දෝනි අත්අඩංගුවට ගනු!
දෝනි අත්අඩංගුවට ගනු!
විෂ්ණු දෙවියන්ට අපහාස වන ආකාරයෙන් ඡායා රූපයකට පෙනී සිටීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගන්නා ලෙසට ඉන්දීය අධිකරණයක් අද නියෝග කර තිබේ.
ආන්ද්‍රා ප්‍රදේශයේ විෂ්ණු දේවාලයක බාරකරුවෙකු විසින් එම ප්‍රදේශයේ අධිකරණයකට කර තිබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මහේන්ද්‍ර සිං දෝනි විෂ්ණු දෙවියන් ආකාරයට සැරසී ඡායා රූපයකට පෙනී සිටීමෙන් හින්දු ආගමට ද අපහාස කර ඇති බවට අදාළ පැමිණිල්ල මගින් අවධාරණය කර තිබුණි.
දෝනි එසේ සිටින ආකාරය පසුගිය වසරේ අප්‍රේල් මස නිකුත් කළ ඡායා රූප කිහිපයකින්ම අනාවරණය කරන ලදී.
අදාළ ඡායාරූපයක් ඉන්දියාවේ පුවත්පතක් මගින් ද ප්‍රසිද්ධ කර තිබූ අතර එය වෙළඳ දැන්වීමක ආකාරය ගෙන තිබුණි.
ඒ අනූව මහේන්ද්‍ර සිං දෝනිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා 3කදී දැනුම් දී තිබූ බව පැවසෙයි.
එහෙත් දෝනිට එම නියෝග නොලැබුණු බවද වාර්තා වන අතර ඒ අනූව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කිරීමටත් ලබන මස 16දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර ඇත.
(අදදෙරන)