Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමට පතිනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමට පතිනී

" අනේ බබා, අපි McDonald's යමු. මාර බඩගිනී. අපේ servant නිවාඩු ගිහිං නේ. අම්මිලා කිව්වා එයාලත් එලියට යනවා කියලා"

" අනේ මං අතේ ඒ තරම් සල්ලි නෑනේ කෙල්ලේ... අපි කොහෙ හරි පොඩි කඩේකින් කමු. "

" චී! ඔයා කියන්නේ මට ඔයා එක්ක සයිවර් කඩේකට යන්න එන්න කියලද? ඔයා ගාව සල්ලි නැති නිසා තමයි මං කිව්වේ අපි McDonald's යමු කියලා. නැත්තන් අපේ ඩැඩී අපිව ස්ටා හොටෙල්ස් වලට විතරයි එක්කන් යන්නේ..."

" අනේ ඉතිං ඔයා මං කවුද කියලා දැනගෙනනේ බබා යාළු වුනේ. මං නිකංම නිකං සිකුරුට්ටෙක් විතරනේ! "

" හරි හරි! ඒවගෙන් වැඩක් නෑ. එහෙනම් මං යනවා. ඔයා ගිහිං සයිවර් කඩේකින් කන්න. මතක ඇතුව යන ගමන් මට 500/= රීලෝඩ් එකක් දාගෙන යන්න. ෆෝන් එකේ සල්ලී නෑ"

" හරි බබා. එහෙනම් පරිස්සමෙන් යන්න. අයි ලව් යූ..."

" උම්මා! අයි ලව් යූ ටූ! මතක ඇතුව දාන්න හරිද? නැත්තන් මං කොහොමද මගේ චූටි කොල්ලා එක්ක කතා කරන්න හිතුනාම කෝල් කරන්නේ..."

රංගන, කාවින්ද්‍යාගේ අත ඉම්බා.

" ඔයා මට ඒ තරම් ආදරෙයි ද බබා?"

" හ්ම්ම්ම්.... ගොඩාක් ආදරෙයි! බායී! "

"ශී! මූ අද වරුවක්ම කෑවනේ. උදේ ඉදන් කෑවෙ කොනැටො එකක් විතරයි! මොන හෙවලයෙක් මංදන්නෑ. සල්ලි නැත්තම් මොන රෙද්දට ගෑනු ගන්න හිතනවද මංදා. ඩිලන්කටවත් කෝල් එකක් ගන්න ඕන. "

කාවින්ද්‍යා හිතුවෙ කෝට්ටෙ පාර දිගේ රාජගිරිය දෙසට ඇදෙමින්.

" හෙලෝ අයියා! ඔයා කොහෙද ඉන්නේ? මං කාවින්ද්‍යා නංගී."

" ආ කියන්න නංගී. මොකද බයවෙලා වගේ?"

"අනේ අයියෙ මං අපේ යාළුවෙක්ගේ ගෙදරක යන්න කෝට්ටෙ ආවා එයා එක්ක. දැන් මට ආපහු යන්න තේරෙන්නෙ නෑ. මං මේ කොළඹ දන්නේ අයියව විතරනේ. ඒකයි අයියාට ගත්තේ. "

" අයියෝ! මෙයත් කරගන්නේ හරි වැඩනේ. ඉන්න ඉන්න මං එන්නම්. ඔයා දැන් කොහෙද හරියටම ඉන්නේ කියන්නකෝ..."

" අනේ මංදා අයියා. අර පිට්ටනිය පහු වුනා. මොකක්දෝ සිගර් හෝම්ස් කියලා බෝඩ් එකකුයි කේ එෆ් සී කියලා බෝඩ් එකකුයි පේනවා. "

" හරි. එහෙනම් ඔයා කේ එෆ් සී එක ගාව ඉන්නකෝ. මං ටක් ගාලා එන්නම්. බය වෙන්න එපා"

" හරි අයියා. මං තියන්නම්. බුදු සරණයි!"

කාවින්ද්‍යා දුවලා ගියේ කේ එෆ් සී එකේ බාත් රූම් එකට. ගාගෙන හිටපු ලිප්ස්ටික් මකලා ඇදන් හිටපු ලෙගින් එකට උඩින් හෑන්ඩ් බෑග් එකේ දාගෙන ආපු ලුන්ගිය දාගත්තා. ස්ට්‍රේට් කරපු කොන්ඩේ ටක් ගාලා ගොතා ගත්තා.

කාවින්ද්‍යා මේ ඩබල් ගේම් එක ගහන්නේ අදක ඊයෙක ඉදලා නෙමෙයි. දැන් අවුරුදු දෙකක් තිස්සෙ කරන්නේ මේක. කාවින්ද්‍යා කොළඹට ආවේ රස්සාවක් හොයාගෙන. තාත්තාවත් නැති දුප්පත් පවුලක කෙල්ලෙක් වුනාට එයාට හැමදාම තිබුනෙ ලොකු හීන. ගාමන්ට් වල, සැලූන් වල වැඩ කරලා ගන්න පඩියෙන් කවදාවත් කාවින්ද්‍යාට ගොඩ එන්න බෑ කියලා එයා දැනන් හිටියා. තාත්තා අම්මව දාලා ගිය දවසේ ඉදලාම පිරිමින්ට වෛර කරපු කාවින්ද්‍යාට එයා කඩන හිත් ගැන ගානක්වත් තිබුනෙ නෑ. එයාගේ අලුත්ම බිස්නස් එක වුනේ කොල්ලන්ගේන් ගරාගන්න එක.

" අනේ වෙලා ගියාද නංගී. මං මේ එහා පැත්තේ කඩේ මල්ලිට ෆෝන් ශොප් එක බලාගන්න කියලා ආවේ. "

" නෑ අයියා. කමක් නෑ. "

" ඇයි මේ මූන මැලවිලා ගිහිල්ලා"

" ඔළුව රිදෙනවා අයියා. කැරකිල්ල වගේ."

" ඇයි? දවල්ට නොකා ද මේ අව්වේ ඇවිද්දේ. "

" නෑ. යාළුවගේ ගෙදරින් තේකක් බිව්වා උදේ. "

" උදේ ඉදන් තේකක් විතරක් බීලා ඇතිද. එන්න අපි මොනව හරි කමු"

" අනේ කමක් නෑ අයියා. මට මේ ලොකු තැන් වලින් කන්න සල්ලි නෑ. යන ගමන් පොඩි කඩේකින් කන්නම්"

" අයියෝ! කවුද දැන් ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ. යන් යන්. දෙන්නම මොනවා හරි කමු. මාත් කාලා නෑ තාම. "

ඩිලන්ක කාවින්ද්‍යාගේ කරට අතක් දාගෙන ඇතුලට එක්කගෙන ගියා.

කාලා බීලා හොදට බඩ පුරවගත්තු කාවින්ද්‍යාව ඩිලන්ක එයාගෙ ඇල්ටො එකේ දාගෙනම ගිහිං බෝඩිම ගාවින් බැස්සුවා. හදිස්සියකට තියාගන්න කියලා රුපියල් 5000/= උත් මිට මොලවලා තමයි ගියේ.

දුප්පත් රංගනට පොශ්, සල්ලි කාර, නිරහන්කාර, දගකාර කෙල්ලෙක් වුන කාවින්ද්‍යා ඩිලංකට එයාගේ ඇත්ත තත්වය කිව්වත් මවා පාපු චරිතයනම් හාත් පසින්ම වෙනස්. රංගනට පාට් දාලා අනවශ්‍ය දේවල් කරන එක නවත්ත ගත්තාට ඩිලන්කව එහෙම බය කරගන්න බෑ කියලා කාවින්ද්‍යා දැනගෙන හිටියා. ඒ නිසා කියලා තිබුනේ යාළුවො වගේ ඉදලා අදුරගෙන අම්මගෙන් පස්සේ කැමැත්ත අරගන්න ඕන කියලා. ඒත් ඉතිං ඩිලන්කත් කාවින්ද්‍යාගෙ හිත දිනාගන්න ඕන නිසා එයාට සැලකුවෙ රැජිනකට වගේ.

කාවින්ද්‍යාගෙ හිතේ නම් මේ දෙන්නාගෙන් එක්කෙනෙක් ගැනවත් තිබුනේ නෑ. කාවින්ද්‍යාට ඕන වුනේ මීට වඩා ඉහල අත්තක්. කාවින්ද්‍යාට හිටියා එයා වගේම යාළුවො සෙට් එකක්. ඒ සමහරුනම් සල්ලි වලට යට ඇදුමත් ගැලව්වට කාවින්ද්‍යා ගේම ගැහුවෙ මොලෙන්. එයා දැනගෙන හිටියා කවදාවත් සල්ලි තියන එකෙක් දුප්පත් කෙල්ලෙක්ව ඒ දේවත් නැතුව කැන්දන් එන්නේ නෑ කියලා.

එදා හවස කාවින්ද්‍යා එයා ගාව තියෙන අලුත්ම ඇදුම දාගෙන යන්න ලෑස්ති වුනේ යාළුවො එක්ක කින්ස්බරි එකෙන් ඩිනර් ගන්න. මේ යන්නේ කෑම කන්නම නෙමෙයි. දැල් එලන්න.

චතුර නම ගිය මන්ත්‍රී කෙනෙක්ගේ ලොකු පුතා. වයස අවුරුදු 35ක් විතර වුනාට වැඩි වයසක් පෙනුනේ නෑ. අතට පයට වැඩකාරයෝ, වාහන මිල මුදල් තිබුනත් එයා හිටියේ හදවතින් ගොඩක් තනි වෙලා. සර්වපිත්තල ලෝකේක ජීවත් වෙන පව්ඩර් බබාලා අතරේ නිශ්ෂබ්ධව හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න කාවින්ද්‍යා ගාව එයාගේ ඇහැ නැවතුනේ ඉබේටම. කෙල්ල බුෆේ එක ගාවට යනකන් බලාගෙන හිටපු චතුරත් ටක් ගාලා එතනට ලං වුනා.

"මේ අයි සර්ව් යූ"

" ශුවර්"

" වුඩ් යූ ලයික් සම් බේකන්"

" නෝ තෑන්ක්ස්. මං වෙජිටේරියන්"

" ම්ම්... ඉන්ට්‍රෙස්ටින්. ෆිගර් එක මේන්ටේන් කරනවද?"

" අනේ නෑ. සත්තු පව්නේ. මං පොඩි කාලෙ ඉදලාම කන්නේ නෑ. "

" ඕ! හව් ස්වීට් ඔෆ් යූ!"

" තැන්ක් යූ. "

" ශැල් අයි බයි යූ අ ඩ්‍රින්ක්"

" ම්ම්... මං හාඩ් ලිකර් නම් ගන්නේ නෑ"

"හාහා! සීරියස්ලී? දැට්ස් සප්රයිසින්. මේ වගේ තැනක ඔයා වගේ ගර්ල් කෙනෙක් ඉන්න එකත් පුදුමයි"

" ඇයි එහෙම කියන්නේ. ගොඩාක් ඇතිනේ!"

" අප්පො නෑ. මේ කෙල්ලො ඔක්කොම සිගරට් ලිකර් නානවා. "

" එහෙම ද? මං නම් දන්නෙ නෑ. මං මේ ආවමයි. "

" ඔහ්! දැට් කෝල්ස් ෆොර් අ සෙලිබ්‍රේශන් දෙන්. මොක්ටේල් එකක්වත් ගමු. ආසයි ඒ වගේ ගෑනු ළමයෙක් එක්ක කතා කරන්නත්"

" හ්ම්ම්ම්... ඕකේ!"

" ඉතිං කියන්නකො ඔයා ගැන විස්තර ටිකක්"

" මං ගැන. මොනවද?"

" ඔයා කොළඹ නෙමෙයි නේද?"

" නෑ. මං ගම්පල"

" මෙහෙ මොකද කරන්නේ"

" ජොබ් එකක් හොයන්න ආවේ. බෝඩින් එකේ යාළුවො කිව්වා අද එලියට යමු කියලා කොළඹ පෙන්නන්න. "

" ඉතිං දැක්කද?"

" හ්ම්ම්ම්..."

" මොකද හිතෙන්නේ?"

" හොදයි. ගමට වඩා නම් ගොඩක් වෙනස්"

" හහා! ආපහු ගමේ දුවන්න හිතෙනව ඇති නේ?"

" ම්ම්... ගමේ ඉන්න නම් ආසයී. ඒත් අම්මා බලාගන්න ඉන්නේ මං විතරනේ"

" හ්ම්ම්ම්... ඔයා දැන් ජොබ් එකක් හොයාගත්තාද?"

" තාම නෑ"

" ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් ශැල් අයි ඔෆ යූ අ ජොබ්"

" අනේ මට වැඩිය ඉංග්‍රීසි නම් බෑ"

" ඕ! සොරි. මට මේ දවස් වල ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් හොයනවා. මං මේ බැලුවෙ ඔයාට ඒ ජොබ් එක දෙන්න"

" අනේ මට මිස්ට කවුද කියලා කිව්වෙවත් නෑනේ. "

" මං තමයි දුමින්ද සෙනරත් ගේ සන්. තාත්තිගෙ නම අහලා ඇතිනේ?"

" ආනේ! ඔව්. අනේ සර් මටනම් එච්චර ක්වොලිෆිකේශන්ස් නෑ. ඒ ලෙවල් වෙනකන් විතරයි ඉගෙනගෙන තියෙන්නේ. "

" දැට්ස් නොට් ඇන් ඉශූ. ඔයා හෙට සීවී එකත් අරන් මේ ඇඩ්රස් එකට එන්නකෝ. මාත් දැන් තමයි තාත්තිගේ වැඩ වලට ජොයින් වෙන්නේ. "

චතුර කාඩ් එක කාවින්ද්‍යාට දික් කරා. කාවින්ද්යානම් හිටියේ හිතෙන් පුදුම සතුටින්.

අවුරුදු දෙකක් තිස්සෙ උත්සහය සාර්ථක වෙන්න යනවා කියලා කාවින්ද්‍යාට ඉවෙන් වගේ දැනුනා.

ඊලග දවසේ කාවින්ද්‍යා උදේන්ම අර කාඩ් එකේ තිබුන ඇඩ්රස් එකට ගියා. චතුර සීවි එක බලන්නෙවත් නැතුව කාවින්ද්‍යාට වැඩ පටන් ගන්න කිව්වා.

කාවින්ද්‍යාට හොද පඩියක් ලැබුනට කරන්න තිබුනේ චතුර එක්ක එහෙ මෙහෙ යන එක. වැඩකට කියලා කරේ චතුරගේ දවසේ වැඩ ටික ලියාගෙන කියන එක විතරයි. අතේ මිටේ සල්ලි තියෙනකොට කාවින්ද්‍යා ගානට ඩිලන්කවයි රංගනවයි මග ඇරියා. ෆෝන් එකේ සිම් එක පවා මාරු කරා. චතුරගේ හිතේ කාවින්ද්‍යා ගැන තියෙනවා කියලා දැනන් හිටියත් එයාගෙන් චතුර මුකුත් ඇහුවෙ නෑ. තාමත් ඔහු ඇයගේ චරිතය බලනවා කියලා ඇය දැනගෙන හිටියා. ඒ නිසා හැම වෙලේම ගොඩක් පරිස්සම් වුනා.

සල්ලී කාරයෙක්ගේ පුතෙක් වුනාට චතුරට ඕන වුනේ ගෙවල් දොරවල් බලාගෙන ඉන්න යහපත් බිරිදක්. සල්ලි නිසා කෙල්ලො පෝලිමෙ එයාගේ ඇගේ එල්ලෙන්න හැදුවා. ඒ අය දිහා එයා බැලුවෙ පිලිකුලෙන්. කාවින්ද්‍යාගේ මේ නිවුන, අනම් මනම් නැති හැසිරීමට චතුරගේ හිත ඇදිලා ගියේ ඒ නිසා. ඒ දෙන්නා හැම තැනම ගියේ එකට. චතුර හිතුවා දවසම ලග ඉන්නකොට එයාට කාවින්ද්‍යාව තේරුම් ගන්න ලේසි වෙයි කියලා.

කොල්ලො දෙන්නා තුන්දෙනා එක්ක එක වැර යාළු වෙලා හිටපු කාවින්ද්‍යා චතුරගේ අරමුන හොදට තේරුම් අරන් හිටියේ. එයාත් ඒ අනුව හැසිරුනා.

මේ විදියට මාස තුනක් ගෙවුනා.

දවසක් මේ දෙන්නා දවල් කෑමට නැවතුනේ කොළඹ 5 ක්වීන්ස් පාරේ තියෙන Boulevard Thai Restaurant එකේ. එක පාරටම එතනට කොහෙදෝ ඉදලා රංගන කඩන් පාත් වුනා.

" කාවින්ද්‍යා! උඹ දැන් ලොකු අත්තක් අල්ලගෙන වගේනේ! උඹ මාව කෑවා යකෝ. තෝව මං තියන්නෑ...!"

රංගන කාවින්ද්‍යාගේ ඇගට කඩන් පනින්න හදනකොටම චතුරගේ බොඩි ගාඩ් එයාව එලියට දැම්මා.

" කවුද ඒ තර්ඩ් ක්ලාස් මිනිහා?"

" අනේ අපේ බෝඩිම ගාව ඉන්නේ සර්. මගෙන් ආපු දවසේ ඉදන් යාළුවෙන්න අහනවා. බෑ කිව්වට තේරුම් ගන්නෑ සර්. කරගන්න දෙයක් නැති කමට මං ඉවසනවා. වෙන තැනක් හොයාගත්ත ගමන් මං එතනින් යනවා සර්"

කාවින්ද්‍යා කිඹුල් කදුලු හැලුවා

චතුරගෙ හිත උනු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එයා කාවින්ද්‍යාගේ ඔලුව අතගෑවා. කාවින්ද්‍යා චතුරගේ උරිහේ ඔලුව තියාගෙන බොරුවට ඇඩුවා.

" නාඩා ඉන්න! හරි හරි! දැන් එයා ගියානේ. අපි යමු අද ඔයාට අපාට්මන්ට් එකක් බලන්න. ඔය විදියෙ පිස්සොත් එක්ක ඔතන ඉන්න එක සේෆ් නෑනේ. කොහොමත් මං ඔෆිස් එකේ හැමෝටම අකමඩේශන් දෙන්න ඉන්නේ. අදම ඔයාට තැනක් බලමු"

" අනේ සර්ට ගොඩක් පිං සර් මං වගේ දුප්පත් කෙල්ලෙක්ට මේ තරම් උදව් වෙනවට. "

" හරි හරි දරුවෝ! අපි ඒවා පස්සේ කතා කරමුකෝ. හවසට තියෙන මීටින් ටික කෑන්සල් කරන්න. අපි යමු. "

************අවුරුද්දකට පසු*************

කාවින්ද්‍යාට ජීවිතේ කෙල්ලෙක් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම දැන් තියෙනවා. ලස්සන ලක්ශරි අපාට්මන්ට් එකක්, පොඩි කාර් එකක්, හොද පඩියක් එන රස්සාවක්, ඒ හැම දේම තිබිලත් කාවින්ද්යානම් සෑහීමකට පත් වුනේ නෑ. තාමත් කාවින්ද්‍යාගෙන් චතුර යාළුවෙන්නට වත් නාසන්නේ ඇයි ද කියලා ඇය හිටියේ හිතේ දෙගිඩියාවෙන්. ඇමති ලේලියක් වීමට ඇය ලොකු හීන දැක්කා. චතුර ගැනනම් ඇයගේ හිතේ කොනකවත් ආදරයක් තිබුනේ නෑ.

කොහොමටත් කාවින්ද්‍යා ආදරය විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඇය හිතුවේ ඒක මායාවක් කියලා විතරයි.

ඒ අතරේ තමයි චානක කියලා දුර පලාතක අහිංසක කොල්ලෙක් චතුර ගාවට වැඩට ආවේ. චානකට කාවින්ද්‍යාව පෙනුනේ සුරංගනාවියක් වගේ.

චානක වැඩියෙන්ම ආදරේ කරේ කාවින්ද්‍යාගේ සුවදට. කාවින්ද්‍යාට නම් චානක ඉන්නවා කියලා වත් ගානක් තිබුනෙ නෑ.

"මිස්!"

" ම්ම්ම්ම්" කාවින්ද්‍යා කිව්වේ කම්පියුටරේට මූන ඔබාගෙන.

"මිස් මේ ෆයිල් එක"

" ඔතනින් තියලා යන්න"

" මිස් මේකට දැන්ම සර්ගේ අත්සන ඕන කිව්වා. "

" අයියෝ.... සර් මීටින් එකකනේ. කොහොම ද දැන්ම අත්සන් ගන්නේ. "

" දන්නෑ මිස්!"

" දන්නෑ! එතකොට මං දන්නවද? ඕකට දැන් අත්සන ගන්න බෑ. පැයක්වත් යයි. ඕකත් අරන් යන්න ප්ලීස්! පැයකින් එන්න"

"මිස්! මේක හදිස්සිලු. කොහොම හරි අරගන්න කිව්වා!"

" ඔයාලා හිතන් ඉන්නේ මං දෙවි කෙනෙක් කියලාද? ඔයාල වගේම තමයි. මාත් කරන්නේ රස්සාවක්. සර් මීටින් එකක ඉන්නකොට මං කොහොමද අත්සන් ගන්නේ. අනේ මංදන්නෑ මේ මිනිස්සුන්ට ඔලුවක් නැති හැටි!"

චානක බිම බලාගත්තේ ගෑනියෙක් ඉස්සරහ මේ විදියට හෑල්ලු වෙලා පුරුදු නැති නිසා.

" ඇයි තාම මෙතන. පව් නොදී ඕකත් අරගෙන යනවද මෙතනි. "

" සොරි මිස්" ඇහෙන් වැටෙන්න යන කදුලත් හංගගෙනම චානක එතනින් පිටත් වුනා.

ඒක දැකපු කාව්‍යාගේ ගල් හිතටත් පුංචි දුකක් දැනුනා.

" පව්! මං අපරාදේ ඒ අහිංසකයට බැන්නේ. එයා මොනව කරන්නද! මේ චතුරයා මාව පිස්සෙක් කරනවා. ඇයි දෙයියනේ දැන් අවුරුද්දක් තිස්සේ ආදරෙයිවත් නොකියා මොන මගුලක් කරනවද. "

කාව්‍යා හිතුවේ කන්නාඩි දෙක ගලවලා මේසේ උඩට විසි කරමින්. ඊලගට ඇය නැවත ඔෆිස් එකට කෝල් කරා.

" චානකට ෆයිල් එක අරගෙන එන්න කියන්න. "

චානක ෆයිල් එකත් අරගෙන ඇවිත් බිම බලාගෙනම ඒක කාවින්ද්‍යාට දික් කරා.

" සොරි ඉස්සල්ලා හිත රිදුනනම්. වැඩ නිසා ස්ට්‍රෙස් වෙලා හිටියෙ. ඉන්න මං ඇතුලට ගිහිං අත්සන අරන් එන්නම්. "

චානක අහිංසක විදියට ඇස් දෙකේ කදුළු පුරවගෙන හිනාවුනා. ඒ දිහා විනාඩියක් බලන් හිටපු කාවින්ද්‍යාගේ හිතට අමුතු දෙයක් වෙනකොට ඇය ඉක්මනට අහක බලාගත්තා. ටක් ගාලා ඒ හැගීම හිතෙන් ගසලා දාපු කාවින්ද්‍යා මීටින් හෝල් එක ඇතුලට නොපෙනී යනකොට චානක ඒ දිහා බලාගෙන හිටියා.

" කාවින්ද්‍යා... ඔයා ඔෆිස් ට්‍රිප් එකට කෝස්ටර් එකක් බැලුවද?"

" ඔව් සර්. ටුවර්ස් කම්පනි එකෙන් ක්වෝටේශන් එක සර්ට මේල් කරා කිව්වා. කන්ෆන්ම් කරන්න කෝල් කරලා කියන්න කිව්වා. "

" ඕකේ. ඔයා ඒක බලලා කන්ෆර්ම් කරන්න. කට්ටියට ඉන්න හොද හොටෙල් එකක් බුක් කරන්න. ඔයත් යනව නේද?"

" නෑ සර්. මං හිතුවෙ සර්ට එදාටත් මීටින්ස් තියෙන නිසා ඉන්න"

" නෑ නෑ. මං හැන්ඩ්ල් කරගන්නම්. ඔයා යන්න. තරුණ කෙල්ලෙක් හැමදාම ඔෆිස් එකටම දිය වෙලා හරියන්නෑනේ. ඔයත් යන්න. "

" ඕකේ සර්"

ට්‍රිප් යන්න ආසාවක් නැතිවුනත් චතුරගේ වචනෙට පිටින් යන්න කාවින්ද්‍යා බයයි.

ට්‍රිප් එක දවසේ කාවින්ද්‍යා නැගිටිනකොට පරක්කු වුනා. එයා ලෑස්ති වෙලා යනකොට අනිත් හැමෝම බස් එකටත් නැගලා. සීට් එකයි තිබුනේ. ඒකත් චානක ගාව. පිරිමි පෝලිම් ගනනක අතේ එල්ලිලා ගියපු කාවින්ද්‍යාට නම් ඒ ගැන ගානකත් තිබුනෙ නෑ. කාවින්ද්‍යා ඇවිත් නෑ කියලා දැනගත්තාම අමාරුවෙන් ඒ සීට් එක හිස් කරලා තියාගත්තු චානකගේ හදවතනම් එලියට ඇහෙන සයිස් එකට ගැහුනා.

"ගුඩ් මෝනින් මිස්"

" ම්! ගුඩ් මෝනින්"

කාවින්ද්‍යා කිව්වෙ ෆෝන් එක දිහා බලාගෙන.

" මිස් අද හරි ලස්සනයි!"

අකමැත්තෙන් මේ ගමන ආපු කාවින්ද්‍යාට මේක මහ කන් කරච්චලයක් වුනා

" ආ...නේ තැන්ක් යූ...! ඔයා එන හිංදමයි මං ලස්සනට ඇන්දේ. තව මොනවත් කියන්න තියෙනවද? ඉක්මනට කියන්නකෝ. නැත්තම් කට වහගෙන යමුද?"

"සොරි මිස්!"

" ම්..." කාවින්ද්‍යා සීට් එකට ඔලුව තියාගෙන හෑන්ඩ්ස් ෆ්‍රී දෙක කනේ ගහගත්තා.

ඔෆිස් එකේ අනිත් කට්ටිය සිංදු කියනකොටත් චානක වචනයක් වත් නොකිව්වෙ කාවින්ද්‍යාට තරහ යයි කියලා බයට.

නින්ද ගියපු කාවින්ද්‍යාගේ ඔළුව කඩාගෙන වැටෙනකොට චානක හෙමීට උරහිස ලං කරා. බයිලා සිංදු කෑගහන සෙනග අතරේ කාවින්ද්‍යාගේ හෙඩ් සෙට් එකෙන් ඇහෙන සිංදුව ඇතුලේ චානක අතරමං වුනා.

"සිත ලග දග කරනා,ආඩම්බරකාරී...

ඉගසොග ගස්සන ආඩම්බරකම් මට සිහිවේවී...

කෙදිනක හෝ නුඹ මගෙ ලග නවතී...

සිත මගෙන්ම ඉල්ලාවී, මගෙ සුදු ආඩම්බරකාරී..."

ප්‍රදීප් රංගනගේ මියුරු හඩ චානකගේ හිත වෙනම ලෝකෙකට ගෙනිච්චා. දවල් කෑමට නවතිනකන්ම කාවින්ද්‍යා හොදටම නිදාගත්තා. බෙලිහුල් ඔයේ නාලා, එතනම රිසෝට් එකකින් ලන්ච් ගන්න ලෑස්ති කරලා තිබුනේ. කට්ටියම බැහැලා යනකනුත් නිදාගෙන ඉන්න කාවින්ද්‍යාව චානක ඇහැරුවෙ බයෙන්.

"මිස්! මිස්... නැගිටින්න. දවල් කෑමට නැවැත්තුවා. "

පොඩි එකෙක් වගේ ඇස් දෙක පොඩි කර කර කාවින්ද්‍යා චානකට හේත්තු වෙලාම ඇස් දෙක ඇරියා. මූනටම ලං වෙලා තිබුන චානකගේ මූන දැකලා කාවින්ද්‍යා ගැස්සිලා නැගිට්ටා. චානක එනවදවත් නොබලම එයා රිසෝට් එක ඇතුලට නොපෙනි ගියා.

චානක කාවින්ද්‍යා ඔළුව තියාගෙන ගිය තැන සුවද බලලා අහිංසක සතුටක් වින්දා.

" දැන් ඉතිං ආයෙ මේ ශර්ට් එක තෙමෙන්නවත් දෙන්නෙ නෑ පුතෝ"

කියලා හිතලා චානක කවුරුත් නැති බස් එක ඇතුලෙම ඇදුම මාරු කරගෙන නාන්න යන්න බැස්සා.

ඔය ගාවට යනකොට හැමෝම නානවා. කාවින්ද්‍යා විතරක් කොට කලිසමක් ඇදගෙන ගලක් උඩ ඉදගෙන සන්ග්ලාස් දාගෙන ෆෝන් එක ඔබනවා.

" මදැයි මෙයා එක්ක නාන්න ආවා...!"

චානක හෙමීට වතුරට බැස්සා.

" වරුණි! කියපන්කෝ අර මිස්ට අර හුචක්කුව තියලා වතුරට බහින්න කියලා. මේ වගේ හදිස්සියෙන්වත් නෑවේ නැත්තන් එයා නාන්නෑලු. ඒකනේ සෙන්ට් නාගෙන එන්නේ"

චානක කතා කරේ ඇත්ත හැගීම් හංගගෙන.

"අපෝ ඕකිගේ හෙන ඔළුව බං. බොස්ගේ වයිෆ් වෙන්නනේ හිතන් ඉන්නේ!"

" අනේ උඹලටත් ඉතිං කාට හරි කතාවක් හදන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ. ගෑනුනේ! ඔන්නොහෙ කතා කරපන් බං."

" මිස්! කාවින්ද්‍යා මිස්! නාන්න එන්නකෝ! වතුර ටික හරි ශෝක් මිස්..."

" ඔයාලා නාන්න. මට සීතලයි!"

" වතුරට බැස්සම එච්චර සීතලක් දැනෙන්නෙ නෑ මිස්. එන්නකෝ. හැමදාම මෙහෙම එන්නේ නෑනේ"

කට්ටියගේ පෙරත්තට කාවින්ද්‍යා වතුරට බැස්සේ කවුරු හරි එයා ඔළුවෙන් ඉන්නවා කියලා චතුරට කියයි කියලා තිබුන බයට.

වතුරට පෙගිලා ඇගට ඇලිලා තියෙන ටී ශර්ට් එක අස්සෙන් පේන කාවින්ද්‍යාගේ ඇග දෙස නොබලා ඉන්න චානකයේ පිරිමි හිත ඉඩ ඇරියෙ නෑ. ඒත් ඒ දිහා බලන ඔෆිස් එකේ අනිත් එවුන්ව දැක්කහමනම් එයාට කේන්ති ගියා. දුවගෙන ගිහිං ඔහුගේ ගොරෝසු පිරිමි කමිසය රැගෙන ඇවිත් ඔහු ඒක ඇය වෙතට දික් කරා.

" මිස්. මේක ඇදගන්න ඕකට උඩින්. "

" ඇයි? මට මේක හොදයි!"

" මේ... මිස්ගේ බ්‍රා එක පේනවා. කොල්ලො බලන් ඉන්නවා. ඒකයි!"

කාවින්ද්‍යා ටක් ගාලා අත් දෙකෙන් පපුව වහගත්තා. ලැජ්ජාවෙන් චානක දුන්න කමිසේ ගලකට මුවා වෙලා උඩින් දාගෙන ලැජ්ජාව වහගන්නත් එක්ක අනිත් අය එක්ක සෙල්ලම් කරා.

පුංචි දරුවෙක් වගේ සෙල්ලම් කරන කාවින්ද්‍යා දිහා ඔහු බලාගෙන හිටියේ ආදරෙන්.

" චානක නාන්නැද්ද? "

" මිස් නාන්න. මං නෑවා. "

" මං ඔයාගේ ටී ශර්ට් එක හෝදලා දෙන්නම් හොදේ. "

" කමක් නෑ. මිස් ඕක තියාගන්න. "

" හිහි! මං මේක තියාන මොනව කරන්නද. මං හෝදලා දෙන්නම්"

චානක හිනාවුනා.

කොල්ලො ටික බියර් කඩලා කෙල්ලොන්ටත් දෙනකොට චානක බලාගෙන හිටියේ කාවින්ද්‍යා එපා කියනකන්. ඒත් එයා බියර් බෝතලේ ගානක් වත් නැතුව බොනකොට කාවින්ද්‍යා චානක හිතින් මාවගත්තු අහිංසක කෙල්ල නෙමෙයි කියලා චානකට තේරුනා. ඒ දුකට චානකත් පලවෙනි පාරට බියර් එකක් බිව්වා. ඒක බීලා මුකුත් නොවෙනකොට තව තවත් බිවා. සිහිය නැති වෙලා, වමනේ යනකන් චානක බොන හැටි දැක්කම කාවින්ද්‍යාත් බලන් හිටියෙ පුදුමෙන්.

කාවින්ද්‍යා චානකව බස් එකට එක්කන් ගියේ හිටපු අනිත් කොල්ලොත් කෙනෙක්ව අල්ලන් ගල් පඩි නගින්න පුළුවන් තත්වෙක හිටියෙ නැති නිසා. චානකව බස් එකේ ඉන්දවපු කාවින්ද්‍යා චානකට දෙහි ජූස් එකක් පෙව්වා.

අවසිහියෙන් කෙදිරිගාන්න ගත්තු චානක නැගිටලා යන්න හදන කාවින්ද්‍යාගේ අතින් අල්ලලා නැවැත්තුවා.

" ඇයි ඔයා එහෙම කරේ රත්තරං... ඇයි එහෙම කරේ?"

"කොහොමද? මං මොනවද කරේ?"

" ඇයි ඔයා එහෙම කරේ. ඇයි මගේ අහිංසක සුරංගනාවීට බියර් බොන්න දුන්නේ. "

" කවුද චානක ඔයාගේ සුරංගනාවී. මං කාටවත් බියර් පෙව්වෙනෑ. "

" බොරු කියන්න එපා. ඔයා බියර් බිව්වා"

" ඔව්! මං බිව්වා තමයි. ඒත් ඔයාගේ සුරංගනාවී..."

" ඒ කියන්නේ මම ද ඔයාගේ සුරංගනාවී"

"නෑ! මට කවුරුවත් එපා. ඔයා යන්න. ගිහිං තව බොන්න. බීලා බීලා මැරෙන්න. මං ලගට එන්න එපා. "

චානකගේ මේ හැසිරීම කාවින්ද්‍යාගේ හිතට අමුතු දුකක් ගෙනාවා. එයා චානක ගාවින්ම වාඩි වුනා. චානක කාවින්ද්‍යාගේ තෙත් කොන්ඩය අතරින් ඇගිලි තුඩු යවලා ඒ රෝස පාට තොල් දෙක ආදරෙන් සිපගත්තා.

ගමන ගිහිං එනකන්ම දෙන්නා අතරේ තිබුනෙ ලොකු නිශ්ෂබ්ධතාවයක්. කවදාවත් පිරිමියෙක්ට ආදරේ නොකරන්න හිතපු මේ හිත චානකට කොහොම නැමුනාද කියලා කාවින්ද්‍යාට හිතා ගන්න බැරි වුනා. ඇගේ අරමුණත්, මේ අමුතු හැගීමත් අතර ඇය පැටලෙමින් හදවතින් වැලපුනා.

අවුරුද්දකට වැඩි කාලයක් ගිහිනුත් තවමත් ඇයට ආදරය ගැන වචනයක් වත් නොකියපු චතුර ගැන බලාපොරොත්තු තියාගෙන මේ සුන්දර හැගීමට පයින් ගැසීම මෝඩ කමක් කියලා ඇය හිතුවා. දැන් ඇය උපයන පඩියත්, චානකගේ පඩියත් සමග ඔවුන් දෙදෙනාට සැපවත් ජීවිතයක් ගෙවන්නට පුළුවන් බව ඇය තේරුම් ගත්තා. ඒත් චතුර මෙය දැනගත් පසු ඇයව රැකියාවේ තියාගනීද? රැකියාවක් නිසා ජීවිත කාලෙම විවාහ නොවෙන්නද? පැය ගනනාවක් කල්පනා කරපු ඇයට ඇගේ කුළුදුල් පෙම නිකරුනේ නැති කරගන්න හිතුනේ නැ. හෙට වැඩට ගිය පසු චානකට කැමැත්ත දෙනවායැයි සිතාගෙන ඇය ඔහු එදා දුන් කමිසය තුරුල් කරගෙන නිදාගත්තා.

උදෑසනම චතුර ඇමතුමක් ගෙන කීවේ අද පවුලේ සාදයක් තියෙන නිසා ඇයටත් හිල්ටන් හෝටලයට එන්න කියලා. උදෑසනම චානකව දැක ගන්න බැරි වීම ගැන ඇය දුක් වුනා. හවස් වෙලාවත් ඔහුව මුනගැහෙන්නට ඇය හිත හදාගත්තා.

ලා රෝස මල් වැටුන සුදු පාට දිග ගවුමක් ඇදලා රත්තරං පාට පටිය තියෙන පුංචි රෝස පාට ගමන් මල්ල අතේ එල්ලාගත් ඇය එයටම ගැලපෙන පුංචි වලල්ලක් පැලදුවා. චානක ඇයට වැඩිය ගොඩක් උස බව මතක් වුන ඇය, ඇය සතු අඩි උසම රෝස පාට පාවහන් දෙක පැලදගත්තා. කන්නාඩියෙන් දිස් වුනේ දිගු ඇස් ඇති, කැරලි කළු කෙස් කලඹක් හිමි ඇගේ අහිංසක රූපයයි. සුවද විලවුන් තවරාගෙන ඇය එදා පිට වුනේ ලගදි තටු ලැබුනු කිරිල්ලියක් වගේ.

හිල්ටන් හෝටලයේ සදහන් කල හෝල් එකට ඇතුල් වෙනකොටම වාදනය වුනේ ඉතාමත් මියුරු සංගීතයක්. පුංචි පුංචි ළමයි ගොඩාක් රෝස මල් අතැතිව ඈ වට කරගනිද්දී චතුර ඇය ලග දනින් නැමී මුදුවක් දික් කලේ විවාහයට අවසර ඉල්ලමින්. කිසිවක් සිතා ගන්නට බැරුව වට පිට බලපුවාම ඇය දැක්කේ චානක වගේම කාර්යාලයේ සියළුම දෙනා ඈ දෙස බලන් ඉන්නවා. මොහොතකට බෑ කියන්නට සිතුනත් ඇයගේ මොළය ඇගේ හදවතට වැඩිය වේගයෙන් ක්‍රියා කරා. කදුලු අතරින් ඇය හිස වනද්දී සියළුදෙනාම හිතුවේ ඈ කදුළු වගුරුවන්නේ සතුටට කියා. කොනකට වී බලා සිටි චානක බිත්තියකට හේත්තු වුනේ බිම ඇදගෙන වැටෙයි කියලා බයට. කන පිරෙන සිංදු, අත්පුඩි , සිනහාවන් මැද අයිනකට වෙලා බිම ඉදගෙන අඩන චානකගේ කදුළු කවුරුවත් දුටුවේ නැත.

මංගල්‍ය දිනය වන තෙක් කාවින්ද්‍යා වැඩට ගියේ නෑ. චානක හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව ගිය මළකදක් වගේ. කාවින්ද්‍යාගෙන් අහන්න ප්‍රශ්න කෝටියක් තිබුනත් චානක බලාගෙන හිටියේ මගුල් දවස තෙක් ඇයට සදහටම සමු දෙන්නට.

ලස්සන සුදු ගවුමක් ඇදලා, වේල් පොටක් දාලා ඔහු දෙසට එන කාවින්ද්‍යා දෙස ඔහු බලා සිටියේ මෙය සිහිනයක් දැයි සිතමින්. ඇය ඔහු ඉදිරියේ හිටගෙන ඔහුට ඇය ගැන ලියූ පුංචි ලියුමක් දුන්නා.

" සමාවෙන්න මට! මට ආදරයක් නිසා මං හැමදාම දැකපු හීන වලට පයින් ගහන්න තරම් මං බොලද අහිංසක කෙල්ලෙක් නෙමෙයි. ඒත් දාහක් පිරිමි ආශරය කරත් මං ආදරය කරපු එකම සහ අන්තිම පිරිමියා ඔයා"

කාවින්ද්‍යා එසේ පවසා ආපසු යන්න ගියේ බිම ඉදගෙන අඩන චානක දිහා එක පාරක්වත් නොබලාමයි.

රත් පැහැති රුධිරයෙන් කාවින්ද්‍යා සිරියහන තෙත් කරද්දී ගල්කිස්සේ ගල් පර අතර චානක වීදුරු කටුවකින් ගෙල සිදගත්තේ ආදරයේ නාමයෙන්.

"පතිවතක් ඇති වුනත්, පතිනියක් නොවේ ඇය,

ලෙයින් සහතික වුනත්, ආදරේ නොදනි ඇය,

පටලකින් කිව හැකිද හිතේ ඇති ආදරය,

රැවටුනා රැවටුනා රූපයට ඇගේ නුඹ..."

******************නිමි********************

ස්තුතියි!

තාරුකා අමරසේකර

උපුටා ගැනීම FB

[QUOTE="miyuru4u, post: 21343771, member: 16167"] [SIZE="3"]නමට පතිනී " අනේ බබා, අපි McDonald's යමු. මාර බඩගිනී. අපේ servant නිවාඩු ගිහිං නේ. අම්මිලා කිව්වා එයාලත් එලියට යනවා කියලා" " අනේ මං අතේ ඒ තරම් සල්ලි නෑනේ කෙල්ලේ... අපි කොහෙ හරි පොඩි කඩේකින් කමු. " " චී! ඔයා කියන්නේ මට ඔයා එක්ක සයිවර් කඩේකට යන්න එන්න කියලද? ඔයා ගාව සල්ලි නැති නිසා තමයි මං කිව්වේ අපි McDonald's යමු කියලා. නැත්තන් අපේ ඩැඩී අපිව ස්ටා හොටෙල්ස් වලට විතරයි එක්කන් යන්නේ..." " අනේ ඉතිං ඔයා මං කවුද කියලා දැනගෙනනේ බබා යාළු වුනේ. මං නිකංම නිකං සිකුරුට්ටෙක් විතරනේ! " " හරි හරි! ඒවගෙන් වැඩක් නෑ. එහෙනම් මං යනවා. ඔයා ගිහිං සයිවර් කඩේකින් කන්න. මතක ඇතුව යන ගමන් මට 500/= රීලෝඩ් එකක් දාගෙන යන්න. ෆෝන් එකේ සල්ලී නෑ" " හරි බබා. එහෙනම් පරිස්සමෙන් යන්න. අයි ලව් යූ..." " උම්මා! අයි ලව් යූ ටූ! මතක ඇතුව දාන්න හරිද? නැත්තන් මං කොහොමද මගේ චූටි කොල්ලා එක්ක කතා කරන්න හිතුනාම කෝල් කරන්නේ..." රංගන, කාවින්ද්‍යාගේ අත ඉම්බා. " ඔයා මට ඒ තරම් ආදරෙයි ද බබා?" " හ්ම්ම්ම්.... ගොඩාක් ආදරෙයි! බායී! " ............. "ශී! මූ අද වරුවක්ම කෑවනේ. උදේ ඉදන් කෑවෙ කොනැටො එකක් විතරයි! මොන හෙවලයෙක් මංදන්නෑ. සල්ලි නැත්තම් මොන රෙද්දට ගෑනු ගන්න හිතනවද මංදා. ඩිලන්කටවත් කෝල් එකක් ගන්න ඕන. " කාවින්ද්‍යා හිතුවෙ කෝට්ටෙ පාර දිගේ රාජගිරිය දෙසට ඇදෙමින්. " හෙලෝ අයියා! ඔයා කොහෙද ඉන්නේ? මං කාවින්ද්‍යා නංගී." " ආ කියන්න නංගී. මොකද බයවෙලා වගේ?" "අනේ අයියෙ මං අපේ යාළුවෙක්ගේ ගෙදරක යන්න කෝට්ටෙ ආවා එයා එක්ක. දැන් මට ආපහු යන්න තේරෙන්නෙ නෑ. මං මේ කොළඹ දන්නේ අයියව විතරනේ. ඒකයි අයියාට ගත්තේ. " " අයියෝ! මෙයත් කරගන්නේ හරි වැඩනේ. ඉන්න ඉන්න මං එන්නම්. ඔයා දැන් කොහෙද හරියටම ඉන්නේ කියන්නකෝ..." " අනේ මංදා අයියා. අර පිට්ටනිය පහු වුනා. මොකක්දෝ සිගර් හෝම්ස් කියලා බෝඩ් එකකුයි කේ එෆ් සී කියලා බෝඩ් එකකුයි පේනවා. " " හරි. එහෙනම් ඔයා කේ එෆ් සී එක ගාව ඉන්නකෝ. මං ටක් ගාලා එන්නම්. බය වෙන්න එපා" " හරි අයියා. මං තියන්නම්. බුදු සරණයි!" කාවින්ද්‍යා දුවලා ගියේ කේ එෆ් සී එකේ බාත් රූම් එකට. ගාගෙන හිටපු ලිප්ස්ටික් මකලා ඇදන් හිටපු ලෙගින් එකට උඩින් හෑන්ඩ් බෑග් එකේ දාගෙන ආපු ලුන්ගිය දාගත්තා. ස්ට්‍රේට් කරපු කොන්ඩේ ටක් ගාලා ගොතා ගත්තා. කාවින්ද්‍යා මේ ඩබල් ගේම් එක ගහන්නේ අදක ඊයෙක ඉදලා නෙමෙයි. දැන් අවුරුදු දෙකක් තිස්සෙ කරන්නේ මේක. කාවින්ද්‍යා කොළඹට ආවේ රස්සාවක් හොයාගෙන. තාත්තාවත් නැති දුප්පත් පවුලක කෙල්ලෙක් වුනාට එයාට හැමදාම තිබුනෙ ලොකු හීන. ගාමන්ට් වල, සැලූන් වල වැඩ කරලා ගන්න පඩියෙන් කවදාවත් කාවින්ද්‍යාට ගොඩ එන්න බෑ කියලා එයා දැනන් හිටියා. තාත්තා අම්මව දාලා ගිය දවසේ ඉදලාම පිරිමින්ට වෛර කරපු කාවින්ද්‍යාට එයා කඩන හිත් ගැන ගානක්වත් තිබුනෙ නෑ. එයාගේ අලුත්ම බිස්නස් එක වුනේ කොල්ලන්ගේන් ගරාගන්න එක. " අනේ වෙලා ගියාද නංගී. මං මේ එහා පැත්තේ කඩේ මල්ලිට ෆෝන් ශොප් එක බලාගන්න කියලා ආවේ. " " නෑ අයියා. කමක් නෑ. " " ඇයි මේ මූන මැලවිලා ගිහිල්ලා" " ඔළුව රිදෙනවා අයියා. කැරකිල්ල වගේ." " ඇයි? දවල්ට නොකා ද මේ අව්වේ ඇවිද්දේ. " " නෑ. යාළුවගේ ගෙදරින් තේකක් බිව්වා උදේ. " " උදේ ඉදන් තේකක් විතරක් බීලා ඇතිද. එන්න අපි මොනව හරි කමු" " අනේ කමක් නෑ අයියා. මට මේ ලොකු තැන් වලින් කන්න සල්ලි නෑ. යන ගමන් පොඩි කඩේකින් කන්නම්" " අයියෝ! කවුද දැන් ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ. යන් යන්. දෙන්නම මොනවා හරි කමු. මාත් කාලා නෑ තාම. " ඩිලන්ක කාවින්ද්‍යාගේ කරට අතක් දාගෙන ඇතුලට එක්කගෙන ගියා. කාලා බීලා හොදට බඩ පුරවගත්තු කාවින්ද්‍යාව ඩිලන්ක එයාගෙ ඇල්ටො එකේ දාගෙනම ගිහිං බෝඩිම ගාවින් බැස්සුවා. හදිස්සියකට තියාගන්න කියලා රුපියල් 5000/= උත් මිට මොලවලා තමයි ගියේ. දුප්පත් රංගනට පොශ්, සල්ලි කාර, නිරහන්කාර, දගකාර කෙල්ලෙක් වුන කාවින්ද්‍යා ඩිලංකට එයාගේ ඇත්ත තත්වය කිව්වත් මවා පාපු චරිතයනම් හාත් පසින්ම වෙනස්. රංගනට පාට් දාලා අනවශ්‍ය දේවල් කරන එක නවත්ත ගත්තාට ඩිලන්කව එහෙම බය කරගන්න බෑ කියලා කාවින්ද්‍යා දැනගෙන හිටියා. ඒ නිසා කියලා තිබුනේ යාළුවො වගේ ඉදලා අදුරගෙන අම්මගෙන් පස්සේ කැමැත්ත අරගන්න ඕන කියලා. ඒත් ඉතිං ඩිලන්කත් කාවින්ද්‍යාගෙ හිත දිනාගන්න ඕන නිසා එයාට සැලකුවෙ රැජිනකට වගේ. කාවින්ද්‍යාගෙ හිතේ නම් මේ දෙන්නාගෙන් එක්කෙනෙක් ගැනවත් තිබුනේ නෑ. කාවින්ද්‍යාට ඕන වුනේ මීට වඩා ඉහල අත්තක්. කාවින්ද්‍යාට හිටියා එයා වගේම යාළුවො සෙට් එකක්. ඒ සමහරුනම් සල්ලි වලට යට ඇදුමත් ගැලව්වට කාවින්ද්‍යා ගේම ගැහුවෙ මොලෙන්. එයා දැනගෙන හිටියා කවදාවත් සල්ලි තියන එකෙක් දුප්පත් කෙල්ලෙක්ව ඒ දේවත් නැතුව කැන්දන් එන්නේ නෑ කියලා. .............................................................................. එදා හවස කාවින්ද්‍යා එයා ගාව තියෙන අලුත්ම ඇදුම දාගෙන යන්න ලෑස්ති වුනේ යාළුවො එක්ක කින්ස්බරි එකෙන් ඩිනර් ගන්න. මේ යන්නේ කෑම කන්නම නෙමෙයි. දැල් එලන්න. ....... චතුර නම ගිය මන්ත්‍රී කෙනෙක්ගේ ලොකු පුතා. වයස අවුරුදු 35ක් විතර වුනාට වැඩි වයසක් පෙනුනේ නෑ. අතට පයට වැඩකාරයෝ, වාහන මිල මුදල් තිබුනත් එයා හිටියේ හදවතින් ගොඩක් තනි වෙලා. සර්වපිත්තල ලෝකේක ජීවත් වෙන පව්ඩර් බබාලා අතරේ නිශ්ෂබ්ධව හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න කාවින්ද්‍යා ගාව එයාගේ ඇහැ නැවතුනේ ඉබේටම. කෙල්ල බුෆේ එක ගාවට යනකන් බලාගෙන හිටපු චතුරත් ටක් ගාලා එතනට ලං වුනා. "මේ අයි සර්ව් යූ" " ශුවර්" " වුඩ් යූ ලයික් සම් බේකන්" " නෝ තෑන්ක්ස්. මං වෙජිටේරියන්" " ම්ම්... ඉන්ට්‍රෙස්ටින්. ෆිගර් එක මේන්ටේන් කරනවද?" " අනේ නෑ. සත්තු පව්නේ. මං පොඩි කාලෙ ඉදලාම කන්නේ නෑ. " " ඕ! හව් ස්වීට් ඔෆ් යූ!" " තැන්ක් යූ. " " ශැල් අයි බයි යූ අ ඩ්‍රින්ක්" " ම්ම්... මං හාඩ් ලිකර් නම් ගන්නේ නෑ" "හාහා! සීරියස්ලී? දැට්ස් සප්රයිසින්. මේ වගේ තැනක ඔයා වගේ ගර්ල් කෙනෙක් ඉන්න එකත් පුදුමයි" " ඇයි එහෙම කියන්නේ. ගොඩාක් ඇතිනේ!" " අප්පො නෑ. මේ කෙල්ලො ඔක්කොම සිගරට් ලිකර් නානවා. " " එහෙම ද? මං නම් දන්නෙ නෑ. මං මේ ආවමයි. " " ඔහ්! දැට් කෝල්ස් ෆොර් අ සෙලිබ්‍රේශන් දෙන්. මොක්ටේල් එකක්වත් ගමු. ආසයි ඒ වගේ ගෑනු ළමයෙක් එක්ක කතා කරන්නත්" " හ්ම්ම්ම්... ඕකේ!" " ඉතිං කියන්නකො ඔයා ගැන විස්තර ටිකක්" " මං ගැන. මොනවද?" " ඔයා කොළඹ නෙමෙයි නේද?" " නෑ. මං ගම්පල" " මෙහෙ මොකද කරන්නේ" " ජොබ් එකක් හොයන්න ආවේ. බෝඩින් එකේ යාළුවො කිව්වා අද එලියට යමු කියලා කොළඹ පෙන්නන්න. " " ඉතිං දැක්කද?" " හ්ම්ම්ම්..." " මොකද හිතෙන්නේ?" " හොදයි. ගමට වඩා නම් ගොඩක් වෙනස්" " හහා! ආපහු ගමේ දුවන්න හිතෙනව ඇති නේ?" " ම්ම්... ගමේ ඉන්න නම් ආසයී. ඒත් අම්මා බලාගන්න ඉන්නේ මං විතරනේ" " හ්ම්ම්ම්... ඔයා දැන් ජොබ් එකක් හොයාගත්තාද?" " තාම නෑ" " ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් ශැල් අයි ඔෆ යූ අ ජොබ්" " අනේ මට වැඩිය ඉංග්‍රීසි නම් බෑ" " ඕ! සොරි. මට මේ දවස් වල ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් හොයනවා. මං මේ බැලුවෙ ඔයාට ඒ ජොබ් එක දෙන්න" " අනේ මට මිස්ට කවුද කියලා කිව්වෙවත් නෑනේ. " " මං තමයි දුමින්ද සෙනරත් ගේ සන්. තාත්තිගෙ නම අහලා ඇතිනේ?" " ආනේ! ඔව්. අනේ සර් මටනම් එච්චර ක්වොලිෆිකේශන්ස් නෑ. ඒ ලෙවල් වෙනකන් විතරයි ඉගෙනගෙන තියෙන්නේ. " " දැට්ස් නොට් ඇන් ඉශූ. ඔයා හෙට සීවී එකත් අරන් මේ ඇඩ්රස් එකට එන්නකෝ. මාත් දැන් තමයි තාත්තිගේ වැඩ වලට ජොයින් වෙන්නේ. " චතුර කාඩ් එක කාවින්ද්‍යාට දික් කරා. කාවින්ද්යානම් හිටියේ හිතෙන් පුදුම සතුටින්. අවුරුදු දෙකක් තිස්සෙ උත්සහය සාර්ථක වෙන්න යනවා කියලා කාවින්ද්‍යාට ඉවෙන් වගේ දැනුනා. ............................................................................ ඊලග දවසේ කාවින්ද්‍යා උදේන්ම අර කාඩ් එකේ තිබුන ඇඩ්රස් එකට ගියා. චතුර සීවි එක බලන්නෙවත් නැතුව කාවින්ද්‍යාට වැඩ පටන් ගන්න කිව්වා. කාවින්ද්‍යාට හොද පඩියක් ලැබුනට කරන්න තිබුනේ චතුර එක්ක එහෙ මෙහෙ යන එක. වැඩකට කියලා කරේ චතුරගේ දවසේ වැඩ ටික ලියාගෙන කියන එක විතරයි. අතේ මිටේ සල්ලි තියෙනකොට කාවින්ද්‍යා ගානට ඩිලන්කවයි රංගනවයි මග ඇරියා. ෆෝන් එකේ සිම් එක පවා මාරු කරා. චතුරගේ හිතේ කාවින්ද්‍යා ගැන තියෙනවා කියලා දැනන් හිටියත් එයාගෙන් චතුර මුකුත් ඇහුවෙ නෑ. තාමත් ඔහු ඇයගේ චරිතය බලනවා කියලා ඇය දැනගෙන හිටියා. ඒ නිසා හැම වෙලේම ගොඩක් පරිස්සම් වුනා. සල්ලී කාරයෙක්ගේ පුතෙක් වුනාට චතුරට ඕන වුනේ ගෙවල් දොරවල් බලාගෙන ඉන්න යහපත් බිරිදක්. සල්ලි නිසා කෙල්ලො පෝලිමෙ එයාගේ ඇගේ එල්ලෙන්න හැදුවා. ඒ අය දිහා එයා බැලුවෙ පිලිකුලෙන්. කාවින්ද්‍යාගේ මේ නිවුන, අනම් මනම් නැති හැසිරීමට චතුරගේ හිත ඇදිලා ගියේ ඒ නිසා. ඒ දෙන්නා හැම තැනම ගියේ එකට. චතුර හිතුවා දවසම ලග ඉන්නකොට එයාට කාවින්ද්‍යාව තේරුම් ගන්න ලේසි වෙයි කියලා. කොල්ලො දෙන්නා තුන්දෙනා එක්ක එක වැර යාළු වෙලා හිටපු කාවින්ද්‍යා චතුරගේ අරමුන හොදට තේරුම් අරන් හිටියේ. එයාත් ඒ අනුව හැසිරුනා. මේ විදියට මාස තුනක් ගෙවුනා. දවසක් මේ දෙන්නා දවල් කෑමට නැවතුනේ කොළඹ 5 ක්වීන්ස් පාරේ තියෙන Boulevard Thai Restaurant එකේ. එක පාරටම එතනට කොහෙදෝ ඉදලා රංගන කඩන් පාත් වුනා. " කාවින්ද්‍යා! උඹ දැන් ලොකු අත්තක් අල්ලගෙන වගේනේ! උඹ මාව කෑවා යකෝ. තෝව මං තියන්නෑ...!" රංගන කාවින්ද්‍යාගේ ඇගට කඩන් පනින්න හදනකොටම චතුරගේ බොඩි ගාඩ් එයාව එලියට දැම්මා. " කවුද ඒ තර්ඩ් ක්ලාස් මිනිහා?" " අනේ අපේ බෝඩිම ගාව ඉන්නේ සර්. මගෙන් ආපු දවසේ ඉදන් යාළුවෙන්න අහනවා. බෑ කිව්වට තේරුම් ගන්නෑ සර්. කරගන්න දෙයක් නැති කමට මං ඉවසනවා. වෙන තැනක් හොයාගත්ත ගමන් මං එතනින් යනවා සර්" කාවින්ද්‍යා කිඹුල් කදුලු හැලුවා චතුරගෙ හිත උනු වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එයා කාවින්ද්‍යාගේ ඔලුව අතගෑවා. කාවින්ද්‍යා චතුරගේ උරිහේ ඔලුව තියාගෙන බොරුවට ඇඩුවා. " නාඩා ඉන්න! හරි හරි! දැන් එයා ගියානේ. අපි යමු අද ඔයාට අපාට්මන්ට් එකක් බලන්න. ඔය විදියෙ පිස්සොත් එක්ක ඔතන ඉන්න එක සේෆ් නෑනේ. කොහොමත් මං ඔෆිස් එකේ හැමෝටම අකමඩේශන් දෙන්න ඉන්නේ. අදම ඔයාට තැනක් බලමු" " අනේ සර්ට ගොඩක් පිං සර් මං වගේ දුප්පත් කෙල්ලෙක්ට මේ තරම් උදව් වෙනවට. " " හරි හරි දරුවෝ! අපි ඒවා පස්සේ කතා කරමුකෝ. හවසට තියෙන මීටින් ටික කෑන්සල් කරන්න. අපි යමු. " .............................................................................. ************අවුරුද්දකට පසු************* කාවින්ද්‍යාට ජීවිතේ කෙල්ලෙක් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම දැන් තියෙනවා. ලස්සන ලක්ශරි අපාට්මන්ට් එකක්, පොඩි කාර් එකක්, හොද පඩියක් එන රස්සාවක්, ඒ හැම දේම තිබිලත් කාවින්ද්යානම් සෑහීමකට පත් වුනේ නෑ. තාමත් කාවින්ද්‍යාගෙන් චතුර යාළුවෙන්නට වත් නාසන්නේ ඇයි ද කියලා ඇය හිටියේ හිතේ දෙගිඩියාවෙන්. ඇමති ලේලියක් වීමට ඇය ලොකු හීන දැක්කා. චතුර ගැනනම් ඇයගේ හිතේ කොනකවත් ආදරයක් තිබුනේ නෑ. කොහොමටත් කාවින්ද්‍යා ආදරය විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඇය හිතුවේ ඒක මායාවක් කියලා විතරයි. ....................................... ඒ අතරේ තමයි චානක කියලා දුර පලාතක අහිංසක කොල්ලෙක් චතුර ගාවට වැඩට ආවේ. චානකට කාවින්ද්‍යාව පෙනුනේ සුරංගනාවියක් වගේ. චානක වැඩියෙන්ම ආදරේ කරේ කාවින්ද්‍යාගේ සුවදට. කාවින්ද්‍යාට නම් චානක ඉන්නවා කියලා වත් ගානක් තිබුනෙ නෑ. "මිස්!" " ම්ම්ම්ම්" කාවින්ද්‍යා කිව්වේ කම්පියුටරේට මූන ඔබාගෙන. "මිස් මේ ෆයිල් එක" " ඔතනින් තියලා යන්න" " මිස් මේකට දැන්ම සර්ගේ අත්සන ඕන කිව්වා. " " අයියෝ.... සර් මීටින් එකකනේ. කොහොම ද දැන්ම අත්සන් ගන්නේ. " " දන්නෑ මිස්!" " දන්නෑ! එතකොට මං දන්නවද? ඕකට දැන් අත්සන ගන්න බෑ. පැයක්වත් යයි. ඕකත් අරන් යන්න ප්ලීස්! පැයකින් එන්න" ............. "මිස්! මේක හදිස්සිලු. කොහොම හරි අරගන්න කිව්වා!" " ඔයාලා හිතන් ඉන්නේ මං දෙවි කෙනෙක් කියලාද? ඔයාල වගේම තමයි. මාත් කරන්නේ රස්සාවක්. සර් මීටින් එකක ඉන්නකොට මං කොහොමද අත්සන් ගන්නේ. අනේ මංදන්නෑ මේ මිනිස්සුන්ට ඔලුවක් නැති හැටි!" චානක බිම බලාගත්තේ ගෑනියෙක් ඉස්සරහ මේ විදියට හෑල්ලු වෙලා පුරුදු නැති නිසා. " ඇයි තාම මෙතන. පව් නොදී ඕකත් අරගෙන යනවද මෙතනි. " " සොරි මිස්" ඇහෙන් වැටෙන්න යන කදුලත් හංගගෙනම චානක එතනින් පිටත් වුනා. ඒක දැකපු කාව්‍යාගේ ගල් හිතටත් පුංචි දුකක් දැනුනා. " පව්! මං අපරාදේ ඒ අහිංසකයට බැන්නේ. එයා මොනව කරන්නද! මේ චතුරයා මාව පිස්සෙක් කරනවා. ඇයි දෙයියනේ දැන් අවුරුද්දක් තිස්සේ ආදරෙයිවත් නොකියා මොන මගුලක් කරනවද. " කාව්‍යා හිතුවේ කන්නාඩි දෙක ගලවලා මේසේ උඩට විසි කරමින්. ඊලගට ඇය නැවත ඔෆිස් එකට කෝල් කරා. " චානකට ෆයිල් එක අරගෙන එන්න කියන්න. " චානක ෆයිල් එකත් අරගෙන ඇවිත් බිම බලාගෙනම ඒක කාවින්ද්‍යාට දික් කරා. " සොරි ඉස්සල්ලා හිත රිදුනනම්. වැඩ නිසා ස්ට්‍රෙස් වෙලා හිටියෙ. ඉන්න මං ඇතුලට ගිහිං අත්සන අරන් එන්නම්. " චානක අහිංසක විදියට ඇස් දෙකේ කදුළු පුරවගෙන හිනාවුනා. ඒ දිහා විනාඩියක් බලන් හිටපු කාවින්ද්‍යාගේ හිතට අමුතු දෙයක් වෙනකොට ඇය ඉක්මනට අහක බලාගත්තා. ටක් ගාලා ඒ හැගීම හිතෙන් ගසලා දාපු කාවින්ද්‍යා මීටින් හෝල් එක ඇතුලට නොපෙනී යනකොට චානක ඒ දිහා බලාගෙන හිටියා. ............... " කාවින්ද්‍යා... ඔයා ඔෆිස් ට්‍රිප් එකට කෝස්ටර් එකක් බැලුවද?" " ඔව් සර්. ටුවර්ස් කම්පනි එකෙන් ක්වෝටේශන් එක සර්ට මේල් කරා කිව්වා. කන්ෆන්ම් කරන්න කෝල් කරලා කියන්න කිව්වා. " " ඕකේ. ඔයා ඒක බලලා කන්ෆර්ම් කරන්න. කට්ටියට ඉන්න හොද හොටෙල් එකක් බුක් කරන්න. ඔයත් යනව නේද?" " නෑ සර්. මං හිතුවෙ සර්ට එදාටත් මීටින්ස් තියෙන නිසා ඉන්න" " නෑ නෑ. මං හැන්ඩ්ල් කරගන්නම්. ඔයා යන්න. තරුණ කෙල්ලෙක් හැමදාම ඔෆිස් එකටම දිය වෙලා හරියන්නෑනේ. ඔයත් යන්න. " " ඕකේ සර්" ට්‍රිප් යන්න ආසාවක් නැතිවුනත් චතුරගේ වචනෙට පිටින් යන්න කාවින්ද්‍යා බයයි. .......................................................................... ට්‍රිප් එක දවසේ කාවින්ද්‍යා නැගිටිනකොට පරක්කු වුනා. එයා ලෑස්ති වෙලා යනකොට අනිත් හැමෝම බස් එකටත් නැගලා. සීට් එකයි තිබුනේ. ඒකත් චානක ගාව. පිරිමි පෝලිම් ගනනක අතේ එල්ලිලා ගියපු කාවින්ද්‍යාට නම් ඒ ගැන ගානකත් තිබුනෙ නෑ. කාවින්ද්‍යා ඇවිත් නෑ කියලා දැනගත්තාම අමාරුවෙන් ඒ සීට් එක හිස් කරලා තියාගත්තු චානකගේ හදවතනම් එලියට ඇහෙන සයිස් එකට ගැහුනා. "ගුඩ් මෝනින් මිස්" " ම්! ගුඩ් මෝනින්" කාවින්ද්‍යා කිව්වෙ ෆෝන් එක දිහා බලාගෙන. " මිස් අද හරි ලස්සනයි!" අකමැත්තෙන් මේ ගමන ආපු කාවින්ද්‍යාට මේක මහ කන් කරච්චලයක් වුනා " ආ...නේ තැන්ක් යූ...! ඔයා එන හිංදමයි මං ලස්සනට ඇන්දේ. තව මොනවත් කියන්න තියෙනවද? ඉක්මනට කියන්නකෝ. නැත්තම් කට වහගෙන යමුද?" "සොරි මිස්!" " ම්..." කාවින්ද්‍යා සීට් එකට ඔලුව තියාගෙන හෑන්ඩ්ස් ෆ්‍රී දෙක කනේ ගහගත්තා. ඔෆිස් එකේ අනිත් කට්ටිය සිංදු කියනකොටත් චානක වචනයක් වත් නොකිව්වෙ කාවින්ද්‍යාට තරහ යයි කියලා බයට. නින්ද ගියපු කාවින්ද්‍යාගේ ඔළුව කඩාගෙන වැටෙනකොට චානක හෙමීට උරහිස ලං කරා. බයිලා සිංදු කෑගහන සෙනග අතරේ කාවින්ද්‍යාගේ හෙඩ් සෙට් එකෙන් ඇහෙන සිංදුව ඇතුලේ චානක අතරමං වුනා. "සිත ලග දග කරනා,ආඩම්බරකාරී... ඉගසොග ගස්සන ආඩම්බරකම් මට සිහිවේවී... කෙදිනක හෝ නුඹ මගෙ ලග නවතී... සිත මගෙන්ම ඉල්ලාවී, මගෙ සුදු ආඩම්බරකාරී..." ප්‍රදීප් රංගනගේ මියුරු හඩ චානකගේ හිත වෙනම ලෝකෙකට ගෙනිච්චා. දවල් කෑමට නවතිනකන්ම කාවින්ද්‍යා හොදටම නිදාගත්තා. බෙලිහුල් ඔයේ නාලා, එතනම රිසෝට් එකකින් ලන්ච් ගන්න ලෑස්ති කරලා තිබුනේ. කට්ටියම බැහැලා යනකනුත් නිදාගෙන ඉන්න කාවින්ද්‍යාව චානක ඇහැරුවෙ බයෙන්. "මිස්! මිස්... නැගිටින්න. දවල් කෑමට නැවැත්තුවා. " පොඩි එකෙක් වගේ ඇස් දෙක පොඩි කර කර කාවින්ද්‍යා චානකට හේත්තු වෙලාම ඇස් දෙක ඇරියා. මූනටම ලං වෙලා තිබුන චානකගේ මූන දැකලා කාවින්ද්‍යා ගැස්සිලා නැගිට්ටා. චානක එනවදවත් නොබලම එයා රිසෝට් එක ඇතුලට නොපෙනි ගියා. චානක කාවින්ද්‍යා ඔළුව තියාගෙන ගිය තැන සුවද බලලා අහිංසක සතුටක් වින්දා. " දැන් ඉතිං ආයෙ මේ ශර්ට් එක තෙමෙන්නවත් දෙන්නෙ නෑ පුතෝ" කියලා හිතලා චානක කවුරුත් නැති බස් එක ඇතුලෙම ඇදුම මාරු කරගෙන නාන්න යන්න බැස්සා. ඔය ගාවට යනකොට හැමෝම නානවා. කාවින්ද්‍යා විතරක් කොට කලිසමක් ඇදගෙන ගලක් උඩ ඉදගෙන සන්ග්ලාස් දාගෙන ෆෝන් එක ඔබනවා. " මදැයි මෙයා එක්ක නාන්න ආවා...!" චානක හෙමීට වතුරට බැස්සා. " වරුණි! කියපන්කෝ අර මිස්ට අර හුචක්කුව තියලා වතුරට බහින්න කියලා. මේ වගේ හදිස්සියෙන්වත් නෑවේ නැත්තන් එයා නාන්නෑලු. ඒකනේ සෙන්ට් නාගෙන එන්නේ" චානක කතා කරේ ඇත්ත හැගීම් හංගගෙන. "අපෝ ඕකිගේ හෙන ඔළුව බං. බොස්ගේ වයිෆ් වෙන්නනේ හිතන් ඉන්නේ!" " අනේ උඹලටත් ඉතිං කාට හරි කතාවක් හදන්න තියෙනවනම් වෙන මුකුත් ඕන නෑ. ගෑනුනේ! ඔන්නොහෙ කතා කරපන් බං." " මිස්! කාවින්ද්‍යා මිස්! නාන්න එන්නකෝ! වතුර ටික හරි ශෝක් මිස්..." " ඔයාලා නාන්න. මට සීතලයි!" " වතුරට බැස්සම එච්චර සීතලක් දැනෙන්නෙ නෑ මිස්. එන්නකෝ. හැමදාම මෙහෙම එන්නේ නෑනේ" කට්ටියගේ පෙරත්තට කාවින්ද්‍යා වතුරට බැස්සේ කවුරු හරි එයා ඔළුවෙන් ඉන්නවා කියලා චතුරට කියයි කියලා තිබුන බයට. වතුරට පෙගිලා ඇගට ඇලිලා තියෙන ටී ශර්ට් එක අස්සෙන් පේන කාවින්ද්‍යාගේ ඇග දෙස නොබලා ඉන්න චානකයේ පිරිමි හිත ඉඩ ඇරියෙ නෑ. ඒත් ඒ දිහා බලන ඔෆිස් එකේ අනිත් එවුන්ව දැක්කහමනම් එයාට කේන්ති ගියා. දුවගෙන ගිහිං ඔහුගේ ගොරෝසු පිරිමි කමිසය රැගෙන ඇවිත් ඔහු ඒක ඇය වෙතට දික් කරා. " මිස්. මේක ඇදගන්න ඕකට උඩින්. " " ඇයි? මට මේක හොදයි!" " මේ... මිස්ගේ බ්‍රා එක පේනවා. කොල්ලො බලන් ඉන්නවා. ඒකයි!" කාවින්ද්‍යා ටක් ගාලා අත් දෙකෙන් පපුව වහගත්තා. ලැජ්ජාවෙන් චානක දුන්න කමිසේ ගලකට මුවා වෙලා උඩින් දාගෙන ලැජ්ජාව වහගන්නත් එක්ක අනිත් අය එක්ක සෙල්ලම් කරා. පුංචි දරුවෙක් වගේ සෙල්ලම් කරන කාවින්ද්‍යා දිහා ඔහු බලාගෙන හිටියේ ආදරෙන්. " චානක නාන්නැද්ද? " " මිස් නාන්න. මං නෑවා. " " මං ඔයාගේ ටී ශර්ට් එක හෝදලා දෙන්නම් හොදේ. " " කමක් නෑ. මිස් ඕක තියාගන්න. " " හිහි! මං මේක තියාන මොනව කරන්නද. මං හෝදලා දෙන්නම්" චානක හිනාවුනා. කොල්ලො ටික බියර් කඩලා කෙල්ලොන්ටත් දෙනකොට චානක බලාගෙන හිටියේ කාවින්ද්‍යා එපා කියනකන්. ඒත් එයා බියර් බෝතලේ ගානක් වත් නැතුව බොනකොට කාවින්ද්‍යා චානක හිතින් මාවගත්තු අහිංසක කෙල්ල නෙමෙයි කියලා චානකට තේරුනා. ඒ දුකට චානකත් පලවෙනි පාරට බියර් එකක් බිව්වා. ඒක බීලා මුකුත් නොවෙනකොට තව තවත් බිවා. සිහිය නැති වෙලා, වමනේ යනකන් චානක බොන හැටි දැක්කම කාවින්ද්‍යාත් බලන් හිටියෙ පුදුමෙන්. කාවින්ද්‍යා චානකව බස් එකට එක්කන් ගියේ හිටපු අනිත් කොල්ලොත් කෙනෙක්ව අල්ලන් ගල් පඩි නගින්න පුළුවන් තත්වෙක හිටියෙ නැති නිසා. චානකව බස් එකේ ඉන්දවපු කාවින්ද්‍යා චානකට දෙහි ජූස් එකක් පෙව්වා. අවසිහියෙන් කෙදිරිගාන්න ගත්තු චානක නැගිටලා යන්න හදන කාවින්ද්‍යාගේ අතින් අල්ලලා නැවැත්තුවා. " ඇයි ඔයා එහෙම කරේ රත්තරං... ඇයි එහෙම කරේ?" "කොහොමද? මං මොනවද කරේ?" " ඇයි ඔයා එහෙම කරේ. ඇයි මගේ අහිංසක සුරංගනාවීට බියර් බොන්න දුන්නේ. " " කවුද චානක ඔයාගේ සුරංගනාවී. මං කාටවත් බියර් පෙව්වෙනෑ. " " බොරු කියන්න එපා. ඔයා බියර් බිව්වා" " ඔව්! මං බිව්වා තමයි. ඒත් ඔයාගේ සුරංගනාවී..." " ඒ කියන්නේ මම ද ඔයාගේ සුරංගනාවී" "නෑ! මට කවුරුවත් එපා. ඔයා යන්න. ගිහිං තව බොන්න. බීලා බීලා මැරෙන්න. මං ලගට එන්න එපා. " චානකගේ මේ හැසිරීම කාවින්ද්‍යාගේ හිතට අමුතු දුකක් ගෙනාවා. එයා චානක ගාවින්ම වාඩි වුනා. චානක කාවින්ද්‍යාගේ තෙත් කොන්ඩය අතරින් ඇගිලි තුඩු යවලා ඒ රෝස පාට තොල් දෙක ආදරෙන් සිපගත්තා. .............................................................................. ගමන ගිහිං එනකන්ම දෙන්නා අතරේ තිබුනෙ ලොකු නිශ්ෂබ්ධතාවයක්. කවදාවත් පිරිමියෙක්ට ආදරේ නොකරන්න හිතපු මේ හිත චානකට කොහොම නැමුනාද කියලා කාවින්ද්‍යාට හිතා ගන්න බැරි වුනා. ඇගේ අරමුණත්, මේ අමුතු හැගීමත් අතර ඇය පැටලෙමින් හදවතින් වැලපුනා. අවුරුද්දකට වැඩි කාලයක් ගිහිනුත් තවමත් ඇයට ආදරය ගැන වචනයක් වත් නොකියපු චතුර ගැන බලාපොරොත්තු තියාගෙන මේ සුන්දර හැගීමට පයින් ගැසීම මෝඩ කමක් කියලා ඇය හිතුවා. දැන් ඇය උපයන පඩියත්, චානකගේ පඩියත් සමග ඔවුන් දෙදෙනාට සැපවත් ජීවිතයක් ගෙවන්නට පුළුවන් බව ඇය තේරුම් ගත්තා. ඒත් චතුර මෙය දැනගත් පසු ඇයව රැකියාවේ තියාගනීද? රැකියාවක් නිසා ජීවිත කාලෙම විවාහ නොවෙන්නද? පැය ගනනාවක් කල්පනා කරපු ඇයට ඇගේ කුළුදුල් පෙම නිකරුනේ නැති කරගන්න හිතුනේ නැ. හෙට වැඩට ගිය පසු චානකට කැමැත්ත දෙනවායැයි සිතාගෙන ඇය ඔහු එදා දුන් කමිසය තුරුල් කරගෙන නිදාගත්තා. ............................................................................. උදෑසනම චතුර ඇමතුමක් ගෙන කීවේ අද පවුලේ සාදයක් තියෙන නිසා ඇයටත් හිල්ටන් හෝටලයට එන්න කියලා. උදෑසනම චානකව දැක ගන්න බැරි වීම ගැන ඇය දුක් වුනා. හවස් වෙලාවත් ඔහුව මුනගැහෙන්නට ඇය හිත හදාගත්තා. ලා රෝස මල් වැටුන සුදු පාට දිග ගවුමක් ඇදලා රත්තරං පාට පටිය තියෙන පුංචි රෝස පාට ගමන් මල්ල අතේ එල්ලාගත් ඇය එයටම ගැලපෙන පුංචි වලල්ලක් පැලදුවා. චානක ඇයට වැඩිය ගොඩක් උස බව මතක් වුන ඇය, ඇය සතු අඩි උසම රෝස පාට පාවහන් දෙක පැලදගත්තා. කන්නාඩියෙන් දිස් වුනේ දිගු ඇස් ඇති, කැරලි කළු කෙස් කලඹක් හිමි ඇගේ අහිංසක රූපයයි. සුවද විලවුන් තවරාගෙන ඇය එදා පිට වුනේ ලගදි තටු ලැබුනු කිරිල්ලියක් වගේ. හිල්ටන් හෝටලයේ සදහන් කල හෝල් එකට ඇතුල් වෙනකොටම වාදනය වුනේ ඉතාමත් මියුරු සංගීතයක්. පුංචි පුංචි ළමයි ගොඩාක් රෝස මල් අතැතිව ඈ වට කරගනිද්දී චතුර ඇය ලග දනින් නැමී මුදුවක් දික් කලේ විවාහයට අවසර ඉල්ලමින්. කිසිවක් සිතා ගන්නට බැරුව වට පිට බලපුවාම ඇය දැක්කේ චානක වගේම කාර්යාලයේ සියළුම දෙනා ඈ දෙස බලන් ඉන්නවා. මොහොතකට බෑ කියන්නට සිතුනත් ඇයගේ මොළය ඇගේ හදවතට වැඩිය වේගයෙන් ක්‍රියා කරා. කදුලු අතරින් ඇය හිස වනද්දී සියළුදෙනාම හිතුවේ ඈ කදුළු වගුරුවන්නේ සතුටට කියා. කොනකට වී බලා සිටි චානක බිත්තියකට හේත්තු වුනේ බිම ඇදගෙන වැටෙයි කියලා බයට. කන පිරෙන සිංදු, අත්පුඩි , සිනහාවන් මැද අයිනකට වෙලා බිම ඉදගෙන අඩන චානකගේ කදුළු කවුරුවත් දුටුවේ නැත. .......................................................................... මංගල්‍ය දිනය වන තෙක් කාවින්ද්‍යා වැඩට ගියේ නෑ. චානක හිටියේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරිව ගිය මළකදක් වගේ. කාවින්ද්‍යාගෙන් අහන්න ප්‍රශ්න කෝටියක් තිබුනත් චානක බලාගෙන හිටියේ මගුල් දවස තෙක් ඇයට සදහටම සමු දෙන්නට. ලස්සන සුදු ගවුමක් ඇදලා, වේල් පොටක් දාලා ඔහු දෙසට එන කාවින්ද්‍යා දෙස ඔහු බලා සිටියේ මෙය සිහිනයක් දැයි සිතමින්. ඇය ඔහු ඉදිරියේ හිටගෙන ඔහුට ඇය ගැන ලියූ පුංචි ලියුමක් දුන්නා. " සමාවෙන්න මට! මට ආදරයක් නිසා මං හැමදාම දැකපු හීන වලට පයින් ගහන්න තරම් මං බොලද අහිංසක කෙල්ලෙක් නෙමෙයි. ඒත් දාහක් පිරිමි ආශරය කරත් මං ආදරය කරපු එකම සහ අන්තිම පිරිමියා ඔයා" කාවින්ද්‍යා එසේ පවසා ආපසු යන්න ගියේ බිම ඉදගෙන අඩන චානක දිහා එක පාරක්වත් නොබලාමයි. .............................................................................. රත් පැහැති රුධිරයෙන් කාවින්ද්‍යා සිරියහන තෙත් කරද්දී ගල්කිස්සේ ගල් පර අතර චානක වීදුරු කටුවකින් ගෙල සිදගත්තේ ආදරයේ නාමයෙන්. "පතිවතක් ඇති වුනත්, පතිනියක් නොවේ ඇය, ලෙයින් සහතික වුනත්, ආදරේ නොදනි ඇය, පටලකින් කිව හැකිද හිතේ ඇති ආදරය, රැවටුනා රැවටුනා රූපයට ඇගේ නුඹ..." ******************නිමි******************** ස්තුතියි! 💕 තාරුකා අමරසේකර[/SIZE] [SIZE="4"]උපුටා ගැනීම FB[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom