Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)

මරදාන ස්ටේශම අද තරමක් සන්සුන්ය. වෙන සිකුරාදා දිනයන්ට එකම කාලගෝට්ටියක් වෙන මරදානේ අද සෙනග අඩු පාලු ගතියක් දකින්නට ලැබේ. රාගමින් කොච්චියට ගොඩවුන මම මරදානෙන් බැසගත්තේ කිලෝ 12කට වඩා වැඩි බැග් එකත් කර පින්නාගෙනය.

ස්ටේශමෙන් එලියට පැමින පුංචි බොරැල්ල දෙසට පයින්ම ගමන පටන්ගත් මට ආනන්ද විද්‍යාලය ට මදක් එපිටින් නවතා ඇති කොළඹ අක්කරෙයිපත්තු බස් රථය ඇස ගැටීමට වැඩි වෙලාවක් ගියේ නැත.අනෙකුත් සියළුම දෙනා ඒ වනවිටත් බස් එකට ගොඩවී අවසන්ය. බර අධික මගේ බෑගයත් බස් රථයේ යට බෑග් දමන කොටසට අඩුක් කොට මමද ඔවුන් හා එකතුවීමී.

[ATTACH=full]180967[/ATTACH]

2019 දි කරගත් බකපණ්ඩිත ක්‍රියා වලින් අග්‍රස්ථානයට පත්වු කතරගම පාදයාත්රාව අවසන් කල දින සිටම අප සිටියේ මීලග පාදයාත්‍රාවට ඇගිළි ගනිමින්ය. කොරෝනා තත්ව යටතේ අවුරුදු දෙකක් පාදයාත්‍රාවට බැතිමතුන්ට අවසර දීමට රජය විසින් ප්‍රතික්ශේප කරන ලදි.

එහෙත් අවසානයේදි 2022 පාදයාත්රාව පැවත්වීමට තිරණය කිරීමත් සමග එතෙක්කල් අපි බලාසිටි අවස්ථාව උදාවිනි. රැකියා ප්‍රශ්ණ සහ හදීසි අසනීප තත්ව හේතුවෙන් මාගේ පෙර ගමන් සගයන් දෙදෙනාටම මෙවර පාදයාත්රාව මගහැරෙද්දි කෝඩුකාරයන් වු බුද්ධිකත් කැළුම් අයියාත් ගමනට එකතුවිනි. 2019 පාදයාත්‍රාවට මා හට සියළු විස්තර ලබාදුන් චින්තාද අවසානයේ නඩයට එකතුවීම එක් අතකින් තවත් ශක්තියක් විය.

පානමට ඇති එකම බස් රථය ලෙස රාත්‍රී 7 ට ගමන් ආරම්භ කරන ල0ගම බස් රථය පැවතීමත් මෙවර පාදයාත්‍රාවට අධික පිරිසක් යොමුවී තිබීමත් යන කාරණා නිසාම ඒ බස් රථය මගහැර අක්කරෙයිපත්තු බස් රථයක ගමන්කොට පොතුවිල් සිට අප මිත්‍ර රොහාන්ගේ වැන් රථය මගින් ගමන් කිරීමට සියළුම දෙනා මුලදීම එකගවිය.

[ATTACH=full]180973[/ATTACH]

අක්කරෙයිපත්තු බස් රථය අධි සුඛෝපබෝගි බස් රථයක් නිසාවෙන් හොද නින්දක් සහිතව ගමන් කිරීම අපගේ මූලික අරමුණ විය. බස් රථයේ ආසන 4ක් කල් තියාම අපහට වෙන්කර දීමට පානම පදි0චි මාහේ හිතමිත්‍ර තුසිත විසින් ක්‍රියාකර තිබුනි.

ගමනට සූදානම් වීම මීට සති දෙකකට පමණ සිදුවන්නේ ඔන්ලයින් ක්රමයටය. අවශ්‍ය පොදු බඩු බාහිරාදිය පලමුවත් පුද්ගලිකව අවශ්‍ය දේ දෙවනුවත් සපයාගෙන ඒ බඩු පිරිස අතර බෙදාගෙන රැගෙන ඒමට තීරණය කරන ලදි. සියළුම දේ අදාල සැලසුමට අනුව සකසාගත් අපි දැන් සිටින්නේ ඉහතකී අක්කරෙයිපත්තු බස් රථයේය.

රාත්‍රී 7.30 ට පමණ ගමන් ඇරඹු බස් රථය රත්නපුර පැල්මඩුල්ල උඩවලව මොණරාගල සියඹලාන්ඩුව හරහා පොතුවිල් කරා ලගා වෙද්දි පාන්දර 3.30 පමණ වන්නට ඇත.ඒ වනවිටත් තුසිතත් රොහාන්ගේ වැන් රථයත් අපිව පිලිගැනීමට පොතුවිල් නගරයට පැමිණ අවසන්ය. ඉක්මනින් වෑන් රථයට ගොඩවු අපි ඉන්පසු ආරුගම්බේ පානම හරහා ඔකදට ගමන් ඇරඹුවෙමු.

පානම්පත්තුවට හිරු උදාවට පැයකට පමණ පෙර කැලේ මැදින් යෙදෙන මේ ගමන සැමවිටම වනසතුන් රිසිසේ බලාගැනීමට හැකිවන ගමනකි. මුවන් ගෝනුන් සහ ගනන් කල නොහැකි තරම් වු හාවුන් මාර්ගය හරහා පැන ගියේ තවත් එක වනගත චාරිකාවක අද්දැකීමක් අපට ලබාදෙමිනි.

[ATTACH=full]180974[/ATTACH]

උදෑසන 5.30 ට පමණ ඔකද දේවාල භූමියට පැමිණි අප හැකි ඉක්මනින් සූදානම් වී දේවාලයත් වැදපුදාගෙන ගමන ආරම්භ කල යුතුව තිබුනි.මූණ අතපය ආඩි ලිදෙන් සෝදාගෙන පිරිසිදුවී ඔකද දේවාලය වැදපුදාගත් අපි ඉන්පසුව ඔකදින් උදේ ආහාරයත් දිවා ආහාරය පාර්සල් ලෙසත් ලබාගත්තෙමු. මේ සියල්ල අවසානයේ අපි ගමන ආරම්භ කරනවිට උදේ 7.45 පමණ වන්නට ඇත. කුමන පිවිසුමේ දි අපගේ දත්ත ලබාගැනීමෙන් අනතුරුව අපිට කුමන ජාතික උද්‍යානයට ඇතුල්වීමට අවසර ලැබුනි.

[ATTACH=full]180968[/ATTACH]

පලවෙනි දවස සෑම විටම තරමක් අසීරුය.ඔකද දේවාලයේ සිට කිලෝමීටර් 21ක දුරක් පලවෙනි දවසට නියමිත වී තිබේ. කොළඹ සිටි පැමිණෛ ගමන් මහන්සියත් පාරිසරික වෙනස්වීමට හුරු නොවු ශරීරත් නිසා පලවෙනි දවස බොහෝදෙනෙක්ට බොහෝවිට අසීරු දවසකි.

බොහෝකලක් නිවසට වී නිකන්ම සිටීම නිසා අලවී තිබූ මගේ කකුල් දෙක කිලෝ 15කට වැඩි බරක් සමග තරමක් වේගයෙන් ගමන් කිරීමට මුලදී තරමක් අකමැති විය. විනාඩි 5න් පහට විනාඩියක පමණ කෙටි විවේක ගැනීමට මට මුලදි සිදුවිය. එහෙත් කිලෝමීටර් 3 ක පමණ දුරක් ඇවිදගිය පසු නැවතත් සුපුරුදු ලෙස අපහසුවකින් තොරව ඇවිදයාමට මට හැකිවිනි.

2019 පාදයාත්‍රාවට වඩා මෙවර අතිශයින්ම වෙනස් අද්දැකීම් අපහට ලැබෙන බව සානාථ කරමින් මද දුරක් යන්නට කලින්ම පාර මැද හොදින් වැඩුන තිත් පොළගෙකු දක්නට ලැබුනි.

[ATTACH=full]180969[/ATTACH]

බාගුර පසුකර ටිකදුරක් යැමේදි මුව පැටියෙකු පසුපස පන්නාගෙන ආ නරියන් දෙදෙනෙකු අපට දැකගන්නට ලැබුන අතර මුව පැටියා අප අතරෙන් දිවීම නිසා නරියන් දෙදෙනා ගොදුර අතහැර නැවතත් කැලැ වැදුනි.

පිලිවෙලින් මුව රංචුවකුත් අලි රංචුවකුත් පෙරදිනයේ කොටියෙකු විසින් පහරදී ආහරයට ගත් මී හරක් පැටවෙකුත් මාර්ගය දෙපස සිට අප හට දක්නට ලැබුණි.

[ATTACH=full]180971[/ATTACH]

කුඩා කැබිලිත්තට ලගාවත්ම කුඩා කැබිලිත්තේ ප්‍රසිද්ධ තනි අලියා පාර මාරුවෙමින් දිය කෙලියට යන අයුරු ඉතාමත් ආසන්නයෙන් දැකගන්නට ලැබුනි.

ඔකදින් රැගෙන ආ දිවා ආහාරය වූ රොටී අපි කැවේ 2019 දි අපේ දිවා ආහාරය ගත් ගසයට සිටමය.විනාඩි 45ක පමණ විවේකයක් දිවා ආහාරයට වෙන්විය.

පස්වරු 5 පමණ වනවිට කුඩා කැබැලිත්ත කදවුරු භූමියට පැමිණි අප කදවුරු බැදීමට තැනක් සොයාගැනීමෙන් අනතුරුව කුඹුක්කන් ඔයේ ගිලි සිත් සේ නා ගත්තෙමු.

රාත්‍රී ආහාරයට බත් සමග පරිප්පු සූදානම් කෙරුනු අතර කැලුම් අයියා ගෙනා සීනි සම්බෝලයද ඊට එකතුවිය. අපගේ කදවුරු භූමිය අලි ම0කඩකට ඉතා ආසන්නයෙන් තිබීම නිසා ගිනිමැලයක් දැල්වීමට කුඩාකැබිලිත්තේ ආරක්ශාවට සිටි හමුදා සාමාජිකයන්ගෙන් අපට උපදෙස් ලැබුණි.

[ATTACH=full]180972[/ATTACH]

විඩාබර දවසක අවසානයේ ඉක්මනින් නින්දට යැමට සියල්ලෝම සූදානම් වෙද්දි කැළුම් අයියා නිරන්තර අවධානයෙන් සිටියේ අලියාගේ පැමිණීම පිලිබදවයි.එදා රැ තනි අලියත් කොටියත් කදවුරු භුමිය ආසන්නයටම පැමිණි බව මා දැනගත්තේ පසුදා උදැසන කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් ගෙනි.

කුඩා කැබිලිත්තේ සිට කුඹුක්කන් ඔය හරහා ගොස ලින් තුන දක්වා කල දෙවනි දවසේ සංචාරය සමග ඊලග කොටසින් හමුවෙමු.

හරෝ හරා

[ATTACH=full]180975[/ATTACH][ATTACH=full]180976[/ATTACH]

නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.

මේකත් ඔබාගෙනම යන්න

[ATTACH=full]180977[/ATTACH]

[QUOTE="SasiSpenzer, post: 28048273, member: 558116"] [HEADING=1][B][COLOR=rgb(251, 160, 38)]දෙවියන්ගේ බාරේ - 2022 - පලමු කොටස ( කතරගම පාද යාත්‍රා)[/COLOR][/B][/HEADING] මරදාන ස්ටේශම අද තරමක් සන්සුන්ය. වෙන සිකුරාදා දිනයන්ට එකම කාලගෝට්ටියක් වෙන මරදානේ අද සෙනග අඩු පාලු ගතියක් දකින්නට ලැබේ. රාගමින් කොච්චියට ගොඩවුන මම මරදානෙන් බැසගත්තේ කිලෝ 12කට වඩා වැඩි බැග් එකත් කර පින්නාගෙනය. ස්ටේශමෙන් එලියට පැමින පුංචි බොරැල්ල දෙසට පයින්ම ගමන පටන්ගත් මට ආනන්ද විද්‍යාලය ට මදක් එපිටින් නවතා ඇති කොළඹ අක්කරෙයිපත්තු බස් රථය ඇස ගැටීමට වැඩි වෙලාවක් ගියේ නැත.අනෙකුත් සියළුම දෙනා ඒ වනවිටත් බස් එකට ගොඩවී අවසන්ය. බර අධික මගේ බෑගයත් බස් රථයේ යට බෑග් දමන කොටසට අඩුක් කොට මමද ඔවුන් හා එකතුවීමී. [ATTACH type="full"]180967[/ATTACH] 2019 දි කරගත් බකපණ්ඩිත ක්‍රියා වලින් අග්‍රස්ථානයට පත්වු කතරගම පාදයාත්රාව අවසන් කල දින සිටම අප සිටියේ මීලග පාදයාත්‍රාවට ඇගිළි ගනිමින්ය. කොරෝනා තත්ව යටතේ අවුරුදු දෙකක් පාදයාත්‍රාවට බැතිමතුන්ට අවසර දීමට රජය විසින් ප්‍රතික්ශේප කරන ලදි. එහෙත් අවසානයේදි 2022 පාදයාත්රාව පැවත්වීමට තිරණය කිරීමත් සමග එතෙක්කල් අපි බලාසිටි අවස්ථාව උදාවිනි. රැකියා ප්‍රශ්ණ සහ හදීසි අසනීප තත්ව හේතුවෙන් මාගේ පෙර ගමන් සගයන් දෙදෙනාටම මෙවර පාදයාත්රාව මගහැරෙද්දි කෝඩුකාරයන් වු බුද්ධිකත් කැළුම් අයියාත් ගමනට එකතුවිනි. 2019 පාදයාත්‍රාවට මා හට සියළු විස්තර ලබාදුන් චින්තාද අවසානයේ නඩයට එකතුවීම එක් අතකින් තවත් ශක්තියක් විය. පානමට ඇති එකම බස් රථය ලෙස රාත්‍රී 7 ට ගමන් ආරම්භ කරන ල0ගම බස් රථය පැවතීමත් මෙවර පාදයාත්‍රාවට අධික පිරිසක් යොමුවී තිබීමත් යන කාරණා නිසාම ඒ බස් රථය මගහැර අක්කරෙයිපත්තු බස් රථයක ගමන්කොට පොතුවිල් සිට අප මිත්‍ර රොහාන්ගේ වැන් රථය මගින් ගමන් කිරීමට සියළුම දෙනා මුලදීම එකගවිය. [ATTACH type="full"]180973[/ATTACH] අක්කරෙයිපත්තු බස් රථය අධි සුඛෝපබෝගි බස් රථයක් නිසාවෙන් හොද නින්දක් සහිතව ගමන් කිරීම අපගේ මූලික අරමුණ විය. බස් රථයේ ආසන 4ක් කල් තියාම අපහට වෙන්කර දීමට පානම පදි0චි මාහේ හිතමිත්‍ර තුසිත විසින් ක්‍රියාකර තිබුනි. ගමනට සූදානම් වීම මීට සති දෙකකට පමණ සිදුවන්නේ ඔන්ලයින් ක්රමයටය. අවශ්‍ය පොදු බඩු බාහිරාදිය පලමුවත් පුද්ගලිකව අවශ්‍ය දේ දෙවනුවත් සපයාගෙන ඒ බඩු පිරිස අතර බෙදාගෙන රැගෙන ඒමට තීරණය කරන ලදි. සියළුම දේ අදාල සැලසුමට අනුව සකසාගත් අපි දැන් සිටින්නේ ඉහතකී අක්කරෙයිපත්තු බස් රථයේය. රාත්‍රී 7.30 ට පමණ ගමන් ඇරඹු බස් රථය රත්නපුර පැල්මඩුල්ල උඩවලව මොණරාගල සියඹලාන්ඩුව හරහා පොතුවිල් කරා ලගා වෙද්දි පාන්දර 3.30 පමණ වන්නට ඇත.ඒ වනවිටත් තුසිතත් රොහාන්ගේ වැන් රථයත් අපිව පිලිගැනීමට පොතුවිල් නගරයට පැමිණ අවසන්ය. ඉක්මනින් වෑන් රථයට ගොඩවු අපි ඉන්පසු ආරුගම්බේ පානම හරහා ඔකදට ගමන් ඇරඹුවෙමු. පානම්පත්තුවට හිරු උදාවට පැයකට පමණ පෙර කැලේ මැදින් යෙදෙන මේ ගමන සැමවිටම වනසතුන් රිසිසේ බලාගැනීමට හැකිවන ගමනකි. මුවන් ගෝනුන් සහ ගනන් කල නොහැකි තරම් වු හාවුන් මාර්ගය හරහා පැන ගියේ තවත් එක වනගත චාරිකාවක අද්දැකීමක් අපට ලබාදෙමිනි. [ATTACH type="full"]180974[/ATTACH] උදෑසන 5.30 ට පමණ ඔකද දේවාල භූමියට පැමිණි අප හැකි ඉක්මනින් සූදානම් වී දේවාලයත් වැදපුදාගෙන ගමන ආරම්භ කල යුතුව තිබුනි.මූණ අතපය ආඩි ලිදෙන් සෝදාගෙන පිරිසිදුවී ඔකද දේවාලය වැදපුදාගත් අපි ඉන්පසුව ඔකදින් උදේ ආහාරයත් දිවා ආහාරය පාර්සල් ලෙසත් ලබාගත්තෙමු. මේ සියල්ල අවසානයේ අපි ගමන ආරම්භ කරනවිට උදේ 7.45 පමණ වන්නට ඇත. කුමන පිවිසුමේ දි අපගේ දත්ත ලබාගැනීමෙන් අනතුරුව අපිට කුමන ජාතික උද්‍යානයට ඇතුල්වීමට අවසර ලැබුනි. [ATTACH type="full"]180968[/ATTACH] පලවෙනි දවස සෑම විටම තරමක් අසීරුය.ඔකද දේවාලයේ සිට කිලෝමීටර් 21ක දුරක් පලවෙනි දවසට නියමිත වී තිබේ. කොළඹ සිටි පැමිණෛ ගමන් මහන්සියත් පාරිසරික වෙනස්වීමට හුරු නොවු ශරීරත් නිසා පලවෙනි දවස බොහෝදෙනෙක්ට බොහෝවිට අසීරු දවසකි. බොහෝකලක් නිවසට වී නිකන්ම සිටීම නිසා අලවී තිබූ මගේ කකුල් දෙක කිලෝ 15කට වැඩි බරක් සමග තරමක් වේගයෙන් ගමන් කිරීමට මුලදී තරමක් අකමැති විය. විනාඩි 5න් පහට විනාඩියක පමණ කෙටි විවේක ගැනීමට මට මුලදි සිදුවිය. එහෙත් කිලෝමීටර් 3 ක පමණ දුරක් ඇවිදගිය පසු නැවතත් සුපුරුදු ලෙස අපහසුවකින් තොරව ඇවිදයාමට මට හැකිවිනි. 2019 පාදයාත්‍රාවට වඩා මෙවර අතිශයින්ම වෙනස් අද්දැකීම් අපහට ලැබෙන බව සානාථ කරමින් මද දුරක් යන්නට කලින්ම පාර මැද හොදින් වැඩුන තිත් පොළගෙකු දක්නට ලැබුනි. [ATTACH type="full"]180969[/ATTACH] බාගුර පසුකර ටිකදුරක් යැමේදි මුව පැටියෙකු පසුපස පන්නාගෙන ආ නරියන් දෙදෙනෙකු අපට දැකගන්නට ලැබුන අතර මුව පැටියා අප අතරෙන් දිවීම නිසා නරියන් දෙදෙනා ගොදුර අතහැර නැවතත් කැලැ වැදුනි. පිලිවෙලින් මුව රංචුවකුත් අලි රංචුවකුත් පෙරදිනයේ කොටියෙකු විසින් පහරදී ආහරයට ගත් මී හරක් පැටවෙකුත් මාර්ගය දෙපස සිට අප හට දක්නට ලැබුණි. [ATTACH type="full"]180971[/ATTACH] කුඩා කැබිලිත්තට ලගාවත්ම කුඩා කැබිලිත්තේ ප්‍රසිද්ධ තනි අලියා පාර මාරුවෙමින් දිය කෙලියට යන අයුරු ඉතාමත් ආසන්නයෙන් දැකගන්නට ලැබුනි. ඔකදින් රැගෙන ආ දිවා ආහාරය වූ රොටී අපි කැවේ 2019 දි අපේ දිවා ආහාරය ගත් ගසයට සිටමය.විනාඩි 45ක පමණ විවේකයක් දිවා ආහාරයට වෙන්විය. පස්වරු 5 පමණ වනවිට කුඩා කැබැලිත්ත කදවුරු භූමියට පැමිණි අප කදවුරු බැදීමට තැනක් සොයාගැනීමෙන් අනතුරුව කුඹුක්කන් ඔයේ ගිලි සිත් සේ නා ගත්තෙමු. රාත්‍රී ආහාරයට බත් සමග පරිප්පු සූදානම් කෙරුනු අතර කැලුම් අයියා ගෙනා සීනි සම්බෝලයද ඊට එකතුවිය. අපගේ කදවුරු භූමිය අලි ම0කඩකට ඉතා ආසන්නයෙන් තිබීම නිසා ගිනිමැලයක් දැල්වීමට කුඩාකැබිලිත්තේ ආරක්ශාවට සිටි හමුදා සාමාජිකයන්ගෙන් අපට උපදෙස් ලැබුණි. [ATTACH type="full"]180972[/ATTACH] විඩාබර දවසක අවසානයේ ඉක්මනින් නින්දට යැමට සියල්ලෝම සූදානම් වෙද්දි කැළුම් අයියා නිරන්තර අවධානයෙන් සිටියේ අලියාගේ පැමිණීම පිලිබදවයි.එදා රැ තනි අලියත් කොටියත් කදවුරු භුමිය ආසන්නයටම පැමිණි බව මා දැනගත්තේ පසුදා උදැසන කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් ගෙනි. කුඩා කැබිලිත්තේ සිට කුඹුක්කන් ඔය හරහා ගොස ලින් තුන දක්වා කල දෙවනි දවසේ සංචාරය සමග ඊලග කොටසින් හමුවෙමු. හරෝ හරා [ATTACH type="full"]180975[/ATTACH][ATTACH type="full"]180976[/ATTACH] [B]නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.[/B] [HEADING=1][B][URL='https://www.youtube.com/channel/UC4bK4S4lTum10ierM1kqGlQ?sub_confirmation=1']මේකත් ඔබාගෙනම යන්න[/URL] 👈👈👈 :yes: :yes: [ATTACH type="full"]180977[/ATTACH][/B][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom