Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධෛර්යයවන්ත මිනිසා නික් වුයිචිච්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධෛර්යයවන්ත මිනිසා නික් වුයිචිච්

ඔබ වාසනාවන්තද අවාසනාවන්තද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් මේ මොහොතේ තිබුණත් නැතත් ජීවිතයේ කවදාහරි දවසක “මං මහා අවාසනාවන්තයෙක්” කියලා ඔබට හිතිලා තියෙනවද? තමන්ට “අවාසනාවන්තකමේ” ලේබල් අලවගන්න කලින් දෑත් දෙපා දෙකම අහිමිව උපන් ඕස්ට්‍රේලියානු ජාතික නික් වුයිචිච් ගැන කියන මේ ලිපිය කියවලා බලන්න.

අපි එකිනෙකාගේ ආශාවන් විවිධයි. “මට ඒ දේ තිබුණා නම්! මේ දේවල් මීට වඩා වෙනස් වුණා නම්, මට මේ මේ දේවල් නැහැ, ඒ නිසා මට මේක කරන්න බැහැ” ඔන්න ඔහොම අපි හිතනවා නේද? අපි මේ දේවල් ගැන ළතවෙන්නම මෙච්චර කාලය නාස්ති කරන්නෙ කොයි තරම් දේවල් හිමි වෙලා තියෙද්දිද? අත් පා ඔබටත් මටත් උපතින්ම හිමි වුණු දේවල්. ඒත් නිකලස් ජේම්ස් වුයිචිච් උපතින්ම දෑත් දෙපා අහිමි පුද්ගලයෙක්.

උපත

1982 දෙසැම්බර් 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී නික් ඉපදුණේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන ටෙට්රා ඇමේලියා සහලක්ෂණය උරුම කරගෙනයි. ටෙට්රා ඇමේලියා තත්ත්වයේදී පුද්ගලයාට ගාත්රා හතරම අහිමි වෙනවා. නික්ටත් ඔහුගේ අත් පා කිසිවක් නැහැ.

නික් කුඩා කල ඔහුගේ පියා සමඟ (Fatherly)

ටෙට්රා ඇමේලියා සහලක්ෂණය

මෙය ඉතා දුලබ තත්ත්වයක්. මෙහිදී පුද්ගලයාට උපතින්ම සියළු ගාත්රා අහිමි වෙනවා. ටෙට්රා (Tetra) යන ග්‍රීක වචනයේ අරුත 4 යන්නයි. ඇමේලියා (Amelia) යන්නෙන් අදහස් වන්නේ උපතට පෙර අත හෝ පාදය වර්ධනය නොවීමයි. මෙම තත්ත්වය මුහුණ, හදවත, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය, පෙනහළු සහ ලිංගික අවයව වැනි ශරීරයේ අනෙක් ස්ථාන වලටත් බලපාන්නට පුළුවන්. ටෙට්රා ඇමේලියා සහලක්ෂණය සහිතව උපදින බොහෝ දරුවන් දරුණු සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන අතර ඔවුන් උපතට පෙර මියයාම හෝ උපන් විගසම මියයාම සිදු වෙනවා. මෙම තත්ත්වය තිබියදී ජීවත් වන පිරිස ඉතාමත් අඩුයි.

ළමා කාලය

“මගේ මව වින්නඹුවක්. ඇයට දරු උපත පිළිබඳව පරිපූර්ණ දැනුමක් තිබෙනවා. ගැබ් කාලයේදී මොනයම් හෝ වරදක් ඇති බව දැණුනු නිසා ඇය එයට අදාල සියළු පරීක්ෂණ කර තිබුණත් මගේ කිසිදු අසම්පූර්ණ බවක් ඒවායේ සටහන් වී තිබුණේ නැහැ. ඒ නිසා අත් පා නැතිව මා ඉපදුණු විට එය ඇයට මහත් කම්පනයක් වී තිබුණා.” නික් ඔහු පිළිබඳව ඔහුගේ මවගේ අත්දැකීම විස්තර කර තිබුණේ එසේයි.

අත් පා අහිමිව උපන් තම දරුවා දුටු නික්ගේ පියා කලාන්ත වීමට ආසන්නව වූ බවත් ඔහුගේ මව ඇගෙන් නික්ව ඉවත් කරන ලෙසත්, ඔහු දෙස බැලීමට උවමනා නැති බවත් පැවසූ බව සඳහන් වෙනවා. නමුත් නික්ගේ පියා ඔහු පියකරු දරුවකු බව වුයිචිච් මහත්මිය සනසමින් පවසා තිබෙනවා. නික්ව නිවසට ගෙන ගිය පසු ඔහුගේ මවට ඔහුට හුරු වීමට මාස 4ක් පමණ ගත වී තිබෙනවා.

අසීරු පාසල් කාලය

නික් ඔහුගේ ආබාධිත තත්ත්වය නිසා පාසලේදී සම වයස් දරුවන්ගේ අඩම්තේට්ටම් සහ හිරිහැර කිරීම් වලට ලක්වුණා. ඔවුන් කරන කියන දේ නොසලකා හරින ලෙස ඔහුගේ දෙමව්පියන් පැවසුවත් නික්ට සුවිශේෂ ළමයෙකු වීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔහුටත් අනෙක් අයට මෙන්ම අත් පා අවශ්‍ය වුණා. තමන්ට පමණක් දෑත් දෙපා අහිමිව ඇත්තේ ඇයි දැයි කුඩා නික් නිතරම කල්පනා කළා.

වෙනත් සිසුවෙකු නික්ට සමච්චල් කිරීමේදී හෝ ක්‍රීඩාවකින් ඉවත් කිරීමේදී ඔහුට මහත් අසරණ බවක් සහ තනිකමක් දැණුනා. තමන් කිසිවිටෙක ඔහුව අතනොහරින බව දෙමව්පියන් නික්ට පැවසුවත් පාසලේදී මුහුණ දීමට සිදුවන මේ අප්‍රසන්න තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් ඔහුව විෂාදය දක්වා ගෙන ඒමට සමත් වුණා. ආරක්ෂාවක් ඇති එකම ස්ථානය ලෙස ඔහු දුටුවේ නිවස පමණයි.

“විශාල දොම්නසකින් සහ තනිකමකින් පෙළුණු මට වයස අවුරුදු 10දී සියදිවි හානි කර ගැනීමට උවමනා වුණා. මම කිසි වැඩකට නැති අයෙක් ලෙසත්, දෙමව්පියන්ට මහත් කරදරයක් බවත්, මට කිසිදාක විවාහ වන්නට නොලැබෙන බවත් හැඟුණා. මේ සියළු දේවල් සිතුණේ මම තවත් මා වැනිම අත් පා නැති පිරිමි ළමයෙකු දකිනකම් පමණයි.” එම අත්දැකීම ඔහු විස්තර කරන්නේ එලෙසයි.

‘Life without Limbs’

ඔහු දේශනයක් අතරතුරදී (SPEAKING.com)

නික් වයස අවුරුදු 17දී පමණ ‘Life Without Limbs’ නමින් ආයතනයක් පිහිටෙව්වා. අවුරුදු 19 පටන් ඔහු ධෛර්යයමත් කිරීමේ දේශන පැවැත්වීම ඇරඹූ අතර ලොව පුරා බොහෝ මිනිසුන් සමඟ ඔහු ඔහුගේ බලාපොරොත්තුවේ පණිවුඩය බෙදා ගත්තා. ඔහු දැනට රටවල් 58කට අධික ප්‍රමාණයක සංචාරය කර තිබෙනවා. ඔහු අමතන පිරිස් අතර ව්‍යාපාරික කණ්ඩායම්, ගුරුවරුන්, තරුණයන්, පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් වැනි බොහෝ දෙනා ඇතළත් වෙනවා.

“තරුණ පරම්පරාවට කතා කිරීම බොහොම විනෝදජනකයි. ඔවුන්ගේ වටිනාකම් සහ අරමුණු පිළිබඳව කතා කරමින් ඔවුන් ධෛර්යයමත් කළ යුතුයි.” නික් එසේ පවසනවා.

බලාපොරොත්තුවේ පණිවුඩය

“මම විශ්වාස කරනවා කුමන හෝ දෙයක් සිදුවන්නේ කිසියම් හේතුවක් නිසා බව. මොන දේ සිදු වුණත් ජීවිතය අතහරින්න එපා. ඔබ ඔබේ උපරිමයෙන් උත්සාහ කර දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම කළ යුතුයි. මම වැඩුණේ මෙවන් සංකල්පයක් සිතේ තබාගෙනයි. මට නොතිබූ දේවල් වලට වඩා මා සතුව තිබූ දේවල් වලට මම ස්තූතිවන්ත වුණා. අපට සමහර අවස්ථාවල ආශ්චර්යයක් වෙනුවෙන් බලා ඉන්නට සිදු වෙනවා. නමුත් එවැනි ආශ්චර්යයන් සිදු නොවන අවස්ථා තිබෙනවා. මමත් මගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වේයැයි බලාපොරොත්තු වුණා. එසේ සිදු නොවුණත් තවත් කෙනෙකුගේ ජීවිතයට ආශ්චර්යයක් ගෙන එන්නට හැකි වීමම මට ජීවත් වීමේ වටිනාකමක් ඇති කළා.”

කැනායි මියහරා

නික් සහ කැනායි (INSBRIGHT)

නික් විවාහකයි. ජපන් ඇමරිකානු සම්භවයක් ඇති ඔහුගේ බිරිය කැනායි මියහරා (Kanae Miyahara) ඔහුට මුණගැසෙන්නේ ටෙක්සාස්හිදීයි. එය දුටු මුල්ම මොහොතේ ඇති වූ ප්‍රේමයක් බව නික් පවසනවා. ඔවුන් දෙදෙනාට කියෝෂි ජේම්ස් වුයිචිච් සහ ඩේජාන් ලීවයි වුයිචිච් නමින් දරුවන් දෙදෙනෙකු සිටිනවා.

නික්, කැනායි සහ දරුවන් (puntuit)

අත් පා නැතත් නික් ගොල්ෆ්, පාපන්දු, පිහිනීම, හිම මත ලිස්සීම, ගුවන් කරණම් සහ surfing වැනි ක්‍රීඩා වල නියැලෙනවා. ඔහුගේ වම් උකුලේ කුඩා පාදයක් පිහිටා ඇති අතර සමබරතාවය පවත්වා ගැනීමට එය බොහෝ උපකාර වනවා. පහර එල්ල කිරීමටත්, ටයිප් කිරීමේදීත්, ලිවීමේදීත්, යම් යම් දේවල් ඔසවා තබා ගැනීමටත් ඔහු මෙම කුඩා පාදය භාවිතා කරනවා.

ඔහුගේ පළමු කෘතිය වන ‘Life Without Limits: Inspiration for a Ridiculously Good Life’2010 වර්ෂයේදී ප්‍රකාශයට පත් කෙරුණා. ‘Life’s Greater Purpose’ DVD පටය 2005දී එළිදැක්වූ අතර එහි ඔහුගේ එදිනෙදා ජීවිතය සහ ක්‍රියාකාරකම් අඩංගුයි. 2005දී නික් වසරේ හොඳම තරුණ ඕස්ට්‍රේලියානුවාට හිමි සම්මානය වෙනුවෙන් නම් කෙරුණා.

The Butterfly Circus

2009දී නික් රංගනයෙන් දායක වුණු The Butterfly Circus කෙටි චිත්‍රපටය Doorpost Film Project හි හොඳම චිත්‍රපටය වූ අතර එය Method Fest Film Festival හි හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගත්තා. නික්ට ඒ වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයද ලැබුණා. හොලිවුඩ්හි The Feel Good Film Festival හිදි එම චිත්‍රපටයටම 2010දී හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා.

අත්නොහැරි ජීවිතය

ආත්ම විශ්වාසය නික් වෙත නිසඟයෙන් උරුම වූවක් නොවේ. උපතින් ලද අසම්පූර්ණ ශරීරය නිසා කුඩා කළ පටන්ම බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුවත් අවසානයේදී සියල්ල පවතින අයුරින් පිළිගැනීමට ඔහු ඉගෙන ගත්තා. නික් ඔහුගේ ප්‍රශ්න විසඳාගැනීමට මුලින්ම කළේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම බව පවසනවා. වර්තමානයේ තමන් පැමිණ සිටින තත්ත්වයට ඒමට පවුල සහ මිතුරන්ද මහත් ලෙස උපකාර කළ බවත් පවසන නික් මේ වන විට ලේඛකයෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙනවා. පිහිනීම, මසුන් ඇල්ලීම, චිත්‍ර ඇඳීම වැනි දේවල්ද ඔහුගේ විනෝදාංශ ලැයිස්තුවේ ඇතුළත්.

[QUOTE="Idias, post: 23476945, member: 556682"] [b]ධෛර්යයවන්ත මිනිසා නික් වුයිචිච්[/b] [SIZE=4]ඔබ වාසනාවන්තද අවාසනාවන්තද? ඒ ප්‍රශ්නයට පිළිතුරක් මේ මොහොතේ තිබුණත් නැතත් ජීවිතයේ කවදාහරි දවසක “මං මහා අවාසනාවන්තයෙක්” කියලා ඔබට හිතිලා තියෙනවද? තමන්ට “අවාසනාවන්තකමේ” ලේබල් අලවගන්න කලින් දෑත් දෙපා දෙකම අහිමිව උපන් ඕස්ට්‍රේලියානු ජාතික නික් වුයිචිච් ගැන කියන මේ ලිපිය කියවලා බලන්න.[/SIZE] [SIZE=4]අපි එකිනෙකාගේ ආශාවන් විවිධයි. “මට ඒ දේ තිබුණා නම්! මේ දේවල් මීට වඩා වෙනස් වුණා නම්, මට මේ මේ දේවල් නැහැ, ඒ නිසා මට මේක කරන්න බැහැ” ඔන්න ඔහොම අපි හිතනවා නේද? අපි මේ දේවල් ගැන ළතවෙන්නම මෙච්චර කාලය නාස්ති කරන්නෙ කොයි තරම් දේවල් හිමි වෙලා තියෙද්දිද? අත් පා ඔබටත් මටත් උපතින්ම හිමි වුණු දේවල්. ඒත් නිකලස් ජේම්ස් වුයිචිච් උපතින්ම දෑත් දෙපා අහිමි පුද්ගලයෙක්.[/SIZE] [B][SIZE=4][B]උපත[/B][/SIZE][/B] [SIZE=4]1982 දෙසැම්බර් 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී නික් ඉපදුණේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන ටෙට්රා ඇමේලියා සහලක්ෂණය උරුම කරගෙනයි. ටෙට්රා ඇමේලියා තත්ත්වයේදී පුද්ගලයාට ගාත්රා හතරම අහිමි වෙනවා. නික්ටත් ඔහුගේ අත් පා කිසිවක් නැහැ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/2.-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BD-%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-Fatherly.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නික් කුඩා කල ඔහුගේ පියා සමඟ (Fatherly)[/SIZE] [B][SIZE=4][B]ටෙට්රා ඇමේලියා සහලක්ෂණය[/B][/SIZE][/B] [SIZE=4]මෙය ඉතා දුලබ තත්ත්වයක්. මෙහිදී පුද්ගලයාට උපතින්ම සියළු ගාත්රා අහිමි වෙනවා. ටෙට්රා (Tetra) යන ග්‍රීක වචනයේ අරුත 4 යන්නයි. ඇමේලියා (Amelia) යන්නෙන් අදහස් වන්නේ උපතට පෙර අත හෝ පාදය වර්ධනය නොවීමයි. මෙම තත්ත්වය මුහුණ, හදවත, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය, පෙනහළු සහ ලිංගික අවයව වැනි ශරීරයේ අනෙක් ස්ථාන වලටත් බලපාන්නට පුළුවන්. ටෙට්රා ඇමේලියා සහලක්ෂණය සහිතව උපදින බොහෝ දරුවන් දරුණු සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන අතර ඔවුන් උපතට පෙර මියයාම හෝ උපන් විගසම මියයාම සිදු වෙනවා. මෙම තත්ත්වය තිබියදී ජීවත් වන පිරිස ඉතාමත් අඩුයි.[/SIZE] [B][SIZE=4][B]ළමා කාලය[/B][/SIZE][/B] [SIZE=4]“මගේ මව වින්නඹුවක්. ඇයට දරු උපත පිළිබඳව පරිපූර්ණ දැනුමක් තිබෙනවා. ගැබ් කාලයේදී මොනයම් හෝ වරදක් ඇති බව දැණුනු නිසා ඇය එයට අදාල සියළු පරීක්ෂණ කර තිබුණත් මගේ කිසිදු අසම්පූර්ණ බවක් ඒවායේ සටහන් වී තිබුණේ නැහැ. ඒ නිසා අත් පා නැතිව මා ඉපදුණු විට එය ඇයට මහත් කම්පනයක් වී තිබුණා.” නික් ඔහු පිළිබඳව ඔහුගේ මවගේ අත්දැකීම විස්තර කර තිබුණේ එසේයි.[/SIZE] [SIZE=4]අත් පා අහිමිව උපන් තම දරුවා දුටු නික්ගේ පියා කලාන්ත වීමට ආසන්නව වූ බවත් ඔහුගේ මව ඇගෙන් නික්ව ඉවත් කරන ලෙසත්, ඔහු දෙස බැලීමට උවමනා නැති බවත් පැවසූ බව සඳහන් වෙනවා. නමුත් නික්ගේ පියා ඔහු පියකරු දරුවකු බව වුයිචිච් මහත්මිය සනසමින් පවසා තිබෙනවා. නික්ව නිවසට ගෙන ගිය පසු ඔහුගේ මවට ඔහුට හුරු වීමට මාස 4ක් පමණ ගත වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4][B]අසීරු පාසල් කාලය[/B][/SIZE][/B] [SIZE=4]නික් ඔහුගේ ආබාධිත තත්ත්වය නිසා පාසලේදී සම වයස් දරුවන්ගේ අඩම්තේට්ටම් සහ හිරිහැර කිරීම් වලට ලක්වුණා. ඔවුන් කරන කියන දේ නොසලකා හරින ලෙස ඔහුගේ දෙමව්පියන් පැවසුවත් නික්ට සුවිශේෂ ළමයෙකු වීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔහුටත් අනෙක් අයට මෙන්ම අත් පා අවශ්‍ය වුණා. තමන්ට පමණක් දෑත් දෙපා අහිමිව ඇත්තේ ඇයි දැයි කුඩා නික් නිතරම කල්පනා කළා.[/SIZE] [SIZE=4]වෙනත් සිසුවෙකු නික්ට සමච්චල් කිරීමේදී හෝ ක්‍රීඩාවකින් ඉවත් කිරීමේදී ඔහුට මහත් අසරණ බවක් සහ තනිකමක් දැණුනා. තමන් කිසිවිටෙක ඔහුව අතනොහරින බව දෙමව්පියන් නික්ට පැවසුවත් පාසලේදී මුහුණ දීමට සිදුවන මේ අප්‍රසන්න තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් ඔහුව විෂාදය දක්වා ගෙන ඒමට සමත් වුණා. ආරක්ෂාවක් ඇති එකම ස්ථානය ලෙස ඔහු දුටුවේ නිවස පමණයි.[/SIZE] [SIZE=4]“විශාල දොම්නසකින් සහ තනිකමකින් පෙළුණු මට වයස අවුරුදු 10දී සියදිවි හානි කර ගැනීමට උවමනා වුණා. මම කිසි වැඩකට නැති අයෙක් ලෙසත්, දෙමව්පියන්ට මහත් කරදරයක් බවත්, මට කිසිදාක විවාහ වන්නට නොලැබෙන බවත් හැඟුණා. මේ සියළු දේවල් සිතුණේ මම තවත් මා වැනිම අත් පා නැති පිරිමි ළමයෙකු දකිනකම් පමණයි.” එම අත්දැකීම ඔහු විස්තර කරන්නේ එලෙසයි.[/SIZE] [B][SIZE=4][B]‘Life without Limbs’[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/4.-%E0%B6%94%E0%B7%84%E0%B7%94-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%93-SPEAKING.com_.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔහු දේශනයක් අතරතුරදී (SPEAKING.com)[/SIZE] [SIZE=4]නික් වයස අවුරුදු 17දී පමණ[URL="https://www.lifewithoutlimbs.org/about-life-without-limbs/"] ‘Life Without Limbs’[/URL] නමින් ආයතනයක් පිහිටෙව්වා. අවුරුදු 19 පටන් ඔහු ධෛර්යයමත් කිරීමේ දේශන පැවැත්වීම ඇරඹූ අතර ලොව පුරා බොහෝ මිනිසුන් සමඟ ඔහු ඔහුගේ බලාපොරොත්තුවේ පණිවුඩය බෙදා ගත්තා. ඔහු දැනට රටවල් 58කට අධික ප්‍රමාණයක සංචාරය කර තිබෙනවා. ඔහු අමතන පිරිස් අතර ව්‍යාපාරික කණ්ඩායම්, ගුරුවරුන්, තරුණයන්, පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් වැනි බොහෝ දෙනා ඇතළත් වෙනවා.[/SIZE] [SIZE=4]“තරුණ පරම්පරාවට කතා කිරීම බොහොම විනෝදජනකයි. ඔවුන්ගේ වටිනාකම් සහ අරමුණු පිළිබඳව කතා කරමින් ඔවුන් ධෛර්යයමත් කළ යුතුයි.” නික් එසේ පවසනවා.[/SIZE] [B][SIZE=4][B]බලාපොරොත්තුවේ පණිවුඩය[/B][/SIZE][/B] [SIZE=4]“මම විශ්වාස කරනවා කුමන හෝ දෙයක් සිදුවන්නේ කිසියම් හේතුවක් නිසා බව. මොන දේ සිදු වුණත් ජීවිතය අතහරින්න එපා. ඔබ ඔබේ උපරිමයෙන් උත්සාහ කර දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම කළ යුතුයි. මම වැඩුණේ මෙවන් සංකල්පයක් සිතේ තබාගෙනයි. මට නොතිබූ දේවල් වලට වඩා මා සතුව තිබූ දේවල් වලට මම ස්තූතිවන්ත වුණා. අපට සමහර අවස්ථාවල ආශ්චර්යයක් වෙනුවෙන් බලා ඉන්නට සිදු වෙනවා. නමුත් එවැනි ආශ්චර්යයන් සිදු නොවන අවස්ථා තිබෙනවා. මමත් මගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වේයැයි බලාපොරොත්තු වුණා. එසේ සිදු නොවුණත් තවත් කෙනෙකුගේ ජීවිතයට ආශ්චර්යයක් ගෙන එන්නට හැකි වීමම මට ජීවත් වීමේ වටිනාකමක් ඇති කළා.”[/SIZE] [B][SIZE=4][B]කැනායි මියහරා[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/5.-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-INSBRIGHT.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නික් සහ කැනායි (INSBRIGHT)[/SIZE] [SIZE=4]නික් විවාහකයි. ජපන් ඇමරිකානු සම්භවයක් ඇති ඔහුගේ බිරිය කැනායි මියහරා (Kanae Miyahara) ඔහුට මුණගැසෙන්නේ ටෙක්සාස්හිදීයි. එය දුටු මුල්ම මොහොතේ ඇති වූ ප්‍රේමයක් බව නික් පවසනවා. ඔවුන් දෙදෙනාට කියෝෂි ජේම්ස් වුයිචිච් සහ ඩේජාන් ලීවයි වුයිචිච් නමින් දරුවන් දෙදෙනෙකු සිටිනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/6.-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-puntuit.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නික්, කැනායි සහ දරුවන් (puntuit)[/SIZE] [SIZE=4]අත් පා නැතත් නික් ගොල්ෆ්, පාපන්දු, පිහිනීම, හිම මත ලිස්සීම, ගුවන් කරණම් සහ surfing වැනි ක්‍රීඩා වල නියැලෙනවා. ඔහුගේ වම් උකුලේ කුඩා පාදයක් පිහිටා ඇති අතර සමබරතාවය පවත්වා ගැනීමට එය බොහෝ උපකාර වනවා. පහර එල්ල කිරීමටත්, ටයිප් කිරීමේදීත්, ලිවීමේදීත්, යම් යම් දේවල් ඔසවා තබා ගැනීමටත් ඔහු මෙම කුඩා පාදය භාවිතා කරනවා.[/SIZE] [SIZE=4]ඔහුගේ පළමු කෘතිය වන [I]‘[/I]Life Without Limits: Inspiration for a Ridiculously Good Life’2010 වර්ෂයේදී ප්‍රකාශයට පත් කෙරුණා[I]. [/I]‘Life’s Greater Purpose’ DVD පටය 2005දී එළිදැක්වූ අතර එහි ඔහුගේ එදිනෙදා ජීවිතය සහ ක්‍රියාකාරකම් අඩංගුයි. 2005දී නික් වසරේ හොඳම තරුණ ඕස්ට්‍රේලියානුවාට හිමි සම්මානය වෙනුවෙන් නම් කෙරුණා.[/SIZE] [B][SIZE=4][B]The Butterfly Circus[/B][/SIZE][/B] [SIZE=4]2009දී නික් රංගනයෙන් දායක වුණු[URL="https://www.youtube.com/watch?v=p98KAEif3bI"] The Butterfly Circus[/URL] කෙටි චිත්‍රපටය Doorpost Film Project හි හොඳම චිත්‍රපටය වූ අතර එය Method Fest Film Festival හි හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගත්තා. නික්ට ඒ වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානයද ලැබුණා. හොලිවුඩ්හි The Feel Good Film Festival හිදි එම චිත්‍රපටයටම 2010දී හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා.[/SIZE] [B][SIZE=4][B]අත්නොහැරි ජීවිතය[/B][/SIZE][/B] [SIZE=4]ආත්ම විශ්වාසය නික් වෙත නිසඟයෙන් උරුම වූවක් නොවේ. උපතින් ලද අසම්පූර්ණ ශරීරය නිසා කුඩා කළ පටන්ම බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුවත් අවසානයේදී සියල්ල පවතින අයුරින් පිළිගැනීමට ඔහු ඉගෙන ගත්තා. නික් ඔහුගේ ප්‍රශ්න විසඳාගැනීමට මුලින්ම කළේ දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම බව පවසනවා. වර්තමානයේ තමන් පැමිණ සිටින තත්ත්වයට ඒමට පවුල සහ මිතුරන්ද මහත් ලෙස උපකාර කළ බවත් පවසන නික් මේ වන විට ලේඛකයෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙනවා. පිහිනීම, මසුන් ඇල්ලීම, චිත්‍ර ඇඳීම වැනි දේවල්ද ඔහුගේ විනෝදාංශ ලැයිස්තුවේ ඇතුළත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom