නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද?

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද?

    නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද?

    Bendera-Nazi.jpg

    නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලූත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡුා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. මෙය එහි දේශපාලන අර්ථයක කැටි කරගත් කෙටි තීරුවකි. එම කෘතියේ දෙවෙනි පරිච්ඡේදයේ අපගේ අවධානයට ලක්විය යුතු කරුණක් තිබේ. ඒ මෙයයි: නට්සින් විසින් ජර්මනියේ කරන ලද අතිවිශාල මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුත්තේ හිට්ලර්ගේ විශේෂ ඝාතක කණ්ඩායම්ය යන්න සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන දෙයකි. හිට්ලර්ගේ මිනීමරු රහස් පොලිසිය වු ගෙස්ටාපෝව සිය උකුසු ඇසින් බලා සතුරන් යැයි සැලකෙන අය අල්ලා ඝාතනය කළ බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එකල ජර්මනිය ගැන චිත‍්‍රපටිවලින් කෙරෙන්නේද එවැනි චිත‍්‍රණයකි.

    එහෙත් නට්සින්ගේ කතාව නම් මේ පොත ඊට වඩා වෙනස් විදියකට කරුණු වටහා ගන්නට අපට උපකාර වෙයි. ජර්මනියේ සිදු වූ අපරාධවලට සරිලන තරමට නට්සි පක්ෂයේ සාමාජිකයෝ හෝ ගෙස්ටාපෝ පොලිස් මැරයෝ ජර්මනියේ නොසිටියහ. හිට්ලර් විසින් ජාතිවාදී දෘෂ්ටිවාදය වපුරන ලද පසු බොහෝ ජර්මන් වැසියෝ ඒ දෘෂ්ටිවාදය තමන් වෙත අන්තරීකරණය කරගෙන පවත්වාගෙන ගියහ. ඔවුහු මනුෂ්‍ය ඝාතනවලට ස්වේච්ඡුාවෙන්ම උදව් කළහ.

    මේ කරුණ හොඳින්ම පෙනෙන්නේ ගෙස්ටාපෝ ලේඛනාගාරයකින් හමු වූ ලිපිගොණු 18000ක් පමණ පරීක්ෂා කිරීමේදීය. නට්සින්ගේ මෙවැනි ලිපි ගොණු දහස් ගණනක් මිත‍්‍ර හමුදා එන්නට පෙර ගිනි තබා විනාශ කර දැැමිණ. එහෙත් වූර්ස්බර්ග් නගරයේ පැවැති මෙවැනි ලේඛනාගාරයක වූ ලේඛන විනාශ කරන්නට පෙර ඇමරිකානු හමුදා ඒ නගරය යටත් කර ගත්තේය. ඒ නිසා ලිපිගොණු විශාල ප‍්‍රමාණයක් ඉතිරි විය. ඒවායේ එන්නේ නට්සි විරෝධීන් යැයි සැලකෙන හෝ යුදෙව් ජාතිකයන් සමග සම්බන්ධතා ඇතැයි සැලකෙන හෝ අයගේ පෞද්ගලික විස්තරය. ඒවා ඒඒ පුද්ගලයන් ගැන රහස් පොලිස් වාර්තාය.

    එහෙත් මේ වාර්තාවල තොරතුරු රහස් පොලීසිය විසින් මහන්සි වී සොයාගත් ඒවා නොවේ. ඇතැම් විට නට්සි පක්ෂයේ සාමාජිකයන් විසින් වාර්තා කරන ලද තොරතුරුද නොවේ. සාමාන්‍ය ජර්මානුවන් විසින් විවිධ හේතු නිසා තමන් අකමැති අයට විරුද්ධව කරන ලද පැමිණිලි ඇසුරින් ඒ බොහෝ වාර්තා සකස් වී ඇත.
    හිට්ලර් සම්බන්ධයෙන් කෙනෙකු විහිළු කළේ යැයි කෙනෙකුට ආරංචි වෙයි. ඔහු එය ගෙස්ටාපෝවට හෝ නට්සින්ට වාර්තා කරයි. වයස්ගත කාන්තාවක වසන තට්ටු නිවාසය කෙනෙකුට අවශ්‍ය වෙයි. ඔහු ඈට විරුද්ධව පැමිණිලි කරයි. නට්සින් බලයට පත් වෙන විට යුදෙව්-ක‍්‍රිස්තියානි විවාහ සම්බන්ධතා පවා නීතියෙන් තහනම් වූවක් නොවේ. බොහෝ දෙනා එවැනි මානව සම්බන්ධතා පැවැත්වූහ. එහෙත් නට්සින් විසින් ජාතිවාදී අදහස් අධිපති අදහස් බවට පෙරලන ලද පසු සාමාන්‍ය ජර්මානුවෝ යටකී මානව සම්බන්ධතා පවා වරදක් සේ දැක පොලීසියට වාර්තා කළහ.

    හිට්ලර්ගේ සාර්ථකත්වය යනු ඔහුගේ පොලීසියේ සාර්ථකත්වය නොව ඔහුගේ ජාතිවාදයට ස්වේච්ඡුාවෙන්ම සහභාගි වීමට විශාල ජර්මානුවන් පිරිසක් එක`ග කරගැනීමේ සාර්ථකත්වයයි. සීමාන්තික දෘෂ්ටිවාද පතුරුවන නායකයන්ගෙන් සිදු වන විනාශය මෙයයි. රට දේශද්‍රෝහි-දේශපේ‍්‍රමී යනාදි වශයෙන් දෙකට බෙදන දෘෂ්ටිවාදය පතුරු වන ලද පසු තම නායකයා වෙනුවෙන් දේශද්‍රෝහීන් නම් කිරීමේ කාර්ය බාරගන්නා අය එමට සිටිති. එහිදී ඔවුන්ගේ පෞද්ගලික අමනාපකම්, අනුවණකම්, අගතීන්, හීනමානයන් ආදී ඕනෑම දෙයක් බලපාන්නට පුළුවන. නීතියේ ස්වාධිපත්‍යය නැති සමාජයක මේ ඕනෑම මිනිස් අගතියකට දරුණු හිංසක ස්වභාවයක් ගන්නට හැකියාව ඇත.

    යම් සමාජයක බහුතරයට අයත් පිරිස මෙවැනි දෘෂ්ටිවාදයන්ට හසුවීම පාලනය කළ යුත්තේ ඒ නිසාය. අපේ රටේ සිංහල සමාජයෙන් මතුවන අන්තවාදී කණ්ඩායම් ගැන විචාරය කරන විට ඇතැම් සිංහල අය අසන්නේ ”ලෝකයේ අපි විතරද අන්තවාදී වැඩ කරන්නේ” කියාය. එය ආචාරධාර්මිකව බංකොලොත් ප‍්‍රශ්නයක් බව ඔවුන්ට වැටහෙන්නේ නැත. එහි ඇගවුම අනික් අය කරන නිසා අපත් කළ යුතුය යන්නය. යම් සමාජයක බහුතරය යැයි සැලකෙන පිරිස නිරන්තර විචාරයකට ලක් කොට තැබිය යුත්තේ ඒ පිරිස අන්තවාදී දෘෂ්ටිවාදවලට හසු වුවහොත් අනෙක් මනුෂ්‍යයන්ට සාපේක්ෂව තමන්ගේ උසස් බව පිළිබඳ කියාපෑම්වලට ඔවුන්ට වැඩි අවස්ථාවක් ඇති නිසාය. බහුතරයට අයත් නොවූවත් ආධිපත්‍යයෙන් වැඩි පිරිස අන්තවාදී අදහස් ගත් විටද එවැනි අවස්ථා පැනනැගි රටවල් අඩුය. එහිලා හොඳම නිදර්ශනය දකුණු අප‍්‍රිකාවය. තමන් නෛසර්ගිකවද ඓතිහාසිකවද ජානමය වශයෙන්ද උසස්ය යන දෘෂ්ටිවාදය ගැනීමෙන් විනාශව ගිය රටවල් අතර ප‍්‍රධන වන්නේ ජර්මනියයි.
    ජර්මනියේදී ඒ බහුතර දෘෂ්ටිවාදයේ හිංසනයට හිංසනයෙන්ම පිළිතුරු දීමට තරම් විශාල සුළුජාතීන් ප‍්‍රතිශතයක් සිටියේ නැත. එසේ වී නම් ලංකාවේ හෝ ඝාසා තීරයේ ඇති වූ තත්ත්වයක් වැන්නක් ඇති වන්නට ඉඩ තිබිණි. බහුතරයට අයත් ජනතාවගේ දෘෂ්ටීන් බහුතරයේ දෘෂ්ටීන් වන නිසාම ආධිපත්‍යයට පත් වීම වැලැක් විය යුත්තේ ඒ නිසාය. එය දිගුකාලීන වශයෙන් ගත් කල බහුතරයටද හොඳය. එහෙත් ඒ කාරණය බහුතරයේ බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත.

    නට්සින්ගේ කතාව කෘතියෙන් පෙනෙන තවත් වැදගත් දෙයක් ඇත. එය නම් හිට්ලර් තම දේශය වෙනුවෙන් දිවා ? වෙහෙස වූ දේශපේ‍්‍රමී ජනනායකයෙකිය යන මිත්‍යාවයිි. ඔහු ජාතිය වෙනුවෙන් වැය කළේ දවසින් ඉතා සුළු කාලයකි. අනික් කාලය අලසකමින් හෝ ඉඳුරන් පිනවමින් ගත කළේය. ? කෑමෙන් බොහෝ විට කළේ චිත‍්‍රපටි බැලීමයි. එකල මෙකල මෙන් රියැලිටි ෂෝ තිබුණේ නම් ඔහුද කරනු ඇත්තේ ඒවා බැලීමයි. අදත් ඇතැම් ජනාධිපති මාලිගවල සිදුවන්නේ අතිසරල ටීවී ෂෝ බැලීම මිස පොත පත හැදැරීම නොවන බව ප‍්‍රකට කරුණකි.

    ජර්මනියේ ආර්ථිකය ගතයුතු මග ගැන කිසිදු හැ`ගීමක් හිට්ලර්ට තිබී නැත. ඔහු කළේ විරැුකියා ප‍්‍රශ්නය විසඳන ලෙස ජර්මන් බැංකුවේ සභාපතිට කියා පෑම පමණි. අපේ කට්ටිය ආචාර්ය පීබී ජයසුන්දරට එසේ කියන්නාක් සේය.

    හිට්ලර් වැඩිමනත් බුද්ධිමය ජීවිතයකින්ද ක‍්‍රියාශීලීකමකින්ද යුතු අලස ජීවිතයක් ගෙව්වද ඔහු ජාතිය වෙනුවෙන් දිවා ? වෙහෙසෙන ජාතියේ පියා යැයි සිතන ජනතාවක් නිර්මාණය කරන්නට ඔහුට හැකි විය. ඔහු ජර්මනිය පිළිකුල් සහගත ජාතිවාදයක් කරා ගෙන ගියේ එසේ සිතන ජනතාවකගේ සහායෙනි.

    නට්සින්ගේ කතාව නම් මේ කෘතිය සිංහලයෙන් පළ වීම අපට දේශපාලන කැඩපතක් ලබා දීමක් වැනිය. “ඉතිහාසයෙන් අනතුරු ඇ`ගවීමක්” යැයි ඒ පොතට උප මාතෘවක්ද ඇත. නට්සි ජර්මනිය යනු එක්තරා කලෙක එක් රටක් සේ නොව කොතැනත් විය හැකි විනාශයක් පිළිබඳ රූපකයක් සේ ගත යුතුය. ඉතිහාසය ඉගෙන ගන්නේ ඒ සඳහා නොවේද? එම කෘතියේ කතුවර ලෝරන්ස් රීස් සිය හැඳින්වීමේ අවසානයේ මෙසේ කියයි:

    “නට්සි හිංසනයට සමාන වූ යම් දෙයක් ලෝකයේ කොහේ හෝ තැනක නැවත වාරයක් සිදු විය හැකිද? මා මෙහිදී සිටින්නේ කාල් යැස්පර්ස් සමගය: එය ඕනෑම මිනිත්තුවකදී නැවත වරක් සිදුවීමේ හැකියාව පවතී.”


    ලියනගේ අමරකීර්ති - https://www.colombotelegraph.com/index.php/liyanage-amarakeerthi-august-02-2014/
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    We should comment the translator for the wonderful timely job. Aren't we blind to see the similarities (just look at MR , Wimal, Gam'pil and the lot and what they were doing and spreading) How many parties did it and won elections in the past eg. 1956. Unfortunately people are blindfolded