Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධර්මපාලතුමන් මුණගැසීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් ය. උන්වහන්සේ ලියූ ස්වයං-චරිතාපදානය “සටනක සටහන්” ලෙසින් පළ වී තිබේ. උන්වහන්සේ මුල් ම වතාවට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසුණු ආකාරය එම ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ මෙ ලෙසිනි.

ධර්මපාලතුමන් මුණගැසීම

1921 දී දිනෙක මම ප්රවෘත්ති පත්‍රයක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ලිපියක් දැක කියෙව්වෙමි. දඹදිව ධර්ම ප්‍රචාරය සඳහා කුඩා ස්වාමින්වහන්සේලා දස නමක් අවශ්‍ය බවත් ඒ දස නමට පළමුව පස් අවුරුදු අධ්‍යාපනයක් ශාන්ති නිකේතන විද්‍යාලය මඟින් දෙන බවත් එහි සඳහන් ව තිබිණි. මේ ලිපිය මගේ හිත තදින් ඇද ගත්තේ ය. මම කලක් ඉන්දියාවට ගොස් ඉගෙනීම ගැන ද සිහින දුටුවෙමි. එහෙත් ඒ බොරු සිහිනයක් මිස සැබෑ සිහිනයක් නම් වෙතැයි මා කිසි විටෙක සිතුවේ නැත. ධර්මපාලතුමාගේ ලිපිය දුටු විගස එ දින රාත්‍රි රහසිගත ව ලිපියක් ලියා ධර්මපාලතුමාට තැපැල් කොට යැවීමි.

දින කීපයකින් පිළිතුරක් ලැබිණ. එය ඉතා කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ තමා පදිංචි ව සිටින කොල්ලුපිටියේ ඇලෝ ඇව්නියු නිවෙසට පැමිණ මුණ ගැසෙන ලෙසට ය. ලියුම ලැබුණ දින කීපයකින් ම මම කොල්ලුපිටියට ගියෙමි. මින් පෙර කිසි ම දිනෙක කොල්ලුපිටියට ගොස් නැතත්, දුම්රියෙන් කොල්ලුපිටියට ගොස් රික්ෂෝ රථයකින් මම ධර්මපාලතුමාගේ නිවසට ගියෙමි.

එතුමා මට වාඩිවීමට දී තොරතුරු විමසන විට එතුමාගෙන් ලැබුණු ලිපිය ඉදිරිපත් කෙළෙමි. ලියමන බලා සිනාවක් පළ කළ ධර්මපාලතුමා “සිංහල ජාතියේ අර ලොකු ලිපි ලියන පුංචි හාමුදුරුවෝ ඔබවහන්සේ දැ” යි ඇසී ය. මම නිහඬ ව බිම බලා ගතිමි. ඊට පසු “ඒවා ඔබ නමින් ලියා දෙන්නේ කවරෙක් දැ?” යි ඇසී ය. “ඒවා ලියන්නේ කවුරුවත් නෙවෙයි, මම මයි ලියන්නේ” යි මම උත්තර දුන්නෙමි.

ඊට පසු මගේ වයස, ගම රට, පන්සල, ගුරුවරුන් ආදී විස්තර රාශියක් විමසා, “හොඳයි තමුන්නාන්සේ දඹදිව එක්ක යන්න පුළුවනි. නමුත් තව අවුරුදු කීපයකට පසුවයි. ඔබවහන්සේගේ වයස අඩුයි. ඒ නිසා තව අවුරුදු කීපයකට පස්සේ සූදානම් වෙන්න” යැයි කී ය. මේ කතාවෙන් පසු මා තුළ හටගත් කණගාටුව නො කිව හැකි තරම් ය. මට ඉවසුම් නැතිවිය. මට තව දුරටත් කතා කරන්නට සිතිණ.

එහෙත් ඉතා සිත් ගන්නා කසාවතකින් සැරැසී බද්ධපර්යංකයෙන් හිඳින, සෘජු කයකින් යුක්ත ධර්මපාලතුමා සමඟ තවත් කතා කිරීමට තරම් මට චිත්ත ධෛර්යයක් නැති විය. එතුමාගේ ශරීරය අලුතින් නිමවා ලූ ප්‍රතිමාවක් සේ චිත්තාකර්ෂණීය ය. සකල ශරීරය වාත්තු කළා මෙනි. එතුමා යළිත් මගෙන් ධම්මපදයෙන් ගාථා කීපයක් හා ලංකා ඉතිහාසයෙන් ප්‍රශ්න කීපයක් විමැසී ය. සමහර ඒවාට මම නිවැරැදි පිළිතුරු දුන්නෙමි.

ඊට පසු මා එකලා ව දුම්රියෙන් පැමිණි බැව් අසා මුදල් කොයින් දැ යි ඇසී ය. මා මුදල් ළඟ තබාගෙන සිටින බැව් අසා මට දොස් කීවේ ය. හැම හාමුදුරු නමක් ම මුදල් පරිහරණය කරන බව මම කීවෙමි. ඊට උත්තර වශයෙන් භික්ෂූන්ට බැණ වැදුණු ධර්මපාලතුමා “දැන් භික්ෂූන් රටට ජාතියට කිසි දු වැඩක් නැති, මුදල් සෙවීම එක ම ව්‍යාපාරය කොටගත් පිරිසකැ යි කී ය.

මම නිහඬ ව එතුමාගේ දේශනයට සවන් දීගෙන සිටියෙමි. තම වැඩ කටයුතු ආදිය ගැන කිසිත් නො බලා එතුමා මට විනාඩි හතළිස් පහක් පමණ නා නා අදහස් ඉදිරිපත් කරමින් කතා කෙළේ ය. මෙ සේ කතා කැරැගෙන යන අතර එක්තරා මහලු ස්ත්‍රියක් පැමිණ දන් වේලාව ළංවුණු බව කියා මා ගෙය ඇතුළට කැඳෙව්වා ය. මම ධර්මපාලතුමා දෙස බැලීමි. එතුමා මට දන් වළඳන්නට යන ලෙස කී ය.

මහළු ස්ත්‍රිය ආදරණීය මවක මෙන් මට දන් වැළඳවූවා ය. ඇගේ කරුණාබර ගති පැවැත්ම ගැන මම පුදුම වීමි. දන් වළඳන අතර ම “ඔබවහන්සේ පැමිණියේ කුමකට දැ” යි ඕ තොමෝ ප්‍රශ්න කළා ය. මම සපුරා විස්තරය කීවෙමි. ඕ සිනාසී “තමුන්නාන්සේ දඹදිිව යාමට ඔය තරම් කැමැත්තක් පාන්නේ මන් දැ” යි ප්‍රශ්න කළා ය. මෑ ගෙදර වගකිව යුතු තැනැත්තියකැ යි සිතූ මම ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙළ කැරැ දෙන ලෙස ඇයට මතක් කෙළෙමි. එයට කිසි දු පිළිතුරක් නුදුන් ඒ තැනැත්තිය තවත් මොනවා දෝ කෑමට මට ළං කළා ය.

ඒ අතර ඇය ධර්මපාලතුමාගේ නෑයෙක් දැ යි මම විමැසීමි. “ඔව්. මම එතුමාගේ ළඟ ම නෑයෙක්. මම තමයි එතුමාගේ මවු” යැයි ඈ කීවේ දයාබර දරු සෙනෙහස මුහුණින් පළ කරමිනි. මල්ලිකා හේවාවිතාරණ උපාසිකාව ගැන අසා සිටි මම ඇය හඳුනා ගන්නට ලැබීම නිසා බෙහෙවින් සතුටට පැමිණියෙමි. ඇගේ සරල පැවැත්ම, කාරුණික ගතිය දැක එවැනි උතුම් කාන්තාවක හඳුනා ගැනීමට ලැබීමේ ප්‍රීතිය මට ඇති විය.

ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරැ දෙන මෙන් මම නැවතත් ඇයගෙන් ඉල්ලා සිටියෙමි. මෙහි දී මවක සිය පුතු කෙරෙහි සෙනෙහස පාන්නා සේ ඉතා ආදරයෙන් මගේ අත අල්ලා ගෙන ම ධර්මපාලතුමා වෙත ගොස්, “මේ පුංචි හාමුදුරුවොත් දඹදිව එක්ක යන්නැ” යි ඉල්ලා සිටියා ය. “ඔව්. අම්මා කියනවා නම් පොඩි උන්නාන්සේ එක්ක යන්න බැරුව යැ” සිය මවගේ කීමට පිළිතුරු දුන් ධර්මපාලතුමා කීවේ ය.

ධර්මපාලතුමාගේ මාතෘ ප්‍රේමය දැක මම පුදුම වීමි. කිසි ම හරස් කතාවක් නො කොට මවගේ කතාව එක් වර ම පිළිගැනීමෙන් පෙනී යන්නේ එතුමාගේ අචල මාතෘ භක්තිය හැර අනෙක් කුමක් ද?

ඊට පසු ධර්මපාල මාතාව මා එහි වාඩි කරවා ආපසු ගෙට ගොස් බුලත් වට්ටියකුත් අතේ ඇති ව පැමිණියා ය. ඒ දුටු ධර්මපාලතුමාගේ මුහුණ නරක් විය. ඔහු එකක් වර ම, “ඔන්න අම්මාගේ සර්දාව. ඉතින් හාමුදුරුවරු හැදෙන්නේ කොහොම ද? මේ පුංචි හාමුදුරුවන්ටත් බුලත් වට්ටියක්. ඕක පුරුදු වුණා ම හප හපා පඩික්කම් පුරවනවා. බුදියනවා විතර යි හාමුදුරුවරු කරන්නේ. ඒ නිසා හැදෙන හාමුදුරුවරුන්ට බුලත් දෙන්න එපා” යැ යි අම්මාට අවවාද කෙළේ ය.

මම ඊට පෙරත්, ගෙදර සිටි ළමා කාලයේ දීත් බුලත් කෑමටවත්, දුම්බීමටවත් පුරුද්දක් ඇති ව නො සිටියෙමි. මගේ පියා සුරා පානය කළත් මට බුලත් විටක්වත් නො කන ලෙස අවවාද කෙළේ ය. පැවිදිවීමෙන් පසු භික්ෂූන් ආශ්රයෙන් ඒ පුරුදු මට තරමක් දුරට පුරුදු විය හැකි ව පැවැති නමුත් ධර්මපාලතුමාගේ ආශ්‍රය ලැබීම නිසා බුලත් කෑමට හෝ දුම් බීමට මා පුරුදු වූයේ නැත.

Copied form fb

[QUOTE="හෙළයෙක්, post: 30144067, member: 503645"] ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් ය. උන්වහන්සේ ලියූ ස්වයං-චරිතාපදානය “සටනක සටහන්” ලෙසින් පළ වී තිබේ. උන්වහන්සේ මුල් ම වතාවට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසුණු ආකාරය එම ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ මෙ ලෙසිනි. === === === === === ධර්මපාලතුමන් මුණගැසීම 1921 දී දිනෙක මම ප්රවෘත්ති පත්‍රයක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසින් ලියන ලද ලිපියක් දැක කියෙව්වෙමි. දඹදිව ධර්ම ප්‍රචාරය සඳහා කුඩා ස්වාමින්වහන්සේලා දස නමක් අවශ්‍ය බවත් ඒ දස නමට පළමුව පස් අවුරුදු අධ්‍යාපනයක් ශාන්ති නිකේතන විද්‍යාලය මඟින් දෙන බවත් එහි සඳහන් ව තිබිණි. මේ ලිපිය මගේ හිත තදින් ඇද ගත්තේ ය. මම කලක් ඉන්දියාවට ගොස් ඉගෙනීම ගැන ද සිහින දුටුවෙමි. එහෙත් ඒ බොරු සිහිනයක් මිස සැබෑ සිහිනයක් නම් වෙතැයි මා කිසි විටෙක සිතුවේ නැත. ධර්මපාලතුමාගේ ලිපිය දුටු විගස එ දින රාත්‍රි රහසිගත ව ලිපියක් ලියා ධර්මපාලතුමාට තැපැල් කොට යැවීමි. දින කීපයකින් පිළිතුරක් ලැබිණ. එය ඉතා කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ තමා පදිංචි ව සිටින කොල්ලුපිටියේ ඇලෝ ඇව්නියු නිවෙසට පැමිණ මුණ ගැසෙන ලෙසට ය. ලියුම ලැබුණ දින කීපයකින් ම මම කොල්ලුපිටියට ගියෙමි. මින් පෙර කිසි ම දිනෙක කොල්ලුපිටියට ගොස් නැතත්, දුම්රියෙන් කොල්ලුපිටියට ගොස් රික්ෂෝ රථයකින් මම ධර්මපාලතුමාගේ නිවසට ගියෙමි. එතුමා මට වාඩිවීමට දී තොරතුරු විමසන විට එතුමාගෙන් ලැබුණු ලිපිය ඉදිරිපත් කෙළෙමි. ලියමන බලා සිනාවක් පළ කළ ධර්මපාලතුමා “සිංහල ජාතියේ අර ලොකු ලිපි ලියන පුංචි හාමුදුරුවෝ ඔබවහන්සේ දැ” යි ඇසී ය. මම නිහඬ ව බිම බලා ගතිමි. ඊට පසු “ඒවා ඔබ නමින් ලියා දෙන්නේ කවරෙක් දැ?” යි ඇසී ය. “ඒවා ලියන්නේ කවුරුවත් නෙවෙයි, මම මයි ලියන්නේ” යි මම උත්තර දුන්නෙමි. ඊට පසු මගේ වයස, ගම රට, පන්සල, ගුරුවරුන් ආදී විස්තර රාශියක් විමසා, “හොඳයි තමුන්නාන්සේ දඹදිව එක්ක යන්න පුළුවනි. නමුත් තව අවුරුදු කීපයකට පසුවයි. ඔබවහන්සේගේ වයස අඩුයි. ඒ නිසා තව අවුරුදු කීපයකට පස්සේ සූදානම් වෙන්න” යැයි කී ය. මේ කතාවෙන් පසු මා තුළ හටගත් කණගාටුව නො කිව හැකි තරම් ය. මට ඉවසුම් නැතිවිය. මට තව දුරටත් කතා කරන්නට සිතිණ. එහෙත් ඉතා සිත් ගන්නා කසාවතකින් සැරැසී බද්ධපර්යංකයෙන් හිඳින, සෘජු කයකින් යුක්ත ධර්මපාලතුමා සමඟ තවත් කතා කිරීමට තරම් මට චිත්ත ධෛර්යයක් නැති විය. එතුමාගේ ශරීරය අලුතින් නිමවා ලූ ප්‍රතිමාවක් සේ චිත්තාකර්ෂණීය ය. සකල ශරීරය වාත්තු කළා මෙනි. එතුමා යළිත් මගෙන් ධම්මපදයෙන් ගාථා කීපයක් හා ලංකා ඉතිහාසයෙන් ප්‍රශ්න කීපයක් විමැසී ය. සමහර ඒවාට මම නිවැරැදි පිළිතුරු දුන්නෙමි. ඊට පසු මා එකලා ව දුම්රියෙන් පැමිණි බැව් අසා මුදල් කොයින් දැ යි ඇසී ය. මා මුදල් ළඟ තබාගෙන සිටින බැව් අසා මට දොස් කීවේ ය. හැම හාමුදුරු නමක් ම මුදල් පරිහරණය කරන බව මම කීවෙමි. ඊට උත්තර වශයෙන් භික්ෂූන්ට බැණ වැදුණු ධර්මපාලතුමා “දැන් භික්ෂූන් රටට ජාතියට කිසි දු වැඩක් නැති, මුදල් සෙවීම එක ම ව්‍යාපාරය කොටගත් පිරිසකැ යි කී ය. මම නිහඬ ව එතුමාගේ දේශනයට සවන් දීගෙන සිටියෙමි. තම වැඩ කටයුතු ආදිය ගැන කිසිත් නො බලා එතුමා මට විනාඩි හතළිස් පහක් පමණ නා නා අදහස් ඉදිරිපත් කරමින් කතා කෙළේ ය. මෙ සේ කතා කැරැගෙන යන අතර එක්තරා මහලු ස්ත්‍රියක් පැමිණ දන් වේලාව ළංවුණු බව කියා මා ගෙය ඇතුළට කැඳෙව්වා ය. මම ධර්මපාලතුමා දෙස බැලීමි. එතුමා මට දන් වළඳන්නට යන ලෙස කී ය. මහළු ස්ත්‍රිය ආදරණීය මවක මෙන් මට දන් වැළඳවූවා ය. ඇගේ කරුණාබර ගති පැවැත්ම ගැන මම පුදුම වීමි. දන් වළඳන අතර ම “ඔබවහන්සේ පැමිණියේ කුමකට දැ” යි ඕ තොමෝ ප්‍රශ්න කළා ය. මම සපුරා විස්තරය කීවෙමි. ඕ සිනාසී “තමුන්නාන්සේ දඹදිිව යාමට ඔය තරම් කැමැත්තක් පාන්නේ මන් දැ” යි ප්‍රශ්න කළා ය. මෑ ගෙදර වගකිව යුතු තැනැත්තියකැ යි සිතූ මම ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙළ කැරැ දෙන ලෙස ඇයට මතක් කෙළෙමි. එයට කිසි දු පිළිතුරක් නුදුන් ඒ තැනැත්තිය තවත් මොනවා දෝ කෑමට මට ළං කළා ය. ඒ අතර ඇය ධර්මපාලතුමාගේ නෑයෙක් දැ යි මම විමැසීමි. “ඔව්. මම එතුමාගේ ළඟ ම නෑයෙක්. මම තමයි එතුමාගේ මවු” යැයි ඈ කීවේ දයාබර දරු සෙනෙහස මුහුණින් පළ කරමිනි. මල්ලිකා හේවාවිතාරණ උපාසිකාව ගැන අසා සිටි මම ඇය හඳුනා ගන්නට ලැබීම නිසා බෙහෙවින් සතුටට පැමිණියෙමි. ඇගේ සරල පැවැත්ම, කාරුණික ගතිය දැක එවැනි උතුම් කාන්තාවක හඳුනා ගැනීමට ලැබීමේ ප්‍රීතිය මට ඇති විය. ධර්මපාලතුමාට කියා මගේ ගමන පිළියෙල කැරැ දෙන මෙන් මම නැවතත් ඇයගෙන් ඉල්ලා සිටියෙමි. මෙහි දී මවක සිය පුතු කෙරෙහි සෙනෙහස පාන්නා සේ ඉතා ආදරයෙන් මගේ අත අල්ලා ගෙන ම ධර්මපාලතුමා වෙත ගොස්, “මේ පුංචි හාමුදුරුවොත් දඹදිව එක්ක යන්නැ” යි ඉල්ලා සිටියා ය. “ඔව්. අම්මා කියනවා නම් පොඩි උන්නාන්සේ එක්ක යන්න බැරුව යැ” සිය මවගේ කීමට පිළිතුරු දුන් ධර්මපාලතුමා කීවේ ය. ධර්මපාලතුමාගේ මාතෘ ප්‍රේමය දැක මම පුදුම වීමි. කිසි ම හරස් කතාවක් නො කොට මවගේ කතාව එක් වර ම පිළිගැනීමෙන් පෙනී යන්නේ එතුමාගේ අචල මාතෘ භක්තිය හැර අනෙක් කුමක් ද? ඊට පසු ධර්මපාල මාතාව මා එහි වාඩි කරවා ආපසු ගෙට ගොස් බුලත් වට්ටියකුත් අතේ ඇති ව පැමිණියා ය. ඒ දුටු ධර්මපාලතුමාගේ මුහුණ නරක් විය. ඔහු එකක් වර ම, “ඔන්න අම්මාගේ සර්දාව. ඉතින් හාමුදුරුවරු හැදෙන්නේ කොහොම ද? මේ පුංචි හාමුදුරුවන්ටත් බුලත් වට්ටියක්. ඕක පුරුදු වුණා ම හප හපා පඩික්කම් පුරවනවා. බුදියනවා විතර යි හාමුදුරුවරු කරන්නේ. ඒ නිසා හැදෙන හාමුදුරුවරුන්ට බුලත් දෙන්න එපා” යැ යි අම්මාට අවවාද කෙළේ ය. මම ඊට පෙරත්, ගෙදර සිටි ළමා කාලයේ දීත් බුලත් කෑමටවත්, දුම්බීමටවත් පුරුද්දක් ඇති ව නො සිටියෙමි. මගේ පියා සුරා පානය කළත් මට බුලත් විටක්වත් නො කන ලෙස අවවාද කෙළේ ය. පැවිදිවීමෙන් පසු භික්ෂූන් ආශ්රයෙන් ඒ පුරුදු මට තරමක් දුරට පුරුදු විය හැකි ව පැවැති නමුත් ධර්මපාලතුමාගේ ආශ්‍රය ලැබීම නිසා බුලත් කෑමට හෝ දුම් බීමට මා පුරුදු වූයේ නැත. Copied form fb [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom