නන්නාදුනනා සුළගක් නම් 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    නන්නාදුනනා සුළගක් නම්

    එය දරා ගන්න තිබුණා

    දන්නාදුනනා ප්‍රියම්බිකාවිය

    හිත අවතැන් කොට

    සුළි සුළඟක් වී

    ඔබ යන්න ගිහින් තිබුණා



    ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා

    පිට ගින්දර ගෙයි ඇවිල ගියා

    යළි ඉපදෙනු බැරි

    සස්වාමික පෙම

    පෑල දොරින් පලා ගියා



    කෙඳිරිලි වරුසා ඇද හැළුණා

    මා හදවත දොරගුළු වැහුණා

    යළි සිපගනු බැරි

    නුඹේ කඳුළු බිඳු

    මා උරතලයේ ඉතිරි වුනා



    ගායනය : අමරසිරි පීරිස්

    පද රචනය : නයනසේන වන්නිනායක

    සංගීතය : කරුණාරත්න විජේවර්ධන