Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නඩුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රමය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන නඩුවක්

වික්ටර් අයිවන් [Sunday, November 4, 2012]

අධිකරණය ඉදිරියට එන සමහර නඩුහබවලටඇතුළත් කතා රටේ සමහර වැදගත් තැන්වල දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය පෙන්නුම් කරන කැටපත් වැනියැ යි කිව හැකිය. එහෙත් අධිකරණය ඉදිරියට එන වැදගත්කමක් ඇති සියලූ නඩුහබ මහජනයාට වාර්තා කෙරෙන ක්‍රමවේදයක් රටේ නැත. මොන මොන හේතු නිසා හෝ ජනමාධ්‍ය වාර්තා කිරීමෙන් වැළකී සිටින වැදගත් නඩුහබද ඇත්තේය. අධිකරණය විසින් දෙනු ලබන නඩු තීන්දු විචාරයට ලක් කැරෙන ක්‍රමවේදයක් රටේ නැතිවා සේ ම අධිකරණය ඉදිරියේ ඇසෙන නඩු ජනමාධ්‍ය වාර්තා කැරෙන ආකාරය විමර්ශනයට ලක් කැරෙන ක්‍රමවේදයක් ද රටේ නොපවතී. විධායකය හා අධිකරණය අතර මහා ගැටුමක් ඇතිවී තිබෙන මෙම අවස්ථාවේදී එම උණුසුම් විවාදයට සම්බන්ධවීමෙන් වැළකී ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී අවුරුදු දෙකකුත් මාසයකට වැඩි කාලයක් ඇදි ඇදීයමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක එන මහජන උනන්දුවට හේතුවන කතාවක් ගැන කතා කිරීම මහජනයාට වඩා ප්‍රයෝජනවත් වනු ඇතැ යි සලකා ඒ ගැන මෙසේ ලියමි.

මූලික අයිතිවාසිකම් නඩුවලට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන නියමයන්ට අනුව 126 වගන්තිය ප්‍රකාර ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාස දෙකකට නොවැඩි කාලයක් තුළ විභාග කොට තීන්දු ප්‍රකාශ කළ යුතුය. එහෙත් අවසාන තීන්දුවකින් තොරව එක දිගට වසර ගණනාවක් සමහරවිට අවුරුදු 5කටත් වැඩි කාලයක් පාවෙමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන මම අසා ඇත්තෙමි. මා දන්නා ඉන් එක පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ පොලිස් නිලධාරියෙකි. එයට දැනට ගතවී තිබෙන කාලය වසර 8ක් තරම් විය හැකිය. අනෙක් පෙත්සම් දෙක දිසා විනිසුරුවරුන් දෙදෙනකු විසින් එවකට හිටපු අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකකි. එය අවුරුදු 12ක් තරම් පරණය. පොලිස් නිලධාරියාගේ පෙත්සම ද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට අදාළය.

මෙහි සාකච්ඡා වට ලක් කැරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රේගුවේ නියෝජ්‍ය අධිකාරිවරයකු වන ටී.ආර්. රත්නසිරි විසිනි. ඔහු සිය මුල් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි කොට තිබෙන්නේ 2010 සැප්තැම්බර් 24 වැනිදාය. SCFR/536/2010 එම පෙත්සමේ ලියාපදිංචි අංකය වේ.

මිලියන 619ක බදු වංචාව

බදු වංචා කරන්නන්ට එරෙහිව ඔත්තු සපයන්නන්ට පනවන දඩ මුදලින් 30%ක වටිනාකමක් තෑගි වශයෙන් ගෙවන ක්‍රමයක් රේගුවේ ක්‍රියාත්මක වේ. මෙම රේගු නිලධාරියාට රේගුවේ සිදුවී තිබෙන දැවැන්ත බදු වංචාවක් පිළිබඳව විශ්වාසදායක තොරතුරක් ඔත්තුකරුවකුගෙන් ලැබුණේය. එම ඔත්තුව ඔහුට ලැබී ඇත්තේ 2000 ඔක්තෝබර් 9 වැනිදාය. සිදුවී තිබෙන බදු වංචාව විශාල බදු වංචාවක් වීම හේතු කොටගෙන මෙම ඔත්තුකරුවා ඔහුට මුහුණ දෙන්නට සිදුවිය හැකි අවදානම සලකා තමන්ට ලැබෙන ත්‍යාගයේ තරම ගැනද ඔහු මෙම නිලධාරියාගෙන් කරුණු විමසා තිබේ. ඔහුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර ඔහුට ඒ වෙනුවෙන් නීතියෙන් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවටත් සහතිකවෙමින් සිදුවී තිබෙන මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු ලබාගනිමින් ඒ තොරතුරු ඇතුළත් සීල් තබන ලද කවරය දෙපාර්තමේන්තු නියමයන්ට අනුකූලව එවකට රේගුවේ සිටි අධ්යක්ෂ ජනරාල් සරත් ජයතිලක වෙත භාරදී ඔත්තුකරුවා ලබාදී තිබුණු තොරතුරු මත බදු වංචාව පිළිබඳව ඔහු සිය මූලික පරීක්ෂණය ආරම්භ කර තිබේ. ඔත්තුකරුවා තොරතුරු ලබාදී තිබුණේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගමට අදාළවය. (පෙත්සමේ 6 වැනි වගඋත්තරකරු) සමාගම ඉදිකොට විකිණූ මුහුදු යාත්‍රා 21ක් වෙනුවෙන් මුදල් ලබාගැනීමේදී ගැනුම්කරුවන්ගෙන් රේගුවට අයවිය යුතු බදු මුදල් ලබාගෙන තිබුණද එසේ ලබාගත් බදු මුදල් රේගුවට ලබාදී නොතිබුණි. ඒ මගින් කොළඹ ඩොක්යාර්ඞ් සමාගම අයථා ලෙස ලබාගෙන හෝ වංචා කර තිබූ බදු මුදල්වල වටිනාකම රුපියල් 619,483,827.00කි.

ඩොක්යාර්ඞ් සමාගමට එරෙහිව රේගු පරීක්ෂණය ඉදිරියට යමින් තිබියදී ගැලවීමක් නැති බව පෙනුණු විට සමාගම ස්වකැමැත්තෙන් රේගුවට ගෙවිය යුතු බදු මුදල වන රුපියල් 619,483,827.00න් රුපියල් 94,015,050.00ක් අවස්ථා දෙකකදී රේගුවේ තැන්පත් කරන ලදි.

පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කිරීම

එහෙත් රේගු දෙපාර්තමේන්තුව කොළඹ ඩොක්යාර්ඞ් සමාගමට එරෙහිව ආරම්භ කර තිබූ රේගු පරීක්ෂණය(CASE NO. P/MISC/93/2000) සිදුකැරුණේ ඕනෑවට එපාවටය. මෙම තත්ත්වය පුරා වසර දෙකක් තුළම සිදුවිය. පෙත්සම්කරුට අනුව පරීක්ෂණය අතරමග ඇනහිටින තත්ත්වයක් ඇතිවීම කෙරෙහි පරීක්ෂණ භාරව ක්‍රියාකළ රේගු අධ්යක්ෂ තිලක් පෙරේරා (3 වැනි වගඋත්තරකරු) හා එවකට රේගු අධ්යක්ෂ ජනරාල් වශයෙන් ක්‍රියා කළ සරත් ජයතිලකගේ (2 වැනි වඋත්තරකරු) ක්‍රියාකලාපය බලපෑවේය.

මේ අතර ඩොක්යාර්ඞ් සමාගම 2003 අංක 10 දරන බදු සමා පනත යටතේ බදු වගකීමෙන් සමාගම නිදහස් කොට රේගු පරීක්ෂණය අත්හිටුවන ලෙස රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා 2004 මාර්තු 05 වැනිදා බදු සමා පනත යටතේ සමාගමට නිල සමාවක් ලබාදෙමින් රේගු පරීක්ෂණය අත්හිටුවූවා පමණක් නොව සමාගම තැන්පත් කොට තිබූ රුපියල් 94,015,050,000 ආපසු ලබාදීමටද උත්සාහ කළේය.

රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා සමාගමට ලබාදෙන බදු සමාව අභියෝගයට ලක්කරමින් 2004 ජූනි 25 වැනිදා පෙත්සම්කරු අභියාචනාධිකරණය ඉදිරියට ගියේය. (CA/1397/2004) එහිදී අත්හිටුවා තිබූ රේගු පරීක්ෂණය ඉදිරියට ගෙනයාමටත් නොපමාව අවසන් කිරීමටත් රේගු අධ්යක්ෂවරයා අභියාචනාධිකරණය ඉදිරියේ සහතික විය. ඒ නිසා පෙත්සම්කරු අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුව 2005 පෙබරවාරි 9 වැනිදා ඉවත් කරගත්තේය.

ඒ අනුව සමාගමට එරෙහිව අත්හිටුවා තිබූ රේගු පරීක්ෂණය නැවත 2005 මාර්තු 10 වැනිදා ආරම්භ කරන ලදි. එහෙත් පරීක්ෂණය භාර නිලධාරියා පරීක්ෂණය පවත්වාගෙන ගියේ ඕනෑවට එපාවට හා සමාගමට වාසිදායක පදනමක් ලබාදීමේ අරමුණ ඇතිවය. 2005 ජූනි 2 වැනිදා GST, NSL සහ TT බදු අයකර ගැනීමට රේගුවට තිබෙන අධිකරණ බලය අභියෝගයට ලක් කැරෙන විරෝධතාවක් සමාගම ඉදිරිපත් කළේය. ඒ අභියෝගය අධිකරණය ඉදිරියට ගෙනයෑම සඳහා පරීක්ෂණය සති 06ක කාලයකට අත්හිටුවන ලෙස සමාගම ඉල්ලා සිටි අතර අභියාචනාධිකරණයට දෙන ලද සහතිකය නොසලකා පරීක්ෂණ භාර නිලධාරියා (3 වැනි වගඋත්තරකරු) සමාගමේ ඉල්ලීමට ඉඩදෙන ලදි.

අභියාචනාධිකරණ තීන්දුව

සමාගම රේගු පරීක්ෂණයට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියට ගිය විට රේගුව, රේගුවේ අයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය. අඩුම වශයෙන් මීට පෙර මෙම ප්රශ්නය අභියාචනාධිකරණය ඉදිරියට ඉදිරිපත් වූ අවස්ථාවේ වහා පරීක්ෂණය කොට අවසන් කීරීමට දී තිබුණ පොරොන්දුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා කඩ කළේය. අඩුම වශයෙන්, සිදුවී තිබුණේ සමාගම මුහුදු යාත්‍රා ගැනුම්කරුවන්ගෙන් රජයට අයවිය යුතු සියලූ බදු මුදල් ලබාගෙන, ඒවා ආපසු රජයට නොගෙවා තමන් සතු කරගැනීමේ වංචාවක් වේය යන කාරණය පවා අධිකරණයේ අවධානයට යොමු නොකළේය. මේ අතර ඩොක්යාර්ඞ් සමාගම රේගුවට එරෙහිව නඩු පැවරූ අතර (CA/1413/2005) අභියාචනාධිකරණය, GST බදු අය කරගැනීමේ වගකීම ඇත්තේ ආදායම් බදු කොමසාරිස්වරයාට මිස රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට නොවන්නේය කියන පදනම මත පිහිටා ඩොක්යාර්ඞ් සමාගමට එරෙහිව පවත්වාගෙන යන පරීක්ෂණයට තහනම් නියෝගයක් නිකුත් කළේය. දෙන ලද එම තීන්දුව සඳහා ටොයොටා ලංකා තීන්දුව (SC Appeal No. 49/2008) හා වැලිබල් ලංකා තීන්දුව (SC Appeal 23/2008) යන තීන්දු දෙක පදනම් කොටගෙන තිබුණි. එම තීන්දු ප්‍රකාර රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට රේගු බදු හැර වෙනත් බදු අයකර ගැනීමට බලයක් නැතැයි තීරණය විය. මේ තීන්දුවෙන් බදු ගෙවීම පැහැර හරින්නන්ට දඩ මුදලක් පැනවීමට රේගුවට තිබූ අයිතියද අහිමි කර තිබුණි.

නීතිපති මොහාන් පීරිස්

මේ තීන්දු බදු නීතියට පටහැනි වන අතර රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට රේගු නීතියෙන් ලබාදී තිබෙන බලතල කප්පාදු කරන හා රේගුවේ බදු අයකර ගැනීමේ පිළිවෙත අවුල් කරන හා විකෘති කරන තීන්දුවක් ලෙස සැලකිය හැකිය. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා, නීතියට පටහැනි මෙම තීන්දුව (CA/1413/2005) වහා අභියෝගයට ලක් කළ යුතුව තිබුණද ඔහු එසේ නොකළේය. පෙත්සම්කරු ඒ ගැන රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට කරන ලද දැනුම්දීම් ද නොසලකා සිටියේය. පෙත්සම්කරු දිගින් දිගට ඒ ගැන කරන ලද බලපෑම් නිසා අවසානයේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමේ අවශ්‍යතාව අලලා රේගුවේ නීති අංශය නීතිපතිට යැවීමට සකස් කළ ලිපියකට අත්සන් තැබීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එකඟ විය. ඒ අනුව එම ලිපිය 2009 මැයි 13 වැනි දින එවකට හිටපු නීතිපති මොහාන් පීරිස් වෙත (මෙම පෙත්සමේ 7 වන වගඋත්තරකරු) යවන ලදි. එහෙත් නීතිපති ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා පෙත්සම්කරු රේගුවේ නීති අංශයේ නිලධාරීන් පිරිසක් සමග සොලිසිටර් ජනරාල් ප්රියසාත් ඩෙප් මහතා හමුවී මෙම ප්රශ්නය ගැන ඔහු සමග සාකච්ඡා කළේය. අභියාචනාධිකරණයේ මෙම තීන්දුව රේගු නීතිය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පිළිගනිමින් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වහාම අභියාචනයක් ඉදිරිපත් කිරීමට සොලිසිටර් ජනරාල්වරයා එකඟ වී 2009. 06. 05 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීය (SC/SLA/100/2012). එහෙත් නීතිපති මොහාන් පීරිස් එම කි‍්‍රයාව අනුමත නොකළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී (2009 නොවැම්බර් 04) නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සන්ජේ රාජරත්නම් මෙම අභියාචනය ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීම සඳහා කාලය ඉල්ලා සිටියේය. අවසානයේ අභියාචනයක් සඳහා තිබෙන කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසුව අභියාචනය ඉල්ලා අස්කර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2010 05 10 දින රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන්නේය.

මේ අතර 2010 මැයි 24 වැනිදා රේගු අධ්යක්ෂ ජෙනරාල් සරත් ජයතිලක එම තනතුරෙන් ඉවත් කර සුධර්මා කරුණාරත්න මහත්මිය (4 වන වගඋත්තරකරු) එම තනතුරට පත්වූවාය. පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙන ආකාරයට නව රේගු අධ්‍යක්ෂවරිය අභියාචනාධිකරණ තීන්දුව ඇති කර තිබෙන අවුල කෙරෙහි සිය දැඩි අවධානය යොමු කරමින් ඒ තත්ත්වය රජයට ලැබෙන ආදායම් අහිමි කර තිබෙන ආකාරය නීතිපතිවරයා වෙත දැනුම්දෙමින් එම තීන්දුවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව නීතිපති මොහොන් පීරිස් වෙත 2010. 08 03 දින ලිඛිතව දැනුම් දෙන ලදි.

ආචාර්ය පී.බී. ජයසුන්දර

නව රේගු අධ්යක්ෂ ජනරාල්වරියගේ දැඩි ස්ථාවරය පෙත්සම්කරුගේ ප්රබෝධයට හේතු වුවත් 2010 අගෝස්තු 16 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආචාර්ය පී.බී. ජයසුන්දර (1 වැනි වගඋත්තරකරු) නව රේගු අධ්යක්ෂ ජනරාල්වරිය හා රේගුවේ නීති අංශයේ වගකිවයුතු නිලධාරීන් පිරිසක් ඔහු වෙත කැඳවා මේ ප්රශ්නයේදී ඔවුන් විසින් අනුගමනය කළ යුතුව තිබෙන පිළිවෙත ඔවුන් වෙත දන්වන ලදි. ඔහු කියා ඇත්තේ නීතිපතිගේ මතය අනුව ඔවුන් කි‍්‍රයා කළ යුතු බවය. නීතිපතිගේ මතය නීතියට පටහැනි බව නීති නිලධාරීන් කියා සිටි විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කෝපයෙන් ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිගේ මතය පිළිනොපදින්නේ නම් ඔවුන් රාජ්‍ය සේවයෙන් ඉවත් වී පුද්ගලික නීතිඥ සේවයට යායුතු බවය.

මුදල් අමාත්‍යාංශයේ සිදුවූ මෙම සාකච්ඡා ව පිළිබඳ 2010 අගෝස්තු 23 වැනිදා රේගුවේ වෘත්තීය සමිති සාකච්ඡා වක් පවත්වා ඇති අතර එහිදී වෘත්තීය සමිති, නව අධ්යක්ෂ ජනරාල්වරියගෙන් ඉල්ලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බදු නීතියට පටහැනි තීරණය ලිඛිතව ලබාදෙන තුරු රේගුවේ ස්ථාවරය වෙනස් නොකළ යුතු බවයි.

පෙත්සම්කරු මෙම පෙත්සමෙන් තරයේ කියා සිටින්නේ පළමු වගඋත්තරකරුගේ (මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර) දෙවැනි වගඋත්තරකරුගේ (හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල් සරත් ජයතිලක) තුන්වැනි වගඋත්තරකරු (එම පරීක්ෂණය භාරව ක්‍රියා කළ රේගු අධයක්ෂ තිලක් පෙරේරා) හා 7 වැනි වගඋත්තරකරු (හිටපු නීතිපති මොහාන් පීරිස්) යන අය මෙම සිද්ධියේදී ක්‍රියාකර තිබෙන ආකාරය නීතියටද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුන් ලබාදී තිබෙන දිවුරුමටද, පොදු මහජන සුබ සිද්ධියටද ඉඳුරාම පටහැනි බවය. රේගු බදු වංචා පිළිබඳව තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන්ට තෑගි දෙන්නේ රජයට ලැබෙන බදු මුදල්වලින් නොව බදු පැහැර හැරීම් හෝ වංචාවලදී පනවන දඩ මුදල්වලින් ලැබෙන ආදායමෙන් බවය. ඉහත වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය රේගුවේ ක්‍රියාකාරීත්වය මුළුමනින් අවුල් කොට රජයට ලැබෙන බදු ආදායම් පහළ දැමීමට හේතුවන බවය.

හිටපු නීතිපතිට බිහිසුණු චෝදනාවක්

මෙම පෙත්සම්කරු සිය පෙත්සම අවසානයේ හිටපු නීතිපති මෙම සිද්ධියේදී නීතියට පටහැනිව ක්‍රියා කොට ඇතිවා පමණක් නොව ඔහු ඇත්ත කරුණු වසන් කොට අධිකරණය හිතාමතාම නොමග යවා ඇති බවටද චෝදනා කරයි.

පෙත්සම්කරු ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන කරුණු ඉතාමත් බරපතළය.

1. 2009 නොවැම්බර් 04 වැනිදා නීතිපති මොහාන් පීරිස් නීතිපති දෙපාර්තමේන්තුව සොලිසිටර් ජනරාල් ප්රියසාත් ඩෙප්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සංජේ රාජරත්නම් හා හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් සරත් ජයතිලක හා රේගුවේ නීති නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ සාකච්ඡා වේදී රේගු පරීක්ෂණය නොකඩවා ඉදිරියට ගෙන යන ලෙසත් එම අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටිබව බවටත් සහතික විය.

2. පසුව එනම් 2010 මැයි 10 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අභියාචනය ඉවත් කරගන්නා බවට රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දුන්නේය. නීතිපතිවරයාගේ එම ක්රියාවේ ඇති බරපතළකම තේරුම් ගනිමින් නව අධ්යක්ෂ ජෙනරාල්වරිය අභියාචනය ඉවත් කරගැනීමෙන් රජයේ බදු ආදායම් එකතු කරගැනීමේදී රේගුවට සිදුවී තිබෙන බලවත් හානිය පැහැදිලි කරමින් 2010 අගෝස්තු 3 දින නීතිපති වෙත නඩුව ඉවත්් කරගැනීමට විරෝධය දක්වා සිටියේය.

3. රේගු අධ්යක්ෂ ජනරාල්වරියගේ තීරණයට එරෙහිව යමින් 2010. 08. 30 දින රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත කරන බව පවසමින් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුව (SC/SLA/100/2012) ඉල්ලා අස් කර ගත්තේය. එමගින් අධිකරණය නොමග යවන ලද බවත් එම තීරණය පැහැදිලිවම රේගු අධ්යක්ෂ ජනරාල්වරියගේ උපදෙස්වලට පටහැනිව කි්රයාකිරීමක් බවත් පෙත්සම්කරුගේ මතය වේ.

4. මෙම අභියාචනය ඉවත් කරගැනීමෙන් පසු ඉතාමත් සැකකටයුතු ලිපියක් නීතිපතිගෙන් රේගු අධ්යක්ෂ. ජනරාල්වරයාට ලැබුණි. අතින් ගෙනවිත් භාරදෙන ලද ලිපියට යොදා තිබුණු දිනය 2010 අගෝස්තු 26 වුවද රේගු මුද්‍රාව අනුව එය ලැබී තිබුණේ 2010 අගෝස්තු 31 වැනිදාය. ලිපියට යොදා තිබුණේ අභියාචනය ඉවත් කරගැනීමට පෙර දිනයක් වුවද ලිපිය ලියා තිබුණේ අභියාචනය ඉවත් කරගැනීමෙන් පසුවය. එම ලිපියෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබුණේ අභියාචනය ඉවත් කරගැනීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගත් බවය. එහෙත් රේගු අධ්යක්ෂ ජනරාල්වරිය තමන්ගේ මතය හා මේ නඩුව සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පිළිවෙත පිළිබඳව ඇගේ උපදෙස් හා අදහස් ඇතුළත් ලිපියක් 2010 අගෝස්තු 3 වැනිදා නීතිපති වෙත යවා තිබුණු අතර නීතිපති වැරදි දිනයක් යොදා එවන ලද ලිපියේ එම ලිපිය ගැන කිසිම සඳහනක් කර නොතිබුණි.

පැමිණිලිකරු විසින් මෙම නඩුව පැවරීමෙන් පසුවද නීතිපතිවරයාගේ කූට ලිපිය සම්බන්ධයෙන් ලිඛිතවම නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරමින් එම ලිපිය නීතිපතිවරයා විසින් රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත එවන ලද්දේ අදාළ නඩුව නීතිපතිගේ කැමැත්ත මත ඉල්ලා අස්කර ගැනීමෙන් පසුුව බව ලිඛිතවම දැන්වීමට තරම් රේගු අධ්යක්ෂ ජෙනරාල්වරිය නීතිගරුක වී තිබෙන බවද කිව යුතුය.

මීට පෙර වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ද එවකට රේගු අධ්යක්ෂ ජෙනරාල් ධුරය හෙබවූ ඩබ්ලිව්.ඞී.එල්. පෙරේරා විසින් ඔහුගේ සේවා කාලයේදී ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතාගේ වංක ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙස අගවිනිසුරුවරයා වෙත කර තිබුණු ලිඛිත පැමිණිල්ලක්ද මෙම පෙත්සම්කරු පෙත්සමට අමුණා තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනීසිටි මුල් නීතිඥයා මෝසමක් ගොනු කොට පෙත්සමේ වගඋත්තරකාර තත්ත්වයෙන් 1 වැනි වගඋත්තරකරු (ආචාර්ය පී.බී. ජයසුන්දර) හා 7 වැනි වගඋත්තරකරු (හිටපු නීතිපති මොහාන් පීරිස්) ඉවත් කෙරෙන ආකාරයට පෙත්සම සංශෝධනය කර තිබේ. එම සංශෝධනයේදී ඊට අමුණා තිබී ඇති හිටපු රේගු අධ්යක්ෂවරයකු වන ඩබ්ලිව්.ඞී.එල්. පෙරේරා නීතිපති මොහාන් පීරිස්ට එරෙහිව අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලද ඉවත් කර තිබේ.

එම සංශෝධනය පෙත්සම්කරුගේ සතුටට හේතු නොවීම නිසා පෙත්සම්කරු සිය නීතිඥයා වෙනස් කළේය. ඉන්පසු පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියේ නීතිඥ එන්. කොඩිතුවක්කුය. ඔහු හිටපු රේගු නිලධාරියෙකි. රේගුවේ සිටියදී රේගු නීතිය ක්‍රියාත්මක තත්ත්වයක තබා ගැනීම සඳහා බලවත් උත්සාහයක් ගැනීම නිසාම විවිධ අවස්ථාවල පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයෙකි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයකු විසින් පාවිච්චි කළ මෝටර් රථයක් බව ප්‍රකාශ කොට අලූත්ම බෙන්ස් රථයක් ගෙන්වා ගනු ලැබූ අවස්ථාවකදී එම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නට දරන ලද උත්සාහයක් නිසා ඔහු ජනාධිපතිවරයාගේ උදහසට හේතුවී කලක් වැඩ තහනමට ලක්වූ පුද්ගලයකු බවට පත්ව සිටියේය. ඉන් කලකට පසුව නැවත රේගුවට එකතු වී කීර්තිමත් කාර්යභාරයක් ඉටු කළේය. සුජිත් පෙරේරා ඝාතනය කරන අවස්ථාව වනවිට ඔහු රේගු බදු වංචා විමර්ශන අංශයේ ප්‍රධානියා වූ අතර ඔහු සුජිත් පෙරේරා පවත්වාගෙන ගිය පරීක්ෂණයට බලවත් ලෙස ආධාර කරන පුද්ගලයකු වීම නිසා ඔහුටද මරණ තර්ජන එල්ල වන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. සුජිත් පෙරේරා ආරාවුලේදී රටේ ජනාධිපතිනිය ප්‍රසිද්ධියේම චෝදනාලාභී ව්‍යාපාරිකයාගේ පැත්ත ගෙන ක්‍රියාකිරීම හේතු කොටගෙන එවක හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට බි්රතාන්ය මහ කොමසාරිස්වරයා සමග කතා කොට කොඩිතුවක්කු ඔහුගේ ආරක්ෂාව සඳහා එංගලන්තයට යවන්නට සිදුවූ අතර ඉන්පසු ඔහු එහි නීති වෘත්තියේ යෙදෙන නීති වෘත්තිකයකු බවට පත්විය.

මෙම නඩුව වෙනුවෙන් නැවත ලංකාවට පැමිණ එය මෙහෙයවීමට ඔහු භාරගත් පසු වහාම පෙත්සම්කරු වෙනුවෙන් ඊට පෙර පෙනීසිටි නීතිඥයා ඇති කර තිබූ සංශෝධන අධිකරණයේ අවසරය ඇතුව ඉවත් කොට නීතිපති මොහාන් පීරිස් වගඋත්තරකාර අංක 1 වශයෙන් භාණ්ඩාගාර ලේකම් ජයසුන්දර අංක 2 වශයෙන් නැවත නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම නැවත සංශෝධනය කළේය. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා හිටපු නීතිපතිවරයාට එරෙහිව අගවිනිසුරුවයා වෙත ඉදිරිපත් කරන පැමිණිල්ලට අදාළ දිවුරුම් පෙත්සමද පෙත්සමේ ඇමිණුමක් ලෙස නැවත ගොනු කළේය. ඔහු මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ ගාස්තු අය කිරීමකින්ද තොරවය. ඒ ශ්‍රී ලංකාවේ රේගුවට ඇති විශේෂ කැමැත්තක් මත නොව මෙම නඩුවෙහි පොදු වැදගත්කම සලකාය.

මෙම නඩුව පවරා දැනට වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් එය විමසීමට අධිකරණයද උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. ඒ ගැන කොඩිතුවක්කු අවස්ථා දෙකකදී අගවිනිසුරුවරියටද පැමිණිලි කර තිබේ. මෙහි එන රේගු නීතිය විකෘති කිරීමට හේතුවූ නඩු තීන්දු තුනම හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේය. ඒ මගින් රජයට අහිමි වී තිබෙන ආදායම රුපියල් මිලියන දහස් ගණනක් විය හැකිය.

මෙම රේගු නිලධාරියා අවුරුදු 10ක කාලයක් තිස්සේ මෙම නඩුව කියන්නේ සිය වියදමෙනි. මෙය ඔහු විසින් නොව රේගුව විසින් රේගුවේ වියදමින් පවත්වාගෙන යායුතු නඩුවකි. ඉන් රේගු දෙපාර්තමේන්තුව ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය පෙන්නුම් කරයි.

[QUOTE="madushankads, post: 13774077, member: 21774"] ක්‍රමය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන නඩුවක් [B]වික්ටර් අයිවන් [Sunday, November 4, 2012][/B] [SIZE="5"]අධිකරණය ඉදිරියට එන සමහර නඩුහබවලටඇතුළත් කතා රටේ සමහර වැදගත් තැන්වල දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය පෙන්නුම් කරන කැටපත් වැනියැ යි කිව හැකිය. එහෙත් අධිකරණය ඉදිරියට එන වැදගත්කමක් ඇති සියලූ නඩුහබ මහජනයාට වාර්තා කෙරෙන ක්‍රමවේදයක් රටේ නැත. මොන මොන හේතු නිසා හෝ ජනමාධ්‍ය වාර්තා කිරීමෙන් වැළකී සිටින වැදගත් නඩුහබද ඇත්තේය. අධිකරණය විසින් දෙනු ලබන නඩු තීන්දු විචාරයට ලක් කැරෙන ක්‍රමවේදයක් රටේ නැතිවා සේ ම අධිකරණය ඉදිරියේ ඇසෙන නඩු ජනමාධ්‍ය වාර්තා කැරෙන ආකාරය විමර්ශනයට ලක් කැරෙන ක්‍රමවේදයක් ද රටේ නොපවතී. විධායකය හා අධිකරණය අතර මහා ගැටුමක් ඇතිවී තිබෙන මෙම අවස්ථාවේදී එම උණුසුම් විවාදයට සම්බන්ධවීමෙන් වැළකී ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී අවුරුදු දෙකකුත් මාසයකට වැඩි කාලයක් ඇදි ඇදීයමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක එන මහජන උනන්දුවට හේතුවන කතාවක් ගැන කතා කිරීම මහජනයාට වඩා ප්‍රයෝජනවත් වනු ඇතැ යි සලකා ඒ ගැන මෙසේ ලියමි. මූලික අයිතිවාසිකම් නඩුවලට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන නියමයන්ට අනුව 126 වගන්තිය ප්‍රකාර ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාස දෙකකට නොවැඩි කාලයක් තුළ විභාග කොට තීන්දු ප්‍රකාශ කළ යුතුය. එහෙත් අවසාන තීන්දුවකින් තොරව එක දිගට වසර ගණනාවක් සමහරවිට අවුරුදු 5කටත් වැඩි කාලයක් පාවෙමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන මම අසා ඇත්තෙමි. මා දන්නා ඉන් එක පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ පොලිස් නිලධාරියෙකි. එයට දැනට ගතවී තිබෙන කාලය වසර 8ක් තරම් විය හැකිය. අනෙක් පෙත්සම් දෙක දිසා විනිසුරුවරුන් දෙදෙනකු විසින් එවකට හිටපු අගවිනිසුරුවරයා වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකකි. එය අවුරුදු 12ක් තරම් පරණය. පොලිස් නිලධාරියාගේ පෙත්සම ද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට අදාළය. මෙහි සාකච්ඡා වට ලක් කැරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රේගුවේ නියෝජ්‍ය අධිකාරිවරයකු වන ටී.ආර්. රත්නසිරි විසිනි. ඔහු සිය මුල් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි කොට තිබෙන්නේ 2010 සැප්තැම්බර් 24 වැනිදාය. SCFR/536/2010 එම පෙත්සමේ ලියාපදිංචි අංකය වේ. මිලියන 619ක බදු වංචාව බදු වංචා කරන්නන්ට එරෙහිව ඔත්තු සපයන්නන්ට පනවන දඩ මුදලින් 30%ක වටිනාකමක් තෑගි වශයෙන් ගෙවන ක්‍රමයක් රේගුවේ ක්‍රියාත්මක වේ. මෙම රේගු නිලධාරියාට රේගුවේ සිදුවී තිබෙන දැවැන්ත බදු වංචාවක් පිළිබඳව විශ්වාසදායක තොරතුරක් ඔත්තුකරුවකුගෙන් ලැබුණේය. එම ඔත්තුව ඔහුට ලැබී ඇත්තේ 2000 ඔක්තෝබර් 9 වැනිදාය. සිදුවී තිබෙන බදු වංචාව විශාල බදු වංචාවක් වීම හේතු කොටගෙන මෙම ඔත්තුකරුවා ඔහුට මුහුණ දෙන්නට සිදුවිය හැකි අවදානම සලකා තමන්ට ලැබෙන ත්‍යාගයේ තරම ගැනද ඔහු මෙම නිලධාරියාගෙන් කරුණු විමසා තිබේ. ඔහුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර ඔහුට ඒ වෙනුවෙන් නීතියෙන් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවටත් සහතිකවෙමින් සිදුවී තිබෙන මූල්‍ය වංචාව පිළිබඳව තොරතුරු ලබාගනිමින් ඒ තොරතුරු ඇතුළත් සීල් තබන ලද කවරය දෙපාර්තමේන්තු නියමයන්ට අනුකූලව එවකට රේගුවේ සිටි අධ්යක්ෂ ජනරාල් සරත් ජයතිලක වෙත භාරදී ඔත්තුකරුවා ලබාදී තිබුණු තොරතුරු මත බදු වංචාව පිළිබඳව ඔහු සිය මූලික පරීක්ෂණය ආරම්භ කර තිබේ. ඔත්තුකරුවා තොරතුරු ලබාදී තිබුණේ කොළඹ ඩොක්යාර්ඞ් සමාගමට අදාළවය. (පෙත්සමේ 6 වැනි වගඋත්තරකරු) සමාගම ඉදිකොට විකිණූ මුහුදු යාත්‍රා 21ක් වෙනුවෙන් මුදල් ලබාගැනීමේදී ගැනුම්කරුවන්ගෙන් රේගුවට අයවිය යුතු බදු මුදල් ලබාගෙන තිබුණද එසේ ලබාගත් බදු මුදල් රේගුවට ලබාදී නොතිබුණි. ඒ මගින් කොළඹ ඩොක්යාර්ඞ් සමාගම අයථා ලෙස ලබාගෙන හෝ වංචා කර තිබූ බදු මුදල්වල වටිනාකම රුපියල් 619,483,827.00කි. ඩොක්යාර්ඞ් සමාගමට එරෙහිව රේගු පරීක්ෂණය ඉදිරියට යමින් තිබියදී ගැලවීමක් නැති බව පෙනුණු විට සමාගම ස්වකැමැත්තෙන් රේගුවට ගෙවිය යුතු බදු මුදල වන රුපියල් 619,483,827.00න් රුපියල් 94,015,050.00ක් අවස්ථා දෙකකදී රේගුවේ තැන්පත් කරන ලදි. පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කිරීම එහෙත් රේගු දෙපාර්තමේන්තුව කොළඹ ඩොක්යාර්ඞ් සමාගමට එරෙහිව ආරම්භ කර තිබූ රේගු පරීක්ෂණය(CASE NO. P/MISC/93/2000) සිදුකැරුණේ ඕනෑවට එපාවටය. මෙම තත්ත්වය පුරා වසර දෙකක් තුළම සිදුවිය. පෙත්සම්කරුට අනුව පරීක්ෂණය අතරමග ඇනහිටින තත්ත්වයක් ඇතිවීම කෙරෙහි පරීක්ෂණ භාරව ක්‍රියාකළ රේගු අධ්යක්ෂ තිලක් පෙරේරා (3 වැනි වගඋත්තරකරු) හා එවකට රේගු අධ්යක්ෂ ජනරාල් වශයෙන් ක්‍රියා කළ සරත් ජයතිලකගේ (2 වැනි වඋත්තරකරු) ක්‍රියාකලාපය බලපෑවේය. මේ අතර ඩොක්යාර්ඞ් සමාගම 2003 අංක 10 දරන බදු සමා පනත යටතේ බදු වගකීමෙන් සමාගම නිදහස් කොට රේගු පරීක්ෂණය අත්හිටුවන ලෙස රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා 2004 මාර්තු 05 වැනිදා බදු සමා පනත යටතේ සමාගමට නිල සමාවක් ලබාදෙමින් රේගු පරීක්ෂණය අත්හිටුවූවා පමණක් නොව සමාගම තැන්පත් කොට තිබූ රුපියල් 94,015,050,000 ආපසු ලබාදීමටද උත්සාහ කළේය. රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා සමාගමට ලබාදෙන බදු සමාව අභියෝගයට ලක්කරමින් 2004 ජූනි 25 වැනිදා පෙත්සම්කරු අභියාචනාධිකරණය ඉදිරියට ගියේය. (CA/1397/2004) එහිදී අත්හිටුවා තිබූ රේගු පරීක්ෂණය ඉදිරියට ගෙනයාමටත් නොපමාව අවසන් කිරීමටත් රේගු අධ්යක්ෂවරයා අභියාචනාධිකරණය ඉදිරියේ සහතික විය. ඒ නිසා පෙත්සම්කරු අභියාචනාධිකරණය ඉදිරියේ පවරන ලද නඩුව 2005 පෙබරවාරි 9 වැනිදා ඉවත් කරගත්තේය. ඒ අනුව සමාගමට එරෙහිව අත්හිටුවා තිබූ රේගු පරීක්ෂණය නැවත 2005 මාර්තු 10 වැනිදා ආරම්භ කරන ලදි. එහෙත් පරීක්ෂණය භාර නිලධාරියා පරීක්ෂණය පවත්වාගෙන ගියේ ඕනෑවට එපාවට හා සමාගමට වාසිදායක පදනමක් ලබාදීමේ අරමුණ ඇතිවය. 2005 ජූනි 2 වැනිදා GST, NSL සහ TT බදු අයකර ගැනීමට රේගුවට තිබෙන අධිකරණ බලය අභියෝගයට ලක් කැරෙන විරෝධතාවක් සමාගම ඉදිරිපත් කළේය. ඒ අභියෝගය අධිකරණය ඉදිරියට ගෙනයෑම සඳහා පරීක්ෂණය සති 06ක කාලයකට අත්හිටුවන ලෙස සමාගම ඉල්ලා සිටි අතර අභියාචනාධිකරණයට දෙන ලද සහතිකය නොසලකා පරීක්ෂණ භාර නිලධාරියා (3 වැනි වගඋත්තරකරු) සමාගමේ ඉල්ලීමට ඉඩදෙන ලදි. අභියාචනාධිකරණ තීන්දුව සමාගම රේගු පරීක්ෂණයට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියට ගිය විට රේගුව, රේගුවේ අයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය. අඩුම වශයෙන් මීට පෙර මෙම ප්රශ්නය අභියාචනාධිකරණය ඉදිරියට ඉදිරිපත් වූ අවස්ථාවේ වහා පරීක්ෂණය කොට අවසන් කීරීමට දී තිබුණ පොරොන්දුව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා කඩ කළේය. අඩුම වශයෙන්, සිදුවී තිබුණේ සමාගම මුහුදු යාත්‍රා ගැනුම්කරුවන්ගෙන් රජයට අයවිය යුතු සියලූ බදු මුදල් ලබාගෙන, ඒවා ආපසු රජයට නොගෙවා තමන් සතු කරගැනීමේ වංචාවක් වේය යන කාරණය පවා අධිකරණයේ අවධානයට යොමු නොකළේය. මේ අතර ඩොක්යාර්ඞ් සමාගම රේගුවට එරෙහිව නඩු පැවරූ අතර (CA/1413/2005) අභියාචනාධිකරණය, GST බදු අය කරගැනීමේ වගකීම ඇත්තේ ආදායම් බදු කොමසාරිස්වරයාට මිස රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට නොවන්නේය කියන පදනම මත පිහිටා ඩොක්යාර්ඞ් සමාගමට එරෙහිව පවත්වාගෙන යන පරීක්ෂණයට තහනම් නියෝගයක් නිකුත් කළේය. දෙන ලද එම තීන්දුව සඳහා ටොයොටා ලංකා තීන්දුව (SC Appeal No. 49/2008) හා වැලිබල් ලංකා තීන්දුව (SC Appeal 23/2008) යන තීන්දු දෙක පදනම් කොටගෙන තිබුණි. එම තීන්දු ප්‍රකාර රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට රේගු බදු හැර වෙනත් බදු අයකර ගැනීමට බලයක් නැතැයි තීරණය විය. මේ තීන්දුවෙන් බදු ගෙවීම පැහැර හරින්නන්ට දඩ මුදලක් පැනවීමට රේගුවට තිබූ අයිතියද අහිමි කර තිබුණි. නීතිපති මොහාන් පීරිස් මේ තීන්දු බදු නීතියට පටහැනි වන අතර රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට රේගු නීතියෙන් ලබාදී තිබෙන බලතල කප්පාදු කරන හා රේගුවේ බදු අයකර ගැනීමේ පිළිවෙත අවුල් කරන හා විකෘති කරන තීන්දුවක් ලෙස සැලකිය හැකිය. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා, නීතියට පටහැනි මෙම තීන්දුව (CA/1413/2005) වහා අභියෝගයට ලක් කළ යුතුව තිබුණද ඔහු එසේ නොකළේය. පෙත්සම්කරු ඒ ගැන රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට කරන ලද දැනුම්දීම් ද නොසලකා සිටියේය. පෙත්සම්කරු දිගින් දිගට ඒ ගැන කරන ලද බලපෑම් නිසා අවසානයේ මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමේ අවශ්‍යතාව අලලා රේගුවේ නීති අංශය නීතිපතිට යැවීමට සකස් කළ ලිපියකට අත්සන් තැබීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එකඟ විය. ඒ අනුව එම ලිපිය 2009 මැයි 13 වැනි දින එවකට හිටපු නීතිපති මොහාන් පීරිස් වෙත (මෙම පෙත්සමේ 7 වන වගඋත්තරකරු) යවන ලදි. එහෙත් නීතිපති ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා පෙත්සම්කරු රේගුවේ නීති අංශයේ නිලධාරීන් පිරිසක් සමග සොලිසිටර් ජනරාල් ප්රියසාත් ඩෙප් මහතා හමුවී මෙම ප්රශ්නය ගැන ඔහු සමග සාකච්ඡා කළේය. අභියාචනාධිකරණයේ මෙම තීන්දුව රේගු නීතිය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව පිළිගනිමින් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත වහාම අභියාචනයක් ඉදිරිපත් කිරීමට සොලිසිටර් ජනරාල්වරයා එකඟ වී 2009. 06. 05 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීය (SC/SLA/100/2012). එහෙත් නීතිපති මොහාන් පීරිස් එම කි‍්‍රයාව අනුමත නොකළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී (2009 නොවැම්බර් 04) නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සන්ජේ රාජරත්නම් මෙම අභියාචනය ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීම සඳහා කාලය ඉල්ලා සිටියේය. අවසානයේ අභියාචනයක් සඳහා තිබෙන කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසුව අභියාචනය ඉල්ලා අස්කර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2010 05 10 දින රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන්නේය. මේ අතර 2010 මැයි 24 වැනිදා රේගු අධ්යක්ෂ ජෙනරාල් සරත් ජයතිලක එම තනතුරෙන් ඉවත් කර සුධර්මා කරුණාරත්න මහත්මිය (4 වන වගඋත්තරකරු) එම තනතුරට පත්වූවාය. පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙන ආකාරයට නව රේගු අධ්‍යක්ෂවරිය අභියාචනාධිකරණ තීන්දුව ඇති කර තිබෙන අවුල කෙරෙහි සිය දැඩි අවධානය යොමු කරමින් ඒ තත්ත්වය රජයට ලැබෙන ආදායම් අහිමි කර තිබෙන ආකාරය නීතිපතිවරයා වෙත දැනුම්දෙමින් එම තීන්දුවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාව නීතිපති මොහොන් පීරිස් වෙත 2010. 08 03 දින ලිඛිතව දැනුම් දෙන ලදි. ආචාර්ය පී.බී. ජයසුන්දර නව රේගු අධ්යක්ෂ ජනරාල්වරියගේ දැඩි ස්ථාවරය පෙත්සම්කරුගේ ප්රබෝධයට හේතු වුවත් 2010 අගෝස්තු 16 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ආචාර්ය පී.බී. ජයසුන්දර (1 වැනි වගඋත්තරකරු) නව රේගු අධ්යක්ෂ ජනරාල්වරිය හා රේගුවේ නීති අංශයේ වගකිවයුතු නිලධාරීන් පිරිසක් ඔහු වෙත කැඳවා මේ ප්රශ්නයේදී ඔවුන් විසින් අනුගමනය කළ යුතුව තිබෙන පිළිවෙත ඔවුන් වෙත දන්වන ලදි. ඔහු කියා ඇත්තේ නීතිපතිගේ මතය අනුව ඔවුන් කි‍්‍රයා කළ යුතු බවය. නීතිපතිගේ මතය නීතියට පටහැනි බව නීති නිලධාරීන් කියා සිටි විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කෝපයෙන් ප්‍රකාශ කර ඇත්තේ නීතිපතිගේ මතය පිළිනොපදින්නේ නම් ඔවුන් රාජ්‍ය සේවයෙන් ඉවත් වී පුද්ගලික නීතිඥ සේවයට යායුතු බවය. මුදල් අමාත්‍යාංශයේ සිදුවූ මෙම සාකච්ඡා ව පිළිබඳ 2010 අගෝස්තු 23 වැනිදා රේගුවේ වෘත්තීය සමිති සාකච්ඡා වක් පවත්වා ඇති අතර එහිදී වෘත්තීය සමිති, නව අධ්යක්ෂ ජනරාල්වරියගෙන් ඉල්ලා තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බදු නීතියට පටහැනි තීරණය ලිඛිතව ලබාදෙන තුරු රේගුවේ ස්ථාවරය වෙනස් නොකළ යුතු බවයි. පෙත්සම්කරු මෙම පෙත්සමෙන් තරයේ කියා සිටින්නේ පළමු වගඋත්තරකරුගේ (මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර) දෙවැනි වගඋත්තරකරුගේ (හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල් සරත් ජයතිලක) තුන්වැනි වගඋත්තරකරු (එම පරීක්ෂණය භාරව ක්‍රියා කළ රේගු අධයක්ෂ තිලක් පෙරේරා) හා 7 වැනි වගඋත්තරකරු (හිටපු නීතිපති මොහාන් පීරිස්) යන අය මෙම සිද්ධියේදී ක්‍රියාකර තිබෙන ආකාරය නීතියටද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුන් ලබාදී තිබෙන දිවුරුමටද, පොදු මහජන සුබ සිද්ධියටද ඉඳුරාම පටහැනි බවය. රේගු බදු වංචා පිළිබඳව තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන්ට තෑගි දෙන්නේ රජයට ලැබෙන බදු මුදල්වලින් නොව බදු පැහැර හැරීම් හෝ වංචාවලදී පනවන දඩ මුදල්වලින් ලැබෙන ආදායමෙන් බවය. ඉහත වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය රේගුවේ ක්‍රියාකාරීත්වය මුළුමනින් අවුල් කොට රජයට ලැබෙන බදු ආදායම් පහළ දැමීමට හේතුවන බවය. හිටපු නීතිපතිට බිහිසුණු චෝදනාවක් මෙම පෙත්සම්කරු සිය පෙත්සම අවසානයේ හිටපු නීතිපති මෙම සිද්ධියේදී නීතියට පටහැනිව ක්‍රියා කොට ඇතිවා පමණක් නොව ඔහු ඇත්ත කරුණු වසන් කොට අධිකරණය හිතාමතාම නොමග යවා ඇති බවටද චෝදනා කරයි. පෙත්සම්කරු ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන කරුණු ඉතාමත් බරපතළය. 1. 2009 නොවැම්බර් 04 වැනිදා නීතිපති මොහාන් පීරිස් නීතිපති දෙපාර්තමේන්තුව සොලිසිටර් ජනරාල් ප්රියසාත් ඩෙප්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සංජේ රාජරත්නම් හා හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් සරත් ජයතිලක හා රේගුවේ නීති නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ සාකච්ඡා වේදී රේගු පරීක්ෂණය නොකඩවා ඉදිරියට ගෙන යන ලෙසත් එම අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටිබව බවටත් සහතික විය. 2. පසුව එනම් 2010 මැයි 10 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අභියාචනය ඉවත් කරගන්නා බවට රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දුන්නේය. නීතිපතිවරයාගේ එම ක්රියාවේ ඇති බරපතළකම තේරුම් ගනිමින් නව අධ්යක්ෂ ජෙනරාල්වරිය අභියාචනය ඉවත් කරගැනීමෙන් රජයේ බදු ආදායම් එකතු කරගැනීමේදී රේගුවට සිදුවී තිබෙන බලවත් හානිය පැහැදිලි කරමින් 2010 අගෝස්තු 3 දින නීතිපති වෙත නඩුව ඉවත්් කරගැනීමට විරෝධය දක්වා සිටියේය. 3. රේගු අධ්යක්ෂ ජනරාල්වරියගේ තීරණයට එරෙහිව යමින් 2010. 08. 30 දින රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත කරන බව පවසමින් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුව (SC/SLA/100/2012) ඉල්ලා අස් කර ගත්තේය. එමගින් අධිකරණය නොමග යවන ලද බවත් එම තීරණය පැහැදිලිවම රේගු අධ්යක්ෂ ජනරාල්වරියගේ උපදෙස්වලට පටහැනිව කි්රයාකිරීමක් බවත් පෙත්සම්කරුගේ මතය වේ. 4. මෙම අභියාචනය ඉවත් කරගැනීමෙන් පසු ඉතාමත් සැකකටයුතු ලිපියක් නීතිපතිගෙන් රේගු අධ්යක්ෂ. ජනරාල්වරයාට ලැබුණි. අතින් ගෙනවිත් භාරදෙන ලද ලිපියට යොදා තිබුණු දිනය 2010 අගෝස්තු 26 වුවද රේගු මුද්‍රාව අනුව එය ලැබී තිබුණේ 2010 අගෝස්තු 31 වැනිදාය. ලිපියට යොදා තිබුණේ අභියාචනය ඉවත් කරගැනීමට පෙර දිනයක් වුවද ලිපිය ලියා තිබුණේ අභියාචනය ඉවත් කරගැනීමෙන් පසුවය. එම ලිපියෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබුණේ අභියාචනය ඉවත් කරගැනීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් ලබාගත් බවය. එහෙත් රේගු අධ්යක්ෂ ජනරාල්වරිය තමන්ගේ මතය හා මේ නඩුව සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පිළිවෙත පිළිබඳව ඇගේ උපදෙස් හා අදහස් ඇතුළත් ලිපියක් 2010 අගෝස්තු 3 වැනිදා නීතිපති වෙත යවා තිබුණු අතර නීතිපති වැරදි දිනයක් යොදා එවන ලද ලිපියේ එම ලිපිය ගැන කිසිම සඳහනක් කර නොතිබුණි. පැමිණිලිකරු විසින් මෙම නඩුව පැවරීමෙන් පසුවද නීතිපතිවරයාගේ කූට ලිපිය සම්බන්ධයෙන් ලිඛිතවම නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරමින් එම ලිපිය නීතිපතිවරයා විසින් රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත එවන ලද්දේ අදාළ නඩුව නීතිපතිගේ කැමැත්ත මත ඉල්ලා අස්කර ගැනීමෙන් පසුුව බව ලිඛිතවම දැන්වීමට තරම් රේගු අධ්යක්ෂ ජෙනරාල්වරිය නීතිගරුක වී තිබෙන බවද කිව යුතුය. මීට පෙර වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ද එවකට රේගු අධ්යක්ෂ ජෙනරාල් ධුරය හෙබවූ ඩබ්ලිව්.ඞී.එල්. පෙරේරා විසින් ඔහුගේ සේවා කාලයේදී ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතාගේ වංක ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙස අගවිනිසුරුවරයා වෙත කර තිබුණු ලිඛිත පැමිණිල්ලක්ද මෙම පෙත්සම්කරු පෙත්සමට අමුණා තිබේ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනීසිටි මුල් නීතිඥයා මෝසමක් ගොනු කොට පෙත්සමේ වගඋත්තරකාර තත්ත්වයෙන් 1 වැනි වගඋත්තරකරු (ආචාර්ය පී.බී. ජයසුන්දර) හා 7 වැනි වගඋත්තරකරු (හිටපු නීතිපති මොහාන් පීරිස්) ඉවත් කෙරෙන ආකාරයට පෙත්සම සංශෝධනය කර තිබේ. එම සංශෝධනයේදී ඊට අමුණා තිබී ඇති හිටපු රේගු අධ්යක්ෂවරයකු වන ඩබ්ලිව්.ඞී.එල්. පෙරේරා නීතිපති මොහාන් පීරිස්ට එරෙහිව අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලද ඉවත් කර තිබේ. එම සංශෝධනය පෙත්සම්කරුගේ සතුටට හේතු නොවීම නිසා පෙත්සම්කරු සිය නීතිඥයා වෙනස් කළේය. ඉන්පසු පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියේ නීතිඥ එන්. කොඩිතුවක්කුය. ඔහු හිටපු රේගු නිලධාරියෙකි. රේගුවේ සිටියදී රේගු නීතිය ක්‍රියාත්මක තත්ත්වයක තබා ගැනීම සඳහා බලවත් උත්සාහයක් ගැනීම නිසාම විවිධ අවස්ථාවල පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයෙකි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයකු විසින් පාවිච්චි කළ මෝටර් රථයක් බව ප්‍රකාශ කොට අලූත්ම බෙන්ස් රථයක් ගෙන්වා ගනු ලැබූ අවස්ථාවකදී එම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නට දරන ලද උත්සාහයක් නිසා ඔහු ජනාධිපතිවරයාගේ උදහසට හේතුවී කලක් වැඩ තහනමට ලක්වූ පුද්ගලයකු බවට පත්ව සිටියේය. ඉන් කලකට පසුව නැවත රේගුවට එකතු වී කීර්තිමත් කාර්යභාරයක් ඉටු කළේය. සුජිත් පෙරේරා ඝාතනය කරන අවස්ථාව වනවිට ඔහු රේගු බදු වංචා විමර්ශන අංශයේ ප්‍රධානියා වූ අතර ඔහු සුජිත් පෙරේරා පවත්වාගෙන ගිය පරීක්ෂණයට බලවත් ලෙස ආධාර කරන පුද්ගලයකු වීම නිසා ඔහුටද මරණ තර්ජන එල්ල වන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. සුජිත් පෙරේරා ආරාවුලේදී රටේ ජනාධිපතිනිය ප්‍රසිද්ධියේම චෝදනාලාභී ව්‍යාපාරිකයාගේ පැත්ත ගෙන ක්‍රියාකිරීම හේතු කොටගෙන එවක හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාට බි්රතාන්ය මහ කොමසාරිස්වරයා සමග කතා කොට කොඩිතුවක්කු ඔහුගේ ආරක්ෂාව සඳහා එංගලන්තයට යවන්නට සිදුවූ අතර ඉන්පසු ඔහු එහි නීති වෘත්තියේ යෙදෙන නීති වෘත්තිකයකු බවට පත්විය. මෙම නඩුව වෙනුවෙන් නැවත ලංකාවට පැමිණ එය මෙහෙයවීමට ඔහු භාරගත් පසු වහාම පෙත්සම්කරු වෙනුවෙන් ඊට පෙර පෙනීසිටි නීතිඥයා ඇති කර තිබූ සංශෝධන අධිකරණයේ අවසරය ඇතුව ඉවත් කොට නීතිපති මොහාන් පීරිස් වගඋත්තරකාර අංක 1 වශයෙන් භාණ්ඩාගාර ලේකම් ජයසුන්දර අංක 2 වශයෙන් නැවත නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම නැවත සංශෝධනය කළේය. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා හිටපු නීතිපතිවරයාට එරෙහිව අගවිනිසුරුවයා වෙත ඉදිරිපත් කරන පැමිණිල්ලට අදාළ දිවුරුම් පෙත්සමද පෙත්සමේ ඇමිණුමක් ලෙස නැවත ගොනු කළේය. ඔහු මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ ගාස්තු අය කිරීමකින්ද තොරවය. ඒ ශ්‍රී ලංකාවේ රේගුවට ඇති විශේෂ කැමැත්තක් මත නොව මෙම නඩුවෙහි පොදු වැදගත්කම සලකාය. මෙම නඩුව පවරා දැනට වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් එය විමසීමට අධිකරණයද උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. ඒ ගැන කොඩිතුවක්කු අවස්ථා දෙකකදී අගවිනිසුරුවරියටද පැමිණිලි කර තිබේ. මෙහි එන රේගු නීතිය විකෘති කිරීමට හේතුවූ නඩු තීන්දු තුනම හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේය. ඒ මගින් රජයට අහිමි වී තිබෙන ආදායම රුපියල් මිලියන දහස් ගණනක් විය හැකිය. මෙම රේගු නිලධාරියා අවුරුදු 10ක කාලයක් තිස්සේ මෙම නඩුව කියන්නේ සිය වියදමෙනි. මෙය ඔහු විසින් නොව රේගුව විසින් රේගුවේ වියදමින් පවත්වාගෙන යායුතු නඩුවකි. ඉන් රේගු දෙපාර්තමේන්තුව ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය පෙන්නුම් කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom