Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
නම් ගම් මනකල්පිතයි.. සත්‍ය කතාවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම් ගම් මනකල්පිතයි.. සත්‍ය කතාවක්..

කොණ්ඩෙ වවලා රැවුල වවලා පච්ච ගහල හීන්දැරි කොල්ල එනවා බොහොම නිදහසේ පැද්දි පැද්දි... පාට තලෙලු උනාට කලුවට පේන්නේ ඇග පුරාම තියන මජන් නිසා නේද කියල බැලු බැල්මට පේනවා.. හවසට හවසට මම ග්‍රවුන්ඩ්1ට යන්නේ කම්මැලිකම නැති කරගන්න, හොද හුස්මක් ගන්න, කොල්ලෝ ක්‍රිකට් වලට ගහමරාගන්නව බලන්න වගේ අරමුණු කිහිපයකට... හැමදාම මම වාඩි වෙන්නේ එකම තැනක.. කොන්ක්‍රීට් තාප්පේ උඩ බුලත් විට තියාගෙන ඒක හපන්නේ කොළඹ අහස් කුසෙන් බැහැගෙන යන රතු පාට ඉර දිහා බලාගෙන... ටිකක් අමුතු බීට්1ක් එක්ක ඔන්න එනව අපේ මජන් මල්ලි පරණ බෙන්ට්ලි බයික් එකේ...

ආ අයියේ උඹ ආවද.. අද පොඩ්ඩක් පරක්කු උනා කේජී ටිකක් ගන්න ගියා.. කෝ උඹේ විට ඉවරයි නේද.ගේන්නද එකක් ?

එප මචං. ඇති 2ක් ම කෑවා...

හරි එහෙනම් කියගෙන ටී ශර්ට්1 ගලවල දාල තාප්පෙ උඩින් දාල මූණ හෝදගෙන එන්නම් කියල ටැප්1 ගාවට යද්දි මට මේ

කොල්ලා ගැන තව විස්තර ටිකක් ඔයාලට කියන්න තියනවා..කොල්ලගේ ගම බදුල්ලේ ඉදන් සැතපුම් ටිකක් දුර.අඩු වයසින් අගනුවරට ආවේ තමන්ගේ ආදරෙත් එක්ක ජීවිතේ ජයගන්න.. එහෙම ආපු මේ ගැටය #$$$ ආසන්නයේ වාහන අලුත්වැඩියා කරන ආයතනයක ගෝල වැඩේට සෙට් වෙනවා.. ග්‍රවුන්ඩ්1ට අල්ලපු වත්තෙ තමා මොහුගේ වැඩපොල තියෙන්නේ. වැඩ ඉවර උනාම මලක් ගහලා, වොශ්1ක් දාගෙන නිදහසේ ඉදල යන්න තමයි ඔහුත්..මොහුගේ අපූරු යාලුවෙකුත් එනවා මෙයත් එක්කම. ඒ තමා පාර අයිනෙ තේ කඩේ තැඹිලි කපන අයියා.. අද තාම නෑනේ තැබිලි ලොක්ක.. ආආ මෙන්න එහෙම හිතලා පාර බලද්දිම බයිසිකලේ පැදගෙන එනවා පොරත්...

3දෙනාම දැන් තාප්පේ උඩ.. මුන් 2ගේ කේජී අරාධනාව කරුණාවෙන් ප්‍රතික්ශේප කරපු මම විට හපද්දි මුන් දෙන්නගේ කේජී දුම අහසට යන්නේ කැළණි වැලි ට්‍රේන්1 දුමට සෙකන්ඩ් නොවී බව තේරුණේ කෑලි හැලි හැලි අඩාගෙන යන ට්‍රේ1න් එක ග්‍රවුන්ඩ්1 අයිනෙන් යනව දැක්කහම....

තැබිලි සහෝදරය වැඩේ කරගෙන යන්න ලෑස්තිය... කරුවලත් උනා..මම් යන්නම් මල්ලි එහෙනම් දෙන්නටම කිව්ව ඔන්න.. අපි ගියා...

මජන් මල්ලිගේ පදම තැපැලෙන් එන ගතියක් තියනවා.. ඔන්න ටික ටික ඉතින් මචන් කියාගෙන කතාවට සෙට් වෙනවා...

කොහොමද මචං ජොබ්1 ? පඩිය කීයක් වගේ සෙට් වෙනවද ? දවස් පඩිද මාස් පඩිද ?

දවසට පඩිය දෙදාහයි.. ටිප්1 ලැබෙනවා 1500න් එහා මම ගේම ගහල තියෙන්නේ අයියේ එතන.. මම විතරනේ එතන ඉන්නේ ගෝලකමට.. කලින් තැබිලි අයියත් ඉදියා, බොසාගේ ගෑණි එක්ක එකට එක කියලා බොසාගේ ගෑණි මූට ගැහුවා යකඩ බාර්1කින් කොන්දෙන් ලේ බේරෙන්න.. එදායින් පස්සේ තමා මූ තේ කඩේ තැඹිලි කපන්න ගියේ.. ඌට දවසේ පඩිය 1200ක් දෙනවා කඩෙන්. ඇතිනේ බං. මට නම් ඇති ඉතින් 2000ක්. හැබැයි පට්ට මහන්සි, ඇගේ පතේ අමාරුව යන්න ඉතින් හවසට මෙහෙම දෙයක් කරනවා... කොල්ල කියවන ගමන් කොණ්ඩෙ හදනවා..

ඉතින් අයියෙ උඹ කොහෙද වැඩ ? මමත් මගේ විස්තර කිව්වා.. මට හරි කුතුහලේ මූ ගැන.. මම තව විටක් දාගෙන මූ දුන්න බීඩියත් දෙපාරක් විතර ඉරුවා...

මම ඇහුවා කවුද උඹේ ඔය පපුවෙ පච්චේ ඉන්න කෙල්ල ? උබේ වයිද කියල..

ඔව් අයියේ. කෙල්ල තමයි. මේ පච්චෙ මට අයින් කරගන්න විදියක් නැතුව ඉන්නේ දැන්.. මිනිහ වේදනාවෙන් එහෙම කිව්වා..

ඇයි මචං මොකද උනේ ?? මාවයි මගේ දූයි දාල මේකි වෙන එකෙක් එක්ක ගියා.

ඇයි එහෙම උනේ, මගෙන් තව ප්‍රශ්නයක් ඔන්න.. ඒක එහෙම උනේ අපි කුලී ගේකනේ ඉදියේ.. මම වැඩට ගියාම අල්ලපු ගෙදර ඉදපු බෝඩිමක කොල්ලෙක් එක්ක සෙට් වෙලා මේකි මාවයි දරුවයි දාල ගියා... දූට අවුරුදු 7යි දැන්..ඒකි නිසා මම ඉන්නවා ඉවසගෙන මේ සේරම.. කොල්ල කියෝගෙන යන ඒ කතාවට මට ලොකු දුකක් දැනුනේ නිදහස් කුරුල්ලෙක් වගේ බාහිරින් පෙන්නගෙන ඉන්න දේ ඇතුලේ නෑ නේද කියල හිතුන නිසා වෙන්න ඕන

ඉතින් මචං කොහේද දැන් දරුවා ? උඹ වැඩ ඇරිල එනකන් දරුවා කොහෙද ඉන්නේ ?

ඇයි අයියේ උඹ දැකල නැද්ද මම් පොඩි කෙල්ල එක්ක සෙල්ලම් කරනව හවසට මෙතන.. කෙල්ල එක්ක බෝල ගහනවනේ මම.

මම දැකල නෑනේ බං.. මේ ඒක නෙවෙයි උබේ වයස කීයද ? 7ක දරුවෙක් ඉන්න උඹේ වයස කියපන්කො ඉස්සෙල්ලම..

මම අනූහතරේ.. දැන් 25යි වයස...

කියපන්කො දරුවා ගැන මට.

ආ තව දෙයක්.. 25ට වැඩිය වයසක් මුහුණෙන් නොපෙන්නුවත් ඇගෙන් පේනවා.. මතට ලොල් උන ඇගක තියන ඕලාරික පෙනුම, හැඩයක් නැතිව වවපු රැවුල, කොණ්ඩෙන් පෙන්නන්නේ ඔහුගේ ජීවිතේ ඇතුලාන්තය නේද කියල මට දැන් දැන් හිතෙන්නේ හුලගට ආපු කේජී ටිකක් මටත් වැදිලා මතුවුනු නුවණ කින්ද කියල හිතුනා..

දරුව ඉන්නේ වැඩපොලේ බොස්ගේ ගෑණි ගාව. එහේ නවත්තලා ඉන්නේ. බොසාගේ පුතාට වැඩිය අවුරුදු2ක් බාලයි මගේ කෙල්ල.. උන් දෙන්න අයියයි නංගියි වගේ තමා ඉන්නේ.. එහෙන් කෑම බීම දෙනවා. ඉන්න හිටින්න දෙනව, අර කොල්ලට දෙන හැම සැපක්ම මේකිටත් ලැබෙනවා.. බනිස් ගෙඩිය ගෙනාවත් දෙන්න බෙදගෙන තමා කන්නේ..

අනේ වාසනාවන්..

මම එහෙම කියද්දි මූ කියපි.. අයියේ මම දරුව එහෙම බලගන්නවට එහෙට මාසෙට රුපියල් 20,000ක් ගෙවනවා.. මොකො කෙල්ල ලොකු උනාම ඒකිට කතාවක් අහන්න තියන්නේ නෑ මම. ඔන්න කෙල්ල ලොකු උනාම කිව්වොත් අපි තම දරුව හදගත්තේ කියල ඒක කෙල්ලට හරි නෑනේ.මම දෙනව සල්ලි ඔව් ආයේ මම ඒව කරනවා වෙලාවටම..

කෙල්ල යන්නේ %%% එකට %%%%& .. ඉංග්‍රිසි මීඩියම් කරන්නෙ ඒකේ. කෙල්ල පන්තියෙ පලවෙනියා.. මේ බලපන් අයියේ මම ගියා තැගි දෙන දවසේ මෙන්න මම ගත්ත පොටෝ කියලා ප්‍රයිස් ගිවින්1 තැගි ගන්න කෙලි පැටිය පෙන්නනවා ෆෝන් එකෙන්...

හැබැයි ඒ වෙලාවට මම ඉස්සරහ යන්නේ නෑ දරුවගේ තාත්තා විදියට..මම එතනට යන එක දරුවට මදිකමක් වගේ බන්. බොසාගේ ගැණිම අම්ම වගේ ගිහින් ගන්නවා දරුව වෙනුවෙන් තෑගි..

මට ඒ කතාව ඇහුවම මගේ කට ගොලු උන එකට කාරි නෑ මිනිහ දිගටම කතාව කියන්නෙ මගෙන් විටකුත් දාගෙන..

කෙල්ලට ඒ ගෙදර ඉදියට මම බලන්න හැමදාම එනවා වැඩපොලට. වැඩ ඉවර උනාම මම් කෙල්ල එක්ක එනව ග්‍රවුන්ඩ්1ට. අවිත් කෙල්ලට එපා වෙනකන් එකි එක්ක සෙල්ලම් කරනවා.. මම කෙල්ලට නොදෙන දෙයක් නෑ මගේ පණ, ඒකිට කොහොමත් අඩුවක් නෑ කිසිම අඩුව තියේ නම් ඒ රැට නිදගද්දි අම්මා තාත්තා ලග නැති1 විතරයි... ඒකට ඉතින් අරන්න දෙයක් නෑ. මගේ ගෑණි මාව දාල ගියා.. දැන් කරන්න පුලුවන් හොදම දේ තමා මම කරන්නේ.. මීට වැඩිය ක්‍රමයක් තේරෙන් නෑ මට...

එහෙම කියද්දිම එනවා කෝල් එකක් ෆෝන්1ට... සුපුරුදු කටහඩකින් ඇහෙන සින්දුවක්.. කවුද මේ... කරන්දෙනිය ඉස්කොලෙන් බිහි වුන අපේ කපුගේ මහත්තයාගෙ දවවක් පැල නැති හේනේ සිංදුව.

ආ කපුගේ මහත්තයගේ රසිකයෙක් වගේ නේද ? මම ඇහුවා..

ඔව් මචං.. මම කපුගේ තමා ආසම. හොද හිටුවන කවිකාරයනේ...දැන් ඔය කපුගේගේ අයියන්ඩියේ නුඹ ඇවිදින් සින්දුව හැදුනේ පාලු කවියක් එක්කනේ...

මම ඇහුවා කොහොමද ඕව ගැන දන්නේ කියලා.. අයියේ අපේ ආත්තා මැරුනේ ගිය මාසේ අවුරුදු 97ක් ඉදලා.. අපේ රට නිදහස ලබන දවසේ බදුල්ලේ හිටුවන කවියෙන් ඒක කිව්වේ අපේ ආත්තා.. මම හිටුවන කවි වලින් තරග දිනල තියනවා ගමේ ඉස්කොලෙ ඉද්දි... දැන් බලහන් අයියේ ඕකේ ඇති මහ ලොකු දෙයක් නෑ.. මුල් පද තුන උබට කියන්නේ, අනික මට... සජීවි දෙයක් ගැන තමා කියන්නේ... දැන් බැලුවොත් මෙහෙම අහගනින්කො එහෙනම්..

ආර්පිකො වත්තෙන් සුදු අරලිය නෙලාගෙන...

වාලුකාරමෙට මල් පොකුරත් පුදාගෙන...

තුන්සරෙනෙ පිහිටත් අපි පතාගෙන...

එනවද සුදු අයියෙ බුදුහිමි පුදාගෙන..

මට මල. මම ගේ නෙවෙයි යකෝ...

ඒ මොකක්ද බන් ගේ කියන්නේ ? මු මගෙන් අහනව.. අහ් නෑ නෑ ඒක හිතන්න එපා.

මු උඩ බිම බලල දැන් මට කියනවා දැන් බලහන් ආර්පිකෝ එකේ අරලිය යායනෙ ඔය පාරෙන් එහා පැත්තේ තියෙන්නේ සුදු මල් වලින් වැහිලා.. අර $%$%$ වාලුකාරමෙනෙ පන්සලනේ පේන්නේ.. අන්න බලහන් සජිවි දේවල් උපමා කරගෙන තමයි කවිය කියන්නේ.. උඹට තේරුනානෑ..

මේ වගේ එකි මෙකි නොකී උදාහරණ 20ක් විතර අරගෙන මට හිටුවන කවිය ගැන, තුන් තේරවිලි ගැන, පාලු කවි, පැල් කවි, අත්තෝප දේශ ගැන කල විස්තරෙන් පස්සේ හිතුනේ අපේ විශ්වවිද්‍යාල ආචාර්ය කෙනෙක්ට වඩා, මහපොලොවෙ තියන දැනුමක් එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් මූට තියනව නේද කියල.. කොල්ලගේ සූර් වීමත් එක්කම කාන්තා පාර්ශවේ ගැන කියපු හිටුවන කවි ටික මෙහි පලකරන්න අමාරුබව නොකියම බැහැ...

ගොඩාක් දේවල් කතා කල ඔහු සමග..

කපුගේගේ සින්දු සේරම ටික මේ ෆෝන්1 තියනව. හැමදාම රෑට මොනව හරි උයාගෙන කාල සින්දු ටික දාල අහනව ඇදට වෙලා.අන්තිමට ඉතින් කදුලු එනව මගේ පවුල ගැන මතක් වුනාම. මම අඩනව ඉතින් වෙලාවක.මම තනියම ඉන්නේ නෑ.මට ඉන්නත් බෑ. මට තාම 25යි.. මම බදිනව කෙල්ලෙක්..

මම කෙල්ලෙක් ගේන්න හිතලත් තියනවා.දුව අරහේ ඉන්න නිසා මට හිතට නිවනයි. නැත්නම් ගැණි දූට සලකන්නේ නැතුව යනවා මොකෝ ඒකිගේ දු නෙවෙයිනේ... ඒක නිසා එතන අවුලකුත් නෑ..

රෑ බෝ වීගෙන එනවා... වෙලාවත් රෑ අටට කිට්ටුයි.. කපුගේ ගැන කතා කරන්න වෙනම දවසක් ඕන බවත් එදාට කේජී සමග බියර් එක්ක කතාව කන්ටිනිව් කල යුතු බවත් කියමින් කතානායකයා තාප්පෙන් බිමට පැන්නේ "අයියේ මරු කෑමක් තියනවා මෙන්න : වට්ටක්කා දලු, පෝන් එකේ ටෝච්1 අල්ලහන් මට ටිකක් කඩාගන්න රැට කන්න මස් මාලු පාරදයි මේකට මට නම් "... අලුත් අවුරුද්ද කිට්ටු වෙලා ආයෙ හම්බෙන බලාපොරොත්තුවෙන් ඔහුගෙන් සමුගද්දි මම කල්පනා කලේ අර දරුවට මට දෙන්න පුලුවන් දෙයක් තියේද කියලා... විල්සන් ටෙනිස් සෙට් එකක් තිබුනා.ගෙනිහින් දෙන්න ඕන ග්‍රවුන්ඩ්1ට යද්දි පොඩි එකාට සෙල්ලම් කරන්න..

[QUOTE="D_Mad, post: 24316688, member: 476938"] [b]නම් ගම් මනකල්පිතයි.. සත්‍ය කතාවක්..[/b] [CENTER][SIZE="4"][CENTER][COLOR="DarkRed"]කොණ්ඩෙ වවලා රැවුල වවලා පච්ච ගහල හීන්දැරි කොල්ල එනවා බොහොම නිදහසේ පැද්දි පැද්දි... පාට තලෙලු උනාට කලුවට පේන්නේ ඇග පුරාම තියන මජන් නිසා නේද කියල බැලු බැල්මට පේනවා.. හවසට හවසට මම ග්‍රවුන්ඩ්1ට යන්නේ කම්මැලිකම නැති කරගන්න, හොද හුස්මක් ගන්න, කොල්ලෝ ක්‍රිකට් වලට ගහමරාගන්නව බලන්න වගේ අරමුණු කිහිපයකට... හැමදාම මම වාඩි වෙන්නේ එකම තැනක.. කොන්ක්‍රීට් තාප්පේ උඩ බුලත් විට තියාගෙන ඒක හපන්නේ කොළඹ අහස් කුසෙන් බැහැගෙන යන රතු පාට ඉර දිහා බලාගෙන... ටිකක් අමුතු බීට්1ක් එක්ක ඔන්න එනව අපේ මජන් මල්ලි පරණ බෙන්ට්ලි බයික් එකේ... ආ අයියේ උඹ ආවද.. අද පොඩ්ඩක් පරක්කු උනා කේජී ටිකක් ගන්න ගියා.. කෝ උඹේ විට ඉවරයි නේද.ගේන්නද එකක් ? එප මචං. ඇති 2ක් ම කෑවා... හරි එහෙනම් කියගෙන ටී ශර්ට්1 ගලවල දාල තාප්පෙ උඩින් දාල මූණ හෝදගෙන එන්නම් කියල ටැප්1 ගාවට යද්දි මට මේ කොල්ලා ගැන තව විස්තර ටිකක් ඔයාලට කියන්න තියනවා..කොල්ලගේ ගම බදුල්ලේ ඉදන් සැතපුම් ටිකක් දුර.අඩු වයසින් අගනුවරට ආවේ තමන්ගේ ආදරෙත් එක්ක ජීවිතේ ජයගන්න.. එහෙම ආපු මේ ගැටය #$$$ ආසන්නයේ වාහන අලුත්වැඩියා කරන ආයතනයක ගෝල වැඩේට සෙට් වෙනවා.. ග්‍රවුන්ඩ්1ට අල්ලපු වත්තෙ තමා මොහුගේ වැඩපොල තියෙන්නේ. වැඩ ඉවර උනාම මලක් ගහලා, වොශ්1ක් දාගෙන නිදහසේ ඉදල යන්න තමයි ඔහුත්..මොහුගේ අපූරු යාලුවෙකුත් එනවා මෙයත් එක්කම. ඒ තමා පාර අයිනෙ තේ කඩේ තැඹිලි කපන අයියා.. අද තාම නෑනේ තැබිලි ලොක්ක.. ආආ මෙන්න එහෙම හිතලා පාර බලද්දිම බයිසිකලේ පැදගෙන එනවා පොරත්... 3දෙනාම දැන් තාප්පේ උඩ.. මුන් 2ගේ කේජී අරාධනාව කරුණාවෙන් ප්‍රතික්ශේප කරපු මම විට හපද්දි මුන් දෙන්නගේ කේජී දුම අහසට යන්නේ කැළණි වැලි ට්‍රේන්1 දුමට සෙකන්ඩ් නොවී බව තේරුණේ කෑලි හැලි හැලි අඩාගෙන යන ට්‍රේ1න් එක ග්‍රවුන්ඩ්1 අයිනෙන් යනව දැක්කහම.... තැබිලි සහෝදරය වැඩේ කරගෙන යන්න ලෑස්තිය... කරුවලත් උනා..මම් යන්නම් මල්ලි එහෙනම් දෙන්නටම කිව්ව ඔන්න.. අපි ගියා... මජන් මල්ලිගේ පදම තැපැලෙන් එන ගතියක් තියනවා.. ඔන්න ටික ටික ඉතින් මචන් කියාගෙන කතාවට සෙට් වෙනවා... කොහොමද මචං ජොබ්1 ? පඩිය කීයක් වගේ සෙට් වෙනවද ? දවස් පඩිද මාස් පඩිද ? දවසට පඩිය දෙදාහයි.. ටිප්1 ලැබෙනවා 1500න් එහා මම ගේම ගහල තියෙන්නේ අයියේ එතන.. මම විතරනේ එතන ඉන්නේ ගෝලකමට.. කලින් තැබිලි අයියත් ඉදියා, බොසාගේ ගෑණි එක්ක එකට එක කියලා බොසාගේ ගෑණි මූට ගැහුවා යකඩ බාර්1කින් කොන්දෙන් ලේ බේරෙන්න.. එදායින් පස්සේ තමා මූ තේ කඩේ තැඹිලි කපන්න ගියේ.. ඌට දවසේ පඩිය 1200ක් දෙනවා කඩෙන්. ඇතිනේ බං. මට නම් ඇති ඉතින් 2000ක්. හැබැයි පට්ට මහන්සි, ඇගේ පතේ අමාරුව යන්න ඉතින් හවසට මෙහෙම දෙයක් කරනවා... කොල්ල කියවන ගමන් කොණ්ඩෙ හදනවා.. ඉතින් අයියෙ උඹ කොහෙද වැඩ ? මමත් මගේ විස්තර කිව්වා.. මට හරි කුතුහලේ මූ ගැන.. මම තව විටක් දාගෙන මූ දුන්න බීඩියත් දෙපාරක් විතර ඉරුවා... මම ඇහුවා කවුද උඹේ ඔය පපුවෙ පච්චේ ඉන්න කෙල්ල ? උබේ වයිද කියල.. ඔව් අයියේ. කෙල්ල තමයි. මේ පච්චෙ මට අයින් කරගන්න විදියක් නැතුව ඉන්නේ දැන්.. මිනිහ වේදනාවෙන් එහෙම කිව්වා.. ඇයි මචං මොකද උනේ ?? මාවයි මගේ දූයි දාල මේකි වෙන එකෙක් එක්ක ගියා. ඇයි එහෙම උනේ, මගෙන් තව ප්‍රශ්නයක් ඔන්න.. ඒක එහෙම උනේ අපි කුලී ගේකනේ ඉදියේ.. මම වැඩට ගියාම අල්ලපු ගෙදර ඉදපු බෝඩිමක කොල්ලෙක් එක්ක සෙට් වෙලා මේකි මාවයි දරුවයි දාල ගියා... දූට අවුරුදු 7යි දැන්..ඒකි නිසා මම ඉන්නවා ඉවසගෙන මේ සේරම.. කොල්ල කියෝගෙන යන ඒ කතාවට මට ලොකු දුකක් දැනුනේ නිදහස් කුරුල්ලෙක් වගේ බාහිරින් පෙන්නගෙන ඉන්න දේ ඇතුලේ නෑ නේද කියල හිතුන නිසා වෙන්න ඕන ඉතින් මචං කොහේද දැන් දරුවා ? උඹ වැඩ ඇරිල එනකන් දරුවා කොහෙද ඉන්නේ ? ඇයි අයියේ උඹ දැකල නැද්ද මම් පොඩි කෙල්ල එක්ක සෙල්ලම් කරනව හවසට මෙතන.. කෙල්ල එක්ක බෝල ගහනවනේ මම. මම දැකල නෑනේ බං.. මේ ඒක නෙවෙයි උබේ වයස කීයද ? 7ක දරුවෙක් ඉන්න උඹේ වයස කියපන්කො ඉස්සෙල්ලම.. මම අනූහතරේ.. දැන් 25යි වයස... කියපන්කො දරුවා ගැන මට. ආ තව දෙයක්.. 25ට වැඩිය වයසක් මුහුණෙන් නොපෙන්නුවත් ඇගෙන් පේනවා.. මතට ලොල් උන ඇගක තියන ඕලාරික පෙනුම, හැඩයක් නැතිව වවපු රැවුල, කොණ්ඩෙන් පෙන්නන්නේ ඔහුගේ ජීවිතේ ඇතුලාන්තය නේද කියල මට දැන් දැන් හිතෙන්නේ හුලගට ආපු කේජී ටිකක් මටත් වැදිලා මතුවුනු නුවණ කින්ද කියල හිතුනා.. දරුව ඉන්නේ වැඩපොලේ බොස්ගේ ගෑණි ගාව. එහේ නවත්තලා ඉන්නේ. බොසාගේ පුතාට වැඩිය අවුරුදු2ක් බාලයි මගේ කෙල්ල.. උන් දෙන්න අයියයි නංගියි වගේ තමා ඉන්නේ.. එහෙන් කෑම බීම දෙනවා. ඉන්න හිටින්න දෙනව, අර කොල්ලට දෙන හැම සැපක්ම මේකිටත් ලැබෙනවා.. බනිස් ගෙඩිය ගෙනාවත් දෙන්න බෙදගෙන තමා කන්නේ.. අනේ වාසනාවන්.. මම එහෙම කියද්දි මූ කියපි.. අයියේ මම දරුව එහෙම බලගන්නවට එහෙට මාසෙට රුපියල් 20,000ක් ගෙවනවා.. මොකො කෙල්ල ලොකු උනාම ඒකිට කතාවක් අහන්න තියන්නේ නෑ මම. ඔන්න කෙල්ල ලොකු උනාම කිව්වොත් අපි තම දරුව හදගත්තේ කියල ඒක කෙල්ලට හරි නෑනේ.මම දෙනව සල්ලි ඔව් ආයේ මම ඒව කරනවා වෙලාවටම.. කෙල්ල යන්නේ %%% එකට %%%%& .. ඉංග්‍රිසි මීඩියම් කරන්නෙ ඒකේ. කෙල්ල පන්තියෙ පලවෙනියා.. මේ බලපන් අයියේ මම ගියා තැගි දෙන දවසේ මෙන්න මම ගත්ත පොටෝ කියලා ප්‍රයිස් ගිවින්1 තැගි ගන්න කෙලි පැටිය පෙන්නනවා ෆෝන් එකෙන්... හැබැයි ඒ වෙලාවට මම ඉස්සරහ යන්නේ නෑ දරුවගේ තාත්තා විදියට..මම එතනට යන එක දරුවට මදිකමක් වගේ බන්. බොසාගේ ගැණිම අම්ම වගේ ගිහින් ගන්නවා දරුව වෙනුවෙන් තෑගි.. මට ඒ කතාව ඇහුවම මගේ කට ගොලු උන එකට කාරි නෑ මිනිහ දිගටම කතාව කියන්නෙ මගෙන් විටකුත් දාගෙන.. කෙල්ලට ඒ ගෙදර ඉදියට මම බලන්න හැමදාම එනවා වැඩපොලට. වැඩ ඉවර උනාම මම් කෙල්ල එක්ක එනව ග්‍රවුන්ඩ්1ට. අවිත් කෙල්ලට එපා වෙනකන් එකි එක්ක සෙල්ලම් කරනවා.. මම කෙල්ලට නොදෙන දෙයක් නෑ මගේ පණ, ඒකිට කොහොමත් අඩුවක් නෑ කිසිම අඩුව තියේ නම් ඒ රැට නිදගද්දි අම්මා තාත්තා ලග නැති1 විතරයි... ඒකට ඉතින් අරන්න දෙයක් නෑ. මගේ ගෑණි මාව දාල ගියා.. දැන් කරන්න පුලුවන් හොදම දේ තමා මම කරන්නේ.. මීට වැඩිය ක්‍රමයක් තේරෙන් නෑ මට... එහෙම කියද්දිම එනවා කෝල් එකක් ෆෝන්1ට... සුපුරුදු කටහඩකින් ඇහෙන සින්දුවක්.. කවුද මේ... කරන්දෙනිය ඉස්කොලෙන් බිහි වුන අපේ කපුගේ මහත්තයාගෙ දවවක් පැල නැති හේනේ සිංදුව. ආ කපුගේ මහත්තයගේ රසිකයෙක් වගේ නේද ? මම ඇහුවා.. ඔව් මචං.. මම කපුගේ තමා ආසම. හොද හිටුවන කවිකාරයනේ...දැන් ඔය කපුගේගේ අයියන්ඩියේ නුඹ ඇවිදින් සින්දුව හැදුනේ පාලු කවියක් එක්කනේ... මම ඇහුවා කොහොමද ඕව ගැන දන්නේ කියලා.. අයියේ අපේ ආත්තා මැරුනේ ගිය මාසේ අවුරුදු 97ක් ඉදලා.. අපේ රට නිදහස ලබන දවසේ බදුල්ලේ හිටුවන කවියෙන් ඒක කිව්වේ අපේ ආත්තා.. මම හිටුවන කවි වලින් තරග දිනල තියනවා ගමේ ඉස්කොලෙ ඉද්දි... දැන් බලහන් අයියේ ඕකේ ඇති මහ ලොකු දෙයක් නෑ.. මුල් පද තුන උබට කියන්නේ, අනික මට... සජීවි දෙයක් ගැන තමා කියන්නේ... දැන් බැලුවොත් මෙහෙම අහගනින්කො එහෙනම්.. ආර්පිකො වත්තෙන් සුදු අරලිය නෙලාගෙන... වාලුකාරමෙට මල් පොකුරත් පුදාගෙන... තුන්සරෙනෙ පිහිටත් අපි පතාගෙන... එනවද සුදු අයියෙ බුදුහිමි පුදාගෙන.. මට මල. මම ගේ නෙවෙයි යකෝ... ඒ මොකක්ද බන් ගේ කියන්නේ ? මු මගෙන් අහනව.. අහ් නෑ නෑ ඒක හිතන්න එපා. මු උඩ බිම බලල දැන් මට කියනවා දැන් බලහන් ආර්පිකෝ එකේ අරලිය යායනෙ ඔය පාරෙන් එහා පැත්තේ තියෙන්නේ සුදු මල් වලින් වැහිලා.. අර $%$%$ වාලුකාරමෙනෙ පන්සලනේ පේන්නේ.. අන්න බලහන් සජිවි දේවල් උපමා කරගෙන තමයි කවිය කියන්නේ.. උඹට තේරුනානෑ.. මේ වගේ එකි මෙකි නොකී උදාහරණ 20ක් විතර අරගෙන මට හිටුවන කවිය ගැන, තුන් තේරවිලි ගැන, පාලු කවි, පැල් කවි, අත්තෝප දේශ ගැන කල විස්තරෙන් පස්සේ හිතුනේ අපේ විශ්වවිද්‍යාල ආචාර්ය කෙනෙක්ට වඩා, මහපොලොවෙ තියන දැනුමක් එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් මූට තියනව නේද කියල.. කොල්ලගේ සූර් වීමත් එක්කම කාන්තා පාර්ශවේ ගැන කියපු හිටුවන කවි ටික මෙහි පලකරන්න අමාරුබව නොකියම බැහැ... ගොඩාක් දේවල් කතා කල ඔහු සමග.. කපුගේගේ සින්දු සේරම ටික මේ ෆෝන්1 තියනව. හැමදාම රෑට මොනව හරි උයාගෙන කාල සින්දු ටික දාල අහනව ඇදට වෙලා.අන්තිමට ඉතින් කදුලු එනව මගේ පවුල ගැන මතක් වුනාම. මම අඩනව ඉතින් වෙලාවක.මම තනියම ඉන්නේ නෑ.මට ඉන්නත් බෑ. මට තාම 25යි.. මම බදිනව කෙල්ලෙක්.. මම කෙල්ලෙක් ගේන්න හිතලත් තියනවා.දුව අරහේ ඉන්න නිසා මට හිතට නිවනයි. නැත්නම් ගැණි දූට සලකන්නේ නැතුව යනවා මොකෝ ඒකිගේ දු නෙවෙයිනේ... ඒක නිසා එතන අවුලකුත් නෑ.. රෑ බෝ වීගෙන එනවා... වෙලාවත් රෑ අටට කිට්ටුයි.. කපුගේ ගැන කතා කරන්න වෙනම දවසක් ඕන බවත් එදාට කේජී සමග බියර් එක්ක කතාව කන්ටිනිව් කල යුතු බවත් කියමින් කතානායකයා තාප්පෙන් බිමට පැන්නේ "අයියේ මරු කෑමක් තියනවා මෙන්න : වට්ටක්කා දලු, පෝන් එකේ ටෝච්1 අල්ලහන් මට ටිකක් කඩාගන්න රැට කන්න මස් මාලු පාරදයි මේකට මට නම් "... අලුත් අවුරුද්ද කිට්ටු වෙලා ආයෙ හම්බෙන බලාපොරොත්තුවෙන් ඔහුගෙන් සමුගද්දි මම කල්පනා කලේ අර දරුවට මට දෙන්න පුලුවන් දෙයක් තියේද කියලා... විල්සන් ටෙනිස් සෙට් එකක් තිබුනා.ගෙනිහින් දෙන්න ඕන ග්‍රවුන්ඩ්1ට යද්දි පොඩි එකාට සෙල්ලම් කරන්න.. [/COLOR][/CENTER][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom