Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්ම_පදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මාගේ පුත්තු ඇත, මාගේ ධනය ඇත “

යැයි මෙසේ මෝඩයා ඒ පිළිබදව ම වෙහෙසයි.

තමා වත් තමාට නැති කල (තම පිහිටට )

පුත්තු කොයින්ද ? ධනය කොයින්ද ?

ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්,

ඒත් ඒ වුණා කිසිම සුවඳක් නැහැ.

අන්න ඒ වගේම යි බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත්

අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ.

යමෙක් ත්‍රිපිටකය ඉගෙන බොහෝ බණ කීවත්,

තමා ඒවා නොපිලිපදින්නේනම්, පමාවූ ඒ තැනැත්තා

අනුන්ගේ ගවයන් රකින්නාවූ ගොපල්ලෙක් මෙන්,

මහණකමේ ඵලයට හිමිකරුවෙක් නොවේ.

මල් කාරයෙක් නෙලාගන්නට මල් සොයා සොයා ගමක් ගානේ යනවාල

ඒ වගේ මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොයා යනවා.

අන්තිමේදී ඔහු මාරයාගේ ග්‍රහණයට හසුවෙන්නේ

ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි.

හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්.

චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්.

නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර ගන්නවා.

ඇද කුද හැරලා ඊ දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ.

ගේක වහලය සෙවිලි කරලා තියෙන්නේ නියම පිළිවෙළට නම්

වැස්ස වහින කොට ගේ ඇතුළට වතුර ගලන්නේ නැහැ.

සමථ විදර්ශනා භාවනාවෙන දියුණු කරපු සිතත් අන්න ඒ වගෙයි.

ඒ සිත තුළට රාගය ඇතුල් වෙන්නේ නැහැ.

වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැන ගන්ට ඕන.

හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕන.

මාරයක් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප්‍රඥාව නමැති ආයුධයෙන්.

යුද්ධෙන් ජය අරගෙන ඒක රැකගන්ට ඕන. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕන නෑ.

තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස්

හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින්

නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.

සහායට බාලයෙකු නො ගත යුතු ය.

යමි ජනතාවක්

(සසර සයුර තරණය කොට )

පරතෙරට යත්ද ඹවුහු අල්පයහ.

සෙසු සියලු ජනතාවෝ නැවත

මෙතෙර බලා පැමිණෙත්.

මනාව පිහිටුවන ලද සිත,

මවට හෝ පියාට හෝ

වෙනත් ඥාතීන්ට හෝ නොකළහැකි,

උසස් යහපතක් ඔහුට සිදුකරන්නේය.

හතුරෙක් හතුරෙකුට කරන විපතට වඩා,

වෛරකාරයෙකු වෛරකාරයෙකුට කරන විරුද්ධකමට වඩා,

වරදවා පිහිටුවන ලද, සිත

ඔහුට විපතක් කරන්නේය.

මේ ශරීරය නොබෝ කලෙකින්

පහව ගිය සිත් ඇතිව, ඉවත දමන ලද්දේ,

වැඩකට නැති, දිරාගිය ලී කැබෙල්ලක් මෙන්

පොළොවෙහි වැතිරෙන්නේය.

රාගයෙන් තෙත් නොවූ,

ද්වේශයෙන් නොගැටුනු සිත් ඇති,

පින්පව් නැසුවාවූ,

කෙලෙස් නිදිවැරූ තැනැත්තාට බියක් නැත.

යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නාවූ, තනිව හැසිරෙන්නාවූ,

සිරුරක් නැත්තාවූ, ශරීර ගුහාවෙහි නිදන්නාවූ,

මේ සිත සංවර කරත්ද

ඔව්හු මර බැම්මෙන් මිදෙත්.

හික්මවාගැනීමට අමාරුවූ,

ඉක්මණින් ඇතිවී නැතිවනසුලුවූ,

කැමැති අරමුණක් ගන්නාසුලුවූ, සිත

දමනය කිරීම යහපත්ය.

ඒ දමනය කරන ලද සිත

සැප ගෙනදෙයි.

ජලයෙන් උඩට නඟා,

ගොඩබිම තබන ලද මාළුවෙකු මෙන්

මේ සිත හැම අතටම සැලෙයි.

ඒ නිසා, සංසාර චක්‍රය නැසිය යුතුය.

නුවණැත්තා නොපසුබස්නා වීර්යයෙන්ද, අප්‍රමාදයෙන්ද,

චතුපාරිශුද්ධි සීලයෙන්ද, ඉන්ද්‍රීය දමනයෙන්ද

යන මෙකී දෙයින් කෙලෙස් සැඩපහරින් යට නොවන

දිවයිනක් සාදා ගන්නේය.

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි.

පරලොවත් ශෝක කරයි.

දෙලොවමත් ශෝක කරයි.

හේ තමාගේ කිලිටි කර්මය දැක ශෝක කරයි. වෙහෙසෙයි.

මෙලොව කිසිදිනෙක වෛරයෙන් වෛරය නොසන්සිඳේ.

අවෛරයෙන්ම වෛරය සන්සිඳේ.

මෙම ධර්මතාවය සැම කල්හිම නොවෙනස්ව පවතින්නකි.

අසවලා මට බැන්නේය, අසවලා මට ගැසුවේය,

අසවලා මා පැරද්දුවේය, අසවලා මා සතු දේ පැහැර ගත්තේයැ'යි

වෛර බඳින තැනැත්තාගේ

වෛරය නොසන්සිඳේ

සිත සිතිවිලිවලට පෙරටුවේ.

සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වේ.

සිතිවිලි සිතින්ම උපදී.

යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා,

ඒ හේතුවෙන්

ඉවත් නොවී පසුපස එන සෙවනැල්ල මෙන්,

ඒ සැප විපාකය ඔහු පසුපස එයි

තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්,

ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්,

දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්.

ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ.

‘මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල’

මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ.

නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්,

ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ.

බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ,

ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නේ නැතිවයි.

මුණිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නේ අන්න ඒ විදිහටමයි.

අනුන්ගේ වචනවල ඇදකුද හොයන්නට ඕන නෑ.

අනුන් කළ නොකළ දේවල් ගැන සොයන්නට ඕනෙත් නෑ.

තමන් ගැන ම බලාගත්තහම ඇති.

දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා,

මල්මාලා ගොඩක් ගොතනව වගේ මිනිස් ලෝකේ ඉපදිච්ච කෙනා

ඒ විදිහටම පුළුවන් තරම් කුසල්මයි කරගන්නට ඕන.

මල් සුවඳ උඩු සුළඟේ හමා යන්නේ නැහැ.

සඳුන් තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟේ හමන්නේ නැහැ.

නමුත් සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළඟේ පවා හමනවා.

සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා.

ඒ රහතන් වහන්සේලා සීලවන්තයි.

අප්රමාදීවමයි ධර්මයේ හැසිරෙන්නේ.

ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නේ.

උන් වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්නට බෑ.

[QUOTE="B_i_n_g_o, post: 16659019, member: 431880"] [CENTER][B][SIZE=5]“මාගේ පුත්තු ඇත, මාගේ ධනය ඇත “ යැයි මෙසේ මෝඩයා ඒ පිළිබදව ම වෙහෙසයි. තමා වත් තමාට නැති කල (තම පිහිටට ) පුත්තු කොයින්ද ? ධනය කොයින්ද ? ලස්සන මලක් තියෙනවා. හරිම පැහැපත්, ඒත් ඒ වුණා කිසිම සුවඳක් නැහැ. අන්න ඒ වගේම යි බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නොකරන කෙනෙකුට වැඩක් නෑ. යමෙක් ත්‍රිපිටකය ඉගෙන බොහෝ බණ කීවත්, තමා ඒවා නොපිලිපදින්නේනම්, පමාවූ ඒ තැනැත්තා අනුන්ගේ ගවයන් රකින්නාවූ ගොපල්ලෙක් මෙන්, මහණකමේ ඵලයට හිමිකරුවෙක් නොවේ. මල් කාරයෙක් නෙලාගන්නට මල් සොයා සොයා ගමක් ගානේ යනවාල ඒ වගේ මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොයා යනවා. අන්තිමේදී ඔහු මාරයාගේ ග්‍රහණයට හසුවෙන්නේ ඒ කාමයන් ගැන තෘප්තියකට පත් නොවී සිටිද්දීමයි. හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර ගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ. ගේක වහලය සෙවිලි කරලා තියෙන්නේ නියම පිළිවෙළට නම් වැස්ස වහින කොට ගේ ඇතුළට වතුර ගලන්නේ නැහැ. සමථ විදර්ශනා භාවනාවෙන දියුණු කරපු සිතත් අන්න ඒ වගෙයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙන්නේ නැහැ. වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැන ගන්ට ඕන. හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕන. මාරයක් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප්‍රඥාව නමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන ඒක රැකගන්ට ඕන. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕන නෑ. තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින් නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය. සහායට බාලයෙකු නො ගත යුතු ය. යමි ජනතාවක් (සසර සයුර තරණය කොට ) පරතෙරට යත්ද ඹවුහු අල්පයහ. සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්. මනාව පිහිටුවන ලද සිත, මවට හෝ පියාට හෝ වෙනත් ඥාතීන්ට හෝ නොකළහැකි, උසස් යහපතක් ඔහුට සිදුකරන්නේය. හතුරෙක් හතුරෙකුට කරන විපතට වඩා, වෛරකාරයෙකු වෛරකාරයෙකුට කරන විරුද්ධකමට වඩා, වරදවා පිහිටුවන ලද, සිත ඔහුට විපතක් කරන්නේය. මේ ශරීරය නොබෝ කලෙකින් පහව ගිය සිත් ඇතිව, ඉවත දමන ලද්දේ, වැඩකට නැති, දිරාගිය ලී කැබෙල්ලක් මෙන් පොළොවෙහි වැතිරෙන්නේය. රාගයෙන් තෙත් නොවූ, ද්වේශයෙන් නොගැටුනු සිත් ඇති, පින්පව් නැසුවාවූ, කෙලෙස් නිදිවැරූ තැනැත්තාට බියක් නැත. යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නාවූ, තනිව හැසිරෙන්නාවූ, සිරුරක් නැත්තාවූ, ශරීර ගුහාවෙහි නිදන්නාවූ, මේ සිත සංවර කරත්ද ඔව්හු මර බැම්මෙන් මිදෙත්. හික්මවාගැනීමට අමාරුවූ, ඉක්මණින් ඇතිවී නැතිවනසුලුවූ, කැමැති අරමුණක් ගන්නාසුලුවූ, සිත දමනය කිරීම යහපත්ය. ඒ දමනය කරන ලද සිත සැප ගෙනදෙයි. ජලයෙන් උඩට නඟා, ගොඩබිම තබන ලද මාළුවෙකු මෙන් මේ සිත හැම අතටම සැලෙයි. ඒ නිසා, සංසාර චක්‍රය නැසිය යුතුය. නුවණැත්තා නොපසුබස්නා වීර්යයෙන්ද, අප්‍රමාදයෙන්ද, චතුපාරිශුද්ධි සීලයෙන්ද, ඉන්ද්‍රීය දමනයෙන්ද යන මෙකී දෙයින් කෙලෙස් සැඩපහරින් යට නොවන දිවයිනක් සාදා ගන්නේය. පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. පරලොවත් ශෝක කරයි. දෙලොවමත් ශෝක කරයි. හේ තමාගේ කිලිටි කර්මය දැක ශෝක කරයි. වෙහෙසෙයි. මෙලොව කිසිදිනෙක වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ. මෙම ධර්මතාවය සැම කල්හිම නොවෙනස්ව පවතින්නකි. අසවලා මට බැන්නේය, අසවලා මට ගැසුවේය, අසවලා මා පැරද්දුවේය, අසවලා මා සතු දේ පැහැර ගත්තේයැ'යි වෛර බඳින තැනැත්තාගේ වෛරය නොසන්සිඳේ සිත සිතිවිලිවලට පෙරටුවේ. සිත සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වේ. සිතිවිලි සිතින්ම උපදී. යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා, ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස එන සෙවනැල්ල මෙන්, ඒ සැප විපාකය ඔහු පසුපස එයි තමාව ඇවිස්සෙන විදිහට අරමුණු ශුභ වශයෙන්ම බල බලා ඉන්ට ගියොත්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් අසංවර කරගත්තොත්, දන් වැළඳීමේ අර්ථය පවා දන්නෙ නැත්නම්, ඔහු කුසීත වූ, හීන වීරිය ඇති කෙනෙක්. ඔහු මාරයාට යටවෙන්නේ මහා සුළඟකින් කඩාගෙන වැටෙන දුර්වල ගහක් වගේ. ‘මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල’ මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ. බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ සුන්දරත්වයත්, සුවඳත් වනසන්නේ නැතිවයි. මුණිවරයාත් ගමේ පිඬුසිඟා වඩින්නේ අන්න ඒ විදිහටමයි. අනුන්ගේ වචනවල ඇදකුද හොයන්නට ඕන නෑ. අනුන් කළ නොකළ දේවල් ගැන සොයන්නට ඕනෙත් නෑ. තමන් ගැන ම බලාගත්තහම ඇති. දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා, මල්මාලා ගොඩක් ගොතනව වගේ මිනිස් ලෝකේ ඉපදිච්ච කෙනා ඒ විදිහටම පුළුවන් තරම් කුසල්මයි කරගන්නට ඕන. මල් සුවඳ උඩු සුළඟේ හමා යන්නේ නැහැ. සඳුන් තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟේ හමන්නේ නැහැ. නමුත් සත්පුරුෂයින්ගේ ගුණ සුවඳ උඩු සුළඟේ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක්ම සුවඳවත් කරනවා. ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප්රමාදීවමයි ධර්මයේ හැසිරෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස් වෙලයි ඉන්නේ. උන් වහන්සේලා වඩින මග මාරයාට නම් දැනගන්නට බෑ. [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom