Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේවාලය වැසී යයි - ඥානක්කා අතුරුදන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් ලංකාවේ පැවැති සෑම ආණ්ඩු විරෝධී අරගලවලදී කියැවුණේ දේශපාලනයට සම්බන්ධ සටන් පාඨය. නැතිනම් දේශපාලනඥයන්ගේ නම්ය. එනමුත් ඉතිහාසයේ මුල් වතාවට සාත්තරකාරියකගේ නමක් ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවකදී රට පුරා සෑම මුවකින්ම කියැවේ. ඒ නම ඥානාය. ‘ඥානා අක්කා’ එසේ නැතිනම් ‘ඥාන මෑණි’ ගැන එල්ල වන මේ චෝදනාවලට ඇගේ පාර්ශ්වයෙන් උත්තර දැන ගැනීමට අපි බොහෝ උත්සාහ කළෙමු. අනුරාධපුරයේ ඇගේ දේවාලයට ගියද දෙවියන් වෙනුවට ඇගේ ආරක්ෂාවට දැන් එහි ඉන්නේ පොලිස් භටයෝය. මේ ඥානා මෑණිගේ දේවාලයට ගිය ලියුම්කරුගේ අත්දැකීම්ය.

මේ වන විට ඇය ආපසු නිවසට පැමිණ සිටින මුත් දෙවියන් මේ දේවාලයට වැඩම කර නැති සෙයකි. දෙවියන් කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු නම් ඇත්තේ ඇගේත් දෙවියන්ගේත් ආරක්ෂාව පිණිසය.

ඥාන මෑණිගේ නිවසත් දේවාලයත් අතර ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි.

ඔවුන් මාධ්‍යවේදීන්ට ඥාන මෑණිගේ දේවාලය අවට පින්තූර ගන්නට, වීඩියෝ කරන්නට බාධා කරති. එනපොට හොඳ නැති නිසා අපිට ඒ බිමේ ඉන්නට වූයේ නිර්නාමිකවය.

‘‘ඥානා මෑණි හම්බුවෙන්න බැරිද. සාත්තරයක් අහගන්න’’ අපි ඇහුවෙමු. ‘‘දේවාලේ වහලා. කාටවත් යන්න දෙන්නේ නෑ.’’ පොලිස් මහත්තයෙක් කීවේය.

අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ආන්තිකුලම් ගම පාළුවට ගොසින්ය. දෙතුන් සතියකට පෙර ඒ පාරේ නිතර දක්නට ලැබෙන V8, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්., ඩිෆෙන්ඩර්ද දක්නට නැත. සතියට දෙතුන් වතාවක් පාර පුරා දැඩි ආරක්ෂක රැකවල් දමන ප්‍රභූ ආරක්ෂකයෝද නැත.

ගුවන්තොටුපොළ පාර අවට හෝටල් හිමියෝද නන්නත්තාර වී ඇති සෙයකි. දෙතුන් සතියකට ඉස්සෙල්ලා කී දෙනෙක් අපේ හෝටල්වල නතර වෙන්න ආවද? එහෙම ආවෙත් කොළඹ සල්ලිකාරයෝ. අන්තිමේදී අපිටත් හෙණහත වැදුණා වගේ. ඥානා මෑණිගේ දේවාල පාරේ ඇති සුපිරි හෝටලයක අයිතිකරුවෙක් කීවේය.

තුන්සිය හැටපස් දවසේම පැය විසි හතර පුරාම වායුසමනය කළ, නොකළ හෝටල් කාමර හා නිවාස කුලියට ගැනීමට ආ පිරිස් ක්‍රමයෙන් අඩුවී දින දින ගෙවෙද්දී නැත්තටම නැතිව ගියේය. රටටම හෙණ හත වැදී ඇති මේ මොහොතේ අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ආන්තිකුලමේ වැසියන්ට කියා අමුතුවෙන් වෙන්න දෙයක් නැත. එනමුත් ඔවුන් දෙතුන් සතියකට පෙර නම් කං කෙඳිරි ගෑමකින් තොරව හොඳින් සිටියෝය. ඒ තමන්ගේ ගමට එන සල්ලිකාර පැළැන්තිය නිසාය.

කොළඹින් ගිය සල්ලිකාර පැළැන්තියද ප්රභූවරුන්ද අනුරාධපුරයට ආවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කිරෙන් නහවා වත් පිළිවෙත් කර රුවන්වැලි සෑයද වැඳ නුවර වැවෙන් දිය නා යන්නට නොවේ. ඔවුන් ආවේ ඥානා මෑණියන් සොයාය. ඒ තමන්ගේ ඉරණම දැන ගන්නටය. රටේ නායකයාගේ සිට ලොකු ලොකු මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් ඥානා අක්කා සරණ සොයා ගිය බව අනුරාධපුරයේ ඇත්තන්ට රහසක් නොවේ. මක් නිසාදයත් ඔවුන්ගේ දෑසට බොරු කරන්නට බැරි නිසාය. හමුදා පොලිස් රැකවල් මැද ඔවුන් ඥාන අක්කාගේ දේවාලයට යන අයුරු බොහෝ අවස්ථාවලදී ගම්මු දුටුවහ. එසේ රටේ ප්රභූවරු තමන්ගේ ඉරණම ඥාන අක්කාට භාර දී තිබුණද ඇගේ ඉරණම විසඳෙන ආකාරය ගැන දෙවියන් ඇයට කියා නැති බව නම් දැන් දැන් සහතිකය. මේ සියල්ල වූයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඥාන මෑණිගේ දේවාලය වට කරන්නට ගිය මොහොතේ පටන්ය.

වසර ගණනාවක් තිස්සේ රාජ රාජ මහමාත්යාදීන්ට, සුරඟනන් යැයි සිතා සිටින නළඟනන්ට, ලොවක් හෙල්ලූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඉසිවරයන් බඳු වූ ජීවකයන්ට, මුළු දිවයිනම මිලට ගත හැකි ධන කුවේරයන්ට රක්තවර්ණ නූල් කැබැල්ලක් සුරතේ දැවටූ සැණින් මහත්ඵල මහානිශංස දුන් බව කියන ඥානා මෑණියන් රට සලිත කරන අරගලය හමුවේ හොරු අරන් ගියා සේය. තම දෙවොලට එල්ල වූ මාරාන්තික තර්ජන ගර්ජන හමුවේ දෙවියන්ද තාවකාලිකව අතහැර දැමූ ඇය ආරක්ෂක අංශවල රැකවරණය පැතුවාය. ඒ අනුව පසුගිය කාලයේ ඇය අනුරාධපුර නගරයට නුදුරු හමුදා කඳවුරක ආරක්ෂිතව සිටි බව කියැවේ. කෙසේ වෙතත් මේ වන විට ඇය ආපසු නිවසට පැමිණ සිටින මුත් දෙවියන් මේ දේවාලයට වැඩම කර නැති සෙයකි. දෙවියන් කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු නම් ඇත්තේ ඇගේත් දෙවියන්ගේත් ආරක්ෂාව පිණිසය.

ඥාන මෑණිගේ නිවසත් දේවාලයත් අතර ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි. ගුවන්තොටුපොළ පරේ නිදහස් මාවතෙන් ගොස් ආන්තිකුලම් හන්දියට ගිය විට අපිට දක්නට ලැබුණේ පොලිසියේ දහ පහළොස් දෙනෙක් හන්දිය මුරකරන අයුරුය. ඥාන මෑණියන්ගේ දේවාලේ කාර්පාක් එක ඇත්තේද ඒ ළඟය. පොලිසියට අමතරව තවත් තුන් හතර දෙනෙක් ඒ අවට නිතර කරක් ගසති. ඔවුන් මාධ්‍යවේදීන්ට ඥාන මෑණිගේ දේවාලය අවට පින්තූර ගන්නට, වීඩියෝ කරන්නට බාධා කරති. එනපොට හොඳ නැති නිසා අපිට ඒ බිමේ ඉන්නට වූයේ නිර්නාමිකවය.

‘‘ඥානා මෑණි හම්බුවෙන්න බැරිද. සාත්තරයක් අහගන්න’’ අපි ඇහුවෙමු. ‘‘දේවාලේ වහලා. කාටවත් යන්න දෙන්නේ නෑ.’’ පොලිස් මහත්තයෙක් කීවේය.

දළදා මාලිගාවට හෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පොලිස් ආරක්ෂාව දීමට හේතු ගැනනම් අපිට හිතා ගන්නට හැකිය. එහෙත් පෞද්ගලික දේවාලයකට පොලිස් හා හමුදා ආරක්ෂාව දී ඇත්තේ ඇයිදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. කෙසේ නමුත් ආන්තිකුලම් ගමේ වැසියන්ද කියන්නේ දෙතුන් සතියක් පුරා ඥානා මෑණියන් දැක්කේ නැති බවය.

ඥානා මැණිගේ දේවාලේ එක පැත්තකින් ඇත්තේ නුවර වැව් තාවුල්ලය. තුන් පැත්තකින් දේවාලේ වට කර ඇත්තේ තාප්පවලිනි. ඥාන මෑණි දේවාලේ අතහැර ගිය දවස්වලත් ඒ බිමේ නොකඩවා වත් පිළිවෙත් කෙරුණේය. අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කෙරුණි. මල් පහන් හඳුන්කූරු පත්තු කෙරුණි.

ගම්මු කියන විදියට ඥානා අක්කා නැති වේලේ දේවාලේ වත් පිළිවෙත් කෙරුණේ හමුදා සෙබළු හත් අටදෙනකු විසිනි. දැන් ඒ අය ඉන්නේ රැවුල් වවාගෙන. එතකොට හමුදාවේ කියලා මිනිසුන්ට හිතෙන්නේ නෑනේ. ආන්තිකුලම් ගමේ අයකු නිර්නාමිකව පෙනී සිටිමින් කීය.

දින කීපයක් පුරාම අප ඇය ඉන්නා තැනක් සොයා ගැනීමට ඇගේ ගම වටා කරක් ගැහුවෙමු. ඒ ඇගේ පැත්තෙන් කියන කතාවට ඉඩ දෙන්නටය. ඇය නීති විරෝධීව නුවර වැව ගොඩකර හෝටල් හදන බවත්, ඒවායේ ඉදිකිරීම් සඳහා කම්කරු ශ්‍රමය ලෙස යොදා ගන්නේ යුද හමුදා සෙබළු බවත් ගම්මු චෝදනා කළෝය.

මේවාට උත්තර දෙන්නට අප ඈ සොයා ගැනීමට උත්සාහ කළද පොලිසියෙන් ඒ පැත්ත පළාතේවත් යන්නට අවසර දෙන්නේ නැත.

දේවාලේ වටකර දැන් ඉන්නේ ධර්ම චක්‍රය උරේ ගසා ගත් පොලිස් මහත්වරුය. දෙවියන්ගේ බලයෙන් මුළු රාජ්‍ය තන්ත්රයේම ගරු සත්කාරවලට ලක්ව සිටි ඥාන මෑණියන්ට දැන් සරණ වී ඇත්තේ ආයුධ බලයය.

ඥානා මෑණියන්ගේ මේ බලගතු දේවොලේ අනුහස් ඇසූවිට මීට කලකට පෙර වයඹ පළාතේ සිදුවීමක් මතකයට නැගේ. අසූව දශකයේ අග භාගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයකට හදිසියේ ගිය ආර්. ප්‍රේමදාස ජනපතිවරයා බෝධීන් වහන්සේ වෙත ගොස් පැන් කළයක් හා මල් පහන් පූජාකර ආපසු ගියේය. තවත් සතියකට පසු නැවත එහි පැමිණ පෙර ලෙසම වැඳුම් පිදුම් කර නික්ම ගියේය.

ජනාධිපතිවරයා එසේ කළේ එම බෝධීන් වහන්සේගේ මහානුභාවසම්පන්න බලයක් ඇතැයි ඔහුගේ උපදේශකයකු දුන් උපදේශයක් නිසාය. මෙසේ ජනාධිපතිවරයා දින කීපයක් මෙම විහාරස්ථානයට ගොස් වැඳුම් පිදුම් කරනු ලබන්නේ එම බෝධීන් වහන්සේගේ ඇති මහා බලයක් නිසා බවත් එම බෝධිය වෙත පැන් කළයක් ඉසීමෙන් සිතූ පැතූ සම්පත් ලැබෙන බවත් රට පුරා ප්‍රචාරය වන්නට වැඩි කලක් නොගියේය. එතැන් සිට රටේ සිව් දිගින් ජනතාව දිනපතාම මහ පිරිස් ලෙසින් බස් පිටින් එම විහාරස්ථානයට පැමිණීමටත් බෝධිය වන්දනා කිරීමටත් පෙලඹුණෝය. ටික කලකින් විහාරස්ථානය අසල වෙළෙඳසල්, ආපනශාලා, අධික මිල ගණන් යටතේ ලැගුම්හල් ආදී ඉදිවිය. එම බෝධිය වැඳපුදා ගැනීමට කොපමණ පිරිසක් පැමිණියාදැයි කියනවානම් ඔවුන් පැමිණි වාහන දහස් ගණනින් ඇවිස්සුණු දූවිල්ලෙන් පාර දෙපස ගස් කොළන් දුඹුරු පැහැයට හැරුණේය. එම ස්ථානය ජනාකීර්ණවීම නිසා තාවකාලික පොලිස් මුරපොළක් යෙදීමට ද සිදුවිය. ඒ ආශ්චර්යය පැවැතියේ වසර තුන හතරකි. අද එම ජනාකීර්ණ ස්ථාන වල්බිහිවී ගොස් හමාරය. බලු බල්ලෙක් නැත. ඥාන අක්කාගේ දේවාලයටත් ඒ සන්තෑසියම සිද්ධ වෙයිදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

සුනිල් දහනායක (අරුණ ලිපිය ඇසුරිනි)

[QUOTE="dfgrendezvous, post: 27657388, member: 87074"] මෙතෙක් ලංකාවේ පැවැති සෑම ආණ්ඩු විරෝධී අරගලවලදී කියැවුණේ දේශපාලනයට සම්බන්ධ සටන් පාඨය. නැතිනම් දේශපාලනඥයන්ගේ නම්ය. එනමුත් ඉතිහාසයේ මුල් වතාවට සාත්තරකාරියකගේ නමක් ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවකදී රට පුරා සෑම මුවකින්ම කියැවේ. ඒ නම ඥානාය. ‘ඥානා අක්කා’ එසේ නැතිනම් ‘ඥාන මෑණි’ ගැන එල්ල වන මේ චෝදනාවලට ඇගේ පාර්ශ්වයෙන් උත්තර දැන ගැනීමට අපි බොහෝ උත්සාහ කළෙමු. අනුරාධපුරයේ ඇගේ දේවාලයට ගියද දෙවියන් වෙනුවට ඇගේ ආරක්ෂාවට දැන් එහි ඉන්නේ පොලිස් භටයෝය. මේ ඥානා මෑණිගේ දේවාලයට ගිය ලියුම්කරුගේ අත්දැකීම්ය. මේ වන විට ඇය ආපසු නිවසට පැමිණ සිටින මුත් දෙවියන් මේ දේවාලයට වැඩම කර නැති සෙයකි. දෙවියන් කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු නම් ඇත්තේ ඇගේත් දෙවියන්ගේත් ආරක්ෂාව පිණිසය. ඥාන මෑණිගේ නිවසත් දේවාලයත් අතර ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි. ඔවුන් මාධ්‍යවේදීන්ට ඥාන මෑණිගේ දේවාලය අවට පින්තූර ගන්නට, වීඩියෝ කරන්නට බාධා කරති. එනපොට හොඳ නැති නිසා අපිට ඒ බිමේ ඉන්නට වූයේ නිර්නාමිකවය. ‘‘ඥානා මෑණි හම්බුවෙන්න බැරිද. සාත්තරයක් අහගන්න’’ අපි ඇහුවෙමු. ‘‘දේවාලේ වහලා. කාටවත් යන්න දෙන්නේ නෑ.’’ පොලිස් මහත්තයෙක් කීවේය. අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ආන්තිකුලම් ගම පාළුවට ගොසින්ය. දෙතුන් සතියකට පෙර ඒ පාරේ නිතර දක්නට ලැබෙන V8, බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්., ඩිෆෙන්ඩර්ද දක්නට නැත. සතියට දෙතුන් වතාවක් පාර පුරා දැඩි ආරක්ෂක රැකවල් දමන ප්‍රභූ ආරක්ෂකයෝද නැත. ගුවන්තොටුපොළ පාර අවට හෝටල් හිමියෝද නන්නත්තාර වී ඇති සෙයකි. දෙතුන් සතියකට ඉස්සෙල්ලා කී දෙනෙක් අපේ හෝටල්වල නතර වෙන්න ආවද? එහෙම ආවෙත් කොළඹ සල්ලිකාරයෝ. අන්තිමේදී අපිටත් හෙණහත වැදුණා වගේ. ඥානා මෑණිගේ දේවාල පාරේ ඇති සුපිරි හෝටලයක අයිතිකරුවෙක් කීවේය. තුන්සිය හැටපස් දවසේම පැය විසි හතර පුරාම වායුසමනය කළ, නොකළ හෝටල් කාමර හා නිවාස කුලියට ගැනීමට ආ පිරිස් ක්‍රමයෙන් අඩුවී දින දින ගෙවෙද්දී නැත්තටම නැතිව ගියේය. රටටම හෙණ හත වැදී ඇති මේ මොහොතේ අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ආන්තිකුලමේ වැසියන්ට කියා අමුතුවෙන් වෙන්න දෙයක් නැත. එනමුත් ඔවුන් දෙතුන් සතියකට පෙර නම් කං කෙඳිරි ගෑමකින් තොරව හොඳින් සිටියෝය. ඒ තමන්ගේ ගමට එන සල්ලිකාර පැළැන්තිය නිසාය. කොළඹින් ගිය සල්ලිකාර පැළැන්තියද ප්රභූවරුන්ද අනුරාධපුරයට ආවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ කිරෙන් නහවා වත් පිළිවෙත් කර රුවන්වැලි සෑයද වැඳ නුවර වැවෙන් දිය නා යන්නට නොවේ. ඔවුන් ආවේ ඥානා මෑණියන් සොයාය. ඒ තමන්ගේ ඉරණම දැන ගන්නටය. රටේ නායකයාගේ සිට ලොකු ලොකු මැති ඇමැතිවරු බොහෝ දෙනෙක්ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් ඥානා අක්කා සරණ සොයා ගිය බව අනුරාධපුරයේ ඇත්තන්ට රහසක් නොවේ. මක් නිසාදයත් ඔවුන්ගේ දෑසට බොරු කරන්නට බැරි නිසාය. හමුදා පොලිස් රැකවල් මැද ඔවුන් ඥාන අක්කාගේ දේවාලයට යන අයුරු බොහෝ අවස්ථාවලදී ගම්මු දුටුවහ. එසේ රටේ ප්රභූවරු තමන්ගේ ඉරණම ඥාන අක්කාට භාර දී තිබුණද ඇගේ ඉරණම විසඳෙන ආකාරය ගැන දෙවියන් ඇයට කියා නැති බව නම් දැන් දැන් සහතිකය. මේ සියල්ල වූයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඥාන මෑණිගේ දේවාලය වට කරන්නට ගිය මොහොතේ පටන්ය. වසර ගණනාවක් තිස්සේ රාජ රාජ මහමාත්යාදීන්ට, සුරඟනන් යැයි සිතා සිටින නළඟනන්ට, ලොවක් හෙල්ලූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඉසිවරයන් බඳු වූ ජීවකයන්ට, මුළු දිවයිනම මිලට ගත හැකි ධන කුවේරයන්ට රක්තවර්ණ නූල් කැබැල්ලක් සුරතේ දැවටූ සැණින් මහත්ඵල මහානිශංස දුන් බව කියන ඥානා මෑණියන් රට සලිත කරන අරගලය හමුවේ හොරු අරන් ගියා සේය. තම දෙවොලට එල්ල වූ මාරාන්තික තර්ජන ගර්ජන හමුවේ දෙවියන්ද තාවකාලිකව අතහැර දැමූ ඇය ආරක්ෂක අංශවල රැකවරණය පැතුවාය. ඒ අනුව පසුගිය කාලයේ ඇය අනුරාධපුර නගරයට නුදුරු හමුදා කඳවුරක ආරක්ෂිතව සිටි බව කියැවේ. කෙසේ වෙතත් මේ වන විට ඇය ආපසු නිවසට පැමිණ සිටින මුත් දෙවියන් මේ දේවාලයට වැඩම කර නැති සෙයකි. දෙවියන් කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පහළොස් දෙනකු නම් ඇත්තේ ඇගේත් දෙවියන්ගේත් ආරක්ෂාව පිණිසය. ඥාන මෑණිගේ නිවසත් දේවාලයත් අතර ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි. ගුවන්තොටුපොළ පරේ නිදහස් මාවතෙන් ගොස් ආන්තිකුලම් හන්දියට ගිය විට අපිට දක්නට ලැබුණේ පොලිසියේ දහ පහළොස් දෙනෙක් හන්දිය මුරකරන අයුරුය. ඥාන මෑණියන්ගේ දේවාලේ කාර්පාක් එක ඇත්තේද ඒ ළඟය. පොලිසියට අමතරව තවත් තුන් හතර දෙනෙක් ඒ අවට නිතර කරක් ගසති. ඔවුන් මාධ්‍යවේදීන්ට ඥාන මෑණිගේ දේවාලය අවට පින්තූර ගන්නට, වීඩියෝ කරන්නට බාධා කරති. එනපොට හොඳ නැති නිසා අපිට ඒ බිමේ ඉන්නට වූයේ නිර්නාමිකවය. ‘‘ඥානා මෑණි හම්බුවෙන්න බැරිද. සාත්තරයක් අහගන්න’’ අපි ඇහුවෙමු. ‘‘දේවාලේ වහලා. කාටවත් යන්න දෙන්නේ නෑ.’’ පොලිස් මහත්තයෙක් කීවේය. දළදා මාලිගාවට හෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පොලිස් ආරක්ෂාව දීමට හේතු ගැනනම් අපිට හිතා ගන්නට හැකිය. එහෙත් පෞද්ගලික දේවාලයකට පොලිස් හා හමුදා ආරක්ෂාව දී ඇත්තේ ඇයිදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. කෙසේ නමුත් ආන්තිකුලම් ගමේ වැසියන්ද කියන්නේ දෙතුන් සතියක් පුරා ඥානා මෑණියන් දැක්කේ නැති බවය. ඥානා මැණිගේ දේවාලේ එක පැත්තකින් ඇත්තේ නුවර වැව් තාවුල්ලය. තුන් පැත්තකින් දේවාලේ වට කර ඇත්තේ තාප්පවලිනි. ඥාන මෑණි දේවාලේ අතහැර ගිය දවස්වලත් ඒ බිමේ නොකඩවා වත් පිළිවෙත් කෙරුණේය. අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කෙරුණි. මල් පහන් හඳුන්කූරු පත්තු කෙරුණි. ගම්මු කියන විදියට ඥානා අක්කා නැති වේලේ දේවාලේ වත් පිළිවෙත් කෙරුණේ හමුදා සෙබළු හත් අටදෙනකු විසිනි. දැන් ඒ අය ඉන්නේ රැවුල් වවාගෙන. එතකොට හමුදාවේ කියලා මිනිසුන්ට හිතෙන්නේ නෑනේ. ආන්තිකුලම් ගමේ අයකු නිර්නාමිකව පෙනී සිටිමින් කීය. දින කීපයක් පුරාම අප ඇය ඉන්නා තැනක් සොයා ගැනීමට ඇගේ ගම වටා කරක් ගැහුවෙමු. ඒ ඇගේ පැත්තෙන් කියන කතාවට ඉඩ දෙන්නටය. ඇය නීති විරෝධීව නුවර වැව ගොඩකර හෝටල් හදන බවත්, ඒවායේ ඉදිකිරීම් සඳහා කම්කරු ශ්‍රමය ලෙස යොදා ගන්නේ යුද හමුදා සෙබළු බවත් ගම්මු චෝදනා කළෝය. මේවාට උත්තර දෙන්නට අප ඈ සොයා ගැනීමට උත්සාහ කළද පොලිසියෙන් ඒ පැත්ත පළාතේවත් යන්නට අවසර දෙන්නේ නැත. දේවාලේ වටකර දැන් ඉන්නේ ධර්ම චක්‍රය උරේ ගසා ගත් පොලිස් මහත්වරුය. දෙවියන්ගේ බලයෙන් මුළු රාජ්‍ය තන්ත්රයේම ගරු සත්කාරවලට ලක්ව සිටි ඥාන මෑණියන්ට දැන් සරණ වී ඇත්තේ ආයුධ බලයය. ඥානා මෑණියන්ගේ මේ බලගතු දේවොලේ අනුහස් ඇසූවිට මීට කලකට පෙර වයඹ පළාතේ සිදුවීමක් මතකයට නැගේ. අසූව දශකයේ අග භාගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයකට හදිසියේ ගිය ආර්. ප්‍රේමදාස ජනපතිවරයා බෝධීන් වහන්සේ වෙත ගොස් පැන් කළයක් හා මල් පහන් පූජාකර ආපසු ගියේය. තවත් සතියකට පසු නැවත එහි පැමිණ පෙර ලෙසම වැඳුම් පිදුම් කර නික්ම ගියේය. ජනාධිපතිවරයා එසේ කළේ එම බෝධීන් වහන්සේගේ මහානුභාවසම්පන්න බලයක් ඇතැයි ඔහුගේ උපදේශකයකු දුන් උපදේශයක් නිසාය. මෙසේ ජනාධිපතිවරයා දින කීපයක් මෙම විහාරස්ථානයට ගොස් වැඳුම් පිදුම් කරනු ලබන්නේ එම බෝධීන් වහන්සේගේ ඇති මහා බලයක් නිසා බවත් එම බෝධිය වෙත පැන් කළයක් ඉසීමෙන් සිතූ පැතූ සම්පත් ලැබෙන බවත් රට පුරා ප්‍රචාරය වන්නට වැඩි කලක් නොගියේය. එතැන් සිට රටේ සිව් දිගින් ජනතාව දිනපතාම මහ පිරිස් ලෙසින් බස් පිටින් එම විහාරස්ථානයට පැමිණීමටත් බෝධිය වන්දනා කිරීමටත් පෙලඹුණෝය. ටික කලකින් විහාරස්ථානය අසල වෙළෙඳසල්, ආපනශාලා, අධික මිල ගණන් යටතේ ලැගුම්හල් ආදී ඉදිවිය. එම බෝධිය වැඳපුදා ගැනීමට කොපමණ පිරිසක් පැමිණියාදැයි කියනවානම් ඔවුන් පැමිණි වාහන දහස් ගණනින් ඇවිස්සුණු දූවිල්ලෙන් පාර දෙපස ගස් කොළන් දුඹුරු පැහැයට හැරුණේය. එම ස්ථානය ජනාකීර්ණවීම නිසා තාවකාලික පොලිස් මුරපොළක් යෙදීමට ද සිදුවිය. ඒ ආශ්චර්යය පැවැතියේ වසර තුන හතරකි. අද එම ජනාකීර්ණ ස්ථාන වල්බිහිවී ගොස් හමාරය. බලු බල්ලෙක් නැත. ඥාන අක්කාගේ දේවාලයටත් ඒ සන්තෑසියම සිද්ධ වෙයිදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. සුනිල් දහනායක (අරුණ ලිපිය ඇසුරිනි) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom