දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය
දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය ඇති තැන මානව හිමිකම් ද ඇතැයි කීම මුසාවකි..!
ආර්.ජී.ධර්මදාස ලියයි
සියල්ල සිදුවන්නේ ‘දෙවියන්ගේ කැමැත්ත’ හෝ ‘කර්මය’ නිසා යැයි කියන ආගම් තුල මානව හිමිකම් ඇතැයි පැවසීම තරම් මුසාවක් තවත් නැත.
එක් අතකින් බයිබලයද අනෙක් අතින් බයිනෙත්තුවද රැගෙන ලංකාවට ආ යුරෝපීය ජාතිකයන් අපේ රටේ කුඩා දරුවන් පවා කැති ගෑවේ ‘දෙවියන්ගේ කැමැත්ත’ අනුවය. අලාවුද්දීන් කල්ජී , මොහොඩ් බින්ටුක්ලුක් වැනි මෝගල් අධිරාජ්‍යයන් පෙරදිග ආක්‍රමණය කොට පිළිම වන්දනා කරුවන් සමූලඝාතනය කළේ ‘දෙවියන්ගේ කැමැත්ත’ අනුවය. බමුණන් විසින් වේද පාඨ ගායනා කරන කුලහීනයන්ගේ කණට රත්කළ ඊයම් වත්කළේ ‘මහ බඹුගේ කැමැත්ත’ අනුවය. එමෙන්ම කැළණිතිස්ස රජු දවස රහතන් වහන්සේ නමකට උණු තෙල් කටාරමක් තුල පිරිනිවන් යෑමට සිදුවූයේ උන්වහන්සේ පෙර කළ ‘කරුමයක්’ නිසාය. වෙස්සන්තර රජතුමා මන්ත්‍රී දේවිය නැති අතරේ සුරතල් දරු දෙදෙනා දෑත් බැඳ වහල්කම් කිරීමට ජූතක බමුණාට දුන්නේ ‘දානමය පුණ්‍යකර්මයේ’ උච්චතම අවස්ථාවක් හැටියටය.
මේ අන්දමට දෙවියන් සහ කර්මය විසින් විනාශ කළ කප්පරක් ජීවිත ගැන කථා පුවත් ඒ ඒ ආගම්වලට අයත් ධර්ම පුස්තකවලම සඳහන්ව තිබේ. ඒ සියල්ලම දෙවියන්ට සහ කරුමයට භාරදී දෑත් පිසදා ගැනීමට අප පමණක් නොව මුළු ලෝකයාම පුරුදුවී සිටි කාලයක්ද විය. දෙවියන් සතුටු කිරීම සඳහා කළ මිනිස් බිලි පූජාවන් ගැනද අසන්නට ලැබේ. සැමියා මිය ගිය පසු බිරිඳ දර සෑයට පැන හෝ ඇද දමා හෝ පවත්වන ‘සති පූජාව’ තවමත් ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම බැහැරව නැත. ‘නිවරැදිව ආගම අදහනවානම් මානව හිමිකම් කියා දෙයක් අමුතුවෙන් අවශ්‍ය නැතැ’යි පවසන්නේ මෙවැනි පසුබිමක් තුලය. නිවැරදිව ආගම ඇදහීම යනු ‘දෙවියන් හා කර්මය’ විසින් අපට හිමි කරදෙන දේ නිහඬව භුක්ති විඳීම ය.
අතීතයේ සිටම සාමාන්‍ය ජනතාව සතු අයිතීන් උල්ලංඝනය කළේ පාළකයන් සහ ඔවුන්ට බද්ධ වී සිටි පූජ්‍යයන් සහ පූජකයන්ය. රජුගේ උපදේශකයා පුරෝහිත බමුණා ය. එය අදටත් එසේම ය. මේ දෙපාර්ශවය ගසට පොත්ත මෙන් එකට ඇලී පවතී.
ජීවත්වීමේ අයිතිය පිළිබඳව කථිකාවත් සමාජගත වන්නේ දාසයන්, වහලුන්, කුල හීනයන් ඇතුළු පීඩිතයන් පාලකයන්ට සහ පූජ්‍යයන්ට, පූජකයන්ට එරෙහිව සිදු කළ විවිධ සටන්වල ප්‍රථිපලයක් හැටියට ය. එය අද මෙන්ම හෙටටත් සිදුවෙන අඛණ්ඩ අරගලයකි. පූජ්‍යයන් පූජකයන් සහ පාලකයන් මානව හිමිකම් නොඉවසීම ගැන අප පුදුම නොවිය යුතුවන්නේ මේ නිසාය.
බුදුන් ජේසුන් නබී මිත්‍යාවෙන් වැසූ පූජකයන්
ලෝකයේ නොයෙකුත් ආකාරයේ ආධ්යාමික දර්ශණ බිහිවන්නේද මෙකී විෂමතාවයන්ට පිළියම් වශයෙන්ය. බුදුන් වහන්සේ එවකට භාරතයේ පැවති බමුණු වර්ණාශ්රම පිළිගැනීම් ඛණ්ඩනය කිරීමට පෙරමුණ ගත්හ. ජේසු තුමන් පල්ලිය විවේචන කළහ. නබී තුමන් අරාබියේ පැවති උස් පහත් බෙදීම් වලට එරෙහි වූහ. ඔවුන් සියළු දෙනාම විශිෂ්ඨ දර්ශණවාදීන් ය. එහෙත් පසුකාලීනව පූජකයන් විසින් මෙම සියලු දර්ශණයන්ට මිත්‍යා දෘෂ්ටිය ද ඇතුළු කර ‘ආගම්’ බවට පරිවර්තනය කෙරිනි. සරලව පවසන්නේ නම් ආගමක් නිර්මානය වී ඇත්තේම හොඳ දර්ශණයක් සමඟ මිත්‍යා මත මුසු කිරීමෙන් ය. එවිට දර්ශණයේ නිර්මාතෘවරයා යටපත් වී දේශකයා ඉස්මතුවෙයි. ශාස්තෘවරයා සිය දර්ශණය තුල අන්තර්ගත කළ සියළු මානව හිතවාදී ධර්මයන් මිත්‍යාවෙන් වසාදමයි. එබැවින් කිසිදු ආගමකින් ලබ්ධිකයන්යට ලැබෙන රැකවරණයක් නැත. එහෙත් මානව අයිතීන් යනු හුදු ආගමකට වඩා පුළුල් පරාසයක් පුරා විහිදී ගිය ක්‍රියාදාමයකට සම්බන්ධ මාතෘකාවකි. ඒ පිළිබඳව කෙරෙන කදිම විග්‍රයක් අන්තර්ජාලයේ මෙසේ සටහන් වේ.
“රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිලිගැනෙන සදාචාරත්මක ප්රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ. මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරළව හඳුන්වාදිය හැකිය. කෙසේවෙතත් මේ ආකාරයට මානව අයිතිවාසිකම් යනු කුමක්ද? යන්න හඳුන්වා දුන්න ද, එය නිශ්චිත නිර්වචනයකින් ඉදිරිපත් කළ නොහැකි ය. එහිදී විවිධ චින්තකයින් මානව අයිතිවාසිකම් පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත.
‘මානව අයිතිවාසිකම් යන්න සරළ ලෙස ස්වභාවික පියවි ජිවිතයක් ගත කිරීම සඳහා මනුෂයකුට අත්‍යවශ්‍ය මුලික අයිතිවාසිකම් ලෙස අර්ථ දැක්විය හැකිය.’ (ශ්‍රි ලංකා නිතිය හා මානව අයිතිවාසිකම්-නීතිඥ චාරුක සමරසේකර)
‘මානව හිමිකම් යනු මිනිසුන් වීම නිසා ලැබෙන්නා වු අයිතින් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතීන් වන අතර මේවා මනුෂයාගේ ගෞරවය මත රඳා පවතී.’ (විශ්ව කෝෂය- කොළොම්බියානු සරසවිය)
‘මානව අයිතිවාසිකම් යනු යුතුකම්ය.’ (මහත්මා ගාන්ධි)
ආදී වශයෙන් තම අදහස් දක්වා ඇත. කෙසේවෙතත් අතීතයේ දී ලොව සෑම මිනිසෙකුටම මේ අයිතිවාසිකම් එක හා සමානව හිමි නොවීය. ඒ තුළ ඇති හැකි සුළු පිරිසක් පමණක් අයිතිවාසිකම් භුක්ති විඳීමක් විය. ඇත්තටම එය අයිතිවාසිකම් වලට වඩා වරප්‍රසාද නමින් හැඳින්විණ. කෙසේ වෙතත් නුතන රාජ්‍ය සංකල්පය බිහි වීමත් සමග මිනිස් අයිතිවාසිකම් ගැන කතාකිරීමට උනන්දු විය. එනම් ඒ තුළ සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව තීරණය විය. ඒ සමග මුල් කාලීන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මුලික කරගත් අයිතිවාසිකම් සහිත මිනිසාගේ ජීවත්වීමේ අයිතිය ඇතුලත් අයිතීන් ස්වල්පයක් පිළිගැනීම සිදු විය. කෙසේවෙතත් පසු කාලීනව ‘පොදු මනුෂ්‍ය භාවය’ නම් සංකල්පය බිහිවිමත් සමඟ මානව අයිතිවාසිකම් යන්න ඉතා පුළුල් ලෙස විග්රහයට ලක්විය. එනම් එහිදී මිනිසාගේ ආර්ථික,දේශපාලන, සමාජ, සිවිල් සහ සංස්කෘතික අයිතීන් සියල්ල මානව අයිතිවාසිකම් ලෙස විග්රහයට ලක්විය.
සමාජයේ ජීවත්වන මිනිසාට මිනිසෙකු ලෙස නැගී සිටීමේ ප්රථිඵලයක් වශයෙන් අයිතිවාසිකම් හිමි විය. අතීතයේ මිනිසා නොයෙක් දුක්ගැහැට විඳිමින් තමන්ට හිමි නිසි තැන අහිමි වෙමින් අපමණ දුක්ගැහැට වලට ගොදුරු වෙමින් ජීවත් විය. මෙවන් පසුබිමක් තුළ ලෝක ප්‍රජාව විසින් අයිතිවාසිකම් සංකල්පය නිර්වචනය කරමින් මිනිසාට මිනිසකු ලෙස නැගී සිටිමට අවස්ථාව උදා කරන ලද්දේය. මේ තත්ත්වය තුළ මුල් කාලීනව වරප්‍රසාද ලෙස පැවත, පසුකාලයේ දී ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ ‘මානව අයිතිවාසිකම්’ බිහි විය. මෙවන් තත්වයක් තුළ මුළුලෝකය පුරාම මානව අයිතිවාසිකම් ව්‍යප්ත විය. “ (උපුටා ගැනීම අන්තර් ජාලයෙනි)
තමන්ට හිමි අයිතීන් තවකෙකු විසින් අහිමි කර ඇති බව දැනගත් පසු...
නිදහස ලැබීමෙන් පසුව අපේ රටේ ජනතාව හර්තාල් කැරලි කෝලහාල යුදගැටුම් නිසා මොනතරම් පීඩාවන්ට ලක්වුනාදැයි විස්තරකිරීම අනවශ්‍යයයි සිතමු. ඒ ඒ ආගම් විසින් එ් තත්ත්වයන් සමනය කිරීමට කෙබඳු උත්සාහයක් දැරුවාදැ යි අපට නම් මතක නැත. ඒ වෙනුවට පූජ්‍යයන් සහ පූජකයන් කළ එකම කාරීය වූයේ ආගමට ජාතිවාදයද පටවාගෙන ඇවිලෙන ගින්නට පිදුරු දැමීම ය. පසුගිය කාලය තුල සිදුකළ අතුරුදකිරීම් පැහැරගැනිම්, දේශපාලන පලිගැනීම්, පාලකයන්ගේ තෘප්තිය සඳහා කළ මිනීමැරුම් සහ අනෙකුත් වධ බන්ධන ආදියට ගොදුරු වූ පිරිස ද අති විශාලය. එසේ තිබියදී තමන්ගේ එකා ගැන හැර පොදුවේ ඔවුන් සියළු දෙනාටම ජීවත්වීමට තිබූ අයිතිය ගැන ලංකාවේ කිසිදු ආගමික නායකයෙකු මේ දක්වා කටක් ඇර වචනයක් කියා තිබේද ?
මිහිතලය මත වෙසෙන මිනිසා තමන්ට ඇති අයිතීන් තවකෙකු විසින් අහිමි කර ඇති බව පැහැදිලිවම අවබෝධ කරගත් දිනයක ‘දෙවියන් සහ කරුමය’ ලෝකයෙන් අතුරුදන්වෙනු ඇත.
-ආර්. ජී. ධර්මදාස විසිනි-