Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නගර සභා මුරකරුගේ ගිණුමේ කෝටි 4ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තම සහෝදරයාගේ හෙරොයින් ජාවාරමට ආධාර උපකාර කරමින් ඊෂිකෑෂ් ක්‍රමයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් උපයාගත් බව කියන, කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්ත ලියනගේ මහතා ඊයේ (21) නීයෝග කළේය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ

“ඒ” වාට්ටුවේ සිර අංක 1840 දරන “දනුෂ රසාංග" නමැත්තා බන්ධනාගාරය තුළ සිටිමින් "ඊෂි කෑෂ් ක්‍රමයෙන්"

හෙරොයින් ජාවාරම් කර රුපියල් කෝටි 05කට අධික මුදලක් උපයාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ආරම්භ කළ විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තූව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ "දනුෂ රසාංග" යන අයගේ සහෝදරයා වූ, නො. 26, අයි.ඩී.එච්. පාර, සාලමුල්ල, කොළොන්නාව ලිපිනයේ පදිංචි, කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු වන කොකු හැන්දිගේ තිසර තරංග නමැත්තාය.

'ඊසි කෑෂ් ' ක්‍රමය උපයෝගී කර ගනිමින්, සැකකටයුතු ලෙස ඉපැයූ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් 2006 අංක 06 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 03 වන වගක්තිය ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද විමලසිරි මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත. "ඊසි කැෂ්" ක්‍රමය සහ 'එම් කෑෂ්' ක්‍රමය මගින් නීති විරෝධීව මුදල් උපයා ඇති බවට මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂවරයා විසින් ඉකුත් ජුලි මස 03 වැනිදාය. එම පැමිණිල්ලට අනුව සැකකටයුතු ලෙස මුදල් ගනුදෙනු සිදුකර ඇතැයි සඳහන් වන දනුක රසාංග නැමැත්තාගේ බිරිඳ වන සාලමුල්ල, කොළොන්නාවේ පදිංචි බි.ජී. සමන්තා ප්‍රියදර්ශනී යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, ඇය 2014, 2017 සහ 2018 යන වර්ෂවල දී ජංගම දුරකතන සිම්කාඩ්පත් 05ක් මිලදී ගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එම තැනැත්තිය ලබාගත් සිම්කාඩිපත් පහෙන් තුනක් ඇය විසින් ඇයගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා වන තිසර තරංග යන අයට දෙනු ලැබ ඇති බවත්, අනෙක් සිම්කාඩ්පත් දෙක ඇය භාවිත කර ඇති බවත්ය. තම ස්වාමිපුරුෂයා වන දනුක රසාංග නමැත්තා හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී කැලණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, ඔහුට බන්ධනාගාරයේ සිට දුම්කොළ සහ ජංගම දුරකතන අලෙවි කිරිමෙන් ලැබෙන මුදල් විටින් විට ඊසි කෑෂ් මගින් තමන්ට එවන බවත් එම තැනැත්තිය ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. තම පුරුෂයා විසින් එවනු ලබන මුදල් ඔහුගේ නඩු කටයුතු සඳහා ඔහු කියන පුද්ගලයින් වෙත ලබා දෙන බවත්, අනෙක් මුදලින් තමා පුද්ගලයින් 5 දෙනෙකුට මුදල් පොලියට ලබා දී ඇති බවත් එම කාන්තාව ප්‍රකාශ ලබා දී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මහ බැංකු වාර්තාවට අනුව මෙම තැනැත්තිය භාවිත කළ ජංගම දුරකතනවලින් ඊසි කෑෂ් මගින් 2018 සහ 2019 යන වර්ෂයන්ට අදාළව මුදල් රුපියල් දහතුන්ලක්ෂ හැත්තෑඅටදහස් හත්සියයක මුදලක් ගනුදෙනු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම සිද්ධියට අදාළ සැකකරු වන දනුෂ රසාංග නමැත්තාගේ සහෝදරයා වන තිසර තරංග යන අයගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව ඔහු කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලෙස සේවය කරන අතර මුදල් පොලියට දෙන අයකු බවත්, ඔහුගේ ජංගම දුරකතනයට ඊසි කෑෂ් ක්‍රමය මගින් බන්ධනාගාරයේ සිටින සහෝදරයා ලබා දෙන මුදල් ඔහු කියන පුද්ගලයින්ට ඔහුගේ නඩු සඳහාත් ලබා දෙන බවත් ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර ඇත.

ඒ අනුව මෙම සැකකරුගේ ජංගම දුරකතනයෙන් “ඊසි කෑෂ්" මගින් 2018 සහ 2019 යන වර්ෂයන්ට අදාළ මුදල් රුපියල් තුන්කෝටි හතළිස් පන්ලක්ෂ හතළිස් දහස් නවසිය හතළිස් පහක මුදලක් ගනුදෙනු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුවක්ගහවත්ත පාර, සිංහපුර කොළොන්නාව පදිංචි බටගොඩ කංකානම්ලාගේ දොන් තිළිණි ඉමල්කා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඇය රැකියාවක් නොකරන අයකු වන අතර මීට වසර හයකට පමණ පෙර විරාත් චාමර නමැත්තෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවටත් කරුණු අනාවරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තු සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම තිලිණි ඉමල්කා නමැත්තියට දුරකතන සිම්කාඩ්පත් පහක් ලබා ගැනීමට උපදෙස් දී ඇත්තේ විරාත් චාමර නමැත්තා බවත් ඔහු 2016 සිට සෑම වර්ෂයකම වරින් වර බන්ධනාගාර ගත වන බවත්ය. එම කාලය තුළ විරාත් චාමර නැමැත්තා දනුෂ රසාංග යන අය සමග මත්ද්‍රව්‍ය අලෙවි කර එම මුදල් තිළිණි ඉමල්කා වෙත ලබා දෙන බවට විරාත් චාමර නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව නැවතත් තිළිණි ඉමල්කා යන අයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාර ගතව සිටි දනුෂ රසාංග නමැත්තා මෙම තිළිණි ඉමල්කා යන අය සමග සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඔහුගේ දැනුම් දීම මත ඊසී කෑෂ් ක්‍රමය මගින් මුදල් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඊසි කෑෂ් ක්‍රමය මගින් ලැබෙන මෙම මුදල් තිළිණී නමැත්තිය බැංකු ගත කර ඇති බවත්, බන්ධනාගාරයේ සිට දනුෂ රසාංග නැමැත්තා මුදල් ලබාදෙන ලෙසට නම් කරන පුද්ගලයන්ට එම මුදල් ලබා දී ඇති බවත්ය. ඒ අනුව, මහ බැංකු වාර්තාවට අනුව මෙම තැනැත්තිය භාවිත කළ ජංගම දුරකතනවලින් ඊසි කෑෂ් මගින් 2018 සහ 2019 යන වර්ෂයන්ට අදාළව රුපියල් එක්කෝටි එකොළොස් ලක්ෂ අනූ දෙදහස් නවසිය හතළිස් හතක මුදලක් ගනුදෙනු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම තැනැත්තන්ගේ ප්‍රකාශ මත බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා කැඳවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිපි යොමු කර ඇති බවත්, මොවුන් සම්බන්ධයෙන් වූ වැරැදි සොයා බැලීම සඳහා අපරාධ වාර්තතා කොට්ඨාසය හා පොලිස් මත්වුවා කාර්යාංශය වෙත ලිපි යොමු කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සිර අංක 1840 දරන දනුෂ රසාංග යන අයගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය ඒ අනුව ඉදිරි සතිය තුළ එම ප්‍රකාශය ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.

-නිමන්ති රණසිංහ-

[QUOTE="hichchiputha, post: 25693886, member: 565736"] කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තම සහෝදරයාගේ හෙරොයින් ජාවාරමට ආධාර උපකාර කරමින් ඊෂිකෑෂ් ක්‍රමයෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් උපයාගත් බව කියන, කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියත්ත ලියනගේ මහතා ඊයේ (21) නීයෝග කළේය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “ඒ” වාට්ටුවේ සිර අංක 1840 දරන “දනුෂ රසාංග" නමැත්තා බන්ධනාගාරය තුළ සිටිමින් "ඊෂි කෑෂ් ක්‍රමයෙන්" හෙරොයින් ජාවාරම් කර රුපියල් කෝටි 05කට අධික මුදලක් උපයාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ආරම්භ කළ විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තූව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ "දනුෂ රසාංග" යන අයගේ සහෝදරයා වූ, නො. 26, අයි.ඩී.එච්. පාර, සාලමුල්ල, කොළොන්නාව ලිපිනයේ පදිංචි, කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු වන කොකු හැන්දිගේ තිසර තරංග නමැත්තාය. 'ඊසි කෑෂ් ' ක්‍රමය උපයෝගී කර ගනිමින්, සැකකටයුතු ලෙස ඉපැයූ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් 2006 අංක 06 දරන මුදල් විශුද්ධිකරණ පනතේ 03 වන වගක්තිය ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද විමලසිරි මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත. "ඊසි කැෂ්" ක්‍රමය සහ 'එම් කෑෂ්' ක්‍රමය මගින් නීති විරෝධීව මුදල් උපයා ඇති බවට මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂවරයා විසින් ඉකුත් ජුලි මස 03 වැනිදාය. එම පැමිණිල්ලට අනුව සැකකටයුතු ලෙස මුදල් ගනුදෙනු සිදුකර ඇතැයි සඳහන් වන දනුක රසාංග නැමැත්තාගේ බිරිඳ වන සාලමුල්ල, කොළොන්නාවේ පදිංචි බි.ජී. සමන්තා ප්‍රියදර්ශනී යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, ඇය 2014, 2017 සහ 2018 යන වර්ෂවල දී ජංගම දුරකතන සිම්කාඩ්පත් 05ක් මිලදී ගෙන ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ එම තැනැත්තිය ලබාගත් සිම්කාඩිපත් පහෙන් තුනක් ඇය විසින් ඇයගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා වන තිසර තරංග යන අයට දෙනු ලැබ ඇති බවත්, අනෙක් සිම්කාඩ්පත් දෙක ඇය භාවිත කර ඇති බවත්ය. තම ස්වාමිපුරුෂයා වන දනුක රසාංග නමැත්තා හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී කැලණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, ඔහුට බන්ධනාගාරයේ සිට දුම්කොළ සහ ජංගම දුරකතන අලෙවි කිරිමෙන් ලැබෙන මුදල් විටින් විට ඊසි කෑෂ් මගින් තමන්ට එවන බවත් එම තැනැත්තිය ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. තම පුරුෂයා විසින් එවනු ලබන මුදල් ඔහුගේ නඩු කටයුතු සඳහා ඔහු කියන පුද්ගලයින් වෙත ලබා දෙන බවත්, අනෙක් මුදලින් තමා පුද්ගලයින් 5 දෙනෙකුට මුදල් පොලියට ලබා දී ඇති බවත් එම කාන්තාව ප්‍රකාශ ලබා දී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මහ බැංකු වාර්තාවට අනුව මෙම තැනැත්තිය භාවිත කළ ජංගම දුරකතනවලින් ඊසි කෑෂ් මගින් 2018 සහ 2019 යන වර්ෂයන්ට අදාළව මුදල් රුපියල් දහතුන්ලක්ෂ හැත්තෑඅටදහස් හත්සියයක මුදලක් ගනුදෙනු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම සිද්ධියට අදාළ සැකකරු වන දනුෂ රසාංග නමැත්තාගේ සහෝදරයා වන තිසර තරංග යන අයගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව ඔහු කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු ලෙස සේවය කරන අතර මුදල් පොලියට දෙන අයකු බවත්, ඔහුගේ ජංගම දුරකතනයට ඊසි කෑෂ් ක්‍රමය මගින් බන්ධනාගාරයේ සිටින සහෝදරයා ලබා දෙන මුදල් ඔහු කියන පුද්ගලයින්ට ඔහුගේ නඩු සඳහාත් ලබා දෙන බවත් ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර ඇත. ඒ අනුව මෙම සැකකරුගේ ජංගම දුරකතනයෙන් “ඊසි කෑෂ්" මගින් 2018 සහ 2019 යන වර්ෂයන්ට අදාළ මුදල් රුපියල් තුන්කෝටි හතළිස් පන්ලක්ෂ හතළිස් දහස් නවසිය හතළිස් පහක මුදලක් ගනුදෙනු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුවක්ගහවත්ත පාර, සිංහපුර කොළොන්නාව පදිංචි බටගොඩ කංකානම්ලාගේ දොන් තිළිණි ඉමල්කා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඇය රැකියාවක් නොකරන අයකු වන අතර මීට වසර හයකට පමණ පෙර විරාත් චාමර නමැත්තෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවටත් කරුණු අනාවරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තු සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම තිලිණි ඉමල්කා නමැත්තියට දුරකතන සිම්කාඩ්පත් පහක් ලබා ගැනීමට උපදෙස් දී ඇත්තේ විරාත් චාමර නමැත්තා බවත් ඔහු 2016 සිට සෑම වර්ෂයකම වරින් වර බන්ධනාගාර ගත වන බවත්ය. එම කාලය තුළ විරාත් චාමර නැමැත්තා දනුෂ රසාංග යන අය සමග මත්ද්‍රව්‍ය අලෙවි කර එම මුදල් තිළිණි ඉමල්කා වෙත ලබා දෙන බවට විරාත් චාමර නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව නැවතත් තිළිණි ඉමල්කා යන අයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාර ගතව සිටි දනුෂ රසාංග නමැත්තා මෙම තිළිණි ඉමල්කා යන අය සමග සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඔහුගේ දැනුම් දීම මත ඊසී කෑෂ් ක්‍රමය මගින් මුදල් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත. අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, ඊසි කෑෂ් ක්‍රමය මගින් ලැබෙන මෙම මුදල් තිළිණී නමැත්තිය බැංකු ගත කර ඇති බවත්, බන්ධනාගාරයේ සිට දනුෂ රසාංග නැමැත්තා මුදල් ලබාදෙන ලෙසට නම් කරන පුද්ගලයන්ට එම මුදල් ලබා දී ඇති බවත්ය. ඒ අනුව, මහ බැංකු වාර්තාවට අනුව මෙම තැනැත්තිය භාවිත කළ ජංගම දුරකතනවලින් ඊසි කෑෂ් මගින් 2018 සහ 2019 යන වර්ෂයන්ට අදාළව රුපියල් එක්කෝටි එකොළොස් ලක්ෂ අනූ දෙදහස් නවසිය හතළිස් හතක මුදලක් ගනුදෙනු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙම තැනැත්තන්ගේ ප්‍රකාශ මත බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා කැඳවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිපි යොමු කර ඇති බවත්, මොවුන් සම්බන්ධයෙන් වූ වැරැදි සොයා බැලීම සඳහා අපරාධ වාර්තතා කොට්ඨාසය හා පොලිස් මත්වුවා කාර්යාංශය වෙත ලිපි යොමු කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සිර අංක 1840 දරන දනුෂ රසාංග යන අයගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය ඒ අනුව ඉදිරි සතිය තුළ එම ප්‍රකාශය ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි. -නිමන්ති රණසිංහ- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom