Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දේශපාලනය හා බැදුණු පාතාලයේ අගමුල සොයා යන ගමන - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස 1

ධාර්මිෂ්ට සමාජයක් බිහිකරන්න එක්වූ “ගෝනවල සුනිල්”

මරුසිරා, මරදන්කඩවල යකඩයා, පොඩි විජේ වැනි නම් මතක් කරන විට පනහ හැට දශක වල විසූ ජනතාව භීතියෙන් ඇලලී යන්නට ඇත. ඒ ඔවුන් කළ මැරකම් නිසාය. මිනීමැරුම් නිසාය. ඔවුන් මැරකම් කළේ තමන්ට එරෙහිව යන්නන්ට එරෙහිවය. තමන් යන මග හරස් කරන්නන්ට එරෙහිවය. ඒ සඳහා ඔවුන්ට ගෝල බාලයන් සිටියේ නැත. දේශපාලකයන්ගේ සහායක් ලැබුණේද නැත. දේශපාලකයන්ට ඔවුන්ගෙන් කරගන්නට විශේෂ කාර්යයක් තිබුණේද නැත. මේ මැරයෝ එක්කෝ සොරකම් කරති. නැතිනම් මිනී මරති. ඇතැම් විට තරුණියන්ට හෝ තරුණ දියණියන්ට අතවර කරති. මැරකම් සඳහා භාවිතා කළේ ගල්කටස් වර්ගයේ ගිනි අවි හෝ මාමයිට් වැනි කුඩා කුප්පිවල සකස් කළ අත්බෝම්බය.

එහෙත් මැරවරයන්ගේ කාර්යභාරය දේශපාලකයන් තමන්ගේ වාසියට යොදාගත්විට ගොඩනැගෙන්නේ වෙනම එකකි. පාතාලය ලෙසින් හැඳින්වෙන මේ මැරවරයන් සමග ගෝලබාලයෝ රැසක්ද සිටිති. ඔවුන් කිසිවෙක් කිසිවිටෙකත් නායකයාට ඉහළින් යන්නට හිතන්නේ වත් නැත. එසේ කළහොත් ජීවන ගමන එතනින් කෙළවර වනු ඇත. විශාල පිරිසක් සමග එක්ව පවත්වාගෙන යනු ලබන මෙම පාතාලය නඩත්තු කිරීමට නායකයින්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ සඳහා ඔවුහු එක්කෝ කප්පම් ගනිති. නැතහොත් මංකොල්ල කති. එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙති. ඇතැම් විට මේ සියල්ලම හෝ ඉන් කීපයක් කරති. මේ ක්‍රමවලට මුදල් ඉපයීමේදී ඔවුන්ට නීතියෙන් ගැලවී සිටීමට දේශපාලනඥයින්ගේ සහය ලැබෙන්නේ නම් මහත් රුකුලකි. දේශපාලනඥයන්ටද ඔවුන්ගෙන් කරගන්නට රාජකාරි බොහෝය.

පාතාලය බිහිකරන්නේම දේශපාලනඥයා විසින් යැයි කිවහොත් එහි වරදක් නැත. මන්ද මෙරට පාතාල ලෝකයේ මුලින්ම නම ලියාපදිංචි කරනු ලැබු වල්පිට කංකානමලාගෙන් සුනිල් පෙරේරා නොහොත් ගෝනවල සුනිල් හැත්තෑව දශකයේදී ප්‍රදේශයේ චණ්ඩියෙක් ලෙස ප්‍රසිද්ධව සිටියද පාතාල නායකයෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේ නැත. ඔහු හැත්තෑව දශකයේ අගභාගයේදී හිරේ ගියේය. ඒ වෛද්‍යවරයෙකුගේ දියණිය දූෂණය කිරීමේ වරදටය. ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරු වූ ඔහුට වසර පහලොවක සිරදඬුවම් නියම විය. ඔහු අභියාචනයක්ද ඉදිරිපත් කළ නමුත් එහිදීද ඔහු වරදකරු ලෙස තහවුරු කරමින් අභියාචනය ඉවත දමනු ලැබීය.

මේ සියල්ල සිදුවන්නේ 1977 මහ මැතිවරණයට මාස කීපයකට පෙරදීය. මහමැතිවරණයෙන් හයෙන් පහක බලයක් සහිතව ආණ්ඩුව පිහිට වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථාව වෙනස්කර විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේය. 1978 පෙබරවාරි 04 වැනිදා පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ඔහු තමන්ගේ පළමු කාර්යය ලෙස ජනාධිපති සමාව යටතේ සිරකරුවන් රැසක් නිදහස් කරනු ලැබීය. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් පිරිසක් මෙන්ම මැරයින් මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයෝද වූහ. ගෝනවල සුනිල්ද එසේ නිදහස ලද චණ්ඩියෙකි.

සුනිල්ගේ පියා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්රියාකාරිකයෙකි. ඒ නිසා සුනිල්ලාගේ නිවස මැතිවරණ කාලයේදී නිතරම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් පැවැත්වෙන මධ්‍යස්ථානයක් බවට පත්විය. ඒ නිසා සුනිල්ගේ පවුලේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් බවට පත්විය. ඔහුට සහෝදරයෝම හත්දෙනෙක් සිටියහ. පියදාස, සෑම්, හැරල්ඩ්, වින්සන්ට්, සිරිල්, ෂෙල්ටන්, ටියුඩර්, ඒ හත්දෙනාය. සුනිල්ද සමග පිරිමි හත්දෙනෙක් සිටින පවුලක් අත්හරින දේශපාලකයා කවුද? මේ පවුලේ තිබෙන බලය තේරුම් ගත් එජාප නායකයෝ ඒ පවුල තදින් අල්ලා ගත්හ. ඒ නිසා සුනිල් කැලණිය ගෝනවල ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයෙක් බවට පත්විය. ඔහු නිදහස් කරගැනීමට ජයවර්ධන ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නිකම්ම නොවන බව ඒ අනුව පැහැදිලිය.

නිදහස ලැබූ දා සිටම ඔහු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිය සමීපතමයෙකු ලෙස තබා ගනිමින් තමන්ගේ විරුද්ධවාදීන් මර්දනයට යොදා ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට ගිනි අවිද ලැබිණ. එම කාර්යය කරගෙනයාම සඳහා ඔහු කණ්ඩායමක් හදා ගත්තේය. එතැන් පටන් ඔහු සාමාන්‍ය චණ්ඩියෙක් නොව පාතාල නායකයෙක් බවට පත්විය. එකල ජනතා විමුක්ති පෙරමුණ එතරම් ක්‍රියාකාරි මට්ටමක නොවූවද ශිෂ්‍ය ව්‍යාපාරය සමාජයේ ප්‍රබල හඬක් නැගීය. විශ්වවිද්‍යාලවල නිතරම උද්ඝෝෂණ පැවැත්විණ. කැලණිය විශ්ව විද්‍යාලයද එහිදි විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඒවාට පහර දී සිසුන් නිහඬ කිරීමේ වගකීම පැවරුණේ සුනිල්ටය.

ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට විශ්ව විද්‍යාල තුළ ගැටුම් ඇති කරගැනීම සමවාදී ශිෂ්‍ය සංගමය විසින් හොඳින් ඉටු කළේය. කැලණිය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණවලට පැන පහර දෙමින් ඇතිකරගත් ගැටුමකින් අනතුරුව 1978දී හතළිහක පමණ මැර පිරිසක් විශ්ව විද්‍යාලයට කඩාපැන්නේ සමවාදී සිසුන්ද සමගය. එහිදි ආණ්ඩුවට එරෙහි සිසුන්ට පහර දුන්නේය. අතපය කැඩුවේය. ඇතැමෙක් මාරාන්තික තුවාල ලැබූහ. මේ අතර එම ගැටුමේදී එක් තග් කල්ලි ක්‍රියාකාරිකයෙක් ඝාතනයට ලක්විය. ජනාධිපතිවරයා එම මරණය පිළිබඳ අවසන් කටයුතු ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා කටයුතු කළේය. එසේම ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා පෞද්ගලිකව සම්බන්ධ වීමටද අමතක නොකළේය. මෙමගින් ඔහු එම කණ්ඩායම දිරිමත් කළා සේම තමන් සමග හැප්පෙන අයට පිළිතුරු දෙන්නේ කෙසේද යන්න රටටම වචනවලින් නොකියා අවධාරණය කළේය.

මේ මැරකම් සමග සුනිල් පෙරේරා, ගෝනවල සුනිල් ලෙස සිය කණ්ඩායම අතර බෞතීස්ම ලැබුවේය. ඔහු සිය වගකීම කෙතරම් හොඳට ඉටු කළේද යත් ජනාධිපතිවරයා ඔහු මුලු දිවයිනටම සාම විනිසුරුවරයෙක් ලෙසද පත්කළේය.

ආණ්ඩුවට එරෙහිව 1980 ජුලි වලදී වැඩකරන ජනතාව සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවූයේ සාමාන්‍ය උද්ඝෝෂණ වැඩවර්ජනවලින් කළ ඉල්ලීම්වලට කිසිදු ඇහුම්කන් දීමක් ආණ්ඩුව සිදුනොකළ නිසාය. එම වැඩවර්ජනවල නිරත වූවන්ටද ආණ්ඩුව මැරයින් යොදවා පහර දුන්නේය. ඒ කාර්යයේදීද ගෝනවල සුනිල්ගේ වටිනාකම මැනවින් පැහැදිලි විය. එසේම අවස්ථා ගණනාවකදී පවත්වන ලද අතුරු මැතිවරණ වලදීද ඔහු මැරයකු ලෙස මැදිහත්ව ඒ සෑම ප්‍රදේශයකම අණසක තමන් අතට ගන්නට කටයුතු කළේය. එසේ අතුරු මැතිවරණ පැවැත්වු කටානේදී එක් අවස්ථාවක ඔහු කටාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩිවි පොලිසියට නියෝග දෙන්නට පවා කටයුතු කළේය. එහෙත් ඊට එරෙහිව ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

ඔහුගේ වටිනාකම කොයිතරම් පාලකයන්ට වැදගත් වුයේද ඒ තරමටම වාසි ප්‍රයෝජනද ඔහුට පෙරළා ලැබිණ. රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් ඔහුට ලැබිණ. එසේම අම්පාර ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද ක්‍රීඩා සමාජ ශාලාව මිතුරෙකු සමග හවුලේ පවත්වාගෙන යාමේ අවස්ථාවද ඔහුට ලැබිණ. එසේම ඔහු ගෝනවල ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයාද විය.

එපමණක් ද නොව ගමේ සාමය රකින්නට පත්කරන ලද මේ සාමවිනිසුරුවරයා සපුගස්කන්දේ සිට කොලොන්නාව දක්වා තෙල් ගෙනයන නළයෙන් තෙල් සොරකම් කළේය. එය කිසිසේත්ම සාමයට බාධාවක් වූයේ නැත. මන්ද යත් ආණ්ඩුවේ වගකිව යුත්තන් ඒ දෙස අන්ධයින් සේ බලාසිටි නිසා ඔහුට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති නිසා කලබලවීමට කාටවත් කාරණාවක් නොවීය. සුනිල් හැම විටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණෙන විට ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට යාම පුරුද්දක් කරගෙන සිටි බවද පැවසේ.

ගෝනවල සුනිල්ගේ වැඩපෙන්වන්නට ලැබුණු හොඳම අවස්ථාව උදාවූයේ 1983දීය. 1982දී ජනාධිපතිවරණය පැවැත්වූ ජයවර්ධන මහතා සිය ජනප්‍රියත්වය අඩුවී ඇති බව වටහා ගත්තේය. ඒ නිසා ඔහු මහමැතිවරණය පැවැත්වීම කල් දැමුවේය. ඒ වෙනුවට ජනමත විචාරණයක් පැවැත්විය. එහිදී මහ මැතිවරණයක් අවශ්‍ය බවට ඉදිරිපත්කළ කළගෙඩිය වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් වාමාංශික පක්ෂය. එහි ප්‍රබලම හඬ නගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබූ නිසාදෝ ඇගේ මැදිහත්වීමේ අඩුවක් දක්නට ලැබිණ. ඒ නිසා ජයවර්ධන මහතාගේ ප්‍රබල ප්‍රහාරයට ලක්වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් පවත්වන රැස්වීම් කඩාකප්පල් කිරිමට සුනිල් සිය කණ්ඩායම මෙහෙය වූයේය. විශේෂයෙන්ම කැලණිය ජවිපෙට තහනම් භූමියක් බඳුවිය.

මේ මැරවැරකම් පවත්වාගෙන යාමට ඔහුට ගිනි අවි, රථ වාහන, පමණක් නොව අමතර මුදල්ද අවශ්‍ය තරමට ලැබිණ. එම කටයුතු වලදී මොන වරදක් සිදුවුවද ඒවාට නීති මගින් කටයුතු කිරීම වළක්වා පොලිසියට අහක බලාගෙන සිටීමේ බලපෑම කරන්නටද සුනිල් සමත්විය. ඒ ආණ්ඩුවෙ බලය ඕනෑවටත් වඩා ඔහුට ලැබී තිබූ හෙයිනි.

කෙසේ නමුත් 1983දී පැවති ජනමත විචාරණයෙන් ජයගත් ආණ්ඩුව මහමැතිවරණය කල් දමනු ලැබුවේය. එම ජනමත විචාරණය දූෂිත බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුලු පක්ෂ කීපයක් අධිකරණයට ගියේය. එහි තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේදීය.

ලංකා ඉතිහාසයට කලුපැල්ලමක් එක් කළ කලු ජූලිය ආණ්ඩුවේම ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූයේ අධිකරණ තින්දුව ලැබීමට මසකට පමණ පෙරදී 1983 ජුලි 23වැනිදාය. එම කලු ජූලියේදි සිදුවුයේ කුමක්ද යන්න අද වනවිට මුලු රටම දනී. එහිදී වැලිකඩ හිරගෙදරටද පහරදීමක් සිදුවිය. එම පහරදීම මෙහෙයවූයේ ගෝනවල සුනිල් විසිනි. එය අවස්ථා දෙකකදී ප්‍රහාර දෙකක් ලෙස සිදුවිය. පළමු ප්‍රහාරය ක්‍රියාත්මක වුයේ සිංහල සිරකරුවන් විසින් දෙමළ සිරකරුවන්ට පහරදීමක් ලෙසය. දෙවැන්න ක්‍රියාත්මක වූයේ දෙමළ සිරකරුවන් විසින් සිංහල සිරකරුවන් වෙත පහරදීමක් ලෙසය. මේ ප්‍රහාර දෙකෙන්ම සිරකරුවෝ 53 දෙනෙක් ඝාතනයට ලක් වූහ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැත. ඒ වෙනුවට නිරන්තරයෙන්ම ඔහුට ලැබුණේ ප්‍රශංසා සහ වරප්‍රසාදය.

සුනිල්ගේ සහෝදරයෙකු වූ ටියුඩර් නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ 1990දීය. එසේ අත්අඩංගුවට ගත් ටියුඩර් ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් එම පොලිස් ස්ථානයෙන් පිටතට ගෙනගොස් පසුව අතුරුදන්වූ බව පැවසේ. මෙසේ සිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සුනිල් සිටියේ දැඩි කෝපයට පත්වය. මෙතෙක් තමන්ට හෝ පවුලේ කිසිවකුට අත තැබීමට කිසිදු පොලිස් නිලධාරියකු ඉදිරිපත් වූයේ නැත. හිටිගමන් වූ මෙම සිදුවීමෙන් ඔහු කෝපයටත් වේදනාවටත් පත්විය.

ඉන් දින කීපයකට පසුව ඔහුට ඉහළ නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබිණ. වහාම පැමිණ තමන් හමුවන ලෙසට ඔහුට දැනුම්දෙනු ලැබිණ. එම දැනුම්දීම අනුව ඔහු සිය නිලධාරියා හමුවීමට බියගම හෝටලයක් වෙත ගියද ආපසු ආවේ නැත. ඔහුගේ සිරුර තවත් පස්දෙනකුගේ සිරුරු සමග කැලණි ගඟේ පාවෙමින් තිබී පසුව හමුවිය. එය සිදු වූයේ 1990 පෙබරවාරි මාසයේදීය.

ගෝනවල සුනිල් ඝාතනයට ලක්වන්නේ සිය විරුද්ධවාදීන් අතිනි. ඒ වන විට ඔහු සපුගස්කන්දේ සිට කොලොන්නාවට තෙල් ගෙන යන නළයෙන් තෙල් සොරාගැනීම ජයටම කරගෙන ගියේය. එහි කටයුතු සොයාබැලුවේ ඔහුගේ සහෝදරයා වූ ෂෙල්ටන් විසිනි. එසේම ඔහු මගීප්‍රවාහන බස්රථ ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. සුනිල් ඝාතනයට ලක්වන විට දියණියගේ වයස අවුරුදු නවයක්වූ අතර පුතාට මාස පහකි.

සුනිල් ඝාතනය සම්බන්ධයෙන්ද විවිධමත පවතී. ඒ සම්බන්ධයෙන් අප ලබන කලාපයෙන් කතා කරමු.

[QUOTE="Dead Cupid, post: 28305297, member: 118969"] [URL='https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%BD-%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1.2077461/'][B][SIZE=5]කොටස 1[/SIZE][/B][/URL] [B][SIZE=7]ධාර්මිෂ්ට සමාජයක් බිහිකරන්න එක්වූ “ගෝනවල සුනිල්”[/SIZE] මරුසිරා, මරදන්කඩවල යකඩයා, පොඩි විජේ වැනි නම් මතක් කරන විට පනහ හැට දශක වල විසූ ජනතාව භීතියෙන් ඇලලී යන්නට ඇත. ඒ ඔවුන් කළ මැරකම් නිසාය. මිනීමැරුම් නිසාය. ඔවුන් මැරකම් කළේ තමන්ට එරෙහිව යන්නන්ට එරෙහිවය. තමන් යන මග හරස් කරන්නන්ට එරෙහිවය. ඒ සඳහා ඔවුන්ට ගෝල බාලයන් සිටියේ නැත. දේශපාලකයන්ගේ සහායක් ලැබුණේද නැත. දේශපාලකයන්ට ඔවුන්ගෙන් කරගන්නට විශේෂ කාර්යයක් තිබුණේද නැත. මේ මැරයෝ එක්කෝ සොරකම් කරති. නැතිනම් මිනී මරති. ඇතැම් විට තරුණියන්ට හෝ තරුණ දියණියන්ට අතවර කරති. මැරකම් සඳහා භාවිතා කළේ ගල්කටස් වර්ගයේ ගිනි අවි හෝ මාමයිට් වැනි කුඩා කුප්පිවල සකස් කළ අත්බෝම්බය. [/B] [IMG align="left"]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_8dde9332f0.jpg[/IMG] එහෙත් මැරවරයන්ගේ කාර්යභාරය දේශපාලකයන් තමන්ගේ වාසියට යොදාගත්විට ගොඩනැගෙන්නේ වෙනම එකකි. පාතාලය ලෙසින් හැඳින්වෙන මේ මැරවරයන් සමග ගෝලබාලයෝ රැසක්ද සිටිති. ඔවුන් කිසිවෙක් කිසිවිටෙකත් නායකයාට ඉහළින් යන්නට හිතන්නේ වත් නැත. එසේ කළහොත් ජීවන ගමන එතනින් කෙළවර වනු ඇත. විශාල පිරිසක් සමග එක්ව පවත්වාගෙන යනු ලබන මෙම පාතාලය නඩත්තු කිරීමට නායකයින්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ඒ සඳහා ඔවුහු එක්කෝ කප්පම් ගනිති. නැතහොත් මංකොල්ල කති. එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙති. ඇතැම් විට මේ සියල්ලම හෝ ඉන් කීපයක් කරති. මේ ක්‍රමවලට මුදල් ඉපයීමේදී ඔවුන්ට නීතියෙන් ගැලවී සිටීමට දේශපාලනඥයින්ගේ සහය ලැබෙන්නේ නම් මහත් රුකුලකි. දේශපාලනඥයන්ටද ඔවුන්ගෙන් කරගන්නට රාජකාරි බොහෝය. පාතාලය බිහිකරන්නේම දේශපාලනඥයා විසින් යැයි කිවහොත් එහි වරදක් නැත. මන්ද මෙරට පාතාල ලෝකයේ මුලින්ම නම ලියාපදිංචි කරනු ලැබු වල්පිට කංකානමලාගෙන් සුනිල් පෙරේරා නොහොත් ගෝනවල සුනිල් හැත්තෑව දශකයේදී ප්‍රදේශයේ චණ්ඩියෙක් ලෙස ප්‍රසිද්ධව සිටියද පාතාල නායකයෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේ නැත. ඔහු හැත්තෑව දශකයේ අගභාගයේදී හිරේ ගියේය. ඒ වෛද්‍යවරයෙකුගේ දියණිය දූෂණය කිරීමේ වරදටය. ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරු වූ ඔහුට වසර පහලොවක සිරදඬුවම් නියම විය. ඔහු අභියාචනයක්ද ඉදිරිපත් කළ නමුත් එහිදීද ඔහු වරදකරු ලෙස තහවුරු කරමින් අභියාචනය ඉවත දමනු ලැබීය. මේ සියල්ල සිදුවන්නේ 1977 මහ මැතිවරණයට මාස කීපයකට පෙරදීය. මහමැතිවරණයෙන් හයෙන් පහක බලයක් සහිතව ආණ්ඩුව පිහිට වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ව්‍යවස්ථාව වෙනස්කර විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේය. 1978 පෙබරවාරි 04 වැනිදා පළමු විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ඔහු තමන්ගේ පළමු කාර්යය ලෙස ජනාධිපති සමාව යටතේ සිරකරුවන් රැසක් නිදහස් කරනු ලැබීය. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් පිරිසක් මෙන්ම මැරයින් මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයෝද වූහ. ගෝනවල සුනිල්ද එසේ නිදහස ලද චණ්ඩියෙකි. සුනිල්ගේ පියා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්රියාකාරිකයෙකි. ඒ නිසා සුනිල්ලාගේ නිවස මැතිවරණ කාලයේදී නිතරම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් පැවැත්වෙන මධ්‍යස්ථානයක් බවට පත්විය. ඒ නිසා සුනිල්ගේ පවුලේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් බවට පත්විය. ඔහුට සහෝදරයෝම හත්දෙනෙක් සිටියහ. පියදාස, සෑම්, හැරල්ඩ්, වින්සන්ට්, සිරිල්, ෂෙල්ටන්, ටියුඩර්, ඒ හත්දෙනාය. සුනිල්ද සමග පිරිමි හත්දෙනෙක් සිටින පවුලක් අත්හරින දේශපාලකයා කවුද? මේ පවුලේ තිබෙන බලය තේරුම් ගත් එජාප නායකයෝ ඒ පවුල තදින් අල්ලා ගත්හ. ඒ නිසා සුනිල් කැලණිය ගෝනවල ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයෙක් බවට පත්විය. ඔහු නිදහස් කරගැනීමට ජයවර්ධන ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නිකම්ම නොවන බව ඒ අනුව පැහැදිලිය. නිදහස ලැබූ දා සිටම ඔහු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිය සමීපතමයෙකු ලෙස තබා ගනිමින් තමන්ගේ විරුද්ධවාදීන් මර්දනයට යොදා ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට ගිනි අවිද ලැබිණ. එම කාර්යය කරගෙනයාම සඳහා ඔහු කණ්ඩායමක් හදා ගත්තේය. එතැන් පටන් ඔහු සාමාන්‍ය චණ්ඩියෙක් නොව පාතාල නායකයෙක් බවට පත්විය. එකල ජනතා විමුක්ති පෙරමුණ එතරම් ක්‍රියාකාරි මට්ටමක නොවූවද ශිෂ්‍ය ව්‍යාපාරය සමාජයේ ප්‍රබල හඬක් නැගීය. විශ්වවිද්‍යාලවල නිතරම උද්ඝෝෂණ පැවැත්විණ. කැලණිය විශ්ව විද්‍යාලයද එහිදි විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ඒවාට පහර දී සිසුන් නිහඬ කිරීමේ වගකීම පැවරුණේ සුනිල්ටය. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට විශ්ව විද්‍යාල තුළ ගැටුම් ඇති කරගැනීම සමවාදී ශිෂ්‍ය සංගමය විසින් හොඳින් ඉටු කළේය. කැලණිය විශ්ව විද්‍යාලයේ උද්ඝෝෂණවලට පැන පහර දෙමින් ඇතිකරගත් ගැටුමකින් අනතුරුව 1978දී හතළිහක පමණ මැර පිරිසක් විශ්ව විද්‍යාලයට කඩාපැන්නේ සමවාදී සිසුන්ද සමගය. එහිදි ආණ්ඩුවට එරෙහි සිසුන්ට පහර දුන්නේය. අතපය කැඩුවේය. ඇතැමෙක් මාරාන්තික තුවාල ලැබූහ. මේ අතර එම ගැටුමේදී එක් තග් කල්ලි ක්‍රියාකාරිකයෙක් ඝාතනයට ලක්විය. ජනාධිපතිවරයා එම මරණය පිළිබඳ අවසන් කටයුතු ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා කටයුතු කළේය. එසේම ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා පෞද්ගලිකව සම්බන්ධ වීමටද අමතක නොකළේය. මෙමගින් ඔහු එම කණ්ඩායම දිරිමත් කළා සේම තමන් සමග හැප්පෙන අයට පිළිතුරු දෙන්නේ කෙසේද යන්න රටටම වචනවලින් නොකියා අවධාරණය කළේය. මේ මැරකම් සමග සුනිල් පෙරේරා, ගෝනවල සුනිල් ලෙස සිය කණ්ඩායම අතර බෞතීස්ම ලැබුවේය. ඔහු සිය වගකීම කෙතරම් හොඳට ඉටු කළේද යත් ජනාධිපතිවරයා ඔහු මුලු දිවයිනටම සාම විනිසුරුවරයෙක් ලෙසද පත්කළේය. ආණ්ඩුවට එරෙහිව 1980 ජුලි වලදී වැඩකරන ජනතාව සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවූයේ සාමාන්‍ය උද්ඝෝෂණ වැඩවර්ජනවලින් කළ ඉල්ලීම්වලට කිසිදු ඇහුම්කන් දීමක් ආණ්ඩුව සිදුනොකළ නිසාය. එම වැඩවර්ජනවල නිරත වූවන්ටද ආණ්ඩුව මැරයින් යොදවා පහර දුන්නේය. ඒ කාර්යයේදීද ගෝනවල සුනිල්ගේ වටිනාකම මැනවින් පැහැදිලි විය. එසේම අවස්ථා ගණනාවකදී පවත්වන ලද අතුරු මැතිවරණ වලදීද ඔහු මැරයකු ලෙස මැදිහත්ව ඒ සෑම ප්‍රදේශයකම අණසක තමන් අතට ගන්නට කටයුතු කළේය. එසේ අතුරු මැතිවරණ පැවැත්වු කටානේදී එක් අවස්ථාවක ඔහු කටාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩිවි පොලිසියට නියෝග දෙන්නට පවා කටයුතු කළේය. එහෙත් ඊට එරෙහිව ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔහුගේ වටිනාකම කොයිතරම් පාලකයන්ට වැදගත් වුයේද ඒ තරමටම වාසි ප්‍රයෝජනද ඔහුට පෙරළා ලැබිණ. රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් ඔහුට ලැබිණ. එසේම අම්පාර ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද ක්‍රීඩා සමාජ ශාලාව මිතුරෙකු සමග හවුලේ පවත්වාගෙන යාමේ අවස්ථාවද ඔහුට ලැබිණ. එසේම ඔහු ගෝනවල ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයාද විය. එපමණක් ද නොව ගමේ සාමය රකින්නට පත්කරන ලද මේ සාමවිනිසුරුවරයා සපුගස්කන්දේ සිට කොලොන්නාව දක්වා තෙල් ගෙනයන නළයෙන් තෙල් සොරකම් කළේය. එය කිසිසේත්ම සාමයට බාධාවක් වූයේ නැත. මන්ද යත් ආණ්ඩුවේ වගකිව යුත්තන් ඒ දෙස අන්ධයින් සේ බලාසිටි නිසා ඔහුට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති නිසා කලබලවීමට කාටවත් කාරණාවක් නොවීය. සුනිල් හැම විටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණෙන විට ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළට යාම පුරුද්දක් කරගෙන සිටි බවද පැවසේ. ගෝනවල සුනිල්ගේ වැඩපෙන්වන්නට ලැබුණු හොඳම අවස්ථාව උදාවූයේ 1983දීය. 1982දී ජනාධිපතිවරණය පැවැත්වූ ජයවර්ධන මහතා සිය ජනප්‍රියත්වය අඩුවී ඇති බව වටහා ගත්තේය. ඒ නිසා ඔහු මහමැතිවරණය පැවැත්වීම කල් දැමුවේය. ඒ වෙනුවට ජනමත විචාරණයක් පැවැත්විය. එහිදී මහ මැතිවරණයක් අවශ්‍ය බවට ඉදිරිපත්කළ කළගෙඩිය වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් වාමාංශික පක්ෂය. එහි ප්‍රබලම හඬ නගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඒ වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබූ නිසාදෝ ඇගේ මැදිහත්වීමේ අඩුවක් දක්නට ලැබිණ. ඒ නිසා ජයවර්ධන මහතාගේ ප්‍රබල ප්‍රහාරයට ලක්වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් පවත්වන රැස්වීම් කඩාකප්පල් කිරිමට සුනිල් සිය කණ්ඩායම මෙහෙය වූයේය. විශේෂයෙන්ම කැලණිය ජවිපෙට තහනම් භූමියක් බඳුවිය. මේ මැරවැරකම් පවත්වාගෙන යාමට ඔහුට ගිනි අවි, රථ වාහන, පමණක් නොව අමතර මුදල්ද අවශ්‍ය තරමට ලැබිණ. එම කටයුතු වලදී මොන වරදක් සිදුවුවද ඒවාට නීති මගින් කටයුතු කිරීම වළක්වා පොලිසියට අහක බලාගෙන සිටීමේ බලපෑම කරන්නටද සුනිල් සමත්විය. ඒ ආණ්ඩුවෙ බලය ඕනෑවටත් වඩා ඔහුට ලැබී තිබූ හෙයිනි. කෙසේ නමුත් 1983දී පැවති ජනමත විචාරණයෙන් ජයගත් ආණ්ඩුව මහමැතිවරණය කල් දමනු ලැබුවේය. එම ජනමත විචාරණය දූෂිත බවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුලු පක්ෂ කීපයක් අධිකරණයට ගියේය. එහි තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේදීය. ලංකා ඉතිහාසයට කලුපැල්ලමක් එක් කළ කලු ජූලිය ආණ්ඩුවේම ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූයේ අධිකරණ තින්දුව ලැබීමට මසකට පමණ පෙරදී 1983 ජුලි 23වැනිදාය. එම කලු ජූලියේදි සිදුවුයේ කුමක්ද යන්න අද වනවිට මුලු රටම දනී. එහිදී වැලිකඩ හිරගෙදරටද පහරදීමක් සිදුවිය. එම පහරදීම මෙහෙයවූයේ ගෝනවල සුනිල් විසිනි. එය අවස්ථා දෙකකදී ප්‍රහාර දෙකක් ලෙස සිදුවිය. පළමු ප්‍රහාරය ක්‍රියාත්මක වුයේ සිංහල සිරකරුවන් විසින් දෙමළ සිරකරුවන්ට පහරදීමක් ලෙසය. දෙවැන්න ක්‍රියාත්මක වූයේ දෙමළ සිරකරුවන් විසින් සිංහල සිරකරුවන් වෙත පහරදීමක් ලෙසය. මේ ප්‍රහාර දෙකෙන්ම සිරකරුවෝ 53 දෙනෙක් ඝාතනයට ලක් වූහ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැත. ඒ වෙනුවට නිරන්තරයෙන්ම ඔහුට ලැබුණේ ප්‍රශංසා සහ වරප්‍රසාදය. සුනිල්ගේ සහෝදරයෙකු වූ ටියුඩර් නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ 1990දීය. එසේ අත්අඩංගුවට ගත් ටියුඩර් ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් එම පොලිස් ස්ථානයෙන් පිටතට ගෙනගොස් පසුව අතුරුදන්වූ බව පැවසේ. මෙසේ සිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සුනිල් සිටියේ දැඩි කෝපයට පත්වය. මෙතෙක් තමන්ට හෝ පවුලේ කිසිවකුට අත තැබීමට කිසිදු පොලිස් නිලධාරියකු ඉදිරිපත් වූයේ නැත. හිටිගමන් වූ මෙම සිදුවීමෙන් ඔහු කෝපයටත් වේදනාවටත් පත්විය. ඉන් දින කීපයකට පසුව ඔහුට ඉහළ නිලධාරියකුගෙන් ඇමතුමක් ලැබිණ. වහාම පැමිණ තමන් හමුවන ලෙසට ඔහුට දැනුම්දෙනු ලැබිණ. එම දැනුම්දීම අනුව ඔහු සිය නිලධාරියා හමුවීමට බියගම හෝටලයක් වෙත ගියද ආපසු ආවේ නැත. ඔහුගේ සිරුර තවත් පස්දෙනකුගේ සිරුරු සමග කැලණි ගඟේ පාවෙමින් තිබී පසුව හමුවිය. එය සිදු වූයේ 1990 පෙබරවාරි මාසයේදීය. ගෝනවල සුනිල් ඝාතනයට ලක්වන්නේ සිය විරුද්ධවාදීන් අතිනි. ඒ වන විට ඔහු සපුගස්කන්දේ සිට කොලොන්නාවට තෙල් ගෙන යන නළයෙන් තෙල් සොරාගැනීම ජයටම කරගෙන ගියේය. එහි කටයුතු සොයාබැලුවේ ඔහුගේ සහෝදරයා වූ ෂෙල්ටන් විසිනි. එසේම ඔහු මගීප්‍රවාහන බස්රථ ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. සුනිල් ඝාතනයට ලක්වන විට දියණියගේ වයස අවුරුදු නවයක්වූ අතර පුතාට මාස පහකි. සුනිල් ඝාතනය සම්බන්ධයෙන්ද විවිධමත පවතී. ඒ සම්බන්ධයෙන් අප ලබන කලාපයෙන් කතා කරමු. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom