Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධ්‍යාන ලැබීම හා සමථභාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධ්‍යාන ලැබීම හා සමථභාවනාව

ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය රූපය නිසා රාග ද්වේශ මාන ආදී අකුසල් ඔහු තුළ රැස් වෙයි. මිහිරි හඬ, මිහිරි සුවඳ, මිහිරි රස, මිහිරි පහස, ඇති දෑ නිසා ද යට කී පරිදි ම කෙලෙස් උපදී. මෙකී පි‍්‍රය රූප, පි‍්‍රය ශබ්ද, පි‍්‍රය ගන්ධ, පි‍්‍රය රස, පි‍්‍රය ස්පර්ශය (ඇඟ හැපෙන දෑ) යන පංචකාම වස්තු නම් වෙයි. සිත මොවුන් අතට යොමු වීම නිසා රාගාදිය උපදනා බැවින් එහි දොස් දක්නා තැනැත්තා ඒ පි‍්‍රය රූපාදියෙන් හිත ඉවත් කරන්නට උපායක් සිතයි.

අරමුණක් නැතිව සිතෙක් නො උපදී. හැම විට ම සිත අරමුණක එල්බේ ම ය. එ බැවින් රාගාදිය ඉපැදීමට කරුණු වන ස්ත්‍රී රූපාදියෙන් සිත ඉවත් කොට ගෙන, එසේවූ රාගාදි කෙලෙස් ඉපැදීමට හේතු නොවන අරමුණෙක සිත් බැඳ තබන්නට හෙතෙම තැත් කරයි. එසේ වූ අරමුණක් සොයා ගනී. මේ වර්ගයේ අරමුණු සතළිසෙක් බණ පොත්හි දැක්වෙයි. එයින් යම් කිසි එකෙක සිත් සතන් නිසි පරිදි බැඳ තැබුවොත්, එයින් බැහැර රූපාදිය කරා ඇදෙන්නට සිතට ඉඩ නොතබා ක්‍රියා කළොත් රාග (කාමච්ඡන්ද) ආදි නීවරණ (හිතේ දියුණුව හරස් වන කිලිටි ගති) හිත්හි පහළ වන්නට ඉඩ නොලබයි.

මෙසේ මේ යටකී අන්දමේ අරමුණෙක සිත් සතන් බැඳ තැබීම එහි ම සිත එකඟ කොට පිහිටුවීම සමාධිනමි. එසේ වූ සමාධිය වැඩීම සමාධි භාවනා නමි. සමථ භාවනා යනු ද මෙය ම ය. සමථ යනු කාමච්ඡන්ද (කාමාශා) ආදීන් සංසිදුවීම යි. එය වැඩීම සමථ භාවනා නමි. මේ ශමථ භාවනා යෙහි සිත බදනා අරමුණු සතළිසක් ඇති බව යට කියන ලදී. එයින් එකෙක් පඨවි කසිණය යි. එය වඩා ධ්‍යාන ලබන අයුරු මෙහි නිදසුන් කර දක්වමු.

මෙහි දී පරිත්ත්රාලම්බන මධ්යමාලම්බන අප්රමාණලබ්බන යන තුනින් තමා රිසි එකක් අරමුණු කොට ‘ප්‍රථම ධ්‍යානය ලබම්වා’ යි ඉටා පඨවි කසිණං පඨවිකසිණං’ යි බවුන් වඩන කල්හි සිතේ එකඟ බව වැඩී තහවුරු වීමෙන් විතර්ක පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංගපසින් යුත් ප්‍රථමධ්‍යාන ආජීණව පහළ ;ව්.

එහි කී විතර්කාදි පස ධ්‍යානාංගයෝ ය. ඔවුන්ගෙන් කෘත්‍ය පසෙක කැරයි. විතර්කය තමා හා එක් වැ යෙදුණු චිත්ත චෛතසිකයන් කසිණ ප්‍රතිභාග නිමිත්තට (කසිණාලෝක අරමුණට) නංවයි. විචාරය තමා හා එක්වැ යෙදුණු චිත්ත චෛතසිකයන් ප්රතිගාමී නිමිත්ත හා ගලපයි; ඒ නිමිත්තෙහි හසුරුවයි. පී‍්‍රතියෙන් ඒ අරමුණෙහි චිත්ත චෛතසිකයෝ පිනා යෙත්; වර්ධනයට පැමිණෙත්, සුබය සම්ප්‍රයුක්ත ධර්මයන් සුවපත් කෙරෙයි. ඒකාග්‍රතාව තමා යෙදුණු චිත්ත චෛතසිකයන් අන් අරමුණු අතට යා නොදී කසිණාලෝක අරමුණෙහි ම යොදයි, රඳවයි. බඳියි. මෙම කෘත්‍ය පස නිසා ඒ ධ්‍යාන සිතත් සෙසු එහි වූ චෛතසිකත් කසීණප්රතිභාග නිමිත්තට ළං වෙයි.

තව ද ඒ විතර්කාදී ධ්‍යානාංග පස නිසා නීවරණ පසෙක් දැවෙයි හෙවත් යට පත් වෙයි. විතර්කයෙන් ථීනමිද්ධ නීවරණය (චිත්ත චෛතසිකයන් ගේ අලස බව දැවෙයි. විචාරයෙන් විචිකිච්ඡාව (සැකය) දැවෙයි. පී‍්‍රතියෙන් ව්‍යාපාද නීවරණ දැවෙයි. සුඛයෙන් උද්ධච්චකුක්කුච්ච නීවරණය (නොසන්සුන් බව හා කුකුස) දැවෙයි. ඒකාග්‍රතායෙන් කාමච්ඡන්ද නීවරණය දැවෙයි.

ධ්‍යාණ යන්නෙහි තේරුම් දෙකෙකි. ප්‍රතිභාග නිමිත්තට ළං වීම එකෙක, සතුරු නීවරණයන් දැවීම අනෙකයි. යට කී විතර්කාදී අංග පස එක්වැ මේ කෘත්‍ය දෙක ම කරයි. එහෙයින් ඒ අංග පසින් යුත් සිත ධ්‍යාන චිත්ත නමි. මේ පළමුවන ධ්‍යාන සිතයි.

මේ ධ්‍යානය ලත් යෝගියා විසින් විතර්කාදී ධ්යානාංගයන්හි වහා ආවර්ජනාව පැවැත්විය හැකි බව, වහා ධ්‍යානයට සමවැදිය හැකි බව, ඉටා ගත් තරම් කාලයක් ධ්‍යානයෙහි සිටියැ හැකි බව, කලින් නියම කොට ගත් වෙලාවෙහි ම සමාපත්තියෙන් නැගී සිටියැ හැකි බව, ආවර්ජනයට ඉක්බිති වහා ධ්‍යානා¼ඞග ප්රත්යාවේක්ෂා කටහැකි යන බව යන පස පුරුදු කටයුතුයි. මොහු පංචවශිතාවෝ නම්හ. මේ අනුව ප්‍රථම ධ්‍යානයට සිය දහස් වර සම වැද එය හොඳට පුරුදු වූ කල්හි විතර්කයනැතිව විචාර පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංග සතරින් යුත් දෙවෙනි ධ්‍යානය ලබත හැකි වෙයි. එය ද යට දැක්වුණු පංච වශිතායෙන් පුරුදු කොට ගත් පසුවිචාරය ද නැති ව පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් තුන්වැනි ධ්‍යානය ලබත හැකි වෙයි.

එය ද පංච වශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු පී‍්‍රතිය ද නැති සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් සතරවැනි ධ්‍යානය ලද හැකි වෙයි. එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් පසු උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් පස්වැනි ධ්‍යානය ලද හැකි වෙයි. එය ද පංච වශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් පස්වැනි ධ්‍යානය ලද හැකි වේ. මේ පස් වැනි ධ්‍යානය ද පංචවශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු තෙමේ කැමැත්තේ නම් ඍඩිප්රාතිහාර්ය පෑ හැකි ඍඩිවිධඥානය , දිවකන් නුවණ, අනුන් සිතන දෑ දන්නා නුවණ, පෙර ජාතීන්හි විස්තර දක්නා නුවණ, දිවැස යන අභිඥා පස පුරුදු කළ හැකි වේ.

මෙහි කී පළමුවන, දෙවෙනි, තෙවෙනි, සිවුවන පස්වන යන ධ්‍යාන පස රූපාවචර ධ්‍යාන නමින් වැහැරවේ. මේ ධ්‍යාන ලද්දාහු එයින් නොපිරිහී කලුරිය කළොත් තමා ලත් ධ්‍යානයට සුදුසු වූ රූපී බඹලොවැ උපදිති.

මේ රූප ධ්‍යාන ලත් සමහරු රූපයෙහි දොස් සලකා රූපයක් නැති වැ, නාම ධර්ම පමණක් වැ ඉන්නට සිතා එයට මඟ වූ අරූප ධ්‍යාන වඩති. එහි ක්‍රමය ද මෙහි සැකෙවින් දැක්වේ.

පස්වැනි ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමා කැමැති තාක් විශාල පෙදෙසක කසීණාලෝකය පතුරුවයි. ඉක්බිති ඒ කසිණ එළිය ඉවත් වේවා යි සිතයි. එළිය නොමෙනෙහි කොට හරි, ටිකක් මෙසේ උත්සාහ කිරීමේදී කසිණ එළිය ඉගිලෙයි හෙවත් නොපෙනී යයි. එහි හිස් අහසම පෙනෙන්නට වෙයි. මේ කසිණුග්ඝාටිම ආකාශ (කිසුණු ඉගිළු අහස) නම් වේ. දැන් ඒ අහස අරමුණු කොට ආකාසො ආකාසො (අහස අහස) යැ යි හෝ අනන්තෝ ආකාසෝ (අනන්ත අහස) යැයි හෝ කියමින් මෙනෙහි කරමින් ඒ කිසිණු ඉගුළු අහසෙහි සිත බැඳ තබන්නට යත්න කෙරෙයි, භාවනාව සමෘ¼ඞ වූ විට සිත ඉදිරියේ ඒ කිසුණු ඉගුළු අහස පෙනෙමින් පවතී. එය අරමුණු කොට සිත එහි ම තරයේ පිහිටයි.

මේ පළමුවන අරූප ධ්‍යානය යි. අරමුණ කසිණාලෝකයට වඩා සියුම් බැවින් මේ අනන්ත අහස අරමුණු කරන ධ්‍යාන සිත ද එහි වූ උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙක ද එය හා යෙදුණු සෙසු චෛතසික ද යන සියල්ලෝම රූපාවචර පංචම ධ්‍යාන සම්ප්‍රයුක්ත නාමධර්මයනට වඩා සියුම් වෙති. මෙය අනන්ත කසිණුග්ඝාටිමාකාසය අරමුණු කරන බැවින් ආකාසානංචායතන ධ්යානයැ යි බැවහර වේ. ආකාසනංචායතන ධ්‍යානය ද පංචවශිතායෙන් හුරු පුරුදු කැරැගත් යෝගීතෙමෙ එයට වඩා සියුම් වූ විඤ්ඤාණංචායතන ධ්‍යානය ලැබීමෙහි සමත් වේ.

හෙතෙම ආකාසානංචායතනයට සමවැද එයින් නැගී සිට අනන්ත ආකාසයෙහි එල්බැ සිටි ආකාසානංචායතන සිත හෙවත් අනන්ත විඤ්ඤාණය මෙනෙහි කරයි. අන්තිමේ දී ඔහුගේ උත්සාහය සාර්ථක වෙයි. ඇසින් රූපයක් දක්නක්හු සෙයින් තමා කලින් ලබා තුබුණු ආකාසානංචායතන සිත පැහැදිලිව මතක් කරයි; පැහැදිලි ලෙස දකී. එහි තම වර්තමාන සිත බැඳ තබයි හෙවත් එහිම එල්බ සනිටුහන් කරි. එයට ම එකඟ කෙරෙයි. මෙසේ අනන්ත විඥාන අරමුණු කොට එහි තරයේ එල්බැ පහළ වන සිත විඤ්ඤාණංචායතන (විඥාන අනන්ත ආයතන) ධ්‍යාන සිත වේ. මේ දෙවෙනි අරූප ධ්‍යානය පළමුවැන්නට වඩා සියුම් වේ.

මේ විඤ්ඤාණංචායතන ධ්‍යානය පංචවශිතායෙන් හුරු පුරුදු කොට ගත්තේ එයටත් වඩා සියුම් වූ ආකිංචඤ්ඤායතන ධ්‍යානය ලබනුයෙහි සමත් වේ. හේ ෂඤ්ඤාණංචායතන ධ්‍යානයට සම වැද එයින් නැඟි හිඳ පළමුවෙන් තමා තුළ පහළ වැ තුබුණු ආකාසානංචායතන ධ්‍යාන චිත්තයා ගේ අභාවය (නැති බව) සලකයි. එය මෙනෙහි කරයි. ඒ අනන්තවිඥානය දැන් නැතැයි නැතැ යි කියමින් ඒ නැතිබව්හි සිත සමාධිගත කරන්නට තැත් කෙරෙයි. අන්තිමේ දී ඒ උත්සාහය සඵල වෙයි. ඒ ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව නැමැති ශූන්යත්වයෙහි භාවනා සිත එල්බෙයි. එයම අරමුණු කරයි. භාවනා සිත එහි ම තරයේ එකඟ වැ බැඳෙයි. මේ අවස්ථාවට වැඩුණු ඒ ශූන්‍යත්වය තරයේ අරමුණු කරමින් පහළ වන සිත ආකිංචඤ්ඤායතන (ආකිංචන්‍යය හෙවත් ඒ පළමුධ්යාන සිතේ කිසිත් නැති බව අරමුණු කරන) ධ්‍යාන සිත නම් වේ. මෙය පළමු ධ්‍යාන සිත් දෙකටම වඩා සියුම් ය. මේ තුන් වන අරූප ධ්‍යාන සිතයි.

ආකිංචඤ්ඤායතන ධ්‍යාන සිතද පංචවශිතායෙන් පුරුදු කොට ගත්තේ එහි ශාන්ත බව නුවණින් සලකා බලයි. ඒ ආකිංචඤ්ඤායතන ධ්‍යාන සිත අරමුණු කොට බවුන් වඩන හෙ තෙම අන්තිමේදී එකී අරමුණෙහි ම එල්බැ දළ සංඥාවක් ද නැති සියුම් සංඥාවක් නැත්තේත් නැති හෙවත් ඉතා ම සියුම් සංඥා ස්පර්ශ වේදනාදිය ඇති සතර වන අරූප ධ්‍යාන සිත උපදවා ගනී. එය දළ සංඥාවක් නැති බැවින් හෙවත් ඉතා ම සියුම් සංඥාවක් ඇති බැවින් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත යැයි කියනු ලැබේ. ඉක්බිති ඒ තමා ලත් සතර වන අරූප ධ්‍යානය ද ඉහත කී පරිදි ම පංචවශිතායෙන් හුරු පුරුදු කොට ගෙන කැමැති සේ ධ්යානයනට සමවදින්නට ධ්‍යාන සැපයෙන් කල් යවන්නට හේ සමත් වේ.

මේ අරූප ධ්‍යාන ලැබූ යෝගීහු මරණින් මතු ආකාසානංචායතන ආදී සතර අරූප තලයෙන් තමා ලත් ධ්‍යානයට ගැලපෙන බඹතලයෙහි උපදිති. මේ අරූ තලයෙහි උපන්නහුට රූපයෙක් කොහෙත් ම නැත. ඇත්තේ අරූප ධර්ම (නාම ධර්ම හෛවත් චිත්ත චෛතසික) පමණෙකි.

මෙසේ කසිණ භාවනාවේ මුල් අවස්ථායෙහිදී තදංගප්රභාණයෙන් ද, අර්පණා (ධ්‍යාන) අවස්ථායෙහි දී විෂ්කම්භණ ප්‍රහාණයෙන්ද කාමච්ඡන්දාදී නීවරණයන් සංසිදුවයි. ද්විතීයධ්යානාදියෙහි දී පිළිවෙළින් විතර්කාදී ධ්‍යානාංග ද සංසිදුවයි. ආකාසානංචායතනාදි අරූප ධ්‍යානවල දී ද ධ්‍යාන සිතූත් ඒවායේ යෙදුණු උපේක්ෂා ඒකාග්‍රතා යන ධ්යානාංගත් ඒ හා යෙදුණු ස්පර්ශාදි සෙසු චෛතසිකත් ක්‍රමයෙන් අන්තිම නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයේ දී සංඥවක් ඇත්තේත් නැතැයි නැත්තේත් නැතැයි සිතක් ඇත්තේත් නැත නැත්තේත් නැතැයි ස්පර්ශාදි චෛතසික ඇත්තේත් නැත නැත්තේත් නැතැයි කියැ යුතු තරමට නාම ධර්මයන්ගේ සියුම් බව වෙයි.

මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලෞකික ධ්‍යානයන් ගේ අන්තිම තැන ය. බුදුසස්නෙන් පිටාතර කොතරම් උග්‍ර ධ්යානලාභියෙකු වුව ද නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් එහාට නොයයි. මේ ධ්‍යාන ලැබූ පමණින් සසර දුක් කෙළවර කළා නම් නොවන්නේ ය. දීර්ඝායුෂ ඇති බඹ ලොව උපන්නත් එහි ආයු කෙළවර යලිත් මිනිසෙක් හෝ දෙවියෙක් වෙයි. එසේ ඉපිද හිඳ ප්රමාදී වැ අකුසල් කළොත් අපායගාමී ද වන්නේ ය. එබැවින් මේ ධ්‍යාන ළාභය පරම සැපත ලැබීමෙක් නොවේ. එහේත ධ්‍යානලාභියාට බුදුසස්නේ පිහිටෙන් තමා ලත් ධ්‍යානය ආධාර කොට ගෙන සසර දුකින් නිදහස් වන මගට බැස්ස හැක. ඒ ධ්‍යානයක් පාදක කෙට විදර්ශනා වැඩීමෙනි. එහි ද නේවසංඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත ඉතා සියුම් බැවින් එහි ධ්යානාංගාදිය අනිත්‍යාදි වශයෙන් දැකීම යෝගියාට දුෂ්කර කාර්යයෙකි. එබැවින් එය හැර එයින් පහත වූ කවර ධ්‍යානයකට හෝ සමවැදි එයින් නැඟී සිට සමවත් ධ්‍යානයේ ධ්යානාංගාදිය අනිත්‍යාදී වශයෙන් බලමින් විදර්ශනා කොට සෝතාපත්ති මාර්ග ලැබ ක්‍රමයෙන් කෙලෙසුන් මුල් සිඳ අවසන්හි රහත් බවට ද පැමිණ සසර දුක් කෙළවර කරගත හැක්ක.

පඨවි කසීණය හැර මේ ධ්‍යාන ලබත හැකි තවත් කර්මස්ථාන ඇත. ඒ පිළිබඳ ලුහුඬු සටහනෙක් පහත දැක්වෙනයි.

පඨවි කසිණ, ආපෝ කසිණ, තේජෝ කසිණ, වායෝ කසිණ, නීලකසිණ, පීතකසින, ලෝභිත කසිණ, අවදාතකසිණ, ආකාස කසිණ, ආලෝක කසිණ යන කසිණ දශය ද,

උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ජිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පූලවක, අට්ඨික යන අශුභ දශය ද, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, වාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපාන සති යන අනුස්මෘති දශය ද,

මෙත්තා, කරුණා, මුදිතා උපෙක්ඛා යන බ්‍රහ්ම විහාර සතර ද,

ආහාරයෙහි පටික්කූලසඤ්ඤව ද,

වතුධාතු වචත්ථානය ද,

ආකාසානංචායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිංචාඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන කර්මස්ථාන සතර ද,

යන මොහු ශමථ කර්මස්ථාන සතළිස ය.

මෙහිදී පරිකර්ම භාවනා උපචාර භාවනා යන භාවනා ප්‍රභේදය ද සැලකිය යුතුය. එහි පරිකර්ම භාවනා යනු අර්පණාවට පූර්ව භාගයෙහි පැවැති කාමාවචර භාවනාව ය. එය ද අර්පණාවට ළං ව ම පැවැත්තේ උපවාර භාවනා නම් වේ. අර්පණාවට ඈත් වූයේ, උපචාර භාවනාවට ද පූර්ව වූයේ පරිකර්ම භාවනා නමින් ම වැහැරැවේ. අරමුණෙහි තහවුරු වූ මහද්ගත අවස්ථාවට පැමිණි භාවනාව අර්පණා භාවනාව නමි.

පරිකර්ම නිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත යන නිමිති තුන ද දත යුතු.

පරිකර්ම භාවනාවට අරමුණු වන පඨවිකසිණ මණ්ඩලාදිය පරිකර්ම නිමිත්ත නම් වේ. එයින් සිතට ගත්, සිතෙහි වැදගත්, ඇසි පියා ගෙන සිහිකරන විට සිත ඉදිරියෙහි පෑනෙන පඨවිකසිණ මණ්ඩලාදියේ ම සටහන උද්ග්‍රහ නිමිත්ත නමි. නීවරණයන් යටපත් වීමෙන් සිත පිරිසිදු වන විට සිතට පෑනෙන ඉතා දීප්තිමත් පිරිසිදු ආලෝකය ප්‍රතිභාග නිමිත්ත යි. මේ සැකෙවිනි. වැඩි විස්තර විශුද්ධිමාර්ගාදිය බලා දත යුතු.

උඩ දැක්වුණු සියලුකමටහන්හි ම පරිකර්ම භාවනාව ලැබෙයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති වාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති, මරණසති යන අටෙහි ද ආහාරයේ පටික්කූලසඤ්ඤායෙහි ද චතු ධාතුවවත්ථානයෙහි ද උපචාර සමාධිය ම මිස අර්පණා (ධ්‍යාන) නොලැබේ. සෙසු කර්මස්ථාන තිසෙහි අර්පණා (ධ්‍යාන) ද ලැබේ. එහි ද දස කසිණ ආනාපාන යන එකොළොසින් රූපාවචර ප්‍රථමධ්‍යානය ද ලබත හැකි ය. මෙත්තා කරුණා මුදිතා යන තුනින් ප්‍රථමාදි රූපාවචර පංචමධ්‍යානය දක්වා ම ලබත හැකි ය. දස අසුභ කායගතසති යන එකොළොසින් රූපාවචර ප්‍රථමධ්‍යාන සතර ලබත හැක්ක. උපේක්ඛා බ්‍රහ්මවිහාරය වැඩීමෙන් රූපාවචරපංචම ධ්‍යානය පමණෙක් ලැබෙයි. ආකාසානංචායතනා දී අරූප කර්මස්ථාන සතර වැඩීමෙන් පිළිවෙළින්සතර අරූපධ්‍යාන ම ලබත හැක්ක.

නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්තත් උද්ග්‍රහ නිමිත්තත් හැම කර්මස්ථානයකින් ම සුදුසු පරිිදි ලැබේ. ප්‍රතිභාග නිමිත්ත දස කසිණ දස අසුභ කායගතසති ආනාපානසති යන දෙවිසි කමටහන්හි ම ලැබෙයි.

බළන්ගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමි

[QUOTE="නැකැත් රාල, post: 17248280, member: 494309"] [b]ධ්‍යාන ලැබීම හා සමථභාවනාව[/b] [SIZE="3"]ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය රූපය නිසා රාග ද්වේශ මාන ආදී අකුසල් ඔහු තුළ රැස් වෙයි. මිහිරි හඬ, මිහිරි සුවඳ, මිහිරි රස, මිහිරි පහස, ඇති දෑ නිසා ද යට කී පරිදි ම කෙලෙස් උපදී. මෙකී පි‍්‍රය රූප, පි‍්‍රය ශබ්ද, පි‍්‍රය ගන්ධ, පි‍්‍රය රස, පි‍්‍රය ස්පර්ශය (ඇඟ හැපෙන දෑ) යන පංචකාම වස්තු නම් වෙයි. සිත මොවුන් අතට යොමු වීම නිසා රාගාදිය උපදනා බැවින් එහි දොස් දක්නා තැනැත්තා ඒ පි‍්‍රය රූපාදියෙන් හිත ඉවත් කරන්නට උපායක් සිතයි. අරමුණක් නැතිව සිතෙක් නො උපදී. හැම විට ම සිත අරමුණක එල්බේ ම ය. එ බැවින් රාගාදිය ඉපැදීමට කරුණු වන ස්ත්‍රී රූපාදියෙන් සිත ඉවත් කොට ගෙන, එසේවූ රාගාදි කෙලෙස් ඉපැදීමට හේතු නොවන අරමුණෙක සිත් බැඳ තබන්නට හෙතෙම තැත් කරයි. එසේ වූ අරමුණක් සොයා ගනී. මේ වර්ගයේ අරමුණු සතළිසෙක් බණ පොත්හි දැක්වෙයි. එයින් යම් කිසි එකෙක සිත් සතන් නිසි පරිදි බැඳ තැබුවොත්, එයින් බැහැර රූපාදිය කරා ඇදෙන්නට සිතට ඉඩ නොතබා ක්‍රියා කළොත් රාග (කාමච්ඡන්ද) ආදි නීවරණ (හිතේ දියුණුව හරස් වන කිලිටි ගති) හිත්හි පහළ වන්නට ඉඩ නොලබයි. [IMG]http://www.lakehouse.lk/alokoudapadi/2014/01/08/thero.jpg[/IMG] මෙසේ මේ යටකී අන්දමේ අරමුණෙක සිත් සතන් බැඳ තැබීම එහි ම සිත එකඟ කොට පිහිටුවීම සමාධිනමි. එසේ වූ සමාධිය වැඩීම සමාධි භාවනා නමි. සමථ භාවනා යනු ද මෙය ම ය. සමථ යනු කාමච්ඡන්ද (කාමාශා) ආදීන් සංසිදුවීම යි. එය වැඩීම සමථ භාවනා නමි. මේ ශමථ භාවනා යෙහි සිත බදනා අරමුණු සතළිසක් ඇති බව යට කියන ලදී. එයින් එකෙක් පඨවි කසිණය යි. එය වඩා ධ්‍යාන ලබන අයුරු මෙහි නිදසුන් කර දක්වමු. මෙහි දී පරිත්ත්රාලම්බන මධ්යමාලම්බන අප්රමාණලබ්බන යන තුනින් තමා රිසි එකක් අරමුණු කොට ‘ප්‍රථම ධ්‍යානය ලබම්වා’ යි ඉටා පඨවි කසිණං පඨවිකසිණං’ යි බවුන් වඩන කල්හි සිතේ එකඟ බව වැඩී තහවුරු වීමෙන් විතර්ක පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංගපසින් යුත් ප්‍රථමධ්‍යාන ආජීණව පහළ ;ව්. එහි කී විතර්කාදි පස ධ්‍යානාංගයෝ ය. ඔවුන්ගෙන් කෘත්‍ය පසෙක කැරයි. විතර්කය තමා හා එක් වැ යෙදුණු චිත්ත චෛතසිකයන් කසිණ ප්‍රතිභාග නිමිත්තට (කසිණාලෝක අරමුණට) නංවයි. විචාරය තමා හා එක්වැ යෙදුණු චිත්ත චෛතසිකයන් ප්රතිගාමී නිමිත්ත හා ගලපයි; ඒ නිමිත්තෙහි හසුරුවයි. පී‍්‍රතියෙන් ඒ අරමුණෙහි චිත්ත චෛතසිකයෝ පිනා යෙත්; වර්ධනයට පැමිණෙත්, සුබය සම්ප්‍රයුක්ත ධර්මයන් සුවපත් කෙරෙයි. ඒකාග්‍රතාව තමා යෙදුණු චිත්ත චෛතසිකයන් අන් අරමුණු අතට යා නොදී කසිණාලෝක අරමුණෙහි ම යොදයි, රඳවයි. බඳියි. මෙම කෘත්‍ය පස නිසා ඒ ධ්‍යාන සිතත් සෙසු එහි වූ චෛතසිකත් කසීණප්රතිභාග නිමිත්තට ළං වෙයි. තව ද ඒ විතර්කාදී ධ්‍යානාංග පස නිසා නීවරණ පසෙක් දැවෙයි හෙවත් යට පත් වෙයි. විතර්කයෙන් ථීනමිද්ධ නීවරණය (චිත්ත චෛතසිකයන් ගේ අලස බව දැවෙයි. විචාරයෙන් විචිකිච්ඡාව (සැකය) දැවෙයි. පී‍්‍රතියෙන් ව්‍යාපාද නීවරණ දැවෙයි. සුඛයෙන් උද්ධච්චකුක්කුච්ච නීවරණය (නොසන්සුන් බව හා කුකුස) දැවෙයි. ඒකාග්‍රතායෙන් කාමච්ඡන්ද නීවරණය දැවෙයි. ධ්‍යාණ යන්නෙහි තේරුම් දෙකෙකි. ප්‍රතිභාග නිමිත්තට ළං වීම එකෙක, සතුරු නීවරණයන් දැවීම අනෙකයි. යට කී විතර්කාදී අංග පස එක්වැ මේ කෘත්‍ය දෙක ම කරයි. එහෙයින් ඒ අංග පසින් යුත් සිත ධ්‍යාන චිත්ත නමි. මේ පළමුවන ධ්‍යාන සිතයි. මේ ධ්‍යානය ලත් යෝගියා විසින් විතර්කාදී ධ්යානාංගයන්හි වහා ආවර්ජනාව පැවැත්විය හැකි බව, වහා ධ්‍යානයට සමවැදිය හැකි බව, ඉටා ගත් තරම් කාලයක් ධ්‍යානයෙහි සිටියැ හැකි බව, කලින් නියම කොට ගත් වෙලාවෙහි ම සමාපත්තියෙන් නැගී සිටියැ හැකි බව, ආවර්ජනයට ඉක්බිති වහා ධ්‍යානා¼ඞග ප්රත්යාවේක්ෂා කටහැකි යන බව යන පස පුරුදු කටයුතුයි. මොහු පංචවශිතාවෝ නම්හ. මේ අනුව ප්‍රථම ධ්‍යානයට සිය දහස් වර සම වැද එය හොඳට පුරුදු වූ කල්හි විතර්කයනැතිව විචාර පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංග සතරින් යුත් දෙවෙනි ධ්‍යානය ලබත හැකි වෙයි. එය ද යට දැක්වුණු පංච වශිතායෙන් පුරුදු කොට ගත් පසුවිචාරය ද නැති ව පී‍්‍රති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් තුන්වැනි ධ්‍යානය ලබත හැකි වෙයි. එය ද පංච වශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු පී‍්‍රතිය ද නැති සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් සතරවැනි ධ්‍යානය ලද හැකි වෙයි. එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් පසු උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් පස්වැනි ධ්‍යානය ලද හැකි වෙයි. එය ද පංච වශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුත් පස්වැනි ධ්‍යානය ලද හැකි වේ. මේ පස් වැනි ධ්‍යානය ද පංචවශිතායෙන් හුරු පුරුදු කැරැගත් පසු තෙමේ කැමැත්තේ නම් ඍඩිප්රාතිහාර්ය පෑ හැකි ඍඩිවිධඥානය , දිවකන් නුවණ, අනුන් සිතන දෑ දන්නා නුවණ, පෙර ජාතීන්හි විස්තර දක්නා නුවණ, දිවැස යන අභිඥා පස පුරුදු කළ හැකි වේ. මෙහි කී පළමුවන, දෙවෙනි, තෙවෙනි, සිවුවන පස්වන යන ධ්‍යාන පස රූපාවචර ධ්‍යාන නමින් වැහැරවේ. මේ ධ්‍යාන ලද්දාහු එයින් නොපිරිහී කලුරිය කළොත් තමා ලත් ධ්‍යානයට සුදුසු වූ රූපී බඹලොවැ උපදිති. මේ රූප ධ්‍යාන ලත් සමහරු රූපයෙහි දොස් සලකා රූපයක් නැති වැ, නාම ධර්ම පමණක් වැ ඉන්නට සිතා එයට මඟ වූ අරූප ධ්‍යාන වඩති. එහි ක්‍රමය ද මෙහි සැකෙවින් දැක්වේ. පස්වැනි ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමා කැමැති තාක් විශාල පෙදෙසක කසීණාලෝකය පතුරුවයි. ඉක්බිති ඒ කසිණ එළිය ඉවත් වේවා යි සිතයි. එළිය නොමෙනෙහි කොට හරි, ටිකක් මෙසේ උත්සාහ කිරීමේදී කසිණ එළිය ඉගිලෙයි හෙවත් නොපෙනී යයි. එහි හිස් අහසම පෙනෙන්නට වෙයි. මේ කසිණුග්ඝාටිම ආකාශ (කිසුණු ඉගිළු අහස) නම් වේ. දැන් ඒ අහස අරමුණු කොට ආකාසො ආකාසො (අහස අහස) යැ යි හෝ අනන්තෝ ආකාසෝ (අනන්ත අහස) යැයි හෝ කියමින් මෙනෙහි කරමින් ඒ කිසිණු ඉගුළු අහසෙහි සිත බැඳ තබන්නට යත්න කෙරෙයි, භාවනාව සමෘ¼ඞ වූ විට සිත ඉදිරියේ ඒ කිසුණු ඉගුළු අහස පෙනෙමින් පවතී. එය අරමුණු කොට සිත එහි ම තරයේ පිහිටයි. [IMG]http://www.dinamina.lk/2010/09/29/a1009294.jpg[/IMG] මේ පළමුවන අරූප ධ්‍යානය යි. අරමුණ කසිණාලෝකයට වඩා සියුම් බැවින් මේ අනන්ත අහස අරමුණු කරන ධ්‍යාන සිත ද එහි වූ උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙක ද එය හා යෙදුණු සෙසු චෛතසික ද යන සියල්ලෝම රූපාවචර පංචම ධ්‍යාන සම්ප්‍රයුක්ත නාමධර්මයනට වඩා සියුම් වෙති. මෙය අනන්ත කසිණුග්ඝාටිමාකාසය අරමුණු කරන බැවින් ආකාසානංචායතන ධ්යානයැ යි බැවහර වේ. ආකාසනංචායතන ධ්‍යානය ද පංචවශිතායෙන් හුරු පුරුදු කැරැගත් යෝගීතෙමෙ එයට වඩා සියුම් වූ විඤ්ඤාණංචායතන ධ්‍යානය ලැබීමෙහි සමත් වේ. හෙතෙම ආකාසානංචායතනයට සමවැද එයින් නැගී සිට අනන්ත ආකාසයෙහි එල්බැ සිටි ආකාසානංචායතන සිත හෙවත් අනන්ත විඤ්ඤාණය මෙනෙහි කරයි. අන්තිමේ දී ඔහුගේ උත්සාහය සාර්ථක වෙයි. ඇසින් රූපයක් දක්නක්හු සෙයින් තමා කලින් ලබා තුබුණු ආකාසානංචායතන සිත පැහැදිලිව මතක් කරයි; පැහැදිලි ලෙස දකී. එහි තම වර්තමාන සිත බැඳ තබයි හෙවත් එහිම එල්බ සනිටුහන් කරි. එයට ම එකඟ කෙරෙයි. මෙසේ අනන්ත විඥාන අරමුණු කොට එහි තරයේ එල්බැ පහළ වන සිත විඤ්ඤාණංචායතන (විඥාන අනන්ත ආයතන) ධ්‍යාන සිත වේ. මේ දෙවෙනි අරූප ධ්‍යානය පළමුවැන්නට වඩා සියුම් වේ. මේ විඤ්ඤාණංචායතන ධ්‍යානය පංචවශිතායෙන් හුරු පුරුදු කොට ගත්තේ එයටත් වඩා සියුම් වූ ආකිංචඤ්ඤායතන ධ්‍යානය ලබනුයෙහි සමත් වේ. හේ ෂඤ්ඤාණංචායතන ධ්‍යානයට සම වැද එයින් නැඟි හිඳ පළමුවෙන් තමා තුළ පහළ වැ තුබුණු ආකාසානංචායතන ධ්‍යාන චිත්තයා ගේ අභාවය (නැති බව) සලකයි. එය මෙනෙහි කරයි. ඒ අනන්තවිඥානය දැන් නැතැයි නැතැ යි කියමින් ඒ නැතිබව්හි සිත සමාධිගත කරන්නට තැත් කෙරෙයි. අන්තිමේ දී ඒ උත්සාහය සඵල වෙයි. ඒ ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව නැමැති ශූන්යත්වයෙහි භාවනා සිත එල්බෙයි. එයම අරමුණු කරයි. භාවනා සිත එහි ම තරයේ එකඟ වැ බැඳෙයි. මේ අවස්ථාවට වැඩුණු ඒ ශූන්‍යත්වය තරයේ අරමුණු කරමින් පහළ වන සිත ආකිංචඤ්ඤායතන (ආකිංචන්‍යය හෙවත් ඒ පළමුධ්යාන සිතේ කිසිත් නැති බව අරමුණු කරන) ධ්‍යාන සිත නම් වේ. මෙය පළමු ධ්‍යාන සිත් දෙකටම වඩා සියුම් ය. මේ තුන් වන අරූප ධ්‍යාන සිතයි. ආකිංචඤ්ඤායතන ධ්‍යාන සිතද පංචවශිතායෙන් පුරුදු කොට ගත්තේ එහි ශාන්ත බව නුවණින් සලකා බලයි. ඒ ආකිංචඤ්ඤායතන ධ්‍යාන සිත අරමුණු කොට බවුන් වඩන හෙ තෙම අන්තිමේදී එකී අරමුණෙහි ම එල්බැ දළ සංඥාවක් ද නැති සියුම් සංඥාවක් නැත්තේත් නැති හෙවත් ඉතා ම සියුම් සංඥා ස්පර්ශ වේදනාදිය ඇති සතර වන අරූප ධ්‍යාන සිත උපදවා ගනී. එය දළ සංඥාවක් නැති බැවින් හෙවත් ඉතා ම සියුම් සංඥාවක් ඇති බැවින් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත යැයි කියනු ලැබේ. ඉක්බිති ඒ තමා ලත් සතර වන අරූප ධ්‍යානය ද ඉහත කී පරිදි ම පංචවශිතායෙන් හුරු පුරුදු කොට ගෙන කැමැති සේ ධ්යානයනට සමවදින්නට ධ්‍යාන සැපයෙන් කල් යවන්නට හේ සමත් වේ. මේ අරූප ධ්‍යාන ලැබූ යෝගීහු මරණින් මතු ආකාසානංචායතන ආදී සතර අරූප තලයෙන් තමා ලත් ධ්‍යානයට ගැලපෙන බඹතලයෙහි උපදිති. මේ අරූ තලයෙහි උපන්නහුට රූපයෙක් කොහෙත් ම නැත. ඇත්තේ අරූප ධර්ම (නාම ධර්ම හෛවත් චිත්ත චෛතසික) පමණෙකි. මෙසේ කසිණ භාවනාවේ මුල් අවස්ථායෙහිදී තදංගප්රභාණයෙන් ද, අර්පණා (ධ්‍යාන) අවස්ථායෙහි දී විෂ්කම්භණ ප්‍රහාණයෙන්ද කාමච්ඡන්දාදී නීවරණයන් සංසිදුවයි. ද්විතීයධ්යානාදියෙහි දී පිළිවෙළින් විතර්කාදී ධ්‍යානාංග ද සංසිදුවයි. ආකාසානංචායතනාදි අරූප ධ්‍යානවල දී ද ධ්‍යාන සිතූත් ඒවායේ යෙදුණු උපේක්ෂා ඒකාග්‍රතා යන ධ්යානාංගත් ඒ හා යෙදුණු ස්පර්ශාදි සෙසු චෛතසිකත් ක්‍රමයෙන් අන්තිම නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයේ දී සංඥවක් ඇත්තේත් නැතැයි නැත්තේත් නැතැයි සිතක් ඇත්තේත් නැත නැත්තේත් නැතැයි ස්පර්ශාදි චෛතසික ඇත්තේත් නැත නැත්තේත් නැතැයි කියැ යුතු තරමට නාම ධර්මයන්ගේ සියුම් බව වෙයි. මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ලෞකික ධ්‍යානයන් ගේ අන්තිම තැන ය. බුදුසස්නෙන් පිටාතර කොතරම් උග්‍ර ධ්යානලාභියෙකු වුව ද නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් එහාට නොයයි. මේ ධ්‍යාන ලැබූ පමණින් සසර දුක් කෙළවර කළා නම් නොවන්නේ ය. දීර්ඝායුෂ ඇති බඹ ලොව උපන්නත් එහි ආයු කෙළවර යලිත් මිනිසෙක් හෝ දෙවියෙක් වෙයි. එසේ ඉපිද හිඳ ප්රමාදී වැ අකුසල් කළොත් අපායගාමී ද වන්නේ ය. එබැවින් මේ ධ්‍යාන ළාභය පරම සැපත ලැබීමෙක් නොවේ. එහේත ධ්‍යානලාභියාට බුදුසස්නේ පිහිටෙන් තමා ලත් ධ්‍යානය ආධාර කොට ගෙන සසර දුකින් නිදහස් වන මගට බැස්ස හැක. ඒ ධ්‍යානයක් පාදක කෙට විදර්ශනා වැඩීමෙනි. එහි ද නේවසංඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත ඉතා සියුම් බැවින් එහි ධ්යානාංගාදිය අනිත්‍යාදි වශයෙන් දැකීම යෝගියාට දුෂ්කර කාර්යයෙකි. එබැවින් එය හැර එයින් පහත වූ කවර ධ්‍යානයකට හෝ සමවැදි එයින් නැඟී සිට සමවත් ධ්‍යානයේ ධ්යානාංගාදිය අනිත්‍යාදී වශයෙන් බලමින් විදර්ශනා කොට සෝතාපත්ති මාර්ග ලැබ ක්‍රමයෙන් කෙලෙසුන් මුල් සිඳ අවසන්හි රහත් බවට ද පැමිණ සසර දුක් කෙළවර කරගත හැක්ක. පඨවි කසීණය හැර මේ ධ්‍යාන ලබත හැකි තවත් කර්මස්ථාන ඇත. ඒ පිළිබඳ ලුහුඬු සටහනෙක් පහත දැක්වෙනයි. පඨවි කසිණ, ආපෝ කසිණ, තේජෝ කසිණ, වායෝ කසිණ, නීලකසිණ, පීතකසින, ලෝභිත කසිණ, අවදාතකසිණ, ආකාස කසිණ, ආලෝක කසිණ යන කසිණ දශය ද, උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ජිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පූලවක, අට්ඨික යන අශුභ දශය ද, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, වාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපාන සති යන අනුස්මෘති දශය ද, මෙත්තා, කරුණා, මුදිතා උපෙක්ඛා යන බ්‍රහ්ම විහාර සතර ද, ආහාරයෙහි පටික්කූලසඤ්ඤව ද, වතුධාතු වචත්ථානය ද, ආකාසානංචායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිංචාඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන යන කර්මස්ථාන සතර ද, යන මොහු ශමථ කර්මස්ථාන සතළිස ය. මෙහිදී පරිකර්ම භාවනා උපචාර භාවනා යන භාවනා ප්‍රභේදය ද සැලකිය යුතුය. එහි පරිකර්ම භාවනා යනු අර්පණාවට පූර්ව භාගයෙහි පැවැති කාමාවචර භාවනාව ය. එය ද අර්පණාවට ළං ව ම පැවැත්තේ උපවාර භාවනා නම් වේ. අර්පණාවට ඈත් වූයේ, උපචාර භාවනාවට ද පූර්ව වූයේ පරිකර්ම භාවනා නමින් ම වැහැරැවේ. අරමුණෙහි තහවුරු වූ මහද්ගත අවස්ථාවට පැමිණි භාවනාව අර්පණා භාවනාව නමි. පරිකර්ම නිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත යන නිමිති තුන ද දත යුතු. පරිකර්ම භාවනාවට අරමුණු වන පඨවිකසිණ මණ්ඩලාදිය පරිකර්ම නිමිත්ත නම් වේ. එයින් සිතට ගත්, සිතෙහි වැදගත්, ඇසි පියා ගෙන සිහිකරන විට සිත ඉදිරියෙහි පෑනෙන පඨවිකසිණ මණ්ඩලාදියේ ම සටහන උද්ග්‍රහ නිමිත්ත නමි. නීවරණයන් යටපත් වීමෙන් සිත පිරිසිදු වන විට සිතට පෑනෙන ඉතා දීප්තිමත් පිරිසිදු ආලෝකය ප්‍රතිභාග නිමිත්ත යි. මේ සැකෙවිනි. වැඩි විස්තර විශුද්ධිමාර්ගාදිය බලා දත යුතු. උඩ දැක්වුණු සියලුකමටහන්හි ම පරිකර්ම භාවනාව ලැබෙයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති වාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති, මරණසති යන අටෙහි ද ආහාරයේ පටික්කූලසඤ්ඤායෙහි ද චතු ධාතුවවත්ථානයෙහි ද උපචාර සමාධිය ම මිස අර්පණා (ධ්‍යාන) නොලැබේ. සෙසු කර්මස්ථාන තිසෙහි අර්පණා (ධ්‍යාන) ද ලැබේ. එහි ද දස කසිණ ආනාපාන යන එකොළොසින් රූපාවචර ප්‍රථමධ්‍යානය ද ලබත හැකි ය. මෙත්තා කරුණා මුදිතා යන තුනින් ප්‍රථමාදි රූපාවචර පංචමධ්‍යානය දක්වා ම ලබත හැකි ය. දස අසුභ කායගතසති යන එකොළොසින් රූපාවචර ප්‍රථමධ්‍යාන සතර ලබත හැක්ක. උපේක්ඛා බ්‍රහ්මවිහාරය වැඩීමෙන් රූපාවචරපංචම ධ්‍යානය පමණෙක් ලැබෙයි. ආකාසානංචායතනා දී අරූප කර්මස්ථාන සතර වැඩීමෙන් පිළිවෙළින්සතර අරූපධ්‍යාන ම ලබත හැක්ක. නිමිති අතුරෙන් පරිකර්ම නිමිත්තත් උද්ග්‍රහ නිමිත්තත් හැම කර්මස්ථානයකින් ම සුදුසු පරිිදි ලැබේ. ප්‍රතිභාග නිමිත්ත දස කසිණ දස අසුභ කායගතසති ආනාපානසති යන දෙවිසි කමටහන්හි ම ලැබෙයි. [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQdDZDFTbjazJlHrjfWoU_beua-8lzvwKklQ7zCtaiYE4MiYeOMvQ[/IMG] බළන්ගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom