Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේවාලේ_ගැට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතරගම දේවාලේ ගැට ලිහෙද්දී මතු වූ සල්ලි උල්පතේ කතාව

කතරගම දෙවොලේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ ආරවුල බුද්ධශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත්වීමෙන් පසුගියදා නිරාකරණයට පත්විය. ගැටලුව මතු වී තිබුණේ පැරණි කපු මහත්වරුන්ට දේවාලයේ තේවා කටයුතු මාස පහක් වෙන් කළ පසු ඉතිරිවන මාස හතේ තේවා කටයුතු පිළිබඳවය. එම මාස හතෙන් පහක් නවක කපු මහත්වරුන්ට බෙදා දුන් අතර ඉතිරි මාස දෙකද කපු මහත්වරුන් සියලු දෙනා වෙත සමසේ බෙදී යන්නට කටයුතු සැලසීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා කටයුතු කර තිබේ. ඊට අමතරව එක් මාසයක් දේවාලයේ තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ. බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි පහක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළකර තිබේ.

බැතිමතුන්ගේ පුද පඬුරුද විවිධ පූජා ද්‍රව්‍යද රන් රිදී අබරණ ආදියද දිනපතා කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කරනු ලැබෙයි. දෙවියන්ගේ නාමයෙන් පුදනු ලබන මේ සියලු ධන සම්භාරයන් අයිති වන්නේ කපු මහත්වරුන්ටය. සැබැවින්ම කතරගම දෙවොල සල්ලි උල්පතකි. බස්නායක නිලමේවරයා හා දේවාලයේ කපු මහත්වරුන් අතර ගැටුම ඇතිවන්නේද මෙකී ධනස්කන්ධය බෙදා ගැනීමේ ක්‍රියාවලියේදීය.

මහජනතාවගේ අති විශාල භක්තිය මත දෙවියන් උදෙසා පූජා කරනු ලබන දේ මහා ගංගාවකට උපමා කළහොත් දේවාලයේ අරමුදලට බැර කිරීමට පොරොන්දු වී ඇත්තේ ඉන් දිය දෝතක් පමණක් බව අපට සිතෙන්නේ මිලියන ගණනින් අරමුදලට දෙන්නට දෙපාර්ශ්වයම එකඟවූ බැවිනි. ඒ අනුව බැලුවහොත් කතරගම දේවාලයේ ආදායමේ තරම අපට හිතා ගන්නටත් බැරි තරම්ය.

දේවාලයේ තේවාව වැඩි මාස ගණනක් කපු මහතෙකුට ලබාදීමෙන් පසු එම කාලයේ ආදායමෙන් කොටසක් බස්නායක නිලමේවරයාගේ අරමුදලට ලබා ගැනීම කාලයක පටන් සිදුවී ඇත්තේය. මෙසේ වැඩි මාස ගණනක් එක් අයකුට ලබාදීමෙන් බස්නායක නිලමේවරයාට ලබාගත හැකි මුදල් සම්භාරයේ තරම නිසා පසුගිය වසර 30ක කාලයේ පටන් බස්නායක නිලමේ තනතුර උදෙසා විශාල තරගයක් හටගෙන තිබුණේය. බස්නායක නිලමේ සටනේදී ඡන්දය ලබාදෙන්නන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කිරීමටද නිලමේ අපේක්ෂකයෝ පසුබට නොවන්නේ එබැවිනි.

දුටුගැමුණු රජු ඉදිකළ බව කියන කතරගම දෙවොලේ මුල්ම බස්නායක නිලමේ රජුගේ මාමා කෙනෙකු බව කියැවේ.

පරපුරෙන් පරපුරට පැවැත ආ බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලනයත් සමගම මොනරාගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස එකොළහේ ප්‍රාදේශීය ලේකම් වරුන්, හා කතරගම කිරි වෙහෙර අභිනවාරාමය, වැඩසිටි කන්ද විහාරය, සෙල්ලකතරගම මහසෙන් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, කොටබෝව දේවාලයේ නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ඇතුළු ඡන්ද 17ක් මගින් තෝරා ගනු ලැබේ. දේවාලයේ පෙරහර සංවිධානය කිරීම, දේවාලයේ අලි ඇතුන් නඩත්තුව, දේවාලයේ ඉඩකඩම්වල ආදායම් එකතු කිරීම, දේවාලයේ පඬුරු පෙට්ටිවල ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදීම යනාදී රාජකාරීන් බස්නායක නිලමේවරයාට පැවැරේ. කෙසේ වුවද මෙහිදී එකතුවන අති විශාල ධනස්කන්ධය නිසා බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර කලක පටන් ගැටුම් ඇතිව තිබේ.

මේ පිළිබඳව අවධානය යොමු කළ බුද්ධශාසන අමාත්‍යවරයා මින් ඉදිරියට බස්නායක නිලමේ තනතුරට තෝරා ගන්නන් පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කර සුදුසුකම් බැලීමට මොණරාගල දිසාපතිවරයා ප්රමුඛ විශේෂ කමිටුවක් පත් කිරීමටත් ආධාර මුදල් ඇතුළු ආදායම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු අයුරින් කළමනාකරණය කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්රමුඛ

අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටත් පියවර ගත් බවද සඳහන් වේ. කෙසේ නමුත් කතරගම දේවාලයේ ආදායම් පිළිබඳව විමසීමට බස්නායක නිලමේවරයා, ප්‍රධාන කපු මහතා සහ අනෙකුත් පාර්ශ්ව වෙත අප ඇමතුම් යොමු කළද ඒ කිසිවෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.

මිහිරාන් කරුණාරත්න

http://www.lakbima.lk/index.php/2/6568-%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E2%80%8D%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80

[QUOTE="lodbrok, post: 22269978, member: 558599"] [SIZE="7"][COLOR="Purple"]කතරගම දේවාලේ ගැට ලිහෙද්දී මතු වූ සල්ලි උල්පතේ කතාව[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Indigo"]කතරගම දෙවොලේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ ආරවුල බුද්ධශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත්වීමෙන් පසුගියදා නිරාකරණයට පත්විය. ගැටලුව මතු වී තිබුණේ පැරණි කපු මහත්වරුන්ට දේවාලයේ තේවා කටයුතු මාස පහක් වෙන් කළ පසු ඉතිරිවන මාස හතේ තේවා කටයුතු පිළිබඳවය. එම මාස හතෙන් පහක් නවක කපු මහත්වරුන්ට බෙදා දුන් අතර ඉතිරි මාස දෙකද කපු මහත්වරුන් සියලු දෙනා වෙත සමසේ බෙදී යන්නට කටයුතු සැලසීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා කටයුතු කර තිබේ. [COLOR="darkred"]ඊට අමතරව එක් මාසයක් දේවාලයේ තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ. බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි පහක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළකර තිබේ. [/COLOR] බැතිමතුන්ගේ පුද පඬුරුද විවිධ පූජා ද්‍රව්‍යද රන් රිදී අබරණ ආදියද දිනපතා කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කරනු ලැබෙයි. දෙවියන්ගේ නාමයෙන් පුදනු ලබන මේ සියලු ධන සම්භාරයන් අයිති වන්නේ කපු මහත්වරුන්ටය. සැබැවින්ම කතරගම දෙවොල සල්ලි උල්පතකි. බස්නායක නිලමේවරයා හා දේවාලයේ කපු මහත්වරුන් අතර ගැටුම ඇතිවන්නේද මෙකී ධනස්කන්ධය බෙදා ගැනීමේ ක්‍රියාවලියේදීය. මහජනතාවගේ අති විශාල භක්තිය මත දෙවියන් උදෙසා පූජා කරනු ලබන දේ මහා ගංගාවකට උපමා කළහොත් දේවාලයේ අරමුදලට බැර කිරීමට පොරොන්දු වී ඇත්තේ ඉන් දිය දෝතක් පමණක් බව අපට සිතෙන්නේ මිලියන ගණනින් අරමුදලට දෙන්නට දෙපාර්ශ්වයම එකඟවූ බැවිනි. ඒ අනුව බැලුවහොත් කතරගම දේවාලයේ ආදායමේ තරම අපට හිතා ගන්නටත් බැරි තරම්ය. දේවාලයේ තේවාව වැඩි මාස ගණනක් කපු මහතෙකුට ලබාදීමෙන් පසු එම කාලයේ ආදායමෙන් කොටසක් බස්නායක නිලමේවරයාගේ අරමුදලට ලබා ගැනීම කාලයක පටන් සිදුවී ඇත්තේය. මෙසේ වැඩි මාස ගණනක් එක් අයකුට ලබාදීමෙන් බස්නායක නිලමේවරයාට ලබාගත හැකි මුදල් සම්භාරයේ තරම නිසා පසුගිය වසර 30ක කාලයේ පටන් බස්නායක නිලමේ තනතුර උදෙසා විශාල තරගයක් හටගෙන තිබුණේය. බස්නායක නිලමේ සටනේදී ඡන්දය ලබාදෙන්නන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කිරීමටද නිලමේ අපේක්ෂකයෝ පසුබට නොවන්නේ එබැවිනි. දුටුගැමුණු රජු ඉදිකළ බව කියන කතරගම දෙවොලේ මුල්ම බස්නායක නිලමේ රජුගේ මාමා කෙනෙකු බව කියැවේ. පරපුරෙන් පරපුරට පැවැත ආ බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලනයත් සමගම මොනරාගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස එකොළහේ ප්‍රාදේශීය ලේකම් වරුන්, හා කතරගම කිරි වෙහෙර අභිනවාරාමය, වැඩසිටි කන්ද විහාරය, සෙල්ලකතරගම මහසෙන් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, කොටබෝව දේවාලයේ නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ඇතුළු ඡන්ද 17ක් මගින් තෝරා ගනු ලැබේ. දේවාලයේ පෙරහර සංවිධානය කිරීම, දේවාලයේ අලි ඇතුන් නඩත්තුව, දේවාලයේ ඉඩකඩම්වල ආදායම් එකතු කිරීම, දේවාලයේ පඬුරු පෙට්ටිවල ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදීම යනාදී රාජකාරීන් බස්නායක නිලමේවරයාට පැවැරේ. කෙසේ වුවද මෙහිදී එකතුවන අති විශාල ධනස්කන්ධය නිසා බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර කලක පටන් ගැටුම් ඇතිව තිබේ. මේ පිළිබඳව අවධානය යොමු කළ බුද්ධශාසන අමාත්‍යවරයා මින් ඉදිරියට බස්නායක නිලමේ තනතුරට තෝරා ගන්නන් පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කර සුදුසුකම් බැලීමට මොණරාගල දිසාපතිවරයා ප්රමුඛ විශේෂ කමිටුවක් පත් කිරීමටත් ආධාර මුදල් ඇතුළු ආදායම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු අයුරින් කළමනාකරණය කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්රමුඛ අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටත් පියවර ගත් බවද සඳහන් වේ. [COLOR="DarkRed"]කෙසේ නමුත් කතරගම දේවාලයේ ආදායම් පිළිබඳව විමසීමට බස්නායක නිලමේවරයා, ප්‍රධාන කපු මහතා සහ අනෙකුත් පාර්ශ්ව වෙත අප ඇමතුම් යොමු කළද ඒ කිසිවෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.[/COLOR][/COLOR][/SIZE] මිහිරාන් කරුණාරත්න [URL="http://www.lakbima.lk/index.php/2/6568-%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E2%80%8D%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80"] http://www.lakbima.lk/index.php/2/6568-%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E2%80%8D%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom