Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
නමෝ තස්ස භගවනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(සූවිසි මහ ගුණය ග්‍රන්ථය)

"නමෝ තස්ස භගවනෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස"

බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයාගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා බෞද්ධ නම් වේ. සරණ යාමයි කියනුයේ ඒ පිළිගැනිමට යි.

රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක් වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැදින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්යය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය.

එහෙත් සකළ බෞද්ධයන් විසින් තරමක් වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා තරමට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය.

බුද්ධ ගුණය අනන්ත. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහොත් බොහෝ බුදු ගුණ ඇත්තේ ය. දත කෙනෙකුට වුවද බුදු ගුණ කියා නිම කිරිමට කාලයක් නැත්තේ ය.

"බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං

කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ

ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ

වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස"

යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ.

අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයකි.

✿ සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක්

සෝවාන් පුදුගලයකුට ඇතය යි ද,

✿ සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට

ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද,

✿ සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක්

අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද,

✿ අනාගාමින් සියයකට දහසකට ඇති

බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක්

අර්හත් පුද්ගලයකුට ඇතය යි ද,

✿ සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට

මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද,

✿ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කච්චානා,

මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද,

✿ ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද,

✿ උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ

දැනුමක් ඇතය යි ද,

✿ සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා

වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද,

✿ ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ

හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා

සියලු පසේ බුදුවරුන්ගේ බුද්ධගුණඥාණයට මහත් වු බුද්ධගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද

සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා

ඇත්තේ ය.

නුවණැතියන්ගෙන් අඟතැම්පත් සැරියුත්

මහා තෙරුන් වහන්සේට වූව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි.

එක් එක් පසකින් නව යොදුන් බැඟින් අටලොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නක්

මෙන් ද, නොගත් ජලය බොහෝ වන්නක්

මෙන් ද, මහාපොළොව ඇගිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇගිකල්ලට ආ පස් අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොව පස් බොහෝ වන්නක් මෙන් ද, මහා සයුරට ඇගිල්ලක් දිගුකළ කල්හි ඇගිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බව ද, සම්පසාධනීය සුත්තට්ඨ කථාවෙහි ම දක්වා තිබේ.

සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා ලද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය.

* දීඝනිකායට්ඨ කථා

ඒ මෙසේය :

ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ඬො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුඬො, භගවාති.

ඒ පාඨයේ තේරුම මෙසේ ය:

( 01 ) සො භගවා අරහං

ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලොකොත්තර වූ ද,

උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනිමට සුදුසු වු සේක.

( 02 ) සො භගවා සම්මා සම්බුද්ඬො

ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, සකළ ධර්ම සමුහය අනිකකුගෙන් අසා ගැනිමක් නොකොට

තමන් වහන්සේ විසින් ම කිසිදු වැරදිමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක.

( 03 ) සො භගවා විජ්ජා චරණ සම්පන්නො

ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ

ඥාන විශේෂයන් ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන

සේක.

( 04 ) සො භගවා සුගතො

ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක.

( 05 ) සො භගවා ලොකවිදු

ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක.

( 06 ) සො භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි

ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘඬිබලාදියෙන් මත්ව ප්රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමඟට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක.

( 07 ) සො භගවා සත්ථා දේවමනුස්සානං

ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට

පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක.

( 08 ) සො භගවා බුඬො

ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ

කරවන සේක.

( 09 ) සො භගවා

ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය

බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා

විසින් ම ගරු කිරිමට සුදුසු වන සේක.

මෙසේ සැකවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ.

(රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ)

[QUOTE="asliyanage, post: 29241403, member: 8764"] (සූවිසි මහ ගුණය ග්‍රන්ථය) 🏵️ "නමෝ තස්ස භගවනෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" බුද්ධ රත්නය ධර්ම රත්නය සංඝරත්නය යන මේ වස්තු තුන බෞද්ධයාගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුන ය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා බෞද්ධ නම් වේ. සරණ යාමයි කියනුයේ ඒ පිළිගැනිමට යි. රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක් වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැදින ගත යුතු ය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්යය පුද්ගලයකුට ද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකළ බෞද්ධයන් විසින් තරමක් වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතු ය. තෙරුවන් ගුණ දන්නා තරමට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස් ය. බුද්ධ ගුණය අනන්ත. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහොත් බොහෝ බුදු ගුණ ඇත්තේ ය. දත කෙනෙකුට වුවද බුදු ගුණ කියා නිම කිරිමට කාලයක් නැත්තේ ය. "බුද්ධොපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස" යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයකි. ✿ සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක් සෝවාන් පුදුගලයකුට ඇතය යි ද, ✿ සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, ✿ සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, ✿ අනාගාමින් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, ✿ සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, ✿ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කච්චානා, මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ✿ ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, ✿ උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, ✿ සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද, ✿ ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලු පසේ බුදුවරුන්ගේ බුද්ධගුණඥාණයට මහත් වු බුද්ධගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය. නුවණැතියන්ගෙන් අඟතැම්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වූව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නව යොදුන් බැඟින් අටලොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නක් මෙන් ද, නොගත් ජලය බොහෝ වන්නක් මෙන් ද, මහාපොළොව ඇගිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇගිකල්ලට ආ පස් අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොව පස් බොහෝ වන්නක් මෙන් ද, මහා සයුරට ඇගිල්ලක් දිගුකළ කල්හි ඇගිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බව ද, සම්පසාධනීය සුත්තට්ඨ කථාවෙහි ම දක්වා තිබේ. සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා ලද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය. * දීඝනිකායට්ඨ කථා 🏵️ ඒ මෙසේය : ඉතිපි සො භගවා අරහං, සම්මා සම්බුද්ඬො, විජ්ජා චරණසම්පන්නො, සුගතො, ලොකවිදු, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දෙවමනුස්සානං, බුඬො, භගවාති. ඒ පාඨයේ තේරුම මෙසේ ය: ( 01 ) සො භගවා අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ලෞකික වූ ද, ලොකොත්තර වූ ද, උසස් ඵල පතා සැදැහැතියන් විසින් කරන පුජාවන් පිළිගැනිමට සුදුසු වු සේක. ( 02 ) සො භගවා සම්මා සම්බුද්ඬො ඒ භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද, සකළ ධර්ම සමුහය අනිකකුගෙන් අසා ගැනිමක් නොකොට තමන් වහන්සේ විසින් ම කිසිදු වැරදිමක් නැතිව ඇති සැටියෙන්ම දැන සිටින සේක. ( 03 ) සො භගවා විජ්ජා චරණ සම්පන්නො ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යා නම් වූ ඥාන විශේෂයන් ගෙන් හා චරණ නම් වූ ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් සම්පූර්ණ වන සේක. ( 04 ) සො භගවා සුගතො ඒ භාග්‍යවතුන් වහන්සේ යහපත් ගති ඇති සේක. ( 05 ) සො භගවා ලොකවිදු ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකත්‍රයම ඇති සැටියෙන් දැන වදාළ සේක. ( 06 ) සො භගවා අනුත්තරෝ පුරිසදම්මසාරථි ඒ භාග්‍යවතුන් වහන්සේ කායබල සෘඬිබලාදියෙන් මත්ව ප්රචණ්ඩව සිටින පුද්ගලයන් දමනය කොට සුමඟට පැමිණවීමෙහි අන් සැමට වඩා සමත් වන සේක. ( 07 ) සො භගවා සත්ථා දේවමනුස්සානං ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ගුරු වන සේක. ( 08 ) සො භගවා බුඬො ඒ භාග්‍යවතුන් වහන්සේ පරම ගාම්භීර චතුස්සත්‍යය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ලෝකයාට ද අවබෝධ කරවන සේක. ( 09 ) සො භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැමදෙනා විසින් ම ගරු කිරිමට සුදුසු වන සේක. මෙසේ සැකවින් දැක්වුණු බුදුගුණ නවය ඉදිරියෙහි එකින් එක විස්තර කරනු ලැබේ. (රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom