Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීලය

සීලය නම් කිම? කවර අර්ථයකින් ‘සීල’ යැයි කියනු ලැබෙත් ද? සීලයාගේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? සීලයෙහි ආනිසංස කිම? සීලය කී වැදෑරුම් ද? සීලය කිලිටිවන්නේ කෙසේ ද? සීලය පිරිසිඳු වන්නේ කෙසේ ද? යනාදිය පිළිබඳ ක්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මෙහි පැනෙයි.

පටිසම්භිදායෙහි ‘කිං සීලං ති’ “චේතනා සීලං, චේතසික සීලං, සංවරෝ සීලං, අවීතික්ක මො සීලං” යි ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ චේතනා, චෛතසික, සංවර, අව්යතික්රිම යන මේවා සීලය යි දක්වා තිබේ.

ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෙන් චේතනා චෛතසිකය සීල නම් වෙයි. තව ද, ප්‍රාණඝාතාදිය හැර පියන්නකුගේ පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප යන මේ සප්ත කර්මපථ චේතනාවෝ ද සීල නම් වෙයි. මේ චේතනා සීල නමි. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්රය ද, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන ධර්මයෝ ද චෛතසික සීල නම් වෙත්. පාතිමොක්ඛසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ සංවරයෝ ද, පාපභීරුක කුුලපුත්රයන්ගේ සම්පත්ත විරතිය ද යන මේ සියල්ල සංවර ශීලයෙහි ගිණිය හෙයි. තව ද, මෙහි ඤාණ සංවරයෙහි ලා ප්රත්යසන්නීශ්රීතය ද, වීරිය සංවරයෙහි ලා ආජීව පාරිශුද්ධිය ද ඇතුළති.

සීලයෙහි අර්ථ විමසන ඇතැම්හු ශිරස් අර්ථයෙන් ද, ශීතලාර්ථයෙන් ද යනාදියෙන් සීලය ප්‍රපඤ්ච කෙරෙත්. කෙසේ වෙතත්, සීලන අර්ථයෙන් සීල යැයි කියයි. කුසල කායකර්මාදීනට විසිර යන්නට ඉඩ නො දීම හෙවත්, සමාධානය හෝ කුසල ධර්මයන් ප්‍රතිෂ්ඨා වශයෙන් ධැරීම යන උපධාරණය, සීලන නම් වෙත්. සීලයෙහි සමාධානාර්ථය ඇති හෙයින් සීලවන්තයා විපිළිසර නො වෙයි. උපධාරණාර්ථය හැති හෙයින් ධ්‍යාන මාර්ගඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වෙයි. මේ සීලනය ම සීලයාගේ ලක්ෂණය වෙයි.

කෘත්‍ය රස ය, සම්පත්ති රස ය යි සීලය රස වශයෙන් ද්විවිධ ය. මෙහි දුශ්ශීලත්වය විනාශ කිරීම කෘත්‍ය රසය යි. නිරවද්‍ය ගුණයෝ සම්පත්ති රසය යි. දුශ්ශීලත්වය වනසනු ලබන බැවින් ද, ධ්‍යානාදී ගුණ උපදවනු ලබන බැවින් ද කෘත්‍ය හා සම්පත්ති යැයි සීල රසය හඳුනා ගැනේ. සිත – කය – වචන යන ත්රිවිධද්වාරයාගේ සොචෙය්යභාවය (=සුවිභාවය) හෙවත් පරිශුද්ධභාවය, එනම් පිරිසිඳු බව සීලයාගේ පච්චුපට්ඨානය නම් වෙයි. දේවධර්මය වූ හිරි – ඔතප් දෙක පදට්ඨානභාවයෙහි ලා ගැනෙයි. හිරි – ඔතප් ඇති කල්හි ම සීලය උපදනේත්, පවත්නේත් වෙයි. මේ ලෝකපාලක ධර්මයෝ නො මැති කල්හි සීලය කෙසේවත් නූපදනේ යි; නො පවත්නේ යි.

අවිප්පටිසාරාදී නොයෙක් ගුණ ලැබීම සීලයාගේ ආනිසංස වශයෙන් දක්වා තිබේ. මහත් වූ භෝගස්කන්ධ ලැබීම ය (මහන්නං භොගක්ඛන්‍ධා අධිගච්ඡති), කල්‍යාණ කීර්තිශබ්ද නැගීම ය (කල්යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති), ක්ෂත්රියාදී පිරිස් කරා විශාරද වැ එළැඹීම ය (ඛත්තිය පරිසං….විසාරදො උපසඞ්කමති අමංකුභුතො), අසම්මූඪ ව කාලක්‍රියා කිරීම ය (අසම්මූළෙහා කාලං කරොති), මරණින් මතු දෙව් ලෝ ඉපැදීම (කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති) යන මේ ආනිසංස පඤ්චකයෝ ද සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි වේ.

මජ්ඣිම නිකායේ ආකංඛෙය්‍ය සූත්‍රයෙහි “ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනා පියොචස්සං මනාපො ගරු භාවනීයො සීලෙසේවවස්ස පරිපූරකාරී….” සෙයින් සබ්රහ්මසරුන්ට ප්‍රියත්, මනාපත්, ගරු සම්භාවනීයත් වෙත්මැ යි…. සිව්පසය සපුරා ලබන්නෙක් වෙත් මැ යි…. අරති රති මැඬලත් මැ යි… රූපඅරූපධ්යානාදියෙන් වසත් මැ යි… නානාඍද්ධි ඇත් මැ යි…. දිබ්බචක්ඛුදිබ්බසෝතාදී ඤාණයෝ ලබත් මැ යි… ආසවක්ඛය සහිත චෙතොවිමුත්තියත්, පඤ්ඤාවිමුත්තියත් මෙලොව දී ම ලබත් මැ යි ආදී වශයෙනු ද සීලයාගේ අනේක ආනිසංසයෝ දක්වන ලදහ.

සීල පාරමිතාව පුරන බෝසත්හු බාහිර වස්තු සියල්ල නැති ව ගිය ද, සීලය නො කඩ කොට සීල පාරමිතාව සම්පූර්ණ කරති. ශරීරයේ අඟපසඟ සිඳ දමද්දීත්, සීල උපපාරමිතාව ඒ උතුමෝ සපුරති. ජීවිතය ගිලිහී යද්දීත් සීලය ම රකිමින් සීල පරමත්ථ පාරමිතාව සපුරති. තමන් මැරීමට ගෙන ගිය සොරුන් නසාලීමේ බලය හා ශක්තිය තිබිය දී සංඛපාර නා රජ තෙමේ සමාදන් වූ සීලය නො බිඳ රක්ෂා කළ ආකාරය සංඛපාල ජාතකයෙන් විශද වේ. සාධුසීල, සීලවනාගරාජ, සීලානිසංස, සීලවීමංසාදී ජාතකයන්හි ද සීලයාගේ උත්කෘෂ්ටභාවය මැනැවින් විස්තර කෙරෙත්.

දෙවැදෑරුම්, තෙවැදෑරුම් වශයෙන් සීලයාගේ ප්‍රභේද විශුද්ධි මාර්ගය විස්තර කරයි. යටකී සීලන ලක්ෂණයෙන් යුතු ව සීලය එක්වැදෑරුම් වේ. ද්විවිධ සීලයාගේ ප්‍රභේද සප්තකයකි. මේ මේ දෙය කළ යුතු යැයි යම් විනය නියමයෙක් පනවන ලද්දේ වී නම් එකී චාරිත්‍ර සීලය ද, මේ මේ දෙය නො කළ යුතු යැයි යම් විනය නියමයෙක් පනවන ලද්දේ වී නම් එකී වාරිත්‍ර සීලය ද සීල ප්‍රභේදයෙහි ප්‍රථම ද්විකයෙහි ලා ගැනෙයි.

ආජීවට්ඨමක සීලය හැර උතුම් හැසිරීම පිණිස හේතු වන්නා වූ සෙසු සියලූ සීලයෝ ආභිසමාචාරික සීල යැ යි ද, මාර්ග බ්‍රහ්මචර්යාවට ආදියෙහි වූ ආජීවට්ඨමක සීලය ඇතුළත් ආදිබ්රහ්මචරික සීලය යැයි ද සීල ප්රභේදයාගේ ද්වීතීය ද්විකය විස්තර වෙයි.

විරති හා අවිරති සීලයෝ තෘතීය ද්විකයෙහි වෙත්. ප්‍රාණඝාතාදියෙන් වැළකීමේ දී එම කුසල චිත්තවීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන විරති චෛතසිකත්රය විරති සීලය යි. එම කුසල චිත්ත වීථියෙහි ම පහළ වන සෙසු චේතනාදී සියලූ චේතසිකයෝ අවිරති සීලය යි.

චතුර්ථ ද්විකයෙහි නිස්සීත සීලය හා අනිස්සිත සීලය යැයි තවදුරටත් සීලයෙහි දෙවැදෑරුම් ප්‍රභේදයක් වේ. මෙහි නිස්සීත සීලය, භව සම්පත් ප්‍රාර්ථනා කිරීම සඳහා වූ තණ්හා නිස්සය හා සීලයෙන් ම සුද්ධය වන්නේ යි දෘෂ්ටි වශයෙන් ගන්නා දිට්ඨි නිස්සය යැයි දෙවැදෑරුම් කොට දැක්වේ. මේ තණ්හා, දිට්ඨි නිස්සයෙන් වෙන්ව පුරනා යම් ලෞකික ලෝකෝත්තර සීලයෙක් වේ ද එය අනිස්සිත සීල නම් වෙයි.

කාලපරියන්ත සීලය හා ආපාණකෝටික සීලය වශයෙනුදු සීලයෙහි පඤ්චම ද්විකයක් දැක්වෙයි. අෂ්ටාඞ්ග සීලයේ දී මෙන් කාලපරිච්ඡේදය නියම කොට ගෙන සමාදන් ව රක්නා සීලය කාලපරියන්ත සීලය යි. පඤ්චසීලය මෙන් දිව්හිම් කොට රක්නා සීලය ආපාණකෝටික සීලය යි.

ෂෂ්ඨ ද්විකය වශයෙන් සප්පරියන්ත සීලය හා අපරියන්ත සීලය පෙන්වා දිය හැකි යි. ලාභ – කීර්ති -ඤාති – අඞ්ග – ජීවිත යන මෙයින් එකක් හෝ කීපයක් ලබන්නෙමි’යි අපේක්ෂා ඇති ව රක්නා සීලය සප්පරියන්ත සීලය යි. එවැනි ලාභාපේක්ෂා කිසිවකින් තොර ව රක්නා සීලය අපරියන්ත සීලය යි. අපේක්ෂාවෝ මුදුන්පත් වූ කල්හි සිල් බිඳගනු ලබන බැවින් සප්පරියන්ත සීලය කිසි විටෙකත් නිවන් පිණිස නො පවතී’; ලාභාපේක්ෂා නො මැති බැවින් ලාභ ලද ද සීලවන්තයා ස්වකීය සීලය කිළිටි කර නො ගනී. එහෙයින්, මේ කියන ලද ෂෂ්ඨ ද්විකයෙන් අපරියන්ත සීලය ම නිවන් පිණිස පවතී.

ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය යැයි ද සීලය ද්විප්‍රකාර වෙයි. භවසම්පත් එළවන, භවනිස්සරණයට ද ප්‍රත්‍යය වන ආශ්‍රව සහිත වූ පෘථග්ජනයන්ගේ සියලූ සීල ලෞකික ය. භවනිස්සරණය එළවන, ප්රත්යවේක්ෂණ ඥානයට ද භූමි වන ආශ්‍රව රහිත වූ සෝවන් ආදි ආර්යයන්ගේ සීල ලෝකෝත්තර ය. මේ සීලයාගේ ද්වි ප්‍රභේද පිළිබඳ සත්තම ද්විකය යි.

හීන සීල – මධ්‍යම සීල – ප්රණිත සීල වශයෙන් සීලය තෙවැදෑරුම් වේ. එසේ ම, අත්තාධිපතෙය්‍ය සීල – ලොකාධිපතෙය්‍ය සීල – ධම්මාධිපතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල – අපරාමට්ඨ සීල – පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සිල – අවිසුද්ධි සීල – වෙමතික සීල වශයෙන් ද, සෙඛ සීල – අසෙඛ සීල – නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද සීල ප්රභේදයෝ තෙවැදෑරුම් තෙවැදෑරුම් වෙත්. මේ ආදී වශයෙන් ලඝුවෙන් දක්වන ලද්දා වූ ත්‍රිවිධ සීල ප්රභේදයාගේ විස්තර කථනය මෙසේ යි. හීන වූ, මධ්‍යම වූ, ප්රණිත වූ ඡුන්දයෙන් – චිත්තයෙන් – වීර්යයෙන් – ප්‍රඥාවෙන් පවත්වන ලද සීලයෝ පිළිවෙලින් හීන සීල, මජ්ක්‍ධිම සීල හා ප්රණිත සීල නම් වෙත්. මේ ප්‍රථම සීල ත්‍රිකයෙහි තවත් අර්ථ වෙයි. ඒ කෙසේ ද යත්? කීර්ති ප්‍රශංසා කැමති වන්නා වූ ද, අත්තුක්කංසන පරවම්භනයෙන් යුක්ත වූවා වූ ද, ධනධාන්‍යාදී භවභෝග සම්පත් කෙරෙහි ආශා සහිත වූ ද සීලය, ‘හීන සීල’ යි. මතු දෙව් මිනිස් සැප පතන්නා වූ ද, අත්තුක්කංසන පරවම්භනයෙන් නො කිළිටි වූ ද, තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකින්නා වූ ද සීලය, ‘මජ්ඣිම සීලය’ යි. නිවන් සැප කැමැති වූ ද, ලෝකෝත්තර වූ ද, සියලූ සත්ත්වයෝ සසර දුකින් මුදවනු කැමති බෝසතුනට බුද්ධකාරක ධර්මය වූ ද සීලය, ‘ප්රණිත සීලය’ යි. තමා පිළිබඳ ගෞරවයෙන් රකින්නා වූ අත්තාධිපතෙය්‍ය සීලය ය, ලෝකාපවාදයට බියෙන් රක්නා වූ ලෝකාධිපතෙය්‍ය සීලය ය, ධර්මමහත්වයෙන් රකිනු ලබන්නා වූ ධම්මාධිපතෙය්‍ය සීලය ය යි සීල ප්‍රභේද පිළිබඳ ද්විතීය ත්‍රිකයෙන් දැක්වේ. පරාමට්ඨ – අපරාමට්ඨ – පටිප්පස්සද්ධි යනුවෙන් දැක්වෙනුයේ තෘතීය සීල ත්‍රිකය යි. ද්විවිධ සීලයන්හි දක්වන ලද තෘෂ්ණා – දෘෂ්ටි සහිත නිස්සිත සීලය ම මෙහි පරාමට්ඨ සීල යැ යි ගැනෙයි. සෝවන් මග – ඵල, සකෘදාගාමී මග – ඵල, අනාගාමී මග – ඵල, අර්හත් මග යන සප්තශෛක්‍ෂයන්ගේ මාර්ග චිත්තයන්හි ලැබෙන විරති චේතනාදිය, පරාමට්ඨ සීලයෙහි මෙන් තෘෂ්ණා – දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කොට පෘථග්ජන සීලවන්තයා විසින් ආර්ය මාර්ගය උදෙසා ම රකිනු ලබන හෙයින් අපරාමට්ඨ සීලය එනමින් පැනෙයි. ඒ සප්තශෛක්‍ෂයන්ගේ හා අර්හත් ඵලස්ථ යන අශෛක්ෂයාගේ ඵල චිත්තයන්හි ලැබෙන විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සන්හිඳුවාලීම පිණිස හේතු භූත වන්හ’යි පටිප්පස්සද්ධි සීලය විස්තර වෙයි. විසුද්ධ – අවිසුද්ධ – වේමතික යනු චතුර්ථ සීල ත්‍රිකය යි. ඇවැතට නො පැමිණ පාරිශුද්ධිය රැකීම ය, ඇවැත් දෙසා පාරිශුද්ධියට පැමිණීම ය යන දෙයාකාරයෙන් එක්ආකාරයකින් හෝ පාරිශුද්ධභාවයට පැමිණියාහුගේ සීලය විසුද්ධ සීලය යි. ඇවැතට පැමිණියේ ඉන් මිදෙනු පිණිස පිළියම් වශයෙන් ඇවැත් නො දෙසා සිටිනුයේ, පාරිශුද්ධියට නො පැමිණි එවැන්නහුගේ සීලය අවිසුද්ධ නමි. වස්තුවෙහි හෝ ආපත්තියෙහි හෝ අජ්ඣාචාරයෙහි හෝ විමති ඇත්තහුගේ සීලය යි වේමතික සීල වනුයේ. සීල ප්රභේදයාගේ පඤ්චම ත්‍රිකය සේඛ – අසේඛ – නේවසේඛානාසේඛ නමි. යට දක්වන ලද සප්තශෛක්‍ෂයන්ගේ චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදීහු සේඛ සීල යි. අශෛක්‍ෂයා හෙවත් අර්හත්ඵලස්ථයාගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදීහු අසේඛ සීල යි. සෙසු පෘථග්ජනයන්ගේ සීලය නේවසේඛානාසේඛ නමි.

භානභාගිය – ඨිතිභාගිය – විසේසභාගිය – නිබ්බේධභාගිය යැයි සීලයාගේ ප්‍රභේද සතරෙකි. සීලවන්තයන් කෙරෙන් වෙන් ව, දුස්සීලයන් කෙරෙහි වෙසෙමින්, වරදෙහි දොස් නො දකින අඥානයෙක් වෙයි. මිථ්‍යාවන්හි ගැලූණු ඉන්ද්රිය සංවරයෙන් තොර වූ ඔහු තුළ පිහිටි සීලය භානභාගිය යි. යමෙක් සීලයට පැමිණියේ ඔහුගේ සීලයෙහි සංවර්ධනයක් නො වෙයි. පිරිහීමෙක් ද නො වෙයි. එවැන්නහුගේ සීලය ඨිතිභාගිය නමි. සීල සම්පන්න වූ යමෙක් මතු සමාධිය පිණිස උත්සාහ කෙරෙත් ද, සමාධි සඞ්ඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසේසභාගිය සීලය යි. ඉඳින් යමෙක් තමා ලත් සීල මාත්‍රයෙන් පමණක් සෑහීමකට නො පැමිණ, විවසුන් වඩා නිවන් පිණිස උත්සාහ කෙරේ ද, නිබ්බේධ සඞ්ඛ්‍යාත විදර්ශනා පිණිස නැමීගත් සීලය නිබ්බේධභාගිය සීල නම් වෙයි. මේ ආකාරයෙන් සීලයාගේ ප්‍රභේද පිළිබඳ ප්‍රථම චතුෂ්කය විස්තර වෙයි.

යම් විනය නියමයෙක් භික්ෂූන් උදෙසා පනවන ලද්දේ වී නමුත්, එය භික්ෂුණීන් උදෙසා ද අනන්‍යසාධාරණ වෙයි. එබඳු ම යම් විනය නියමයෙක් භික්ෂුණීන් උදෙසා පනවන ලද්දේ ද එය භික්ෂූන් උදෙසාත් අනන්‍යසාධාරණ වෙයි. එබඳු ශික්ෂාපදයෝ ද සහිත ව භික්ෂූන් හා භික්ෂුණීන් උදෙසා පනවන ලද ශික්ෂාපදයෝ පිළිවෙලින් භික්ඛු සීල හා – භික්ඛුණී සීල නම් වෙත්. සාමණේර සාමණේරියන් සඳහා වූ දසසීලය අනුපසම්පන්න සීල යි. පඤ්චශීලාදී ගිහියන් උදෙසා පනවන ලද යම් සීලයෙක් වේ ද එය ගහට්ඨ සීල යි. පිළිවෙලින් විස්තර කරන ලද මේ භික්ඛු – භික්ඛුණී – අනුපසම්පන්න – ගහට්ඨ යන චතුර්විධ ප්රභේදයෝ සීලයාගේ ද්විතීය චතුෂ්කය යැයි දත යුතු.

පකති – ආචාර – ධම්මතා – පුබ්බහේතු යැයි සීලයාගේ තෘතීය චතුෂ්කයකි. උතුරු කුරු දිවයින් වැසියන්ට පඤ්චසීලය, පකති සීලයකි. සමාදන් වීමෙක් නැති ව ස්වභාවයෙන් ම රක්නා හෙයින් පකති සීල නමි. යම් කුලයෙක්හි පුරාතනයන් විසින් අනාචාර යැයි සම්මත කොට තහනම් කරන ලද්දා වූ යමක් වේ ද, යම් දේශයෙහි දේශාධිපතීන් විසින් අනර්ථකර යැයි පනවා වදාළ යමක් වේ ද, තීර්ථකයන් අතරෙහිත් යම – නියමයක් වේ ද එකී ආචාරධර්මයෝ නො බිඳ රැක ගැන්ම ආචාර සීල නමි. යම් දිනෙක බෝසතුන් මව් කුසයෙහි පිළිසිඳ ගත්තේ වේ ද, එවක් පටන් ඒ මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාමචේතනා පහළ නො නො වේ යන මේ ධර්මතාව දීඝ නිකායෙහි මහාවග්ගයෙහි පැනේ. එබඳු බෝසත් මාතාවන් විසින් රැකෙන්නා වූ සීලය යි ධම්මතා සීලය. පූර්ව හේතුවෙන් මැ ජනිත සීලය පුබ්බහේතු නමි. පිප්ඵලීමානවක – භද්දාකාපිලානි දෙදෙන ස්වකීය මධුයාමයෙහි පවා වීතිරාගී ව යෙදුණේ ය. බෝසත් සීලව රජ තෙමේ පරපණ නො නසා තෙමේ ජීවග්රහයෙන් අසු වූයේ ය. මේ පූර්ව හේතූන් මත ජනිත සීලය යි.

සතර සීල ප්රභේදයාගේ වැදගත්ම අංශය චතුර්ථ සීල චතුෂ්කය වශයෙන් විස්තර වෙයි. ඒ පාතිමොක්ඛය – ඉන්ද්රිය සංවරය – ආජීව පාරිසුද්ධිය – පච්චයසන්නිස්සිතය යන චතුපාරිශුද්ධිය යි. පාතිමොක්ඛයෙහි වදාළ ශික්ෂාපද ව්යතික්රම නො කොට රැකගැන්ම පාතිමොක්ඛ සංවරය යි. අපායාදී දුකින් මිදෙනු පිණිස උපකාරවත් වන බැවින් ‘පාතිමොක්ඛ’ යැයි කියන ලදි. කය – වචන දෙකේහි වැසීම ‘සංවරය’ යි. කායික හා වාචසික අනාචාරයෙන් වැළක විනය නය නො ඉක්මැ වීම ය යන ආචාරයෙන් ද, උපනිස්සය – ආරක්ඛය – උපනිබන්ධය යන ත්‍රිවිධ ගෝචරයෙන් ද යන ආචාරගෝචරසම්පන්නභාවයෙන් යුතු ව සුළු වරදෙහි පවා දොස් දකිමින් ශික්‍ෂාපදයාගේ බිඳීමක් නො කොට රැක ගන්නේ ද එබඳු භික්ෂුව පාතිමොක්ඛ සංවරයෙන් යුක්ත වූයේ වෙයි. ප්රකීර්ණ කථායෙහි දැක්වෙන පරිදි මහාවත්තනි වෙනෙහි විසූ තෙරුන් වහන්සේ මෙනි. බිජුවට රක්නා කිරළකු මෙන් ද, වලිගය රක්නා සෙමරකු මෙන් ද, එක ම පුතු රක්නා මවක මෙන් ද සැදැහැයෙන් සමාදන් ව ජීවිතාශා හැර පියා මනා ව පාතිමොක්ඛය රැක්ක යුතු ය යන අවධාරිතයෙන් ම එහි ඇති බරපතලකම පහදා දෙයි. චක්ඛු – සෝත – ඝාණ – ජීව්හා – කාය – මන යන ෂට්ඉන්ද්රියයන් සංවර කර ගැන්ම ඉන්ද්රිය සංවරය යි. එය රැක්ම සිහියෙන් කට යුතු ය. ඉන්ද්රිය සංවරය රැකුණොත් පාතිමොක්ඛ සංවරය ද රැකෙයි. එසේ නො වුණු කල සීලය ක්ලේෂ චෞරයන් විසින් පැහැර ගනු ලැබෙත්. පිඬු පිණිස වඩනා වංගීස තෙරණුවනට ස්ත්‍රියක දැක්මෙන් රාගය උපන්නාක් මෙනි. එහෙයින්, මහදොරටු වසා මුරකාවල් තරකළ කල්හි සොරුනට නුවරට ඇතුළු විය නො හැක්කා සේ ජවන් අවස්ථාවට පැමිණීමට පූර්වයෙහි ම ඉන්ද්රිය සංවර කර ගත යුතු ය. සෑගිරියෙහි මහාතිස්ස තෙරණුවෝ දිව යන ස්ත්‍රියකගේ සුදුවන් දත් දෙපළ දැක ‘අට්ඨික’ යැයි සිහි කොට රහත් වූවාක් මෙනි. ආජීවය හේතු කොට ගෙන පනවා ඇති පාරාජිකා – සංඝාදිසේස – ථුල්ලච්චය – පාචිත්තිය – පාටිදේසනීය – දුක්කට යන සවැදෑරුම් ශික්ෂාපදයන් ව්‍යතික්‍රමණය කිරීම් වශයෙන් ද, කුහනා – ලපනා – නෙමිත්තිකතා – නිප්පේසිකතා – ලාභෙන ලාභං නිජිගිංසන්තාදි පාප ධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිච්චාජීවයෙන් වැළකීම ආජීව පාරිශුද්ධිය යි. මෙයින් කුහනාවෙහි පච්චයපටිසේධන – සාමන්තජප්පන – ඉරියාපථසන්නිස්සත යැයි ත්‍රිවිධ කුහක වස්තු ප්‍රකාශිත යි. ආලපනාව – ලපනාව – සල්ලපනාව – උල්ලපනාව – සමුල්ලපනාව – උන්නහනාව – සමුන්නහනාව – උක්කාචනාව – සමුක්කාචනාව – අනුප්පියභාණිතාව – චාටුකම්‍යතාව – මුග්ගසුප්‍යතාව – පාරිහට්ටතාව යැයි ලපනා පදයෙහි විස්තර දක්වයි. නිමිත්ත – නිමිත්තකම්ම - ඕභාස - ඕභාසකම්ම – සාමන්තජප්පා – පරිකථා යි නේමිත්තිකාදීන්ගේ විවරණය දක්වයි. ලාභසත්කාර කීර්තකාමී වූ පාපෙච්ඡ භික්ෂුහුගේ පරහට යම් අක්කොසනාවෙක්, වමහනාවෙක්, ගරහණාවෙක්, උක්ඛෙපණාවෙක්, සමුක්ඛේපණාවෙක්, ඛිපනාවෙක්, සංඛිපනාවෙක්, පාපනාවෙක්, සම්පාපනාවෙක්, අවණ්ණහාරිතාවෙක්, පරපිට්ඨිමංසිකතාවෙක් වන්නේ ද එය නිප්පේසිකතා යි විස්තර කරන ලද්දේ ය. එක් ගෙයකින් ලත් ආමිෂය තවත් ගෙයකට දීමෙන් හා තිරශ්චීන විද්‍යාවන්හි නිමග්න වීමෙන් ලාභයෙන් ලාභය සෙවීම ලාභෙන ලාභං නිජිගිංසන්තාදී වශයෙන් පැනේ. ආජීවය අපරිශුද්ධ වන මේ කාරණයන් දුරැලීම වීර්යයෙන් ම කට යුතු ය. පිරිසිඳු ලෙස උපන් සිව්පසය ම වැළඳිය යුතු ය. ධුතාඞ්ගධර නුවූ භික්ෂුව අපිරිසිඳු ලෙස උපන් ප්‍රත්‍යය විෂඝෝර සර්පයන් මෙන් දුර කළ යුතු ය. ධූතාඞ්ගධරයන් අතුරෙන් රෝගයකට බෙහෙත් වශයෙන් ගෝ මුත්‍ර යෙදූ අරළු ද, චතුමධුර ද ලදොත් චතුමධුර වෙනත් භික්ක්ෂුවකට දී අරළු පමණක් වළඳන ධූතාංගධරයා නියම ආර්ය ශ්‍රාවකයෙක් වෙයි. චීවරගුම්බක වැසි අම්බඛාදක මහාතිස්ස තෙරුන් මෙන් වැරදි ලෙස ලැබූ සිව්පසය ප්රතික්ෂ්ප කට යුතු ය. ධූතාඞ්ගධර වූව ද, නො වූව ද ආජීවය පිරිසිඳු කරගන්නා භික්ෂු හට චීවර – පිණ්ඩපාත පිළිබඳ ව නිමිත්ත - ඕභාස – පරිකථා – විඤ්ඤත්ති නො වටනේ ය. ධූතාඞ්ගධර නො වූ හට සේනාසන පිළිබඳ ව නිමිත්ත - ඕභාස – පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නො වටනේ ය. ආජීව පාරිශුද්ධයෙන් ලබන චීවරපිණ්ඩපාතාදී සිව්පසය ම නුවණින් සලකා ගෙන ප්‍රඥායෙන් (ප්රත්යවේක්ෂණයෙන්) පරිභෝග කිරීම ප්රත්යසන්නිස්සීත සීල යැ යි දත යුතු. ප්‍රත්‍යය ලත් කල කරන ප්රත්යවේක්ෂාය, ප්‍රත්‍යය පරිභෝග කරන කල කරන ප්රත්යවේක්ෂාය යි ප්රත්යවේක්ෂණය ද්විවිධ වේ. ප්‍රත්‍ය ලත් මොහොතේ ප්රත්යවේක්ෂා නො කළ ද, ප්‍රත්‍ය පරිභෝගයෙහි දී ප්රත්යවේක්ෂා කිරීම නිරවද්‍ය ය. එහෙත්, ලත් මොහොතෙහි ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ ප්රත්යවේක්ෂා කොට තබා, වළඳන වේලෙහිත් ප්රත්යවේක්ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය ම නිවැරදි පරිභෝගය ම වෙයි. එබඳ පරිභෝග කරන අවස්ථායෙහි ප්රත්යවේක්ෂාව පිළිබඳ පරිභෝග විනිශ්චයෙක් ථෙය්‍යපරිභෝගය – ඉණපරිභෝගය – දායජ්ජපරිභෝගය – සාමිපරිභෝගය යි චතුර්විධ ව දැක්වෙයි. මේ චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය සියල්ලන්ට ම වටනේ ය. ඉණපරිභෝගය හා ථෙය්‍යපරිභෝගය කිසිවෙකුට නො වටනේ ය. තව ද, මෙයින් ඉණපරිභෝගයෙහි ලා දේසනාසුද්ධිය, – සංවරසුද්ධිය – පරියෙට්ඨිසුද්ධිය හා පච්චවෙක්ඛනසුද්ධිය යි චතුර්විධ ශුද්ධියක් දැක්වේ. චතුර්විධ සීල විභාගය මෙතෙකින් නිමියේ යි.

අනුපසම්පන්නයන්ගේ සීල ගණන් වශයෙන් මෙතෙකැ යි කෙළවර සහිත බැවින් පරියන්ත පාරිසුද්ධි සීල යැයි ද, උපසම්පන්නයන්ගේ සීල මෙතෙකැ යි කෙළවරක් නැති බැවින් අපරීයන්ත පාරිසුද්ධි සීල යැයි ද, මාර්ගඵලාදියට පත් නො වූයේ නමුදු සීලෝත්පන්න උතුමන්ගේ පරිපුණ්ණාපාරිසුද්ධි සීල යැයි ද, දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද්දා වූ ශෛක්ෂයන්ගේ අපරාමට්ඨ පාරිසුද්ධි සීල යැයි ද, සියලු කෙලෙස් විඩා සංසිඳුවන රහතුන්ගේ – පසේබුදුන්ගේ – සම්මාසම්බුදුන්ගේ සීලය පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීල යැයි ද සීල ප්රභේදයාගේ ප්‍රථම පඤ්චකයක් වෙයි.

එසේ මැ අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ – විරමණ – චේතනා – සංවර – අවීතික්කම යි සීලයාගේ ප්‍රභේද පිළිබඳ තවත් බෙදීමත් වෙයි. ලෝකපාලක ධර්මයන් නිසා හෝ මෛත්රීකරුණාමුදිතෝපේක්ෂායාදී කුසල චේතනාවන් නිසා හෝ ප්‍රාණඝාතාදී පව් නො කිරීම නම් වූ පහාණ සීලය ය, ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම නම් වූ වේරමණී සීලය ය, ප්‍රාණඝාතාදියට ප්රතිපක්ෂ චේතනාව නම් වූ චේතනා සීලය ය, ප්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්ග වසාලමින්, ප්‍රාණඝාතාදියෙන් සංවර වීම නම් වූ සංවර සීලය ය, සමාදන් වූ සිකපද නො බිඳී ප්‍රාණඝාතාදීන්ගේ අව්යතික්රමණය නම් වූ අවීතික්කම සීලය යැයි ඒ ද්විතීය පඤ්චකය විස්තර කරන ලද්දේ ය.

මෙතෙකින් දක්වන ලද සීලයාගේ පාරිශුද්ධභාවයේ කෙළෙසීම සිද්ධ වන්නේ කෙසේ ද? ඛණ්ඩ – ජිද්‍ර – සබල – කල්මාෂ යන අකාර සතරතික් සීලයේ අපිරිසිඳු වීම සිදු වේ. සමාදන් වූ සීලයෙහි මුල හෝ අග සිල්පද බිඳ ගැන්ම ඛණ්ඩ නමි. ජිද්‍ර නම් අග සිල්පද බිඳීම යි. සබල යනු තැනින් තැන සිල්පද බිඳීම යි. කල්මාස යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද බිඳීම යි. සීලය ඛණ්ඩ – ජිද්‍ර – සබල – කල්මාෂ වන්නේ කවර හෙයින් ද? ලාභ – යස – ඤාති – අඞග – ජීවිත අපේක්ෂා කොට සීල සමාදානයෙන් හා සප්තවිධ මෛථූන සංයෝගයෙන් ද යන මෙයිනි.

ශීලය අඛණ්ඩ – අච්ජිද්‍ර – අසබල – අකල්මාෂ වන්නේ කවර හේතුවලින් ද? සර්වාකාරයෙන් සිකපද නො බිඳ ගැන්ම ය; බිඳුණු, එහෙත් ප්‍රතිකර්ම කළ හැකි සිකපදයන්ට ප්‍රතිකර්ම කර ගැන්ම ය; සප්තවිධ මෛථූනයෙන් වියුක්ත වීම ය; ක්‍රෝධ – උපනාහ – මක්ඛ – පලාස – ඉස්සා – මච්ඡරිය – මායා – සාඨෙය්‍ය – ථමහ – සාරම්හ – මාන – අතිමාන – මද – පමාදාදී පාපධර්මයන් නො ඉපදවීම ය; අප්පිච්ඡතා – සන්තුට්ඨිතා – සල්ලේඛතාදී ගුණ උපදවීම ය යන මේ හේතු සීලයාගේ අඛණ්ඩ – අච්ජිද්‍ර – අසබල – අකල්මාෂ භාවය පිණිස වන්නේ ය. එබඳු සීලයෝ ම තෘෂ්ණාදාසත්වයෙන් මුදව යි. එහෙයින්, භුජිස්ස යි කියන ලදී. නුවණැතියන් විසින් පසස්නා ලදි. එහෙයින් විඤ්ඤූප්පසත්ථ යි කියන ලදි. තෘෂ්ණා දෘෂ්ටි විසින් ස්පර්ශ කළ නො හේ. එහෙයින් අපරාමට්ඨ නමි. උපචාර අපර්ණා සමාධි උපදවයි. එහෙයින් සමාධි සංවත්තනික නම් වෙයි. මේ අඛණ්ඩාදීභාවය ම සීලයාගේ වෝදානය හෙවත් පිරිසිඳු වීම පිණිස හේතු වෙයි.

[QUOTE="Dilwaale, post: 18502959, member: 520020"] [CENTER][U][SIZE=6][COLOR=DarkSlateGray][B]සීලය [/B][/COLOR][/SIZE][/U][/CENTER] [COLOR=DarkSlateGray][B][SIZE=4]සීලය නම් කිම? කවර අර්ථයකින් ‘සීල’ යැයි කියනු ලැබෙත් ද? සීලයාගේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරහු ද? සීලයෙහි ආනිසංස කිම? සීලය කී වැදෑරුම් ද? සීලය කිලිටිවන්නේ කෙසේ ද? සීලය පිරිසිඳු වන්නේ කෙසේ ද? යනාදිය පිළිබඳ ක්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මෙහි පැනෙයි. පටිසම්භිදායෙහි ‘කිං සීලං ති’ “චේතනා සීලං, චේතසික සීලං, සංවරෝ සීලං, අවීතික්ක මො සීලං” යි ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ චේතනා, චෛතසික, සංවර, අව්යතික්රිම යන මේවා සීලය යි දක්වා තිබේ. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත්පිළිවෙත් පුරන්නහුගේ හෝ ඒ වේලායෙහි සිත්හි යෙදෙන චෛතසිකයන් අතුරෙන් චේතනා චෛතසිකය සීල නම් වෙයි. තව ද, ප්‍රාණඝාතාදිය හැර පියන්නකුගේ පාණාතිපාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප යන මේ සප්ත කර්මපථ චේතනාවෝ ද සීල නම් වෙයි. මේ චේතනා සීල නමි. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ ඒ වේලායෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසිකත්රය ද, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන ධර්මයෝ ද චෛතසික සීල නම් වෙත්. පාතිමොක්ඛසංවරය, සතිසංවරය, ඤාණසංවරය, ඛන්තිසංවරය, වීරියසංවරය යි පංචවිධ සංවරයෝ ද, පාපභීරුක කුුලපුත්රයන්ගේ සම්පත්ත විරතිය ද යන මේ සියල්ල සංවර ශීලයෙහි ගිණිය හෙයි. තව ද, මෙහි ඤාණ සංවරයෙහි ලා ප්රත්යසන්නීශ්රීතය ද, වීරිය සංවරයෙහි ලා ආජීව පාරිශුද්ධිය ද ඇතුළති. සීලයෙහි අර්ථ විමසන ඇතැම්හු ශිරස් අර්ථයෙන් ද, ශීතලාර්ථයෙන් ද යනාදියෙන් සීලය ප්‍රපඤ්ච කෙරෙත්. කෙසේ වෙතත්, සීලන අර්ථයෙන් සීල යැයි කියයි. කුසල කායකර්මාදීනට විසිර යන්නට ඉඩ නො දීම හෙවත්, සමාධානය හෝ කුසල ධර්මයන් ප්‍රතිෂ්ඨා වශයෙන් ධැරීම යන උපධාරණය, සීලන නම් වෙත්. සීලයෙහි සමාධානාර්ථය ඇති හෙයින් සීලවන්තයා විපිළිසර නො වෙයි. උපධාරණාර්ථය හැති හෙයින් ධ්‍යාන මාර්ගඵල සංඛ්‍යාත බීජයන් වැපිරීමට සීලය භූමිය වෙයි. මේ සීලනය ම සීලයාගේ ලක්ෂණය වෙයි. කෘත්‍ය රස ය, සම්පත්ති රස ය යි සීලය රස වශයෙන් ද්විවිධ ය. මෙහි දුශ්ශීලත්වය විනාශ කිරීම කෘත්‍ය රසය යි. නිරවද්‍ය ගුණයෝ සම්පත්ති රසය යි. දුශ්ශීලත්වය වනසනු ලබන බැවින් ද, ධ්‍යානාදී ගුණ උපදවනු ලබන බැවින් ද කෘත්‍ය හා සම්පත්ති යැයි සීල රසය හඳුනා ගැනේ. සිත – කය – වචන යන ත්රිවිධද්වාරයාගේ සොචෙය්යභාවය (=සුවිභාවය) හෙවත් පරිශුද්ධභාවය, එනම් පිරිසිඳු බව සීලයාගේ පච්චුපට්ඨානය නම් වෙයි. දේවධර්මය වූ හිරි – ඔතප් දෙක පදට්ඨානභාවයෙහි ලා ගැනෙයි. හිරි – ඔතප් ඇති කල්හි ම සීලය උපදනේත්, පවත්නේත් වෙයි. මේ ලෝකපාලක ධර්මයෝ නො මැති කල්හි සීලය කෙසේවත් නූපදනේ යි; නො පවත්නේ යි. අවිප්පටිසාරාදී නොයෙක් ගුණ ලැබීම සීලයාගේ ආනිසංස වශයෙන් දක්වා තිබේ. මහත් වූ භෝගස්කන්ධ ලැබීම ය (මහන්නං භොගක්ඛන්‍ධා අධිගච්ඡති), කල්‍යාණ කීර්තිශබ්ද නැගීම ය (කල්යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡති), ක්ෂත්රියාදී පිරිස් කරා විශාරද වැ එළැඹීම ය (ඛත්තිය පරිසං….විසාරදො උපසඞ්කමති අමංකුභුතො), අසම්මූඪ ව කාලක්‍රියා කිරීම ය (අසම්මූළෙහා කාලං කරොති), මරණින් මතු දෙව් ලෝ ඉපැදීම (කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති) යන මේ ආනිසංස පඤ්චකයෝ ද සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි වේ. මජ්ඣිම නිකායේ ආකංඛෙය්‍ය සූත්‍රයෙහි “ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනා පියොචස්සං මනාපො ගරු භාවනීයො සීලෙසේවවස්ස පරිපූරකාරී….” සෙයින් සබ්රහ්මසරුන්ට ප්‍රියත්, මනාපත්, ගරු සම්භාවනීයත් වෙත්මැ යි…. සිව්පසය සපුරා ලබන්නෙක් වෙත් මැ යි…. අරති රති මැඬලත් මැ යි… රූපඅරූපධ්යානාදියෙන් වසත් මැ යි… නානාඍද්ධි ඇත් මැ යි…. දිබ්බචක්ඛුදිබ්බසෝතාදී ඤාණයෝ ලබත් මැ යි… ආසවක්ඛය සහිත චෙතොවිමුත්තියත්, පඤ්ඤාවිමුත්තියත් මෙලොව දී ම ලබත් මැ යි ආදී වශයෙනු ද සීලයාගේ අනේක ආනිසංසයෝ දක්වන ලදහ. සීල පාරමිතාව පුරන බෝසත්හු බාහිර වස්තු සියල්ල නැති ව ගිය ද, සීලය නො කඩ කොට සීල පාරමිතාව සම්පූර්ණ කරති. ශරීරයේ අඟපසඟ සිඳ දමද්දීත්, සීල උපපාරමිතාව ඒ උතුමෝ සපුරති. ජීවිතය ගිලිහී යද්දීත් සීලය ම රකිමින් සීල පරමත්ථ පාරමිතාව සපුරති. තමන් මැරීමට ගෙන ගිය සොරුන් නසාලීමේ බලය හා ශක්තිය තිබිය දී සංඛපාර නා රජ තෙමේ සමාදන් වූ සීලය නො බිඳ රක්ෂා කළ ආකාරය සංඛපාල ජාතකයෙන් විශද වේ. සාධුසීල, සීලවනාගරාජ, සීලානිසංස, සීලවීමංසාදී ජාතකයන්හි ද සීලයාගේ උත්කෘෂ්ටභාවය මැනැවින් විස්තර කෙරෙත්. දෙවැදෑරුම්, තෙවැදෑරුම් වශයෙන් සීලයාගේ ප්‍රභේද විශුද්ධි මාර්ගය විස්තර කරයි. යටකී සීලන ලක්ෂණයෙන් යුතු ව සීලය එක්වැදෑරුම් වේ. ද්විවිධ සීලයාගේ ප්‍රභේද සප්තකයකි. මේ මේ දෙය කළ යුතු යැයි යම් විනය නියමයෙක් පනවන ලද්දේ වී නම් එකී චාරිත්‍ර සීලය ද, මේ මේ දෙය නො කළ යුතු යැයි යම් විනය නියමයෙක් පනවන ලද්දේ වී නම් එකී වාරිත්‍ර සීලය ද සීල ප්‍රභේදයෙහි ප්‍රථම ද්විකයෙහි ලා ගැනෙයි. ආජීවට්ඨමක සීලය හැර උතුම් හැසිරීම පිණිස හේතු වන්නා වූ සෙසු සියලූ සීලයෝ ආභිසමාචාරික සීල යැ යි ද, මාර්ග බ්‍රහ්මචර්යාවට ආදියෙහි වූ ආජීවට්ඨමක සීලය ඇතුළත් ආදිබ්රහ්මචරික සීලය යැයි ද සීල ප්රභේදයාගේ ද්වීතීය ද්විකය විස්තර වෙයි. විරති හා අවිරති සීලයෝ තෘතීය ද්විකයෙහි වෙත්. ප්‍රාණඝාතාදියෙන් වැළකීමේ දී එම කුසල චිත්තවීථියෙහි උපදනා සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන විරති චෛතසිකත්රය විරති සීලය යි. එම කුසල චිත්ත වීථියෙහි ම පහළ වන සෙසු චේතනාදී සියලූ චේතසිකයෝ අවිරති සීලය යි. චතුර්ථ ද්විකයෙහි නිස්සීත සීලය හා අනිස්සිත සීලය යැයි තවදුරටත් සීලයෙහි දෙවැදෑරුම් ප්‍රභේදයක් වේ. මෙහි නිස්සීත සීලය, භව සම්පත් ප්‍රාර්ථනා කිරීම සඳහා වූ තණ්හා නිස්සය හා සීලයෙන් ම සුද්ධය වන්නේ යි දෘෂ්ටි වශයෙන් ගන්නා දිට්ඨි නිස්සය යැයි දෙවැදෑරුම් කොට දැක්වේ. මේ තණ්හා, දිට්ඨි නිස්සයෙන් වෙන්ව පුරනා යම් ලෞකික ලෝකෝත්තර සීලයෙක් වේ ද එය අනිස්සිත සීල නම් වෙයි. කාලපරියන්ත සීලය හා ආපාණකෝටික සීලය වශයෙනුදු සීලයෙහි පඤ්චම ද්විකයක් දැක්වෙයි. අෂ්ටාඞ්ග සීලයේ දී මෙන් කාලපරිච්ඡේදය නියම කොට ගෙන සමාදන් ව රක්නා සීලය කාලපරියන්ත සීලය යි. පඤ්චසීලය මෙන් දිව්හිම් කොට රක්නා සීලය ආපාණකෝටික සීලය යි. ෂෂ්ඨ ද්විකය වශයෙන් සප්පරියන්ත සීලය හා අපරියන්ත සීලය පෙන්වා දිය හැකි යි. ලාභ – කීර්ති -ඤාති – අඞ්ග – ජීවිත යන මෙයින් එකක් හෝ කීපයක් ලබන්නෙමි’යි අපේක්ෂා ඇති ව රක්නා සීලය සප්පරියන්ත සීලය යි. එවැනි ලාභාපේක්ෂා කිසිවකින් තොර ව රක්නා සීලය අපරියන්ත සීලය යි. අපේක්ෂාවෝ මුදුන්පත් වූ කල්හි සිල් බිඳගනු ලබන බැවින් සප්පරියන්ත සීලය කිසි විටෙකත් නිවන් පිණිස නො පවතී’; ලාභාපේක්ෂා නො මැති බැවින් ලාභ ලද ද සීලවන්තයා ස්වකීය සීලය කිළිටි කර නො ගනී. එහෙයින්, මේ කියන ලද ෂෂ්ඨ ද්විකයෙන් අපරියන්ත සීලය ම නිවන් පිණිස පවතී. ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය යැයි ද සීලය ද්විප්‍රකාර වෙයි. භවසම්පත් එළවන, භවනිස්සරණයට ද ප්‍රත්‍යය වන ආශ්‍රව සහිත වූ පෘථග්ජනයන්ගේ සියලූ සීල ලෞකික ය. භවනිස්සරණය එළවන, ප්රත්යවේක්ෂණ ඥානයට ද භූමි වන ආශ්‍රව රහිත වූ සෝවන් ආදි ආර්යයන්ගේ සීල ලෝකෝත්තර ය. මේ සීලයාගේ ද්වි ප්‍රභේද පිළිබඳ සත්තම ද්විකය යි. හීන සීල – මධ්‍යම සීල – ප්රණිත සීල වශයෙන් සීලය තෙවැදෑරුම් වේ. එසේ ම, අත්තාධිපතෙය්‍ය සීල – ලොකාධිපතෙය්‍ය සීල – ධම්මාධිපතෙය්‍ය සීල වශයෙන් ද, පරාමට්ඨ සීල – අපරාමට්ඨ සීල – පටිප්පස්සධි සීල වශයෙන් ද, විශුද්ධි සිල – අවිසුද්ධි සීල – වෙමතික සීල වශයෙන් ද, සෙඛ සීල – අසෙඛ සීල – නෙවසෙඛනාසෙඛ සීල වශයෙන් ද සීල ප්රභේදයෝ තෙවැදෑරුම් තෙවැදෑරුම් වෙත්. මේ ආදී වශයෙන් ලඝුවෙන් දක්වන ලද්දා වූ ත්‍රිවිධ සීල ප්රභේදයාගේ විස්තර කථනය මෙසේ යි. හීන වූ, මධ්‍යම වූ, ප්රණිත වූ ඡුන්දයෙන් – චිත්තයෙන් – වීර්යයෙන් – ප්‍රඥාවෙන් පවත්වන ලද සීලයෝ පිළිවෙලින් හීන සීල, මජ්ක්‍ධිම සීල හා ප්රණිත සීල නම් වෙත්. මේ ප්‍රථම සීල ත්‍රිකයෙහි තවත් අර්ථ වෙයි. ඒ කෙසේ ද යත්? කීර්ති ප්‍රශංසා කැමති වන්නා වූ ද, අත්තුක්කංසන පරවම්භනයෙන් යුක්ත වූවා වූ ද, ධනධාන්‍යාදී භවභෝග සම්පත් කෙරෙහි ආශා සහිත වූ ද සීලය, ‘හීන සීල’ යි. මතු දෙව් මිනිස් සැප පතන්නා වූ ද, අත්තුක්කංසන පරවම්භනයෙන් නො කිළිටි වූ ද, තමා පමණක් සසරින් මිදෙනු සඳහා රකින්නා වූ ද සීලය, ‘මජ්ඣිම සීලය’ යි. නිවන් සැප කැමැති වූ ද, ලෝකෝත්තර වූ ද, සියලූ සත්ත්වයෝ සසර දුකින් මුදවනු කැමති බෝසතුනට බුද්ධකාරක ධර්මය වූ ද සීලය, ‘ප්රණිත සීලය’ යි. තමා පිළිබඳ ගෞරවයෙන් රකින්නා වූ අත්තාධිපතෙය්‍ය සීලය ය, ලෝකාපවාදයට බියෙන් රක්නා වූ ලෝකාධිපතෙය්‍ය සීලය ය, ධර්මමහත්වයෙන් රකිනු ලබන්නා වූ ධම්මාධිපතෙය්‍ය සීලය ය යි සීල ප්‍රභේද පිළිබඳ ද්විතීය ත්‍රිකයෙන් දැක්වේ. පරාමට්ඨ – අපරාමට්ඨ – පටිප්පස්සද්ධි යනුවෙන් දැක්වෙනුයේ තෘතීය සීල ත්‍රිකය යි. ද්විවිධ සීලයන්හි දක්වන ලද තෘෂ්ණා – දෘෂ්ටි සහිත නිස්සිත සීලය ම මෙහි පරාමට්ඨ සීල යැ යි ගැනෙයි. සෝවන් මග – ඵල, සකෘදාගාමී මග – ඵල, අනාගාමී මග – ඵල, අර්හත් මග යන සප්තශෛක්‍ෂයන්ගේ මාර්ග චිත්තයන්හි ලැබෙන විරති චේතනාදිය, පරාමට්ඨ සීලයෙහි මෙන් තෘෂ්ණා – දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කොට පෘථග්ජන සීලවන්තයා විසින් ආර්ය මාර්ගය උදෙසා ම රකිනු ලබන හෙයින් අපරාමට්ඨ සීලය එනමින් පැනෙයි. ඒ සප්තශෛක්‍ෂයන්ගේ හා අර්හත් ඵලස්ථ යන අශෛක්ෂයාගේ ඵල චිත්තයන්හි ලැබෙන විරති චේතනා ආදීහු කෙලෙස් විඩා සන්හිඳුවාලීම පිණිස හේතු භූත වන්හ’යි පටිප්පස්සද්ධි සීලය විස්තර වෙයි. විසුද්ධ – අවිසුද්ධ – වේමතික යනු චතුර්ථ සීල ත්‍රිකය යි. ඇවැතට නො පැමිණ පාරිශුද්ධිය රැකීම ය, ඇවැත් දෙසා පාරිශුද්ධියට පැමිණීම ය යන දෙයාකාරයෙන් එක්ආකාරයකින් හෝ පාරිශුද්ධභාවයට පැමිණියාහුගේ සීලය විසුද්ධ සීලය යි. ඇවැතට පැමිණියේ ඉන් මිදෙනු පිණිස පිළියම් වශයෙන් ඇවැත් නො දෙසා සිටිනුයේ, පාරිශුද්ධියට නො පැමිණි එවැන්නහුගේ සීලය අවිසුද්ධ නමි. වස්තුවෙහි හෝ ආපත්තියෙහි හෝ අජ්ඣාචාරයෙහි හෝ විමති ඇත්තහුගේ සීලය යි වේමතික සීල වනුයේ. සීල ප්රභේදයාගේ පඤ්චම ත්‍රිකය සේඛ – අසේඛ – නේවසේඛානාසේඛ නමි. යට දක්වන ලද සප්තශෛක්‍ෂයන්ගේ චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදීහු සේඛ සීල යි. අශෛක්‍ෂයා හෙවත් අර්හත්ඵලස්ථයාගේ ඵල චිත්තයන්හි යෙදුණු විරති චේතනා ආදීහු අසේඛ සීල යි. සෙසු පෘථග්ජනයන්ගේ සීලය නේවසේඛානාසේඛ නමි. භානභාගිය – ඨිතිභාගිය – විසේසභාගිය – නිබ්බේධභාගිය යැයි සීලයාගේ ප්‍රභේද සතරෙකි. සීලවන්තයන් කෙරෙන් වෙන් ව, දුස්සීලයන් කෙරෙහි වෙසෙමින්, වරදෙහි දොස් නො දකින අඥානයෙක් වෙයි. මිථ්‍යාවන්හි ගැලූණු ඉන්ද්රිය සංවරයෙන් තොර වූ ඔහු තුළ පිහිටි සීලය භානභාගිය යි. යමෙක් සීලයට පැමිණියේ ඔහුගේ සීලයෙහි සංවර්ධනයක් නො වෙයි. පිරිහීමෙක් ද නො වෙයි. එවැන්නහුගේ සීලය ඨිතිභාගිය නමි. සීල සම්පන්න වූ යමෙක් මතු සමාධිය පිණිස උත්සාහ කෙරෙත් ද, සමාධි සඞ්ඛ්‍යාත විශේෂය පිණිස නැමීගත් සීලය විසේසභාගිය සීලය යි. ඉඳින් යමෙක් තමා ලත් සීල මාත්‍රයෙන් පමණක් සෑහීමකට නො පැමිණ, විවසුන් වඩා නිවන් පිණිස උත්සාහ කෙරේ ද, නිබ්බේධ සඞ්ඛ්‍යාත විදර්ශනා පිණිස නැමීගත් සීලය නිබ්බේධභාගිය සීල නම් වෙයි. මේ ආකාරයෙන් සීලයාගේ ප්‍රභේද පිළිබඳ ප්‍රථම චතුෂ්කය විස්තර වෙයි. යම් විනය නියමයෙක් භික්ෂූන් උදෙසා පනවන ලද්දේ වී නමුත්, එය භික්ෂුණීන් උදෙසා ද අනන්‍යසාධාරණ වෙයි. එබඳු ම යම් විනය නියමයෙක් භික්ෂුණීන් උදෙසා පනවන ලද්දේ ද එය භික්ෂූන් උදෙසාත් අනන්‍යසාධාරණ වෙයි. එබඳු ශික්ෂාපදයෝ ද සහිත ව භික්ෂූන් හා භික්ෂුණීන් උදෙසා පනවන ලද ශික්ෂාපදයෝ පිළිවෙලින් භික්ඛු සීල හා – භික්ඛුණී සීල නම් වෙත්. සාමණේර සාමණේරියන් සඳහා වූ දසසීලය අනුපසම්පන්න සීල යි. පඤ්චශීලාදී ගිහියන් උදෙසා පනවන ලද යම් සීලයෙක් වේ ද එය ගහට්ඨ සීල යි. පිළිවෙලින් විස්තර කරන ලද මේ භික්ඛු – භික්ඛුණී – අනුපසම්පන්න – ගහට්ඨ යන චතුර්විධ ප්රභේදයෝ සීලයාගේ ද්විතීය චතුෂ්කය යැයි දත යුතු. පකති – ආචාර – ධම්මතා – පුබ්බහේතු යැයි සීලයාගේ තෘතීය චතුෂ්කයකි. උතුරු කුරු දිවයින් වැසියන්ට පඤ්චසීලය, පකති සීලයකි. සමාදන් වීමෙක් නැති ව ස්වභාවයෙන් ම රක්නා හෙයින් පකති සීල නමි. යම් කුලයෙක්හි පුරාතනයන් විසින් අනාචාර යැයි සම්මත කොට තහනම් කරන ලද්දා වූ යමක් වේ ද, යම් දේශයෙහි දේශාධිපතීන් විසින් අනර්ථකර යැයි පනවා වදාළ යමක් වේ ද, තීර්ථකයන් අතරෙහිත් යම – නියමයක් වේ ද එකී ආචාරධර්මයෝ නො බිඳ රැක ගැන්ම ආචාර සීල නමි. යම් දිනෙක බෝසතුන් මව් කුසයෙහි පිළිසිඳ ගත්තේ වේ ද, එවක් පටන් ඒ මාතාවන්ට පුරුෂයන් කෙරෙහි කාමචේතනා පහළ නො නො වේ යන මේ ධර්මතාව දීඝ නිකායෙහි මහාවග්ගයෙහි පැනේ. එබඳු බෝසත් මාතාවන් විසින් රැකෙන්නා වූ සීලය යි ධම්මතා සීලය. පූර්ව හේතුවෙන් මැ ජනිත සීලය පුබ්බහේතු නමි. පිප්ඵලීමානවක – භද්දාකාපිලානි දෙදෙන ස්වකීය මධුයාමයෙහි පවා වීතිරාගී ව යෙදුණේ ය. බෝසත් සීලව රජ තෙමේ පරපණ නො නසා තෙමේ ජීවග්රහයෙන් අසු වූයේ ය. මේ පූර්ව හේතූන් මත ජනිත සීලය යි. සතර සීල ප්රභේදයාගේ වැදගත්ම අංශය චතුර්ථ සීල චතුෂ්කය වශයෙන් විස්තර වෙයි. ඒ පාතිමොක්ඛය – ඉන්ද්රිය සංවරය – ආජීව පාරිසුද්ධිය – පච්චයසන්නිස්සිතය යන චතුපාරිශුද්ධිය යි. පාතිමොක්ඛයෙහි වදාළ ශික්ෂාපද ව්යතික්රම නො කොට රැකගැන්ම පාතිමොක්ඛ සංවරය යි. අපායාදී දුකින් මිදෙනු පිණිස උපකාරවත් වන බැවින් ‘පාතිමොක්ඛ’ යැයි කියන ලදි. කය – වචන දෙකේහි වැසීම ‘සංවරය’ යි. කායික හා වාචසික අනාචාරයෙන් වැළක විනය නය නො ඉක්මැ වීම ය යන ආචාරයෙන් ද, උපනිස්සය – ආරක්ඛය – උපනිබන්ධය යන ත්‍රිවිධ ගෝචරයෙන් ද යන ආචාරගෝචරසම්පන්නභාවයෙන් යුතු ව සුළු වරදෙහි පවා දොස් දකිමින් ශික්‍ෂාපදයාගේ බිඳීමක් නො කොට රැක ගන්නේ ද එබඳු භික්ෂුව පාතිමොක්ඛ සංවරයෙන් යුක්ත වූයේ වෙයි. ප්රකීර්ණ කථායෙහි දැක්වෙන පරිදි මහාවත්තනි වෙනෙහි විසූ තෙරුන් වහන්සේ මෙනි. බිජුවට රක්නා කිරළකු මෙන් ද, වලිගය රක්නා සෙමරකු මෙන් ද, එක ම පුතු රක්නා මවක මෙන් ද සැදැහැයෙන් සමාදන් ව ජීවිතාශා හැර පියා මනා ව පාතිමොක්ඛය රැක්ක යුතු ය යන අවධාරිතයෙන් ම එහි ඇති බරපතලකම පහදා දෙයි. චක්ඛු – සෝත – ඝාණ – ජීව්හා – කාය – මන යන ෂට්ඉන්ද්රියයන් සංවර කර ගැන්ම ඉන්ද්රිය සංවරය යි. එය රැක්ම සිහියෙන් කට යුතු ය. ඉන්ද්රිය සංවරය රැකුණොත් පාතිමොක්ඛ සංවරය ද රැකෙයි. එසේ නො වුණු කල සීලය ක්ලේෂ චෞරයන් විසින් පැහැර ගනු ලැබෙත්. පිඬු පිණිස වඩනා වංගීස තෙරණුවනට ස්ත්‍රියක දැක්මෙන් රාගය උපන්නාක් මෙනි. එහෙයින්, මහදොරටු වසා මුරකාවල් තරකළ කල්හි සොරුනට නුවරට ඇතුළු විය නො හැක්කා සේ ජවන් අවස්ථාවට පැමිණීමට පූර්වයෙහි ම ඉන්ද්රිය සංවර කර ගත යුතු ය. සෑගිරියෙහි මහාතිස්ස තෙරණුවෝ දිව යන ස්ත්‍රියකගේ සුදුවන් දත් දෙපළ දැක ‘අට්ඨික’ යැයි සිහි කොට රහත් වූවාක් මෙනි. ආජීවය හේතු කොට ගෙන පනවා ඇති පාරාජිකා – සංඝාදිසේස – ථුල්ලච්චය – පාචිත්තිය – පාටිදේසනීය – දුක්කට යන සවැදෑරුම් ශික්ෂාපදයන් ව්‍යතික්‍රමණය කිරීම් වශයෙන් ද, කුහනා – ලපනා – නෙමිත්තිකතා – නිප්පේසිකතා – ලාභෙන ලාභං නිජිගිංසන්තාදි පාප ධර්මයන්ගේ වශයෙන් පවත්නා වූ මිච්චාජීවයෙන් වැළකීම ආජීව පාරිශුද්ධිය යි. මෙයින් කුහනාවෙහි පච්චයපටිසේධන – සාමන්තජප්පන – ඉරියාපථසන්නිස්සත යැයි ත්‍රිවිධ කුහක වස්තු ප්‍රකාශිත යි. ආලපනාව – ලපනාව – සල්ලපනාව – උල්ලපනාව – සමුල්ලපනාව – උන්නහනාව – සමුන්නහනාව – උක්කාචනාව – සමුක්කාචනාව – අනුප්පියභාණිතාව – චාටුකම්‍යතාව – මුග්ගසුප්‍යතාව – පාරිහට්ටතාව යැයි ලපනා පදයෙහි විස්තර දක්වයි. නිමිත්ත – නිමිත්තකම්ම - ඕභාස - ඕභාසකම්ම – සාමන්තජප්පා – පරිකථා යි නේමිත්තිකාදීන්ගේ විවරණය දක්වයි. ලාභසත්කාර කීර්තකාමී වූ පාපෙච්ඡ භික්ෂුහුගේ පරහට යම් අක්කොසනාවෙක්, වමහනාවෙක්, ගරහණාවෙක්, උක්ඛෙපණාවෙක්, සමුක්ඛේපණාවෙක්, ඛිපනාවෙක්, සංඛිපනාවෙක්, පාපනාවෙක්, සම්පාපනාවෙක්, අවණ්ණහාරිතාවෙක්, පරපිට්ඨිමංසිකතාවෙක් වන්නේ ද එය නිප්පේසිකතා යි විස්තර කරන ලද්දේ ය. එක් ගෙයකින් ලත් ආමිෂය තවත් ගෙයකට දීමෙන් හා තිරශ්චීන විද්‍යාවන්හි නිමග්න වීමෙන් ලාභයෙන් ලාභය සෙවීම ලාභෙන ලාභං නිජිගිංසන්තාදී වශයෙන් පැනේ. ආජීවය අපරිශුද්ධ වන මේ කාරණයන් දුරැලීම වීර්යයෙන් ම කට යුතු ය. පිරිසිඳු ලෙස උපන් සිව්පසය ම වැළඳිය යුතු ය. ධුතාඞ්ගධර නුවූ භික්ෂුව අපිරිසිඳු ලෙස උපන් ප්‍රත්‍යය විෂඝෝර සර්පයන් මෙන් දුර කළ යුතු ය. ධූතාඞ්ගධරයන් අතුරෙන් රෝගයකට බෙහෙත් වශයෙන් ගෝ මුත්‍ර යෙදූ අරළු ද, චතුමධුර ද ලදොත් චතුමධුර වෙනත් භික්ක්ෂුවකට දී අරළු පමණක් වළඳන ධූතාංගධරයා නියම ආර්ය ශ්‍රාවකයෙක් වෙයි. චීවරගුම්බක වැසි අම්බඛාදක මහාතිස්ස තෙරුන් මෙන් වැරදි ලෙස ලැබූ සිව්පසය ප්රතික්ෂ්ප කට යුතු ය. ධූතාඞ්ගධර වූව ද, නො වූව ද ආජීවය පිරිසිඳු කරගන්නා භික්ෂු හට චීවර – පිණ්ඩපාත පිළිබඳ ව නිමිත්ත - ඕභාස – පරිකථා – විඤ්ඤත්ති නො වටනේ ය. ධූතාඞ්ගධර නො වූ හට සේනාසන පිළිබඳ ව නිමිත්ත - ඕභාස – පරිකථා පමණක් වටනේ ය. විඤ්ඤත්ති නො වටනේ ය. ආජීව පාරිශුද්ධයෙන් ලබන චීවරපිණ්ඩපාතාදී සිව්පසය ම නුවණින් සලකා ගෙන ප්‍රඥායෙන් (ප්රත්යවේක්ෂණයෙන්) පරිභෝග කිරීම ප්රත්යසන්නිස්සීත සීල යැ යි දත යුතු. ප්‍රත්‍යය ලත් කල කරන ප්රත්යවේක්ෂාය, ප්‍රත්‍යය පරිභෝග කරන කල කරන ප්රත්යවේක්ෂාය යි ප්රත්යවේක්ෂණය ද්විවිධ වේ. ප්‍රත්‍ය ලත් මොහොතේ ප්රත්යවේක්ෂා නො කළ ද, ප්‍රත්‍ය පරිභෝගයෙහි දී ප්රත්යවේක්ෂා කිරීම නිරවද්‍ය ය. එහෙත්, ලත් මොහොතෙහි ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් හෝ ප්රත්යවේක්ෂා කොට තබා, වළඳන වේලෙහිත් ප්රත්යවේක්ෂා කොට වළඳන්නහුගේ පරිභෝගය ම නිවැරදි පරිභෝගය ම වෙයි. එබඳ පරිභෝග කරන අවස්ථායෙහි ප්රත්යවේක්ෂාව පිළිබඳ පරිභෝග විනිශ්චයෙක් ථෙය්‍යපරිභෝගය – ඉණපරිභෝගය – දායජ්ජපරිභෝගය – සාමිපරිභෝගය යි චතුර්විධ ව දැක්වෙයි. මේ චතුර්විධ පරිභෝගයන් අතුරෙන් සාමිපරිභෝගය හා දායජ්ජපරිභෝගය සියල්ලන්ට ම වටනේ ය. ඉණපරිභෝගය හා ථෙය්‍යපරිභෝගය කිසිවෙකුට නො වටනේ ය. තව ද, මෙයින් ඉණපරිභෝගයෙහි ලා දේසනාසුද්ධිය, – සංවරසුද්ධිය – පරියෙට්ඨිසුද්ධිය හා පච්චවෙක්ඛනසුද්ධිය යි චතුර්විධ ශුද්ධියක් දැක්වේ. චතුර්විධ සීල විභාගය මෙතෙකින් නිමියේ යි. අනුපසම්පන්නයන්ගේ සීල ගණන් වශයෙන් මෙතෙකැ යි කෙළවර සහිත බැවින් පරියන්ත පාරිසුද්ධි සීල යැයි ද, උපසම්පන්නයන්ගේ සීල මෙතෙකැ යි කෙළවරක් නැති බැවින් අපරීයන්ත පාරිසුද්ධි සීල යැයි ද, මාර්ගඵලාදියට පත් නො වූයේ නමුදු සීලෝත්පන්න උතුමන්ගේ පරිපුණ්ණාපාරිසුද්ධි සීල යැයි ද, දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන ලද්දා වූ ශෛක්ෂයන්ගේ අපරාමට්ඨ පාරිසුද්ධි සීල යැයි ද, සියලු කෙලෙස් විඩා සංසිඳුවන රහතුන්ගේ – පසේබුදුන්ගේ – සම්මාසම්බුදුන්ගේ සීලය පටිප්පස්සද්ධි පාරිසුද්ධි සීල යැයි ද සීල ප්රභේදයාගේ ප්‍රථම පඤ්චකයක් වෙයි. එසේ මැ අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප, අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මොවුන් පිළිබඳ පහාණ – විරමණ – චේතනා – සංවර – අවීතික්කම යි සීලයාගේ ප්‍රභේද පිළිබඳ තවත් බෙදීමත් වෙයි. ලෝකපාලක ධර්මයන් නිසා හෝ මෛත්රීකරුණාමුදිතෝපේක්ෂායාදී කුසල චේතනාවන් නිසා හෝ ප්‍රාණඝාතාදී පව් නො කිරීම නම් වූ පහාණ සීලය ය, ප්‍රාණඝාතාදියෙන් වැළැක්ම නම් වූ වේරමණී සීලය ය, ප්‍රාණඝාතාදියට ප්රතිපක්ෂ චේතනාව නම් වූ චේතනා සීලය ය, ප්‍රාණඝාතාදිය සිද්ධ විය හැකි මාර්ග වසාලමින්, ප්‍රාණඝාතාදියෙන් සංවර වීම නම් වූ සංවර සීලය ය, සමාදන් වූ සිකපද නො බිඳී ප්‍රාණඝාතාදීන්ගේ අව්යතික්රමණය නම් වූ අවීතික්කම සීලය යැයි ඒ ද්විතීය පඤ්චකය විස්තර කරන ලද්දේ ය. මෙතෙකින් දක්වන ලද සීලයාගේ පාරිශුද්ධභාවයේ කෙළෙසීම සිද්ධ වන්නේ කෙසේ ද? ඛණ්ඩ – ජිද්‍ර – සබල – කල්මාෂ යන අකාර සතරතික් සීලයේ අපිරිසිඳු වීම සිදු වේ. සමාදන් වූ සීලයෙහි මුල හෝ අග සිල්පද බිඳ ගැන්ම ඛණ්ඩ නමි. ජිද්‍ර නම් අග සිල්පද බිඳීම යි. සබල යනු තැනින් තැන සිල්පද බිඳීම යි. කල්මාස යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද බිඳීම යි. සීලය ඛණ්ඩ – ජිද්‍ර – සබල – කල්මාෂ වන්නේ කවර හෙයින් ද? ලාභ – යස – ඤාති – අඞග – ජීවිත අපේක්ෂා කොට සීල සමාදානයෙන් හා සප්තවිධ මෛථූන සංයෝගයෙන් ද යන මෙයිනි. ශීලය අඛණ්ඩ – අච්ජිද්‍ර – අසබල – අකල්මාෂ වන්නේ කවර හේතුවලින් ද? සර්වාකාරයෙන් සිකපද නො බිඳ ගැන්ම ය; බිඳුණු, එහෙත් ප්‍රතිකර්ම කළ හැකි සිකපදයන්ට ප්‍රතිකර්ම කර ගැන්ම ය; සප්තවිධ මෛථූනයෙන් වියුක්ත වීම ය; ක්‍රෝධ – උපනාහ – මක්ඛ – පලාස – ඉස්සා – මච්ඡරිය – මායා – සාඨෙය්‍ය – ථමහ – සාරම්හ – මාන – අතිමාන – මද – පමාදාදී පාපධර්මයන් නො ඉපදවීම ය; අප්පිච්ඡතා – සන්තුට්ඨිතා – සල්ලේඛතාදී ගුණ උපදවීම ය යන මේ හේතු සීලයාගේ අඛණ්ඩ – අච්ජිද්‍ර – අසබල – අකල්මාෂ භාවය පිණිස වන්නේ ය. එබඳු සීලයෝ ම තෘෂ්ණාදාසත්වයෙන් මුදව යි. එහෙයින්, භුජිස්ස යි කියන ලදී. නුවණැතියන් විසින් පසස්නා ලදි. එහෙයින් විඤ්ඤූප්පසත්ථ යි කියන ලදි. තෘෂ්ණා දෘෂ්ටි විසින් ස්පර්ශ කළ නො හේ. එහෙයින් අපරාමට්ඨ නමි. උපචාර අපර්ණා සමාධි උපදවයි. එහෙයින් සමාධි සංවත්තනික නම් වෙයි. මේ අඛණ්ඩාදීභාවය ම සීලයාගේ වෝදානය හෙවත් පිරිසිඳු වීම පිණිස හේතු වෙයි. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom