Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දේශපාලන විද්‍යාවේ මූල ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන විද්‍යාවේ මූල ධර්ම

දේශපාලන විද්‍යාවේ මූල ධර්ම

පංති, සමාජ ස්ථර සහ පංති අරගලය

වර්තමාන සමාජය ආර්ථක සම්බන්ධතා මත ප්‍රතිවිරුද්ධ පංතිවලට බෙදී තිබේ. එහෙත් "කම්කරු පංතිය" යනු ඉතිහාසයට අයිති දෙයක් මිස වර්තමානයේ පවතින දෙයක් නොවන බව තර්ක කරන සමහරු උදාහරණයක් ලෙසින් සමාගම්වල කොටස් සේවකයින්ට හිමි කර ගෙන ඇති බව දක්වයි. වර්තමානයේ දී පංති සීමා වෙනස් වී ඇති බව පවසන ඔවුහු පංති වෙනස්කම් අහෝසි වෙමින් පවතින බව පවසති. පංති පවතින බව පිළිගන්නා බොහෝ දෙනා පංති වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මිනුම් දඬුවල බරපතල දෝෂ පවතී. කෙනෙකුගේ පංතිය අර්ථ දක්වනුයේ ඔහු හෝ ඇය අඳින ඇඳමින් පැලඳමෙන් හා ඒ අය පරිහරණය කරන භාණ්ඩවලින් බව සමහරු සිතන බව පෙනේ. සෙලියුලර් දුරකථන භාවිතා කරන වැටුප් ශ්‍රමිකයින් නිර්ධන පංතියට අයත් නොවන බව සමහරු තර්ක කරති. ඒ අතර පංතීන් මනිනු ලබන්නේ පුද්ගලයින්ගේ මානසිකත්වයෙන් බව තවත් අය කියති. බෙහෝ අය තමන් මධ්‍යම පංතිකයින් බවට සිතන බැවින් ඔවුන් තව දුරටත් නිර්ධනීන් නොවන බව ඔවුන්ගේ තර්කයයි. ඕනෑම සමාජයක ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය තුල (විඥානයේ) බල පැවැත්වෙන්නේ එම යුගයේ පාලක පංතියේ පංති මතවාදය බව දන්නා අයට මානසිකත්වය මත පංති වර්ගීකරණය වැරදි බව අවබෝධ වේ.

මේ නිසා පංති හඳුනා ගන්නා මිනුම් දණ්ඩ හඳුනා ගැනීමෙන් පංති පවතිනවා ද සහ පංති වෙන් කෙරෙන සීමාවන් ද හඳුනා ගත හැකි වේ. ලෙනින්වාදී විග්රහයට අනුව පංතීන් විග්රහ කරන්නේ කෙසේ දැයි බලමු.

මිනිස් සමාජය යනු නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූවක් නිසාත්, ඕනෑම යුගයක මිනිසාගේ සමාජ විඥ්ඥානය හසුරුවනුයේ නිෂ්පානදයේ සම්බන්ධතාවන් විසින් නිසාත් පංති විග්රහ කළ යුත්තේ බාහිර සාධක මත නොව නිෂ්පාදන කොන්දේසි මත වේ. මේ ගැන ලෙනින්ගේ විග්‍රහය මෙසේය.

“ඉතිහාසය විසින් නිශ්චය කරන ලද සමාජ නිෂ්පාදන ක්රමයක දරන ස්ථානය අනුවද, නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි (වැඩි වශයෙන් නීත්‍යානුකූලව, නීති ගත කොට තහවුරු කරන පරිදි) සම්බන්ධ වී ඇති ආකාරය අනුවද, සමාජමය ශ්‍රම සංවිධානයේදී ඉටු කරන කාර්ය කොටස අනුවද, ඒ අනුව තමන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජමය ධන සම්පත් ලබාගැනීමේ ප්‍රමාණය අනුවද එකකින් අනෙක වෙනස් වෙන විශාල ජන කණ්ඩායම් පංති වෙයි.”

- ලෙනින් එකතු කළ කෘති 39 වෙළුම 15 පිටුව

මේ අනුව පංතීන් යනු නිෂ්පාදන ත්රියාකාරීත්වයේ දී ඔවුන්ගේ සම්බන්ධය හා දායකත්වය අනුව එකිනෙකාගෙන් වෙන් කරනු ලබන ජන කණ්ඩායම් බවත් පංති බෙදීමේ මිනුම් දණ්ඩ නිෂ්පාදනය කෙරෙහි වන සම්බන්ධතාවය බවත් පැහැදිලි වේ. සමාජය තුල ප්‍රධාන පංති දෙකක් පවතී. එ්වා නම් ප්‍රාග්ධන හිමි හා ශ්‍රමය සූරාකන ධනපති පංතිය සහ ඒ නිසාම ශ්‍රමය විකිණිමෙන් ජීවත් වෙන නිර්ධන පංතිය වේ.

තවත් සරළව පවසනවා නම් ශ්‍රමය හැරුණු විට ජීවත්වීම සඳහා විකිණීමට කිසිවක් නොමැති ජන කොටස නිර්ධන පංතියටත්, දේපල හිමි, ප්රාග්ධනය හිමි ඒ මගින් ශ්‍රමය සූරා කන ජන කොටස ධනපති පංතියටත් අයත් වේ.

ප්රාග්ධනයේ අයිතියේ ප්‍රමාණය සහ සූරාකෑමේ ප්‍රමාණය අනුව පංතීන් තුල අතුරු බෙදීම් පවතී. ඒවා අර්ධ නිර්ධන, සුළු ධනේෂ්වර ලෙසින් හැඳින්විය හැක. පංති වෙන් කර හඳුනා ගැනීම සඳහා පුද්ගල මානසිකත්වය හෝ බාහිර සාධක යොදා ගත නොහැක. වත්මන් සමාජය ඉතාම සංකීර්ණ වී තිබේ. සමහර පුද්ගලයෝ රැකියාවට අමතරව කුඩා ව්‍යාපාර පවත්වාගෙන යති. වැටුප් ලබන රැකියාව නිසා එම පුද්ගලයා නිර්ධන ලෙස හඳුනා ගත හැකි බව කෙනෙකු පවසන විට ප්‍රාග්ධනයක් යොදා ව්‍යාපාරයක් කරන බැවින් ධනපතියෙකු ලෙස හඳුනා ගත හැකි යැයි තවත් කෙනෙකු පැවසිය හැකිය. මෙවැනි අවස්ථාවක දී ඔහුගේ ජීවිතය කෙරෙහි තීරණාත්මකව බලපාන්නේ කුමක්ද කියා සොයා බැලිය යුතුය. රැකියාව තීරණාත්මක නොවන්නේ නම් ඔහු රැකියාව අත්හැර තම කුඩා ව්‍යාපාරය වෙත සම්පූර්ණ කාලය යොදනු ඇත. ඔහු කුඩා ව්‍යාපාරයක් වෙත යොමු වී තිබෙන්නේ ශ්‍රමය විකිණීමෙන් ලැබෙන ආදායම තම ජීවන අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ යැයි සිතන නිසා ය. කුඩා ව්‍යාපාරය ඔහුගේ ජීවිතයට අමතර උදව්වක් වී තිබේ. ඒ තැනැත්තා අර්ධ නිර්ධනයෙකු වේ.

සමාජය තුල පන්තීන්ට අමතරව සමාජ ස්ථර හා සමාජ පැලැන්ති නම් ව්‍යූහයක් ද පවතී. ඒවා පංති ලෙසින් වරදවා වටහා නොගත යුතුය.සමාජ ස්ථරයක් යනු සමාන කාර්යයක නියැලී සිටින පිරිසක් හඳුන්වන නමකි. උදාහරණයක් ලෙසින් ඉගෙන ගන්නා පිරිස ශිෂ්‍යයින් ය. වගා කරන පිරිස ගොවීන් ය. ධීවරයින් තවත් උදාහරණයකි. මේ සමාජ ස්ථරයන් ය. සමාජ පැලැන්ති යනු සමාජ කටයුත්තක නියැලෙන හා එයින් වරප්‍රසාද ලබන පුද්ගලයින් ය. නිලධාරී පැලැන්තිය හා පූජක පැලැන්තිය මේ සඳහා උදාහරණ වේ. ස්ථර හා පැලැන්ති පංති නොවන අතර විවිධ පංතීන්ට අයත් පුද්ගලයින් ස්ථර හා පැලැන්ති තුලින් හඳුනා ගත හැකිය. මේ අනුව සමාජ පන්තීන් යනු නිෂ්පාදනයට දක්වන දායකත්වය හා සම්බන්ධතාවය අනුවත්, සමාජ සම්පත්වල ඵල අයත් කර ගන්නා ආකාරය හා ඒවායේ හිමි අහිමිකම අනුවත්, එකිනෙකාගෙන් වෙන් කරනු ලබන විශාල ජන කණ්ඩායම් බවත්, මෙම ජන කණ්ඩායම් අතර නිරපේක්ෂ සීමා නොමැති බවත්, මේවා තුල සිටින මිනිසුන් එක් පංතියක සිට අනෙකට නගිමින් හෝ එකකින් අනෙකට වැටෙමින් සිටින බවත් පැහැදිලි වේ.

[QUOTE="supunmalkanthi, post: 24576457, member: 560852"] [b]දේශපාලන විද්‍යාවේ මූල ධර්ම[/b] [SIZE="6"]දේශපාලන විද්‍යාවේ මූල ධර්ම [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]පංති, සමාජ ස්ථර සහ පංති අරගලය[/COLOR][/SIZE] [SIZE="5"] වර්තමාන සමාජය ආර්ථක සම්බන්ධතා මත ප්‍රතිවිරුද්ධ පංතිවලට බෙදී තිබේ. එහෙත් "කම්කරු පංතිය" යනු ඉතිහාසයට අයිති දෙයක් මිස වර්තමානයේ පවතින දෙයක් නොවන බව තර්ක කරන සමහරු උදාහරණයක් ලෙසින් සමාගම්වල කොටස් සේවකයින්ට හිමි කර ගෙන ඇති බව දක්වයි. වර්තමානයේ දී පංති සීමා වෙනස් වී ඇති බව පවසන ඔවුහු පංති වෙනස්කම් අහෝසි වෙමින් පවතින බව පවසති. පංති පවතින බව පිළිගන්නා බොහෝ දෙනා පංති වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මිනුම් දඬුවල බරපතල දෝෂ පවතී. කෙනෙකුගේ පංතිය අර්ථ දක්වනුයේ ඔහු හෝ ඇය අඳින ඇඳමින් පැලඳමෙන් හා ඒ අය පරිහරණය කරන භාණ්ඩවලින් බව සමහරු සිතන බව පෙනේ. සෙලියුලර් දුරකථන භාවිතා කරන වැටුප් ශ්‍රමිකයින් නිර්ධන පංතියට අයත් නොවන බව සමහරු තර්ක කරති. ඒ අතර පංතීන් මනිනු ලබන්නේ පුද්ගලයින්ගේ මානසිකත්වයෙන් බව තවත් අය කියති. බෙහෝ අය තමන් මධ්‍යම පංතිකයින් බවට සිතන බැවින් ඔවුන් තව දුරටත් නිර්ධනීන් නොවන බව ඔවුන්ගේ තර්කයයි. ඕනෑම සමාජයක ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය තුල (විඥානයේ) බල පැවැත්වෙන්නේ එම යුගයේ පාලක පංතියේ පංති මතවාදය බව දන්නා අයට මානසිකත්වය මත පංති වර්ගීකරණය වැරදි බව අවබෝධ වේ. මේ නිසා පංති හඳුනා ගන්නා මිනුම් දණ්ඩ හඳුනා ගැනීමෙන් පංති පවතිනවා ද සහ පංති වෙන් කෙරෙන සීමාවන් ද හඳුනා ගත හැකි වේ. ලෙනින්වාදී විග්රහයට අනුව පංතීන් විග්රහ කරන්නේ කෙසේ දැයි බලමු. මිනිස් සමාජය යනු නිෂ්පාදන ක්‍රියාවලිය මත පදනම් වූවක් නිසාත්, ඕනෑම යුගයක මිනිසාගේ සමාජ විඥ්ඥානය හසුරුවනුයේ නිෂ්පානදයේ සම්බන්ධතාවන් විසින් නිසාත් පංති විග්රහ කළ යුත්තේ බාහිර සාධක මත නොව නිෂ්පාදන කොන්දේසි මත වේ. මේ ගැන ලෙනින්ගේ විග්‍රහය මෙසේය. “ඉතිහාසය විසින් නිශ්චය කරන ලද සමාජ නිෂ්පාදන ක්රමයක දරන ස්ථානය අනුවද, නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි (වැඩි වශයෙන් නීත්‍යානුකූලව, නීති ගත කොට තහවුරු කරන පරිදි) සම්බන්ධ වී ඇති ආකාරය අනුවද, සමාජමය ශ්‍රම සංවිධානයේදී ඉටු කරන කාර්ය කොටස අනුවද, ඒ අනුව තමන්ගේ ප්‍රයෝජනය සඳහා සමාජමය ධන සම්පත් ලබාගැනීමේ ප්‍රමාණය අනුවද එකකින් අනෙක වෙනස් වෙන විශාල ජන කණ්ඩායම් පංති වෙයි.” - ලෙනින් එකතු කළ කෘති 39 වෙළුම 15 පිටුව මේ අනුව පංතීන් යනු නිෂ්පාදන ත්රියාකාරීත්වයේ දී ඔවුන්ගේ සම්බන්ධය හා දායකත්වය අනුව එකිනෙකාගෙන් වෙන් කරනු ලබන ජන කණ්ඩායම් බවත් පංති බෙදීමේ මිනුම් දණ්ඩ නිෂ්පාදනය කෙරෙහි වන සම්බන්ධතාවය බවත් පැහැදිලි වේ. සමාජය තුල ප්‍රධාන පංති දෙකක් පවතී. එ්වා නම් ප්‍රාග්ධන හිමි හා ශ්‍රමය සූරාකන ධනපති පංතිය සහ ඒ නිසාම ශ්‍රමය විකිණිමෙන් ජීවත් වෙන නිර්ධන පංතිය වේ. තවත් සරළව පවසනවා නම් ශ්‍රමය හැරුණු විට ජීවත්වීම සඳහා විකිණීමට කිසිවක් නොමැති ජන කොටස නිර්ධන පංතියටත්, දේපල හිමි, ප්රාග්ධනය හිමි ඒ මගින් ශ්‍රමය සූරා කන ජන කොටස ධනපති පංතියටත් අයත් වේ. ප්රාග්ධනයේ අයිතියේ ප්‍රමාණය සහ සූරාකෑමේ ප්‍රමාණය අනුව පංතීන් තුල අතුරු බෙදීම් පවතී. ඒවා අර්ධ නිර්ධන, සුළු ධනේෂ්වර ලෙසින් හැඳින්විය හැක. පංති වෙන් කර හඳුනා ගැනීම සඳහා පුද්ගල මානසිකත්වය හෝ බාහිර සාධක යොදා ගත නොහැක. වත්මන් සමාජය ඉතාම සංකීර්ණ වී තිබේ. සමහර පුද්ගලයෝ රැකියාවට අමතරව කුඩා ව්‍යාපාර පවත්වාගෙන යති. වැටුප් ලබන රැකියාව නිසා එම පුද්ගලයා නිර්ධන ලෙස හඳුනා ගත හැකි බව කෙනෙකු පවසන විට ප්‍රාග්ධනයක් යොදා ව්‍යාපාරයක් කරන බැවින් ධනපතියෙකු ලෙස හඳුනා ගත හැකි යැයි තවත් කෙනෙකු පැවසිය හැකිය. මෙවැනි අවස්ථාවක දී ඔහුගේ ජීවිතය කෙරෙහි තීරණාත්මකව බලපාන්නේ කුමක්ද කියා සොයා බැලිය යුතුය. රැකියාව තීරණාත්මක නොවන්නේ නම් ඔහු රැකියාව අත්හැර තම කුඩා ව්‍යාපාරය වෙත සම්පූර්ණ කාලය යොදනු ඇත. ඔහු කුඩා ව්‍යාපාරයක් වෙත යොමු වී තිබෙන්නේ ශ්‍රමය විකිණීමෙන් ලැබෙන ආදායම තම ජීවන අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ යැයි සිතන නිසා ය. කුඩා ව්‍යාපාරය ඔහුගේ ජීවිතයට අමතර උදව්වක් වී තිබේ. ඒ තැනැත්තා අර්ධ නිර්ධනයෙකු වේ. සමාජය තුල පන්තීන්ට අමතරව සමාජ ස්ථර හා සමාජ පැලැන්ති නම් ව්‍යූහයක් ද පවතී. ඒවා පංති ලෙසින් වරදවා වටහා නොගත යුතුය.සමාජ ස්ථරයක් යනු සමාන කාර්යයක නියැලී සිටින පිරිසක් හඳුන්වන නමකි. උදාහරණයක් ලෙසින් ඉගෙන ගන්නා පිරිස ශිෂ්‍යයින් ය. වගා කරන පිරිස ගොවීන් ය. ධීවරයින් තවත් උදාහරණයකි. මේ සමාජ ස්ථරයන් ය. සමාජ පැලැන්ති යනු සමාජ කටයුත්තක නියැලෙන හා එයින් වරප්‍රසාද ලබන පුද්ගලයින් ය. නිලධාරී පැලැන්තිය හා පූජක පැලැන්තිය මේ සඳහා උදාහරණ වේ. ස්ථර හා පැලැන්ති පංති නොවන අතර විවිධ පංතීන්ට අයත් පුද්ගලයින් ස්ථර හා පැලැන්ති තුලින් හඳුනා ගත හැකිය. මේ අනුව සමාජ පන්තීන් යනු නිෂ්පාදනයට දක්වන දායකත්වය හා සම්බන්ධතාවය අනුවත්, සමාජ සම්පත්වල ඵල අයත් කර ගන්නා ආකාරය හා ඒවායේ හිමි අහිමිකම අනුවත්, එකිනෙකාගෙන් වෙන් කරනු ලබන විශාල ජන කණ්ඩායම් බවත්, මෙම ජන කණ්ඩායම් අතර නිරපේක්ෂ සීමා නොමැති බවත්, මේවා තුල සිටින මිනිසුන් එක් පංතියක සිට අනෙකට නගිමින් හෝ එකකින් අනෙකට වැටෙමින් සිටින බවත් පැහැදිලි වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom