Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර

සෞඛ්‍ය යන්න ධනේශ්වර සමාජ ආර්ථීකය තුළ නො විසඳෙන අර්බුදයකි. වෛද්‍ය විද්‍යාව ශාරීරිකව මතු වන අර්බුදයන් විසඳන්නේ එය ඉවත් කිරීමෙන් ය. නමුත් වත්මන් සමාජ අර්බුදයන්ට පිළියම එය ඉවත් කිරීම ලෙස ධනවාදය සලකන්නේ නැත. එනිසා සෞඛ්‍ය ප්‍රශ්නයට ද එහි ඇත්තේ පැලැස්තර විසඳුම් ය. එහි ප්‍රතිඵලය වන්නේ රටේ සාමාන්‍ය ජනතාව සාතිශ්‍ය බහුතරයක් රෝගීන් බවට පත්වීමත්, ප්‍රතිකාර ලැබීමේ විවිධ දුෂ්කරතා හේතුවෙන් හා රෝගීන් වෙනුවෙන් මැදිහත් වීමේ දී විවිධ දුෂ්කරතාවයන්ට හා පීඩාවන්ට පත්වීමත් ය.

මෙවර අප පැහැදිලි කර ගන්නට උත්සාහ ගනු ලබන්නේ සමාජවාදි සෞඛ්‍ය ප්රතිපත්තීන් සකස් වන්නේ කෙලෙසින් යන්නටයි. ඉන් ධනවාදය සෞඛ්‍ය කෙරෙහි දක්වන ආකල්පය කෙසේ ද, දැනට භාවිතා වන සෞඛ්‍ය සංකල්පයන් සමාජවාදය තුළ භාවිතයට නැගෙන්නේ කෙසේ ද සහ ජනතාවගේ සෞඛ්‍ය යන්නට සමාජවාදී සමාජය දෙනු ලබන වැදගත්කම කෙතරම් ද යන්නත් වටහා ගත හැකිය.

රෝග සුව කිරීමට වඩා එය වැළැක්වීම වැදගත් බව වර්තමානයේදී පවා සෞඛ්‍යය යන මාතෘකාවේදි කියවේ. එහෙත් “වැළැක්වීම” යන්න වසංගත රෝග ආදියට පූර්ව ප්‍රතිශක්තිකරණය මඟින් ඉටු වුව ද බෝ නොවන රෝග හෝ හදිසි අනතුරු සම්බන්ධයෙන් අසාර්ථකය. ඉන් දෙවනුව “ප්‍රතිකාරය” යන්න ද රජයේ අවධානය හා ආකල්ප හේතුවෙන් ඉතා පහළ මට්ටමක පවතියි. එනිසා “වැළැක්වීම ද, ප්‍රතිකාරය ද” යන සංකල්පයන් දෙකම අසාධ්‍ය වීම වෛද්‍ය විද්‍යාවේ හෝ සෞඛ්‍ය විද්‍යාවේ අර්බුදයක් නොව, ධනවාදයේ අර්බුදයේ ප්රතිඵලයකි.

වර්තමානයේ අපගේ වැනි රටවල සෞඛ්‍ය ප්‍රශ්නයට බලපානු ලබන මූලික සමාජ සාධක වන්නේ දුප්පත්කම හා නූගත්කම ය. මෙහි දී නූගත්කම සැලකෙන්නේ සෞඛ්‍ය යන විෂයට සාපේක්ෂව ය. සමාජයේ බහුතරයක් සෞඛ්‍ය පුරුදු හඳුනන්නේ නැත. තවද පසුගාමි ධනවාදි පුරුදු පුහුණු හා ආකල්ප ද මෙයට උත්තේජන සපයයි. එසේම ජීවිතයේ අරාජිකත්වය හා නොසැලකිල්ල ද මෙහි තවත් හවුල් කරුවන් ය. එබැවින් සමාජවාදය සෞඛ්‍ය ප්රශ්නය විසඳීම ආරම්භ කරනුයේ අධ්‍යාපනය යන විෂය තුළම ය. සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳව අවබෝධය හා පුහුණුව ඇති කිරිම එහි අරමුණයි. සෞඛ්‍ය අධ්‍යාපනය අංශයක් මේ වන විට ද රටේ පවතියි. එය එම නිලධාරීන්ගේ උනන්දුව , උවමනාව මතම පවතින්නකි. සමාජවාදය තුළ එසේ නොව ළමා අවධියේ සිටම ක්රමානුකූල ව සෞඛ්‍ය අධ්‍යාපනය වැඩිහිටි අවධිය දක්වා ම දෙනු ලබයි. එසේම මිථ්‍යාව හා පසුගාමී ආකල්ප විසින් ලිංගික අධ්‍යාපනය වැනි කාරණා සම්බන්ධයෙන් වන පටු චින්තනයට එරෙහිව දැවැන්ත අධ්‍යාපනික අරගලයක් හරහා ජනතාවගේ දැනුවත් බව ඔසවා තැබීම කරයි..

සමාජයෙහි සෞඛ්‍ය පිළිබඳව වන දැනුම පුළුල් කිරීම පමණකින් රෝග වැළැක්විය නොහැකි ය. කාසියේ අනෙක් පැත්ත මෙන් වන ආර්ථීකය වර්ධනය කිරීම හරහා සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගත හැකි පරිසරයක් ජනතාවට සලසා දිය යුතු ය. සෞඛ්‍ය සම්පන්න ආහාර සපයා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න නිවසක ජීවත් වීම, සෞඛ්‍ය සම්පන්න පරිසරයක වෘත්තියෙහි නියැලීමට සැලසීම, සමාජ කටයුතුවල දී සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක් පවත්වා ගැනීමට පරිසරය හා අන්‍යෝන්‍ය අවබෝධය සලසා දීම අත්‍යාවශ්‍ය ය. වර්තමානයේ ජනතාව මහ මඟ විවිධ පීඩාවන්ට ලක් වීම හා ගෘහමය අර්බුද විසින් මානසික රෝගාබාධ තත්වයට පත්ව සිටිති. රැකියාව, ප්‍රවාහනය, විවේකය ආදි වෙනත් කාරණා හා මේවා බැඳී පවතියි. එනිසා සමස්තයක් ලෙසින් සමාජවාදය ජන ජීවිතය යහපත් කිරීම සඳහා ආර්ථීක ක්රමයේ ම කරනු ලබන වෙනස මඟින් රෝග වැළකෙන හා වළක්වා ගත හැකි ආර්ථීක පරිසරයක් සකසා දෙනු ලබයි.

කෙසේ වුව ද යහපත් සෞඛ්‍යයක් සඳහා සමාජවාදි රාජ්‍යයන් කරනු ලබන කටයුතුවල දී රෝහල, සෞඛ්‍ය මධ්‍යස්ථානය හා මහජන සෞඛ්‍ය සේවාවන් පමණක් නොව පාසල, රැකියා ස්ථානය ද වෙනත් ජනතාව හමු වන පොදු ස්ථාන ද මේ සඳහා යොදවා ගනු ලබයි. රෝග වැළැක්වීම ඉතා සැලැස්මානුකූලව හා පැතිරුණු ස්වභාවයෙන් සමස්ත සමාජය තුළ තහවුරු කිරීමෙන් පසුව සැබවින්ම ප්‍රතිකාර ගන්නන් සංඛ්‍යාත්මකව අඩුවේ. ඉන් රෝගීන් තදබද වීම වැළකේ. ජාතික ධනය ද ඉතිරි වේ. තවද වෘත්තියෙහි නියැලෙන ස්ථානයේ දීම නිශ්චිත කාල වකවානුවකට වරක් පුද්ගලයන් පරීක්ෂා කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය අධීක්ෂණය වීමක් සිදුවේ. සැබවින්ම මෙයින් අදහස් වන්නේ සමාජවාදි රජය ජනතාව රැක බලා ගැනීමට බැදී සිටිමයි. ධනවාදය තුළ එසේ නොවේ. අඩුම වශයෙන් රෝහල තුළ ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ රෝගියාට ය යන්න පවා නො සැලකේ. අඩුම අවධානය රෝගියා කෙරෙහි ය. අඩුම අයිතිවාසිකම් ඇත්තේ ද රෝගියාට ය.

හදිසි අනතුරු වැළැක්වීම වැනි කරුණුවල දී එය ප්‍රවාහනය අර්බුදය විසඳීම, ජනතාවගේ විනය හා ආකල්ප සැකසීම, සමාජයේ පෞද්ගලික තරඟය ඉවත් කිරීම වැනි කරුණු හා ඒකාබද්ධ වේ. ලිංගික ප්‍රශ්න, ලිංගික රෝග ආදිය වැළැක්වීමේ දී ඒ පිළිබඳ අවබෝධය, ආකල්ප වෙනස් කිරීම, සමාජ හා පවුල් අර්බුද වැළැක්වීම, පුද්ගල පෞරුෂයන්ගේ ශක්තිමත් භාවය, යහපත් මානසික තත්වය ආදිය වැදගත් වේ. එනිසා සෞඛ්‍ය ප්රශ්නය තවත් බොහෝ පාර්ශවයන් හා බැඳී පවතින බව හා සෞඛ්‍යයට සමාජයේ අනෙකුත් ගැටලු අදාළ වන්නේ ය යන මූලධර්මය මත සමාජවාදි සැලසුම් සකස් වේ.

සියල්ල සංයුක්ත ව සලකා බලන විට සමාජවාදය තුළ සෞඛ්‍යය යන්න හුදකලා මාතෘකාවක් නොවේ සමස්ත ජන ජීවිතය හා බැඳුණු සමාජ ආර්ථීක හා අධ්‍යාත්මක කාර්යයකි. මරණයට සහ වේදනාවට ඇති බිය විසින් සේවාවක් ලෙස උපකාරයක් සෞඛ්‍ය තුළ නොමැති විට අසරණ වන ජනතාව හිඟා කා උපයා ගෙන හෝ සෞඛ්‍ය සේවා මිලට ගන්නට පෙලඹේ. එනිසා යහපත් සෞඛ්‍ය තත්වයක් ඇති කිරිම තුළ සෞඛ්‍ය යන්න වෙළඳ භාණ්ඩයක තත්වයෙන් මුදවා ගත යුතු ය. සෞඛ්‍ය සේවය රෝග වැළැක්වීමේ හා ප්‍රතිකාරයේ දී ජනතා සේවාවක් ම වන්නට නම් සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතය ද යහපත් විය යුතු ය. එය යළි වැටුප්, වෘත්තීය පහසුකම් ආදිය මත බැඳේ. සමාජවාදය තුළ සෞඛ්‍ය ප්රශ්නය විසඳන්නේ අනෙකුත් සමස්ත සමාජ ආර්ථීක ගැටලු සමඟ එකට ගෙන ය. ඒ එකිනෙක අන්‍යොන්‍යව සලකමින් ය. සමස්ත සමාජ අර්බුදයේ විසඳීම තුළම ය.

[QUOTE="supunmalkanthi, post: 23096829, member: 560852"] [b]ධනවාදි රෝගයන්ට සමාජවාදි ප්‍රතිකාර[/b] [SIZE="5"]සෞඛ්‍ය යන්න ධනේශ්වර සමාජ ආර්ථීකය තුළ නො විසඳෙන අර්බුදයකි. වෛද්‍ය විද්‍යාව ශාරීරිකව මතු වන අර්බුදයන් විසඳන්නේ එය ඉවත් කිරීමෙන් ය. නමුත් වත්මන් සමාජ අර්බුදයන්ට පිළියම එය ඉවත් කිරීම ලෙස ධනවාදය සලකන්නේ නැත. එනිසා සෞඛ්‍ය ප්‍රශ්නයට ද එහි ඇත්තේ පැලැස්තර විසඳුම් ය. එහි ප්‍රතිඵලය වන්නේ රටේ සාමාන්‍ය ජනතාව සාතිශ්‍ය බහුතරයක් රෝගීන් බවට පත්වීමත්, ප්‍රතිකාර ලැබීමේ විවිධ දුෂ්කරතා හේතුවෙන් හා රෝගීන් වෙනුවෙන් මැදිහත් වීමේ දී විවිධ දුෂ්කරතාවයන්ට හා පීඩාවන්ට පත්වීමත් ය. මෙවර අප පැහැදිලි කර ගන්නට උත්සාහ ගනු ලබන්නේ සමාජවාදි සෞඛ්‍ය ප්රතිපත්තීන් සකස් වන්නේ කෙලෙසින් යන්නටයි. ඉන් ධනවාදය සෞඛ්‍ය කෙරෙහි දක්වන ආකල්පය කෙසේ ද, දැනට භාවිතා වන සෞඛ්‍ය සංකල්පයන් සමාජවාදය තුළ භාවිතයට නැගෙන්නේ කෙසේ ද සහ ජනතාවගේ සෞඛ්‍ය යන්නට සමාජවාදී සමාජය දෙනු ලබන වැදගත්කම කෙතරම් ද යන්නත් වටහා ගත හැකිය. රෝග සුව කිරීමට වඩා එය වැළැක්වීම වැදගත් බව වර්තමානයේදී පවා සෞඛ්‍යය යන මාතෘකාවේදි කියවේ. එහෙත් “වැළැක්වීම” යන්න වසංගත රෝග ආදියට පූර්ව ප්‍රතිශක්තිකරණය මඟින් ඉටු වුව ද බෝ නොවන රෝග හෝ හදිසි අනතුරු සම්බන්ධයෙන් අසාර්ථකය. ඉන් දෙවනුව “ප්‍රතිකාරය” යන්න ද රජයේ අවධානය හා ආකල්ප හේතුවෙන් ඉතා පහළ මට්ටමක පවතියි. එනිසා “වැළැක්වීම ද, ප්‍රතිකාරය ද” යන සංකල්පයන් දෙකම අසාධ්‍ය වීම වෛද්‍ය විද්‍යාවේ හෝ සෞඛ්‍ය විද්‍යාවේ අර්බුදයක් නොව, ධනවාදයේ අර්බුදයේ ප්රතිඵලයකි. වර්තමානයේ අපගේ වැනි රටවල සෞඛ්‍ය ප්‍රශ්නයට බලපානු ලබන මූලික සමාජ සාධක වන්නේ දුප්පත්කම හා නූගත්කම ය. මෙහි දී නූගත්කම සැලකෙන්නේ සෞඛ්‍ය යන විෂයට සාපේක්ෂව ය. සමාජයේ බහුතරයක් සෞඛ්‍ය පුරුදු හඳුනන්නේ නැත. තවද පසුගාමි ධනවාදි පුරුදු පුහුණු හා ආකල්ප ද මෙයට උත්තේජන සපයයි. එසේම ජීවිතයේ අරාජිකත්වය හා නොසැලකිල්ල ද මෙහි තවත් හවුල් කරුවන් ය. එබැවින් සමාජවාදය සෞඛ්‍ය ප්රශ්නය විසඳීම ආරම්භ කරනුයේ අධ්‍යාපනය යන විෂය තුළම ය. සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳව අවබෝධය හා පුහුණුව ඇති කිරිම එහි අරමුණයි. සෞඛ්‍ය අධ්‍යාපනය අංශයක් මේ වන විට ද රටේ පවතියි. එය එම නිලධාරීන්ගේ උනන්දුව , උවමනාව මතම පවතින්නකි. සමාජවාදය තුළ එසේ නොව ළමා අවධියේ සිටම ක්රමානුකූල ව සෞඛ්‍ය අධ්‍යාපනය වැඩිහිටි අවධිය දක්වා ම දෙනු ලබයි. එසේම මිථ්‍යාව හා පසුගාමී ආකල්ප විසින් ලිංගික අධ්‍යාපනය වැනි කාරණා සම්බන්ධයෙන් වන පටු චින්තනයට එරෙහිව දැවැන්ත අධ්‍යාපනික අරගලයක් හරහා ජනතාවගේ දැනුවත් බව ඔසවා තැබීම කරයි.. සමාජයෙහි සෞඛ්‍ය පිළිබඳව වන දැනුම පුළුල් කිරීම පමණකින් රෝග වැළැක්විය නොහැකි ය. කාසියේ අනෙක් පැත්ත මෙන් වන ආර්ථීකය වර්ධනය කිරීම හරහා සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගත හැකි පරිසරයක් ජනතාවට සලසා දිය යුතු ය. සෞඛ්‍ය සම්පන්න ආහාර සපයා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න නිවසක ජීවත් වීම, සෞඛ්‍ය සම්පන්න පරිසරයක වෘත්තියෙහි නියැලීමට සැලසීම, සමාජ කටයුතුවල දී සෞඛ්‍ය සම්පන්න මානසික තත්වයක් පවත්වා ගැනීමට පරිසරය හා අන්‍යෝන්‍ය අවබෝධය සලසා දීම අත්‍යාවශ්‍ය ය. වර්තමානයේ ජනතාව මහ මඟ විවිධ පීඩාවන්ට ලක් වීම හා ගෘහමය අර්බුද විසින් මානසික රෝගාබාධ තත්වයට පත්ව සිටිති. රැකියාව, ප්‍රවාහනය, විවේකය ආදි වෙනත් කාරණා හා මේවා බැඳී පවතියි. එනිසා සමස්තයක් ලෙසින් සමාජවාදය ජන ජීවිතය යහපත් කිරීම සඳහා ආර්ථීක ක්රමයේ ම කරනු ලබන වෙනස මඟින් රෝග වැළකෙන හා වළක්වා ගත හැකි ආර්ථීක පරිසරයක් සකසා දෙනු ලබයි. කෙසේ වුව ද යහපත් සෞඛ්‍යයක් සඳහා සමාජවාදි රාජ්‍යයන් කරනු ලබන කටයුතුවල දී රෝහල, සෞඛ්‍ය මධ්‍යස්ථානය හා මහජන සෞඛ්‍ය සේවාවන් පමණක් නොව පාසල, රැකියා ස්ථානය ද වෙනත් ජනතාව හමු වන පොදු ස්ථාන ද මේ සඳහා යොදවා ගනු ලබයි. රෝග වැළැක්වීම ඉතා සැලැස්මානුකූලව හා පැතිරුණු ස්වභාවයෙන් සමස්ත සමාජය තුළ තහවුරු කිරීමෙන් පසුව සැබවින්ම ප්‍රතිකාර ගන්නන් සංඛ්‍යාත්මකව අඩුවේ. ඉන් රෝගීන් තදබද වීම වැළකේ. ජාතික ධනය ද ඉතිරි වේ. තවද වෘත්තියෙහි නියැලෙන ස්ථානයේ දීම නිශ්චිත කාල වකවානුවකට වරක් පුද්ගලයන් පරීක්ෂා කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය අධීක්ෂණය වීමක් සිදුවේ. සැබවින්ම මෙයින් අදහස් වන්නේ සමාජවාදි රජය ජනතාව රැක බලා ගැනීමට බැදී සිටිමයි. ධනවාදය තුළ එසේ නොවේ. අඩුම වශයෙන් රෝහල තුළ ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ රෝගියාට ය යන්න පවා නො සැලකේ. අඩුම අවධානය රෝගියා කෙරෙහි ය. අඩුම අයිතිවාසිකම් ඇත්තේ ද රෝගියාට ය. හදිසි අනතුරු වැළැක්වීම වැනි කරුණුවල දී එය ප්‍රවාහනය අර්බුදය විසඳීම, ජනතාවගේ විනය හා ආකල්ප සැකසීම, සමාජයේ පෞද්ගලික තරඟය ඉවත් කිරීම වැනි කරුණු හා ඒකාබද්ධ වේ. ලිංගික ප්‍රශ්න, ලිංගික රෝග ආදිය වැළැක්වීමේ දී ඒ පිළිබඳ අවබෝධය, ආකල්ප වෙනස් කිරීම, සමාජ හා පවුල් අර්බුද වැළැක්වීම, පුද්ගල පෞරුෂයන්ගේ ශක්තිමත් භාවය, යහපත් මානසික තත්වය ආදිය වැදගත් වේ. එනිසා සෞඛ්‍ය ප්රශ්නය තවත් බොහෝ පාර්ශවයන් හා බැඳී පවතින බව හා සෞඛ්‍යයට සමාජයේ අනෙකුත් ගැටලු අදාළ වන්නේ ය යන මූලධර්මය මත සමාජවාදි සැලසුම් සකස් වේ. සියල්ල සංයුක්ත ව සලකා බලන විට සමාජවාදය තුළ සෞඛ්‍යය යන්න හුදකලා මාතෘකාවක් නොවේ සමස්ත ජන ජීවිතය හා බැඳුණු සමාජ ආර්ථීක හා අධ්‍යාත්මක කාර්යයකි. මරණයට සහ වේදනාවට ඇති බිය විසින් සේවාවක් ලෙස උපකාරයක් සෞඛ්‍ය තුළ නොමැති විට අසරණ වන ජනතාව හිඟා කා උපයා ගෙන හෝ සෞඛ්‍ය සේවා මිලට ගන්නට පෙලඹේ. එනිසා යහපත් සෞඛ්‍ය තත්වයක් ඇති කිරිම තුළ සෞඛ්‍ය යන්න වෙළඳ භාණ්ඩයක තත්වයෙන් මුදවා ගත යුතු ය. සෞඛ්‍ය සේවය රෝග වැළැක්වීමේ හා ප්‍රතිකාරයේ දී ජනතා සේවාවක් ම වන්නට නම් සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතය ද යහපත් විය යුතු ය. එය යළි වැටුප්, වෘත්තීය පහසුකම් ආදිය මත බැඳේ. සමාජවාදය තුළ සෞඛ්‍ය ප්රශ්නය විසඳන්නේ අනෙකුත් සමස්ත සමාජ ආර්ථීක ගැටලු සමඟ එකට ගෙන ය. ඒ එකිනෙක අන්‍යොන්‍යව සලකමින් ය. සමස්ත සමාජ අර්බුදයේ විසඳීම තුළම ය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom