Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාධි

සමාධි නම් කිම? කවර අර්ථයකින් ‘සමාධිය’ යි කියනු ලැබෙත් ද? සමාධි පිළිබඳ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරේ ද? සමාධි කී වැදෑරුම් ද? සමාධියෙහි කිලිටි බව කිමෙක් ද? සමාධියෙහි පිරිසිඳු බව කිමෙක් ද? සමාධි වැඩිය යුතු කෙසේ ද? සමාධි භාවනායෙහි ආනිසංස කවරේ ද? යනාදිය පිළිබඳ ක්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මෙහි පැනෙයි.

ධුතාඞ්ග පරිහරණයෙන් ලත් අප්පිච්ඡතාදී ගුණයෙන් ඔප ලා ගත් සීලයෙන් යුක්ත වූ සිල්වත්හු විසින් මතු කුමක් කළ යුත්තේ ද? “චිත්තං භාවයං” යි වදාළ පරිදි චිත්ත ශීර්ෂයෙන් සමාධි වැඩිය යුතු ය. ‘සමාධි’ යන්නෙහි නා නා අර්ථ ඇතත්, කුසල් සිත්හි ඒකාග්‍රතාව සමාධිය යැයි ලුහුඬින් දැක්විය යුතු. (යම් ධර්මයෙක බලයෙන්) චිත්ත – චෛතසික එක අමුණෙහි සම ව, මනා ව, අවික්‍ෂේප ව, අවිප්රකී ර්ණ ව පවත්නේ ද, ඒ සමාධානාර්ථයෙනුදු ‘සමාධි’ යැයි කියන ලදී. අවික්‍ෂේපය හෙවත් නා නා ලම්බනයෙහි නො විසිරෙන බව සමාධියෙහි ලක්ෂණය (ස්වභාවය) යි. වික්ෂේප විධ්වංසනය හෙවත්, නො සන්සුන් බව නැති කිරීම සමාධි රසය (කෘත්‍ය හෝ සම්පත්ත) යි. අවිකම්පනය හෙවත් උද්ධච්ච හේතුයෙන් කම්පා නැති බව පච්චුපට්ඨානය (වැටහෙන ආකාරය) යි. සුඛය පදට්ඨානය (ආසන්න කාරණය) යි.

මෙසේ දක්වන ලද සමාධිය අවික්ෂ්ප ලක්ෂණයෙන් එක් වැදෑරුම් යැයි දැක්වීම සුගම ය; එහි විශේෂයෙන් වර්ණනා කළ යුත්තක් නැත. එතෙකුදු වුවත්, උපචාරසමාධි – අපර්ණාසමාධි යැයි ද, ලෞකිකසමාධි – ලෝකෝත්තරසමාධි යැයි ද, සප්පීතිකසමාධි – නිප්පීතිකසමාධි යැයි ද, සුඛසහගතසමාධි – උපේක්ඛාසහගතසමාධි යැයි ද සමාධිය දෙවැදෑරුම් දෙවැදෑරුම් කොට දැක්වේ. සමාධිය පිළිබඳ ව මේ ප්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්ථ ද්විකයෙන් ඉක්බිති, හීන – මධ්‍යම – ප්රණිත යැයි ප්‍රථම ත්රිකයක් ද, සවිතක්කසවිචාර – අවිතක්කවිචාරමත්ත – අවිතක්කඅවිචාර යැයි ද්විතීය ත්රිකයක් ද, පීති – සුඛ – උපේක්ඛා සහගත යැයි තෘතීය ත්රිකයක් ද, පරිත්ත – මහග්ගත – අප්පමාණ යැයි චතුර්ථ ත්රිකයක් ද සමාධියෙහි විස්තර වේ. එසේ ම, දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා – දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා – සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා – සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා වශයෙන් ද, පරිත්තපරිත්තාරම්මණ – පරිත්තඅප්පමාණාරම්මණ – අප්පමාණපරිත්තාරම්මණ – අප්පමාණඅප්පමාණාරම්මණ වශයෙන් ද, චතුර්ථධ්යාන වශයෙන් ද, හානභාගිය – ඨිතිභාගිය – විසේසභාගිය – නිබ්බේධභාගිය වශයෙන් ද, කාමාවචර – රූපාවචර – අරූපාවාචර – අපරියාපන්න වශයෙන් ද, ඡන්ද – චිත්ත – වීරිය – වීමංසා වශයෙන් ද සමාධිය සිව්වැදෑරුම් සිව්වැදෑරුම් කොට දැක්වේ. පඤ්චධ්යානාඞ්ග වශයෙන් පස්වැදෑරුම් වේ.

සමාධියෙහි කිලිටි බව කිමෙක් ද? පිරිසිඳු බල කිමෙක් ද? සමාධිය නිසා ධ්‍යාන ලැබූ කෙනෙකු කම් සැපයෙහි ලොල් වීමෙන් සමාධිය කිලිටි වේ. සමාධිය නිසා ධ්‍යාන ලැබූවෙකු ඊටත් උසස් ධ්‍යානයන්ට පැමිණීමට උත්සාහවත් වන්නේ ද ඔහුගේ සමාධිය පිරිසිඳු වේ.

සමාධිය වැඩිය යුත්තේ කෙසේ ද? සීලයෙහි විස්තර කරන ලද පරිදි සිල් පිරිසිඳු කොට ගෙන, සුපරිශුද්ධ සීලයෙහි පිහිටි යෝගාවචරයා ආවාස – කුල – ලාභ – ගණ – නවකර්ම – අද්ධාන – ඤාති – ආබාධ – ග්රන්ථ – ඍද්ධි යන මේ දශ පලිබෝධ අතුරෙන් එක් පලිබෝධයක් හෝ ඇත්නම් එද දුරු කොට, කර්මස්ථානදායක කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් කරා එළැඹ, සතලිස් කර්මස්ථාන අතුරෙන් ස්වකීය චරිතානුකුල වූ කර්මස්ථානයක් ලබා ගෙන, සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථාන හැර පියා යෝග්‍ය ස්ථානයෙක වසමින්, සුළු පලිබෝධ පවා දුරු කොට, භාවනාවට නියම විධි එකකුදු නො පිරිහෙලමින් භාවනා කළ යුත්තේ ය. මෙහි කර්මස්ථානදායක කල්යාණමිත්රයා වෙත එළැඹ යන්නෙහි විස්තර කථනය මෙසේ දත යුතු.

සබ්බත්ථක කම්මට්ඨානය, පාරිහාරිය කම්මට්ඨානය යි කර්මස්ථානය දෙවැදෑරුම් ය. හැම තන්හි දී ම වැඩිය යුතු කම්මට්ඨානයෝ සබ්බත්ථක කම්මට්ඨාන නමි. භික්ෂුසඞ්ඝාදීන් කෙරෙහි පතුරන මෛත්‍රිය හා මරණ සතිය සබ්බත්ථක ය. ඒ වඩන ක්‍රමය මෙසේ යි. යෝගාවචරයා පළමු කොට පරිච්ඡේදය වශයෙන් සීමායෙහි වැසි භික්ෂු සඞ්ඝයාගේ පටන් පිළිවෙලින් සකල සත්ත්වයන් කෙරෙහි “සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා!” යි මෛත්‍රී වැඩිය යුත්තේ ය. සියල්ලන්ගේ සිත්හි මෘදුත්වය ඇතිවන හෙයින් යෝගාවචරයාට එහි උපද්‍රව රහිත ව සුවසේ විසිය හැකි වන්නේ ය.

මරණ සති වැඞීමෙන් මරණය සලකා අයෝග්‍ය ප්‍රත්‍ය සෙවීම් හැරපියා මතු මතු ද සංවේග වඩන්නේ නො පසු බස්නා පැවැතුම් ඇත්තෙක් වන්නේ ය. ඇතැම්හු අසුභ සඤ්ඤාව ද සබ්බත්ථක යි කියත්. අසුභ සඤ්ඤා පුරුදු කළහුගේ සිත දිව්‍ය අරමුණු පවා ලෝභ වශයෙන් ඇදගන්නට සමර්ථ නො වෙත්. මෙසේ “සබ්බත්ථ අත්‍ථයිතබ්බා ඉච්ඡිතබ්බංති ච අධිප්පේතස්ස යොගානුයොග කම්මස්සඨානංචාති සබ්බත්ථක කම්මට්ඨානං” යි දක්වන ලද පරිදි මේ කර්මස්ථානත්රය යෝගාවචරයනට බොහෝ උපකාර වන බැවින් සියලූ කර්මස්ථාන විෂයෙහි කැමැති විය යුතු බැවින් ද, අභිමත භාවනායෙහි යෙදීමට කාරණ වන බැවින් ද සබ්බත්ථක යි කියනු ලැබේ. සමසතලිස් කර්මස්ථාන අතුරෙන් යම් කමටහනෙක් යමෙකුගේ චරිතයට අනුකුල වන්නේ නම්, එය ඔහු විසින් නිතර පරිහරණය කළ යුතු බැවින්, එසේ ම මතු මතු භාවනා කර්මයට උපකාරවත් වන බැවින් පාරිහාරිය කම්මට්ඨානය යි කියනු ලැබේ.

මේ විවිධ වූ කර්මස්ථාන දෙන කම්මට්ඨානදායකයා කල්‍යාණ මිත්‍රයෙකු වන්නේ කවර හෙයින් ද යත්…? යමෙක් ස්වකීය සීලසම්පත්තියෙන් ආශ්‍රිතයන්ට ප්‍රිය වන්නේ ද, පාෂාණච්ඡත්රයක් මෙන් ගරු වන්නේ ද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ්‍රිතයන්ට අවවාද කියන්නේ ද, චෝද්ය වශයෙන් විචාළ ප්‍රශ්න ඉවසන සුලු වන්නේ ද, සත්‍ය – ප්රතීත්යසමුත්පාදාදී ගැඹුරු ධර්ම කියා දෙන්නේ ද, ස්වකීය ආශ්‍රිතයන් අස්ථානයෙහි නො යොදන්නේ සුදුසු තන්හි ම යොදන්නේ ද, හේ කල්‍යාණමිත්‍ර වේ. සංයුත් සඟියෙහි කෝසල සංයුක්තයෙහි පැනෙන පරිදි “මමං හි ආනන්ද කල්යාණමිත්තං සත්තා ජාතියා පරිමුච්චන්ති” ජාතිස්වභාව කොට ඇති සත්ත්වයෝ ජාතියෙන් මුදවනු ලබන බැවින් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ම සර්වාකාරකල්යාණමිත්ර වන සේක.

උන්වහන්සේ ධරමාන කල්හි උන්වහන්සේ වෙතින් ම ගත් කර්මස්ථානය ම සුගෘහිත වන්නේ ය. උන්වහන්සේ පිරිනිවි කල්හි චතුෂ්ක – පඤ්චක ධ්‍යාන උපදවා ඒ ධ්‍යාන පදස්ථාන කොට විදර්ශනා වඩා රහත් වූ ක්ෂීණාශ්රවයන් වහන්සේ වෙතින් ගත යුතු. ඉඳින් ක්ෂීණාශ්රවයෙකු නො ලද නම් අනාගාමීන් වෙතින් ද, පිළිවෙලින් සකෘදාගාමී, සෝවන්, ධ්‍යාන ලාභී, පෘථග්ජන ති‍්‍රපිටකධර, ද්වි – ඒකපිටකධරයන් වෙතින් ද ගත යුතු. ඒකපිටධරයෙකුදු නැති කල්හි ලජ්ජිතන්තිධර වූ බුද්ධවංශාරක්ෂක වූ ආචරිය මතික ලජ්ජිකයෙකු වෙතින් ගත යුත්තේ ය. පොරාණ මතයෙහි ලජ්ජියාම ශාසනාරක්ෂකයා (ලජ්ජිරක්ඛිස්සති) වන හෙයිනි.

යට දක්වන ලද “ස්වකීය චරිතානුකුල වූ කර්මස්ථානයක් ලබා ගෙන” යන මෙහි චරිත වනාහි රාග චරිත – ද්වේෂ චරිත – මෝහ චරිත – ශ්‍රද්ධා චරිත – බුද්ධි චරිත – විතක්ක චරිත යි සවැදෑරුම් වේ. මේ චරිතයන්ගේ වශයෙන් පුද්ගලයෝ ද සදෙනෙක් වෙයි. ඔවුන් අතුරෙන් රාග චරිතයා හට වනාහි (ශ්‍රද්ධාව රාගයට ආසන්න ගුණ ඇති බැවින්) කුසල ප්රවෘත්ති සමයෙහි ශ්‍රද්ධාව බලවත් වේ. එහෙයින්, රාග චරිතයා හට ශ්‍රද්ධා චරිතයා සභාග යි. බුද්ධිය ද්වේෂයට ආසන් ගුණ ඇති බැවින් ද්වේෂ චරිතයා හට කුසල ප්රවෘත්තී සමයෙහි බුද්ධිය බලවත් වේ. එබැවින් ද්වේෂ චරිතයා හට බුද්ධි චරිතයා සභාග යි. මෝහ චරිතයා හට නූපන් කුසල් උපදවන්නට වෑයම් කරත් ම, බොහෝ සෙයින් අන්තරායකර විතර්ක උපදී. විතර්කය මෝහයට ආසන්න ලක්ෂණ ඇති බැවිනි. එහෙයින් මෝහ චරිතයාට විතර්ක චරිතයා සභාග යි.

මේ සවැදෑරුම් චරිතයන්ගේ නිදාන කිමෙක් ද? මේ රාග චරිතයා ය; මේ ද්වේෂ චරිතයා ය යනාදීන් කෙසේ දත හැකි ද? සවැදෑරුම් චරිතයන්ගේ නිදානය සම්බන්ධවැ අත්ථකථාචාර්ය මතානුසාරයෙන් නිශ්චිත විනිශ්චයෙක් දිය නො හැක්කේ ය. විමුක්තිමග්ග කර්තෘවර උපතිස්ස ස්ථවිරයෝ ද, විශුද්ධිමග්ග කර්තෘවර බුද්ධඝෝෂ ස්ථවිරයෝ ද මේ චරිත නිදානය අරභයා විවිධ මත දක්වති. ඒ ඒ වාදයන්හි සාධනීයභාවය කවරක් වෙතත්, ඉරියව් වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, වැළඳීම් වශයෙන් ද, දර්ශනාදී වශයෙන් ද, ධර්මප්රවෘත්ති වශයෙන් ද මේ රාගචරිතයා ය; මේ ද්වේශ චරිතයා ය යනාදීන් නිශ්චය කොට හෙයි. එසේ විනිශ්චය කළ හැක්කා වූ නිර්ණායකයෝ ද, කවර චරිතයක් ඇති පුද්ගලයෙකුට කිමෙක් සප්පායදාදීන් ද එහි ම දක්වා ඇත්තේ ය. මේ චරිත විභාග විස්තරය හුදෙක් ආචාර්යවාදය පමණකැ යි දත යුතු. විවිධ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ මිශ්‍ර ව දක්නා ලැබෙත්. එහෙයින් ම, සාර වශයෙන් නො ගෙන අටුවායෙහි කියන පරිදි පරචිත්තවිජානනය ඇති ආචාර්යවරයෙකුගෙන් ම නිශ්චිත ව දත යුත්තේ ය.

සංඛ්‍යා නිර්දේශ වශයෙන්

උපචාර – අපර්ණාවහ වශයෙන්

ධ්‍යාන ප්‍රභේද වශයෙන්

සමතික්‍රම වශයෙන්

වර්ධන – අවර්ධන වශයෙන්

ආරම්මණ වශයෙන්

භූමි වශයෙන්

ග්‍රහණ වශයෙන්

ප්‍රත්‍යය වශයෙන්

චරියානුකුල වශයෙන්

සමථය පිළිබඳ දශ ආකාර කර්මස්ථාන විනිශ්චයෙකි. මේවා එකක් එකක් මෙසේ විස්තර වෙයි.

එයින් සංඛ්‍යා නිර්දේශයෙහි: පඨවි – ආපෝ – තේජෝ – වායෝ – නීල – පීත – ලෝහිත - ඕදාත – ආලෝක – පරිච්ඡින්නාකාස යි කසිණ දහයකි. උද්ධුමානක – විනීලක – විපුබ්බක – විච්ඡිද්දක – වික්ඛායිතක – වික්ඛිත්තක – හතවික්ඛිත්තක – ලෝහිතක – පුලවක – අට්ඨික යි අසුභ දහයකි. බුද්ධානුස්සති – ධම්මානුස්සති – සඞ්ඝානුස්සති – සීලානුස්සති – චාගානුස්සති – දේවතානුස්සති – මරණානුස්සති – කායාගතාසති – ආනාපාණසති – උපසමානුස්සති යි අනුස්සති දහයකි. මෙත්තා කරුණා මුදිතෝපේක්ෂායාදී වශයෙන් බ්‍රහ්ම විහාර සතරෙකි. ආකාසානඤ්චායතනය – විඤ්ඤාණඤ්චායතනය – ආකිඤ්චඤ්ඤායතනය – නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් ආරුප්ප සතරකි. ආහාරේ පටික්කුල වශයෙන් සඤ්ඤා එකකි. චතුධාතුවවත්ථාන යි වවත්ථාන එකකි.

මේ සංඛ්‍යා නිර්දේශයෙහි දැක්වෙන්නා වූ සමසතළිස්කර්මස්ථානයෝ ම ඒ ඒ විනිශ්චයට යෝග්‍ය වශයෙන් සෙසු උපචාර – අපර්ණාවහ, ධ්‍යානාදී විනිශ්චයන්හි ද පැනෙතැ යි දත යුතු. භාවනාවට සිත් ඇති පුද්ගලයා චූළ පිණ්ඩපාතික තිස්ස තෙරුන් අතවැසි තිදෙනා මෙන් ස්වකීය භාවනාව සාර්ථක කර ගැන්මෙහි ලා උත්සුක විය යුත්තාහ. අලෝභාදී සය ආකාරයකින් පිරිපුන් අදහස් ඇත්තන් විසින් ම කමටහන් වැඩිය යුතු ය. ඔවුහු ම ත්‍රිවිධ බෝධීන් අතුරෙන් එක්තරා බෝධියකට පැමිණෙන්නෝ වෙති. පරසිත් දන්නා ආචාර්යවරයා විසින් අතවැසියා කවර චරිතයක් ඇත්තෙක් දැ යි විමසා ඔහුට සුදුසු කමටහනක් ද, කසිණභාවනාදී නවවිධ උපදෙස් ද දිය යුත්තේ ය. කමටහන් ලද යෝගාවචරයා ඒ සියලූ උපදෙස් මනා ව ධාරණය කොට ගැනීමෙනි භාවනාව සර්වප්රකාරයෙන් ම සාර්ථක වන්නේ…

මෙපරිද්දෙන් කර්මස්ථානයන්ට අනුගත වැ සමාධි භාවනාව වඩන කල්හි එහි ඵල වශයෙන් නා නා ආනිසංස අත්පත් කර දෙයි. ඒ මෙසේ යි. රහතන් වහන්සේ සමාපත්තියට සමවැද එකඟ සිත් ඇති ව දවස් යවම් හ’යි සමවදනා කල ඒ සමාධිය මෙලොව සැප විහරණය පිණිස වෙයි. රහත් නො වූ පෘථග්ජනයෝ සමාධි භාවනාව නිසා විදර්ශනා වඩා නිවන් දකිනු ලැබෙත්. අෂ්ට සමාපත්ති උපදවා අභිඥා පාදක කොට ධ්‍යානයට සමවැදී නොයෙක් පෙළහර පෑමට හැකි වෙයි. සමාධියෙන් නො පිරිහී කාලක්‍රියා කෙළේ නම් බඹලොව උපදී. අෂ්ට සමාපත්තිය උපදවා ගත් අනාගාමී රහත් යන දෙපක්ෂයට සත් දවසක් අචිත්තක ව නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළ හැකි වෙයි. මෙසේ සමාධි භාවනාවෙහි මෙලොව දී ම ලද හැකි ආනිසංස පහක් වෙයි.

යෝගාවචර භික්ෂු තෙමේ සිත එකඟ කොට පිරිසිඳු ව සියලූ පාපධර්මයන්ගෙන් මිදී කෙලෙසුන් කෙරෙන් දුරු ව උපක්ලේෂයන්ගෙන් දුරු ව, මොළොක් ව ඍද්ධිවිධකර්මයට සුදුසු ව කෙලෙසුන් නිසා නො සැලෙන බවට පැමිණි කල්හි ඉද්ධිවිධ ඥානය ලබයි. අධිට්ඨාන – විකුබ්බන – මනෝමය – ඤාණවිප්ඵාර – සමාධිවිප්ඵාර – සමාධිවිප්ඵාර – අරිය – කම්මවිපාකජ – පුඤ්ඤවතෝ – විජ්ජාමය – සම්මාපයෝගපච්චය යි දස වැදෑරුම් ප්‍රභේදයන්ගෙන් ඉද්ධිය විස්තර වේ.

එක් අයෙක් බොහෝ දෙනෙකු වීම ය, එක් අයෙක් විවිධ ඉරියව් පවත්වන බොහෝ දෙනෙක් වීම ය, බොහෝ දෙනෙක් එක් අයෙක් වීම ය, ආවිභාව ය, තිරෝභාව ය, අහසෙහි ද, ජලයෙහි මතුපිට ද ඇවිදීම, සඳහිරු අතින් ඇල්ලීම ආදී වශයෙන් විවිධ ඍද්ධිප්රාතිහාර්යයන් ද පෑමෙහි සමත් වන්නේ ය. එමතු ද නො ව, දෙවියන්ට මෙන් ඉතා දුර වූ ද, ඉතා සියුම් වූ ද ශබ්ද ඇසීමට හැකි දිබ්බසෝත ඤාණය උපදවා ගන්නේ ය. සරාග – වීතරාග – සදෝස – වීතදෝස – සමෝහ – වීතමෝහ – සංඛිත්ත – වික්ඛිත්ත – මහග්ගත – අමහග්ගත – සඋත්තර – අනුත්තර – සමාහිත – අසමාහිත – විමුත්ත – අවිමුත්ත යන සියලූ සිත් දත හැකි චේතෝපරිය ඤාණය ද උපදනේ ය. පෙර ජාතීන්හි කාම රූප අරූප භවයන්හි පැවැති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට හැකි ස්මෘතිය හා එක් ව පැවැති ඤාණය පුබ්බේනිවාසානුස්සති ඤාණය ද උපදනේ ය.

මේ ශාසනයෙන් බැහැර තීර්ථකයෝ පූර්වානුස්මෘති වශයෙන් සතලිස් කල්පයක් කල් සිහි කිරීමට තරම් ශක්තිය ලබති. මේ සස්නෙහි ප්‍රකෘති ශ්‍රාවකයෝ කල්ප සියයක් දහසක් සිහි කිරීමට සමත් වෙති. අසූමහ ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක්, අග්‍ර ශ්‍රාවකයෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, පසේබුදුවරයෝ දෙයාසංඛ්‍ය කල්පලක්ෂයක් ද, සම්මාසම්බුදුවරයෝ සීමාරහිත කාලයක් ද සිහි කිරීමට සමර්ථ වන්නාහ. එහෙයින් ම තීර්ථකයන්ගේ දැක්ම කදෝපැණි එලියෙන් දකින්නා සේ ද, ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ දැක්ම පහන් එලියකින් දැකීමක් සේ ද, අසූමහාශ්රාවකයන්ගේ දැක්ම ගිනි සුලකින් දැකීමක් සේ ද, අග්රශ්රාවකයන්ගේ දැක්ම ඕසධී තාරකා එලියකින් දැක්මක් සේ ද, පසේ බුදුවරයන්ගේ දැක්ම සඳ එළියෙන් දැක්මක් සේ ද, සම්මාසම්බුදුවරයන්ගේ දැක්ම සූර්යාලෝකයෙන් දැක්මක් සේ යැ යි කියන ලදී. එමතු ද නො ව, සත්ත්වයන්ගේ මරණයත් උත්පත්තිය දැන ගන්නා චුතූපපාත ඤාණය ද ලැබගත හැකි වෙයි. නමුදු මේ ලෞකික ලාභයෝ ලැබීමෙන් පමණක් සසර දුක් කෙළවර නො වෙයි. එහෙයින් සමාධියෙන් නැගී උත්තරීතර ප්‍රඥාව කරා සිත මෙහෙයැවිය යුතු වෙයි.

[QUOTE="Dilwaale, post: 18502983, member: 520020"] [CENTER][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed][B][U][SIZE=6]සමාධි [/SIZE][/U][/B][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][B]සමාධි නම් කිම? කවර අර්ථයකින් ‘සමාධිය’ යි කියනු ලැබෙත් ද? සමාධි පිළිබඳ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කවරේ ද? සමාධි කී වැදෑරුම් ද? සමාධියෙහි කිලිටි බව කිමෙක් ද? සමාධියෙහි පිරිසිඳු බව කිමෙක් ද? සමාධි වැඩිය යුතු කෙසේ ද? සමාධි භාවනායෙහි ආනිසංස කවරේ ද? යනාදිය පිළිබඳ ක්‍රමයෙන් විසඳනු ලබන අගනා ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් මෙහි පැනෙයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]ධුතාඞ්ග පරිහරණයෙන් ලත් අප්පිච්ඡතාදී ගුණයෙන් ඔප ලා ගත් සීලයෙන් යුක්ත වූ සිල්වත්හු විසින් මතු කුමක් කළ යුත්තේ ද? “චිත්තං භාවයං” යි වදාළ පරිදි චිත්ත ශීර්ෂයෙන් සමාධි වැඩිය යුතු ය. ‘සමාධි’ යන්නෙහි නා නා අර්ථ ඇතත්, කුසල් සිත්හි ඒකාග්‍රතාව සමාධිය යැයි ලුහුඬින් දැක්විය යුතු. (යම් ධර්මයෙක බලයෙන්) චිත්ත – චෛතසික එක අමුණෙහි සම ව, මනා ව, අවික්‍ෂේප ව, අවිප්රකී ර්ණ ව පවත්නේ ද, ඒ සමාධානාර්ථයෙනුදු ‘සමාධි’ යැයි කියන ලදී. අවික්‍ෂේපය හෙවත් නා නා ලම්බනයෙහි නො විසිරෙන බව සමාධියෙහි ලක්ෂණය (ස්වභාවය) යි. වික්ෂේප විධ්වංසනය හෙවත්, නො සන්සුන් බව නැති කිරීම සමාධි රසය (කෘත්‍ය හෝ සම්පත්ත) යි. අවිකම්පනය හෙවත් උද්ධච්ච හේතුයෙන් කම්පා නැති බව පච්චුපට්ඨානය (වැටහෙන ආකාරය) යි. සුඛය පදට්ඨානය (ආසන්න කාරණය) යි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මෙසේ දක්වන ලද සමාධිය අවික්ෂ්ප ලක්ෂණයෙන් එක් වැදෑරුම් යැයි දැක්වීම සුගම ය; එහි විශේෂයෙන් වර්ණනා කළ යුත්තක් නැත. එතෙකුදු වුවත්, උපචාරසමාධි – අපර්ණාසමාධි යැයි ද, ලෞකිකසමාධි – ලෝකෝත්තරසමාධි යැයි ද, සප්පීතිකසමාධි – නිප්පීතිකසමාධි යැයි ද, සුඛසහගතසමාධි – උපේක්ඛාසහගතසමාධි යැයි ද සමාධිය දෙවැදෑරුම් දෙවැදෑරුම් කොට දැක්වේ. සමාධිය පිළිබඳ ව මේ ප්‍රථම – ද්විතීය – තෘතීය – චතුර්ථ ද්විකයෙන් ඉක්බිති, හීන – මධ්‍යම – ප්රණිත යැයි ප්‍රථම ත්රිකයක් ද, සවිතක්කසවිචාර – අවිතක්කවිචාරමත්ත – අවිතක්කඅවිචාර යැයි ද්විතීය ත්රිකයක් ද, පීති – සුඛ – උපේක්ඛා සහගත යැයි තෘතීය ත්රිකයක් ද, පරිත්ත – මහග්ගත – අප්පමාණ යැයි චතුර්ථ ත්රිකයක් ද සමාධියෙහි විස්තර වේ. එසේ ම, දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා – දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා – සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා – සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා වශයෙන් ද, පරිත්තපරිත්තාරම්මණ – පරිත්තඅප්පමාණාරම්මණ – අප්පමාණපරිත්තාරම්මණ – අප්පමාණඅප්පමාණාරම්මණ වශයෙන් ද, චතුර්ථධ්යාන වශයෙන් ද, හානභාගිය – ඨිතිභාගිය – විසේසභාගිය – නිබ්බේධභාගිය වශයෙන් ද, කාමාවචර – රූපාවචර – අරූපාවාචර – අපරියාපන්න වශයෙන් ද, ඡන්ද – චිත්ත – වීරිය – වීමංසා වශයෙන් ද සමාධිය සිව්වැදෑරුම් සිව්වැදෑරුම් කොට දැක්වේ. පඤ්චධ්යානාඞ්ග වශයෙන් පස්වැදෑරුම් වේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]සමාධියෙහි කිලිටි බව කිමෙක් ද? පිරිසිඳු බල කිමෙක් ද? සමාධිය නිසා ධ්‍යාන ලැබූ කෙනෙකු කම් සැපයෙහි ලොල් වීමෙන් සමාධිය කිලිටි වේ. සමාධිය නිසා ධ්‍යාන ලැබූවෙකු ඊටත් උසස් ධ්‍යානයන්ට පැමිණීමට උත්සාහවත් වන්නේ ද ඔහුගේ සමාධිය පිරිසිඳු වේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]සමාධිය වැඩිය යුත්තේ කෙසේ ද? සීලයෙහි විස්තර කරන ලද පරිදි සිල් පිරිසිඳු කොට ගෙන, සුපරිශුද්ධ සීලයෙහි පිහිටි යෝගාවචරයා ආවාස – කුල – ලාභ – ගණ – නවකර්ම – අද්ධාන – ඤාති – ආබාධ – ග්රන්ථ – ඍද්ධි යන මේ දශ පලිබෝධ අතුරෙන් එක් පලිබෝධයක් හෝ ඇත්නම් එද දුරු කොට, කර්මස්ථානදායක කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක් කරා එළැඹ, සතලිස් කර්මස්ථාන අතුරෙන් ස්වකීය චරිතානුකුල වූ කර්මස්ථානයක් ලබා ගෙන, සමාධි භාවනාවට අයෝග්‍ය ස්ථාන හැර පියා යෝග්‍ය ස්ථානයෙක වසමින්, සුළු පලිබෝධ පවා දුරු කොට, භාවනාවට නියම විධි එකකුදු නො පිරිහෙලමින් භාවනා කළ යුත්තේ ය. මෙහි කර්මස්ථානදායක කල්යාණමිත්රයා වෙත එළැඹ යන්නෙහි විස්තර කථනය මෙසේ දත යුතු.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]සබ්බත්ථක කම්මට්ඨානය, පාරිහාරිය කම්මට්ඨානය යි කර්මස්ථානය දෙවැදෑරුම් ය. හැම තන්හි දී ම වැඩිය යුතු කම්මට්ඨානයෝ සබ්බත්ථක කම්මට්ඨාන නමි. භික්ෂුසඞ්ඝාදීන් කෙරෙහි පතුරන මෛත්‍රිය හා මරණ සතිය සබ්බත්ථක ය. ඒ වඩන ක්‍රමය මෙසේ යි. යෝගාවචරයා පළමු කොට පරිච්ඡේදය වශයෙන් සීමායෙහි වැසි භික්ෂු සඞ්ඝයාගේ පටන් පිළිවෙලින් සකල සත්ත්වයන් කෙරෙහි “සුවපත් වෙත්වා! නිදුක් වෙත්වා!” යි මෛත්‍රී වැඩිය යුත්තේ ය. සියල්ලන්ගේ සිත්හි මෘදුත්වය ඇතිවන හෙයින් යෝගාවචරයාට එහි උපද්‍රව රහිත ව සුවසේ විසිය හැකි වන්නේ ය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මරණ සති වැඞීමෙන් මරණය සලකා අයෝග්‍ය ප්‍රත්‍ය සෙවීම් හැරපියා මතු මතු ද සංවේග වඩන්නේ නො පසු බස්නා පැවැතුම් ඇත්තෙක් වන්නේ ය. ඇතැම්හු අසුභ සඤ්ඤාව ද සබ්බත්ථක යි කියත්. අසුභ සඤ්ඤා පුරුදු කළහුගේ සිත දිව්‍ය අරමුණු පවා ලෝභ වශයෙන් ඇදගන්නට සමර්ථ නො වෙත්. මෙසේ “සබ්බත්ථ අත්‍ථයිතබ්බා ඉච්ඡිතබ්බංති ච අධිප්පේතස්ස යොගානුයොග කම්මස්සඨානංචාති සබ්බත්ථක කම්මට්ඨානං” යි දක්වන ලද පරිදි මේ කර්මස්ථානත්රය යෝගාවචරයනට බොහෝ උපකාර වන බැවින් සියලූ කර්මස්ථාන විෂයෙහි කැමැති විය යුතු බැවින් ද, අභිමත භාවනායෙහි යෙදීමට කාරණ වන බැවින් ද සබ්බත්ථක යි කියනු ලැබේ. සමසතලිස් කර්මස්ථාන අතුරෙන් යම් කමටහනෙක් යමෙකුගේ චරිතයට අනුකුල වන්නේ නම්, එය ඔහු විසින් නිතර පරිහරණය කළ යුතු බැවින්, එසේ ම මතු මතු භාවනා කර්මයට උපකාරවත් වන බැවින් පාරිහාරිය කම්මට්ඨානය යි කියනු ලැබේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මේ විවිධ වූ කර්මස්ථාන දෙන කම්මට්ඨානදායකයා කල්‍යාණ මිත්‍රයෙකු වන්නේ කවර හෙයින් ද යත්…? යමෙක් ස්වකීය සීලසම්පත්තියෙන් ආශ්‍රිතයන්ට ප්‍රිය වන්නේ ද, පාෂාණච්ඡත්රයක් මෙන් ගරු වන්නේ ද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ්‍රිතයන්ට අවවාද කියන්නේ ද, චෝද්ය වශයෙන් විචාළ ප්‍රශ්න ඉවසන සුලු වන්නේ ද, සත්‍ය – ප්රතීත්යසමුත්පාදාදී ගැඹුරු ධර්ම කියා දෙන්නේ ද, ස්වකීය ආශ්‍රිතයන් අස්ථානයෙහි නො යොදන්නේ සුදුසු තන්හි ම යොදන්නේ ද, හේ කල්‍යාණමිත්‍ර වේ. සංයුත් සඟියෙහි කෝසල සංයුක්තයෙහි පැනෙන පරිදි “මමං හි ආනන්ද කල්යාණමිත්තං සත්තා ජාතියා පරිමුච්චන්ති” ජාතිස්වභාව කොට ඇති සත්ත්වයෝ ජාතියෙන් මුදවනු ලබන බැවින් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ම සර්වාකාරකල්යාණමිත්ර වන සේක.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]උන්වහන්සේ ධරමාන කල්හි උන්වහන්සේ වෙතින් ම ගත් කර්මස්ථානය ම සුගෘහිත වන්නේ ය. උන්වහන්සේ පිරිනිවි කල්හි චතුෂ්ක – පඤ්චක ධ්‍යාන උපදවා ඒ ධ්‍යාන පදස්ථාන කොට විදර්ශනා වඩා රහත් වූ ක්ෂීණාශ්රවයන් වහන්සේ වෙතින් ගත යුතු. ඉඳින් ක්ෂීණාශ්රවයෙකු නො ලද නම් අනාගාමීන් වෙතින් ද, පිළිවෙලින් සකෘදාගාමී, සෝවන්, ධ්‍යාන ලාභී, පෘථග්ජන ති‍්‍රපිටකධර, ද්වි – ඒකපිටකධරයන් වෙතින් ද ගත යුතු. ඒකපිටධරයෙකුදු නැති කල්හි ලජ්ජිතන්තිධර වූ බුද්ධවංශාරක්ෂක වූ ආචරිය මතික ලජ්ජිකයෙකු වෙතින් ගත යුත්තේ ය. පොරාණ මතයෙහි ලජ්ජියාම ශාසනාරක්ෂකයා (ලජ්ජිරක්ඛිස්සති) වන හෙයිනි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]යට දක්වන ලද “ස්වකීය චරිතානුකුල වූ කර්මස්ථානයක් ලබා ගෙන” යන මෙහි චරිත වනාහි රාග චරිත – ද්වේෂ චරිත – මෝහ චරිත – ශ්‍රද්ධා චරිත – බුද්ධි චරිත – විතක්ක චරිත යි සවැදෑරුම් වේ. මේ චරිතයන්ගේ වශයෙන් පුද්ගලයෝ ද සදෙනෙක් වෙයි. ඔවුන් අතුරෙන් රාග චරිතයා හට වනාහි (ශ්‍රද්ධාව රාගයට ආසන්න ගුණ ඇති බැවින්) කුසල ප්රවෘත්ති සමයෙහි ශ්‍රද්ධාව බලවත් වේ. එහෙයින්, රාග චරිතයා හට ශ්‍රද්ධා චරිතයා සභාග යි. බුද්ධිය ද්වේෂයට ආසන් ගුණ ඇති බැවින් ද්වේෂ චරිතයා හට කුසල ප්රවෘත්තී සමයෙහි බුද්ධිය බලවත් වේ. එබැවින් ද්වේෂ චරිතයා හට බුද්ධි චරිතයා සභාග යි. මෝහ චරිතයා හට නූපන් කුසල් උපදවන්නට වෑයම් කරත් ම, බොහෝ සෙයින් අන්තරායකර විතර්ක උපදී. විතර්කය මෝහයට ආසන්න ලක්ෂණ ඇති බැවිනි. එහෙයින් මෝහ චරිතයාට විතර්ක චරිතයා සභාග යි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මේ සවැදෑරුම් චරිතයන්ගේ නිදාන කිමෙක් ද? මේ රාග චරිතයා ය; මේ ද්වේෂ චරිතයා ය යනාදීන් කෙසේ දත හැකි ද? සවැදෑරුම් චරිතයන්ගේ නිදානය සම්බන්ධවැ අත්ථකථාචාර්ය මතානුසාරයෙන් නිශ්චිත විනිශ්චයෙක් දිය නො හැක්කේ ය. විමුක්තිමග්ග කර්තෘවර උපතිස්ස ස්ථවිරයෝ ද, විශුද්ධිමග්ග කර්තෘවර බුද්ධඝෝෂ ස්ථවිරයෝ ද මේ චරිත නිදානය අරභයා විවිධ මත දක්වති. ඒ ඒ වාදයන්හි සාධනීයභාවය කවරක් වෙතත්, ඉරියව් වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, වැළඳීම් වශයෙන් ද, දර්ශනාදී වශයෙන් ද, ධර්මප්රවෘත්ති වශයෙන් ද මේ රාගචරිතයා ය; මේ ද්වේශ චරිතයා ය යනාදීන් නිශ්චය කොට හෙයි. එසේ විනිශ්චය කළ හැක්කා වූ නිර්ණායකයෝ ද, කවර චරිතයක් ඇති පුද්ගලයෙකුට කිමෙක් සප්පායදාදීන් ද එහි ම දක්වා ඇත්තේ ය. මේ චරිත විභාග විස්තරය හුදෙක් ආචාර්යවාදය පමණකැ යි දත යුතු. විවිධ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ මිශ්‍ර ව දක්නා ලැබෙත්. එහෙයින් ම, සාර වශයෙන් නො ගෙන අටුවායෙහි කියන පරිදි පරචිත්තවිජානනය ඇති ආචාර්යවරයෙකුගෙන් ම නිශ්චිත ව දත යුත්තේ ය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [LIST] [*] [SIZE=4][COLOR=DarkRed][B]සංඛ්‍යා නිර්දේශ වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]උපචාර – අපර්ණාවහ වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]ධ්‍යාන ප්‍රභේද වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]සමතික්‍රම වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]වර්ධන – අවර්ධන වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]ආරම්මණ වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]භූමි වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]ග්‍රහණ වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]ප්‍රත්‍යය වශයෙන්[/B][/COLOR][/SIZE] [*] [SIZE=4][COLOR=DarkRed][B]චරියානුකුල වශයෙන්[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=DarkRed] [B]සමථය පිළිබඳ දශ ආකාර කර්මස්ථාන විනිශ්චයෙකි. මේවා එකක් එකක් මෙසේ විස්තර වෙයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]එයින් සංඛ්‍යා නිර්දේශයෙහි: පඨවි – ආපෝ – තේජෝ – වායෝ – නීල – පීත – ලෝහිත - ඕදාත – ආලෝක – පරිච්ඡින්නාකාස යි කසිණ දහයකි. උද්ධුමානක – විනීලක – විපුබ්බක – විච්ඡිද්දක – වික්ඛායිතක – වික්ඛිත්තක – හතවික්ඛිත්තක – ලෝහිතක – පුලවක – අට්ඨික යි අසුභ දහයකි. බුද්ධානුස්සති – ධම්මානුස්සති – සඞ්ඝානුස්සති – සීලානුස්සති – චාගානුස්සති – දේවතානුස්සති – මරණානුස්සති – කායාගතාසති – ආනාපාණසති – උපසමානුස්සති යි අනුස්සති දහයකි. මෙත්තා කරුණා මුදිතෝපේක්ෂායාදී වශයෙන් බ්‍රහ්ම විහාර සතරෙකි. ආකාසානඤ්චායතනය – විඤ්ඤාණඤ්චායතනය – ආකිඤ්චඤ්ඤායතනය – නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් ආරුප්ප සතරකි. ආහාරේ පටික්කුල වශයෙන් සඤ්ඤා එකකි. චතුධාතුවවත්ථාන යි වවත්ථාන එකකි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මේ සංඛ්‍යා නිර්දේශයෙහි දැක්වෙන්නා වූ සමසතළිස්කර්මස්ථානයෝ ම ඒ ඒ විනිශ්චයට යෝග්‍ය වශයෙන් සෙසු උපචාර – අපර්ණාවහ, ධ්‍යානාදී විනිශ්චයන්හි ද පැනෙතැ යි දත යුතු. භාවනාවට සිත් ඇති පුද්ගලයා චූළ පිණ්ඩපාතික තිස්ස තෙරුන් අතවැසි තිදෙනා මෙන් ස්වකීය භාවනාව සාර්ථක කර ගැන්මෙහි ලා උත්සුක විය යුත්තාහ. අලෝභාදී සය ආකාරයකින් පිරිපුන් අදහස් ඇත්තන් විසින් ම කමටහන් වැඩිය යුතු ය. ඔවුහු ම ත්‍රිවිධ බෝධීන් අතුරෙන් එක්තරා බෝධියකට පැමිණෙන්නෝ වෙති. පරසිත් දන්නා ආචාර්යවරයා විසින් අතවැසියා කවර චරිතයක් ඇත්තෙක් දැ යි විමසා ඔහුට සුදුසු කමටහනක් ද, කසිණභාවනාදී නවවිධ උපදෙස් ද දිය යුත්තේ ය. කමටහන් ලද යෝගාවචරයා ඒ සියලූ උපදෙස් මනා ව ධාරණය කොට ගැනීමෙනි භාවනාව සර්වප්රකාරයෙන් ම සාර්ථක වන්නේ…[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මෙපරිද්දෙන් කර්මස්ථානයන්ට අනුගත වැ සමාධි භාවනාව වඩන කල්හි එහි ඵල වශයෙන් නා නා ආනිසංස අත්පත් කර දෙයි. ඒ මෙසේ යි. රහතන් වහන්සේ සමාපත්තියට සමවැද එකඟ සිත් ඇති ව දවස් යවම් හ’යි සමවදනා කල ඒ සමාධිය මෙලොව සැප විහරණය පිණිස වෙයි. රහත් නො වූ පෘථග්ජනයෝ සමාධි භාවනාව නිසා විදර්ශනා වඩා නිවන් දකිනු ලැබෙත්. අෂ්ට සමාපත්ති උපදවා අභිඥා පාදක කොට ධ්‍යානයට සමවැදී නොයෙක් පෙළහර පෑමට හැකි වෙයි. සමාධියෙන් නො පිරිහී කාලක්‍රියා කෙළේ නම් බඹලොව උපදී. අෂ්ට සමාපත්තිය උපදවා ගත් අනාගාමී රහත් යන දෙපක්ෂයට සත් දවසක් අචිත්තක ව නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළ හැකි වෙයි. මෙසේ සමාධි භාවනාවෙහි මෙලොව දී ම ලද හැකි ආනිසංස පහක් වෙයි.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]යෝගාවචර භික්ෂු තෙමේ සිත එකඟ කොට පිරිසිඳු ව සියලූ පාපධර්මයන්ගෙන් මිදී කෙලෙසුන් කෙරෙන් දුරු ව උපක්ලේෂයන්ගෙන් දුරු ව, මොළොක් ව ඍද්ධිවිධකර්මයට සුදුසු ව කෙලෙසුන් නිසා නො සැලෙන බවට පැමිණි කල්හි ඉද්ධිවිධ ඥානය ලබයි. අධිට්ඨාන – විකුබ්බන – මනෝමය – ඤාණවිප්ඵාර – සමාධිවිප්ඵාර – සමාධිවිප්ඵාර – අරිය – කම්මවිපාකජ – පුඤ්ඤවතෝ – විජ්ජාමය – සම්මාපයෝගපච්චය යි දස වැදෑරුම් ප්‍රභේදයන්ගෙන් ඉද්ධිය විස්තර වේ.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]එක් අයෙක් බොහෝ දෙනෙකු වීම ය, එක් අයෙක් විවිධ ඉරියව් පවත්වන බොහෝ දෙනෙක් වීම ය, බොහෝ දෙනෙක් එක් අයෙක් වීම ය, ආවිභාව ය, තිරෝභාව ය, අහසෙහි ද, ජලයෙහි මතුපිට ද ඇවිදීම, සඳහිරු අතින් ඇල්ලීම ආදී වශයෙන් විවිධ ඍද්ධිප්රාතිහාර්යයන් ද පෑමෙහි සමත් වන්නේ ය. එමතු ද නො ව, දෙවියන්ට මෙන් ඉතා දුර වූ ද, ඉතා සියුම් වූ ද ශබ්ද ඇසීමට හැකි දිබ්බසෝත ඤාණය උපදවා ගන්නේ ය. සරාග – වීතරාග – සදෝස – වීතදෝස – සමෝහ – වීතමෝහ – සංඛිත්ත – වික්ඛිත්ත – මහග්ගත – අමහග්ගත – සඋත්තර – අනුත්තර – සමාහිත – අසමාහිත – විමුත්ත – අවිමුත්ත යන සියලූ සිත් දත හැකි චේතෝපරිය ඤාණය ද උපදනේ ය. පෙර ජාතීන්හි කාම රූප අරූප භවයන්හි පැවැති ස්කන්ධ පරම්පරාව සිහි කිරීමට හැකි ස්මෘතිය හා එක් ව පැවැති ඤාණය පුබ්බේනිවාසානුස්සති ඤාණය ද උපදනේ ය.[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [B]මේ ශාසනයෙන් බැහැර තීර්ථකයෝ පූර්වානුස්මෘති වශයෙන් සතලිස් කල්පයක් කල් සිහි කිරීමට තරම් ශක්තිය ලබති. මේ සස්නෙහි ප්‍රකෘති ශ්‍රාවකයෝ කල්ප සියයක් දහසක් සිහි කිරීමට සමත් වෙති. අසූමහ ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක්, අග්‍ර ශ්‍රාවකයෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, පසේබුදුවරයෝ දෙයාසංඛ්‍ය කල්පලක්ෂයක් ද, සම්මාසම්බුදුවරයෝ සීමාරහිත කාලයක් ද සිහි කිරීමට සමර්ථ වන්නාහ. එහෙයින් ම තීර්ථකයන්ගේ දැක්ම කදෝපැණි එලියෙන් දකින්නා සේ ද, ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ දැක්ම පහන් එලියකින් දැකීමක් සේ ද, අසූමහාශ්රාවකයන්ගේ දැක්ම ගිනි සුලකින් දැකීමක් සේ ද, අග්රශ්රාවකයන්ගේ දැක්ම ඕසධී තාරකා එලියකින් දැක්මක් සේ ද, පසේ බුදුවරයන්ගේ දැක්ම සඳ එළියෙන් දැක්මක් සේ ද, සම්මාසම්බුදුවරයන්ගේ දැක්ම සූර්යාලෝකයෙන් දැක්මක් සේ යැ යි කියන ලදී. එමතු ද නො ව, සත්ත්වයන්ගේ මරණයත් උත්පත්තිය දැන ගන්නා චුතූපපාත ඤාණය ද ලැබගත හැකි වෙයි. නමුදු මේ ලෞකික ලාභයෝ ලැබීමෙන් පමණක් සසර දුක් කෙළවර නො වෙයි. එහෙයින් සමාධියෙන් නැගී උත්තරීතර ප්‍රඥාව කරා සිත මෙහෙයැවිය යුතු වෙයි.[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom