Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දේශබන්දු සොයන හේතුව - තොරතුරු රැසක් එළියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය.

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි " w15" හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

"අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) ආ වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙත්සම්කරු වෙත සිතාසි නිකුත් කිරීමක් සිදුකළ යුතුයි. අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි." යනුවෙන් ද සඳහන් කළේය.

මෙහිදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්,

"පෙත්සම්කරුට කෙලින්ම අධිකරණයට ගිහින් පෙනී සිට ප්‍රකාශයක් දෙන්න බැරිද?" යනුවෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා,

"ස්වාමීනී... මගේ සේවාදායකයා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු විමර්ශනවලට සහාය වෙන්න කැමතියි." යනුවෙන් සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා,

"පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරාවි. ඉතින් ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද?" යනුවෙන් විමසුවා.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා,

"ස්වාමීනී... අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම්." යනුවෙන් යලි සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා,

"මාගේ සේවාදායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පති ධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකථන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහේස්ත්රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්රාහී භාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක් කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි."

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

"පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනී.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මග හැර සැඟවිලා සිටිනවා. ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහයත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වනවිට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් ඔහු සුදුසු නෑ. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර, ගංගානි මාවතේ පිහිටි නිවස පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27වනදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයින් නොමැති බව අනාවරණය වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනී.... මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි." යනුවෙන් සඳහන් කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා,

"2023 දෙසැම්බර් මස 31 වනදා රාත්‍රි 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් KDH වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරු තුන් දෙනකු ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදු කිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී "යුක්තිය" මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාසය නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයෙකු මරණයට පත් වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනෙකු සිටියා. මෙසේ පලා ගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලුදෙනාගේ රාජකාරී ජංගම දුරකථන වසා දමා තිබුණා. පසුව පොලිස් නිලධාරින් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැක කටයුතු තත්ත්වයක්. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසු කරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල්වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යානකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ."

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

"ස්වාමීනී.. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් විසින් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩි තැබීමට ලක් වූ w 15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දේශබන්දු තෙන්නකෝන්ට මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔහු තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සන්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි "පැරා මිලිටරි" කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? දේශබන්දු තෙන්නකෝන් මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙහිදී ක්‍රියාකර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයටයි.

මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් උපුල් කුමාරගේ පවුලේ අයට පොලිස්පතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී තිබුණි. පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තවත් ලක්ෂ 25ක මුදලක් ලබාදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. මෙහිදී එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබෙනවා" යනුවෙන් ද සඳහන් කර සිටියේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

[QUOTE="SLK_sri, post: 30596274, member: 569192"] පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය. මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි " w15" හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයදී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය. [B]"අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) ආ වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙත්සම්කරු වෙත සිතාසි නිකුත් කිරීමක් සිදුකළ යුතුයි. අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි."[/B] යනුවෙන් ද සඳහන් කළේය. මෙහිදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, [B]"පෙත්සම්කරුට කෙලින්ම අධිකරණයට ගිහින් පෙනී සිට ප්‍රකාශයක් දෙන්න බැරිද?"[/B] යනුවෙන් විමසීය. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, [B]"ස්වාමීනී... මගේ සේවාදායකයා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු විමර්ශනවලට සහාය වෙන්න කැමතියි." [/B]යනුවෙන් සඳහන් කර සිටියේය. එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා, [B]"පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරාවි. ඉතින් ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද?"[/B] යනුවෙන් විමසුවා. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා, [B]"ස්වාමීනී... අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම්."[/B] යනුවෙන් යලි සඳහන් කර සිටියා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවය. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, [B]"මාගේ සේවාදායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පති ධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකථන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහේස්ත්රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්රාහී භාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක් කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි." [/B] ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය. ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, [B]"පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනී.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මග හැර සැඟවිලා සිටිනවා. ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහයත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වනවිට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමටවත් ඔහු සුදුසු නෑ. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර, ගංගානි මාවතේ පිහිටි නිවස පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27වනදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයින් නොමැති බව අනාවරණය වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනී.... මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි." [/B]යනුවෙන් සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, [B]"2023 දෙසැම්බර් මස 31 වනදා රාත්‍රි 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් KDH වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරු තුන් දෙනකු ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදු කිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී "යුක්තිය" මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාසය නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයෙකු මරණයට පත් වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනෙකු සිටියා. මෙසේ පලා ගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලුදෙනාගේ රාජකාරී ජංගම දුරකථන වසා දමා තිබුණා. පසුව පොලිස් නිලධාරින් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැක කටයුතු තත්ත්වයක්. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසු කරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල්වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යානකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ." [/B] වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, "ස්වාමීනී.. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් විසින් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩි තැබීමට ලක් වූ w 15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දේශබන්දු තෙන්නකෝන්ට මාසයකට රුපියල් ලක්ෂ එකහමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔහු තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සන්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි "පැරා මිලිටරි" කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? දේශබන්දු තෙන්නකෝන් මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙහිදී ක්‍රියාකර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයටයි. [B] [/B][SIZE=6][B]මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් උපුල් කුමාරගේ පවුලේ අයට පොලිස්පතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදී තිබුණි. පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තවත් ලක්ෂ 25ක මුදලක් ලබාදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. මෙහිදී එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබෙනවා" යනුවෙන් ද සඳහන් කර සිටියේය. [/B][/SIZE] ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom