Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොස්තර සහ ගණිකාව..! වඩා නම්බුකාර කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තර සහ ගණිකාව..! වඩා නම්බුකාර කවුද?

දොස්තර සහ ගණිකාව..! වඩා නම්බුකාර කවුද? - වියන්ගේ වියමන

(ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.25, ප.ව.5.45)

ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මා විසින්ම ලිපියක් ලියුවේය. එහිදී කාරණා දෙකක් සාකච්ඡා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ ජීවිත පරදුවට තැබීමක් වශයෙන් පාලකයන් විසින් හුවාදක්වනු ලැබීම හුදෙක් අවස්ථාවාදී සහ සටකපට තර්කයක්ය යන්න පෙන්වා දීමයි. ඒ මගින් පාලකයා බලාපොරොත්තු වන්නේ, ඔවුන් (වෛද්‍යවරුන්/හෙදියන්) කෙරෙහි මහජන කෝපය සහ අප්‍රසාදය ඇවිස්සීම හරහා තමන්ගේ (ආණ්ඩුවේ) අසමත් භාවයක් වසං කර ගැනීමයි. අනෙක් කරුණ වන්නේ, වෛද්‍යවරුන්ද, විශේෂයෙන් 78 න් පසු ඇති වූ විවෘත ආර්ථීක ක්‍රමය තුළ විටෙක හැසිරී ඇත්තේ, වෛද්‍ය වෘත්තියේ සකල සදාචාර ප්රමිතීන් උල්ලංඝණය කරමින්ය යන්නයි.

එවැනි වෛද්‍යවරුන්, ගණිකාවන්ට වඩා පහත් බව, උපකල්පන දෙකක් මත පිහිටා පෙන්වා දිය හැකි බව එහිදී කියා ඇත.

පළමු උපකල්පනය වුණේ, වෙළඳ සමාජයක පවතින සියල්ල, ආර්ථීක භාණ්ඩ හෝ සේවාවන් වන බවත්, සෑම වෘත්තියක්මත්, අඩු වැඩි වශයෙන්, මුදල මුල් කර ගත් වෙළඳාමක් වන බවත් ය.

දෙවැනි උපකල්පනය වුණේ, උග්‍ර වේදනාව ආශ්‍රය කොටගෙන වෛද්‍යවරයා මුදල් උපයන අතරේ, උග්‍ර කාමාශාව උපයෝගී කරගෙන වෛශ්‍යාව මුදල් උපයන බව ය. මේ දෙන්නාම හම්බ කරන්නේ, තවත් පුද්ගලයෙකු තුළ පවතින වේදනාවක් සහ ආශාවක් ඔස්සේ ය.

ඒ තත්වය තුළ කෙනෙකුට මෙවැනි නිරීක්ෂණයක් කළ හැකිය. රෝගියෙකුගේ වේදනාව සහ විඳවිල්ල කල් දැමිය නොහැක. ඒ මොහොතේම එය සමනය කර ගැනීම රෝගියාට අනිවාර්ය කෙරේ. එහෙත්, රති සුවය කල් දැමිය හැක. එබැවින්, ‘සල්ලි නැත්නම් බෙහෙත් නැහැ‘ කියන දොස්තර, ‘සල්ලි නැත්නම් කාමය නැහැ‘ කියන ගණිකාවට වඩා සදාචාරමය වශයෙන් නින්දිත ය.

මේ හඳුනා ගැනීම නිසා වෛද්‍යවරයාගේ වෘත්තීය අයිතීන් අහිමි විය යුතු බවක් මෙයින් නොකියැවේ. හැබැයි, වෛද්‍යවරයා දෙවියෙක්ය යන යල් පැනගිය මතය පැත්තකින් තබා, ඔහුද තවත් වෙළෙන්දෙක්ය යන වැටහීමක් ඇති කර ගැනීමට අපට බල කෙරේ. වෛද්‍යවරයාත් වෙළෙන්දෙකු වීම වැළැක්විය නොහේ. එහෙත් තමන් දෙවියන් යැයි එවැනි වෛද්‍යවරුන් තවමත් සිතා සිටීම ප්‍රශ්න කළ යුතුය.

මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා රට ඉදිරියේ විදහා පෑවේය. කාර් පර්මිට් එකක් වෙනුවෙන් තමන් වැඩ වර්ජන පවා කරන්නේ, එය (පර්මිට් එක) වෛද්‍යවරයාගේ ගර්වය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් නිසා යැයි, එක් මෝඩ වෛද්‍ය වෘත්තිකයෙක් රටට කියා සිටියේය. අධ්‍යාපනයේ ගුණය සහ අභිමානය දීර්ඝ කාලීන වශයෙන් සහතික කරගනු වස් දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩ වරද්දී, අධ්‍යාපනයෙන් සුපිරි දෙවිවරුන් බිහි කරතැයි විශ්වාස කරන වෛද්‍ය පීඨය එදා වර්ජන කෙළේ නැත.

තීරුබදු රහිත වාහන බලපත්‍ර ‘අයිතිය‘ ලංකාවේ වෛද්‍ය වෘත්තිය හෝ වෙනත් වෘත්තියක් වෙනුවෙන් අනාදිමත් කාලයක් තිස්සේ සැපයුණු වරප්‍රසාදයක් නොවේ. අපේ දේශපාලඥයන් පටු පරමාර්ථ පෙරදැරිව සිදු කළ අනේක අල්ලස්, කාලයක් යන විට, තම ‘අයිතියක්‘ වශයෙන් ගැනීමට අදාළ ග්රාහකයෝ පෙළඹෙති. ඊළඟට, අනුන් සඳහා දෙන එම අල්ලස, ඊට වඩා දෙතුන් ගුණයක මාත්‍රාවෙන් තමන්ටත් ලබා ගැනීමට දේශපාලඥයෝ වගබලා ගනිති. මහින්ද රාජපක්ෂ වරක් මේ වරප්‍රසාදය නතර කෙළේය. මේ කියන වෛද්‍ය සංගමය හෝ වෙනත් වෘත්තික ප්‍රජාවක් ඊට එරෙහිව එදා වර්ජනය කළ බවක් අප අසා නැත.

කෙසේ වෙතත්, ඇතැම් වෘත්තිකයන් වෙනුවෙන්, ඉහළ වැටුප්වලට අමතරව, විශේෂ දීමනා සහ වරප්‍රසාද සැලසිය යුතුව තිබේ. වෛද්‍ය වෘත්තිය ඉන් ප්රමුඛයි. “ආරෝග්‍යා පරමා ලාභා“ යන්න අප පිළිගන්නේ නම්, එකී ලාභයෙන් කොටසක් වෛද්‍යවරයාට දිය යුතුය. ඒ අතරේ, මේ කියන තීරුබදු රහිත වාහන බලපත්‍රය ඔහුට ලැබෙන්නේ, ඔහුගේ සේවාව කරගෙන යාමට පහසුකම් සැළසීමක් වශයෙන් බවත් අමතක නොකළ යුතුය. එසේ නම්, ඔහු ඒ ‘අයිතිය‘ ඉල්ලා සිටිය යුත්තේ, එක් කොන්දේසියකට යටත්වයි. එනම්, එම වරප්‍රසාදය අපයෝජනය නොකරන ප්‍රතිඥාව යටතේ ය. ඇත්ත, එම ප්‍රතිඥාව, වෛද්‍යවරුන්ට පමණක් නොව, එය ඉල්ලා සිටින සියල්ලන්ටම අදාළ විය යුතු බවට විවාදයක් නැත. එසේ වෙතත්, අනිත් වෘත්තීකයන්ට වඩා ගරුත්වයක් ඇති ප්‍රජාවක් වශයෙන් වෛද්‍යවරුන් කළ යුතුව ඇත්තේ, එසේ ලබාගන්නා බලපත්‍රය අන් සතු කළ නොහැකි වන බවට නියමයක් ඇති කරන්නැයි පාලකයන්ගෙන් ඉල්ලා සිටිමින්ම, තමන්ගේ ‘අයිතිය‘ වෙනුවෙන් පෙනී සිටීමයි. එසේ නොවුණහොත්, එක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භික්ෂුවක් ඇතුළු තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා කළා සහ තවමත් කරන්නා සේ බලපත්‍ර ‘විකුණං කන‘ නඩයට වෛද්‍යවරුන්ද ඇතුළත් වෙනු නොවැළැක්විය හැකියි. ඊටත් එහාට යමින්, අර ප්‍රතිඥාවෙන් තොරව ඉල්ලා සිටින ඕනෑම බලපත්‍රයක් වෙනුවෙන් වැඩ වර්ජනයකුත් කරද්දී සිදුවන්නේ, වෛද්‍යවරයා සහ මස්කඩකාරයා අතර වෙනස මැකී යාමයි.

ඊළඟට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මේ සංගමයේ ස්ථාවරය ගන්න. ඔවුන්ට වඩා එක ලකුණක් හෝ දෙකක් අඩුවෙන් ගත්, එහෙත් ඔවුන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් සමත් අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍යවරුන් වීමට ඇති අයිතියට එරෙහිව පෙනී සිටීමේ කුඩුකේඩු කමට එහා දෙයක් ඔවුන්ගේ වර්තමාන ස්ථාවරයෙන් ගම්‍ය වේද? කඩඉමක ලකුණක් දෙකක් අඩු/වැඩි වීම සහ අදාළ අනාගත උසස් අධ්‍යාපනික සාමර්ථතා අතර අනිවාර්ය සම්බන්ධයක් තිබිය යුතු නොවේ. සමහර විට, වෛද්‍ය පීඨයට තේරී පත්වන කෙනෙකුට වඩා, එම පීඨයට නොතේරෙන මුත් විභාගය සමත් වන තවත් කෙනෙකු, අවශ්‍ය පහසුකම් වෙනත් ආකාරයකින් සැපයෙන තත්වයක් තුළ, අති දක්ෂයෙකු වීමට පුලූවන. එසේ වන කල, විභාගය සමත්ව තිබියදීත්, රාජ්‍ය ආර්ථීකයේ අසමත් භාවය හේතුවෙන් විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය නොහැකි වන දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනයෙන් ඉවත් කළ යුතු බවද මේ සංගමය කියන්නේ?

උදාහරණයක් වශයෙන්, කලා උපාධි සහ නීති උපාධි සමග මේ තත්වය සසඳන්න. අ.පො.ස (උසස් පෙළ) සමත් වුවත්, ලකුණු මදි වීම නිසා විශ්ව විද්‍යාලයට නොතේරෙන කලා ශිෂ්‍යයාට, පෞද්ගලික පංතිවලට සහභාගී වීමෙන් හෝ නොවීමෙන් ශාස්ත්‍රවේදී උපාධියට බාහිර අපේක්ෂකයෙකු වශයෙන් පෙනී සිටිය හැකිය. එල්.එල්.බී. උපාධිය සඳහාත් ඒ පහසුකම තිබේ. ඔවුන් යම් විශ්ව විද්‍යාලයක එල්.එල්.බී. උපාධිධාරියෙකුද, බාහිර උපාධිධාරියෙකුද යන්න, අධිකරණයක් ඉදිරියේ වැදගත් නැත. වැදගත් වන්නේ, ඔවුන් සමත් වන උපාධි පරීක්ෂණයේ ප්‍රමිතිය පිළිගත් විශ්ව විද්‍යාලයක් මගින් සහතික කර දීම සහ නියාමනය කිරීමයි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තත්වය මීට වඩා තරමක් සංකීර්ණ බව ඇත්ත. එහෙත්, එහිදී පවා, අවශ්‍ය කරන ප්‍රායෝගික අධ්‍යාපනයක් පෞද්ගලික ව්‍යවසාය මගින් සපයන්නේ නම් සහ ඔවුන්ගේ අවසාන අධ්‍යාපනික සුදුසුකම පිළිගැනෙන්නේ, රටේ පිළිගත් වෛද්‍ය පීඨයක ප්රමිතීන් ඔස්සේ සකස් කෙරෙන එකම උපාධි පරීක්ෂණයකින් පසුව නම්, එවැනි අධ්‍යාපනයක් ලැබීමෙන් ඔවුන්ව වැළැක්වීමේ සදාචාරය කුමක්ද?

පෞද්ගලික ව්‍යවසාය ගැන අපට ඇත්තේ කුහක ආකල්පයකි. මහ පරිමාණ පෞද්ගලික සායන ඇති රටක, බිල නොගෙව්වොත් මළමිනිය පවා භාර දීම ප්‍රතික්ෂේප කරන පෞද්ගලික රෝහල් ව්‍යාපාරයක් ඇති රටක, රජයේ වෛද්‍යවරුන්ට පවා එකී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී හම්බ කරගත හැකි රටක, ‘රණ විරුවන්ගේ‘ දරුවන් වෙනුවෙනුත් (කිසි විරෝධයකින් තොරව) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවිය හැකි රටක, දහස් ගණන් දක්ෂ තවත් තරුණ පරපුරක් වෙනුවෙන්, අදාළ ප්රමිතීන් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ගැන රජයේ වෛද්‍ය සංගමයක් දක්වන විරෝධය පසුපස ඇත්තේ එක පණිවිඩයකි. ඒ මෙසේ ය: “අ.පො.ස (උසස් පෙළ) සමත් සියලූ ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපනයේ දොරටු විවර කර දීමට ආණ්ඩුවට හයියක් නැත. අපේ ප්‍රමිතිය විය යුත්තේ ඒ නොහැකියාවයි. එම නොහැකියාව ආඩම්බරයට කාරණයක් වශයෙන් ගනිමින්, එයම, වෛද්‍ය අධ්‍යාපනය සැපයෙන පුද්ගල ව්‍යවසාය සම්බන්ධයෙන්ද බලහත්කාරි ශීලයක් (නීතියක්) සේ පැටවිය යුතුව තිබේ.“

අද රටේ තිඛෙන ප්‍රධාන පෙළේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා සහ දහස් ගණන් පෞද්ගලික වෛද්‍යවරුන් වෙත රෝගීන් යන්නේ ඇයි? රජයේ රෝහල්වලට භාරගත හැකි රෝගීන් සංඛ්‍යාව සීමිත නිසා ය. එම තත්වය තුළ, සල්ලි තියෙන රෝගියා, තවදුරටත් රජයට බරක් නොවී, පෞද්ගලික ප්‍රතිකර්ම සඳහා යොමු වෙයි. එහි ඇති වැරැද්ද කිම? එහෙත්, එම තර්කණයම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොදා ගැනෙන විට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඊට විරුද්ධ වෙයි.

සමස්ත අධ්‍යාපන ක්රමයේම පරිහානියක් තිබේ. අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිද්දෙන් රජයෙන් නොලැබීම ඊට ප්‍රධාන හේතුවකි. ඒ නිසා, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන් වැනි පිරිස් බිහිවන්නේ සීමිතවයි. මේ තත්වය තුළ, එක් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුට දවසකට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක්, රජයේ වැටුපට අමතරව, උපයා ගැනීමේ හැකියාව අද ලැබී තිබේ. ඒ ගැන කිසිවෙකු ඔවුන් කෙරෙහි ආරෝවක් ඇති කරගත යුතු නැත.

එහෙත්, පවතින සෞඛ්‍ය සේවාවන්, නිරෝගී සමාජයක් උදෙසා ගුණාත්මකව මෙන්ම ප්රමාණාත්මකවත් ප්‍රසාරණය විය යුතුව තිබේ. එසේ ප්‍රසාරණය කිරීමට රාජ්‍යය අසමත් වන තත්වයක් තුළ පෞද්ගලික අංශය ඉදිරිපත් වීම ගැන යම් වෛද්‍ය සංගමයක් විරෝධය පාන්නේ නම්, එහි අරුත විය හැක්කේ, ඉහත කී අධික ඵල ප්‍රයෝජන සඳහාම, සීමිත ප්‍රභූ කුලකයක් වශයෙන් තමන්ව සදාකාලිකව විරාජමාන කර ගැනීමට ඇති අභිප්රායක් නිසා විය නොහැකිද?

-ගාමිණී වියන්ගොඩ විසිනි-

[QUOTE="kolla elakiri, post: 19479159, member: 363248"] [b]දොස්තර සහ ගණිකාව..! වඩා නම්බුකාර කවුද?[/b] [CENTER][B][SIZE=4]දොස්තර සහ ගණිකාව..! වඩා නම්බුකාර කවුද? - වියන්ගේ වියමන[/SIZE][/B] [SIZE=4][IMG]http://s3.lankaenews.com/si_news_image/Doctors_Mafia_Sri_Lanka_GMOA.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2015.දෙසැ.25, ප.ව.5.45) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉහත සිරස්තලය යටතේ මීට වසර 15 කට පමණ පෙර මා විසින්ම ලිපියක් ලියුවේය. එහිදී කාරණා දෙකක් සාකච්ඡා විය. එකක් වුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් වැඩ වර්ජන කරන හැම හැම විටකම එය අහිංසක රෝගීන්ගේ ජීවිත පරදුවට තැබීමක් වශයෙන් පාලකයන් විසින් හුවාදක්වනු ලැබීම හුදෙක් අවස්ථාවාදී සහ සටකපට තර්කයක්ය යන්න පෙන්වා දීමයි. ඒ මගින් පාලකයා බලාපොරොත්තු වන්නේ, ඔවුන් (වෛද්‍යවරුන්/හෙදියන්) කෙරෙහි මහජන කෝපය සහ අප්‍රසාදය ඇවිස්සීම හරහා තමන්ගේ (ආණ්ඩුවේ) අසමත් භාවයක් වසං කර ගැනීමයි. අනෙක් කරුණ වන්නේ, වෛද්‍යවරුන්ද, විශේෂයෙන් 78 න් පසු ඇති වූ විවෘත ආර්ථීක ක්‍රමය තුළ විටෙක හැසිරී ඇත්තේ, වෛද්‍ය වෘත්තියේ සකල සදාචාර ප්රමිතීන් උල්ලංඝණය කරමින්ය යන්නයි.[/SIZE] [SIZE=4]එවැනි වෛද්‍යවරුන්, ගණිකාවන්ට වඩා පහත් බව, උපකල්පන දෙකක් මත පිහිටා පෙන්වා දිය හැකි බව එහිදී කියා ඇත.[/SIZE] [SIZE=4]පළමු උපකල්පනය වුණේ, වෙළඳ සමාජයක පවතින සියල්ල, ආර්ථීක භාණ්ඩ හෝ සේවාවන් වන බවත්, සෑම වෘත්තියක්මත්, අඩු වැඩි වශයෙන්, මුදල මුල් කර ගත් වෙළඳාමක් වන බවත් ය. දෙවැනි උපකල්පනය වුණේ, උග්‍ර වේදනාව ආශ්‍රය කොටගෙන වෛද්‍යවරයා මුදල් උපයන අතරේ, උග්‍ර කාමාශාව උපයෝගී කරගෙන වෛශ්‍යාව මුදල් උපයන බව ය. මේ දෙන්නාම හම්බ කරන්නේ, තවත් පුද්ගලයෙකු තුළ පවතින වේදනාවක් සහ ආශාවක් ඔස්සේ ය. ඒ තත්වය තුළ කෙනෙකුට මෙවැනි නිරීක්ෂණයක් කළ හැකිය. [B]රෝගියෙකුගේ වේදනාව සහ විඳවිල්ල කල් දැමිය නොහැක. ඒ මොහොතේම එය සමනය කර ගැනීම රෝගියාට අනිවාර්ය කෙරේ. එහෙත්, රති සුවය කල් දැමිය හැක. එබැවින්, ‘සල්ලි නැත්නම් බෙහෙත් නැහැ‘ කියන දොස්තර, ‘සල්ලි නැත්නම් කාමය නැහැ‘ කියන ගණිකාවට වඩා සදාචාරමය වශයෙන් නින්දිත ය. [/B][/SIZE] [SIZE=4]මේ හඳුනා ගැනීම නිසා වෛද්‍යවරයාගේ වෘත්තීය අයිතීන් අහිමි විය යුතු බවක් මෙයින් නොකියැවේ. හැබැයි, වෛද්‍යවරයා දෙවියෙක්ය යන යල් පැනගිය මතය පැත්තකින් තබා, ඔහුද තවත් වෙළෙන්දෙක්ය යන වැටහීමක් ඇති කර ගැනීමට අපට බල කෙරේ. වෛද්‍යවරයාත් වෙළෙන්දෙකු වීම වැළැක්විය නොහේ. එහෙත් තමන් දෙවියන් යැයි එවැනි වෛද්‍යවරුන් තවමත් සිතා සිටීම ප්‍රශ්න කළ යුතුය. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා රට ඉදිරියේ විදහා පෑවේය. කාර් පර්මිට් එකක් වෙනුවෙන් තමන් වැඩ වර්ජන පවා කරන්නේ, එය (පර්මිට් එක) වෛද්‍යවරයාගේ ගර්වය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් නිසා යැයි, එක් මෝඩ වෛද්‍ය වෘත්තිකයෙක් රටට කියා සිටියේය. අධ්‍යාපනයේ ගුණය සහ අභිමානය දීර්ඝ කාලීන වශයෙන් සහතික කරගනු වස් දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩ වරද්දී, අධ්‍යාපනයෙන් සුපිරි දෙවිවරුන් බිහි කරතැයි විශ්වාස කරන වෛද්‍ය පීඨය එදා වර්ජන කෙළේ නැත. තීරුබදු රහිත වාහන බලපත්‍ර ‘අයිතිය‘ ලංකාවේ වෛද්‍ය වෘත්තිය හෝ වෙනත් වෘත්තියක් වෙනුවෙන් අනාදිමත් කාලයක් තිස්සේ සැපයුණු වරප්‍රසාදයක් නොවේ. අපේ දේශපාලඥයන් පටු පරමාර්ථ පෙරදැරිව සිදු කළ අනේක අල්ලස්, කාලයක් යන විට, තම ‘අයිතියක්‘ වශයෙන් ගැනීමට අදාළ ග්රාහකයෝ පෙළඹෙති. ඊළඟට, අනුන් සඳහා දෙන එම අල්ලස, ඊට වඩා දෙතුන් ගුණයක මාත්‍රාවෙන් තමන්ටත් ලබා ගැනීමට දේශපාලඥයෝ වගබලා ගනිති. මහින්ද රාජපක්ෂ වරක් මේ වරප්‍රසාදය නතර කෙළේය. මේ කියන වෛද්‍ය සංගමය හෝ වෙනත් වෘත්තික ප්‍රජාවක් ඊට එරෙහිව එදා වර්ජනය කළ බවක් අප අසා නැත. [/SIZE] [SIZE=4]කෙසේ වෙතත්, ඇතැම් වෘත්තිකයන් වෙනුවෙන්, ඉහළ වැටුප්වලට අමතරව, විශේෂ දීමනා සහ වරප්‍රසාද සැලසිය යුතුව තිබේ. වෛද්‍ය වෘත්තිය ඉන් ප්රමුඛයි. “ආරෝග්‍යා පරමා ලාභා“ යන්න අප පිළිගන්නේ නම්, එකී ලාභයෙන් කොටසක් වෛද්‍යවරයාට දිය යුතුය. ඒ අතරේ, මේ කියන තීරුබදු රහිත වාහන බලපත්‍රය ඔහුට ලැබෙන්නේ, ඔහුගේ සේවාව කරගෙන යාමට පහසුකම් සැළසීමක් වශයෙන් බවත් අමතක නොකළ යුතුය. එසේ නම්, ඔහු ඒ ‘අයිතිය‘ ඉල්ලා සිටිය යුත්තේ, එක් කොන්දේසියකට යටත්වයි. එනම්, එම වරප්‍රසාදය අපයෝජනය නොකරන ප්‍රතිඥාව යටතේ ය. ඇත්ත, එම ප්‍රතිඥාව, වෛද්‍යවරුන්ට පමණක් නොව, එය ඉල්ලා සිටින සියල්ලන්ටම අදාළ විය යුතු බවට විවාදයක් නැත. එසේ වෙතත්, අනිත් වෘත්තීකයන්ට වඩා ගරුත්වයක් ඇති ප්‍රජාවක් වශයෙන් වෛද්‍යවරුන් කළ යුතුව ඇත්තේ, එසේ ලබාගන්නා බලපත්‍රය අන් සතු කළ නොහැකි වන බවට නියමයක් ඇති කරන්නැයි පාලකයන්ගෙන් ඉල්ලා සිටිමින්ම, තමන්ගේ ‘අයිතිය‘ වෙනුවෙන් පෙනී සිටීමයි. එසේ නොවුණහොත්, එක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භික්ෂුවක් ඇතුළු තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා කළා සහ තවමත් කරන්නා සේ බලපත්‍ර ‘විකුණං කන‘ නඩයට වෛද්‍යවරුන්ද ඇතුළත් වෙනු නොවැළැක්විය හැකියි. ඊටත් එහාට යමින්, අර ප්‍රතිඥාවෙන් තොරව ඉල්ලා සිටින ඕනෑම බලපත්‍රයක් වෙනුවෙන් වැඩ වර්ජනයකුත් කරද්දී සිදුවන්නේ, වෛද්‍යවරයා සහ මස්කඩකාරයා අතර වෙනස මැකී යාමයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊළඟට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මේ සංගමයේ ස්ථාවරය ගන්න. ඔවුන්ට වඩා එක ලකුණක් හෝ දෙකක් අඩුවෙන් ගත්, එහෙත් ඔවුන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් සමත් අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍යවරුන් වීමට ඇති අයිතියට එරෙහිව පෙනී සිටීමේ කුඩුකේඩු කමට එහා දෙයක් ඔවුන්ගේ වර්තමාන ස්ථාවරයෙන් ගම්‍ය වේද? කඩඉමක ලකුණක් දෙකක් අඩු/වැඩි වීම සහ අදාළ අනාගත උසස් අධ්‍යාපනික සාමර්ථතා අතර අනිවාර්ය සම්බන්ධයක් තිබිය යුතු නොවේ. සමහර විට, වෛද්‍ය පීඨයට තේරී පත්වන කෙනෙකුට වඩා, එම පීඨයට නොතේරෙන මුත් විභාගය සමත් වන තවත් කෙනෙකු, අවශ්‍ය පහසුකම් වෙනත් ආකාරයකින් සැපයෙන තත්වයක් තුළ, අති දක්ෂයෙකු වීමට පුලූවන. එසේ වන කල, විභාගය සමත්ව තිබියදීත්, රාජ්‍ය ආර්ථීකයේ අසමත් භාවය හේතුවෙන් විශ්ව විද්‍යාලයකට ඇතුළත් විය නොහැකි වන දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනයෙන් ඉවත් කළ යුතු බවද මේ සංගමය කියන්නේ? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උදාහරණයක් වශයෙන්, කලා උපාධි සහ නීති උපාධි සමග මේ තත්වය සසඳන්න. අ.පො.ස (උසස් පෙළ) සමත් වුවත්, ලකුණු මදි වීම නිසා විශ්ව විද්‍යාලයට නොතේරෙන කලා ශිෂ්‍යයාට, පෞද්ගලික පංතිවලට සහභාගී වීමෙන් හෝ නොවීමෙන් ශාස්ත්‍රවේදී උපාධියට බාහිර අපේක්ෂකයෙකු වශයෙන් පෙනී සිටිය හැකිය. එල්.එල්.බී. උපාධිය සඳහාත් ඒ පහසුකම තිබේ. ඔවුන් යම් විශ්ව විද්‍යාලයක එල්.එල්.බී. උපාධිධාරියෙකුද, බාහිර උපාධිධාරියෙකුද යන්න, අධිකරණයක් ඉදිරියේ වැදගත් නැත. වැදගත් වන්නේ, ඔවුන් සමත් වන උපාධි පරීක්ෂණයේ ප්‍රමිතිය පිළිගත් විශ්ව විද්‍යාලයක් මගින් සහතික කර දීම සහ නියාමනය කිරීමයි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් තත්වය මීට වඩා තරමක් සංකීර්ණ බව ඇත්ත. එහෙත්, එහිදී පවා, අවශ්‍ය කරන ප්‍රායෝගික අධ්‍යාපනයක් පෞද්ගලික ව්‍යවසාය මගින් සපයන්නේ නම් සහ ඔවුන්ගේ අවසාන අධ්‍යාපනික සුදුසුකම පිළිගැනෙන්නේ, රටේ පිළිගත් වෛද්‍ය පීඨයක ප්රමිතීන් ඔස්සේ සකස් කෙරෙන එකම උපාධි පරීක්ෂණයකින් පසුව නම්, එවැනි අධ්‍යාපනයක් ලැබීමෙන් ඔවුන්ව වැළැක්වීමේ සදාචාරය කුමක්ද? පෞද්ගලික ව්‍යවසාය ගැන අපට ඇත්තේ කුහක ආකල්පයකි. මහ පරිමාණ පෞද්ගලික සායන ඇති රටක, බිල නොගෙව්වොත් මළමිනිය පවා භාර දීම ප්‍රතික්ෂේප කරන පෞද්ගලික රෝහල් ව්‍යාපාරයක් ඇති රටක, රජයේ වෛද්‍යවරුන්ට පවා එකී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී හම්බ කරගත හැකි රටක, ‘රණ විරුවන්ගේ‘ දරුවන් වෙනුවෙනුත් (කිසි විරෝධයකින් තොරව) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවිය හැකි රටක, දහස් ගණන් දක්ෂ තවත් තරුණ පරපුරක් වෙනුවෙන්, අදාළ ප්රමිතීන් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම ගැන රජයේ වෛද්‍ය සංගමයක් දක්වන විරෝධය පසුපස ඇත්තේ එක පණිවිඩයකි. ඒ මෙසේ ය: “අ.පො.ස (උසස් පෙළ) සමත් සියලූ ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපනයේ දොරටු විවර කර දීමට ආණ්ඩුවට හයියක් නැත. අපේ ප්‍රමිතිය විය යුත්තේ ඒ නොහැකියාවයි. එම නොහැකියාව ආඩම්බරයට කාරණයක් වශයෙන් ගනිමින්, එයම, වෛද්‍ය අධ්‍යාපනය සැපයෙන පුද්ගල ව්‍යවසාය සම්බන්ධයෙන්ද බලහත්කාරි ශීලයක් (නීතියක්) සේ පැටවිය යුතුව තිබේ.“[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද රටේ තිඛෙන ප්‍රධාන පෙළේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා සහ දහස් ගණන් පෞද්ගලික වෛද්‍යවරුන් වෙත රෝගීන් යන්නේ ඇයි? රජයේ රෝහල්වලට භාරගත හැකි රෝගීන් සංඛ්‍යාව සීමිත නිසා ය. එම තත්වය තුළ, සල්ලි තියෙන රෝගියා, තවදුරටත් රජයට බරක් නොවී, පෞද්ගලික ප්‍රතිකර්ම සඳහා යොමු වෙයි. එහි ඇති වැරැද්ද කිම? එහෙත්, එම තර්කණයම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොදා ගැනෙන විට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඊට විරුද්ධ වෙයි. [/SIZE] [SIZE=4]සමස්ත අධ්‍යාපන ක්රමයේම පරිහානියක් තිබේ. අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිද්දෙන් රජයෙන් නොලැබීම ඊට ප්‍රධාන හේතුවකි. ඒ නිසා, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන් වැනි පිරිස් බිහිවන්නේ සීමිතවයි. මේ තත්වය තුළ, එක් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුට දවසකට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක්, රජයේ වැටුපට අමතරව, උපයා ගැනීමේ හැකියාව අද ලැබී තිබේ. ඒ ගැන කිසිවෙකු ඔවුන් කෙරෙහි ආරෝවක් ඇති කරගත යුතු නැත. එහෙත්, පවතින සෞඛ්‍ය සේවාවන්, නිරෝගී සමාජයක් උදෙසා ගුණාත්මකව මෙන්ම ප්රමාණාත්මකවත් ප්‍රසාරණය විය යුතුව තිබේ. එසේ ප්‍රසාරණය කිරීමට රාජ්‍යය අසමත් වන තත්වයක් තුළ පෞද්ගලික අංශය ඉදිරිපත් වීම ගැන යම් වෛද්‍ය සංගමයක් විරෝධය පාන්නේ නම්, එහි අරුත විය හැක්කේ, ඉහත කී අධික ඵල ප්‍රයෝජන සඳහාම, සීමිත ප්‍රභූ කුලකයක් වශයෙන් තමන්ව සදාකාලිකව විරාජමාන කර ගැනීමට ඇති අභිප්රායක් නිසා විය නොහැකිද? [/SIZE] [B][SIZE=4][B]-ගාමිණී වියන්ගොඩ විසිනි-[/B][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom