Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නමෝ බුද්ධාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ ‘පෝඨිල’ නම් තෙර නමක් වැඩ සිටියේ ය. උන් වහන්සේ අපේ බුදු රජාණන් වහන්සේගේ ශාසනයේදී පමණක් නොවේ, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන්ගේ ශාසනයන්හිදීත් ත්‍රිපිටකධාරී ව බහුශ්‍රැත ව පන්සියයක් භික්ෂූන්ට ධර්මය ඉගැන්වූ හ.

බුදු රජාණන් වහන්සේ මේ උගත් හිමියන් ගැන, “මේ භික්ෂුවට තමන් දුකින් නිදහස් වීමක් ගැන නිවන ගැන සිතක් වත් නැහැ. මේ භික්ෂුව සංවේගයට පමුණුවන්නෙමි” යනුවෙන් සිතූ සේක. එතැන් පටන් ඒ තෙරුන් උපස්ථානයට තමන් වහන්සේ වෙත පැමිණි විට මෙසේ පවසන්නට වූ හ: “හිස් පෝඨිල ඉඳගන්න.” “හිස්පෝඨිල යන්න.” මේ තෙරුන් නැඟිට වැඩම කළ විටත් “හිස් පෝඨිල ගියා” යනුවෙන් පවසන්නට වූ හ.

පෝඨිල හිමියෝ කල්පනා කරන්නට වූ හ. “මම අටුවාවන් සමඟ ත්‍රිපිටකය දරමි. තව ද මම පන්සියයක් භික්ෂූන්ට, මහපිරිස් දහඅටකට ධර්මය උගන්වමි. ඒත් ශාස්තෲන් වහන්සේ මට නිතර ‘හිස් පෝඨිල’ යනුවෙන් පවසයි. ඒකාන්තයෙන් උන් වහන්සේ මට ධ්‍යාන ආදිය නැති නිසා මෙසේ කියයි.” මෙසේ සිතූ පෝඨිල තෙරුන් වහන්සේට මහත් සංවේග උපන. පාත්‍ර සිවුරු සකස් කොට අලුයම සියලු දෙනාට පසුව ධර්මය ඉගෙනගෙන නික්මෙන්නා වූ භික්ෂුව සමඟ නික්මුණහ. යොදුන් සිය ගණනක් වැඩම කළ හිමියෝ එක් අරණකට පැමිණියහ. එහි භික්ෂූහු තිස් නමක් වැඩ වසති. එහි මහතෙරුන් වෙත එළඹ වැඳ, “ස්වාමීනි, මට පිහිට වනු මැනවි,” යනුවෙන් ඉල්ලා සිටියහ.

“ඇවැත්නි, ඔබ වහන්සේ ධර්ම කථිකයෙක් නෙවැ. අප ඔබ වහන්සේගෙන් උගත යුතුව තිබියදී, ඇයි මෙහෙම කියන්නේ?”

“ස්වාමීනි, එසේ නොකරනු මැනැවි. මට පිහිට වනු මැනැවි.”

මහතෙරණුවෝ “මොහුට උගත්කම නිසා මානයක් ඇත.” යනුවෙන් සිතා පෝඨිල තෙරුන් තමන් වහන්සේගෙන් පසුව බාල හිමියන් වෙත යැවූ හ. පෝඨිල තෙරුණුවෝ ඒ බාල හිමියන් වෙත වැඩියහ. එලෙස අවසානයේ මේ මහා ධර්ම කථික තෙරුන් හට එහි සියලු දෙනා අතුරින් අලුත පැවිදි වූ අවුරුදු හතේ කුඩා සාමණේර හිමියන් වෙත යන්නට සිදු විය. පෝඨිල හිමියෝ ද නිහතමානී වූ හ; ඇඳිලි බැඳ, “සත්පුරුෂයන් වහන්ස, මට පිහිට වනු මැනැව,” යි කී හ.

“අහෝ! ආචාර්යයන් වහන්ස, ඇයි මෙහෙම කියන්නේ? ඔබ වහන්සේ මහලුයි, බහුශ්‍රැතයි. ඔබ වහන්සේගෙන් අපනේ උගත යුත්තේ!”

“සත්පුරුෂයන් වහන්ස, එසේ නොකරනු මැනැව. මට පිහිටක් ම වනු මැනැව.”

“ඉදින් ස්වාමීනී, ඔබ වහන්සේ අවවාද පිළිගන්නවා නම් මම පිහිට වෙමි.”

“සත්පුරුෂයන් වහන්ස, මට ගින්නට පනින්න කියනවා නම් මම එයත් කරන්නෙම් මැ යි.”

කුඩා සාමණේරයෝ සමීපයෙහි වූ එක් පොකුණක් පෙන්වා “ස්වාමිනී, ඔය හැඳ පෙරව සිටින අයුරින් ම මේ පොකුණට බසින්න” යැ යි කී හ. පෝඨිල හිමියෝ හැඳ පෙරව සිටි ඉතා වටිනා සිවුරු පිටින් ම පොකුණට බසින්නට වූ හ. තෙරුන්ගේ සිවුරු කොන තෙමෙන විට කුඩා හිමියෝ “ස්වාමීනි, වඩින්න” යි කීහ. කියා, මේ නිහතමානී මහතෙරුන්ට දහම් දෙසන්නට වූ හ.

“ස්වාමීනි, සිදුරු හයක් ඇති එක් තුඹසක් ඇත. එහි එක් සිදුරකින් තලගොයෙක් පිවිසෙයි. ඒ තලගොයා අල්ලා ගැනීමට කැමැති අයෙක් අනෙක් සිදුරු පහ වසා හය වැනි සිදුර බිඳ පිවිසි සිදුරෙන් ම තලගොයා අල්ලාගනී. එසේ ඔබ වහන්සේත් ඇස, කන ආදි දොරටු හයෙන් ගන්නා අරමුණු කෙරෙහි ඇස, කන, නාසය, දිව, ශරීරය යන දොරටු පහ වසා, මනස නම් දොරටුවෙහි සිහිය පිහිටුවන්න.”

බොහෝ උගත් පෝඨිල තෙරුන්ට මෙපමණකින් ම පහනක් දැල්වෙන්නාක් මෙන් ප්‍රඥාව පහළ විය. උන් වහන්සේ “සත්පුරුෂයන් වහන්ස, මෙපමණක් ම ඇති” යි පවසා කයෙහි සිහිය පිහිටුවා මහණදම් පුරන්නට පටන් ගත්හ. බුදු රජාණන් වහන්සේ දුර සිට මෙය දැක එළියක් විහිදුවා ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ පෝඨිල තෙරණුවෝ අර්හත් භාවයට පත් වූ හ.

අප කොතරම් ධර්මය උගත්ත ද මඟ ඵල නිවන් අවබෝධ කරන තුරු සෑහීමකට පත් නොවිය යුතු ය.

“යමකු ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ සෙයින් කියන නමුත් තමා ප්රමාදී ව, ඒ කියන පරිදි නොකරන්නේ නම්, ඒ තැනැත්තා (කුලියට) අනුන්ගේ ගවයන් රක්නා ගොපල්ලා මෙන් මහණකමට (සෝවාන් ආදි) මාර්ග ඵල හතරට හිමිකරුවෙක් නො වේ” යැ යි ධම්මපදයේ යමක වග්ගයේ මේ බැව් උපමාවකින් දක්වා තිබේ

[QUOTE="Dilwaale, post: 18509306, member: 520020"] [B][SIZE=4][COLOR=Blue]බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයේ ‘පෝඨිල’ නම් තෙර නමක් වැඩ සිටියේ ය. උන් වහන්සේ අපේ බුදු රජාණන් වහන්සේගේ ශාසනයේදී පමණක් නොවේ, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන්ගේ ශාසනයන්හිදීත් ත්‍රිපිටකධාරී ව බහුශ්‍රැත ව පන්සියයක් භික්ෂූන්ට ධර්මය ඉගැන්වූ හ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]බුදු රජාණන් වහන්සේ මේ උගත් හිමියන් ගැන, “මේ භික්ෂුවට තමන් දුකින් නිදහස් වීමක් ගැන නිවන ගැන සිතක් වත් නැහැ. මේ භික්ෂුව සංවේගයට පමුණුවන්නෙමි” යනුවෙන් සිතූ සේක. එතැන් පටන් ඒ තෙරුන් උපස්ථානයට තමන් වහන්සේ වෙත පැමිණි විට මෙසේ පවසන්නට වූ හ: “හිස් පෝඨිල ඉඳගන්න.” “හිස්පෝඨිල යන්න.” මේ තෙරුන් නැඟිට වැඩම කළ විටත් “හිස් පෝඨිල ගියා” යනුවෙන් පවසන්නට වූ හ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]පෝඨිල හිමියෝ කල්පනා කරන්නට වූ හ. “මම අටුවාවන් සමඟ ත්‍රිපිටකය දරමි. තව ද මම පන්සියයක් භික්ෂූන්ට, මහපිරිස් දහඅටකට ධර්මය උගන්වමි. ඒත් ශාස්තෲන් වහන්සේ මට නිතර ‘හිස් පෝඨිල’ යනුවෙන් පවසයි. ඒකාන්තයෙන් උන් වහන්සේ මට ධ්‍යාන ආදිය නැති නිසා මෙසේ කියයි.” මෙසේ සිතූ පෝඨිල තෙරුන් වහන්සේට මහත් සංවේග උපන. පාත්‍ර සිවුරු සකස් කොට අලුයම සියලු දෙනාට පසුව ධර්මය ඉගෙනගෙන නික්මෙන්නා වූ භික්ෂුව සමඟ නික්මුණහ. යොදුන් සිය ගණනක් වැඩම කළ හිමියෝ එක් අරණකට පැමිණියහ. එහි භික්ෂූහු තිස් නමක් වැඩ වසති. එහි මහතෙරුන් වෙත එළඹ වැඳ, “ස්වාමීනි, මට පිහිට වනු මැනවි,” යනුවෙන් ඉල්ලා සිටියහ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]“ඇවැත්නි, ඔබ වහන්සේ ධර්ම කථිකයෙක් නෙවැ. අප ඔබ වහන්සේගෙන් උගත යුතුව තිබියදී, ඇයි මෙහෙම කියන්නේ?” “ස්වාමීනි, එසේ නොකරනු මැනැවි. මට පිහිට වනු මැනැවි.” මහතෙරණුවෝ “මොහුට උගත්කම නිසා මානයක් ඇත.” යනුවෙන් සිතා පෝඨිල තෙරුන් තමන් වහන්සේගෙන් පසුව බාල හිමියන් වෙත යැවූ හ. පෝඨිල තෙරුණුවෝ ඒ බාල හිමියන් වෙත වැඩියහ. එලෙස අවසානයේ මේ මහා ධර්ම කථික තෙරුන් හට එහි සියලු දෙනා අතුරින් අලුත පැවිදි වූ අවුරුදු හතේ කුඩා සාමණේර හිමියන් වෙත යන්නට සිදු විය. පෝඨිල හිමියෝ ද නිහතමානී වූ හ; ඇඳිලි බැඳ, “සත්පුරුෂයන් වහන්ස, මට පිහිට වනු මැනැව,” යි කී හ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]“අහෝ! ආචාර්යයන් වහන්ස, ඇයි මෙහෙම කියන්නේ? ඔබ වහන්සේ මහලුයි, බහුශ්‍රැතයි. ඔබ වහන්සේගෙන් අපනේ උගත යුත්තේ!” “සත්පුරුෂයන් වහන්ස, එසේ නොකරනු මැනැව. මට පිහිටක් ම වනු මැනැව.” “ඉදින් ස්වාමීනී, ඔබ වහන්සේ අවවාද පිළිගන්නවා නම් මම පිහිට වෙමි.”[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]“සත්පුරුෂයන් වහන්ස, මට ගින්නට පනින්න කියනවා නම් මම එයත් කරන්නෙම් මැ යි.”[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]කුඩා සාමණේරයෝ සමීපයෙහි වූ එක් පොකුණක් පෙන්වා “ස්වාමිනී, ඔය හැඳ පෙරව සිටින අයුරින් ම මේ පොකුණට බසින්න” යැ යි කී හ. පෝඨිල හිමියෝ හැඳ පෙරව සිටි ඉතා වටිනා සිවුරු පිටින් ම පොකුණට බසින්නට වූ හ. තෙරුන්ගේ සිවුරු කොන තෙමෙන විට කුඩා හිමියෝ “ස්වාමීනි, වඩින්න” යි කීහ. කියා, මේ නිහතමානී මහතෙරුන්ට දහම් දෙසන්නට වූ හ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]“ස්වාමීනි, සිදුරු හයක් ඇති එක් තුඹසක් ඇත. එහි එක් සිදුරකින් තලගොයෙක් පිවිසෙයි. ඒ තලගොයා අල්ලා ගැනීමට කැමැති අයෙක් අනෙක් සිදුරු පහ වසා හය වැනි සිදුර බිඳ පිවිසි සිදුරෙන් ම තලගොයා අල්ලාගනී. එසේ ඔබ වහන්සේත් ඇස, කන ආදි දොරටු හයෙන් ගන්නා අරමුණු කෙරෙහි ඇස, කන, නාසය, දිව, ශරීරය යන දොරටු පහ වසා, මනස නම් දොරටුවෙහි සිහිය පිහිටුවන්න.”[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]බොහෝ උගත් පෝඨිල තෙරුන්ට මෙපමණකින් ම පහනක් දැල්වෙන්නාක් මෙන් ප්‍රඥාව පහළ විය. උන් වහන්සේ “සත්පුරුෂයන් වහන්ස, මෙපමණක් ම ඇති” යි පවසා කයෙහි සිහිය පිහිටුවා මහණදම් පුරන්නට පටන් ගත්හ. බුදු රජාණන් වහන්සේ දුර සිට මෙය දැක එළියක් විහිදුවා ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ පෝඨිල තෙරණුවෝ අර්හත් භාවයට පත් වූ හ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]අප කොතරම් ධර්මය උගත්ත ද මඟ ඵල නිවන් අවබෝධ කරන තුරු සෑහීමකට පත් නොවිය යුතු ය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] “යමකු ත්‍රිපිටක බුද්ධ වචනය බොහෝ සෙයින් කියන නමුත් තමා ප්රමාදී ව, ඒ කියන පරිදි නොකරන්නේ නම්, ඒ තැනැත්තා (කුලියට) අනුන්ගේ ගවයන් රක්නා ගොපල්ලා මෙන් මහණකමට (සෝවාන් ආදි) මාර්ග ඵල හතරට හිමිකරුවෙක් නො වේ” යැ යි ධම්මපදයේ යමක වග්ගයේ මේ බැව් උපමාවකින් දක්වා තිබේ[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom