Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙළුම් ගෙඩියක සැඟවුණු ගුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙළුම් ගෙඩියක සැඟවුණු ගුණ

තද රතු පැහැයෙන් යුතු පැණි බේරෙන දෙළුම් කන්න වයස් භේදයකින් තොරව කවුරුත් කැමති යි. මීටර් 5 – 8 දක්වා උසට වැඩෙන දෙළුම් ගස Punica granatum යන විද්‍යාත්මක නාමය හඳුන්වනවා. සාමාන්‍යයෙන් සැප්තැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ දී උතුරු අර්ධ ගෝලයේ ද මාර්තු සිට මැයි දක්වා කාලය තුළ දී දකුණු අර්ධ ගෝලයේ ද දෙළුම් අස්වැන්න දක්නට ලැබෙන අතර ඉරානය නිජබිම කරගෙන බිහි වූවා යැයි සැලකෙන දෙළුම්, ඈත අතීතයේ සිටම මධ්‍යධරණී මුහුදු ආශ්රිත රටවල සහ උතුරු ඉන්දියාවේ වගා කර තිබෙනවා. 16 වැනි සියවසේ දී පමණ එය මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු මහද්වීපවලට හඳුන්වා දී ඇත්තේ ස්පාඤ්ඤ නාවිකයන් විසින්.

පලතුරු ලෝකයේ දක්නට ලැබෙන සෞඛ්‍යදායක බවෙන් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම් තුළ අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝගයන් අඩංගු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව යි. දෙළුම් ගෙඩියක් තුළ සැඟවුණු ගුණ ගැන තොරතුරු යි මේ.

පෝෂ්‍යදායී දෙළුම්

බෙරි විශේෂයක් ලෙස සැලකෙන දෙළුම් ගෙඩියක් හොඳින් ඉදුණු විට දීප්තිමත්, දිලිසෙන සුලු රතු පැහැයක් ගන්නවා. එසේ හොඳින් ඉදුණු දෙළුම් ඇට කෝප්පයක (ග්‍රෑම් 174 ක) පහත පරිදි විශාල ප්‍රමාණයන්ගෙන් පෝෂණ කොටස් අඩංගු වෙනවා.

තන්තු : ග්‍රෑම් 7

ප්‍රෝටීන් : ග්‍රෑම් 3

විටමින් C : දෛනික අවශ්‍යතාවයෙන් 30%

විටමින් K : දෛනික අවශ්‍යතාවයෙන් 36%

ෆොලේට් : දෛනික අවශ්‍යතාවයෙන් 16%

පොටෑසියම් : දෛනික අවශ්‍යතාවයෙන් 12%

සීනි : ග්‍රෑම් 24

කැලරි : 144

ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක්

පලතුරුවල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝගයන් ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් දෙළුම් පරිපූර්ණ යි. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වෙනවා. එය කොතරම් ප්‍රබල ද කිවහොත් රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුතු යි.

පිළිකාවට එරෙහි ව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය ද අඩංගු වන්නේ දෙළුම් ඇටවල යි. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මගින් ලබා ගන්නා තෙල් යොදා ගනු ලබනවා.

පිළිකාවට එරෙහි ව දෙළුම්

පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහි ව දෙළුම් යොදා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතු යි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක දී ඒ මගින් නිපදවන PSA (prostate specific antigen) නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළ දී දෙගුණයක් වන අතර පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අයෙක් දිනෙකට දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත් සති 15 කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය සති 54 දක්වා වැඩි වන බව යි.

අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධ අවධානම අඩු කිරීමට දෙළුම්

හෘදයාබාධ ඇති කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන සාධකයක් ලෙස අධි රුධිර පීඩනය හඳුන්වා දිය හැකි යි. දිනෙකට දෙළුම් යුෂ අවුන්ස 5 බැවින් සති 2 ක් පානය කිරීම මගින් ඖෂධ භාවිතයකින් තොර ව අධි රුධිර පීඩනය අවම කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.

එසේ ම දෙළුම් යුෂ මගින් දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන අතර ම හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම ද සිදු කරනවා.

ඔබත් සන්ධිප්රදාහයෙන් පීඩා විඳිනවා ද?

බොහෝමයක් වයස්ගත උදවිය පීඩා විඳින රෝගයක් තමයි, සන්ධිප්රදාහය. එහි විවිධ ස්වරූප පැවතුණ ද වඩාත් සුලබව දක්නට ලැබෙන්නේ සන්ධි ආශ්‍රිතව හට ගන්නා ඉදිමුම සහ දැවිල්ල යි. දෙළුම්වල අඩංගු වන ශාක සංයෝග මගින් සන්ධිප්රදාහය සමග පැමිණෙන දැවිල්ල අවම කිරීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනවා.

එසේ ම පර්යේෂණයන් මගින් පැහැදිලි වී ඇත්තේ සන්ධිවලට හානි සිදු කරමින් අස්ථි සන්ධිප්රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම සඳහා දෙළුම් සාරය යොදා ගත හැකි බව යි.

සුපිරි මතකයක සහ සවිමත් සිරුරක රහස

දෙළුම් යුෂ සහ ඇට මගින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් 28 දෙනෙකුට දිනපතා දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් ලබා දෙමින් සිදු කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව යි.

මේ නිසා ම ඇල්සයිමර්’ස් රෝගයට ඖෂධ නිපදවීම සඳහා දෙළුම් යොදා ගැනීම කෙරෙහි විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා.

මීට අමතර ව දෙළුම්වල ආහාරයට ගත හැකි ඉහළ නයිට්රේට් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ මගින් සිරුර වෙහෙසා කටයුතු කිරීමේ හැකියාව ඉහළ නංවන බව යි පැවසෙන්නේ. ක්‍රීඩකයන් 19 දෙනෙකුට දිවීමේ යන්ත්‍රයක් මත දිවීම ඇරඹීමට මිනිත්තු 30 කට පෙර දෙළුම් සාරය ග්‍රෑම් 1 බැගින් ලබා දීම මගින් සැලකිය යුතු ලෙස සිරුරේ රුධිර සැපයුම ඉහළ ගිය අයුරු පර්යේෂණයක දී නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව අධික වෙහෙස නැති කිරීමට පිළියමක් ලෙස දෙළුම් යොදා ගත හැකි බව යි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.

බෙහෙත් යොදාගෙන කල්තබා ගන්නා ඇපල් සහ දොඩම් ආහාරයට ගන්නවා වෙනුවට දෙළුම් ආහාරයට ගැනීම සිරුරට කොතරම් හිතකර ද? පලතුරු මිල දී ගැනීමේ දී මේ ගැනත් සිතා බලන්න. ඒ වගේ ම දෙළුම් මිලට ගැනීමේ දී මනා ව පැසුණු, තද රතු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා විහිදී යන පොත්තක් සහිත ප්‍රමාණයට සරිලන තරමේ බරකින් යුතු දෙළුම් මිල දී ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.

මූලාශ්‍ර :

authoritynutrition.com

drfuhrman.com

brightside.me

https://roar.media/sinhala/health-lifestyle/health-benefits-of-pomegranate/

[QUOTE="LANKAT, post: 22205740, member: 564023"] [b]දෙළුම් ගෙඩියක සැඟවුණු ගුණ[/b] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]තද රතු පැහැයෙන් යුතු පැණි බේරෙන දෙළුම් කන්න වයස් භේදයකින් තොරව කවුරුත් කැමති යි. මීටර් 5 – 8 දක්වා උසට වැඩෙන දෙළුම් ගස Punica granatum යන විද්‍යාත්මක නාමය හඳුන්වනවා. සාමාන්‍යයෙන් සැප්තැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ දී උතුරු අර්ධ ගෝලයේ ද මාර්තු සිට මැයි දක්වා කාලය තුළ දී දකුණු අර්ධ ගෝලයේ ද දෙළුම් අස්වැන්න දක්නට ලැබෙන අතර ඉරානය නිජබිම කරගෙන බිහි වූවා යැයි සැලකෙන දෙළුම්, ඈත අතීතයේ සිටම මධ්‍යධරණී මුහුදු ආශ්රිත රටවල සහ උතුරු ඉන්දියාවේ වගා කර තිබෙනවා. 16 වැනි සියවසේ දී පමණ එය මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු මහද්වීපවලට හඳුන්වා දී ඇත්තේ ස්පාඤ්ඤ නාවිකයන් විසින්. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06143733/Picture-32-701x488.jpg[/IMG] පලතුරු ලෝකයේ දක්නට ලැබෙන සෞඛ්‍යදායක බවෙන් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම් තුළ අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝගයන් අඩංගු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව යි. දෙළුම් ගෙඩියක් තුළ සැඟවුණු ගුණ ගැන තොරතුරු යි මේ. පෝෂ්‍යදායී දෙළුම් [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06143719/Picture-42-701x468.jpg[/IMG] බෙරි විශේෂයක් ලෙස සැලකෙන දෙළුම් ගෙඩියක් හොඳින් ඉදුණු විට දීප්තිමත්, දිලිසෙන සුලු රතු පැහැයක් ගන්නවා. එසේ හොඳින් ඉදුණු දෙළුම් ඇට කෝප්පයක (ග්‍රෑම් 174 ක) පහත පරිදි විශාල ප්‍රමාණයන්ගෙන් පෝෂණ කොටස් අඩංගු වෙනවා. තන්තු : ග්‍රෑම් 7 ප්‍රෝටීන් : ග්‍රෑම් 3 විටමින් C : දෛනික අවශ්‍යතාවයෙන් 30% විටමින් K : දෛනික අවශ්‍යතාවයෙන් 36% ෆොලේට් : දෛනික අවශ්‍යතාවයෙන් 16% පොටෑසියම් : දෛනික අවශ්‍යතාවයෙන් 12% සීනි : ග්‍රෑම් 24 කැලරි : 144 ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක් [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06143657/Picture-13-1180x520.jpg[/IMG] පලතුරුවල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝගයන් ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් දෙළුම් පරිපූර්ණ යි. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වෙනවා. එය කොතරම් ප්‍රබල ද කිවහොත් රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුතු යි. පිළිකාවට එරෙහි ව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය ද අඩංගු වන්නේ දෙළුම් ඇටවල යි. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මගින් ලබා ගන්නා තෙල් යොදා ගනු ලබනවා. පිළිකාවට එරෙහි ව දෙළුම් පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහි ව දෙළුම් යොදා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතු යි. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක දී ඒ මගින් නිපදවන PSA (prostate specific antigen) නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළ දී දෙගුණයක් වන අතර පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අයෙක් දිනෙකට දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත් සති 15 කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය සති 54 දක්වා වැඩි වන බව යි. අධි රුධිර පීඩනයට සහ හෘදයාබාධ අවධානම අඩු කිරීමට දෙළුම් හෘදයාබාධ ඇති කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දෙන සාධකයක් ලෙස අධි රුධිර පීඩනය හඳුන්වා දිය හැකි යි. දිනෙකට දෙළුම් යුෂ අවුන්ස 5 බැවින් සති 2 ක් පානය කිරීම මගින් ඖෂධ භාවිතයකින් තොර ව අධි රුධිර පීඩනය අවම කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. එසේ ම දෙළුම් යුෂ මගින් දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන අතර ම හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම ද සිදු කරනවා. ඔබත් සන්ධිප්රදාහයෙන් පීඩා විඳිනවා ද? බොහෝමයක් වයස්ගත උදවිය පීඩා විඳින රෝගයක් තමයි, සන්ධිප්රදාහය. එහි විවිධ ස්වරූප පැවතුණ ද වඩාත් සුලබව දක්නට ලැබෙන්නේ සන්ධි ආශ්‍රිතව හට ගන්නා ඉදිමුම සහ දැවිල්ල යි. දෙළුම්වල අඩංගු වන ශාක සංයෝග මගින් සන්ධිප්රදාහය සමග පැමිණෙන දැවිල්ල අවම කිරීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනවා. එසේ ම පර්යේෂණයන් මගින් පැහැදිලි වී ඇත්තේ සන්ධිවලට හානි සිදු කරමින් අස්ථි සන්ධිප්රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම සඳහා දෙළුම් සාරය යොදා ගත හැකි බව යි. සුපිරි මතකයක සහ සවිමත් සිරුරක රහස දෙළුම් යුෂ සහ ඇට මගින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටි පුද්ගලයන් 28 දෙනෙකුට දිනපතා දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් ලබා දෙමින් සිදු කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව යි. මේ නිසා ම ඇල්සයිමර්’ස් රෝගයට ඖෂධ නිපදවීම සඳහා දෙළුම් යොදා ගැනීම කෙරෙහි විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. මීට අමතර ව දෙළුම්වල ආහාරයට ගත හැකි ඉහළ නයිට්රේට් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ මගින් සිරුර වෙහෙසා කටයුතු කිරීමේ හැකියාව ඉහළ නංවන බව යි පැවසෙන්නේ. ක්‍රීඩකයන් 19 දෙනෙකුට දිවීමේ යන්ත්‍රයක් මත දිවීම ඇරඹීමට මිනිත්තු 30 කට පෙර දෙළුම් සාරය ග්‍රෑම් 1 බැගින් ලබා දීම මගින් සැලකිය යුතු ලෙස සිරුරේ රුධිර සැපයුම ඉහළ ගිය අයුරු පර්යේෂණයක දී නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව අධික වෙහෙස නැති කිරීමට පිළියමක් ලෙස දෙළුම් යොදා ගත හැකි බව යි විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. බෙහෙත් යොදාගෙන කල්තබා ගන්නා ඇපල් සහ දොඩම් ආහාරයට ගන්නවා වෙනුවට දෙළුම් ආහාරයට ගැනීම සිරුරට කොතරම් හිතකර ද? පලතුරු මිල දී ගැනීමේ දී මේ ගැනත් සිතා බලන්න. ඒ වගේ ම දෙළුම් මිලට ගැනීමේ දී මනා ව පැසුණු, තද රතු පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා විහිදී යන පොත්තක් සහිත ප්‍රමාණයට සරිලන තරමේ බරකින් යුතු දෙළුම් මිල දී ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. මූලාශ්‍ර : authoritynutrition.com drfuhrman.com brightside.me[/SIZE] [url]https://roar.media/sinhala/health-lifestyle/health-benefits-of-pomegranate/[/url][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom