Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේවී සෝමාගේ සැබෑම කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේවී සෝමාගේ සැබෑම කතාව

රට රැකගන්න ජීවිතය පවා දෙන්න පසුබට නොවුණු දේවී සෝමාගේ සැබෑම කතාව

විජිත කේ. පතිරණ

සෝමාදේවිය පිළිබඳව ඉතිහාසයේ ගෞරවනීය සටහන් ඇත. ඒ ලක් ඉතිහාසයේ වීර කාන්තාවන්ගේ නාමාවලියෙහි මුල් පෙළේ කිහිප දෙනා අතරට ඇයද අයත් වන නිසාය. සැබැවින්ම සෝමා දේවිය කාගේ කවුරුන්ද? ඇය වළගම්බා රජුගේ අගමෙහෙසියය. වළගම්බා රජුද එසේ මෙසේ පරපුරක කෙනෙක් නොවේ. ඔහු දුටුගැමුණු මහරජුගෙන් පසු රජකළ මලණුවන්වූ සද්ධාතිස්ස රජුගේ බාලම පුත්‍රයාය. ඒ නිසා සෝමාදේවියටද ගැමුණු රජුට ඥාතීත්වයක් ඇත.

වළගම්බා රජුට සාමයෙන් රජ කම් කරන්නට ලැබුණේ මාස පහක් වැනි කාලයකි. එකල චෝල දේශයේ එකිනෙක ප්රදේශපාලකයන් අතර බල අරගල මුල් වූ සටන් පැවතියේය. ජීවිත ගලවා ගැනීමටත් තවත් රටක පැලපදියම් වන්නටත් සොළීන් යුහුසුලුවූ සමයකි. එනිසාම අවි බලයෙන් ලක්දිව පාලනය සියතට ගන්නට බොහෝ සොළීහු වෙහෙස ගත්හ. සොළීන්ගේ ඉව උතුරු කරයෙන් මතුවෙද්දී සොළි රටින් සොළී සොහොයුරන් සත් දෙනෙක් සත් දහසක පිරිස් බලය සහිතව ලක්දිවට කඩා වැදුණේ මේ සමයේය.

පිරිස් බලය බලවත් වූ තැන වළගම්බා රජු යටත් නොවී සිය පරිවාරයන් සමඟ පලායන්නට තීරණයකරන්නේ පෙරළා පහරදීමේ චේතනාවෙනි. මෙකල නකුල නගරයේ විසූ තිස්ස නම් බමුණාද රාජ්‍යය ගන්න සැරසුණේය. උපායශීලී වළගම්බා රජු කැරැලිකාර තිස්ස බමුණාට සොළීන් හා සටන් කර ජයගෙන රාජ්‍ය පාවාගන්නා හැටියට දැනුම් දුන්නේය. නිසැකයෙන්ම බලවත් සොළීන් අතින් තිස්ස පැරද මියයන බව වළගම්බා රජු දැන උන්නේය.

රජුගේ උපායශීලී බව නිසාම තිස්ස බමුණා සොළීන් අතින් මැරුම් කෑවේ දැඩි බලලෝභය නිසාමය. තිස්ස බමුණා සොළීන් හා සටන් කොට විපතට පත්වූයේ මේ අතරය. ඉන් පසු වළගම්බා රජුද සොළීන් සත් දෙනාගේ සේනාව සමඟ ගැටී පරාජයට පත් වන්නේය.

පැරදුණු පසු පල යන්නට වළගම්බා රජු සිතන්නේ යළි සංවිධානය වී පැමිණ පහරදී සොළීන් වනසා දමන්නටය. එහෙත් අනපේක්ෂිතව වළගම්බා රජු රථයකට නැගී පලා යන්නට සිදුවෙයි. රජු සෝමා දේවියත්, අනුලා දේවියත්, ඇයගේ පුත් මහාමූලික කුමරු හා සිය පුත් මහානාග කුමරු සමඟ පලා යන්නේය. මේ වෙද්දී අනුලා දේවි ගැබිනියකි. කලබලය නිසා රථයට නැග්ගද රජුට එක් දෙයක් අමතක විය. ඒ බුදුන් දන් වැළඳූ රජු ළඟ තිබුණු පාත්‍රා ධාතුවය.

අනුලා දේවිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටි නිසා රජුට රථය ආපසු හරවා ගෙන යෑමට නොපුළුවන. රථාචාර්යාට හැකි තාක් වේගයෙන් රථය ධාවනය කරවන්නට අණ ලැබිණි. මේ මොහොතේදී රජු විසින්ම ඉදිකර දෙනු ලැබූ තීර්ථකාරාමය පසු කරමින් යද්දී එහි සිටි ගිරි නම් නිගණ්ඨයා රජු පලායෑම දැක "මහ කළු සිංහලයා පලා යනවා" යි අපහාසාත්මකව කෑ ගසන්නට විය. වංසකතාවල දැක්වෙන තොරතුරුවලට අනුව නිගණ්ඨයන්ද මෙකල බලවත්ව සිටි ආකාරයත් ඔවුන් සොළීන්ගේ පැමිණීමෙන් උන්මාදයට පත්ව සිටි බවත් මින් පැහැදිලිය. රට තුළ තිබුණු සතුරු බලවේගවල තත්ත්වය එසේ වන්නට ඇත.

රථාචාරිය වේගයෙන් අසු පැන්නූවත් රථයේ බර වැඩි නිසා ඊට වඩා වේගයකින් යා නොහැකි බව රජු තේරුම් ගත්තේය. වේගය වැඩි වන්නට නම් රථයේ බර සැහැල්ලු විය යුතු විය. රජ බිසොවුන් දෙදෙනා, දරුවන් දෙදෙනා, රජු සහ රියැදුරා ඇතුළුව හය දෙනෙකි. තවත් මොහොතකදී සතුරන් ළඟා වුවහොත් සියල්ලන්ටම මරණය අත්වන බව සෝමා දේවිය තේරුම් ගත්තාය. ගැබිනියකව සිටි අනුලා දේවියද, රථයෙන් බැස්සවිය නොහැකි විය. රජුද රැක නොගත්තේ නම් රාජ්‍යයක්ද නොමැති බව වටහා ගත්තාය. කුමාරවරු රැකුණේ නම් රට කරවන්නට පරපුරක් ඉතිරි වනු ඇතැයි ඇය සිතුවා විය යුතුය. ඒ නිසාම සෝමා දේවිය ජීවිතය පවා පරදුවට තබා රට වෙනුවෙන් තීරණයක් ගන්නට සිතුවාය.

එවක ඇය නව යොවුන් සුරූපිනියක වූවාය. වළගම්බා රජුට ඇය අතහැර පලා යන්නටද සිත් නොදුන්නේය. එහෙත් සෝමා දේවිය රජුට සැබෑව පැහැදිලි කර දුන්නාය. රජු රැකුණොත් රට රැකෙන නිසා තමන් අතරමඟදී රථයෙන් බැස වනගත වන බව පවසා ඇය රථයෙන් බසින්නට සූදානම් වෙද්දී වළගම්බා රජු තමන් සතුව තිබුණු චූඩාමාණික්‍ය සෝමා දේවිය අත තබා ඉන් ඇයගේ ආරක්ෂාව සැලසේවායි පැතීය. හෙමිහිට රථය නවත්වා බැස යන්නට ඉඩ හැරීමද කාලය කා දැමීමක් වන නිසා වේගයෙන් යන රථයෙන් වහා පැනගන්නට සෝමා දේවිය තීරණය කළාය. සුදුසු තැනකදී ඇය වේගයෙන් යන රථයෙන් පැනගෙන වන වැදුණාය. ඉන් පසු රථය පැමිණි වේගයටත් වඩා වේගයකින් නොපෙනී ගියේය.

සෝමා දේවිය රථයෙන් බිමට පැන්න ස්ථානයට නුදුරින් ඇය අල්ලා ගත් බවටද මතයක් ඇත. තවත් මතයකින් කියැවෙන්නේ ඇය රථයෙන් පැන වනගතව අනුරාධපුරයට ගොස් සැඟවී සිටියදී එහිදී අල්ලාගත් බවක්ය. කෙසේ වෙතත් වළගම්බා රජුගේ බිසොව වූ සෝමා දේවියත්, වළගම්බා රජ මාලිගයෙහි තිබූ බුදුන්ගේ පාත්‍රා ධාතුවත් සොළීහු පැහැරගත් බව අවිවාදිතය.

සොළී සෙනෙවියන් දෙදෙනකු අතට පත් මේ වස්තු සොළී රට රජුට පෙන්වීම සඳහා සොළී දේශයට රැගෙන යන්නට තීන්දු කෙරිණි. එහෙත් සෝමා දේවිය ඉතා උපායශීලීව විපතින් ගැලවීම සඳහා උපායක් යෙදූ බව කියැවේ. ඒ අනුව වළගම්බා රජුගේ බිසොව වූ තමන්ට රැජිනක මෙන් රැකවරණයත් ගරු බුහුමන් නොදේනම් සොළී රටට නොයන බව පැවසුවාය.

සොළී සේනාපතියන්ට සෝමා දේවියගේ රූප සොබාව සොළී දේශයේ රජුගේ සුරූපී දියණියට සමාන බව වැටහී තිබුණු නිසා සොළී මහරජුගේ සිත සැනසීම උදෙසා සෝමාදේවිය දැක්විය යුතු යැයි වැටහිණි. එයද සෝමා දේවිය උදව්වක් කර ගත් බවක් පෙනෙයි. ඇයගේ බලකිරීම මත සොළී සේනාපතියකුට ඇයට ගරු බුහුමන් රැකවරණයත් දෙන්නට සිදුවිය. ඒ නිසා ඇයගේ ආරක්ෂාවට පරිවාර සිංහල ස්ත්‍රීන් දෙදෙනකුත් සහායක අතවැසි සොළී ස්ත්‍රීන් දෙදෙනකුත් ලැබුණු බැව් කියැවේ.

සෝමා දේවියගේ කතාවේ ඊළඟ වැදගත් ජවනිකාව මතුවන්නේ සොළී දේශයේ මහ රජු අභිමුවට ඇය ඉදිරිපත් කළ පසුවය. සොළී සේනාපතියන් සෝමාදේවිය මහලු වියේ සිටි සොළී රජු අභිමුවට පත් කළේ රජුගේ මියගිය රුවැති දියණිය සිහිපත් කරවා ඉන් රජුගේ සිත දිනාගන්ටය. එහෙත් සිදුවූයේ අනෙකකි.

මහලු සොළී රජුට සෝමා දේවියගේ රූ සපුව දැක ඇය අගබිසෝ තනතුරට පත් කර ගන්නට සිත් විය. එහෙත් සෝමාදේවිය උපාය ශීලීව රජුට පැවසුවේ තමා රජුගේ මියගිය රුවැති දියණිය බවය. මරණයෙන් පසු ලංකාවේ රාජකුමාරියකව උපන්න බවය. එහෙත් පෙර භවයේ පුරුද්දට අනුව නිතරම පියා ගැන සිත්වී කල්පනාවට බරව උන් බවය. සොළී දේශයේ තම පියා දකින්නටත් ඔහු හා වෙසෙන්නටත් සිත් ඇතිව උන් බවය. මෙය ඇසූ සොළී රජුගේ බිසොවුන් සියල්ලෝ තැති ගැන්වී, මියගිය රජුගේ දියණියත් සෝමා දේවියත් අතර සමානතා ගැන කතා කරන්නට වූහ. ඉන් කම්පාවට පත් වූවෝය.

එය ඇය කෙරෙහි රජුගේත් සියල්ලන්ගේත් ආදරය කරුණාව දාරක ප්‍රේමය වඩවාලන්නටම හේතු වූයේය. ඒ අවසරයෙන් සොළී රජ මාලිගාවේ කිසිදු සිත් රිදුමකින් තොරව හොඳින් ජීවත් වන්නට ඉඩකඩ විවර විය. බුදුන්ගේ පාත්‍රා ධාතුව සොළී රජ මාලිගයේ උසස් තැනක තිබුණේය. දිනපතා එය දැක වැඳ පුදාගත් සෝමා දේවිය නිරතුරුව ප්‍රාර්ථනා කළේ වළගම්බා රජුගේ ජයග්‍රහණයත්, යළි ලංකාද්වීපයට යෑමට අවස්ථාව උදාවීමත් සිදුවේවාය යන්නය.

ඉන් පසු වළගම්බා රජු වසර දාහතක් සොළී පාලනයේ තිබූ ලක්දිව සටන් කොට ජයගෙන යළි හෙළ අධිපත්‍ය ස්ථාපිත කළේය. ඔහු කළ පළමු කාරිය වූයේ ලක්ෂ ගණන් වටිනා මුතු, මැණික් ඇත්දළ වැනි තුටු පඬුරු රැගත් දූත පිරිසක් සොළී රටේ රජුවෙත යවා සෝමා දේවිය ඉල්ලා සිටීමය.

සොළී රජු දුවණියක සේ රැකබලා ගත් සෝමාදේවිය ලංකාද්වීපයට යවන්නට කැමැති වූයේ නැත. එහෙත් එහිදීද උපායශීලී වූ සෝමා දේවිය සොළී රජුට කීවේ ලංකාද්වීපයට ගොස් යළි සොළී රටට එන බවය. යළිත් ලංකාද්වීපයට ගොඩ බට සෝමාදේවිය රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් වළගම්බා රජු ඇය අගබිසව තනතුරේ තබා ෙදාළොස් වසරක් රාජ්‍ය පාලනය කළේය. මෙය මහාවංශයේ කතුවරයා දක්වන්නේ මෙසේය.

"ඒ රජ තෙමේ සෝමා දේවිය ගෙන්වා යවා ස්ථාන සංඛ්‍යාත වූ සිය තනතුරෙහි පිහිටවීය. ඒ බිසවුන්ගේ එම නම් කොට 'සෝමාරාමය' කරවීය. ඒ උත්තමාංගනා තොමෝ වනාහි රථයෙන් බස්සවන ලද්දී, එතැන කදම්බ පුෂ්පගුල්පයෙහි සැඟවී හුන්නා අතින් මාර්ගය වසාගෙන මුත්‍ර කරන සාමණේර කෙනෙක් දුටුවාය. රජතෙමේ ඒ බිසොවුන් බස් අසා මහ සෑයට උතුරු දිග උස බිම් ඇති ගල් හෙඩ්කඩ නම් සෑයද විහාරයද එහි කරවීය."

සෝමාදේවිය ගැන නොදන්නා දරුවන්ට මේ ඓතිහාසික කතා පුවත අතිශය වැදගත් වන්නේය.

[QUOTE="Target Hoona, post: 23308444, member: 558749"] [b]දේවී සෝමාගේ සැබෑම කතාව[/b] [SIZE="4"][COLOR="DarkSlateGray"][B][SIZE="6"][COLOR="Red"]රට රැකගන්න ජීවිතය පවා දෙන්න පසුබට නොවුණු දේවී සෝමාගේ සැබෑම කතාව[/COLOR][/SIZE][/B] විජිත කේ. පතිරණ සෝමාදේවිය පිළිබඳව ඉතිහාසයේ ගෞරවනීය සටහන් ඇත. ඒ ලක් ඉතිහාසයේ වීර කාන්තාවන්ගේ නාමාවලියෙහි මුල් පෙළේ කිහිප දෙනා අතරට ඇයද අයත් වන නිසාය. සැබැවින්ම සෝමා දේවිය කාගේ කවුරුන්ද? ඇය වළගම්බා රජුගේ අගමෙහෙසියය. වළගම්බා රජුද එසේ මෙසේ පරපුරක කෙනෙක් නොවේ. ඔහු දුටුගැමුණු මහරජුගෙන් පසු රජකළ මලණුවන්වූ සද්ධාතිස්ස රජුගේ බාලම පුත්‍රයාය. ඒ නිසා සෝමාදේවියටද ගැමුණු රජුට ඥාතීත්වයක් ඇත. වළගම්බා රජුට සාමයෙන් රජ කම් කරන්නට ලැබුණේ මාස පහක් වැනි කාලයකි. එකල චෝල දේශයේ එකිනෙක ප්රදේශපාලකයන් අතර බල අරගල මුල් වූ සටන් පැවතියේය. ජීවිත ගලවා ගැනීමටත් තවත් රටක පැලපදියම් වන්නටත් සොළීන් යුහුසුලුවූ සමයකි. එනිසාම අවි බලයෙන් ලක්දිව පාලනය සියතට ගන්නට බොහෝ සොළීහු වෙහෙස ගත්හ. සොළීන්ගේ ඉව උතුරු කරයෙන් මතුවෙද්දී සොළි රටින් සොළී සොහොයුරන් සත් දෙනෙක් සත් දහසක පිරිස් බලය සහිතව ලක්දිවට කඩා වැදුණේ මේ සමයේය. පිරිස් බලය බලවත් වූ තැන වළගම්බා රජු යටත් නොවී සිය පරිවාරයන් සමඟ පලායන්නට තීරණයකරන්නේ පෙරළා පහරදීමේ චේතනාවෙනි. මෙකල නකුල නගරයේ විසූ තිස්ස නම් බමුණාද රාජ්‍යය ගන්න සැරසුණේය. උපායශීලී වළගම්බා රජු කැරැලිකාර තිස්ස බමුණාට සොළීන් හා සටන් කර ජයගෙන රාජ්‍ය පාවාගන්නා හැටියට දැනුම් දුන්නේය. නිසැකයෙන්ම බලවත් සොළීන් අතින් තිස්ස පැරද මියයන බව වළගම්බා රජු දැන උන්නේය. රජුගේ උපායශීලී බව නිසාම තිස්ස බමුණා සොළීන් අතින් මැරුම් කෑවේ දැඩි බලලෝභය නිසාමය. තිස්ස බමුණා සොළීන් හා සටන් කොට විපතට පත්වූයේ මේ අතරය. ඉන් පසු වළගම්බා රජුද සොළීන් සත් දෙනාගේ සේනාව සමඟ ගැටී පරාජයට පත් වන්නේය. පැරදුණු පසු පල යන්නට වළගම්බා රජු සිතන්නේ යළි සංවිධානය වී පැමිණ පහරදී සොළීන් වනසා දමන්නටය. එහෙත් අනපේක්ෂිතව වළගම්බා රජු රථයකට නැගී පලා යන්නට සිදුවෙයි. රජු සෝමා දේවියත්, අනුලා දේවියත්, ඇයගේ පුත් මහාමූලික කුමරු හා සිය පුත් මහානාග කුමරු සමඟ පලා යන්නේය. මේ වෙද්දී අනුලා දේවි ගැබිනියකි. කලබලය නිසා රථයට නැග්ගද රජුට එක් දෙයක් අමතක විය. ඒ බුදුන් දන් වැළඳූ රජු ළඟ තිබුණු පාත්‍රා ධාතුවය. අනුලා දේවිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටි නිසා රජුට රථය ආපසු හරවා ගෙන යෑමට නොපුළුවන. රථාචාර්යාට හැකි තාක් වේගයෙන් රථය ධාවනය කරවන්නට අණ ලැබිණි. මේ මොහොතේදී රජු විසින්ම ඉදිකර දෙනු ලැබූ තීර්ථකාරාමය පසු කරමින් යද්දී එහි සිටි ගිරි නම් නිගණ්ඨයා රජු පලායෑම දැක "මහ කළු සිංහලයා පලා යනවා" යි අපහාසාත්මකව කෑ ගසන්නට විය. වංසකතාවල දැක්වෙන තොරතුරුවලට අනුව නිගණ්ඨයන්ද මෙකල බලවත්ව සිටි ආකාරයත් ඔවුන් සොළීන්ගේ පැමිණීමෙන් උන්මාදයට පත්ව සිටි බවත් මින් පැහැදිලිය. රට තුළ තිබුණු සතුරු බලවේගවල තත්ත්වය එසේ වන්නට ඇත. රථාචාරිය වේගයෙන් අසු පැන්නූවත් රථයේ බර වැඩි නිසා ඊට වඩා වේගයකින් යා නොහැකි බව රජු තේරුම් ගත්තේය. වේගය වැඩි වන්නට නම් රථයේ බර සැහැල්ලු විය යුතු විය. රජ බිසොවුන් දෙදෙනා, දරුවන් දෙදෙනා, රජු සහ රියැදුරා ඇතුළුව හය දෙනෙකි. තවත් මොහොතකදී සතුරන් ළඟා වුවහොත් සියල්ලන්ටම මරණය අත්වන බව සෝමා දේවිය තේරුම් ගත්තාය. ගැබිනියකව සිටි අනුලා දේවියද, රථයෙන් බැස්සවිය නොහැකි විය. රජුද රැක නොගත්තේ නම් රාජ්‍යයක්ද නොමැති බව වටහා ගත්තාය. කුමාරවරු රැකුණේ නම් රට කරවන්නට පරපුරක් ඉතිරි වනු ඇතැයි ඇය සිතුවා විය යුතුය. ඒ නිසාම සෝමා දේවිය ජීවිතය පවා පරදුවට තබා රට වෙනුවෙන් තීරණයක් ගන්නට සිතුවාය. එවක ඇය නව යොවුන් සුරූපිනියක වූවාය. වළගම්බා රජුට ඇය අතහැර පලා යන්නටද සිත් නොදුන්නේය. එහෙත් සෝමා දේවිය රජුට සැබෑව පැහැදිලි කර දුන්නාය. රජු රැකුණොත් රට රැකෙන නිසා තමන් අතරමඟදී රථයෙන් බැස වනගත වන බව පවසා ඇය රථයෙන් බසින්නට සූදානම් වෙද්දී වළගම්බා රජු තමන් සතුව තිබුණු චූඩාමාණික්‍ය සෝමා දේවිය අත තබා ඉන් ඇයගේ ආරක්ෂාව සැලසේවායි පැතීය. හෙමිහිට රථය නවත්වා බැස යන්නට ඉඩ හැරීමද කාලය කා දැමීමක් වන නිසා වේගයෙන් යන රථයෙන් වහා පැනගන්නට සෝමා දේවිය තීරණය කළාය. සුදුසු තැනකදී ඇය වේගයෙන් යන රථයෙන් පැනගෙන වන වැදුණාය. ඉන් පසු රථය පැමිණි වේගයටත් වඩා වේගයකින් නොපෙනී ගියේය. සෝමා දේවිය රථයෙන් බිමට පැන්න ස්ථානයට නුදුරින් ඇය අල්ලා ගත් බවටද මතයක් ඇත. තවත් මතයකින් කියැවෙන්නේ ඇය රථයෙන් පැන වනගතව අනුරාධපුරයට ගොස් සැඟවී සිටියදී එහිදී අල්ලාගත් බවක්ය. කෙසේ වෙතත් වළගම්බා රජුගේ බිසොව වූ සෝමා දේවියත්, වළගම්බා රජ මාලිගයෙහි තිබූ බුදුන්ගේ පාත්‍රා ධාතුවත් සොළීහු පැහැරගත් බව අවිවාදිතය. සොළී සෙනෙවියන් දෙදෙනකු අතට පත් මේ වස්තු සොළී රට රජුට පෙන්වීම සඳහා සොළී දේශයට රැගෙන යන්නට තීන්දු කෙරිණි. එහෙත් සෝමා දේවිය ඉතා උපායශීලීව විපතින් ගැලවීම සඳහා උපායක් යෙදූ බව කියැවේ. ඒ අනුව වළගම්බා රජුගේ බිසොව වූ තමන්ට රැජිනක මෙන් රැකවරණයත් ගරු බුහුමන් නොදේනම් සොළී රටට නොයන බව පැවසුවාය. සොළී සේනාපතියන්ට සෝමා දේවියගේ රූප සොබාව සොළී දේශයේ රජුගේ සුරූපී දියණියට සමාන බව වැටහී තිබුණු නිසා සොළී මහරජුගේ සිත සැනසීම උදෙසා සෝමාදේවිය දැක්විය යුතු යැයි වැටහිණි. එයද සෝමා දේවිය උදව්වක් කර ගත් බවක් පෙනෙයි. ඇයගේ බලකිරීම මත සොළී සේනාපතියකුට ඇයට ගරු බුහුමන් රැකවරණයත් දෙන්නට සිදුවිය. ඒ නිසා ඇයගේ ආරක්ෂාවට පරිවාර සිංහල ස්ත්‍රීන් දෙදෙනකුත් සහායක අතවැසි සොළී ස්ත්‍රීන් දෙදෙනකුත් ලැබුණු බැව් කියැවේ. සෝමා දේවියගේ කතාවේ ඊළඟ වැදගත් ජවනිකාව මතුවන්නේ සොළී දේශයේ මහ රජු අභිමුවට ඇය ඉදිරිපත් කළ පසුවය. සොළී සේනාපතියන් සෝමාදේවිය මහලු වියේ සිටි සොළී රජු අභිමුවට පත් කළේ රජුගේ මියගිය රුවැති දියණිය සිහිපත් කරවා ඉන් රජුගේ සිත දිනාගන්ටය. එහෙත් සිදුවූයේ අනෙකකි. මහලු සොළී රජුට සෝමා දේවියගේ රූ සපුව දැක ඇය අගබිසෝ තනතුරට පත් කර ගන්නට සිත් විය. එහෙත් සෝමාදේවිය උපාය ශීලීව රජුට පැවසුවේ තමා රජුගේ මියගිය රුවැති දියණිය බවය. මරණයෙන් පසු ලංකාවේ රාජකුමාරියකව උපන්න බවය. එහෙත් පෙර භවයේ පුරුද්දට අනුව නිතරම පියා ගැන සිත්වී කල්පනාවට බරව උන් බවය. සොළී දේශයේ තම පියා දකින්නටත් ඔහු හා වෙසෙන්නටත් සිත් ඇතිව උන් බවය. මෙය ඇසූ සොළී රජුගේ බිසොවුන් සියල්ලෝ තැති ගැන්වී, මියගිය රජුගේ දියණියත් සෝමා දේවියත් අතර සමානතා ගැන කතා කරන්නට වූහ. ඉන් කම්පාවට පත් වූවෝය. එය ඇය කෙරෙහි රජුගේත් සියල්ලන්ගේත් ආදරය කරුණාව දාරක ප්‍රේමය වඩවාලන්නටම හේතු වූයේය. ඒ අවසරයෙන් සොළී රජ මාලිගාවේ කිසිදු සිත් රිදුමකින් තොරව හොඳින් ජීවත් වන්නට ඉඩකඩ විවර විය. බුදුන්ගේ පාත්‍රා ධාතුව සොළී රජ මාලිගයේ උසස් තැනක තිබුණේය. දිනපතා එය දැක වැඳ පුදාගත් සෝමා දේවිය නිරතුරුව ප්‍රාර්ථනා කළේ වළගම්බා රජුගේ ජයග්‍රහණයත්, යළි ලංකාද්වීපයට යෑමට අවස්ථාව උදාවීමත් සිදුවේවාය යන්නය. ඉන් පසු වළගම්බා රජු වසර දාහතක් සොළී පාලනයේ තිබූ ලක්දිව සටන් කොට ජයගෙන යළි හෙළ අධිපත්‍ය ස්ථාපිත කළේය. ඔහු කළ පළමු කාරිය වූයේ ලක්ෂ ගණන් වටිනා මුතු, මැණික් ඇත්දළ වැනි තුටු පඬුරු රැගත් දූත පිරිසක් සොළී රටේ රජුවෙත යවා සෝමා දේවිය ඉල්ලා සිටීමය. සොළී රජු දුවණියක සේ රැකබලා ගත් සෝමාදේවිය ලංකාද්වීපයට යවන්නට කැමැති වූයේ නැත. එහෙත් එහිදීද උපායශීලී වූ සෝමා දේවිය සොළී රජුට කීවේ ලංකාද්වීපයට ගොස් යළි සොළී රටට එන බවය. යළිත් ලංකාද්වීපයට ගොඩ බට සෝමාදේවිය රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් වළගම්බා රජු ඇය අගබිසව තනතුරේ තබා ෙදාළොස් වසරක් රාජ්‍ය පාලනය කළේය. මෙය මහාවංශයේ කතුවරයා දක්වන්නේ මෙසේය. "ඒ රජ තෙමේ සෝමා දේවිය ගෙන්වා යවා ස්ථාන සංඛ්‍යාත වූ සිය තනතුරෙහි පිහිටවීය. ඒ බිසවුන්ගේ එම නම් කොට 'සෝමාරාමය' කරවීය. ඒ උත්තමාංගනා තොමෝ වනාහි රථයෙන් බස්සවන ලද්දී, එතැන කදම්බ පුෂ්පගුල්පයෙහි සැඟවී හුන්නා අතින් මාර්ගය වසාගෙන මුත්‍ර කරන සාමණේර කෙනෙක් දුටුවාය. රජතෙමේ ඒ බිසොවුන් බස් අසා මහ සෑයට උතුරු දිග උස බිම් ඇති ගල් හෙඩ්කඩ නම් සෑයද විහාරයද එහි කරවීය." සෝමාදේවිය ගැන නොදන්නා දරුවන්ට මේ ඓතිහාසික කතා පුවත අතිශය වැදගත් වන්නේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom