවාහ වූයේ කුලයෙන්, රූපයෙන්, යෞවනත්වයෙන් අගතැන්පත්, පංච කාමයට ම නැඹුරු වූ සිත් ඇති යුවතියක් සමඟිනි. ඇය ධර්මය කෙරෙහි කිසිදු දැනුමක් අවබෝධයක් නො වූ තැනැත්තියක් ද වූවා ය. ඒ තරුණ සිටු පුත්‍රයා දෙමව්පියන්ගේ ධනයෙන් මත්වී ගුරු දෙමාපියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් කෙරෙහි ගරු සරුවකින් තොරව කාලය ගත කරන්නට වූයේ සුරාවෙහි ඇලුණු ජනයා පිරිවරා ගනිමිනි. මෝහයෙන් අන්ධව සිටි මොහු මව්පියන් මිය ගිය කල්හි නෘත්‍ය, ගීතයන්ට බොහෝ ආශා කරමින් නළුවන්, ගායකයන් උදෙසා කැමති පරිදි ධනය වියදම් කොට නොබෝ දිනකින් ණයකාරයෙක් බවට පත්විය. ණය හිමියන් විසින් ඉල්වන ලද ණය මුදල් ගෙවා ගත නො හැකි වූ සිටු පුත්‍රයා තමන් සතු දේපළ ඔවුනට ලබා දී සිඟමනට වැටී එම නුවර ම අනාථ ශාලාවක වාසය කළේ ය. එක් දිනක් සොරුන් කණ්ඩායමක් පැමිණ ඒ සිඟන්නාට මෙසේ කීවේ ය. “නුඹට මේ දුක්ඛිත ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹ ශරීර ශක්තියෙන් යුත් ජවසම්පන්න, බලසම්පන්න තරුණයෙකි. කුමක් නිසා අත පය නැති එකෙකු මෙන් සිටින්නේද? එනු. අප සමඟ ගොස් සොරකම් කර අනුන් සතු වස්තුව ගෙන සුවසේ ජීවත් වීමට හැකි ය.” එවිට සිටුපුත්‍රයා “මම සොරකම් කිරීමට නො දනිමි.” යි කීවේ ය. “අපි නුඹට සොරකම උගන්වන්නෙමු. නුඹ අප කියන දෙය පමණක් කිරීම ප්‍රමාණවත් ය.” යන සොරුන්ගේ වදනට අවනත වූ තරුණයා සොරුන් සමඟ එක්ව ගෙවල් බිඳීමට පිටත් විය. ගෙයක් බිඳීමට ඇතුළු වූ සොරුන් ඔහුගේ අතට මුගුරක් දී කිසිවෙකු පැමිණියහොත් මෙම මුගුරෙන් ගසා එක පහරින් ම මරා දමන ලෙස උපදෙස් දී තිබිණ. සොරු ගෙට වැදී ගත යුතු රන් ආදි බඩු පැහැරගෙන නිවැසියන් දැනගත් සැණෙකින් පැන ගියහ. සොරුන් ආ ගිය මග සොයා බලන නිවෙස් හිමියන් මුගුරක් අතින් ගෙන සිටින පුරුෂයා දැක දුෂ්ට සොර පුරුෂයා යැයි කියමින් ඔහුට පහර දී රජු හට ඉදිරිපත් කළේ ය. රජු සොරාගේ හිස ගසා දමා මරණයට පත්කරන ලෙස නියෝග නිකුත් කළ බැවින් ඔහුගේ අත් පිටුපසට කර බැඳ වීදියෙන් වීදියට බෙර හඬ මධ්‍යයේ රැගෙන යන ලද්දේ වධකස්ථානය වෙත ය. එම නුවර සුලසා නම් වෛශ්යාංගණාව මැදුරෙහි සිට ජනෙල් කවුළු අතරින් බලන්නී, කසයෙන් තලමින් වධයට ගෙන යනු ලබන පුරුෂයා පෙර ඇසුරු කර ඇති බැවින් හඳුනාගත්තා ය. මහත් සම්පත් අනුභව කොට දැන් මෙවන් අනතුරකට පත්ව සිටින පුරුෂයා ගැන ඇගේ සිත තුළ අනුකම්පාවක් ඉපදුණි. වහා අග්ගලා සතරක් සහ බීමට පැන් සූදානම් කර ගත් ඇය මෙහෙකරුවකු අතට දී වධයට පත් පුරුෂයා වෙත යැවී ය. ඒ නගරාරක්ෂක ඇමතියාගේ අවසරය ද ඇතිව ය. “මේ පුරුෂයා අග්ගලා අනුභව කොට පැන් බී පිපාසය සන්සි`ඳවා ගනිත්වායි” ඇය බලාපොරොත්තු වූවා ය. එම වේලාවෙහි මහා ඉර්ධිමත් භික්ෂූන් අතරින් අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ දිවැසින් බලන්නේ මරණයට කැපව සිටි එම පුරුෂයා දුටුවේ ය. “මේ පුරුෂයා පින් නො කළ කෙනෙකි, පව් කළ කෙනෙකි, ඒ හේතුවෙන් මේ පුරුෂයා මරණින් මතු නිරයෙහි උපදින්නේ ය. මා එහි ගිය කල්හි අග්ගලා සහ පැන් මා හට පුද දී භූම්‍යස්ථ දෙවියන් අතර උපදින්නේ ය. එහෙයින් මේ පුද්ගලයාට පිහිට වන්නේ නම් මැනවි” යි සිතා පැන් හා අග්ගලා ගෙන එනු ලැබූ විට ඒ පුරුෂයා ඉදිරියෙහි පහළ වූ සේක. කස පහරින් පීඩාවට පත්ව සිටි පුරුෂයාට මුගලන් මහරහතන් වහන්සේ දැක පහන් සිත් ඇති විය. “මේ වධකයින් විසින් තවත් ස්වල්ප කාලයකින් මරණු ලබන්නා වූ මා හට අග්ගලා අනුභව කිරීමෙන් කවර නම් ප්‍රයෝජනයක් ද? මේ වනාහී පරලොවට යන මට මග වියදම වන්නේ ය.” යි සිතා පැහැදුණු සිතින් අග්ගලා සහ පැන් මහතෙරුන් වහන්සේට පූජා කළේ ය. මහරහතන් වහන්සේ ඔහුගේ චිත්ත ප්‍රසාදය වර්ධනය වනු පිණිස ඒ පුරුෂයා බලා සිටිය දී ම අසල තැනෙක වැඩසිට අග්ගලා වළඳා පැන් බී හුනස්නෙන් නැගිට වැඩි සේක. ඒ පුරුෂයා චෝර ඝාතකයන් විසින් වධකස්ථානයට පමුණුවා හිස කපා මරණයට පත් කරවන ලදී. මුගලන් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදී කරන ලද දානමය කුසල කර්මය හේතු කොටගෙන ඉමහත් සම්පත් සහිත දෙව්ලොව ඉපදීමට සුදුසු වූ නමුත් ‘මා විසින් කරන ලද දාන වස්තුව ලබන ලද්දේ සුලසාව නිසා’ යැයි හටගත් ස්නේහය හේතුවෙන් මරණ මොහොතෙහි සිත කිලුටු විය. එහෙයින් උසස් දිව්‍ය තලයක නො ඉපදී පර්වතයන්ගෙන් ගැවසී ගත්තා වූ ස්ථානයක හටගත් සෙවණ ඇති මහත් නුග රුකක රුක් දෙවියෙක් ව උපන්නේ ය. ඔහු ප්‍රථම වයසෙහි කුල වංශය ආරක්ෂා කිරීමෙහි උත්සාහ කළේ නම් ඒ නුවර ම සිටුවරුන් අතර ශ්‍රේෂ්ඨයෙක් වෙයි. මධ්‍යම වයසෙහි උත්සාහ කළේ නම් මධ්‍යම සිටු කෙනෙක් වෙයි. පශ්චිම වයසෙහි දී වීර්ය කළා නම් පශ්චිම සිටු කෙනෙක් වෙයි. ඉදින් පළමු වයසෙහි දී ශාසනයෙහි පැවිදි වූයේ නම් රහත් වෙයි. මධ්‍යම වයසෙහි දී ශාසනයෙහි පැවිදි වූයේ නම් සකදාගාමී හෝ අනාගාමී වෙයි. පශ්චිම වයසෙහි ශාසනයෙහි පැවිදි වූයේ නම් සෝවාන් වෙයි. පාප මිත්‍ර සේවනය හේතු කොටගෙන ස්ත්‍රී ධූර්ත ව, හෙවත් සල්ලාල බේබද්දෙක් ව කාය, වාග්, මනෝ දුෂ්චරිතයන්හි ඇලී ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන් කෙරෙහි ගෞරවාදර රහිතව පිළිවෙළින් සියලු සැපතින් පිරිහී මහත් විපතට පැමිණියේ ය. ඊට පසු කලෙක එම රුක් දෙවියා උයනට ගිය සුලසා නම් අංගනාව දැක හටගත් කාමරාග ඇතිව අඳුරක් මවා ඇය තම විමනට ගෙන ගොස් සත් දවසක් ඇය සමග වාසය කළේ ය. ඇයට තමන්ගේ තොරතුරු ද කීවේ ය. සුලසාවගේ මව ඇය නොමැති බව දැන හඬමින් මහමග ඇවිද යන්නට වූවා ය. මිනිසුන් ඇය දැක “ආර්ය වූ මහාමුගලන් තෙරුන් වහන්සේ මහත් ඍද්ධි හා මහත් ආනුභාව ඇති සේක. ඇගේ ගතිය දන්නා සේක. උන්වහන්සේ වෙත ගොස් විමසන්න” යැයි කියයි. ඇය මහතෙරුන් වහන්සේ වෙත එළඹ ඒ කාරණය විමසා සිටියේ ය. මහරහතන් වහන්සේ “මෙයින් සත්වෙනි දවසෙහි වේළුවන විහාරයේ දී භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කොට වදාරන කල්හි පිරිස් කෙළවර දක්නට ලැබෙන්නේ ය” වදාළ සේක. දිව්‍ය විමානයෙහි දින සතක් ගත කළ සුලසා තමා නැවතත් නිවසට ඇරලවන ලෙස වෘක්ෂ දේවතාවා වෙත පවසා සිටියා ය. “පින්වත් දෙවිය, නුඹගේ භවනයට පැමිණ අදට සත්වෙනි දවස වෙයි. මෙය යුතු නො වෙයි. මාගේ මෑණියන් මා නො දැක විලාපයට හා ශෝකයට පත් වන්නී ය. දෙවියනි, මා එහි පමුණුවන්නෙහි නම් මැනැවැ” යි එම දිව්‍ය පුත්‍රයාට කීවාය. එම දිව්‍ය පුත්‍රයා ඈ ගෙන ගොස් වේළුවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන කල්හි නවතා, තමා කිසිවෙකුට නො පෙනෙන අයුරින් සිටියේ ය. මහජනයා සුලසාව දැක මෙපමණ දවසක් කොහි ගියේදැයි විමසන්නට වූහ. ඇය මහජනයාට සියලු පුවත් පවසා සිටියා ය. “පව් රැස් කළා වූ, කුසල් නො කළා වූ, හිස සිඳ මරණ ලද එම පුරුෂයා කෙසේ නම් දිව්‍ය උපතක් ලැබුවේ ද?” ජනතාව සුලසාවගෙන් විමසා සිටින්නට විය. “මා විසින් දෙන ලද අග්ගලා සහ පැන් මුගලන් මහරහතන් වහන්සේට පූජා කිරීමේ කුසල බලය හේතුකොට ගෙන දිව්‍ය උපත ලැබී ය” ඇය පවසා සිටියා ය. මහජනයාට එම පුවත අසා ආශ්චර්ය අද්භූත සිත් ඇතිවිය. රහතන් වහන්සේලා වනාහී ලෝකයාට උතුම් පින්කෙත් වැනි ය. යම් බඳු රහතුන් විෂයෙහි කරන ලද ස්වල්ප වූ සත්කාරය සත්වයන්ට දිව්‍ය උප්පත්තිය ගෙන දේ යයි කියා ප්‍රීති සොම්නස ප්‍රකාශ කළහ. භික්ෂූන් වහන්සේලා ඒ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැල කළාහු ය. භාග්‍යවත් තථාගතයන් වහන්සේ මේ නිමිති කොටගෙන මෙම ගාථාවන් වදාළ සේක. 01. ඛෙත්තූපමා අරහන්තෝ දායකා කස්සකූපමා බීජූපමං දෙය්යධම්මං එත්තෝ නිබ්බත්තතේ ඵලං 02. ඒතං බීජං කසී ඛෙත්තං – පේතානං දායකස්ස ච තං පේතා පරිභුඤ්ජන්ති – දාතා පුඤ්ඤේන වඞ්ඪති 03. ඉධේව කුසලං කත්වා – පේතේ ච පටිපූජිය සග්ගං ච කමතිට්ඨානං – කම්මං කත්වාන භද්දකන්ති. තේරුම:- 01. රහතන් වහන්සේලා වනාහී කුඹුරක් වගෙයි. දායකයෝ ගොවියන් වගෙයි. පූජා කරන දාන වස්තුව බිත්තර වී වගෙයි. මේ කරුණු තුන එකතු වුණා ම තමයි පුණ්‍ය ඵලයක් උපදින්නේ. 02. දාන වස්තුව නමැති බිත්තර වීත්, ගොවිතැනත්, කුඹුරත් යන මේ කරුණු තුන මිය පරලොව ගිය උදවියටත්, දායකයින්ටත් පිහිට වෙනවා ම යි. පරලොව ගිය උදවිය ඒ පින පරිභෝග කරනවා. දායකයා දියුණු වෙන්නෙත් ඒ පිනෙන් ම යි. 03. ඉතින් මේ ජීවිතයේ දී ම කුසල් දහම් කරල, මිය ගිය උදවියටත් පුණ්‍ය පූජා පවත්වලා යහපතක් සිද්ධ කරගෙන සැපවත් තැන වන දෙව්ලොවට යනවා. (දෙමව්පියන් විසින් ස්වකීය දරුවන් ව නිසි කල්හි අධ්‍යාපනයට යොමු නො කර සිටීමෙන් හා පාප මිත්‍ර ආශ්‍රයට අවකාශය දීමෙනුත් සිදුවන බලවත් විපතට මෙම කථාව මහෝපදේශයකි.) ප්‍රේත වස්තු දේශනාවෙහි පළමුවෙනි උරග වර්ගයට අයත් ඛෙත්තූපම ප්‍රේත වස්තුවයි. ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය / ඛුද්දක නිකාය ප්‍රේත වස්තු විමාන වස්තු source : mahamegha සටහන – හර්ෂ නිලංක පෙරේරා [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=21229537"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom