Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීල වෝදානය ද්විවිධ ය. සීල විපත්තියෙහි ආදීනව දැක්ම ය; සීලසම්පත්තියෙහි ආනිසංස දැක්ම වශයෙනි. දුස්සීලයාගේ සීලවිපත්තියෙහි ආදීනව පසෙකි. මහත් වූ භෝග විනාශ වෙයි; කීර්තිය විනාශ වෙයි; නිරතම මුළු ගැන්වෙයි; මුළා ව කළුරිය කරයි; මරණින් මතු දුගතිගාමී වෙයි. එමතු ද නො ව, දුස්සීලයා දෙව්මිනිසුන් ඉදිරියේ අප්‍රිය ඇත්තෙක් වෙයි. සබ්රහ්මසරුන් විසින් පිළිකුල් කටයුතු බැවින් අනුශාසනා නො කළ යුත්තෙක් වෙයි. දුශ්ශීලයන්ට ගර්හා කරන කල්හි තෙමේත් පසුතැවෙන්නෙක් වෙයි. සීලවන්තයන්ට ප්‍රශංසා කරන කල්හි විපිළිසර වෙයි. හණවස්ත්රයක් මෙන් ගුණයෙන් ද, ශරීරයෙන් ද දුර්වර්ණ වෙයි. අපාය දුක් එළවන බැවින් දුඃස්පර්ශ වෙයි. සිව්පසය ඉදිරියේ නුසුදුස්සෙකු වෙයි. මහත් දුර්ගන්ධයට පැමිණියා වූ අසූචි වළක් මෙන් දුඃශෝධ්‍ය වෙයි. සොහොන් පෙනහෙල්ලක් මෙන් ගිහිකමින් ද, ගද්රභයෙකු මෙන් මහණුවමින් ද බැහැර වූයෙක් වෙයි. වෛරී පුරුෂයෙකු මෙන් නිති උද්වේග වෙයි. මළමිනියක් මෙන් සංවාසයට සුදුසු නො වෙයි. බහුශ්රැතභාවයෙන් යුක්ත නමුදු සබ්රහ්මසරුන් විසින් නො පිදිය යුත්තෙක් වෙයි. රූ දැක්මෙහි අන්ධයා මෙන් විශේෂාධිගමයෙහි අභව්‍ය වෙයි. රාජ්‍යයෙහි සැඬොල් කොලු මෙන් සද්ධර්මයෙහි නීරස වෙයි. අග්ගික්ඛෙන්ධාපම සූත්‍රයෙහි වදාළ දුකට හිමි වැ සිටින බැවින් තෙමේ සුඛිත යැයි සිතත් දුක්ඛිත ම වන්නේ යි. මේ සීලයාගේ ආදීනව යැයි දත යුතු.

සිල් රැක්මෙහි ආනිසංස ද අනේකවිධ යි. සිල්වත්හුගේ දර්ශනය ප්‍රියජනක ය. හිරු කරා අන්ධකාරය මෙන් හෘදය කරා අත්තානුවාදාදී භය නො එළැඹෙයි. ගුවනෙහි ප්රභාවත් චන්ද්‍රයා මෙන් සීලසම්පත්තියෙන් බබළයි. සිල්වත්හුගේ කායගන්‍ධය දෙවියනට පවා ප්‍රිය වෙයි. එහුගේ සීල සුගන්ධය සියලූ දික්හි අප්‍රතිහත ව හමා යෙයි. කළා වූ ස්වල්ප ක්රියාවෙනුදු මහත්ඵල මහානිසංස වෙයි. එහෙයින් ම, නිසි සේ පුදනු කැමතියනගේ පූජාසත්කාරයනට සුදුසු වෙයි. මෙලොව දී වන වධබන්ධනාදී සියලු උපද්‍රවයන්ගේ ද, පරලොව දුඃඛයන්ගේ ද මූල කණන්නේ ය. සියලු මනුෂ්‍ය සම්පත්තීන් හෝ සියලු දිව්‍යසම්පත්තීන් පතන්නේ නමුඳු ලැබ්මෙහි දුර්ලභ නො වෙයි. ශාන්ත වූ නිවන් සැප කරා ම සිත දිවෙයි. මේ ආදිය සීලවිපත්තියෙහි ආදීනව දැක්මෙන් සීලවෝදානය සිද්ධ වෙයි. මෙයට ප්රතිපක්ෂ වශයෙන් සීල සම්පත්තියෙහි ආනිසංස දැක්මෙන් සීලවෝදානය සිද්ධ වෙයි.

අප්පිච්ඡතා සන්තුට්ඨිතාදී ගුණයෙන් සීලවෝදානය සිද්ධ වන්හ යි යට දක්වන ලදි. එහෙයින්, සමාදන් වූ සිලය මනා ව රැක ගැන්මෙහි වැදගත්කම අවධාරණය කෙරෙයි. ලෝකාමිෂය හැර පියා කාය ජීවිත දෙකේහි නිරපේක්ෂ ව අනුලෝම ප්‍රතිපදාව ලබනු කැමැතියවුන් උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් සීලය රැක ගැන්ම පිණිස උපකාරවත් වන්නා වූ ධුතාඞ්ග තෙළෙසක් අනුදන්නා ලද්දේ ය.

01. පංසුකූලිකඞ්ගය

02. තෙවීචරිකඞ්ගය

03. පිණ්ඩපාතිකඞ්ගය

04. සපදානවාරිකඞ්ගය

05. එකාසනිකඞ්ගය

06. පත්තපිණ්ඩිකඞ්ගය

07. ඛලුපච්ඡාභත්තිකඞ්ගය

08. ආරඤ්ඤිකඞ්ගය

09. රුක්ඛමූලිකඞ්ගය

10. අබ්භොකාසිකඞ්ගය

11. සොසානිකඞ්ගය

12. යථාසන්‍ථතිකඞ්ගය

13. නෙසජ්ජිකඞගය යන මොහු යි.

මේ එක් එක් එකක් ධුතයෝ සමාදානය – විධානය – ප්‍රභේද – භේද – ආනිසංස යැයි විනිශ්චය කෙරෙත්. ධුතඞ්ග ශබ්දයාගේ අර්ථ පරීක්ක්ෂා කෙරෙනුයේ කෙලෙස් කම්පා කර හරින හෙයින් ධුත යැයි කියනු ලැබේ. ධුතාඞග ප්රඥානුගත වූයේ යි. ඒ ඒ අඞග සමාදානයෙන් කෙලෙස් කම්පා කර හරින භික්ෂු තෙමේ ධුතයා නමි. සියලු ධුතඞ්ග වනාහි සමාදාන වශයෙන් පැවැති චේතනාව ලක්ෂණ (ස්වභාවය) කොට පවත්නේ ය; ලොලුප්ප විද්ධවංසනය (තෘෂ්ණාචාර නැති කිරීම) රස (කෘත්‍ය හා සම්පත්) කොට ඇත්තේ ය; නිලේලාලුප්පභාවය (තෘෂ්ණාචාර සඞ්ඛ්‍යාත ලොලුප්පභාවයක් නැති බව) පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) කොට ඇත්තේ ය; අප්පිච්ඡතාදී ආර්ය ධර්ම පදට්ඨාන (ආසන්න කාරණය) කොට ඇත්තේ ය.

එසේ ම, සියලු ධුතඞග බුදුන් වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතින් ම සමාදන් විය යුත්තේ ය. බුදුන් පිරිනිවි කල්හි මහාශ්‍රාවකයන් වෙතින් ද, මහා ශ්‍රාවකයන් පිරිනිවි කල්හි රහතුන්ගෙන් ද, රහතුන් පිරිනිවි කල්හි අනාගාමීන්ගෙන් ද, අනාගාමීන් නැති කල්හි සකෘදාගාමීන්ගෙන් ද, සකෘදාගාමීන් නැති කල්හි සෝවන්හු වෙතින් ද, සෝවන්හු නැති කල්හි ත්රිපිටකධරයන් වෙතින් ද, ත්රිපිටකධරයන් නැති කල්හි ද්විපිටකධරයන් වෙතින් ද, ද්විපිටකධරයන් ද නැති කල්හි ඒකපිටකධරයන් වෙතින් ද, ඒකපිටකධරයන් නැති කල්හි අර්ථකථාචාර්යයන් වෙතින් ද, අර්ථකථාචාර්යයන් නැති කල්හි ධුතඞ්ගධරයන් වෙතින් ද, ධුතාඞ්ගධරයන් ද නැති කල්හි චෛත්‍ය මලුව හැමද උක්කුටිකයෙන් හිඳැ බුදුන් සම්මුඛයෙහි මෙන් තෙමේ ම සමාදන් විය යුත්තේ ය. ඉබේ ම සමාදන් වුව ද සාවද්‍ය නො වේ. ධුතාඞ්ග පිළිබඳ ව ම වූ කුසල ත්‍රිකය – ධූතාදි විභාගය – සමාසය – ව්‍යාසය යන මොවුන්ගේ විනිශ්චය මෙසේ දත යුතු. සියලු ධුතාඞ්ග පෘථග්ජනයන්ගේ හා ශෛක්ෂ්යයන්ගේ වශයෙන් කුසල් ය; අශෛක්ෂ්යයාගේ වශයෙන් අව්‍යාකෘත ය යන මෙය කුසල ත්‍රිකයෙහි විස්තර වේ. ධුතාය – ධුත වාදය – ධුත ධර්මය – ධුතාඞ්ගය – කවරෙකු හට ධුතාඞ්ග සප්පාය වන්නේ ද යන මෙකී විස්තරය ධුතාදීන්ගේ විභාග වශයෙන් දැක්වේ. එහි ධුත යනු ක්ෂීණාශ්රවයන් වහන්සේ ය. (කෙලෙස් කම්පා කරන ධර්ම ධුත නමැ යි යට දක්වන ලදි. එහි ම ධුතයා යන්න මෙහිලා ගත යුතු) ධුතවාද නම් ධුතාඞ්ගයෙන් අවවාද දෙන පුද්ගලයා යි. ධුතවාද නො වූ ධුත පුද්ගලයා (බක්කුල තෙරුන් මෙන්), ධුතවාද වූ ධුත නො වන පුද්ගලයා (උපනන්ද තෙරුන් මෙන්), ධුතවාදත් නො වූ, ධුතත් නො වූ පුද්ගලයා (ලාලූදායී තෙරුන් මෙන්), ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලයා (සැරියුත් තෙරුන් මෙන්) යි ධුතවාදීහු සතර දෙනෙකි. අප්පිච්ඡතා (ස්වල්පයක් කැමති වන අපිස්ගුණ ඇති) – සන්තුට්ඨිතා (ලද දෙයින් සතුටු වන) – සල්ලේඛතා (කෙලෙස් කපාහරින) – පවිවේකතා (උතුම් විවේකය) – ඉදමට්ඨිතා (නුවණ) යන මේ පඤ්චධර්‍මයෝ ධුතාඞ්ග චේතනාවට පිරිවර වන බැවින් ධුත ධර්මයෝ යි කියනු ලැබේ. මුලින් දැක්වූ තෙළෙස් වැදෑරුම් ධුතාඞ්ගයෝ ධුතාඞ්ග නම් වෙයි.

අරඤ්ඤික, රුක්ඛමූලිකඞ්ගය යන දෙක ද්වේෂ චරිතයාට සප්පාය වේ ය; ඉතුරු සියල්ල රාග චරිතයාට හා මෝහ චරිතයාට සප්පාය වේ ය යන මෙය ධුතසප්පාය යටතේ දක්වන ලදි. සමාස හෙවත් සංක්ෂ්ප වශයෙන් ධුතාඞ්ගයෝ අටෙකි. ත්‍රිවිධ උත්තමාඞ්ග හා පඤ්ච අසම්භින්නාඞ්ග වශයෙනි. සපදානචාරිකඞ්ග – ඒකාසනිකඞ්ග – අබ්භොකාසිකඞ්ග යන මේ තුන උත්තමාඞ්ග යැයි දත යුතු. මේ ත්‍රිවිධ ධුතාඞ්ග රැකෙන විට පිණ්ඩපාතික – පත්තපිණ්ඩික – ඛලුපච්චාභත්තික – රුක්ඛමූලික – යථාසන්ථතික යන අඕග ලෙහෙසියෙන් රැක ගත හැකි හෙයින් උත්තමාඞ්ග නමි. ආරඤ්ඤිකඞ්ග – පංසුකූලිකඕග – තෙචීවරිකඞ්ග – නෙසජ්ජිකඞ්ග – සොසානිකඞ්ග යන මේ පස (අන්‍ය ධුතාඞ්ගයන් හා අමිශ්‍ර වන බැවින්) අබ්භොකාසිකඞ්ග යි දත යුතු. තව ද, චීවර පිළිබඳ දෙකෙක (පංසුකූලික – තේචීවරික වශයෙනි), පිණ්ඩපාත පිළිබඳ පසෙක (පිණ්ඩපාතික – සපදානචාරිකඞ්ග – ඒකාසනිකඞ්ග – පත්තපිණ්ඩිකඞ්ග – ඛලුපච්ඡාභත්තිකඞ්ග වශයෙනි), සේනාසන පිළිබඳ පසෙක (ආරඤ්ඤිකඞ්ග – රුක්ඛමූලිකඞ්ග – අබ්භොකාසිකඞ්ග – සොසානිකඞ්ග – යථාසත්ථතිකඕග වශයෙනි), වීර්යය පිළිබඳ එකෙක (නේසජ්ජිකඞ්ගය) යි සිව්පසය කරණ කොට තෙළෙස් ධුතාඞ්ගයෝ සතකරට බෙදේ.එසේ ම, පච්චයසන්නිස්සිත දොළොසෙක, වීරියසන්නිස්සිත එකෙකැ යි ධුතාඞ්ග නිස්සය වශයෙන් දෙවැදෑරුම් ය. එසේ ම සේවනය කළ යුතු, නො කළ යුතු වශයෙනුදු දෙවැදෑරුම. සේවනය කළ යුත්තේ කවර හෙයින් ද යත්, ධුතඞ්ග සෙවුනා කල්හි කර්මස්ථාන වැඩෙත් නම් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද, නො කළ ද යමෙකුගේ කර්මස්ථාන වැඩෙත් නම්, නො පිරිහෙත් නම් ඔහු විසින් පශ්චිම ජනතාවට අනුකම්පායෙන් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද, නො කළ ද යමෙකුගේ කර්මස්ථාන නො වැඩෙත් නම් ඔහු විසිනුදු මතු වාසනා පිණිස සේවනය කළ යුතු. එහෙත්, කර්මස්ථාන පිරිහෙත් නම් සේවනය නො කළ යුතු.භික්ෂූන්ට ධුතාඞ්ග තෙළෙසම ද, භික්ෂුණීන්ට අටක් ද (ආරඤ්ඤික – ඛලුපච්ඡාභත්තික – අබ්භෝකාසක – රුක්ඛමූලික – සෝසානික යන පස රැක්ක නො හැකි ය.), සාමණේරයන්ට දොළසක් ද (තෙචීවරිකඞ්ගය හැර), සික්ඛාමානාවන්ට හා සාමණේරියන්ට සතක් ද (භික්ෂුණීන්ට අකැප අඞ්ග පස සහ තේචීවරිකඞ්ගය හැර), උපාසක උපාසිකාවන්ට දෙකක් (ඒකාසනික – පත්තපිණ්ඩික දෙක පමණි) ද ආදී වශයෙන් ධුත ව්‍යාසය (විස්තර) දක්වන ලද්දේ ය.

[QUOTE="Dilwaale, post: 18502980, member: 520020"] [COLOR=DarkSlateGray][B][SIZE=4]සීල වෝදානය ද්විවිධ ය. සීල විපත්තියෙහි ආදීනව දැක්ම ය; සීලසම්පත්තියෙහි ආනිසංස දැක්ම වශයෙනි. දුස්සීලයාගේ සීලවිපත්තියෙහි ආදීනව පසෙකි. මහත් වූ භෝග විනාශ වෙයි; කීර්තිය විනාශ වෙයි; නිරතම මුළු ගැන්වෙයි; මුළා ව කළුරිය කරයි; මරණින් මතු දුගතිගාමී වෙයි. එමතු ද නො ව, දුස්සීලයා දෙව්මිනිසුන් ඉදිරියේ අප්‍රිය ඇත්තෙක් වෙයි. සබ්රහ්මසරුන් විසින් පිළිකුල් කටයුතු බැවින් අනුශාසනා නො කළ යුත්තෙක් වෙයි. දුශ්ශීලයන්ට ගර්හා කරන කල්හි තෙමේත් පසුතැවෙන්නෙක් වෙයි. සීලවන්තයන්ට ප්‍රශංසා කරන කල්හි විපිළිසර වෙයි. හණවස්ත්රයක් මෙන් ගුණයෙන් ද, ශරීරයෙන් ද දුර්වර්ණ වෙයි. අපාය දුක් එළවන බැවින් දුඃස්පර්ශ වෙයි. සිව්පසය ඉදිරියේ නුසුදුස්සෙකු වෙයි. මහත් දුර්ගන්ධයට පැමිණියා වූ අසූචි වළක් මෙන් දුඃශෝධ්‍ය වෙයි. සොහොන් පෙනහෙල්ලක් මෙන් ගිහිකමින් ද, ගද්රභයෙකු මෙන් මහණුවමින් ද බැහැර වූයෙක් වෙයි. වෛරී පුරුෂයෙකු මෙන් නිති උද්වේග වෙයි. මළමිනියක් මෙන් සංවාසයට සුදුසු නො වෙයි. බහුශ්රැතභාවයෙන් යුක්ත නමුදු සබ්රහ්මසරුන් විසින් නො පිදිය යුත්තෙක් වෙයි. රූ දැක්මෙහි අන්ධයා මෙන් විශේෂාධිගමයෙහි අභව්‍ය වෙයි. රාජ්‍යයෙහි සැඬොල් කොලු මෙන් සද්ධර්මයෙහි නීරස වෙයි. අග්ගික්ඛෙන්ධාපම සූත්‍රයෙහි වදාළ දුකට හිමි වැ සිටින බැවින් තෙමේ සුඛිත යැයි සිතත් දුක්ඛිත ම වන්නේ යි. මේ සීලයාගේ ආදීනව යැයි දත යුතු. සිල් රැක්මෙහි ආනිසංස ද අනේකවිධ යි. සිල්වත්හුගේ දර්ශනය ප්‍රියජනක ය. හිරු කරා අන්ධකාරය මෙන් හෘදය කරා අත්තානුවාදාදී භය නො එළැඹෙයි. ගුවනෙහි ප්රභාවත් චන්ද්‍රයා මෙන් සීලසම්පත්තියෙන් බබළයි. සිල්වත්හුගේ කායගන්‍ධය දෙවියනට පවා ප්‍රිය වෙයි. එහුගේ සීල සුගන්ධය සියලූ දික්හි අප්‍රතිහත ව හමා යෙයි. කළා වූ ස්වල්ප ක්රියාවෙනුදු මහත්ඵල මහානිසංස වෙයි. එහෙයින් ම, නිසි සේ පුදනු කැමතියනගේ පූජාසත්කාරයනට සුදුසු වෙයි. මෙලොව දී වන වධබන්ධනාදී සියලු උපද්‍රවයන්ගේ ද, පරලොව දුඃඛයන්ගේ ද මූල කණන්නේ ය. සියලු මනුෂ්‍ය සම්පත්තීන් හෝ සියලු දිව්‍යසම්පත්තීන් පතන්නේ නමුඳු ලැබ්මෙහි දුර්ලභ නො වෙයි. ශාන්ත වූ නිවන් සැප කරා ම සිත දිවෙයි. මේ ආදිය සීලවිපත්තියෙහි ආදීනව දැක්මෙන් සීලවෝදානය සිද්ධ වෙයි. මෙයට ප්රතිපක්ෂ වශයෙන් සීල සම්පත්තියෙහි ආනිසංස දැක්මෙන් සීලවෝදානය සිද්ධ වෙයි. අප්පිච්ඡතා සන්තුට්ඨිතාදී ගුණයෙන් සීලවෝදානය සිද්ධ වන්හ යි යට දක්වන ලදි. එහෙයින්, සමාදන් වූ සිලය මනා ව රැක ගැන්මෙහි වැදගත්කම අවධාරණය කෙරෙයි. ලෝකාමිෂය හැර පියා කාය ජීවිත දෙකේහි නිරපේක්ෂ ව අනුලෝම ප්‍රතිපදාව ලබනු කැමැතියවුන් උදෙසා භාග්‍යවතුන් වහන්සේ විසින් සීලය රැක ගැන්ම පිණිස උපකාරවත් වන්නා වූ ධුතාඞ්ග තෙළෙසක් අනුදන්නා ලද්දේ ය. 01. පංසුකූලිකඞ්ගය 02. තෙවීචරිකඞ්ගය 03. පිණ්ඩපාතිකඞ්ගය 04. සපදානවාරිකඞ්ගය 05. එකාසනිකඞ්ගය 06. පත්තපිණ්ඩිකඞ්ගය 07. ඛලුපච්ඡාභත්තිකඞ්ගය 08. ආරඤ්ඤිකඞ්ගය 09. රුක්ඛමූලිකඞ්ගය 10. අබ්භොකාසිකඞ්ගය 11. සොසානිකඞ්ගය 12. යථාසන්‍ථතිකඞ්ගය 13. නෙසජ්ජිකඞගය යන මොහු යි. මේ එක් එක් එකක් ධුතයෝ සමාදානය – විධානය – ප්‍රභේද – භේද – ආනිසංස යැයි විනිශ්චය කෙරෙත්. ධුතඞ්ග ශබ්දයාගේ අර්ථ පරීක්ක්ෂා කෙරෙනුයේ කෙලෙස් කම්පා කර හරින හෙයින් ධුත යැයි කියනු ලැබේ. ධුතාඞග ප්රඥානුගත වූයේ යි. ඒ ඒ අඞග සමාදානයෙන් කෙලෙස් කම්පා කර හරින භික්ෂු තෙමේ ධුතයා නමි. සියලු ධුතඞ්ග වනාහි සමාදාන වශයෙන් පැවැති චේතනාව ලක්ෂණ (ස්වභාවය) කොට පවත්නේ ය; ලොලුප්ප විද්ධවංසනය (තෘෂ්ණාචාර නැති කිරීම) රස (කෘත්‍ය හා සම්පත්) කොට ඇත්තේ ය; නිලේලාලුප්පභාවය (තෘෂ්ණාචාර සඞ්ඛ්‍යාත ලොලුප්පභාවයක් නැති බව) පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) කොට ඇත්තේ ය; අප්පිච්ඡතාදී ආර්ය ධර්ම පදට්ඨාන (ආසන්න කාරණය) කොට ඇත්තේ ය. එසේ ම, සියලු ධුතඞග බුදුන් වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතින් ම සමාදන් විය යුත්තේ ය. බුදුන් පිරිනිවි කල්හි මහාශ්‍රාවකයන් වෙතින් ද, මහා ශ්‍රාවකයන් පිරිනිවි කල්හි රහතුන්ගෙන් ද, රහතුන් පිරිනිවි කල්හි අනාගාමීන්ගෙන් ද, අනාගාමීන් නැති කල්හි සකෘදාගාමීන්ගෙන් ද, සකෘදාගාමීන් නැති කල්හි සෝවන්හු වෙතින් ද, සෝවන්හු නැති කල්හි ත්රිපිටකධරයන් වෙතින් ද, ත්රිපිටකධරයන් නැති කල්හි ද්විපිටකධරයන් වෙතින් ද, ද්විපිටකධරයන් ද නැති කල්හි ඒකපිටකධරයන් වෙතින් ද, ඒකපිටකධරයන් නැති කල්හි අර්ථකථාචාර්යයන් වෙතින් ද, අර්ථකථාචාර්යයන් නැති කල්හි ධුතඞ්ගධරයන් වෙතින් ද, ධුතාඞ්ගධරයන් ද නැති කල්හි චෛත්‍ය මලුව හැමද උක්කුටිකයෙන් හිඳැ බුදුන් සම්මුඛයෙහි මෙන් තෙමේ ම සමාදන් විය යුත්තේ ය. ඉබේ ම සමාදන් වුව ද සාවද්‍ය නො වේ. ධුතාඞ්ග පිළිබඳ ව ම වූ කුසල ත්‍රිකය – ධූතාදි විභාගය – සමාසය – ව්‍යාසය යන මොවුන්ගේ විනිශ්චය මෙසේ දත යුතු. සියලු ධුතාඞ්ග පෘථග්ජනයන්ගේ හා ශෛක්ෂ්යයන්ගේ වශයෙන් කුසල් ය; අශෛක්ෂ්යයාගේ වශයෙන් අව්‍යාකෘත ය යන මෙය කුසල ත්‍රිකයෙහි විස්තර වේ. ධුතාය – ධුත වාදය – ධුත ධර්මය – ධුතාඞ්ගය – කවරෙකු හට ධුතාඞ්ග සප්පාය වන්නේ ද යන මෙකී විස්තරය ධුතාදීන්ගේ විභාග වශයෙන් දැක්වේ. එහි ධුත යනු ක්ෂීණාශ්රවයන් වහන්සේ ය. (කෙලෙස් කම්පා කරන ධර්ම ධුත නමැ යි යට දක්වන ලදි. එහි ම ධුතයා යන්න මෙහිලා ගත යුතු) ධුතවාද නම් ධුතාඞ්ගයෙන් අවවාද දෙන පුද්ගලයා යි. ධුතවාද නො වූ ධුත පුද්ගලයා (බක්කුල තෙරුන් මෙන්), ධුතවාද වූ ධුත නො වන පුද්ගලයා (උපනන්ද තෙරුන් මෙන්), ධුතවාදත් නො වූ, ධුතත් නො වූ පුද්ගලයා (ලාලූදායී තෙරුන් මෙන්), ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලයා (සැරියුත් තෙරුන් මෙන්) යි ධුතවාදීහු සතර දෙනෙකි. අප්පිච්ඡතා (ස්වල්පයක් කැමති වන අපිස්ගුණ ඇති) – සන්තුට්ඨිතා (ලද දෙයින් සතුටු වන) – සල්ලේඛතා (කෙලෙස් කපාහරින) – පවිවේකතා (උතුම් විවේකය) – ඉදමට්ඨිතා (නුවණ) යන මේ පඤ්චධර්‍මයෝ ධුතාඞ්ග චේතනාවට පිරිවර වන බැවින් ධුත ධර්මයෝ යි කියනු ලැබේ. මුලින් දැක්වූ තෙළෙස් වැදෑරුම් ධුතාඞ්ගයෝ ධුතාඞ්ග නම් වෙයි. අරඤ්ඤික, රුක්ඛමූලිකඞ්ගය යන දෙක ද්වේෂ චරිතයාට සප්පාය වේ ය; ඉතුරු සියල්ල රාග චරිතයාට හා මෝහ චරිතයාට සප්පාය වේ ය යන මෙය ධුතසප්පාය යටතේ දක්වන ලදි. සමාස හෙවත් සංක්ෂ්ප වශයෙන් ධුතාඞ්ගයෝ අටෙකි. ත්‍රිවිධ උත්තමාඞ්ග හා පඤ්ච අසම්භින්නාඞ්ග වශයෙනි. සපදානචාරිකඞ්ග – ඒකාසනිකඞ්ග – අබ්භොකාසිකඞ්ග යන මේ තුන උත්තමාඞ්ග යැයි දත යුතු. මේ ත්‍රිවිධ ධුතාඞ්ග රැකෙන විට පිණ්ඩපාතික – පත්තපිණ්ඩික – ඛලුපච්චාභත්තික – රුක්ඛමූලික – යථාසන්ථතික යන අඕග ලෙහෙසියෙන් රැක ගත හැකි හෙයින් උත්තමාඞ්ග නමි. ආරඤ්ඤිකඞ්ග – පංසුකූලිකඕග – තෙචීවරිකඞ්ග – නෙසජ්ජිකඞ්ග – සොසානිකඞ්ග යන මේ පස (අන්‍ය ධුතාඞ්ගයන් හා අමිශ්‍ර වන බැවින්) අබ්භොකාසිකඞ්ග යි දත යුතු. තව ද, චීවර පිළිබඳ දෙකෙක (පංසුකූලික – තේචීවරික වශයෙනි), පිණ්ඩපාත පිළිබඳ පසෙක (පිණ්ඩපාතික – සපදානචාරිකඞ්ග – ඒකාසනිකඞ්ග – පත්තපිණ්ඩිකඞ්ග – ඛලුපච්ඡාභත්තිකඞ්ග වශයෙනි), සේනාසන පිළිබඳ පසෙක (ආරඤ්ඤිකඞ්ග – රුක්ඛමූලිකඞ්ග – අබ්භොකාසිකඞ්ග – සොසානිකඞ්ග – යථාසත්ථතිකඕග වශයෙනි), වීර්යය පිළිබඳ එකෙක (නේසජ්ජිකඞ්ගය) යි සිව්පසය කරණ කොට තෙළෙස් ධුතාඞ්ගයෝ සතකරට බෙදේ.එසේ ම, පච්චයසන්නිස්සිත දොළොසෙක, වීරියසන්නිස්සිත එකෙකැ යි ධුතාඞ්ග නිස්සය වශයෙන් දෙවැදෑරුම් ය. එසේ ම සේවනය කළ යුතු, නො කළ යුතු වශයෙනුදු දෙවැදෑරුම. සේවනය කළ යුත්තේ කවර හෙයින් ද යත්, ධුතඞ්ග සෙවුනා කල්හි කර්මස්ථාන වැඩෙත් නම් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද, නො කළ ද යමෙකුගේ කර්මස්ථාන වැඩෙත් නම්, නො පිරිහෙත් නම් ඔහු විසින් පශ්චිම ජනතාවට අනුකම්පායෙන් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද, නො කළ ද යමෙකුගේ කර්මස්ථාන නො වැඩෙත් නම් ඔහු විසිනුදු මතු වාසනා පිණිස සේවනය කළ යුතු. එහෙත්, කර්මස්ථාන පිරිහෙත් නම් සේවනය නො කළ යුතු.භික්ෂූන්ට ධුතාඞ්ග තෙළෙසම ද, භික්ෂුණීන්ට අටක් ද (ආරඤ්ඤික – ඛලුපච්ඡාභත්තික – අබ්භෝකාසක – රුක්ඛමූලික – සෝසානික යන පස රැක්ක නො හැකි ය.), සාමණේරයන්ට දොළසක් ද (තෙචීවරිකඞ්ගය හැර), සික්ඛාමානාවන්ට හා සාමණේරියන්ට සතක් ද (භික්ෂුණීන්ට අකැප අඞ්ග පස සහ තේචීවරිකඞ්ගය හැර), උපාසක උපාසිකාවන්ට දෙකක් (ඒකාසනික – පත්තපිණ්ඩික දෙක පමණි) ද ආදී වශයෙන් ධුත ව්‍යාසය (විස්තර) දක්වන ලද්දේ ය.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom