Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධර්මපාලතුමාගේ ආර්ථික දැක්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මපාලතුමාගේ ආර්ථික දැක්ම

දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධන දෙපළට දාව වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වැනිදා උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් පුත්‍රයා පසුකලෙක මුළු මහත් ලෝකය පුරා ප්‍රකට වූයේ අනගාරික ධර්මපාල යන නාමයෙනි. රට දැය සමය වෙනුවෙන් සිය දිවිය කැප කළ ධර්මපාලතුමා, එවකට හින්දුන් යටතේ පැවැති ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වූ බුද්ධගයාව නැවත වරක් බෞද්ධයන් හට දිනාදීමට කටයුතු කරනු ලැබුවේ "සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්" යන උදාන පාඨය යොදා ගනිමිනි. මෙකී කාර්යය උදෙසා මහාබෝධි සමාගම ඇරඹූ ධර්මපාලතුමා විසින් එමගින් ලෝකය පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට කටයුතු යොදනු ලැබීය. නූතන බෞද්ධ ප්රබෝධයේ පුරෝගාමියකු වශයෙන් සැලකෙන එතුමාගේ විශේෂ අවධානයක් යොමුව තිබුණේ සිංහලයාගේ දියුණුව පිළිබඳව ය. එහිදී පරාධීනව සිටි සිංහලයා නැවතත් ස්වාධීන කිරීමටත්, ඔවුන්ට පර සිරිත් වෙනුවට බොදු සිරිත් හුරුකරවීමටත් විටෙක කාර්කශ වාග්මාලා පවා යොදාගෙන දේශන පවත්වමින් රට පුරා සංචාරය කළ ධර්මපාලතුමා සිදු කළ මෙහෙය වර්තමානය දක්වාම පැසසුමට ලක්වන්නකි.

මෙහිදී ස්වාධීන සහ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ඇතිකරලීමෙ අරමුණින් ලංකාවේ ස්වදේශ කර්මාන්ත ඇතිකිරීමේ ධර්මපාලතුමා දැක්වූ දායකත්වය බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවන්නකි. එහෙත් වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා සිංහලයන් යොමු කරවමින්, ස්වදේශ කර්මාන්ත ස්ථාපනය කරලීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් ධර්මපාලතුමා කටයුතු කළ ආකාරය ධර්මපාල චරිතය මැනවින් හදාරන කල පෙනෙන්නට තිබේ. ඒ පිළිබඳ කරුණු පිළිවෙලින් අධ්‍යයනය කිරීම මෙම ලිපියේ අරමුණයි.

ආගමික හා ජාතික ව්‍යාපාරයක නියෑලී සිටි ධර්මපාලතුමා ස්වදේශ කර්මාන්ත අංශය දියුණු කිරීමට යොමුවූයේ ඒ වන විට ජපානය ලබා තිබූ ශීඝ්‍ර කර්මාන්ත දියුණුව දැකීමත් සමඟ ය. ස්වදේශ කර්මාන්ත අංශය දියුණුව පවතින්නේ නම් ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කර ගැනීම දුෂ්කර නොවන බව එතුමාට වැටහුණේ ජපානය බලවත් රුසියාව පැරදවීමට සමත්වීමෙනි. දහහත්වන සහ දහඅටවන සියවස මුල භාගයේදී සාමාන්‍ය මට්ටමේ ආර්ථිකයක් පැවැති ජපානය ක්‍රමයෙන් ආර්ථික අංශයෙන් ඉමහත් දියුණුවක් ලබාගැනීමට සමත් වූ අතර එහි කූටප්‍රාප්තිය වශයෙන් දැක්විය හැක්කේ වර්ෂ 1905 දී සිදුවුනු ජපන්-රුසියන් සංග්රාමයෙන් ජය ලබාගැනීමට ජපානය සමත්වීමයි. බලවත් රජ්‍යයක් වූ රුසියාව පරාජය කිරීමට ජපානය සමත්වූයේ කෙසේ ද මේ පිළිබඳ ධර්මපාලතුමාගේ අවධානය යොමු වූ බව පෙනේ. ජපානය කාර්මික අංශයෙන් ශීඝ්‍ර සංවර්ධනයක් ලබා තිබීම ඊට බලපෑ හේතුව වශයෙන් හඳුනාගත් එතුමා ලංකාව ද ස්වදේශ කර්මාන්ත අංශයෙන් ශීඝ්‍ර දියුණුවක් ලබාගතහොත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීම එතරම් අසීරු නොවන බවට වටහාගත්තේ ය.

ජපානය කාර්මික දියුණුව ලබාගත් ආකාරය විග්රහ කළ ධර්මපාලතුමා ප්‍රකාශ කළේ ජපානය සෑම වසරකම ශිෂ්‍යයන් පනස් දෙනකු තෝරා ඔවුනට විදෙස් භාෂා පුහුණු කොට කාර්මික අංශයෙන් දියුණුවක් ලබා තිබූ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ටි්රයාව ආදී රටවලට පිටත් කළ බවයි. ඒ රටවලදී කර්මාන්ත පුහුණුව ලබාගන්නා එම සිසුන් නැවත ජපානයට පැමිණ බටහිර රටවල කර්මාන්තශාලා නිෂ්පාදනය කරන ද්‍රව්‍ය සෑදීමට පටන්ගැනීමත් සමඟ කාර්මික අංශයෙන් ඉමහත් දියුණුවක් ලබාගැනීමට ජපානයට හැකිවුණි.

ඒ අනුව යමින් ධර්මපාලතුමාගේ අරමුණ වූයේ ලංකාවේ කාර්මික සංවර්ධනයට මුල්තැන දීම සහ ඉමගින් විදෙස් වෙළෙඳපොළින් ස්වාධීන වූ අභ්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමයි. මෙහිදී ජපානයේ කාර්මික දියුණුව පිටුපස ජපන් ධනවතුන්ගේ පූර්ණ දායකත්වය ලැබී තිබුණු අතර සිංහල ධනවතුන් ද එය ආදර්ශයට ගෙන කටයුතු කළහොත් ඉක්මණින්ම ස්වරාජ්යයක සැප අනුභව කිරීමට ලාංකිකයන්ට හැකිවන බව ධර්මපාලතුමාගේ අදහස විය. එය එතුමා හඳුන්වනු ලැබුවේ Home rule for Ceylon නමිනි.

ආරම්භයේදී ලංකාවට ගැලපෙන කාර්මික සංවර්ධනය පිළිබඳ අධ්‍යයනය කිරීමට තම විදෙස් සංචාර උපයෝගී කොටගත් ධර්මපාලතුමා විසින් වර්ෂ 1902 ජපන් හා ඇමරිකා සංචාරයේදී ද, වර්ෂ 1904 දී බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඕලන්ද, ඩෙන්මාර්ක් සහ ඉතාලි සංචාරයේදී ද ඒ එක් එක් රටවල කර්මාන්ත පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකරන ලදී. පසුව ඒ පිළිබඳ සිය දේශන මගින් කරුණු කියාදීමට එතුමා කටයුතු කළ අවස්ථා කීපයකට උදාහරණ පහතින් දක්වා තිබේ.

"...මෙරටට ගෙනෙන ද්‍රව්‍ය ගැන කල්පනා කිරීම යුතුයි. රෙදිපිළි, පිඟන් කොප්ප, කඩදාසි, තීන්ත, පෑන්, ඔරලෝසු, ලාම්පු, පැදුරු, ලී බඩු යනාදී සියල්ලක්ම පිටරටින් ගෙනෙනු ලැබේ... වර්ෂයක් පාසා අප රටින් පිටරටට ස්වකීය ධනය යවනු ලැබීම ස්වජාතිකයන්ට අලාභයකි. රට දිළිඳු වීමට හේතු වන්නේ ය. රටවාසීන් ශිල්ප කර්මාන්ත නොදැන තමන්ට ඕනැකරන ද්‍රව්‍ය පිටරටවලින් ගෙන්වා ගැනීම තමන් දිළිඳුවීමට හේතුවන්නේ ය. යුරෝපීය රටවාසීන් තමන්ට ඕනෑ කරන සියලු ද්‍රව්‍ය ස්වකීය රටේ සාදාගෙන තමනුත් ප්‍රයෝජන ගෙන වැඩි ද්‍රව්‍ය පිටරටවලට තමන්ගේ නැව් යාත්‍රාවලින් ගෙන ගොස් විකුණා ධන එකතු කරගනු ලබන්නේ ය. රටක් ජාතියක් දියුණුකර ගැනීමට මාර්ග අනන්ත ය. මෙය වනාහි ශාස්ත්‍ර ශිල්පය ඉගැන්වීමට ශිල්පශාලා පිහිටුවා ගැනීමට රටට ජාතියට ආගමට ආදරය භක්තිය ශ්‍රද්ධාව ඇතිකරගැනීමට විමුක්ති සැපයෙහි හිත යෙදවීමට විමුක්ති ඥනය ලබාගැනීමට හේතු වේ..."

"...වර්ෂ සියයක් පමණ කාලයක් ලංකාව පාලනය කරනු ලබන ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ගේ දියුණුවට ඕනෑ කරන කිසි ශිල්පයක් මේ තාක් උගන්වනු ලැබ නැත. රෙදි වියුම, සබන් හැදීම, පිඟන් හැදීම, පැන්සල්, ලාම්පු හැදීම ආදී ප්‍රයෝජනවත් කිසි දෙයක් තැනීමට අපට උගන්වන්නේ නැත. අයබදු ගෙන එයින් ඉංග්‍රීසි මුලාදැනින්ගේ වැටුප් දීම පිණිස ප්‍රයෝජනයට ගත් පසු ඉතිරි මුදල් එංගලන්තයට යවති. සිංහලයන් එකතු වී ස්වකීය දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතු යි. මේ සඳහා විශාල අරමුදලක් සම්පාදනය කළි යුතුයි. දඹදිව. ජපානය. ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ආදී රටවලට තරුණ සිංහලයන් යවා මේ ශිල්ප ශාස්ත්‍ර උගන්වා ලංකාවට ගෙන්වා ගැනීම කළ යුතුයි. ගමක් පාසා බෞද්ධ පන්සල්වල, පුස්තකාල, ස්වදේශ කර්මාන්තශාලා පිහිටුවිය යුතුයි. මෙතැන් පටන් දස වර්ෂයක් ශිල්ප කර්මාන්තාදිය ඉගෙන ගතහොත් සිංහලයන්ගේ මතු දියුණුව වන්නේ ය...."

"...අපේ කර්මාන්තකාරයන්ට වැඩ නැතිව අසරණව සිටිති. අපේ රටේ පැදුරු නොගෙන පිටරට පැදුරු පාවිච්චියට ගැනීම වැරදි ය. අප රට සාදන ලී බඩු නොගෙන පිටරට ලී බඩු ගැනීම වැරදි ය. ජර්මන්කාරයන්ගේ බලය ඇති වී තිබෙන්නේ හස්ත කාර්මාන්ත නිසා ය. ජපන්නු දියුණු වී සිටින්නේ ශිල්ප කාර්මාන්ත මාර්ගයෙනි..."

එසේම ලංකාවේ ස්වදේශ කර්මාන්ත ඇතිකිරීමේ කාර්යයේදී සිංහල ධනවතුන් එකමුතුව ක්‍රියාකළ යුතු බව අවධාරණය කළ ධර්මපාලතුමාගේ අදහස වූයේ එච්. දොන් කරෝලිස් පුත්‍ර සමාගම, එච්. ප්‍රනාන්දු, ඩී. ඩී. පේද්‍රිස්, ඩබ්. ඊ. බැස්ටියන්, විලියම් පේද්‍රිස්, කොරනේලිස් සිල්වා ආදී ප්‍රබල සිංහල ධනවතුන් එක්ව වෙළෙඳ සමාගමක් පිහිටුවා ගත යුතු බවයි.

හුදෙක් දේශනවලට පමණක් සීමා නොවූ ධර්මපාලතුමා සත් වැදැරුම් වැඩපිළිවෙලක් ද ඉදිරිපත් කරනු ලැබුවේ ලංකාවේ ස්වදේශ කර්මාන්ත ස්ථාපනය කිරීමේ කටයුත්ත ප්‍රායෝගිකව ඉටුකරගැනීම සඳහා ය. එය පහත දැක්වේ.

* දියුණුවීමට නම්, ස්වයංපෝෂිත වීමට නම්, විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පාරිභෝජනයෙන් වැළකිය යුතුය.

* රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතු ය. පරිහරණයට ගත යුතු ය.

* රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය වැඩි කළ හැකිය.

* ධනය උත්පාදන, සංසරණය හා හුවමාරු කිරීම පිළිබඳ මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබාදිය යුතු ය.

* ස්වභාවික සම්පත් විශේෂයෙන් වන සම්පත් රැකගැනීමට ඒවා වැඩිදියුණු කිරීමට ක්‍රම සහ විධි ඇති කළ යුතු ය.

* දක්ෂ, විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් වගකිවයුතු උසස් තනතුරුවලට පත් කළ යුතුය.

* විදේශීය භාෂා ඥනය ලබාගැනීම ජාතික අවශ්‍යතාවක් බැවින් එම භාෂා පිළිබඳව දැනුමක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් යෙදිය යුතු ය.

සෑම අංශයකම පැවැති දුබලතා මඟ හරවමින් කුඩා දේ පවා ආවරණය වන අන්දමින් ධර්මපාලතුමා ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙල හුදෙක් අතීතයට පමණක් නොව වර්තමානයට ද එක සේ ගලපාගත හැකි එකකි.

සත් වැදැරුම් වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමෙන් නොනැවතුණු ධර්මපාලතුමා ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් ස්වදේශ කර්මාන්ත ලංකාවේ ඇතිකිරීම සඳහා මූලිකත්වය ගනු ලැබුවේ කර්මාන්ත පුහුණුව සඳහා වාර්ෂිකව සිංහලයන් ජපානයට පිටත් කර හරිමිනි. ඒ සඳහා අවශ්‍ය දායකත්ව එතුමාට හිමිවූයේ සිය පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණගෙන් සහ සිය සොයුරන්ගෙනි.

මේ යටතේ ජපානයට පිටත් කරනු ලැබූ ශිෂ්‍යයන් අතර පේෂ කර්මය හැදැරීමට යූ. බී. දොළපිහිල්ලේ, මල් කර්මාන්තය හා චිත්‍ර කර්මය හැදැරීමට මාතර හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදැරීමට ජෝන් එෆ්. කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරීමට එන්. ෙ-. සෝමරත්න, ගිනිපෙට්ටි කර්මාන්තය හැදැරීමට වියන්ගොඩ බාලසූරිය, පිඟන් කර්මාන්තය හැදැරීමට වේයන්ගොඩ විජය බන්දු සහ ගොවිකම් කටයුතු හැදැරීමට මුණසිංහ ආදී අය සිටි බව සඳහන් වේ. පසුව මැටි බඳුන් කර්මාන්තය සහ ඉටිපන්දම් කර්මාන්තය හැදැරීමට ද ලාංකිකයන්ව ජපානයට පිටත් කෙරුණු අතර මින් බොහෝ දෙනා අධ්‍යාපනය ලැබුවේ ජපන් උසස් කාර්මික විද්‍යාලයෙනි.

මේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල සැපයීමට හේවාවිතාරණ පවුල කටයුතු කළ අතර ඒ වෙනුවෙන් රුපියල් 30,000 ක් වටිනා දේපළ වෙන් කළ ඔවුන් 'බෞද්ධ කාර්මික අධ්‍යාපනය සඳහා වූ අරමුදල' නමින් අරමුදලක් ඇතිකර තිබිණි. එපමණක් නොව ජපානයේදී කර්මාන්ත හැදැරූ පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව ද, ඔවුන්ට කර්මාන්ත ඇතිකරලීම උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් ද හේවාවිතාරණ පවුලෙන් හිමිවූයේ නොමසුරුව ය. පේෂ කර්මාන්ත ක්ෂේත්රයෙන් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබූ යූ. බී. දොළපිහිල්ලේ වර්ෂ 1913 දී රාජගිරියේ හේවාවිතාරණ පේෂකර්ම විද්‍යාලය ආරම්භ කළේ ඒ යටතේ ය. ධර්මපාලතුමාගේ සොයුරු එඩ්මන් හේවාවිතාරණ මේ වෙනුවෙන් රුපියල් 21,000 ක් වැය කරමින් ගොඩනැඟිලි ඉදිකරවූ බව සඳහන් වේ. රෙදි විවීමට අමතරව අත් යන්ත්‍ර පේෂකර්මාන්තයේ යෙදෙන්නන් පුහුණු කිරීම ද මෙම විද්‍යාලයෙන් සිදුකෙරිණි. ටික කලකින්ම තවත් හේවාවිතාරණ කාර්මික විද්‍යාලයක් ග්‍රෑන්ඩ්පාස්හි ආරම්භ කිරීමට හේවාවිතාරණ පවුල මූලිකත්වය ගෙන කටයුතු කළේ ස්වදේශ කර්මාන්ත තවදුරටත් පුළුල් කරමිනි. එසේම ගිනිපෙට්ටි කර්මාන්තය පිළිබඳ ජපානයේදී උගත් බියන්ගොඩ බාලසූරිය විසින් වර්ෂ 1918 දී ලංකා ගිනිපෙට්ටි සමාගම කැලණියේදී ආරම්භ කරනු ලැබුවේද, හේවාවිතාරණ පවුලේ සහය ඇතිවය. අලියා ගිනිපෙට්ටි නමින් ප්‍රකට වූ එම සමාගමට ස්වීඩන් ආධාර පවා හිමිවුණි.

හේවාවිතාරණ පවුලේ ව්‍යාපාරය වූ ලී බඩු කර්මාන්තය පිළිබඳව ද ධර්මපාලතුමාගේ අවධානය යොමුවුණු අතර ධර්මපාලතුමාගේ පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ ලී බඩු කර්මාන්තයේ නියෑලෙමින් සිටියේ වර්ෂ 1860 පමණ සිටය. ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපෙන මට්ටමේ ප්‍රමිතියකට ලී බඩු නිෂ්පාදනය කරලීම සඳහා සිය පවුලේ සාමාජිකයන් දිරිගැන්වීමට ධර්මපාලතුමා ගත් උත්සහයේ ප්‍රතිඵලය වූයේ කොම්පඤ්ඤ වීදියේ පිහිටවනු ලැබූ දොන් කරෝලිස් සහ පුත්‍ර සමාගමේ නව කර්මාන්ත ශාලාවේ නවීන තාක්ෂණයට අනුව යමින් අශ්ව බල තිහක වාෂ්ප එන්ජිමක් ස්ථාපනය කරනු ලැබ තිබීමයි. එයින් වඩාත් ඉහළ ප්‍රමිතියක් යටතේ ලීS බඩු නිෂ්පාදනය කරලීමේ හැකියාවක් ලැබුණු අතර සිංහලයන් 250 ක් පමණ නව කර්මාන්ත ශාලාවේ දැව ඉරීමේ සහ ලී බඩු තැනීමේ අංශවල සේවයේ යෙදී සිටි බව සඳහන් වේ.

ඒ වන විට තේ, රබර් වැනි කර්මාන්ත හඳුන්වා දී තිබූ ඉංග්‍රීසීන් ඉන් අධික ලාභ ලැබූ අතර මේ පිළිබඳව ද අවධානය යොමු කළ ධර්මපාලතුමා ප්‍රකාශ කළේ,

"...වර්ෂයක් පාසා තේ බීම ද, රබර්වලින් ද්‍රව්‍ය සෑදීම ද වැඩි වේගෙන යන්නේය. සිංහලයන්ට අයිති ඉඩම් පරෙස්සන් කරගෙන රබර් තේ වැවීමට සමාගම් පිහිටුවාගෙන එකතු වී ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබේ..." යන්නයි.

අන් අයට ආදර්ශයක් වශයෙන් ස්වකීය පෞද්ගලික ධනයෙන් වතු මිලට ගත් ධර්මපාලතුමා ඒවායේ වාණිජ භෝග වගා කරවීමට කටයුතු කළ අතර හිනිදුම මහාබෝධි වත්ත, මාතර මැණික් වත්ත, මාවරල වත්ත, ගොඩගම සිරිමැදුර වත්ත ඉන් ප්‍රධාන ය. යම්කිසි ප්‍රදේශයකින් මිලට ගනු ලැබූ වත්තක වාණිජ භෝග වගාකිරීමෙන් පමණක් නොනැවතුණු ධර්මපාලතුමා ඒ ප්‍රදේශයේ සංචාරය කරමින් බෞද්ධාගමික ප්රබෝධයක් ඇතිකරමින්, බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට ද කටයුතු කළ බව පෙනෙන්නට තිබේ. එයට කදිම නිදසුන වන්නේ හිනිදුම ප්රදේශයයි. හිනිදුම මහාබෝධි වත්තේ රබර් වගා කරවීමට කටයුතු කළ එතුමා හිනිදුම ප්‍රදේශයේ විහාරයක් සහ බෞද්ධ විද්‍යාලයක් ගොඩනැංවීමට පුරෝගාමී විය. හිනිදුම මහාබෝධි වත්තේ කටයුතු භාරව සිටි ලුවිස් කොන්දොස්තර නම් පුද්ගලයාට වරින්වර ලිපි එවමින් ධර්මපාලතුමා අවවාද අනුශාසනා කළ බව දැක්වෙන ලිපි කීපයක් හමුවන අතර ඉන් පුද්ගල සංවර්ධනය මෙන්ම ග්‍රාමීය සංවර්ධනය උදෙසා ධර්මපාලතුමා කටයුතු කළ අන්දම මනාව පැහැදිළි වේ.

ස්වදේශ කර්මාන්ත ස්ථාපනය කිරීමේදී එයට අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා විදෙස්ගත විය යුතු බවට මුල් අවස්ථාවේදී යෝජනා කොට, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ ද ලංකාව තුළම තාක්ෂණික හා කාර්මික අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීමේ අවශ්‍යතාව ද ධර්මපාලතුමා අවධාරණය කොට තිබිණි. එහිදී එතුමාගේ පූර්වාදර්ශය බවට පත්වූයේ එවකට ඇමෙරිකාවේ පැවැති කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයයි. ඇමෙරිකානුවන් තුළ පැවැති සාධනීය ගුණාංග එතුමා පැසසුවේ පහත දැක්වෙන් අන්දමට ය.

"...මම ඇමෙරිකාවේ ඇති අධ්‍යාපන ක්‍රමය ගැන විශේෂයෙන්ම කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්රමයන් ගැන අධ්‍යයනයක් කිරීමට අදහස් කළෙමි. අද ලංකාවට අවශ්‍යව ඇත්තේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් බව මගේ එකම පිළිගැනීමයි. ඇමෙරිකාවේ පවත්නා කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්‍රමය ගැන බ්‍රිතාන්‍යයන් ද යමක් ඉගෙන ගෙන ඇති බව පෙනේ. ඇමෙරිකානු අධ්‍යාපන ක්‍රමය, මානුෂික ක්‍රමයට ළඟා විය හැකි ඉහළම පරිසමාප්තිය කරා ළඟා වූ අධ්‍යාපන ක්රමයකි... වොෂින්ටන් කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව, ගොවියන් උදෙසා සුදුසු දේවල් නිෂ්පාදනය කිරීමෙහිලා, මී මැසි පොදියක් මෙන් වැඩ කරයි. වැදගත් කටයුතු සඳහා මහාචාර්යවරු නිරන්තරයෙන්ම සැලසුම් සූදානම් කිරීම, පරීක්ෂා කිරීම හා උපදෙස් දීමාදී වැඩ කටයුතුවල යුහුසුළුව යෙදී සිටිති. ඔවුහු ඒ මගින් විශාල ලෙස මුදල් උපයති. අපේ තරුණයන් අන් රටවලට යනු වෙනුවට ඇමෙරිකාවට යා යුතු ය. ඇමෙරිකානුවන් අපගේ ජනතාවට මහත් සේ කරුණාව දක්වා ඇත, එමෙන්ම ඔවුන් ඇතැම් විශ්වවිද්‍යාලවලට ගාස්තු විරහිතවම මෙරට තරුණයන් ගෙන්වා ගැනීමට මා හට ඔවුන්ගේ කැමැත්ත පළකොට ඇත්තේය, මෙම කැමැත්ත ප්‍රකාර ලාංකික දරුවන් ඇමෙරිකාවේදී නොමිලේ අධ්‍යාපනය ලැබීමට සිත් සතන් යොමුවේවා..."

ඒ වන විට ලංකාවේ පැවැති අධ්‍යාපන ක්‍රමය පිළිබඳ දැඩි විවේචන එල්ල කළ ධර්මපාලතුමා නව අධ්‍යාපන ක්රමයක අවශ්‍යතාව මතු කළ අතර ඒ සඳහා අරමුදල් රැස්කිරීමට සිංහලයන් උනන්දු විය යුතු බව අවධාරණය කළේය.

"...ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්රමයකි. අපේ සිංහලයෝ අවුරුද්දකට එක් සතියක්වත් අනවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ හා ආහාරපාන පරිහරණය නොකොට ඉතුරු කරගන්නා මුදල, ජාතික අධ්‍යාපන අරමුදලට බැර කළ යුතු ය. එම මුදල් කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය සඳහා යොදාගත යුතු ය... අපගේ ජනතාව ගලවාලන එකම ප්රතිකර්මය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය දැනට සිටින තත්ත්වයට අප පත් කළ අධ්‍යාපනය නොවිය යුතු ය. අප ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නිෂ්පාදකවරුන්, විද්‍යාත්මක කෘෂි කාර්මිකයන් ආදීන් බවට පත් කරන උසස් විද්‍යාත්මක අධ්‍යාපනයක් විය යුතු ය..."

අලුතින් ඇතිකරන එකී අධ්‍යාපනයෙන් සිදුවිය යුත්තේ නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් අප සතුව පැවැති දැනුම මුවහත් කිරීමක් බව ධර්මපාලතුමා විශ්වාස කළ බව පෙනේ.

"...අපි පරිභෝග කරමු. එහෙත් අලුතෙන් ධනය නිෂ්පාදනය නොකරමු. කර්මාන්ත මගින් අපගේ ධනය වැඩි කරගන්නා අලුත් ක්ෂේත්‍ර අපි සොයා නොබලමු. අපගේ කුඹුරුවලට ජලය සපයා ගැනීම සඳහා ජලය රැස්කිරීමට වැව් තැනීමේ විද්‍යාවෙහි සිංහලයෝ පරම්පරා හැත්තෑවකට ආසන්න කාලයක් තුළ විශේෂඥවරු වූහ. එහෙත් අපි අපේ වැඩ කිරීමට පිටස්තරයන් ගෙන්වා ගනිමු...."

ඒ අනුව වර්ෂ 1902 ඇමෙරිකා සංචාරයේදී කාර්මික විද්‍යාල සම්බන්ධව අධ්‍යයනයක් කළ ධර්මපාලතුමා, සැන්µ්‍රeන්සිස්කෝ නුවරදී ඇමෙරිකානු දානපතිනියක වූ මේරි ෙµdaස්ටර් මැතිණියගේ අනුග්‍රහයෙන් කාර්මික විද්‍යාල අරමුදලක් පිහිටුවීමට සමත් විය. පසුව වාරණාසි, කල්කටා සහ සාරානාතයේ කාර්මික විද්‍යාල සහ පුස්තකාල ආරම්භ කිරීමට එතුමා කටයුතු කළේ එහි පළමු පියවර වශයෙනි.

එසේම වර්ෂ 1916 දී පේරාදෙණියේ School of Tropical Agriculture නමින් කෘෂිකර්ම විද්‍යාලයක් ඇතිකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගෙන තිබුණේ ධර්මපාලතුමා විසින් ලංකාවේ කාර්මික හා තාක්ෂණ විද්‍යාල ස්ථාපනය කිරීම සම්බන්ධව ලාංකිකයන් තුළ ඇතිකොට තිබූ උෙද්‍යාaගයේ බලපෑමෙනි. පසුව රජය විසින් වර්ෂ 1917 දී පේරාදෙණියේ School of Tropical Agriculture වෙනුවට පේරාදෙණියේ සහ යාපනයේ කෘෂිකර්ම විද්‍යාල දෙකක ආරම්භ කිරීමට පියවර ගත් අතර එහි සිංහල හා දෙමළ මාධ්‍යයෙන් එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලා පැවැත්විණි.

බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලබාගැනීම සඳහා හොඳ උපායමාර්ගයක් වශයෙන් ස්වදේශ කර්මාන්ත සංවර්ධනය කිරීම හඳුනාගත් ධර්මපාලතුමා විසින් ඒ සඳහා දේශන, පුවත්පත් ආදියෙන් ජනතාව දැනුවත් කළා පමණක් නොව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ද ඉදිරිපත් කරන ලදී. ඉන් නොනැවතුණු එතුමා ඒ සඳහා ප්‍රායෝගික දායකත්වයක් ද සපයනු ලැබූ අතර එහිදී හේවාවිතාරණ පවුලේ භූමිකාව කැපී පෙනෙන එකකි. ස්වදේශ කර්මාන්ත සංවර්ධනය ක්‍රමිකව පවත්වාගෙන යැම සඳහා ලංකාවේ කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනය ද ඇතිකළ යුතු බව අවධාරණය කළ ධර්මපාලතුමා ඒ සඳහා ද පුරෝගාමී දායකත්වයක් සැපයී ය. මෙකී ධර්මපාල සංකල්පය වර්තමානයට වුව ද කදිමට ගලපා ගත හැකිවීම සුවිශේෂී ය.

අනගාරික ධර්මපාලතුමා විසින් ස්වදේශ කර්මාන්ත ස්ථාපනයේලා දැක්වූ දායකත්වය අගය කරන ප්‍රකට වාමාංශික නායකයෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ දක්වන්නේ ලංකාවේ කාර්මික ප්රබෝධය ඇතිකරලීමේ පුරෝගාමියා අනෙකෙකු නොව ධර්මපාලතුමා බවයි. පරාධීනව සිටි ජාතියක් නඟා සිටුවමින් ඔවුන්ගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා වර්තමානය දක්වාම ලාංකිකයන්ගේ ගරු බුහුමනට පත්වෙමින් ජන හදවතේ "ජාතියේ පියා" වශයෙන් රැඳී සිටින බව පසක් වනුයේ හුදෙක් වාර්ෂිකව එතුමා සිහිපත් කරනු ලැබීම නිසා පමණක් නොව, ධර්මපාලතුමාගේ නමින් නම් කළ මාර්ගයක්, විද්‍යාලයක් හෝ ප්‍රතිමාවක් නොමැති නගරයක් ලංකාවේ නොමැති අන්දමට ධර්මපාල ශ්‍රී නාමය ලංකාව පුරා පැතිර ඇති හෙයිනි.

මෙම ලිපිය සකස් කිරීම සඳහා අනගාරික ධර්මපාලතුමාගේ දැනගත යුතු කරුණු, දොඩන්දූවේ ධර්මසේන හිමි ඇතුළු පිරිස සම්පාදනය කළ අනගාරික ධර්මපාල අප්‍රකට අත්ලිපි, ඩේවිඩ් කරුණාරත්නගේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතය, මහාචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ සම්පාදනය කළ ධර්මපාල ප්රතිරාවය, ආචාර්ය කුමාරි ජයවර්ධනගේ සොක්කන් ලොක්කන් වූ වගයි, ආර්. ඡේ. ද සිල්වාගේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය, මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාරගේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ යටත් විජිත ව්‍යාපාරය යන කෘති සහ අන්තර්ජාල මූලාශ්‍රය කීපයක් යොදාගෙන ඇත.

http://www.divaina.com/2015/10/07/badada03.html

[QUOTE="dynamite1234, post: 21959775, member: 502516"] [b]ධර්මපාලතුමාගේ ආර්ථික දැක්ම[/b] [SIZE="4"]දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධන දෙපළට දාව වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වැනිදා උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් පුත්‍රයා පසුකලෙක මුළු මහත් ලෝකය පුරා ප්‍රකට වූයේ අනගාරික ධර්මපාල යන නාමයෙනි. රට දැය සමය වෙනුවෙන් සිය දිවිය කැප කළ ධර්මපාලතුමා, එවකට හින්දුන් යටතේ පැවැති ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වූ බුද්ධගයාව නැවත වරක් බෞද්ධයන් හට දිනාදීමට කටයුතු කරනු ලැබුවේ "සිංහලයිනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්" යන උදාන පාඨය යොදා ගනිමිනි. මෙකී කාර්යය උදෙසා මහාබෝධි සමාගම ඇරඹූ ධර්මපාලතුමා විසින් එමගින් ලෝකය පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට කටයුතු යොදනු ලැබීය. නූතන බෞද්ධ ප්රබෝධයේ පුරෝගාමියකු වශයෙන් සැලකෙන එතුමාගේ විශේෂ අවධානයක් යොමුව තිබුණේ සිංහලයාගේ දියුණුව පිළිබඳව ය. එහිදී පරාධීනව සිටි සිංහලයා නැවතත් ස්වාධීන කිරීමටත්, ඔවුන්ට පර සිරිත් වෙනුවට බොදු සිරිත් හුරුකරවීමටත් විටෙක කාර්කශ වාග්මාලා පවා යොදාගෙන දේශන පවත්වමින් රට පුරා සංචාරය කළ ධර්මපාලතුමා සිදු කළ මෙහෙය වර්තමානය දක්වාම පැසසුමට ලක්වන්නකි. මෙහිදී ස්වාධීන සහ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ඇතිකරලීමෙ අරමුණින් ලංකාවේ ස්වදේශ කර්මාන්ත ඇතිකිරීමේ ධර්මපාලතුමා දැක්වූ දායකත්වය බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවන්නකි. එහෙත් වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා සිංහලයන් යොමු කරවමින්, ස්වදේශ කර්මාන්ත ස්ථාපනය කරලීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් ධර්මපාලතුමා කටයුතු කළ ආකාරය ධර්මපාල චරිතය මැනවින් හදාරන කල පෙනෙන්නට තිබේ. ඒ පිළිබඳ කරුණු පිළිවෙලින් අධ්‍යයනය කිරීම මෙම ලිපියේ අරමුණයි. ආගමික හා ජාතික ව්‍යාපාරයක නියෑලී සිටි ධර්මපාලතුමා ස්වදේශ කර්මාන්ත අංශය දියුණු කිරීමට යොමුවූයේ ඒ වන විට ජපානය ලබා තිබූ ශීඝ්‍ර කර්මාන්ත දියුණුව දැකීමත් සමඟ ය. ස්වදේශ කර්මාන්ත අංශය දියුණුව පවතින්නේ නම් ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කර ගැනීම දුෂ්කර නොවන බව එතුමාට වැටහුණේ ජපානය බලවත් රුසියාව පැරදවීමට සමත්වීමෙනි. දහහත්වන සහ දහඅටවන සියවස මුල භාගයේදී සාමාන්‍ය මට්ටමේ ආර්ථිකයක් පැවැති ජපානය ක්‍රමයෙන් ආර්ථික අංශයෙන් ඉමහත් දියුණුවක් ලබාගැනීමට සමත් වූ අතර එහි කූටප්‍රාප්තිය වශයෙන් දැක්විය හැක්කේ වර්ෂ 1905 දී සිදුවුනු ජපන්-රුසියන් සංග්රාමයෙන් ජය ලබාගැනීමට ජපානය සමත්වීමයි. බලවත් රජ්‍යයක් වූ රුසියාව පරාජය කිරීමට ජපානය සමත්වූයේ කෙසේ ද මේ පිළිබඳ ධර්මපාලතුමාගේ අවධානය යොමු වූ බව පෙනේ. ජපානය කාර්මික අංශයෙන් ශීඝ්‍ර සංවර්ධනයක් ලබා තිබීම ඊට බලපෑ හේතුව වශයෙන් හඳුනාගත් එතුමා ලංකාව ද ස්වදේශ කර්මාන්ත අංශයෙන් ශීඝ්‍ර දියුණුවක් ලබාගතහොත් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් වීම එතරම් අසීරු නොවන බවට වටහාගත්තේ ය. ජපානය කාර්මික දියුණුව ලබාගත් ආකාරය විග්රහ කළ ධර්මපාලතුමා ප්‍රකාශ කළේ ජපානය සෑම වසරකම ශිෂ්‍යයන් පනස් දෙනකු තෝරා ඔවුනට විදෙස් භාෂා පුහුණු කොට කාර්මික අංශයෙන් දියුණුවක් ලබා තිබූ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ටි්රයාව ආදී රටවලට පිටත් කළ බවයි. ඒ රටවලදී කර්මාන්ත පුහුණුව ලබාගන්නා එම සිසුන් නැවත ජපානයට පැමිණ බටහිර රටවල කර්මාන්තශාලා නිෂ්පාදනය කරන ද්‍රව්‍ය සෑදීමට පටන්ගැනීමත් සමඟ කාර්මික අංශයෙන් ඉමහත් දියුණුවක් ලබාගැනීමට ජපානයට හැකිවුණි. ඒ අනුව යමින් ධර්මපාලතුමාගේ අරමුණ වූයේ ලංකාවේ කාර්මික සංවර්ධනයට මුල්තැන දීම සහ ඉමගින් විදෙස් වෙළෙඳපොළින් ස්වාධීන වූ අභ්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමයි. මෙහිදී ජපානයේ කාර්මික දියුණුව පිටුපස ජපන් ධනවතුන්ගේ පූර්ණ දායකත්වය ලැබී තිබුණු අතර සිංහල ධනවතුන් ද එය ආදර්ශයට ගෙන කටයුතු කළහොත් ඉක්මණින්ම ස්වරාජ්යයක සැප අනුභව කිරීමට ලාංකිකයන්ට හැකිවන බව ධර්මපාලතුමාගේ අදහස විය. එය එතුමා හඳුන්වනු ලැබුවේ Home rule for Ceylon නමිනි. ආරම්භයේදී ලංකාවට ගැලපෙන කාර්මික සංවර්ධනය පිළිබඳ අධ්‍යයනය කිරීමට තම විදෙස් සංචාර උපයෝගී කොටගත් ධර්මපාලතුමා විසින් වර්ෂ 1902 ජපන් හා ඇමරිකා සංචාරයේදී ද, වර්ෂ 1904 දී බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඕලන්ද, ඩෙන්මාර්ක් සහ ඉතාලි සංචාරයේදී ද ඒ එක් එක් රටවල කර්මාන්ත පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකරන ලදී. පසුව ඒ පිළිබඳ සිය දේශන මගින් කරුණු කියාදීමට එතුමා කටයුතු කළ අවස්ථා කීපයකට උදාහරණ පහතින් දක්වා තිබේ. "...මෙරටට ගෙනෙන ද්‍රව්‍ය ගැන කල්පනා කිරීම යුතුයි. රෙදිපිළි, පිඟන් කොප්ප, කඩදාසි, තීන්ත, පෑන්, ඔරලෝසු, ලාම්පු, පැදුරු, ලී බඩු යනාදී සියල්ලක්ම පිටරටින් ගෙනෙනු ලැබේ... වර්ෂයක් පාසා අප රටින් පිටරටට ස්වකීය ධනය යවනු ලැබීම ස්වජාතිකයන්ට අලාභයකි. රට දිළිඳු වීමට හේතු වන්නේ ය. රටවාසීන් ශිල්ප කර්මාන්ත නොදැන තමන්ට ඕනැකරන ද්‍රව්‍ය පිටරටවලින් ගෙන්වා ගැනීම තමන් දිළිඳුවීමට හේතුවන්නේ ය. යුරෝපීය රටවාසීන් තමන්ට ඕනෑ කරන සියලු ද්‍රව්‍ය ස්වකීය රටේ සාදාගෙන තමනුත් ප්‍රයෝජන ගෙන වැඩි ද්‍රව්‍ය පිටරටවලට තමන්ගේ නැව් යාත්‍රාවලින් ගෙන ගොස් විකුණා ධන එකතු කරගනු ලබන්නේ ය. රටක් ජාතියක් දියුණුකර ගැනීමට මාර්ග අනන්ත ය. මෙය වනාහි ශාස්ත්‍ර ශිල්පය ඉගැන්වීමට ශිල්පශාලා පිහිටුවා ගැනීමට රටට ජාතියට ආගමට ආදරය භක්තිය ශ්‍රද්ධාව ඇතිකරගැනීමට විමුක්ති සැපයෙහි හිත යෙදවීමට විමුක්ති ඥනය ලබාගැනීමට හේතු වේ..." "...වර්ෂ සියයක් පමණ කාලයක් ලංකාව පාලනය කරනු ලබන ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ගේ දියුණුවට ඕනෑ කරන කිසි ශිල්පයක් මේ තාක් උගන්වනු ලැබ නැත. රෙදි වියුම, සබන් හැදීම, පිඟන් හැදීම, පැන්සල්, ලාම්පු හැදීම ආදී ප්‍රයෝජනවත් කිසි දෙයක් තැනීමට අපට උගන්වන්නේ නැත. අයබදු ගෙන එයින් ඉංග්‍රීසි මුලාදැනින්ගේ වැටුප් දීම පිණිස ප්‍රයෝජනයට ගත් පසු ඉතිරි මුදල් එංගලන්තයට යවති. සිංහලයන් එකතු වී ස්වකීය දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතු යි. මේ සඳහා විශාල අරමුදලක් සම්පාදනය කළි යුතුයි. දඹදිව. ජපානය. ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ආදී රටවලට තරුණ සිංහලයන් යවා මේ ශිල්ප ශාස්ත්‍ර උගන්වා ලංකාවට ගෙන්වා ගැනීම කළ යුතුයි. ගමක් පාසා බෞද්ධ පන්සල්වල, පුස්තකාල, ස්වදේශ කර්මාන්තශාලා පිහිටුවිය යුතුයි. මෙතැන් පටන් දස වර්ෂයක් ශිල්ප කර්මාන්තාදිය ඉගෙන ගතහොත් සිංහලයන්ගේ මතු දියුණුව වන්නේ ය...." "...අපේ කර්මාන්තකාරයන්ට වැඩ නැතිව අසරණව සිටිති. අපේ රටේ පැදුරු නොගෙන පිටරට පැදුරු පාවිච්චියට ගැනීම වැරදි ය. අප රට සාදන ලී බඩු නොගෙන පිටරට ලී බඩු ගැනීම වැරදි ය. ජර්මන්කාරයන්ගේ බලය ඇති වී තිබෙන්නේ හස්ත කාර්මාන්ත නිසා ය. ජපන්නු දියුණු වී සිටින්නේ ශිල්ප කාර්මාන්ත මාර්ගයෙනි..." එසේම ලංකාවේ ස්වදේශ කර්මාන්ත ඇතිකිරීමේ කාර්යයේදී සිංහල ධනවතුන් එකමුතුව ක්‍රියාකළ යුතු බව අවධාරණය කළ ධර්මපාලතුමාගේ අදහස වූයේ එච්. දොන් කරෝලිස් පුත්‍ර සමාගම, එච්. ප්‍රනාන්දු, ඩී. ඩී. පේද්‍රිස්, ඩබ්. ඊ. බැස්ටියන්, විලියම් පේද්‍රිස්, කොරනේලිස් සිල්වා ආදී ප්‍රබල සිංහල ධනවතුන් එක්ව වෙළෙඳ සමාගමක් පිහිටුවා ගත යුතු බවයි. හුදෙක් දේශනවලට පමණක් සීමා නොවූ ධර්මපාලතුමා සත් වැදැරුම් වැඩපිළිවෙලක් ද ඉදිරිපත් කරනු ලැබුවේ ලංකාවේ ස්වදේශ කර්මාන්ත ස්ථාපනය කිරීමේ කටයුත්ත ප්‍රායෝගිකව ඉටුකරගැනීම සඳහා ය. එය පහත දැක්වේ. [COLOR="Red"]* දියුණුවීමට නම්, ස්වයංපෝෂිත වීමට නම්, විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පාරිභෝජනයෙන් වැළකිය යුතුය. * රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතු ය. පරිහරණයට ගත යුතු ය. * රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය වැඩි කළ හැකිය. * ධනය උත්පාදන, සංසරණය හා හුවමාරු කිරීම පිළිබඳ මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබාදිය යුතු ය. * ස්වභාවික සම්පත් විශේෂයෙන් වන සම්පත් රැකගැනීමට ඒවා වැඩිදියුණු කිරීමට ක්‍රම සහ විධි ඇති කළ යුතු ය. * දක්ෂ, විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් වගකිවයුතු උසස් තනතුරුවලට පත් කළ යුතුය. * විදේශීය භාෂා ඥනය ලබාගැනීම ජාතික අවශ්‍යතාවක් බැවින් එම භාෂා පිළිබඳව දැනුමක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් යෙදිය යුතු ය.[/COLOR] සෑම අංශයකම පැවැති දුබලතා මඟ හරවමින් කුඩා දේ පවා ආවරණය වන අන්දමින් ධර්මපාලතුමා ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙල හුදෙක් අතීතයට පමණක් නොව වර්තමානයට ද එක සේ ගලපාගත හැකි එකකි. සත් වැදැරුම් වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමෙන් නොනැවතුණු ධර්මපාලතුමා ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් ස්වදේශ කර්මාන්ත ලංකාවේ ඇතිකිරීම සඳහා මූලිකත්වය ගනු ලැබුවේ කර්මාන්ත පුහුණුව සඳහා වාර්ෂිකව සිංහලයන් ජපානයට පිටත් කර හරිමිනි. ඒ සඳහා අවශ්‍ය දායකත්ව එතුමාට හිමිවූයේ සිය පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණගෙන් සහ සිය සොයුරන්ගෙනි. මේ යටතේ ජපානයට පිටත් කරනු ලැබූ ශිෂ්‍යයන් අතර පේෂ කර්මය හැදැරීමට යූ. බී. දොළපිහිල්ලේ, මල් කර්මාන්තය හා චිත්‍ර කර්මය හැදැරීමට මාතර හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදැරීමට ජෝන් එෆ්. කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරීමට එන්. ෙ-. සෝමරත්න, ගිනිපෙට්ටි කර්මාන්තය හැදැරීමට වියන්ගොඩ බාලසූරිය, පිඟන් කර්මාන්තය හැදැරීමට වේයන්ගොඩ විජය බන්දු සහ ගොවිකම් කටයුතු හැදැරීමට මුණසිංහ ආදී අය සිටි බව සඳහන් වේ. පසුව මැටි බඳුන් කර්මාන්තය සහ ඉටිපන්දම් කර්මාන්තය හැදැරීමට ද ලාංකිකයන්ව ජපානයට පිටත් කෙරුණු අතර මින් බොහෝ දෙනා අධ්‍යාපනය ලැබුවේ ජපන් උසස් කාර්මික විද්‍යාලයෙනි. මේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල සැපයීමට හේවාවිතාරණ පවුල කටයුතු කළ අතර ඒ වෙනුවෙන් රුපියල් 30,000 ක් වටිනා දේපළ වෙන් කළ ඔවුන් 'බෞද්ධ කාර්මික අධ්‍යාපනය සඳහා වූ අරමුදල' නමින් අරමුදලක් ඇතිකර තිබිණි. එපමණක් නොව ජපානයේදී කර්මාන්ත හැදැරූ පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව ද, ඔවුන්ට කර්මාන්ත ඇතිකරලීම උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් ද හේවාවිතාරණ පවුලෙන් හිමිවූයේ නොමසුරුව ය. පේෂ කර්මාන්ත ක්ෂේත්රයෙන් උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබූ යූ. බී. දොළපිහිල්ලේ වර්ෂ 1913 දී රාජගිරියේ හේවාවිතාරණ පේෂකර්ම විද්‍යාලය ආරම්භ කළේ ඒ යටතේ ය. ධර්මපාලතුමාගේ සොයුරු එඩ්මන් හේවාවිතාරණ මේ වෙනුවෙන් රුපියල් 21,000 ක් වැය කරමින් ගොඩනැඟිලි ඉදිකරවූ බව සඳහන් වේ. රෙදි විවීමට අමතරව අත් යන්ත්‍ර පේෂකර්මාන්තයේ යෙදෙන්නන් පුහුණු කිරීම ද මෙම විද්‍යාලයෙන් සිදුකෙරිණි. ටික කලකින්ම තවත් හේවාවිතාරණ කාර්මික විද්‍යාලයක් ග්‍රෑන්ඩ්පාස්හි ආරම්භ කිරීමට හේවාවිතාරණ පවුල මූලිකත්වය ගෙන කටයුතු කළේ ස්වදේශ කර්මාන්ත තවදුරටත් පුළුල් කරමිනි. එසේම ගිනිපෙට්ටි කර්මාන්තය පිළිබඳ ජපානයේදී උගත් බියන්ගොඩ බාලසූරිය විසින් වර්ෂ 1918 දී ලංකා ගිනිපෙට්ටි සමාගම කැලණියේදී ආරම්භ කරනු ලැබුවේද, හේවාවිතාරණ පවුලේ සහය ඇතිවය. අලියා ගිනිපෙට්ටි නමින් ප්‍රකට වූ එම සමාගමට ස්වීඩන් ආධාර පවා හිමිවුණි. හේවාවිතාරණ පවුලේ ව්‍යාපාරය වූ ලී බඩු කර්මාන්තය පිළිබඳව ද ධර්මපාලතුමාගේ අවධානය යොමුවුණු අතර ධර්මපාලතුමාගේ පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ ලී බඩු කර්මාන්තයේ නියෑලෙමින් සිටියේ වර්ෂ 1860 පමණ සිටය. ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැලපෙන මට්ටමේ ප්‍රමිතියකට ලී බඩු නිෂ්පාදනය කරලීම සඳහා සිය පවුලේ සාමාජිකයන් දිරිගැන්වීමට ධර්මපාලතුමා ගත් උත්සහයේ ප්‍රතිඵලය වූයේ කොම්පඤ්ඤ වීදියේ පිහිටවනු ලැබූ දොන් කරෝලිස් සහ පුත්‍ර සමාගමේ නව කර්මාන්ත ශාලාවේ නවීන තාක්ෂණයට අනුව යමින් අශ්ව බල තිහක වාෂ්ප එන්ජිමක් ස්ථාපනය කරනු ලැබ තිබීමයි. එයින් වඩාත් ඉහළ ප්‍රමිතියක් යටතේ ලීS බඩු නිෂ්පාදනය කරලීමේ හැකියාවක් ලැබුණු අතර සිංහලයන් 250 ක් පමණ නව කර්මාන්ත ශාලාවේ දැව ඉරීමේ සහ ලී බඩු තැනීමේ අංශවල සේවයේ යෙදී සිටි බව සඳහන් වේ. ඒ වන විට තේ, රබර් වැනි කර්මාන්ත හඳුන්වා දී තිබූ ඉංග්‍රීසීන් ඉන් අධික ලාභ ලැබූ අතර මේ පිළිබඳව ද අවධානය යොමු කළ ධර්මපාලතුමා ප්‍රකාශ කළේ, "...වර්ෂයක් පාසා තේ බීම ද, රබර්වලින් ද්‍රව්‍ය සෑදීම ද වැඩි වේගෙන යන්නේය. සිංහලයන්ට අයිති ඉඩම් පරෙස්සන් කරගෙන රබර් තේ වැවීමට සමාගම් පිහිටුවාගෙන එකතු වී ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබේ..." යන්නයි. අන් අයට ආදර්ශයක් වශයෙන් ස්වකීය පෞද්ගලික ධනයෙන් වතු මිලට ගත් ධර්මපාලතුමා ඒවායේ වාණිජ භෝග වගා කරවීමට කටයුතු කළ අතර හිනිදුම මහාබෝධි වත්ත, මාතර මැණික් වත්ත, මාවරල වත්ත, ගොඩගම සිරිමැදුර වත්ත ඉන් ප්‍රධාන ය. යම්කිසි ප්‍රදේශයකින් මිලට ගනු ලැබූ වත්තක වාණිජ භෝග වගාකිරීමෙන් පමණක් නොනැවතුණු ධර්මපාලතුමා ඒ ප්‍රදේශයේ සංචාරය කරමින් බෞද්ධාගමික ප්රබෝධයක් ඇතිකරමින්, බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට ද කටයුතු කළ බව පෙනෙන්නට තිබේ. එයට කදිම නිදසුන වන්නේ හිනිදුම ප්රදේශයයි. හිනිදුම මහාබෝධි වත්තේ රබර් වගා කරවීමට කටයුතු කළ එතුමා හිනිදුම ප්‍රදේශයේ විහාරයක් සහ බෞද්ධ විද්‍යාලයක් ගොඩනැංවීමට පුරෝගාමී විය. හිනිදුම මහාබෝධි වත්තේ කටයුතු භාරව සිටි ලුවිස් කොන්දොස්තර නම් පුද්ගලයාට වරින්වර ලිපි එවමින් ධර්මපාලතුමා අවවාද අනුශාසනා කළ බව දැක්වෙන ලිපි කීපයක් හමුවන අතර ඉන් පුද්ගල සංවර්ධනය මෙන්ම ග්‍රාමීය සංවර්ධනය උදෙසා ධර්මපාලතුමා කටයුතු කළ අන්දම මනාව පැහැදිළි වේ. ස්වදේශ කර්මාන්ත ස්ථාපනය කිරීමේදී එයට අවශ්‍ය දැනුම ලබාගැනීම සඳහා විදෙස්ගත විය යුතු බවට මුල් අවස්ථාවේදී යෝජනා කොට, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ ද ලංකාව තුළම තාක්ෂණික හා කාර්මික අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීමේ අවශ්‍යතාව ද ධර්මපාලතුමා අවධාරණය කොට තිබිණි. එහිදී එතුමාගේ පූර්වාදර්ශය බවට පත්වූයේ එවකට ඇමෙරිකාවේ පැවැති කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයයි. ඇමෙරිකානුවන් තුළ පැවැති සාධනීය ගුණාංග එතුමා පැසසුවේ පහත දැක්වෙන් අන්දමට ය. "...මම ඇමෙරිකාවේ ඇති අධ්‍යාපන ක්‍රමය ගැන විශේෂයෙන්ම කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්රමයන් ගැන අධ්‍යයනයක් කිරීමට අදහස් කළෙමි. අද ලංකාවට අවශ්‍යව ඇත්තේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් බව මගේ එකම පිළිගැනීමයි. ඇමෙරිකාවේ පවත්නා කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්‍රමය ගැන බ්‍රිතාන්‍යයන් ද යමක් ඉගෙන ගෙන ඇති බව පෙනේ. ඇමෙරිකානු අධ්‍යාපන ක්‍රමය, මානුෂික ක්‍රමයට ළඟා විය හැකි ඉහළම පරිසමාප්තිය කරා ළඟා වූ අධ්‍යාපන ක්රමයකි... වොෂින්ටන් කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව, ගොවියන් උදෙසා සුදුසු දේවල් නිෂ්පාදනය කිරීමෙහිලා, මී මැසි පොදියක් මෙන් වැඩ කරයි. වැදගත් කටයුතු සඳහා මහාචාර්යවරු නිරන්තරයෙන්ම සැලසුම් සූදානම් කිරීම, පරීක්ෂා කිරීම හා උපදෙස් දීමාදී වැඩ කටයුතුවල යුහුසුළුව යෙදී සිටිති. ඔවුහු ඒ මගින් විශාල ලෙස මුදල් උපයති. අපේ තරුණයන් අන් රටවලට යනු වෙනුවට ඇමෙරිකාවට යා යුතු ය. ඇමෙරිකානුවන් අපගේ ජනතාවට මහත් සේ කරුණාව දක්වා ඇත, එමෙන්ම ඔවුන් ඇතැම් විශ්වවිද්‍යාලවලට ගාස්තු විරහිතවම මෙරට තරුණයන් ගෙන්වා ගැනීමට මා හට ඔවුන්ගේ කැමැත්ත පළකොට ඇත්තේය, මෙම කැමැත්ත ප්‍රකාර ලාංකික දරුවන් ඇමෙරිකාවේදී නොමිලේ අධ්‍යාපනය ලැබීමට සිත් සතන් යොමුවේවා..." ඒ වන විට ලංකාවේ පැවැති අධ්‍යාපන ක්‍රමය පිළිබඳ දැඩි විවේචන එල්ල කළ ධර්මපාලතුමා නව අධ්‍යාපන ක්රමයක අවශ්‍යතාව මතු කළ අතර ඒ සඳහා අරමුදල් රැස්කිරීමට සිංහලයන් උනන්දු විය යුතු බව අවධාරණය කළේය. "...ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්රමයකි. අපේ සිංහලයෝ අවුරුද්දකට එක් සතියක්වත් අනවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ හා ආහාරපාන පරිහරණය නොකොට ඉතුරු කරගන්නා මුදල, ජාතික අධ්‍යාපන අරමුදලට බැර කළ යුතු ය. එම මුදල් කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය සඳහා යොදාගත යුතු ය... අපගේ ජනතාව ගලවාලන එකම ප්රතිකර්මය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය දැනට සිටින තත්ත්වයට අප පත් කළ අධ්‍යාපනය නොවිය යුතු ය. අප ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නිෂ්පාදකවරුන්, විද්‍යාත්මක කෘෂි කාර්මිකයන් ආදීන් බවට පත් කරන උසස් විද්‍යාත්මක අධ්‍යාපනයක් විය යුතු ය..." අලුතින් ඇතිකරන එකී අධ්‍යාපනයෙන් සිදුවිය යුත්තේ නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකරමින් අප සතුව පැවැති දැනුම මුවහත් කිරීමක් බව ධර්මපාලතුමා විශ්වාස කළ බව පෙනේ. "...අපි පරිභෝග කරමු. එහෙත් අලුතෙන් ධනය නිෂ්පාදනය නොකරමු. කර්මාන්ත මගින් අපගේ ධනය වැඩි කරගන්නා අලුත් ක්ෂේත්‍ර අපි සොයා නොබලමු. අපගේ කුඹුරුවලට ජලය සපයා ගැනීම සඳහා ජලය රැස්කිරීමට වැව් තැනීමේ විද්‍යාවෙහි සිංහලයෝ පරම්පරා හැත්තෑවකට ආසන්න කාලයක් තුළ විශේෂඥවරු වූහ. එහෙත් අපි අපේ වැඩ කිරීමට පිටස්තරයන් ගෙන්වා ගනිමු...." ඒ අනුව වර්ෂ 1902 ඇමෙරිකා සංචාරයේදී කාර්මික විද්‍යාල සම්බන්ධව අධ්‍යයනයක් කළ ධර්මපාලතුමා, සැන්µ්‍රeන්සිස්කෝ නුවරදී ඇමෙරිකානු දානපතිනියක වූ මේරි ෙµdaස්ටර් මැතිණියගේ අනුග්‍රහයෙන් කාර්මික විද්‍යාල අරමුදලක් පිහිටුවීමට සමත් විය. පසුව වාරණාසි, කල්කටා සහ සාරානාතයේ කාර්මික විද්‍යාල සහ පුස්තකාල ආරම්භ කිරීමට එතුමා කටයුතු කළේ එහි පළමු පියවර වශයෙනි. එසේම වර්ෂ 1916 දී පේරාදෙණියේ School of Tropical Agriculture නමින් කෘෂිකර්ම විද්‍යාලයක් ඇතිකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගෙන තිබුණේ ධර්මපාලතුමා විසින් ලංකාවේ කාර්මික හා තාක්ෂණ විද්‍යාල ස්ථාපනය කිරීම සම්බන්ධව ලාංකිකයන් තුළ ඇතිකොට තිබූ උෙද්‍යාaගයේ බලපෑමෙනි. පසුව රජය විසින් වර්ෂ 1917 දී පේරාදෙණියේ School of Tropical Agriculture වෙනුවට පේරාදෙණියේ සහ යාපනයේ කෘෂිකර්ම විද්‍යාල දෙකක ආරම්භ කිරීමට පියවර ගත් අතර එහි සිංහල හා දෙමළ මාධ්‍යයෙන් එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලා පැවැත්විණි. බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලබාගැනීම සඳහා හොඳ උපායමාර්ගයක් වශයෙන් ස්වදේශ කර්මාන්ත සංවර්ධනය කිරීම හඳුනාගත් ධර්මපාලතුමා විසින් ඒ සඳහා දේශන, පුවත්පත් ආදියෙන් ජනතාව දැනුවත් කළා පමණක් නොව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ද ඉදිරිපත් කරන ලදී. ඉන් නොනැවතුණු එතුමා ඒ සඳහා ප්‍රායෝගික දායකත්වයක් ද සපයනු ලැබූ අතර එහිදී හේවාවිතාරණ පවුලේ භූමිකාව කැපී පෙනෙන එකකි. ස්වදේශ කර්මාන්ත සංවර්ධනය ක්‍රමිකව පවත්වාගෙන යැම සඳහා ලංකාවේ කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනය ද ඇතිකළ යුතු බව අවධාරණය කළ ධර්මපාලතුමා ඒ සඳහා ද පුරෝගාමී දායකත්වයක් සැපයී ය. මෙකී ධර්මපාල සංකල්පය වර්තමානයට වුව ද කදිමට ගලපා ගත හැකිවීම සුවිශේෂී ය. අනගාරික ධර්මපාලතුමා විසින් ස්වදේශ කර්මාන්ත ස්ථාපනයේලා දැක්වූ දායකත්වය අගය කරන ප්‍රකට වාමාංශික නායකයෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ දක්වන්නේ ලංකාවේ කාර්මික ප්රබෝධය ඇතිකරලීමේ පුරෝගාමියා අනෙකෙකු නොව ධර්මපාලතුමා බවයි. පරාධීනව සිටි ජාතියක් නඟා සිටුවමින් ඔවුන්ගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා වර්තමානය දක්වාම ලාංකිකයන්ගේ ගරු බුහුමනට පත්වෙමින් ජන හදවතේ "ජාතියේ පියා" වශයෙන් රැඳී සිටින බව පසක් වනුයේ හුදෙක් වාර්ෂිකව එතුමා සිහිපත් කරනු ලැබීම නිසා පමණක් නොව, ධර්මපාලතුමාගේ නමින් නම් කළ මාර්ගයක්, විද්‍යාලයක් හෝ ප්‍රතිමාවක් නොමැති නගරයක් ලංකාවේ නොමැති අන්දමට ධර්මපාල ශ්‍රී නාමය ලංකාව පුරා පැතිර ඇති හෙයිනි. මෙම ලිපිය සකස් කිරීම සඳහා අනගාරික ධර්මපාලතුමාගේ දැනගත යුතු කරුණු, දොඩන්දූවේ ධර්මසේන හිමි ඇතුළු පිරිස සම්පාදනය කළ අනගාරික ධර්මපාල අප්‍රකට අත්ලිපි, ඩේවිඩ් කරුණාරත්නගේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතය, මහාචාර්ය ආනන්ද ඩබ්. පී. ගුරුගේ සම්පාදනය කළ ධර්මපාල ප්රතිරාවය, ආචාර්ය කුමාරි ජයවර්ධනගේ සොක්කන් ලොක්කන් වූ වගයි, ආර්. ඡේ. ද සිල්වාගේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය, මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාරගේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ යටත් විජිත ව්‍යාපාරය යන කෘති සහ අන්තර්ජාල මූලාශ්‍රය කීපයක් යොදාගෙන ඇත.[/SIZE] [url]http://www.divaina.com/2015/10/07/badada03.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom