Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශපාලනයෙන් බැට කෑ කලාකරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනයෙන් බැට කෑ කලාකරුවෝ

දේ ශපාලකයන්ගේ තීන්දු තීරණ හා හැසිරීම් හමුවේ අපහසුතාවට පත්වන පිරිස අතර කලාකරුවාට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. ලක්දිව මුල්ම රජු ලෙස සඳහන් විජය විසින් කුවේණිය ඇතුළු ඥාතීන් මරාදමන්නේ සාම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් අතරදීය. රාජසිංහ රජු දස්කොන් ඇමැති මරාදමන්නේ ප්‍රමිලා බිසවගේ කලා අනුරුවක වරදක් පෙන්වා දීමට ගොසිනි.

කාශ්‍යප රජු විසින් අප්සරාවන් චිත්රණය කළ ජනක නම් කලාකරුවාගේ ඇස් අන්ධකරන ලද කතාව ජනප්රවාදයේ එයි. මෙලෙසින්ම නිදහස ලද පසුත් අප රටේ කලාකරුවන්ට නොයෙකුත් දේශපාලන හැලහැප්පීම් නිසා ජීවිතයෙන් හා දේපළවලින් වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා සුලබය.

ජාතික ගීයේ වෙනසක් කරන්නට යෑම නිසා ආනන්ද සමරකෝන් නමැති අග්‍රගණ්‍ය කලාකරුවා අපට අහිමි විය. දේශීය, පළපුරුදු ශිල්පීන් සිටියදී විදෙස් ශිල්පීන් ලවා සංගීතඥයන් වර්ග කිරීමට ගිය විට සුනිල් ශාන්ත ඊට එරෙහිව ගුවන් විදුලියෙන් සමුගත්තේය.

දේශපාලකයන්ගේ වපර ඇසට යොමුවූ විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි කලාකරුවෝ භීෂණ සමයේ අකාලයේ දිවිපිදූහ.

80 දශකයේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය දිගු කලක් වේදිකාගත කළ නිහාල් සිල්වාගේද “මේ කවුද මොනවද කරන්නෙ?” නාට්‍යයට දායක වූ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු හා ප්‍රවීණ නළු රිචඞ් ද සොයිසා ගේද දිවි නාඳුනන මැරයන්ට ගොදුරු විය.

ඇතැම් ගීත, නාට්‍ය හා සිනමා කෘති වාරණයට ලක්වූ අතර ගම්පෙරළිය, අම්මා වැනි පෙරළිකාර පොත් තහනම් විය. “දේශපාලුවා” නමින් නාට්‍යයේ පෝස්ටරය තහනම් වූයේ, එම කපටි දේශපාලකයාගේ රූපය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රුවට සමාන නිසා යයි කියති. “ඇට” සහ “පැළ” යනුවෙන් පිටපතෙහි සඳහන්වූ “පන්දම” නාට්‍යය තහනම් වූයේ ධාන්‍ය රාත්තල් අට යන මැතිවරණ පොරොන්දුව සිහිපත්වීම නිසාය.

ජේ. ආර්. ජයවර්ධන යුගයේ දේශපාලන කාටුන් ශිල්පියකු වූ යුනුස්ට මැරවරයන් විසින් පහරදී ඔහුගේ නාසය කපා දැමූ පුවතද ආන්දෝලනයට ලක්විණ. කාටුන් ශිල්පීන් අතින් තදබල ලෙස විවේචනයට ලක්වුණු දේශපාලන චරිත අතර ඩඞ්ලි, ජේ. ආර්, ප්‍රේමදාස, ඉලංගරත්න, බණ්ඩාරනායක හා ජෝන් කොතලාවල යන චරිත මුල්තැන ගත්තේය.

තමා වඳුරෙකුට උපමා කරමින් කාටුන් ශිල්පීන් විසින් පළකළ චිත්‍ර පෙළක් බණ්ඩාරනායක අගමැතිඳුන් විසින් විසිත්ත කාමරයේ එල්ලා තැබූ පුවතක් ද දක්නට ලැබිණ. සර් ජෝන් කොතලාවල අගමැතිතුමාද නිර්දය ලෙස කලාකරුවන් අතින් විවේචනයට ලක්වූ අයෙකි. එම දේශපාලන කාටුන් හා හඬ පටි කොතලාවල මහතා විසින් ද එක්කාසු කර විනෝද වූ අයුරු එම චරිතාපදානයේ සඳහන් වේ.

ප්‍රවීණ ගුවන් විදුලි විකට නාට්‍ය නිෂ්පාදකවරයකු හා අධ්යක්ෂවරයකු වූ එච්.ඩී. විජේදාස මහතාගේ උපහාසාත්මක විවේචනයට එකල දේශපාලන ක්ෂෙත්රයේ නායකයෝ රැසක් ලක්වූහ.

“සිංහල” ගැන කතා කරමින් ලද පනස්හයේ ජයග්රහණයෙන් පසු අලුත් අවුරුදු කෑම වේල වූ කැවුම්, කිරිබත් මේසය හැඳි ගෑරුප්පු භාවිතයෙන් හිස්කළ බණ්ඩාරනායක අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් ගුවන් විදුලිය මගින් පූර්ණ හාස්‍යයට ලක් කළ එච්. ඩී. විජේදාසට කිහිප වරක් රාජ උදහස එල්ල විය.

ආසියාවේ රාජ්‍ය නායකයන් එක්වී පැවැත්වූ බැංඩුන් සමුළුව නිර්දය විවේචනයට ලක් කරමින් විකට වැඩසටහනක් තැනූ විජේදාස ගුවන් විදුලි බලධාරීන්ගේ උදහසට ලක්විය.

“වහාම ගිහින් අගමැතිතුමාට වැඳල සමාව ගනින්. හෙට ඉඳන් උඹේ රස්සාව නැතිවෙන්න පුළුවන්.”

බලධාරීහු එච්. ඩී. විජේදාසට බැණ වැදුණහ. විජේදාස වෙව්ලමින් බය පක්ෂපාතීව සර් ජෝන් කොතලාවල අගමැතිතුමා ඉදිරියේ පෙනී සිටියේය.

“තමුසෙ කවුද?”

“සර් මං තමයි අර බැංඩුන් සම්මේලනය ගැන වැඩසටහන කළේ. සර් මං ඒක සර්ට අපහාසයක් කරන්න හිතල නෙවෙයි කළේ. විහිළුවක් විතරයි.”

කොතලවාල මහතා බියෙන් වෙවුලන මාධ්‍යකරුවා දෙස දැඩි බැල්ක් හෙළුවේය.

“ආ... තමුසෙද මේ මිනිහා. හොඳයි දානවකො බලන්න ඒ රෙකෝඞ් එක මටත් ඇහෙන්න.”

කොතලාවල මහතා කීවේය.

විජේදාස වෙව්ලමින් බැංඩුන් සමුළුව උපහාසයට ලක් කරන ශබ්ද පටිය දැමීය. ආසියානු රාජ්‍ය නායකයන්ට හඬ දී තිබුණේ සතුන්ගේ හඬිනි. බැටළුවන්ගේ, හරකුන්ගේ, බල්ලන්ගේ, බූරුවන්ගේ හඬට රාජ්‍ය නායකයන්ගේ හඬ ගැලපී තිබිණ.

මෙය මඳ වෙලාවක් ඇසූ කොතලාවල මහතා බඩ අල්ලාගෙන මහ හඬින් සිනාසුණේය.

“යකෝ! උඹ තමයි බං මිනිහා! මරුනෙ යකෝ!”

“අනේ සර් මගෙ රස්සාව නැති වේවිද?”

මාධ්‍යවේදියා පුදුම වී ඇසීය.

“කවුද බං කියන්නෙ. උඹ හොඳ එකා. උඹ ගිහින් වැඩ කරපං. මොනවා හරි ඕනෑ නං මට කියපං. මතක ඇතුව ලබන සතියෙ එකත් අරන් වරෙන්.”

රත්මලානේ කඳවලවත්ත වලව්වෙන් එච්. ඩී. විජේදාස බේරී පැමිණීම ගැන යහළුවෝ පුදුමයට පත්වූහ.

මෙවැනි සිදධියක් වෙළෙඳ අමාත්‍ය ටී. බී. ඉලංගරත්නයන්ගේ පිළිවෙත උපහාසයට ලක් කරමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී. ඇස්. ප්‍රනාන්දු කළ නිර්මාණයන්ටද එල්ල විය. මුලදී ඔහුට නිර්දය ලෙස දෝෂාරෝපණය කළ ඉලංගරත්න මහතා කේන්තිය මදක් අඩු වූ විට කළේ තැපැල්පතක් ගෙන ජී. ඇස්. ට කවියක් ලියා යැවීමය.

“මට ගහන ගැහුමින්

ඔබට සැපතක් වේනම්

තව තවත් යහමින්

සැපත ළං කරගන්න ගහමින්”

ඉලංගරත්න තම අදහස පළ කළේ එලෙසය. එය දුටු කාටුන් ශිල්පියාට තමා එතුමාට කළ අපහාසය ගැන කනගාටුවක් සිතිණ. ඔහුද තැපැල්පතක් ගෙන මෙලෙස ලියා යැවූ බව සෝමසිරි කස්තුරිආරච්චි මහතා පවසයි.

“ලියූ සතර පදයෙන

මතුවෙයි මහ මිනිස් ගුණ

මිනිසත් ගතිය දැන

බැණුම් අසමින් සිනාසෙනු මැන”

එදා දේශපාලනඥයන් තමන් විවේචනය කළ කලාකරුවන්ට සැලකුවේ එලෙසිනි.

src.lankadeepa.lk

[QUOTE="sbanurada, post: 23452326, member: 33920"] [b]දේශපාලනයෙන් බැට කෑ කලාකරුවෝ[/b] [CENTER][IMG]https://image.ibb.co/hOeqw8/image_963312bbfe.jpg[/IMG][/CENTER] [SIZE="4"] දේ ශපාලකයන්ගේ තීන්දු තීරණ හා හැසිරීම් හමුවේ අපහසුතාවට පත්වන පිරිස අතර කලාකරුවාට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. ලක්දිව මුල්ම රජු ලෙස සඳහන් විජය විසින් කුවේණිය ඇතුළු ඥාතීන් මරාදමන්නේ සාම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් අතරදීය. රාජසිංහ රජු දස්කොන් ඇමැති මරාදමන්නේ ප්‍රමිලා බිසවගේ කලා අනුරුවක වරදක් පෙන්වා දීමට ගොසිනි. කාශ්‍යප රජු විසින් අප්සරාවන් චිත්රණය කළ ජනක නම් කලාකරුවාගේ ඇස් අන්ධකරන ලද කතාව ජනප්රවාදයේ එයි. මෙලෙසින්ම නිදහස ලද පසුත් අප රටේ කලාකරුවන්ට නොයෙකුත් දේශපාලන හැලහැප්පීම් නිසා ජීවිතයෙන් හා දේපළවලින් වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා සුලබය. ජාතික ගීයේ වෙනසක් කරන්නට යෑම නිසා ආනන්ද සමරකෝන් නමැති අග්‍රගණ්‍ය කලාකරුවා අපට අහිමි විය. දේශීය, පළපුරුදු ශිල්පීන් සිටියදී විදෙස් ශිල්පීන් ලවා සංගීතඥයන් වර්ග කිරීමට ගිය විට සුනිල් ශාන්ත ඊට එරෙහිව ගුවන් විදුලියෙන් සමුගත්තේය. දේශපාලකයන්ගේ වපර ඇසට යොමුවූ විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස් වැනි කලාකරුවෝ භීෂණ සමයේ අකාලයේ දිවිපිදූහ. 80 දශකයේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය දිගු කලක් වේදිකාගත කළ නිහාල් සිල්වාගේද “මේ කවුද මොනවද කරන්නෙ?” නාට්‍යයට දායක වූ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු හා ප්‍රවීණ නළු රිචඞ් ද සොයිසා ගේද දිවි නාඳුනන මැරයන්ට ගොදුරු විය. ඇතැම් ගීත, නාට්‍ය හා සිනමා කෘති වාරණයට ලක්වූ අතර ගම්පෙරළිය, අම්මා වැනි පෙරළිකාර පොත් තහනම් විය. “දේශපාලුවා” නමින් නාට්‍යයේ පෝස්ටරය තහනම් වූයේ, එම කපටි දේශපාලකයාගේ රූපය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රුවට සමාන නිසා යයි කියති. “ඇට” සහ “පැළ” යනුවෙන් පිටපතෙහි සඳහන්වූ “පන්දම” නාට්‍යය තහනම් වූයේ ධාන්‍ය රාත්තල් අට යන මැතිවරණ පොරොන්දුව සිහිපත්වීම නිසාය. ජේ. ආර්. ජයවර්ධන යුගයේ දේශපාලන කාටුන් ශිල්පියකු වූ යුනුස්ට මැරවරයන් විසින් පහරදී ඔහුගේ නාසය කපා දැමූ පුවතද ආන්දෝලනයට ලක්විණ. කාටුන් ශිල්පීන් අතින් තදබල ලෙස විවේචනයට ලක්වුණු දේශපාලන චරිත අතර ඩඞ්ලි, ජේ. ආර්, ප්‍රේමදාස, ඉලංගරත්න, බණ්ඩාරනායක හා ජෝන් කොතලාවල යන චරිත මුල්තැන ගත්තේය. තමා වඳුරෙකුට උපමා කරමින් කාටුන් ශිල්පීන් විසින් පළකළ චිත්‍ර පෙළක් බණ්ඩාරනායක අගමැතිඳුන් විසින් විසිත්ත කාමරයේ එල්ලා තැබූ පුවතක් ද දක්නට ලැබිණ. සර් ජෝන් කොතලාවල අගමැතිතුමාද නිර්දය ලෙස කලාකරුවන් අතින් විවේචනයට ලක්වූ අයෙකි. එම දේශපාලන කාටුන් හා හඬ පටි කොතලාවල මහතා විසින් ද එක්කාසු කර විනෝද වූ අයුරු එම චරිතාපදානයේ සඳහන් වේ. ප්‍රවීණ ගුවන් විදුලි විකට නාට්‍ය නිෂ්පාදකවරයකු හා අධ්යක්ෂවරයකු වූ එච්.ඩී. විජේදාස මහතාගේ උපහාසාත්මක විවේචනයට එකල දේශපාලන ක්ෂෙත්රයේ නායකයෝ රැසක් ලක්වූහ. “සිංහල” ගැන කතා කරමින් ලද පනස්හයේ ජයග්රහණයෙන් පසු අලුත් අවුරුදු කෑම වේල වූ කැවුම්, කිරිබත් මේසය හැඳි ගෑරුප්පු භාවිතයෙන් හිස්කළ බණ්ඩාරනායක අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් ගුවන් විදුලිය මගින් පූර්ණ හාස්‍යයට ලක් කළ එච්. ඩී. විජේදාසට කිහිප වරක් රාජ උදහස එල්ල විය. ආසියාවේ රාජ්‍ය නායකයන් එක්වී පැවැත්වූ බැංඩුන් සමුළුව නිර්දය විවේචනයට ලක් කරමින් විකට වැඩසටහනක් තැනූ විජේදාස ගුවන් විදුලි බලධාරීන්ගේ උදහසට ලක්විය. “වහාම ගිහින් අගමැතිතුමාට වැඳල සමාව ගනින්. හෙට ඉඳන් උඹේ රස්සාව නැතිවෙන්න පුළුවන්.” බලධාරීහු එච්. ඩී. විජේදාසට බැණ වැදුණහ. විජේදාස වෙව්ලමින් බය පක්ෂපාතීව සර් ජෝන් කොතලාවල අගමැතිතුමා ඉදිරියේ පෙනී සිටියේය. “තමුසෙ කවුද?” “සර් මං තමයි අර බැංඩුන් සම්මේලනය ගැන වැඩසටහන කළේ. සර් මං ඒක සර්ට අපහාසයක් කරන්න හිතල නෙවෙයි කළේ. විහිළුවක් විතරයි.” කොතලවාල මහතා බියෙන් වෙවුලන මාධ්‍යකරුවා දෙස දැඩි බැල්ක් හෙළුවේය. “ආ... තමුසෙද මේ මිනිහා. හොඳයි දානවකො බලන්න ඒ රෙකෝඞ් එක මටත් ඇහෙන්න.” කොතලාවල මහතා කීවේය. විජේදාස වෙව්ලමින් බැංඩුන් සමුළුව උපහාසයට ලක් කරන ශබ්ද පටිය දැමීය. ආසියානු රාජ්‍ය නායකයන්ට හඬ දී තිබුණේ සතුන්ගේ හඬිනි. බැටළුවන්ගේ, හරකුන්ගේ, බල්ලන්ගේ, බූරුවන්ගේ හඬට රාජ්‍ය නායකයන්ගේ හඬ ගැලපී තිබිණ. මෙය මඳ වෙලාවක් ඇසූ කොතලාවල මහතා බඩ අල්ලාගෙන මහ හඬින් සිනාසුණේය. “යකෝ! උඹ තමයි බං මිනිහා! මරුනෙ යකෝ!” “අනේ සර් මගෙ රස්සාව නැති වේවිද?” මාධ්‍යවේදියා පුදුම වී ඇසීය. “කවුද බං කියන්නෙ. උඹ හොඳ එකා. උඹ ගිහින් වැඩ කරපං. මොනවා හරි ඕනෑ නං මට කියපං. මතක ඇතුව ලබන සතියෙ එකත් අරන් වරෙන්.” රත්මලානේ කඳවලවත්ත වලව්වෙන් එච්. ඩී. විජේදාස බේරී පැමිණීම ගැන යහළුවෝ පුදුමයට පත්වූහ. මෙවැනි සිදධියක් වෙළෙඳ අමාත්‍ය ටී. බී. ඉලංගරත්නයන්ගේ පිළිවෙත උපහාසයට ලක් කරමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජී. ඇස්. ප්‍රනාන්දු කළ නිර්මාණයන්ටද එල්ල විය. මුලදී ඔහුට නිර්දය ලෙස දෝෂාරෝපණය කළ ඉලංගරත්න මහතා කේන්තිය මදක් අඩු වූ විට කළේ තැපැල්පතක් ගෙන ජී. ඇස්. ට කවියක් ලියා යැවීමය. “මට ගහන ගැහුමින් ඔබට සැපතක් වේනම් තව තවත් යහමින් සැපත ළං කරගන්න ගහමින්” ඉලංගරත්න තම අදහස පළ කළේ එලෙසය. එය දුටු කාටුන් ශිල්පියාට තමා එතුමාට කළ අපහාසය ගැන කනගාටුවක් සිතිණ. ඔහුද තැපැල්පතක් ගෙන මෙලෙස ලියා යැවූ බව සෝමසිරි කස්තුරිආරච්චි මහතා පවසයි. “ලියූ සතර පදයෙන මතුවෙයි මහ මිනිස් ගුණ මිනිසත් ගතිය දැන බැණුම් අසමින් සිනාසෙනු මැන” එදා දේශපාලනඥයන් තමන් විවේචනය කළ කලාකරුවන්ට සැලකුවේ එලෙසිනි.[/SIZE] src.lankadeepa.lk [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom