Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
දේශද්‍රෝහියෙකුගේ මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශද්‍රෝහියෙකුගේ මරණය

දේශද්‍රෝහියෙකුගේ මරණය | The Death of a Traitor

බස් නැවතුම යැයි කවුරුත් හිතේ සෝදිසියට සලකුණු කරගෙන හිටි ලුණු මිදෙල්ල ගහත් ගරාවැටුණු ජයේ මුදලාලිගේ කඩපිලත් අතර හරියෙදි පාපුවරුවේ අන්තිම පඩියේ හිටි මම බිමට පැනගත්තේ බස් රථය නතරවෙන්නටත් කලින්… දේවාල හන්දියෙන් බහින්නට සිටි එකම මගියා මා වූ නිසාදෝ ඉවතට පැනගත් සැනින්ම නොනවත්වාම ධාවනය වුණු බස් රථය සම්පූර්ණයෙන්ම පසුවෙන තෙක් පාර මාරුවීමේ සූදානමින් මම මොහොතක් රැදී හිටියා…

සැරදමා ඉගිලුණු බස් රථයේ පහව යන දුම් රොටු වලට ඔබ්බෙන් අතුරු පාර හරහා ඇද තිබුණු ගමේ මරණාධාර සමිතියේ කහ ගැහුණු පාලම් කොඩිය මඳ සුළගේ සෙලවෙමින් තිබුණේ මාව පිළිගන්නට වාගේයි…

නිවන් සැප ලැබේවා…

කෝප්රල් විජිත ජයසිංහ

රණවිරුවාට

වයධම්මා සංඛාරා!

දේවාල මාවතේ විසූ

ඒ ආසන්නයෙන්ම ඇද තිබූ කිරි සුදු රෙද්දක කළු අකුරින් ලියා තිබූ අකුරු පේළි අතරේ මගේ ඇස් අපිළිවෙළට දිවගියා…

කෝප්රල් විජිත ජයසිංහ

වැලි කෙළියේ පටන් මාගේ දුක සැප බෙදාගත්, ගමෙහි සිටි එකම මිතුරාගේ නම දෙවරක් කියවන්නට අවශ්‍යතාවයක් නැති වුණත් මාගේ ඇස් බැනරයේ සදහන් වූ ඒ නම හරහා නැවතත් දිවගියේ ඇයිදැයි මට වැටහුණේ නැහැ… බෝඩිමේදී අම්මාගෙන් ලද දුරකථන ඇමතුම හරහා මරණය ගැන ආරංචිය ලද දිනයේ පටන් මා තුළ නොවූ ශෝකයක් එම අකුරු පේළිය නැවත කියවද්දී මේ මොහොතේ කොහෙදෝ සිට පැමිණ තැන්පත් වුණේ හිතාගන්න අපහසු වේගයකින්… දීර්ඝ සුසුමක් හෙලූ මා බර අඩි තබමින් පාලම් කොඩිය හරහා නිවස බලා පිය මනින්නට වුණා…

විජිතගෙ නිවසේ සිට කනත්ත දක්වා යන පාරේ සුදු කොඩි ගැට ගැසීමට කණු සිටවමින් කොල්ලෙක් මා හා සිනාසුණේ අනුමානයෙන් හඳුනාගෙන විය යුතුයි… ගම හා මා අතර තිබූ සම්බන්ධය මාස කිහිපයකට සැරයක් අම්මාගෙ සුවදුක් බැලීමට එන සති අන්ත ගමනකට කලක පටන්ම සීමාවී තිබූ නිසා, කරදඩු උස්මහත්වූ ගැටවරයින් මාවත්, මා ඔවුන්වත් නොහැදීනීම පුදුමයක් නෙවෙයි…

ඔවුන් පසුකර මද දුරක් පියනැගූ මාගේ ගමන් වේගය බාලවූයේ වෙල්යාය ආරම්භයේ ගලායන ඇලට උඩින් වැටී තිබූ බෝක්කුව සමීපයේදීයි... දිගු කලකට පෙර මාත් විජිතත් අප දෙදෙනාගේ දුක් දෝමනස්සයන්, සතුටු සිනා, සහ අනාගත සිහින යනාදී මෙකී නොකී සියල්ලම බෙදාගැනීමට තෝරාගත් තිප්පල වූ මේ බෝක්කුව අපදෙදෙනාගේ මිතුදම තරම්ම තදින් අප හා බැදී පවතින්නක්… ගමන මඳක් පමා කල මා බොඳවූ නෙතින් ඒ සිමෙන්ති බැම්ම මත වාඩිවූයේ වසර දහයකට පමණ පසුව විය යුතුයි… අපට ආවරණය සැපයූ පසෙකින් නිදහසේ වැඩුණු වල් කැන්ද පඳුර දැන් අතු ඉති මේරූ වෘක්ෂයක්… බෝක්කුවට යටින් වූ දොළ පාර ගලාගියේ නම් මීට වසර දහයකට පෙර අප දෙදෙනාගේ කතා වලට හූමිටි තබමින් ගලාගිය ඒ සුපුරුදු හඬින්මයි… විජතගේ මුළු පවුලේම ජීවිත වෙනස් කල ඒ සිදුවීම වුණු දිනයට පෙරදින රාත්‍රියේ අප දෙදෙනා මේ බෝක්කුව උඩ වාඩිවී කල් මැරූ අයුරු මට සිහිවූයේ නිතැතින්…

“ෂික් තාත්තත් ඉඳලා ඉඳලා මේ මගුල හෙටම පටලගත්තනේ...… දැන් ඉතින් හෙට මට කඩෙන් හෙල්ලෙනවා බොරු…”

එදා විජිත එහෙම කිව්වේ අපි සතියක ඉඳන් සැලසුම් කල රස්තියාදු ගමනක් කඩාකප්පල් වෙන්නනට යන එක කණගාටුවෙන්… විජිතගේ පියාණන් වූ ජයෙ මුදලාලි පෝසතෙක් නොවුණත් පාර අයිනේ වූ බිම්කඩක සුළුවෙන් කරගෙන ගිය සිල්ලර කඩය විජිත ඇතුළු පවුලේ හතර දෙනෙකුගේ උවමනා එපාකම් සපුරන්නට ප්‍රමාණවත් වුණා…

ගම්මාන දෙකක් වෙන්වන සීමාවෙ පිහිටි මෙම කඩය එක් දිනක් හෝ නොවසා තැබීමට ජයෙ මුදලාලි වගබලා ගත්තේ එය ව්‍යාපාරයකටත් වඩා සේවයක් ලෙස ඔහු සැලකූ නිසා විය යුතුයි… විජිතගේ නංගීගේ කොටහළු මගුල් දිනයේ පවා කඩය වරුවක් හැර තිබෙනු මට මතකයි…

ඉතින් බැහැරකට යන්නට වෙන අවස්ථා උවමනාවෙන්ම මග හැරි ජයේ මුදලාලි, කලාතුරකින් දිනෙක එලෙස යන්නට වෙන අවශ්‍යතාවයක් සපුරා ගත්තේ විජිතව කඩයෙ තැබීමෙන්… කලින් සැලසුම් කරගත් අපගෙ රස්තියාදුව කඩාකප්පල් කරමින් මේ පහන් වෙන්නට යන්නෙ එවැනි දිනකටයි…

“මොකද්ද දැන් කරන්නේ බන්…” විජිත ඇහුවේ ඔහු නිසා මාගේ සැලසුම් කඩාකප්පල් වීම ගැන මා කෝපයෙන් සිටීදැයි වටහාගන්නටත් එක්ක විය යුතුයි…

“මොනවා කරන්නද… අතෑරලා දාමු…” මා එසේ කියන්නට කටගත්තත් එය වැළකුණේ අප ඇස් නිලංකාර කරමින් මුහුණ හරහා වැදුණු විදුලි පන්දම් එළියකින්…

“උඹලට පිස්සුද ළමයිනේ මේ කලබල දවස්වල රෑ තිස්සේ බෝක්කු ගානේ ලගින්න…මේ අහල පහලත් මොන මොනවා වෙනවද කවුද දන්නේ… මෙන්න මෙහෙ එනවලා ගෙදර… හෙට උදේ රැයින්ම ලොකු පුතේ කඩේට යන්නත් ඕනේ…”

අප හඳුනාගත් පසු විදුලි පන්දම් එළිය ඉවතට හරවා එසේ ගෝරනාඩු කරමින් අප ඉදිරියෙන් පිය මැන්නේ දවසේ වැඩකටයුතු හමාර කර කඩය වසා නිවසට යන ජයේ මුදලාලියි… රටේ තැන තැන ඇතිවෙමින් තිබූ චේගුවේරා කාරයින් යැයි හංවඩු ගැසුණු තරුණ පිරිසකගෙ නොසන්සුන්තාවයක් සහ යම් යම් සිදුවීම් ගැන අහල පහල ගම් වලින් ආරංචි ලැබෙමින් තිබුණත් අප ගමෙ එවැනි ගැටළුවක සේයාවක් නොතිබුණු නිසා අනතුරු හගවනවා හැර අප ගෙදර කැඳවාගෙන යන්නට තරම් ලොකු උනන්දුවක් ඔහුට නොතිබෙන්නට ඇති…

“දැක්කනෙ මම කිව්වේ… හෙට ගමනේ වෙනසක් නෑ…” අපට පිටුපා කළු චායාවක් සේ ඈත්ව තම පියා දෙස බලමින් විජිත පැවසුවේ පරාජිත හඬින්…

පසුදා තරමක් පමා වනතෙක් නිදාගත් මා අවදි වුණේ කවුරුන් හෝ සැරෙන් කතාකරන හඬකින්… මාගේ පියාණන් ගමෙහි ග්‍රාම නිලධාරීවන නිසා, බොහෝවිට සිල්ලර නඩු හබ විසඳාගැනීමට ඔහු වෙතට එන ගැමියන් විටෙක මෙසේ උස් හඬින් වාද කර ගැනීම අරුමයක් නොවූ නිසාම ඒ ගැන උනන්දුවක් නොදැක්වූ මම මුළුතැන්ගෙට වැදුණේ මෑණියන්ගේ අතින් උදෑසන කහට කෝප්පය සූදානම් කරගන්නා අදහසින්…

“කවුද අම්මේ ඉස්තෝප්පුවේ කෑ ගහන්නෙ…” මුව දෝවනය කරන අතරේ මා ඇසූයේ ඇය මට අමතරව තවත් අමුත්තෙකුට තේ පිළියෙල කරමින් සිටින බව දුටු නිසයි…

“අර ජයේ මුදලාලිට කරදරයක් වෙලා…”

“මොකද්ද…?”

“චේගුවෙරාකාරයෝ කඩ ලෑල්ලේ පෝස්ටරයක් ගහලා…කඩේ අරින්න එපා කියලා…”

“නෑ…!? ඉතින් මෙහේ ඇවිල්ලා තියෙන්නේ ඇයි..?”

“මෙහෙ ඇවිල්ලා තියෙන්නේ තාත්තට කියන්න… වෙන මොකටද...?”

තවත් මඳ වේලාවකට පසු වෙල්යාය හරහා වැටුණු පාර දිගේ බයිසිකල් දෙකකින් අප දෙදෙනා ඉගිලෙමින් සිටියේ අනපේක්ෂිතව ඇලවුණු මේ පෝස්ටරයේ පිහිටෙන් කලින් සැලසුම් කරගත් ගමන අවලංගු නොවීම පිළිබඳව අප්‍රමාණව සතුටු වෙමින්...

“ උඹලගේ තාත්තා කඩේ වහලා කොළඹ යනවා කිව්වද විජිත…?” වැලිපාරේ ඇඳෙන විජිතගේ බයිසිකලයේ ටයර් සලකුණු වලට සමාන්තර ඉරි අඳිමින් ඔහු සමීපයෙන් බයිසිකලය පදවන මම අහන ප්‍රශ්නයට විජිත පිළිතුරු දෙන්නේ ඒ හා සමානවම අප බයිසිකල් අතර ඇති දුර රඳවා ගන්නට වෑයම් කරන අතරේයි...

“කොළඹ යන්නෙ නෑ… කඩේ අරියිද, වහයිද නම් මම දන්නේ නෑ… හැබැයි හොඳටම මල පැනලා ඉන්නේ…”

චේගුවේරාකාරයින්ට පින්සිදු වන්නට, අප බලාපොරොත්තු ඉටුකරමින් එදින ජයේ මුදලාලිගේ කොළඹ ගමන වැළකුනේ එසේයි…

රස්තියාදුව හමාරකර හොඳටම පමාවී නිවසට එන අපට දිස්වූයේ වෙනදා මෙන්ම විවෘතව පවතින ජයේ මුදලාලිගේ කඩයයි…කඩලෑල්ලේ අලවා තිබූ චේගුවේරා පෝස්ටරය සාමාන්‍ය තර්ජනයකින් බොහෝ එහාට ගොස් ජයේ මුදලාලිගේ හදවතේ ගැඹුරුම තැනක තිබූ දේශපාලන තුවාලයක් පාරා ඇතිබව මට පසක් වූයේ කඩයේ ඉදිරිපස කාටත් පෙනෙන ලෙස දමා තිබූ බැනරයක ඔහු ලියා තිබූ පණිවුඩයේ ඇති දැඩි ආවේගශීලී ස්වභාවය නිසායි...

කඩේ වහන්න කියපු…

පෝස්ටර් බැල්ලිගේ පුතාලටයි මේ කියන්නේ…

වැහුවෙ නෑ යකෝ..! වහන්නෙත් නෑ..!!

තොපේ ඔය දේශප්‍රේමී ගූ ගොඩ අපේ ගමේ හලන්න එන්නේ නැතුව

අපිට අපේ ළමයෙක් හදාගන්න දීලා…

තොපි තොපේ මහා එකත් එක්ක ගිහින් හැමිනියල්ලා…

රැවුල්කාර ගොබ්බ හැත්ත…

සුදු ඉටිරෙද්දක රතු තීන්තෙන් පේළි ඇදට ලියා තිබූ එහි අකුරක් ගානේ සටහන්ව තිබුණේ ජයේ මුදලාලිගේ හදවතේ සිරව තිබූ කෝපය විය යුතුයි… බයිසිකලය තනි අණ්ඩකට සමබර කරගෙන බැනරය නැවත වරක් කියවා කඩය දෙසට නෙත් යොමුකළ මා දුටුවේ ජයේ මුදලාලිට ආරක්ෂාව සැපයීමට මෙන් කඩ පිලේ කල් මරමින් සිටින ගමෙහි වූ නිකමුන් දෙදෙනෙක්… ඔවුන් අප දෙස බලා සිටියේ හරියට ‘බැනරයේ අපැහැදිලි තැනක් ඇත්නම් අපෙන් අහන්න’ වැනි හැගීමකින්…

“උඹලෑ තාත්තට ගේමක් සෙට් වුණොත් කියලා වෙන්න ඇති අරුන් දෙන්නා ඉන්නේ..? “

බයිසිකලයේ පැඩලයට බර දෙමින් විජිතට පැවසූ මම තවත් එතැන නොරැඳී සිනාමුසු මුහුණින් ඔහුගෙන් සමුගත්තේ දවස පුරා නිවසින් බැහැරව සිටීම නිසා මවගෙන් බැණුම් අසන්නට සිදුවෙන බව ඉවෙන් මෙන් දන්නා නිසයි...

නාගරික නොවූ පරිසරයක වැසි නොවැටෙන රාත්‍රියකදී බොහෝවිට අවට පරිසරයෙන් නැගෙන්නේ රිද්මයානුකූල සංගීතයක්… නොනවත්වා නැගෙන රැහැයි හඬට තාල අල්ලන ගෙම්බන්ගෙ ඒකාකාරී හඬ බිදින්නේ කඩින් කඩ ඇසෙන බකමූනෙකුගේ මූසල කෑගැසීමක්… එදින රාත්‍රියේත් ගම්මානය පුරා පැතිරුණු ඒ රිද්මය හිටිහැටියේම බිඳීගියේ මුළු පරිසරයම හෙල්ලුම් කවමින් නද දුන් වෙඩි සද්දයකින්… නිදිගත් සියල්ලන් අවදිකරමින් නැගී ආ වෙඩිහඬ වෙල්යාය කෙලවරේ ඇතී ගල් පොත්තේ වැදී කිහිපවරක් දෝංකාරදී හමාරවනවාත් සමගම ඈතින් ගලා ආ නළාවක් පිඹිනවාක් වැනි ගෝසාව කිසිවෙකුගේ විලාප හඬක් බව තේරුම් ගන්නට මට අපහසු වුණේ නෑ...…

“ජයේ මුදලාලිලගෙ ගෙදරින් නේද කෑ ගහනවා ඇහෙන්නේ…”

ඒ වන විටත් නිදිපැදුරේ සිට දුවවිත් ඉදිරි දොර අසලට වී අවට පරිසරයට කන් යොමාගෙන සිටි අප තිදෙනාගෙන් මුලින්ම කටහඬ අවදි කළේ තාත්තායි…

තවත් සිතන්නට දෙයක් මට ඉතිරිව තිබුණේ නෑ.. අසුරු සැණින් අගුල කරකවා මා එළියට පැන ගනිද්දී අතින් අල්ලා මා වැළකීමට තාත්තා දැරූ උත්සාහය අසාර්ථක වූයේ මා ඔහුට වඩා බෙහෙවින් ඉක්මන් වූ නිසායි….

“අනේ අනේ පුතේ….!!!! “ අම්මාගේ කෑ ගෑම ගණනකට නොගත් මම පිම්මේ දුවන්නට වූයේ විජිතගේ නිවස දෙසටයි…

අසිහියෙන් මෙන් දුව ආවත්, දසත පැතිරුණු ගණ අදුරත්, නුදුරකින් නැගෙන විළාපයත් මා සිත ඇති කලේ තිගැස්මක්… ගමන් වේගය ඉබේම බාලවී විජිතගේ නිවස දෙසට සෙමින් සෙමින් ඇවිද යමින් සිටි මා, එකවරම අසල වූ තුරු වදුලකට පැන ගත්තේ විජිතගේ නිවස දෙසින් නික්ම ආ මෝටර් සයිකලයක ලයිට් එළියෙන් වසන් වීමටයි… අධික වේගයෙන් එය මා පසු කර යද්දී එහි දෙදෙනෙකු සිටි බවත් පසුපස වාඩිවී සිටි පුද්ගල්යා අත පෝර උරයක් වැනි යමක් තිබූ බවත් හැර අන්යමක් දැකගන්නට මට වේලාවක් ලැබුණේ නැහැ…

තවත් ඇසිල්ලකින් මා සිටියේ විජිතගේ නිවසෙ ඉස්තෝප්පුවේයි.... පසෙක සිහිසුන්ව වැටී සිටි විජිතගෙ අම්මාව වත්තන් කරගැනීමට තතනමින් විලාප දෙන විජිතත්, ඔහු බදාගෙන යටිගිරියෙන් කෑ ගසන විජිතගේ නංගීත් වෙත දුවගිය මා තවත් මොහොතකින් ඉස්තෝප්පුවේ අනෙක්පස දුටුවේ සිත් කම්පා කරවන දර්ශණයක්… තම කට හරහා එල්ලවූ වෙඩි පහරකින් යුතුව බිත්තිය දිගේ රූටා විත් ලේ විලක් මැද වාඩිවී නිසලව සිටියේ විජිතගේ ආදරණිය තාත්තායි…

කාලය ඉගිල ගියේ විජිතගේ පවුලේ පමණක් නොව මුළු ගම්මානයේම සීග්‍ර වෙනසක් කරමින්… විජිත විසින් සුළු උත්සාහයකින් පසු අතහැර දැමූ ජයෙ මුදලාලිගෙ කඩය නැතිවීමේ පාඩුව මැකුණේ ගමේ වෙනත් තැනක විවෘත වූ අලුත් කඩයකින්…

වසර කිහිපයකට පෙර අප අවසන් වරට හමුවූ මොහොතේ විජිත මෙම බෝක්කුව උඩ සිට මට සමුදුන් අයුරු මට තවමත් මතකයි…

“උඹ කඩේ වහලා මොකද්ද කරන්න හදන්නේ..?”

“හමුදාවට යනවා…”

“හමුදාවට..? ඒ ඇයි..?”

“වෙන මොකටද… රට රකින්න…!”

එදා විජිත පිළිතුරු දුන්නේ අවංක අදහසකින් නොවන බව මම විශ්වාස නොකළත් ඔහු ගේ වළගැසුණු ඇස්වල තිබූ ලියැවී තිබුණු තම පියාගේ මිණීමරුවන්ගෙන් පළිගැනීමට ඔහුට තිබූ අවශයතාවය වටහා ගන්නටත් මට අපහසු වූයේ නැහැ..

ඒ ඔහු හා මාගේ අවසන් හමුව යැයි මා දැන සිටියා නම් එය එතරම් කෙටි හමුවීමකට සීමාකරන්නට මා කිසිසේත්ම ඉඩනොදෙනවා නොඅනුමානයි…නමුත් අප නොසිතූ දේම පිරිනමන දෙවය එයින් වසර ගණනාවකට පසුව අද මට නැවත මුණගස්සවන්නට තීරණය කර තිබුණේ ඔහුගේ නිසල දේහයයි… මෙලෙස විජිතගේ මුළු ජීවිතයම වෙනස් කර අහිංසක කාන්තාවන් දෙදෙනෙකුට තම පියා, සැමියා, සහෝදරයා සහ පුතණුවන් අහිමිකිරීමට අඩිතාලම දැමූ ඒ කාලකණ්ණි සිදුවීම සිහිවන වාරයක් පාසා මා සිතේ ඇතිවන්නේ කීරිගැසෙන වේදනාවක්… එදා රාත්‍රියේ මේ බෝක්කුව උඩදී මා ටිකක් කල්පනාකාරී වූවානම් අද මා පසෙකින් විජිතද වාඩිවී සිටින්නට තිබුණා නේද යන වේදනාත්මක සිතිවිල්ලෙන් මඩිනු ලැබූ මා ඒ අවසනාවන්ත සිදුවීම නැවතත් ආවර්ජනය කළා...

“උඹලට පිස්සුද ළමයිනේ මේ කලබල දවස්වල රෑ තිස්සේ බෝක්කු ගානේ ලගින්න…මේ අහල පහලත් මොන මොනවා වෙනවද කවුද දන්නේ… මෙන්න මෙහෙ එනවලා ගෙදර… හෙට උදේ රැයින්ම ලොකු පුතේ කඩේට යන්නත් ඕනේ…”

ජ්යේ මුදලාලි අප පසුකර නිවසට යන අතරේ පැවසූයේ ඔහු පසුදින කොළඹ නොයාවිදෝ යැයි අපට තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන්කරමින්...

“දැක්කනෙ මම කිව්වේ… හෙට ගමනේ වෙනසක් නෑ…”

“මොකද්ද දැන් කරන්නේ බන්…”

“මොනවා කරන්නද… අතෑරලා දාමු…” එසේ පවසනවා වෙනුවට මා ඉදිරිපත් කළේ අමුතු අදහසක්…

“අපි කරමුද මරු වැඩක්..? “

“මොකද්ද…?”

“කඩේ වහන්න කියලා චේගුවෙරා එකෙන් වගේ පෝස්ටරයක් ගහමුද..?”

“ඈහ්… උඹ දන්නවද ඕවා ලියන්න…”

“ලොකු දෙයක් නෑ… කඩේ දවසක් වහන්න කියලා දාමු… ඕනේ නම් අන්තිමට දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි කියලත් දාමු…”

“නියමයි…රතුපාට මලකුත් අඳිමු…?”

“ඒ මොකද්ද මලක්…?”

“විප්ලවයේ මල…!”

සිනහා වෙමින් විජිත එහෙම කියද්දි ගලාගෙනඑන සඳඑළියෙන් මට පෙනුණු ඔහුගේ සුපුරුදු අහිංසක සිනාව එදායින් පසු කිසිදිනක යළි දැකගන්නට මා වාසනාවන්ත වූයේ නැහැ... හදවතපුරාවට අරක්ගත් බර සැහැල්ලු කරන්නට මෙන් දීර්ග සුසුමක් හෙලූ මා සිමෙන්ති බැම්මෙන් බිමට පැන ඇවිදින මළකඳක් සේ විජිතගේ නිවස දෙසට ගාටන්නට වුයේ වාරු නැති දෙපයින්...

[HTML]akurublog[/HTML]

[QUOTE="rasaduna, post: 11033064, member: 90649"] [b]දේශද්‍රෝහියෙකුගේ මරණය[/b] [CENTER][B][SIZE=4]දේශද්‍රෝහියෙකුගේ මරණය | The Death of a Traitor[/SIZE][/B] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3][IMG]http://bruteforceandignorance.files.wordpress.com/2011/04/dd_gibbet.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] බස් නැවතුම යැයි කවුරුත් හිතේ සෝදිසියට සලකුණු කරගෙන හිටි ලුණු මිදෙල්ල ගහත් ගරාවැටුණු ජයේ මුදලාලිගේ කඩපිලත් අතර හරියෙදි පාපුවරුවේ අන්තිම පඩියේ හිටි මම බිමට පැනගත්තේ බස් රථය නතරවෙන්නටත් කලින්… දේවාල හන්දියෙන් බහින්නට සිටි එකම මගියා මා වූ නිසාදෝ ඉවතට පැනගත් සැනින්ම නොනවත්වාම ධාවනය වුණු බස් රථය සම්පූර්ණයෙන්ම පසුවෙන තෙක් පාර මාරුවීමේ සූදානමින් මම මොහොතක් රැදී හිටියා… සැරදමා ඉගිලුණු බස් රථයේ පහව යන දුම් රොටු වලට ඔබ්බෙන් අතුරු පාර හරහා ඇද තිබුණු ගමේ මරණාධාර සමිතියේ කහ ගැහුණු පාලම් කොඩිය මඳ සුළගේ සෙලවෙමින් තිබුණේ මාව පිළිගන්නට වාගේයි… නිවන් සැප ලැබේවා… කෝප්රල් විජිත ජයසිංහ රණවිරුවාට වයධම්මා සංඛාරා! දේවාල මාවතේ විසූ ඒ ආසන්නයෙන්ම ඇද තිබූ කිරි සුදු රෙද්දක කළු අකුරින් ලියා තිබූ අකුරු පේළි අතරේ මගේ ඇස් අපිළිවෙළට දිවගියා… කෝප්රල් විජිත ජයසිංහ වැලි කෙළියේ පටන් මාගේ දුක සැප බෙදාගත්, ගමෙහි සිටි එකම මිතුරාගේ නම දෙවරක් කියවන්නට අවශ්‍යතාවයක් නැති වුණත් මාගේ ඇස් බැනරයේ සදහන් වූ ඒ නම හරහා නැවතත් දිවගියේ ඇයිදැයි මට වැටහුණේ නැහැ… බෝඩිමේදී අම්මාගෙන් ලද දුරකථන ඇමතුම හරහා මරණය ගැන ආරංචිය ලද දිනයේ පටන් මා තුළ නොවූ ශෝකයක් එම අකුරු පේළිය නැවත කියවද්දී මේ මොහොතේ කොහෙදෝ සිට පැමිණ තැන්පත් වුණේ හිතාගන්න අපහසු වේගයකින්… දීර්ඝ සුසුමක් හෙලූ මා බර අඩි තබමින් පාලම් කොඩිය හරහා නිවස බලා පිය මනින්නට වුණා… විජිතගෙ නිවසේ සිට කනත්ත දක්වා යන පාරේ සුදු කොඩි ගැට ගැසීමට කණු සිටවමින් කොල්ලෙක් මා හා සිනාසුණේ අනුමානයෙන් හඳුනාගෙන විය යුතුයි… ගම හා මා අතර තිබූ සම්බන්ධය මාස කිහිපයකට සැරයක් අම්මාගෙ සුවදුක් බැලීමට එන සති අන්ත ගමනකට කලක පටන්ම සීමාවී තිබූ නිසා, කරදඩු උස්මහත්වූ ගැටවරයින් මාවත්, මා ඔවුන්වත් නොහැදීනීම පුදුමයක් නෙවෙයි… ඔවුන් පසුකර මද දුරක් පියනැගූ මාගේ ගමන් වේගය බාලවූයේ වෙල්යාය ආරම්භයේ ගලායන ඇලට උඩින් වැටී තිබූ බෝක්කුව සමීපයේදීයි... දිගු කලකට පෙර මාත් විජිතත් අප දෙදෙනාගේ දුක් දෝමනස්සයන්, සතුටු සිනා, සහ අනාගත සිහින යනාදී මෙකී නොකී සියල්ලම බෙදාගැනීමට තෝරාගත් තිප්පල වූ මේ බෝක්කුව අපදෙදෙනාගේ මිතුදම තරම්ම තදින් අප හා බැදී පවතින්නක්… ගමන මඳක් පමා කල මා බොඳවූ නෙතින් ඒ සිමෙන්ති බැම්ම මත වාඩිවූයේ වසර දහයකට පමණ පසුව විය යුතුයි… අපට ආවරණය සැපයූ පසෙකින් නිදහසේ වැඩුණු වල් කැන්ද පඳුර දැන් අතු ඉති මේරූ වෘක්ෂයක්… බෝක්කුවට යටින් වූ දොළ පාර ගලාගියේ නම් මීට වසර දහයකට පෙර අප දෙදෙනාගේ කතා වලට හූමිටි තබමින් ගලාගිය ඒ සුපුරුදු හඬින්මයි… විජතගේ මුළු පවුලේම ජීවිත වෙනස් කල ඒ සිදුවීම වුණු දිනයට පෙරදින රාත්‍රියේ අප දෙදෙනා මේ බෝක්කුව උඩ වාඩිවී කල් මැරූ අයුරු මට සිහිවූයේ නිතැතින්… “ෂික් තාත්තත් ඉඳලා ඉඳලා මේ මගුල හෙටම පටලගත්තනේ...… දැන් ඉතින් හෙට මට කඩෙන් හෙල්ලෙනවා බොරු…” එදා විජිත එහෙම කිව්වේ අපි සතියක ඉඳන් සැලසුම් කල රස්තියාදු ගමනක් කඩාකප්පල් වෙන්නනට යන එක කණගාටුවෙන්… විජිතගේ පියාණන් වූ ජයෙ මුදලාලි පෝසතෙක් නොවුණත් පාර අයිනේ වූ බිම්කඩක සුළුවෙන් කරගෙන ගිය සිල්ලර කඩය විජිත ඇතුළු පවුලේ හතර දෙනෙකුගේ උවමනා එපාකම් සපුරන්නට ප්‍රමාණවත් වුණා… ගම්මාන දෙකක් වෙන්වන සීමාවෙ පිහිටි මෙම කඩය එක් දිනක් හෝ නොවසා තැබීමට ජයෙ මුදලාලි වගබලා ගත්තේ එය ව්‍යාපාරයකටත් වඩා සේවයක් ලෙස ඔහු සැලකූ නිසා විය යුතුයි… විජිතගේ නංගීගේ කොටහළු මගුල් දිනයේ පවා කඩය වරුවක් හැර තිබෙනු මට මතකයි… ඉතින් බැහැරකට යන්නට වෙන අවස්ථා උවමනාවෙන්ම මග හැරි ජයේ මුදලාලි, කලාතුරකින් දිනෙක එලෙස යන්නට වෙන අවශ්‍යතාවයක් සපුරා ගත්තේ විජිතව කඩයෙ තැබීමෙන්… කලින් සැලසුම් කරගත් අපගෙ රස්තියාදුව කඩාකප්පල් කරමින් මේ පහන් වෙන්නට යන්නෙ එවැනි දිනකටයි… “මොකද්ද දැන් කරන්නේ බන්…” විජිත ඇහුවේ ඔහු නිසා මාගේ සැලසුම් කඩාකප්පල් වීම ගැන මා කෝපයෙන් සිටීදැයි වටහාගන්නටත් එක්ක විය යුතුයි… “මොනවා කරන්නද… අතෑරලා දාමු…” මා එසේ කියන්නට කටගත්තත් එය වැළකුණේ අප ඇස් නිලංකාර කරමින් මුහුණ හරහා වැදුණු විදුලි පන්දම් එළියකින්… “උඹලට පිස්සුද ළමයිනේ මේ කලබල දවස්වල රෑ තිස්සේ බෝක්කු ගානේ ලගින්න…මේ අහල පහලත් මොන මොනවා වෙනවද කවුද දන්නේ… මෙන්න මෙහෙ එනවලා ගෙදර… හෙට උදේ රැයින්ම ලොකු පුතේ කඩේට යන්නත් ඕනේ…” අප හඳුනාගත් පසු විදුලි පන්දම් එළිය ඉවතට හරවා එසේ ගෝරනාඩු කරමින් අප ඉදිරියෙන් පිය මැන්නේ දවසේ වැඩකටයුතු හමාර කර කඩය වසා නිවසට යන ජයේ මුදලාලියි… රටේ තැන තැන ඇතිවෙමින් තිබූ චේගුවේරා කාරයින් යැයි හංවඩු ගැසුණු තරුණ පිරිසකගෙ නොසන්සුන්තාවයක් සහ යම් යම් සිදුවීම් ගැන අහල පහල ගම් වලින් ආරංචි ලැබෙමින් තිබුණත් අප ගමෙ එවැනි ගැටළුවක සේයාවක් නොතිබුණු නිසා අනතුරු හගවනවා හැර අප ගෙදර කැඳවාගෙන යන්නට තරම් ලොකු උනන්දුවක් ඔහුට නොතිබෙන්නට ඇති… “දැක්කනෙ මම කිව්වේ… හෙට ගමනේ වෙනසක් නෑ…” අපට පිටුපා කළු චායාවක් සේ ඈත්ව තම පියා දෙස බලමින් විජිත පැවසුවේ පරාජිත හඬින්… පසුදා තරමක් පමා වනතෙක් නිදාගත් මා අවදි වුණේ කවුරුන් හෝ සැරෙන් කතාකරන හඬකින්… මාගේ පියාණන් ගමෙහි ග්‍රාම නිලධාරීවන නිසා, බොහෝවිට සිල්ලර නඩු හබ විසඳාගැනීමට ඔහු වෙතට එන ගැමියන් විටෙක මෙසේ උස් හඬින් වාද කර ගැනීම අරුමයක් නොවූ නිසාම ඒ ගැන උනන්දුවක් නොදැක්වූ මම මුළුතැන්ගෙට වැදුණේ මෑණියන්ගේ අතින් උදෑසන කහට කෝප්පය සූදානම් කරගන්නා අදහසින්… “කවුද අම්මේ ඉස්තෝප්පුවේ කෑ ගහන්නෙ…” මුව දෝවනය කරන අතරේ මා ඇසූයේ ඇය මට අමතරව තවත් අමුත්තෙකුට තේ පිළියෙල කරමින් සිටින බව දුටු නිසයි… “අර ජයේ මුදලාලිට කරදරයක් වෙලා…” “මොකද්ද…?” “චේගුවෙරාකාරයෝ කඩ ලෑල්ලේ පෝස්ටරයක් ගහලා…කඩේ අරින්න එපා කියලා…” “නෑ…!? ඉතින් මෙහේ ඇවිල්ලා තියෙන්නේ ඇයි..?” “මෙහෙ ඇවිල්ලා තියෙන්නේ තාත්තට කියන්න… වෙන මොකටද...?” තවත් මඳ වේලාවකට පසු වෙල්යාය හරහා වැටුණු පාර දිගේ බයිසිකල් දෙකකින් අප දෙදෙනා ඉගිලෙමින් සිටියේ අනපේක්ෂිතව ඇලවුණු මේ පෝස්ටරයේ පිහිටෙන් කලින් සැලසුම් කරගත් ගමන අවලංගු නොවීම පිළිබඳව අප්‍රමාණව සතුටු වෙමින්... “ උඹලගේ තාත්තා කඩේ වහලා කොළඹ යනවා කිව්වද විජිත…?” වැලිපාරේ ඇඳෙන විජිතගේ බයිසිකලයේ ටයර් සලකුණු වලට සමාන්තර ඉරි අඳිමින් ඔහු සමීපයෙන් බයිසිකලය පදවන මම අහන ප්‍රශ්නයට විජිත පිළිතුරු දෙන්නේ ඒ හා සමානවම අප බයිසිකල් අතර ඇති දුර රඳවා ගන්නට වෑයම් කරන අතරේයි... “කොළඹ යන්නෙ නෑ… කඩේ අරියිද, වහයිද නම් මම දන්නේ නෑ… හැබැයි හොඳටම මල පැනලා ඉන්නේ…” චේගුවේරාකාරයින්ට පින්සිදු වන්නට, අප බලාපොරොත්තු ඉටුකරමින් එදින ජයේ මුදලාලිගේ කොළඹ ගමන වැළකුනේ එසේයි… රස්තියාදුව හමාරකර හොඳටම පමාවී නිවසට එන අපට දිස්වූයේ වෙනදා මෙන්ම විවෘතව පවතින ජයේ මුදලාලිගේ කඩයයි…කඩලෑල්ලේ අලවා තිබූ චේගුවේරා පෝස්ටරය සාමාන්‍ය තර්ජනයකින් බොහෝ එහාට ගොස් ජයේ මුදලාලිගේ හදවතේ ගැඹුරුම තැනක තිබූ දේශපාලන තුවාලයක් පාරා ඇතිබව මට පසක් වූයේ කඩයේ ඉදිරිපස කාටත් පෙනෙන ලෙස දමා තිබූ බැනරයක ඔහු ලියා තිබූ පණිවුඩයේ ඇති දැඩි ආවේගශීලී ස්වභාවය නිසායි... ----------------------------------------------------------------- කඩේ වහන්න කියපු… පෝස්ටර් බැල්ලිගේ පුතාලටයි මේ කියන්නේ… වැහුවෙ නෑ යකෝ..! වහන්නෙත් නෑ..!! තොපේ ඔය දේශප්‍රේමී ගූ ගොඩ අපේ ගමේ හලන්න එන්නේ නැතුව අපිට අපේ ළමයෙක් හදාගන්න දීලා… තොපි තොපේ මහා එකත් එක්ක ගිහින් හැමිනියල්ලා… රැවුල්කාර ගොබ්බ හැත්ත… ----------------------------------------------------------------- සුදු ඉටිරෙද්දක රතු තීන්තෙන් පේළි ඇදට ලියා තිබූ එහි අකුරක් ගානේ සටහන්ව තිබුණේ ජයේ මුදලාලිගේ හදවතේ සිරව තිබූ කෝපය විය යුතුයි… බයිසිකලය තනි අණ්ඩකට සමබර කරගෙන බැනරය නැවත වරක් කියවා කඩය දෙසට නෙත් යොමුකළ මා දුටුවේ ජයේ මුදලාලිට ආරක්ෂාව සැපයීමට මෙන් කඩ පිලේ කල් මරමින් සිටින ගමෙහි වූ නිකමුන් දෙදෙනෙක්… ඔවුන් අප දෙස බලා සිටියේ හරියට ‘බැනරයේ අපැහැදිලි තැනක් ඇත්නම් අපෙන් අහන්න’ වැනි හැගීමකින්… “උඹලෑ තාත්තට ගේමක් සෙට් වුණොත් කියලා වෙන්න ඇති අරුන් දෙන්නා ඉන්නේ..? “ බයිසිකලයේ පැඩලයට බර දෙමින් විජිතට පැවසූ මම තවත් එතැන නොරැඳී සිනාමුසු මුහුණින් ඔහුගෙන් සමුගත්තේ දවස පුරා නිවසින් බැහැරව සිටීම නිසා මවගෙන් බැණුම් අසන්නට සිදුවෙන බව ඉවෙන් මෙන් දන්නා නිසයි... -- නාගරික නොවූ පරිසරයක වැසි නොවැටෙන රාත්‍රියකදී බොහෝවිට අවට පරිසරයෙන් නැගෙන්නේ රිද්මයානුකූල සංගීතයක්… නොනවත්වා නැගෙන රැහැයි හඬට තාල අල්ලන ගෙම්බන්ගෙ ඒකාකාරී හඬ බිදින්නේ කඩින් කඩ ඇසෙන බකමූනෙකුගේ මූසල කෑගැසීමක්… එදින රාත්‍රියේත් ගම්මානය පුරා පැතිරුණු ඒ රිද්මය හිටිහැටියේම බිඳීගියේ මුළු පරිසරයම හෙල්ලුම් කවමින් නද දුන් වෙඩි සද්දයකින්… නිදිගත් සියල්ලන් අවදිකරමින් නැගී ආ වෙඩිහඬ වෙල්යාය කෙලවරේ ඇතී ගල් පොත්තේ වැදී කිහිපවරක් දෝංකාරදී හමාරවනවාත් සමගම ඈතින් ගලා ආ නළාවක් පිඹිනවාක් වැනි ගෝසාව කිසිවෙකුගේ විලාප හඬක් බව තේරුම් ගන්නට මට අපහසු වුණේ නෑ...… “ජයේ මුදලාලිලගෙ ගෙදරින් නේද කෑ ගහනවා ඇහෙන්නේ…” ඒ වන විටත් නිදිපැදුරේ සිට දුවවිත් ඉදිරි දොර අසලට වී අවට පරිසරයට කන් යොමාගෙන සිටි අප තිදෙනාගෙන් මුලින්ම කටහඬ අවදි කළේ තාත්තායි… තවත් සිතන්නට දෙයක් මට ඉතිරිව තිබුණේ නෑ.. අසුරු සැණින් අගුල කරකවා මා එළියට පැන ගනිද්දී අතින් අල්ලා මා වැළකීමට තාත්තා දැරූ උත්සාහය අසාර්ථක වූයේ මා ඔහුට වඩා බෙහෙවින් ඉක්මන් වූ නිසායි…. “අනේ අනේ පුතේ….!!!! “ අම්මාගේ කෑ ගෑම ගණනකට නොගත් මම පිම්මේ දුවන්නට වූයේ විජිතගේ නිවස දෙසටයි… අසිහියෙන් මෙන් දුව ආවත්, දසත පැතිරුණු ගණ අදුරත්, නුදුරකින් නැගෙන විළාපයත් මා සිත ඇති කලේ තිගැස්මක්… ගමන් වේගය ඉබේම බාලවී විජිතගේ නිවස දෙසට සෙමින් සෙමින් ඇවිද යමින් සිටි මා, එකවරම අසල වූ තුරු වදුලකට පැන ගත්තේ විජිතගේ නිවස දෙසින් නික්ම ආ මෝටර් සයිකලයක ලයිට් එළියෙන් වසන් වීමටයි… අධික වේගයෙන් එය මා පසු කර යද්දී එහි දෙදෙනෙකු සිටි බවත් පසුපස වාඩිවී සිටි පුද්ගල්යා අත පෝර උරයක් වැනි යමක් තිබූ බවත් හැර අන්යමක් දැකගන්නට මට වේලාවක් ලැබුණේ නැහැ… තවත් ඇසිල්ලකින් මා සිටියේ විජිතගේ නිවසෙ ඉස්තෝප්පුවේයි.... පසෙක සිහිසුන්ව වැටී සිටි විජිතගෙ අම්මාව වත්තන් කරගැනීමට තතනමින් විලාප දෙන විජිතත්, ඔහු බදාගෙන යටිගිරියෙන් කෑ ගසන විජිතගේ නංගීත් වෙත දුවගිය මා තවත් මොහොතකින් ඉස්තෝප්පුවේ අනෙක්පස දුටුවේ සිත් කම්පා කරවන දර්ශණයක්… තම කට හරහා එල්ලවූ වෙඩි පහරකින් යුතුව බිත්තිය දිගේ රූටා විත් ලේ විලක් මැද වාඩිවී නිසලව සිටියේ විජිතගේ ආදරණිය තාත්තායි… කාලය ඉගිල ගියේ විජිතගේ පවුලේ පමණක් නොව මුළු ගම්මානයේම සීග්‍ර වෙනසක් කරමින්… විජිත විසින් සුළු උත්සාහයකින් පසු අතහැර දැමූ ජයෙ මුදලාලිගෙ කඩය නැතිවීමේ පාඩුව මැකුණේ ගමේ වෙනත් තැනක විවෘත වූ අලුත් කඩයකින්… වසර කිහිපයකට පෙර අප අවසන් වරට හමුවූ මොහොතේ විජිත මෙම බෝක්කුව උඩ සිට මට සමුදුන් අයුරු මට තවමත් මතකයි… “උඹ කඩේ වහලා මොකද්ද කරන්න හදන්නේ..?” “හමුදාවට යනවා…” “හමුදාවට..? ඒ ඇයි..?” “වෙන මොකටද… රට රකින්න…!” එදා විජිත පිළිතුරු දුන්නේ අවංක අදහසකින් නොවන බව මම විශ්වාස නොකළත් ඔහු ගේ වළගැසුණු ඇස්වල තිබූ ලියැවී තිබුණු තම පියාගේ මිණීමරුවන්ගෙන් පළිගැනීමට ඔහුට තිබූ අවශයතාවය වටහා ගන්නටත් මට අපහසු වූයේ නැහැ.. ඒ ඔහු හා මාගේ අවසන් හමුව යැයි මා දැන සිටියා නම් එය එතරම් කෙටි හමුවීමකට සීමාකරන්නට මා කිසිසේත්ම ඉඩනොදෙනවා නොඅනුමානයි…නමුත් අප නොසිතූ දේම පිරිනමන දෙවය එයින් වසර ගණනාවකට පසුව අද මට නැවත මුණගස්සවන්නට තීරණය කර තිබුණේ ඔහුගේ නිසල දේහයයි… මෙලෙස විජිතගේ මුළු ජීවිතයම වෙනස් කර අහිංසක කාන්තාවන් දෙදෙනෙකුට තම පියා, සැමියා, සහෝදරයා සහ පුතණුවන් අහිමිකිරීමට අඩිතාලම දැමූ ඒ කාලකණ්ණි සිදුවීම සිහිවන වාරයක් පාසා මා සිතේ ඇතිවන්නේ කීරිගැසෙන වේදනාවක්… එදා රාත්‍රියේ මේ බෝක්කුව උඩදී මා ටිකක් කල්පනාකාරී වූවානම් අද මා පසෙකින් විජිතද වාඩිවී සිටින්නට තිබුණා නේද යන වේදනාත්මක සිතිවිල්ලෙන් මඩිනු ලැබූ මා ඒ අවසනාවන්ත සිදුවීම නැවතත් ආවර්ජනය කළා... “උඹලට පිස්සුද ළමයිනේ මේ කලබල දවස්වල රෑ තිස්සේ බෝක්කු ගානේ ලගින්න…මේ අහල පහලත් මොන මොනවා වෙනවද කවුද දන්නේ… මෙන්න මෙහෙ එනවලා ගෙදර… හෙට උදේ රැයින්ම ලොකු පුතේ කඩේට යන්නත් ඕනේ…” ජ්යේ මුදලාලි අප පසුකර නිවසට යන අතරේ පැවසූයේ ඔහු පසුදින කොළඹ නොයාවිදෝ යැයි අපට තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන්කරමින්... “දැක්කනෙ මම කිව්වේ… හෙට ගමනේ වෙනසක් නෑ…” “මොකද්ද දැන් කරන්නේ බන්…” “මොනවා කරන්නද… අතෑරලා දාමු…” එසේ පවසනවා වෙනුවට මා ඉදිරිපත් කළේ අමුතු අදහසක්… “අපි කරමුද මරු වැඩක්..? “ “මොකද්ද…?” “කඩේ වහන්න කියලා චේගුවෙරා එකෙන් වගේ පෝස්ටරයක් ගහමුද..?” “ඈහ්… උඹ දන්නවද ඕවා ලියන්න…” “ලොකු දෙයක් නෑ… කඩේ දවසක් වහන්න කියලා දාමු… ඕනේ නම් අන්තිමට දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි කියලත් දාමු…” “නියමයි…රතුපාට මලකුත් අඳිමු…?” “ඒ මොකද්ද මලක්…?” “විප්ලවයේ මල…!” සිනහා වෙමින් විජිත එහෙම කියද්දි ගලාගෙනඑන සඳඑළියෙන් මට පෙනුණු ඔහුගේ සුපුරුදු අහිංසක සිනාව එදායින් පසු කිසිදිනක යළි දැකගන්නට මා වාසනාවන්ත වූයේ නැහැ... හදවතපුරාවට අරක්ගත් බර සැහැල්ලු කරන්නට මෙන් දීර්ග සුසුමක් හෙලූ මා සිමෙන්ති බැම්මෙන් බිමට පැන ඇවිදින මළකඳක් සේ විජිතගේ නිවස දෙසට ගාටන්නට වුයේ වාරු නැති දෙපයින්... [/SIZE][HTML]akurublog[/HTML] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom