Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
දේශපාලන පාතාලයේ අගමුල සොයා යන ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්උදා ව්‍යාපාරය ආරම්භ වුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයා අගමැතිව සිටි කාලයේදීමය. ඔහු සෑම උදාගමකම කටයුතු සොයා බැලීමට පෞද්ගලිකවම ගිය බව ඇතැම්හු පවසති. අගමැතිවරයෙක් ලෙස වගකීම් ඉටුකරද්දී මෙවැනි දේ ගැන පතුලටම කිඳාබැස සෙවීම පහසු කාර්යයක් නොවේ. ජනාධිපතිවරයා ලෙස නැතහොත් රටේ නායකයා ලෙස වගකීමක් භාරගත් පසු පැවරෙන රාජකාරි සමග උදාගමක් ගැන සෙවීම ඉතාමත් සුළු කාර්යයකි. ඒ නිසා එවැනි දේ වෙනුවෙන් කාලය මිඩංගු කිරීම පහසු නැත. එහෙත් ඒවා ගැන නොසොයා අත්හැරීමටද ඔහු කැමති වූයේ නැත. පැවරූ වගකීම් ඉටුකර තමන්ගේ හිත දිනාගෙන සිටින උපාලි මේ වැඩේට සුදුසු වනු ඇතැයි ජනාධිපති ප්‍රේමදාස මහතාට සිහිපත් විය.

‘‘උපාලි මම තමුසෙට අලුත් වැඩක් භාරදෙන්න කියලා කල්පනා කළා. තමුසෙගේ කලාවට මම කැමතියි. වැඩක් දුන්නා නම් ඒක හරියටම කරන තමුන් වගේ අය තමයි මට ඕන.’’

‘‘සර් ඕන වැඩක් කියන්න. බොක්කෙන්ම කරන්නම්.”

ඔහුට පැවරුණ අලුත් වගකීම වූයේ ගම්උදා ව්‍යාපෘතිවලදී ඒවායේ ඉදිකිරීම් කටයුතු ගැන සොයා බැලීමය. කියපු විදිහට වැඩේ වෙනවාද? මොනවද අවශ්‍ය වෙන්නේ? යනාදී කාරණා ගැන සොයා බැලීමය. උපාලි ඒ වගකීම ඉහළින්ම ඉටුකළේය. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇතැම් කටයුතු නොදන්නවා වුවද වැඩේ දන්න කෙනා ලවා වැඩේකරවා ගැනීමේ හැකියාවක් උපාලිට තිබුණි. එය ඔහුගේ පෞද්ගලික හැකියාවටත් වඩා ජනාධිපතිගේ නියෝජිතයා යන හැඟීමෙන් ඉහළ නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා සියලු දෙනා දැක්වූ බය පක්ෂපාතී ගෞරවය නිසා සිදුවූවකි. මේ සැලකිල්ල නිසා හැමෝම ඔහුට ඇමතුවේ ‘සර්’ යනුවෙනි. උපාලි එයින්ද මහත් ප්‍රීතියට පත්විය. වැඩි වැඩියෙන් උනන්දු වී සර් පට්ටම ආරක්ෂා කරගැනීමට කටයුතු කළේය. සර් කෙනෙක් ලෙස තේජස්ව හැසිරෙන්නට අණදීම් කරන්නට පසුබට නොවීය.

මෙම වගකීම් පැවරීමට පෙර පිඩලි උපාලිට හොඳ පුහුණුවක්ද ලබාදුන්නේය. ඒ ආයුධ පුහුණුවකි. පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ ඔහු ඇතුළු කණ්ඩායමකට මෙම පුහුණුව ලබාදෙන ලද්දේ අත්‍යාවශ්‍ය කටයුතුවලට මනාව හසුරුවා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව විය හැකිය. කෙසේ නමුත් එවැනි පුහුණුවක් උපාලි ලබාගන්නේ ඒ වන විටත් ප්‍රදේශයේ චණ්ඩි සමග දැඩි බැඳීමක් ගනුදෙනුවක් පවතින වටපිටාවකදීය. ඔහුට ඒ වන විටත් නොයෙල් අමරසිංහ සමග සම්බන්ධයක් තිබුණි. එසේම මාදින්නාගොඩ අනිල් වැන්නන් සමගද ගනුදෙනු පැවතිණ. ඇතැම් වැඩකටයුතුවලදී ඔහු සහාය ගත්තේ මොවුන් යටතේ සිටින කොල්ලන්ගෙනි. නොයෙල්ගේ ඇතැම් හැසිරීම් නිසා ඔහු අතහරින ලද උපාලි පසුව තුම්මුල්ලේ පද්මේ නොහොත් රංජිත් අමරසිංහ සමග සම්බන්ධකම් ගොඩනගා ගත්තේය. කොට්ටියාගොඩ නිහාල් සිටියේද පද්මේ සමගය.

තුම්මුල්ලේ පද්මේ යනු එකල පාතාල ලෝකයේ නම රැන්දූ අමරසිංහ පරම්පරාවේ මුල් පුරුකකි. ප්‍රදේශයේ චණ්ඩියෙක් ලෙස නමක් තබාගෙන සිටි ඔහුටද එකල පැවති දේශපාලන නායකත්වයෙන් මුළු රටටම සාම විනිසුරු පට්ටමක් ලැබුණේය. පද්මේ යනු තම දේශපාලන රැකවරණ භාවිතා කරමින් ඉතා හොඳින් කසිප්පු ජාවාරම කරගෙන ගිය අයෙකි. සාමවිනිසුරු පදවියක්ද ලබාදීමෙන් ඔහු සාමය ඇති කිරීම කෙසේ වුවද ප්‍රදේශයේ තම අණසක පතුරුවාගෙන දේශපාලන හයියද යොදාගනිමින් ජයටම කසිප්පු ජාවාරම කරගෙන ගියේය. පද්මෙට සාමවිනිසුරුකමක් මෙන්ම උපාලිට එස්ටීඑෆ් පුහුණුව ලබාදීමෙන් බලපොරොත්තු වූයේ කුමක් වුවද ඔහු පුහුණු කර පාතාලය ශක්තිමත් කළා වැනි විය.

තුම්මුල්ලේ පද්මේ මෙන්ම උපාලිද ළඟින් තබාගැනීමට එකල පාතාලයේ නායකයෝ බොහෝ දෙනා කැමති වූහ. ඒ කිසියම් වරදකට තමන්ගේ එකෙක් පොලිසියට අහුවුණොත් හෝ පොලිසියෙන් සොයන බව දැනගතහොත් හෝ උපාලි ලවා පොලිසියට කතා කර එය වෙනස් කරගත හැකි හෙයිනි. උපාලි එක ඇමතුමක් ලබාගත් සැණින් එකල සිටි බොහෝ පොලිස් නිලධාරීහු ජනාධිපති ලබාදුන් අණක් සේ එය පිළිපදිති. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන් පවා ඔහුට කතා කළේ සර් යනුවෙනි. එක් අවස්ථාවක ඔහු බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිගේ පුටුවේ වාඩිවී අණදුන් බවටද ඉතිහාස තොරතුරුවල සඳහන් වේ.

දේශපාලන බලයත්, රැකවරණයත් භාවිතා කරමින් ඔහු බරපතළ ලෙස අපරාධ සිදුකළේය. තම විරුද්ධ පාර්ශ්වයේ චණ්ඩින්ගේ පවුල්වල කාන්තාවන් සමූහ වශයෙන් දූෂණයට ලක් කළ බවටද ඔහුට චෝදනා නැගිණ. ලෙයට ලෙය පළිගන්නා මොවුන් එක් පාර්ශ්වයක පුද්ගලයෙකුට කළ හානියට පළිගැනීමක් ලෙස ඒ පාර්ශ්වයේ සියලු දෙනා එකතු වී අනෙක් පාර්ශ්වයේ අයෙකුට හෝ කීපදෙනෙකුට හෝ හානිකරනු ලැබේ.

උපාලිගේ අය්යා වූ ඉන්ද්‍රතිස්ස හෝටලයක් කරගෙන ගිය අයෙකි. උපාලි පද්මෙලා සමග එකතු වූ පසු නොයෙල් සිටියේ ඔහු සමග ඇතිකරගත් බද්ධ වෛරයෙනි. වරක් කොට්ටියාගොඩ අනිල් ඇතුළු කණ්ඩායමක් ඔබේසේකර පුර සක්කිලිවත්තට පැන දහසය දෙනෙකු ඝාතනය කළේ වෙඩි තබා හා කපා කොටාය. මේ සියලු දෙනා නොයෙල්ලාගේ කණ්ඩායමේ අය වූහ. එසේම ඒ අය අතර නොයෙල්ගේ සහෝදරයෙක්ද විය. ඔහු කිසිදු පාතාල කටයුත්තකට සම්බන්ධ අයෙක් නොවන බව පොලිසිය ද පැවසීය. ඔහු රාජගිරියේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන ගිය අයෙකි.

තම සහෝදරයා ඝාතනයේ පළිය ගන්නට ඔහු පහරදුන්නේ කොටියාගොඩ නිහාල්ගේ සහෝදරයෙක් වන කොට්ටියාගොඩ රංජීටය. ඔහු කසිප්පු ජාවාරම් කළ අයෙකි. මේ ගැටුම දිගින් දිගටම පැවතුණ අතර ඒ හේතුවෙන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ විශාල පිරිසක් මරණයට පත්වූහ. මේ ආකාරයට අනිල්ලා සොත්ති උපාලිලා එක්ව නොයෙල් අමරසිංහගේ අක්කාවූ මාග්‍රට්ගේ සැමියා එනම් චින්තක අමරසිංහගේ පියා මහපාරේදී ඝාතනය කළහ. එකල චින්තක කුඩා දරුවෙකි. චින්තක වෙනුවෙන් චොකලට් එකක් මිලදී ගැනීමට කඩයට ගිය පියා ආපසු ආවේ පෙට්ටියෙනි. එතනින් නොනැවතුණ සොත්ති උපාලිලා නොයෙල්ව ද ඝාතනය කළහ.

නොයෙල් ඝාතනය සිදුකළේ වැලිකඩ බන්ධනාගාරය තුළදීය. නොයෙල් කිසියම් වරදකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ පසු ඔහු එහිදීම ඝාතනය කිරීමට සැලසුම් කළ සොත්ති උපාලි ඒ වෙනුවෙන් දෙදෙනකු හිරේට යැවීමට කටයුතු කළේය. එසේ බලහත්කාරයෙන් නැත්නම් වුවමනාවෙන්ම මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව බන්ධානාගාරගත වූයේ කොටියාගොඩ නිහාල්ය. නිහාල් බන්ධනාගාර ගත වූ පසු උපාලි තම දේශපාලන සම්බන්ධතා හා ඒ ඇසුරෙන් හඳුනාගත් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ සහය ඇතිව නිහාල්ට කෑම පාර්සලයක් යැව්වේය. එය අනෙක් අය සමගද බෙදාගෙන කන්නට හැකි ලෙස සකස් කළ විශාල කෑම පාර්සලයක් විය. පිස්තෝලය සඟවා තිබුණේ එම බත් පාර්සලයේය. එය නිහාල් අතට පත්වූ පසු කළ යුත්තේ කුමක්දැයි ඔහු දැන සිටියේය. මීට පෙරද එක් අවස්ථාවක වෙනත් ආකාරයකට ආයුධයක් නිහාල් අතට යැවීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. මෙවර ආයුධය අතට ලැබී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිහාල් නොයෙල්ව ඝාතනය කළේය. බන්ධනාගාරයක් තුළදී මෙවැනි ඝාතනයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. එකල මෙවැනි දෙයක් අසන්නට ලැබීම සමාජය භීතියට පත්කරණසුලු සිදුවීමක් විය. එම සිදුවීමත් සමග නිහාල් පාතාල නායකයකු ලෙස ඉහළින්ම ගරුසැලකිලි සහිතව පිළිගනු ලැබූ අතර එම සැලැස්ම ක්‍රියාත්මක කළ සොත්ති උපාලිට තිබූ පිළිගැනීමද තවත් ඉහළ ගියේය.

නොයෙල් සම්බන්ධයෙන් අප මීට පෙරද සාකච්ඡා කර තිබේ. රාජගිරියේ පැටී යනුවෙන් හඳුන්වන්නේද ඔහුය. එසේම ඔහු තුළ පවතින තමන් ළඟම සිටින්නා පවා සැක කරන ගුණය නිසා මාස්ටර් බ්‍රේව් යනුවෙන්ද හැඳින්වීය. නොයෙල් වැඩිදෙනෙක් තම හතුරන් බවට පත්කර ගත්තේ මේ සැක කිරීමේ ගුණය නිසාය.

නොයෙල්ගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරියක වූ ඊවා අමරසිංහ රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කොට ඇය ඝාතනය කර සිරුර රාජගිරියේ පල්ලියක් අසළ දැමූහ. ඊවා යනු නොයෙල්ගේ හයිය ගෙන ප්‍රදේශයේ චණ්ඩිකම් කළ ගැහැනියකි. කෙසේ නමුත් ඊවාගේ මරණයෙන් පසු නොයෙල් නාමය වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් සිටියේ නැත. චින්තක අමරසිංහ හා ධම්මික අමරසිංහ දෙසොහොයුරන් පාතාලයේ අකුරුකරන්නට වූයේ ඒ අඩුව පිරවීමටය.

මෙතෙක් සිදුකළ කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් උපාලිට චෝදනා නැගුණේ නැත. එසේම චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූවන්ද ඉතා කෙටි කලක් තුළ රිමාන්ඩ් භාරයෙන් නිදහස් කරගැනීමට උපාලි සමත් විය. ඒ ඔහුගේ දේශපාලන බලය භාවිතා කරමිනි.

[QUOTE="Dead Cupid, post: 28299856, member: 118969"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_b8329c18b0.jpg[/IMG] [B]ගම්උදා ව්‍යාපාරය ආරම්භ වුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයා අගමැතිව සිටි කාලයේදීමය. ඔහු සෑම උදාගමකම කටයුතු සොයා බැලීමට පෞද්ගලිකවම ගිය බව ඇතැම්හු පවසති. අගමැතිවරයෙක් ලෙස වගකීම් ඉටුකරද්දී මෙවැනි දේ ගැන පතුලටම කිඳාබැස සෙවීම පහසු කාර්යයක් නොවේ. ජනාධිපතිවරයා ලෙස නැතහොත් රටේ නායකයා ලෙස වගකීමක් භාරගත් පසු පැවරෙන රාජකාරි සමග උදාගමක් ගැන සෙවීම ඉතාමත් සුළු කාර්යයකි. ඒ නිසා එවැනි දේ වෙනුවෙන් කාලය මිඩංගු කිරීම පහසු නැත. එහෙත් ඒවා ගැන නොසොයා අත්හැරීමටද ඔහු කැමති වූයේ නැත. පැවරූ වගකීම් ඉටුකර තමන්ගේ හිත දිනාගෙන සිටින උපාලි මේ වැඩේට සුදුසු වනු ඇතැයි ජනාධිපති ප්‍රේමදාස මහතාට සිහිපත් විය. [/B] ‘‘උපාලි මම තමුසෙට අලුත් වැඩක් භාරදෙන්න කියලා කල්පනා කළා. තමුසෙගේ කලාවට මම කැමතියි. වැඩක් දුන්නා නම් ඒක හරියටම කරන තමුන් වගේ අය තමයි මට ඕන.’’ ‘‘සර් ඕන වැඩක් කියන්න. බොක්කෙන්ම කරන්නම්.” ඔහුට පැවරුණ අලුත් වගකීම වූයේ ගම්උදා ව්‍යාපෘතිවලදී ඒවායේ ඉදිකිරීම් කටයුතු ගැන සොයා බැලීමය. කියපු විදිහට වැඩේ වෙනවාද? මොනවද අවශ්‍ය වෙන්නේ? යනාදී කාරණා ගැන සොයා බැලීමය. උපාලි ඒ වගකීම ඉහළින්ම ඉටුකළේය. ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇතැම් කටයුතු නොදන්නවා වුවද වැඩේ දන්න කෙනා ලවා වැඩේකරවා ගැනීමේ හැකියාවක් උපාලිට තිබුණි. එය ඔහුගේ පෞද්ගලික හැකියාවටත් වඩා ජනාධිපතිගේ නියෝජිතයා යන හැඟීමෙන් ඉහළ නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා සියලු දෙනා දැක්වූ බය පක්ෂපාතී ගෞරවය නිසා සිදුවූවකි. මේ සැලකිල්ල නිසා හැමෝම ඔහුට ඇමතුවේ ‘සර්’ යනුවෙනි. උපාලි එයින්ද මහත් ප්‍රීතියට පත්විය. වැඩි වැඩියෙන් උනන්දු වී සර් පට්ටම ආරක්ෂා කරගැනීමට කටයුතු කළේය. සර් කෙනෙක් ලෙස තේජස්ව හැසිරෙන්නට අණදීම් කරන්නට පසුබට නොවීය. මෙම වගකීම් පැවරීමට පෙර පිඩලි උපාලිට හොඳ පුහුණුවක්ද ලබාදුන්නේය. ඒ ආයුධ පුහුණුවකි. පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ ඔහු ඇතුළු කණ්ඩායමකට මෙම පුහුණුව ලබාදෙන ලද්දේ අත්‍යාවශ්‍ය කටයුතුවලට මනාව හසුරුවා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව විය හැකිය. කෙසේ නමුත් එවැනි පුහුණුවක් උපාලි ලබාගන්නේ ඒ වන විටත් ප්‍රදේශයේ චණ්ඩි සමග දැඩි බැඳීමක් ගනුදෙනුවක් පවතින වටපිටාවකදීය. ඔහුට ඒ වන විටත් නොයෙල් අමරසිංහ සමග සම්බන්ධයක් තිබුණි. එසේම මාදින්නාගොඩ අනිල් වැන්නන් සමගද ගනුදෙනු පැවතිණ. ඇතැම් වැඩකටයුතුවලදී ඔහු සහාය ගත්තේ මොවුන් යටතේ සිටින කොල්ලන්ගෙනි. නොයෙල්ගේ ඇතැම් හැසිරීම් නිසා ඔහු අතහරින ලද උපාලි පසුව තුම්මුල්ලේ පද්මේ නොහොත් රංජිත් අමරසිංහ සමග සම්බන්ධකම් ගොඩනගා ගත්තේය. කොට්ටියාගොඩ නිහාල් සිටියේද පද්මේ සමගය. තුම්මුල්ලේ පද්මේ යනු එකල පාතාල ලෝකයේ නම රැන්දූ අමරසිංහ පරම්පරාවේ මුල් පුරුකකි. ප්‍රදේශයේ චණ්ඩියෙක් ලෙස නමක් තබාගෙන සිටි ඔහුටද එකල පැවති දේශපාලන නායකත්වයෙන් මුළු රටටම සාම විනිසුරු පට්ටමක් ලැබුණේය. පද්මේ යනු තම දේශපාලන රැකවරණ භාවිතා කරමින් ඉතා හොඳින් කසිප්පු ජාවාරම කරගෙන ගිය අයෙකි. සාමවිනිසුරු පදවියක්ද ලබාදීමෙන් ඔහු සාමය ඇති කිරීම කෙසේ වුවද ප්‍රදේශයේ තම අණසක පතුරුවාගෙන දේශපාලන හයියද යොදාගනිමින් ජයටම කසිප්පු ජාවාරම කරගෙන ගියේය. පද්මෙට සාමවිනිසුරුකමක් මෙන්ම උපාලිට එස්ටීඑෆ් පුහුණුව ලබාදීමෙන් බලපොරොත්තු වූයේ කුමක් වුවද ඔහු පුහුණු කර පාතාලය ශක්තිමත් කළා වැනි විය. තුම්මුල්ලේ පද්මේ මෙන්ම උපාලිද ළඟින් තබාගැනීමට එකල පාතාලයේ නායකයෝ බොහෝ දෙනා කැමති වූහ. ඒ කිසියම් වරදකට තමන්ගේ එකෙක් පොලිසියට අහුවුණොත් හෝ පොලිසියෙන් සොයන බව දැනගතහොත් හෝ උපාලි ලවා පොලිසියට කතා කර එය වෙනස් කරගත හැකි හෙයිනි. උපාලි එක ඇමතුමක් ලබාගත් සැණින් එකල සිටි බොහෝ පොලිස් නිලධාරීහු ජනාධිපති ලබාදුන් අණක් සේ එය පිළිපදිති. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන් පවා ඔහුට කතා කළේ සර් යනුවෙනි. එක් අවස්ථාවක ඔහු බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිගේ පුටුවේ වාඩිවී අණදුන් බවටද ඉතිහාස තොරතුරුවල සඳහන් වේ. දේශපාලන බලයත්, රැකවරණයත් භාවිතා කරමින් ඔහු බරපතළ ලෙස අපරාධ සිදුකළේය. තම විරුද්ධ පාර්ශ්වයේ චණ්ඩින්ගේ පවුල්වල කාන්තාවන් සමූහ වශයෙන් දූෂණයට ලක් කළ බවටද ඔහුට චෝදනා නැගිණ. ලෙයට ලෙය පළිගන්නා මොවුන් එක් පාර්ශ්වයක පුද්ගලයෙකුට කළ හානියට පළිගැනීමක් ලෙස ඒ පාර්ශ්වයේ සියලු දෙනා එකතු වී අනෙක් පාර්ශ්වයේ අයෙකුට හෝ කීපදෙනෙකුට හෝ හානිකරනු ලැබේ. උපාලිගේ අය්යා වූ ඉන්ද්‍රතිස්ස හෝටලයක් කරගෙන ගිය අයෙකි. උපාලි පද්මෙලා සමග එකතු වූ පසු නොයෙල් සිටියේ ඔහු සමග ඇතිකරගත් බද්ධ වෛරයෙනි. වරක් කොට්ටියාගොඩ අනිල් ඇතුළු කණ්ඩායමක් ඔබේසේකර පුර සක්කිලිවත්තට පැන දහසය දෙනෙකු ඝාතනය කළේ වෙඩි තබා හා කපා කොටාය. මේ සියලු දෙනා නොයෙල්ලාගේ කණ්ඩායමේ අය වූහ. එසේම ඒ අය අතර නොයෙල්ගේ සහෝදරයෙක්ද විය. ඔහු කිසිදු පාතාල කටයුත්තකට සම්බන්ධ අයෙක් නොවන බව පොලිසිය ද පැවසීය. ඔහු රාජගිරියේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන ගිය අයෙකි. තම සහෝදරයා ඝාතනයේ පළිය ගන්නට ඔහු පහරදුන්නේ කොටියාගොඩ නිහාල්ගේ සහෝදරයෙක් වන කොට්ටියාගොඩ රංජීටය. ඔහු කසිප්පු ජාවාරම් කළ අයෙකි. මේ ගැටුම දිගින් දිගටම පැවතුණ අතර ඒ හේතුවෙන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ විශාල පිරිසක් මරණයට පත්වූහ. මේ ආකාරයට අනිල්ලා සොත්ති උපාලිලා එක්ව නොයෙල් අමරසිංහගේ අක්කාවූ මාග්‍රට්ගේ සැමියා එනම් චින්තක අමරසිංහගේ පියා මහපාරේදී ඝාතනය කළහ. එකල චින්තක කුඩා දරුවෙකි. චින්තක වෙනුවෙන් චොකලට් එකක් මිලදී ගැනීමට කඩයට ගිය පියා ආපසු ආවේ පෙට්ටියෙනි. එතනින් නොනැවතුණ සොත්ති උපාලිලා නොයෙල්ව ද ඝාතනය කළහ. නොයෙල් ඝාතනය සිදුකළේ වැලිකඩ බන්ධනාගාරය තුළදීය. නොයෙල් කිසියම් වරදකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ පසු ඔහු එහිදීම ඝාතනය කිරීමට සැලසුම් කළ සොත්ති උපාලි ඒ වෙනුවෙන් දෙදෙනකු හිරේට යැවීමට කටයුතු කළේය. එසේ බලහත්කාරයෙන් නැත්නම් වුවමනාවෙන්ම මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව බන්ධානාගාරගත වූයේ කොටියාගොඩ නිහාල්ය. නිහාල් බන්ධනාගාර ගත වූ පසු උපාලි තම දේශපාලන සම්බන්ධතා හා ඒ ඇසුරෙන් හඳුනාගත් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ සහය ඇතිව නිහාල්ට කෑම පාර්සලයක් යැව්වේය. එය අනෙක් අය සමගද බෙදාගෙන කන්නට හැකි ලෙස සකස් කළ විශාල කෑම පාර්සලයක් විය. පිස්තෝලය සඟවා තිබුණේ එම බත් පාර්සලයේය. එය නිහාල් අතට පත්වූ පසු කළ යුත්තේ කුමක්දැයි ඔහු දැන සිටියේය. මීට පෙරද එක් අවස්ථාවක වෙනත් ආකාරයකට ආයුධයක් නිහාල් අතට යැවීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. මෙවර ආයුධය අතට ලැබී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිහාල් නොයෙල්ව ඝාතනය කළේය. බන්ධනාගාරයක් තුළදී මෙවැනි ඝාතනයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. එකල මෙවැනි දෙයක් අසන්නට ලැබීම සමාජය භීතියට පත්කරණසුලු සිදුවීමක් විය. එම සිදුවීමත් සමග නිහාල් පාතාල නායකයකු ලෙස ඉහළින්ම ගරුසැලකිලි සහිතව පිළිගනු ලැබූ අතර එම සැලැස්ම ක්‍රියාත්මක කළ සොත්ති උපාලිට තිබූ පිළිගැනීමද තවත් ඉහළ ගියේය. නොයෙල් සම්බන්ධයෙන් අප මීට පෙරද සාකච්ඡා කර තිබේ. රාජගිරියේ පැටී යනුවෙන් හඳුන්වන්නේද ඔහුය. එසේම ඔහු තුළ පවතින තමන් ළඟම සිටින්නා පවා සැක කරන ගුණය නිසා මාස්ටර් බ්‍රේව් යනුවෙන්ද හැඳින්වීය. නොයෙල් වැඩිදෙනෙක් තම හතුරන් බවට පත්කර ගත්තේ මේ සැක කිරීමේ ගුණය නිසාය. නොයෙල්ගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරියක වූ ඊවා අමරසිංහ රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කොට ඇය ඝාතනය කර සිරුර රාජගිරියේ පල්ලියක් අසළ දැමූහ. ඊවා යනු නොයෙල්ගේ හයිය ගෙන ප්‍රදේශයේ චණ්ඩිකම් කළ ගැහැනියකි. කෙසේ නමුත් ඊවාගේ මරණයෙන් පසු නොයෙල් නාමය වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙක් සිටියේ නැත. චින්තක අමරසිංහ හා ධම්මික අමරසිංහ දෙසොහොයුරන් පාතාලයේ අකුරුකරන්නට වූයේ ඒ අඩුව පිරවීමටය. මෙතෙක් සිදුකළ කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් උපාලිට චෝදනා නැගුණේ නැත. එසේම චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූවන්ද ඉතා කෙටි කලක් තුළ රිමාන්ඩ් භාරයෙන් නිදහස් කරගැනීමට උපාලි සමත් විය. ඒ ඔහුගේ දේශපාලන බලය භාවිතා කරමිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom